බලාපොරොත්තුව අභියස

❤💔💞බලාපොරොත්තුව අභියස💞💔❤

"අයියේ....අපිත් මොකක් හරි වාහනයක් ගමුකෝ....."

"හම්ම්ම්ම්.....මාත් ආසයි නංගා.....ඒත් කොහෙන්ද අපට සල්ලි....මම මෙි කරන ජොබ් එකෙන්නෙ සේරම බගාගන්නෙ....."

"අපි කීය කීය හරි ඉතුරු කරල බයික් එකක් වත් ගමු....."

"හම්ම්ම්....එකනම් හොද අදහස....කොහොමත් අපේ චුටි මැණික එන්න කලින් මම බයික් එකක්වත් ගන්නවාමයි...."

"ආවු....රිදෙනව අනේ...."

"ඇයි න‍ංගා...."

"ඇයි තමා....මෙි.....අප්පච්චියා වගේමයි එයාගෙ දොණියත්....හරිම දගයා....අම්මිට පයිනුත් ගහනව....."

"අප්පච්චි වගෙ දග උනාට කමක්නැ....අම්මි වගෙ ලස්සන උනොත් නම් ඇති....."

"අනේ යනව යන්න.....මෙි අයියෙ එක නෙවෙි....අපේ අක්කලගෙ බයික් එකත් නිකන් ගෙදර තියෙන්නෙ අපි අහල බලමුද????? "

එදා එයා කීව නිසා මම එයාලගෙ අක්කලගෙ බයික් එක ගන්න ඇහුවෙ මම ඉතුරු කරගත්ත පුංචි ගානක් තිබුන නිසයි.ඒ බයික් එක ගෙදර තිබුනත් දවසක පරණ යකඩ වලට දෙන නිසා මම හදල‍ා ගන්නම් කියල පුංචි ගානක් බලෙන් වගෙ අක්කගෙ අටෙ දිලයි ආවෙි.අයිය සිමෙන්ති ගෙනියන ටිපර් එකකට යටවෙලා මැරුණ නිසා එදා ඉදල බයික් එක ගෙදර දර ගෙයින් තමා දාල තිබුනෙ.අලුතෙන්ම බයික් එකක් ගන්න සල්ලි නැති නිසාත් අපේ චුටි දොනි පැටියාව බස්වල එක්කගෙන යන්න නංගි මමයි දෙන්නම අකමැති නිසාමයි ඒ බයික් එක හරි අරගෙන හදාගන්න හිතුවෙි.බයික් එක හදාගෙන ඇවිත් මාස කිපයක් ගියාට පස්සෙ තමා අපේ පුංචි කැදැල්ල ලස්සන කරන්න අපේ පුංච් සුරංගනාවි ආවෙි.....

"අයියෙ....අපිට දැන් නම් හරියනව.....අපේ දොනි නිසානෙ අපට බයික් එකකවත් ගන්න ලැබුනේ...."

"හා...හා....දැන් අයියා නෙවෙි....අප්පච්චි හරිද.....දැන් මට චුටි දුවෙක් ඉන්නව....."

"අම්මෝ...මෙයා ගියපු උඩක්.....ඔයාගෙනම් නෙවෙි අප්පච්යො අපේ චුටි සුරංගනාවි.....එයා මගෙ හරිද....."

"හා...හා.....අම්මියෝ.....අපට හැමදේම ලැබුනෙ අපේ චුටි දූ නිසානේ......"

අපේ චුටි දූ ඉපදුන දවසෙ ඉදල අපේ ගෙදර වෙනදට වඩා අමුතු කල එලියක් තිබුනා.....පොඩිවට තිබුන ගෙදරත් අපි තට්ටු දෙකට හැදුවෙ අපේ චුටි දු පැටියා හම්බුන නිසාමයි.අපි දෙන්නම විස්වාස කරේ එයා ඉපදුන නිසා අපේ ජිවිත දවසින් දවස සාර්තක උනා කියලයි.....

****************************************************

"අම්මියෝ.....හෙට මට වෙඩින් එකක් තියනව....."

"ඒ කොහෙද අනේ...."

"කුලියාපිටියෙ තියෙන්නෙ......මම ඉක්මනට ගිහින් එන්නම්කෝ...."

"හම්ම්ම්ම්.....පරිස්සමට හොදේ...."

"හරි....හරි ළමයෝ......අද නෙවෙි හෙටනෙ යන්නෙ......"

වෙනද වගේම මම උදේ නැගිටින්නත් කලින් එයා නැගිටල මට තේ එකකුත් හදලයි තිබුනෙ....ඒත් එයා පේන්න හිටපු නැති නිසා මම කතා කරෙ......

"අම්මියෝ......අම්මි.....කොහෙද ඉන්නේ......"

"ඇයි....ඇයි....අනේ...කෑ ගහන්නෙ....ඔය කටෙි සද්දෙට දුවත් බය වෙයි....."

"ආ....එයා බය නෑ....එයා දන්නව අප්පචියගෙ කට ගැන....අම්මිගෙ කට තම‍ා සැර...."

"ආ....එහෙමද මහත්තයෝ.....ඉන්නවකෝ.....අගුරු කෑල්ලක් ඔබනව කටෙි....."

"ආ....හිතාගෙන ඇති නේ.....මෙි මොකද ඔය ඇත්තටම දුම් කබලත් උස්සගෙන කරන්නෙ......"

"බයික් එකට දුම් ටිකක් ඇල්ලුව.....මගෙ මහත්තයගෙ වාහනේනෙ....."

"හමිම්ම්ම්ම්.....එහෙමද....මොකද මම මැරෙයි කියල බයද මගෙ නෝනට....ආ....."

"අනේ.....නපුරු කතා කියන්න එපා දෙයියෝ.....ඔයාට එහෙම වෙන්නෑ....මම ඉතින් බයික් එකට ආරක්ෂාවට ඇල්ලුවෙි.....අද සුභ ගමනක්නෙ යන්නෙ....."

එදා මම වෙඩින් එකට ගියෙ අවුරුද්දක් වයස තියෙන තවමත් එහාට මෙහාට හරි හුරතේලට පෙරලි පෙරලි  නිදාගෙන හිටපු අපේ චුටි දොනිට හාදුවකුත් දීලයි.වෙඩින් එකේදි හම්බුන හැමොම වගේ වයිෆ් ගැනයි අපේ දූ පැටියයි එක්කන් ආවෙ නැත්තෙ ඇයි කිය කියා ඇහු.ඒත් වෙඩින් එකට ගිහින් යාලුවොත් එක්ක කතා කර කර ඉන්න වෙලාවෙම තමා මට හදිසියෙම එයාගෙන් කෝල් එකක් ආවෙි.......

"හෙලෝ.....අප්පච්චි.....දූට උණ වගෙ....ඇගත් හොදටම රස්නි....."

"ආහ්....හරි...හරි....මම ඉක්මනටම එන්නමි....ඔයාල ලැස්තිවෙලා ඉන්නකෝ....."

"අනේ වෙගෙන් එන්න නම් එපා දෙයියෝ.....හිමිහිට පරිස්සමට එන්න......"

"හරි.....හරි....රත්තරන්......මම හිමිහිට තමා එන්නෙ....."

****************************************************

"මෙි මචං උබල දෙන්නට උනුසුම් සුභ පැතුම්.......මෙක පොඩි තෑග්ගක් මන් ගානෙ...."

"අනේ බොහොම ස්තුතියි.....එත් ඇයි බං මෙිවා....උබ ආවනම් ඇතිනෙ....."

"හරි...හරි බං....මම එහෙනම් ගිහින් එන්නද??"

"අඩෝ....ඇයි බං මෙි හදිසියෙම.....ඉදපන් තව ටිකකින් කාලම යන්න පුලුවන්......"

"අඩෝ....සොරි මචං....බබාට උණලු.....වයිෆ් දැන් කොල් කරා....මම යනව මචං ඈ....."

"ආ....එහෙමද....හා...හා....තැන්ක්ස් මචං ආවට.....පරිස්සමට පලයන් ඈ.....හදිසි වෙන්ඩ එහෙම එපා....."

මම යාලුවටත් විශ් කරල ගියපු ගමන් වගේ ආයෙත් අනිත් අතට එන්න ආවෙි අපේ චුටි දූ පැටියට උණ කියල වයිෆ් කොල් කරපු නිසාමයි.....හැමදාම උදේ හවස යන එන පාර නිසා පාරත් හුරු පුරුදු නිසා මම වෙනදට 50ට 60ට ගියත් අද ඊටත් වඩා වෙගෙන් ආවෙි ලොකු වැස්සකුත් එන්ඩ අහසම කලු වෙලා තිබුන නිසාමයි.....වැඩිය දුරක් එන්ඩ බැරිව හයියෙන් වැස්ස වහින්ඩ පටන් ගත්තු නිසා මම ලග කඩෙිකින් චොක්ලට් දෙකකුත් අරගෙන අක්කලගෙ ගෙදර ගියෙ මම වැඩ ඇරිල එනකොට අක්කලගෙ ගෙදරටත් ගොඩවෙලා යන එක පුරුද්දක් වෙලා තිබුන නිසාමයි.තාත්ත නැති උන නිසා ඒ දරුවො දෙන්නටත් තාත්තෙක්ගෙ වගේ ආදරෙ ලැබුනෙ මගෙන් විතරයි.....

"ආන්න....මාමි එනව......මාමි....."

"හලෝ.....කොහොමද ඉතින්....අද ඉස්කොලෙ ගියාද දන්ඩියා....."

"ඕ.....අද චොක්ලට් ගෙනාවද...."

"හම්ම්ම්ම්....ආ මෙන්න...."

"මල්ලි මෙි කොහෙ ගිය ගමන්ද....ලස්සනට ඇදගෙන එහෙම....."

"වෙඩින් එකකට ගියා අක්කෙ.....චතූ කොල් කරා බබාට අසනිපයි කියල ඉතින් ඒ ගියපයින්ම අනිත් පැත්තට හැරිල ආව....."

"මාමි කො නැන්දි නංගි...."

"එයාල ගෙදර පුතේ...."

"මොකද මල්ලි බබාට...."

"උණලු අක්කෙ.....එකයි මම මෙ ඉක්මනටම ආවෙත්...."

"ආ....එහෙමද....."

"පරක්කු වෙන්න බෑ.....මම යන්නද අක්කෙ...."

"මෙි වැස්සෙ....."

"කමක් නැ අක්කෙ....ගෙදරට තව විනාඩි 10ක දුරනෙ...."

"හම්ම්ම්ම්.....පරිස්සමින් මල්ලි...."

අක්කලගෙ ගෙදර ඉදල අපේ ගෙදරට තිබුනෙ 3Km විතර දුරක්....මම අක්ලගෙ ගෙදර ඉදලම චතූට කෝල් කරල කිවෙි මම දවල්ට උයන්නත් එපා මම කෑම දෙකකුත් අරගෙන එන්නම් කියල ෆෝන් එකත් කට් කරල එන්න ලෑස්ති උනේ.....වැස්ස කොච්චර තද වැස්සක්ද කිවොත් පාරෙත් අඩ් 3ක් විතර උසට පාර වතුර පිරිල පාරත් පෙනෙන නොපෙනෙන ගානටයි තිබුනෙ.එත් හැමදාම උදේ හවස යන පාර නිසා මට පාරත් හුරු නිසා කොච්චර වැස්සත් වෙිගෙන් ගියා....මට ඉස්සරහින් ගියෙ අඩි 21ක් විතර දිග ලොකු කන්ටෙනර් එකක්.ගෑස් සිලින්ඩර් පුරයගෙන නිසා ඒ වාහනෙ ගියෙ ටිකක් හිමිහිටයි....දොනිටත් උණ කිව නිසා මට ගෙදරට යන්න තිබුන උවමනාව නිසාමයි මම ආව වෙිගෙටත් වඩා තවත් වෙිගෙ වැඩි කරල ඒ වාහනේ ඉස්සර කරන්න හැදුවෙ.පාරවත් හරියකට නොපෙනුනත් මගෙ හිතේ තිබුන විස්වාසෙට මම වෙිගයෙන් අර ලොකු කන්ටෙනර් එක ඉස්දර කරනකොටම බයික් එක පාර මැද පාරෙ මංතිරු වෙන් කරන්න දාල තිබුන කොන්ක්‍රිට් ගැටික වැදුනෙ.....ආපු වෙිගෙත් එක්කම ගැට්ටෙ වැදුන මම උඩින් විසි වෙලා ගිහින් මම ආපු මංතිරුවෙත් නැතුව අනිත් පැත්තෙ මංතිරුවට වැටුන.........

ටික වෙලාවක් මුලු ඇගම රිදුනත් හුස්මගන්න අපසුවක් දැනෙනවත් එක්කම එක පාරටම මම පාවෙලා යනව වගේ දැනුන‍ෙ.....මම උඩට පාවෙලා ගියත් මම වැටිල හිටපු මන් දිහාම බලාගෙන හිටියා......චතූගෙන් මට කොල් ආවත් මම එක ආන්ස කරන්න හැදුවත් මට ආයෙත් එතනට යන්න බැරි බවක් වගෙයි දැනුනෙ.පැය ගානක් මම බිම වැටිල හිටපු මගෙ දිහාම අසට වෙලා බලාන ඉන්නකොට තමා  කව්දො මන්ද කෙනෙක් මාව එතන බැම්ම උඩින්ම උස්සල තිබ්බෙ......

එතන ඉදලත් පැය ගානකට පස්සෙ පොලිසියෙ කට්ටියම මාව දැකල මාව හොස්පිට්ල් එකට ගෙනිච්චත් ඩොක්ටල කිවෙි වැඩක් නැ කියලයි.....

එදා රෑ මම ගෙදරට යනකොට කිපටදනෙක් සුදු ඇදගෙන අපේ ගේ ගාව කතා කරකර හිටියා....මගෙ චතූ අපේ චුටි දොනිවත් තුරුල් කරන් අඩ අඩා හිටියත් මම එයා ලගට ගිහින් කතා කරාට එයාට මම කියපු කිසිදෙයක් ඇහුනෙ නැ.....
එතකොට තමා කව්දො මන්ද දෙන්නෙක් කතා වෙනව ඇහුනෙ.....

කොල්ල කන්ටෙනරයක් ඉස්සර කරන්ඩ ගිහින් අර පාරෙ තිබුන ගැට්ටක වරදිලලු නේ මැරිල තියෙන්නෙ...."

"පව්....වෙඩින් එකකට ගියපු ගමන් ඇවිත් දරුවට අසනිපයි කියපු නිසා....."

"ඔය බයික් එකත් මහ අපල බයික් එකක්ලුනෙ අරන් තියෙන්නෙ......කලින් අයිතිකෙනත් මැරිල තියෙන්නෙ ඕකෙ ගිහින් ඔය විදිහටමලු...."

"පව් අර දරුව.....ඒ ළමයට දන් අප්පච්චි කෙනෙක් නෑනේ....."

එයාල කතාවෙනකොටයි මට තේරුනෙ මම බයක් එක හැපුන වෙලේම මැරිල කියල.බයික් එක හැප්පුන ගමන් සිහි නැති වෙලා ඉදල සිහිය එනකොට ඇගට දැනුන පහසුවත් පාවෙන ගතියත් දැනුනෙ මම ඒ වෙකොට මගෙ අවසාන හුස්ම පොදත් මට නොදැනිම වැටුනනිසයි....

#ලියන්නෙ : දුෂාන්

#Dushan D Ekanayake

*මෙය සත්‍ය සිදුවිමක් ඇසුරින් කල නිර්මාණයකි.නම් ගම් මනඃකල්පිත වෙි...*

#කොච්චර හදිසි උනත් ලොකු වාහන වලට ඉස්සර කරනකොට එක පාරක් නෙවෙ සිය වතාවක් වත් හිතන්න.පාර කොච්චර පුරුදු පාරක් උනත් වෙිගෙන් යන්ඩ එපා.මොකද බයික් එක පැදගෙන යන ඔයා ගෙදර එනකන් අම්ම තාත්ත සහොදර සහොදරිය,බිරිද දරුවො සේරම මග බලාගෙනයි ඉන්නෙ.වැස්ස වෙලාවක නම් කොහොමත් හිමින්ම යන්ඩ.පාර අපැහැදිලි වගේම පාරත් ලිස්සන නිසා බයික් කන්ට්‍රෝල් කරන්න අමාරුයි.මොන හදිසිය තිබුනත් වෙගෙන් යන්ඩ නම් එපා.මොකද ඔයා හයියෙන් ගිහින් දෙයක් උනොත් විදවන්නෙඅනිත් කට්ටිය.කොල්ලො කවුරුත් ආසයි බයිකඑකෙ වෙිගෙන් යන්ඩ.එත් බයික් එක කකුල් දෙක අස්සෙ ගහගෙන ඉගිලුනා කියල කවුරුත් බලන්නැ....හැමොම බනිනව විතරයි.ඒ නිසා පරිස්සමෙන් හිමිහිට තමන් ගැන හිතන්ඩ බැරිනම් අනිත් අය ගැනවත් හිතල හෙමිහිට යන්ඩ.*#
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment