නොපැතු පැතුම

💞❤නොපැතු පැතුම❤💞

"රොසලිනා අක්කේ.....රොසලිනා අක්කේ......ඉක්මනට වරෙන් යකෝ......"

"මොකද....මොකද උක්කුං බංඩා මල්ලියෙ කෑගහන්නෙ....."

"අන්න සුගතෙ අයියා ගහකට යට වෙලා.......දැන් අන්න ඉස්පිරිතාලෙට අරන් ගියා....."

"අනේ අප්පෙ.....පුරා කුඹියෙකුටවත් කරදරයක් නොකරන මයෙ මිනිහට මොකද උනේ....."

"ඔතන හුල්ල හූල්ල ඉදල හරියන්නැ බොල.....වරෙන් යන්ඩ......"

"කෙල්ලනෙ තොපිල ගෙට වෙලා පරිස්සමට හිටපල්ල.....මම උක්කුං බංඩ මාමා එක්ක හනිකට ඉස්පිරිතාලෙට දුවල එන්නම්......"

"අනේ අම්මෙි.....අපිවත් එක්කන් යන්නකො...."

"උබල හිටපල්ලකො....මම හනිකට ගෙහුන් එන්නම්......."

එදා අම්ම ඉස්පිරිතාලෙට යනකොටත් තාත්තව ඔලුවෙ ඉදන් සුදු රෙද්දකින් වහල කකුලෙ නොම්බරේකුත් එල්ලල ගැහෙන හදවතත් නිහඩ වෙලා මොචරියට දාන්න ලැස්තිකරලයි තිබිල තියෙන්නෙ........

දුප්පත් පවුලක වැඩිමල්ම ගැණු ලමයා විදිහට ඉපදුන මට තව හිටියෙ නංගි කෙනෙක් විතරයි.....අපේ තාත්ත රස්සාවක් කරා නම් කරේ කුලියට ගස් කපපු එක.....එදා නංගිටයි මටයි ඉස්කොලෙ නිවාඩු නිසා අපි දෙන්නම ටිකක් දවල් වෙනකල් නිදාගෙනයි හිටියෙ......වෙනද හැමදාම උදේට තාත්ත වැඩට යන්න කලින් එයාට වදින එක නංලිගෙයි මගෙයි පුරුද්දක්.....එත් එදා අපේ කරුමයකටද මන්ද අපිට නිනිද ගාහිල්ලයි තාබුනෙ....තාත්ත ලොකු කොස් ගහක් කපනකොට ආපු තද හුලගක් නිසා ගහ වැටිල තියෙන්නෙ තාත්ත හිටපු පැත්තටමයි.......තාත්තව ගෙදරට ගෙනාවත් ඒ හිටියෙ තාත්තමද කියල අපට අදුරගන්න බැරි තරමටම වෙස් වෙලයි තිබුනෙ.........

තාත්ත නැති උනාට පස්සෙ අපට තිබුන ආර්තික ප්‍රශ්න එන්න එන්නම තව තවත් වැඩි උනා මිසක් අඩුවක් නම් උනේ නැ.....මුල්ම කාලෙදි  තාත්තගෙ පැත්තෙ නැදැයො අපට උදව් කරත් පස්සෙ පස්සෙ එයාලගෙ උදවුත් නැතුව ගියා......එතකොට මම යන්තන් සාමාන්‍ය පෙල විභාගෙ ලියන කාලෙ වාතර වගෙයි........ගෙදර තිබුන ආර්ඨික ප්‍රශ්න නිසාම තම‍ා මාත් අම්මත් එක්ක ඉස්කොලෙ ඇරිල ආවම ගල්වලෙ වැඩට ගියෙ......

"ලොකු මහත්තයො....මෙි...මගෙ කෙලි....මෙිකිත් ඉස්කොල ගිහින් ආවම හවසට මෙිකෙ වැඩට එන්ඩ අනගහනව....."

"හම්ම්ම්ම්.....උබට හැබැයි කෙල්ලෙ දවසෙ පඩියනම් දෙන්ඩ බැ.....රුපියල් 250ක් දෙන්නම්.....ඉස්ටකාලෙ ඇරුන ගමන් ඉක්මනට ගෙදරට ඇවිත් මෙහෙ වැඩට වරෙන්......"

"හොදමයි....හොදමයි මහත්තයො....."

"හම්ම්ම්ම්....දැන් පලයන්...."

අම්ම අකමැති උනත් මාත් ගල් වලෙ වැඩට ගියෙ අම්මට පොඩි හරි සහනයක් වෙන්ඩ මාත් ගෙදරට කියක් හරි ඉතුරු කරල දෙන්න ඕන නිසාමයි......ඒත් වැඩි කාලයක් එහෙ වැඩට නොගියෙ ඉස්කොලෙ තිබුන ප්‍රශ්නයි...එතනදි වරඩ කරනකොට ආව ප්‍රශ්නයි නිසාමයි.....

"අහ්......ගල් කටස්....."

"අඩෝ....අඩෝ....එපා එපා....උබට ගලකින් ගහයි බං ඕකි...."

"එවා කොහෙද බං අපිත් එක්ක.....එක අපෙ මාමගෙ නෙ බං......"

"ගල් කෙල්ලෙ.....උබෙි අත් වල කරගැට දායි.....එහෙම උනොත් කැතයිනෙ බං....."

"මෙි සිතිජ....තමුසෙට මම ආයෙ කියන්නැ.....ආයෙ මොනව හරි කිවොත් බලා ගමු....."

"ආ.....ඇයි....මොකද.....මොනව කරන්නද.....අනෙ පලයන් බං යන්න....ගස් පාලුවගෙ කෙල්ල......හු....හු...හු......"

"අපේ තාත්ත ගස් කපල හරි අපට ඉගැන්නුව....තමුසෙලගෙ තාත්තගෙ කෙරුවාව අහගන්නැතුව කට වහන් ඉන්නව සිතිජ....."

එදා එහෙම බැනල ආවත් මට විතරක් නෙවෙි මගෙ නංගිටත් කට්ටිය එක එක දේවල් කියන්න ගත්ත.....ඒ වෙලාවට කාටත් හොරෙන් අඩපු වාර අනන්තවත් ඇති.......

"අනේ අක්කෙ මට ඉස්කොලෙ යන්ඩ බැ...."

"අනේ....ඇයි නංගියෙ.....මොකක්ද ප්‍රශ්නෙ...."

"මට අපේ ඉස්කොලෙ කොල්ලොයි කෙල්ලොයි එක එක එවා කියනව....."

"අනේ ගනන් ගන්ඩ එපා චුටියො.....මටත් එහෙමම තමා...."

"අපේ තාත්ත හිටියනම් අපට මෙහෙම වෙන්නැ නෙ නේද අක්කේ....."

"හම්ම්ම්ම්.........."

දිග සුසුමක් පිටකරල නිහඩ පිලිතුරක් දුන්නෙ තවත් මොනව හරි කිවොත් නංගිගෙ හිත රිදෙයි කියල තිබුන දුකටමයි.....

ඒ කාලෙදිම මම සාමාන්‍යපෙල විභාගෙ ලියල ප්‍රතිඵල එනකන් ගල්වලෙ වැඩට ගියා.....අම්මයි මායි දෙන්නම දවසම වැඩ කරපු නිසා යනිතන් රුපියල් 1200ක් දවසට හොයාගත්ත....එකාලෙදි තමා ගල්වලෙ මුදලාලි අම්මට අයුතු යොජනා ගේනඩ ගත්තෙ.....අම්මට විතරක් නෙවෙි මටත් එක එක එවා කියාන ආව.....

"රොසලිනා....බලපන්කො උබෙි ඇගෙ හැඩ....ශා....ඇයි බං මෙතන ගල් කඩන්නෙ.....උබ මාත් එක්ක හිටියනම් මම උබව රැජිනක් වගෙ බලාගන්නව...."

"අනේ....රැජිනියො වෙන්ඩ ඕන නැ මහත්තයො....මෙි ඉන්න විදිහ හොදයි....."

"ඕකනෙ කියන්නෙ උබට පින නැ ගැණියෙ සුර සැප විදගෙන ජිවත් වෙන්ඩ....."

"මගෙ මිනිහ මැරුනට මම එහෙම අවලමෙි යන ගැනියක් නෙවෙි මහත්තයො.....වැරදියට බලන්ඩ එපා......"

අම්ම එදා ගල්වලෙ මුදලාලිට බැනල බැනල ගල්වලෙ වැඩට නොය‍ා ඉන්න හිතාගෙන ගෙදරට ආවත් කරන්න රස්සාවක් නැතිව ගෙදර ඉන්න නිසාම මම වැඩට ගියෙ....මගෙ සාමාන්‍යපෙල ප්‍රතිඵල වලින් ටවුමෙි ලොකු ඉස්කොලෙකට යන්න තිබුනත් මම නොගිහින් හිටියෙ එහෙම ගියොත් වායදම් වැඩි වෙන නිසාමයි.....

"ලොකු මහත්තයො....මම උසස්පෙලට පන්ති යන නිසා මගෙ පඩිය පොඩ්ඩක් වැඩි කරල දෙන්ඩ පුලුවන්ද..."

"පඩි වැඩි කරන්ඩනමි.....අපටත් සලකන්න වෙයි....මොකද කියන්නෙ...."

"නැ...එපා මහත්තයො....කෙනෙක්ගෙ අසරනකමෙන් ප්‍රයොජන ගන්ඩ හදන්ඩ එප‍ා...එවා සහ ගහන අපරාද...."

"පලයන් පලයන්....තොපිලගෙ අම්මගෙත් තිබ්බ උද්දච්ච කම නිසානෙ මං වගෙ මිනිහෙක් නැති උනෙ...."

එදා ඉදන් මාත් ගල්වලෙ වැඩට යන එක නතර කරා....ඒ කාලෙදිම තමා අමිමටත් පිලකාවක් හැදුනෙ.....අම්මටත් අසනිප නිසා මම නංගිටයි මටයි දෙන්නටම ඉගන ගන්ඩ ඕන නිසා ලග අහල පහල ගෙවල් වල කුලි වැඩ කරන්න ගියා.....අම්මට අසනිපයක් තිබ්බට අපට රජයෙන් හම්බෙන ආදාර මුදලක් වත් ලැබුනෙ නමි නැ......මම උසස්පෙල අමතර පංති වල සර්ල එක්ක කතා කරල පංතියෙ කාඩ් එක නොගෙන යන්ඩ පුලුවන් විදිහට free කාඩ් හදාගත්තෙ අම්මගෙ බේත් වලටයි නංගිටයි මටයි බස් වල යන්ඩ එන්ඩයි ගෙදර කන්ඩ බොන්ඩ ඕන නිසයි හොයන පොඩි ගාන මදි වෙන නිසාමයි.....සේරම දමල ගහල ගමෙන්ට් යන්ඩ හැදුවත් අම්ම කිව නිසාමයි මම මොන ආර්තික ප්‍රශ්න තිබුනත් ඉගන ගත්තෙ......

****--*-----*-*-*-*-*-----*-*-*--*-*----*---*

කාලය ගෙවිල ගිහින් අන්තිමට මම උසස්පෙල විභාගෙටත් ලිවා....නංගිත් ඒ කාලෙදිම තමා සාමාන්‍යපෙල විභාගෙ ලිවෙත්.....නංගිගෙ විභාගෙ ඉවර වෙනවත් එක්කම වගෙ මගෙ ප්‍රතිඵලත් ආවා.....කවදාවත් නොහාතපු විදිහෙ ප්‍රතිඵලයක් ඇවිත් තිබුනෙත්.......

"අම්මේ......නංගි.....මෙි.....මෙි බලන්ඩකො....මට A 2යි B 1යි තියනව....."

"මගෙ දුවට රත්තනත්තරෙ සරනයි දුවෙි...."

"අනේ....කොච්චර දෙයක්ද...
ශෝක්නෙ අක්කෙ.....ආයෙ පාරක් කරල කැම්පස්ම යමු නෙ....එතකොට මට ආඩම්බරෙන් කියැහැකිනෙ....මගෙ අක්ක කැම්පස් කියල...."

"බැ චුට්ටියෙ....මම රස්සාවකට යන්නම්....මට බැරි උනාට මගෙ චුට්ටි කැම්පස් යන්න ඕන....හරිද දග මල්ල...."

"අම්ම්ම්ම්....හා...හා...."

**************************************-*****-*

මම පෞද්ගලික බැංකුවක වැඩට ගියාට පස්සෙ ගෙදර තිබුන ආර්තික ප්‍රශ්න නමි ටිකක් අඩු උන‍ා.....ඒ කාලෙදිම තමා බැංකුවෙි මැනේජ හිටියෙ මට වඩා අවුරුදු 6ක් විතර වැඩිමල් කෙනෙක්....එයා මගෙන් ආදරෙ ඉල්ලන් ආවෙි....මුලදි මම බැ කිවත් අම්ම අවසර දුන්න නිසාම අපි ආදරෙ කරන්න ගත්ත.එය‍ා අපිට ගොඩක් උදව් කරා.....නංගි උසස්පෙල ලියල ඉවඑවෙනකොටම වගෙ තම‍ා අම්ම මාවයි නංගිවයි තනි කරල දාල යන්න ගියෙ.....නංගි පලවෙනි පාරින්ම වගෙ කැම්පස් ගියා....

එයාටත් කැම්පස් එකේදි අපේ පවුලට ගැලපෙන අපි වගේම අමාරුවෙන් ඉගන ගෙන ජිවිතේ ජය ගත්තු කෙනෙක් හම්බුනෙ.....

දැන් නංගිත් එයාගෙම කියල ලොකු ආයතනයක අයිති කාරියක්....එයට ලංකාවෙි විතරක් නෙවෙ පිටරටවල් වලත් ආයතන කිපයක්ම තියන කෙනෙක්........එදා නංගිටයි මටයි විහිලු කරපු ගොඩක් කට්ටිය එයාගෙ යටතේ සේවකයො වෙල‍ා......

*ලියන්නෙ : දුෂාන්

*ජිවිතේට මොන තරම් ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න වලට සාර්තකව මුන දෙන්න.උඩට යනකොට කකුලෙන් අදින්න බලන් ඉන්න කට්ටිය වැඩි....අත දෙන කට්ටිය අඩුයි.....අත දිපු අයවයි කකුලෙන් ඇදපු අයවයි හොදට මතක තියාගන්න.කවදාවත් මුල අමතක කරන්නත් එපා......අනික කෙනෙක් කරන රැකියාවෙන් කෙනෙක්ව මනින්නත් එපා....කාටවත් කරන රැකියාව‍ට විහිලු කරන්නත් එපා.....ජිවිතේ ලස්සන රෝස මල් ගොන්නක්.ඒ මල් ගොන්නෙ කටුත් තියනව.එ කටුක දුෂ්කර කාල වලදිත් අපි නොසැලි හිටියොත් අපට අපේ ජිවිතේ හිනිපෙත්තටම ගිහින් වැජබෙන්න පුලුවන්. *

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment