ඉක්මන් තීරණ කෙළවර වෙයි පසුතැවිල්ලෙන්
මොනවද ශෂී...
ඇත්තටම ඔයාට කිසිම ඕනා කමක් නැද්ද?
මොකක්ද මේකේ තේරුම
මොනවද හසිත කියන්නේ..
මම මොනවද දැන්... මොනවාද මම කලේ..
මොනවත් කලේ නම් නෑ.
ඒක තමා මෙතන තියන ප්රශ්නේ.
දැන් බලන්න වයස කීයද?
බඳින්න ඕන කමක් නැද්ද?
මම එහෙම කීවද හසිත.
මමත් ආසයි කසාදයක් බැඳලා
බබාලා දෙතුන් දෙනෙක් හදාගෙන
ලස්සන ජිවිතයක් ගෙවන්න.
හිතේ විතරක් ඕවා තියාගෙන ඉන්න
ශෂී.. ඕවා ඔයාට කරන්න වෙන්නේ හීනෙන් තමා..
කියන්නේ නම් මහා ලොකුවට මේවා මේවා ඉගන ගෙන තියනවා කියලා...
ඒ උනාට දැන් අවුරුදු 28 ක් වෙන්න ආවා තාම රස්සාවක් නෑ.
ජීවත් වෙන්නේ කොහොමද දෙන්නටම රස්සාවක් නැතිව..
මට මහා ලොකු සැප සම්පත් ඕනේ නැහැනේ හසිත...
ආදරෙන් ඔයා ලඟ ඉන්න තිබුනහම ඇති.
ලොකු ගෙවල් , ලොකු වාහන
හැම සතියෙම ෂොපින් ඔය මොනවත් මට ඕනා නෑ..
මට ඕනා ආදරෙන් ඔයා එක්ක ඉන්න විතරයි..
ආදරෙන් ඉන්න ඕනා තමා..
එත් ඔයාටත් රස්සාවක් නැතිව මොනවත් කරන්න බෑ..
මටත් ගෙදරින් එක එක ඒවා කියනවා.
අපි අවුරුදු දෙකක් ආදරේ කල බව ඇත්ත.
ඒත් අපිට ඉස්සරහට ප්රශ්නයක් නැතිව ජිවත් වෙන්න නම් දෙන්නම වැඩ කරන්න වෙනවා...
ඉස්සර වගේ දැන් ජීවත් වෙන්න බෑ..
මට ගෙදරින් හොයන එකකට කැමති වෙන්න වෙනවා ශෂී..
මට සමාවෙන්න....
ඔයාට රස්සාවක් නැතිව , මට බෑ ඔයාව බදින්න.
මොනවද හසිත ඔයා ඔය කියන්නේ.
ඉගනගෙන තියනවනේ මම
රස්සාවක් හම්බවෙයි..
ඔහොම කතා කියලා දාලා යන්නද අපි මේ තරම් කල් ආදරේ කලේ..
ඉගෙන ගෙන තිබ්බට වැඩක් තියනවද?
අවුරුදු ගානක් රස්සාවක් නෑ
මටත් කියලා ජිවිතයක් තියෙන්න ඕනානෙ..
අද අපි හම්බවෙන අන්තිම දවස..
--------------------------------------------------
ජීවිතේ කියන්නේ හරි පුදුමාකාරයි..
ගොඩක් කොල්ලෝ කියන්නේ මට පුළුවන් ඔයාව බලාගන්න,
ඔයා රස්සාවක් කරන්න ඕනා නෑ කියලා.
ඒත් මම ආදරේ කරපු මගේ ජීවිතේ කියලා මම හිතාන හිටපු හසිත
අද මාව දාලා යනවා මට රස්සාවක් නෑ කියලා.
ජිවිතේ මහා ලොකු බලාපොරොත්තු මට තිබුනේ නෑ.
ඒත් මම ආස කලේ කවදාහරි ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න .
---------------------------------------------------
වසර 5 කට පසු..
ශෂී මිස්...
අද ඉන්ටවිවී එකට මිස්ටත් බෝඩ් එකේ වාඩි වෙන්න කියලා
යමුද මිස්..
හරි ඉන්න මම එන්නම්...
-----------------------------------------------------------------------------------
හසිත ජයදේව.
අවුරුදු 35 ක් වෙලා මේ වගේ රස්සාවකට ඇප්ලයි කරන්න හේතුව මොකක්ද ?..
කලින් වැඩ කරපු තැනින් අයින් වෙන්න හේතුව..?
කලින් වැඩ කරපු තැන පොඩි ප්රශ්න වගයක් සර්. මේ කම්පනියේ සැලරි එක හොඳයි කියලා
දැන ගන්න ලැබුනා..
මිස් ශෂී මොනවත් අහන්න තියනවද මෙයාගෙන්?
ඔව් .... ඇයි මිස්ටර් හසිත වයිෆ් ජොබ් එකක් කරන්නේ නැද්ද?
එහෙම ඉතින් ජොබ් එකක් තියනවනම් කලින් කම්පැනි එකේ සැලරි එක
මැනේජ් කරගෙන ඉන්න පුළුවන් නේද?
කොයි තරම් සැලරි එකක්ද බලපොරොත්තු වෙන්නේ..
ශෂි ඔයා....
පුද්ගලික කතාබහක් නෙමේ මිස්ටර් හසිත..
කොයි තරම් සැලරි එකක්ද දැන් බලාපොරොත්තු වෙන්නේ..
කලින් වැඩ කල තැනට වඩා වැඩි ගානක් මිස්. ශෂි
හරි එහෙමනම් අපි දන්වල එවන්නම්..
අද දවසේ අන්තිමට ඉන්ටවිව් කලේ ඔයාව..
---------------------------------------------------
ශෂී.....
ශෂී..................
පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?
අපි මොනවා කතා කරන්නද මිස්ටර් හසිත. අපි අතරේ තිබුන බැඳීම ඔයා ඉවර කරලා ගියානේ සල්ලි, රස්සාවක් එහෙම තියන කෙනෙක් බඳින්න.
ඉතින් ඒ දේවල් එක්කම ඉන්න.
මම දන්නවා මට වැරදුනා. රස්සාවක් තියන ආදරයක් නැති කෙනෙක්ව මම බැන්දා තමා.
අද ඒකට මම විඳවනවා.
මගේ පඩියෙන් හැමදේම කරන්න වෙලා තියනවා.. වයිෆ් ගන්න සැලරි එක එයාගේ වියදම් වලට විතරක් වියදම් කරනවා මිසක්
ජිවිතේ ගෙනියන්න උදව්වක් විදිහට දෙයක් කරන්නේ නෑ...
ප්ලීස් පුළුවන්නම් මට මෙතන ජොබ් එක ගන්න උදව් කරන්න..
උදව් කරන්න දෙයක් නෑ මේ කම්පනියේ දෙවනියා මම.
පොඩි තැනක ඉදන් උඩට ආවේ මම වැඩ කරලා.
හැබැයි ඔයාට මේ කම්පනියේ කිසිම ඉඩක් නෑ.
මොකද සල්ලි වලට ආදරේ දාලා යන කෙනෙක් මේ කම්පනියට හරි යන්නේ නෑ
සල්ලි මුල් කරගෙන ජිවිතේ හැමදේම අත අරින අය ඕනේ නෑ.
-සඳරු - Devaka Sadaruwan
( අපිට හැමදේම අපි හිතන වෙලාවටම නොලැබෙන්න පුළුවන්. ඒත් ආදරේ කරන අපිට ගැලපෙනම කෙනාව හදිස්සිවෙලා නැති කරගන්නවා කියන්නේ ජීවිත කාලෙම පසු තැවෙන්න වෙන වැඩක් වෙන්නත් පුළුවන්. හොඳට හිතලා තීරණ ගන්න . සතුටින් ඉන්න )
උපුටා ගැනීමකි
No comments:
Post a Comment