හිත බැදුනේ ඔබටයි මගේ ලදුනේ

හිත බැදුනේ ඔබටයි මගේ ලදුනේ

හෙලෝ..... මචන්.... ගිම්හාන්...
ඉෂාර කතා කරන්නේ....
කොහෙද උබ ඉන්නේ..

මම හිතන්නේ වැරදි නම්බර් එකක්..
මම ගිම්හාන් නෙමේ..

අනේ සොරි..
මේ ගිම්හාන් නෙමේද?
එතකොට මේ.. 071248.... නෙමේද?

හරි... එත්.. අන්තිම ඉලක්කම 0 නේම් අට..

අනේ සොරි... වැරදීමක්..
මම හිතුවේ මගේ යාළුවා කියලා.
අහක බලාගෙන ඩයල් කලේ.
මමත් පුදුම උනා මේ මටත් හොරෙන් මු කසාද  බැන්දාවත් කියලා

හරි අයියා එහෙමනම් මම තියන්නම්.
හරියට බලලා ඩයල් කරගන්නකො..

හ්ම්ම්ම් අනේ සොරි....
මොකක්ද ඔයාගේ නම..

මගේද
හ්ම්ම්
සෙනුලි ආකර්ෂා...

හ්ම්ම් හරි සෙනුලි සොරි.. තියන්නම් හොදේ..

--------------------------------------------------

(වැරදි නම්බරයක් උනත් ඉතින්..සැබෑ ආදරය රෝන්ග් නම්බරයකින් පවා හමුවිය හැක කියනවනේ
ඒ හින්දමත් කතා කරපු වොයිස් එක හිතට අමතක කරන්න බැරි තරමට දැනුන නිසා
ආයේ නම්බර් එක වයිබර් වල සර්ච් කරලා බැලුවේ මගේ හිත ගත්ත කෙල්ලගේ
ෆොටෝ එකක් දාලා ඇති කියලා හිතලා.මුහුණ පෙනුනේ නැති විදිහේ එත් හිතට තවත් ෆිට් වෙන විදිහේ පින්තුරයක් දාලා තිබුනා හින්දා බුකියේ සර්ච් කරලා බලනවා කියලා හිතලා පොඩ්ඩක් බලනකොට වයිබර්දාලා තියන
පින්තුරයම එක්ක ඒ නමින් එකවුන්ට් එකක් තිබ්බ හින්දා ඕන දෙයක් වෙන්න කියලා රික්වෙස්ට් එකක් දැම්මා )

--------------------------------------------------

hi..

kawuda mey......

onlinema neda ithin....

kawuda kiyannako ithin me.. mama oyaawa danne naa

ahh mama mey wrong number eka.
mathakada danne naa

ahh dawal katha kale ayyada?

hmmm ow ow..

ඉතින් මොකද කරන්නේ....
මොකද මේ හැම කෙල්ලටම වැරදිලා කියලා
කෝල් අරන් නම හොයාගෙන
ෆේස් බුක් අකවුන්ට් තියනවද බලන එකද ඔයාගේජොබ් එක

අපෝ නෑ සෙනුලි..
ඔයාගේ කටහඩ ලස්සනයි කියලා දැනුනා
එකයි මම මේ ආපහු බැලුවේ..

හ්ම්ම් හා හා...
මම එක නිකන් කිවේ..

--------------------------------------------------

දවසට කීප පාරක් චැට් කර කර අන්තිමේ ඉතින් මට සෙනුලි නැතිව බැරි තරමට හිතට දැනෙන්න ගත්ත හින්දා

සෙනුලි..
දවසකට පැය ගානක් චැට් කරනවනේ
ඔයාට මොනවද මම ගැන හිතෙන්නේ කියන්නකෝ..

ඔයා ගොඩාක් හොද කෙනෙක් අයියා.
ගොඩාක් හොද කෙනෙක්

එක නෙමේ මම ඇහුවේ...
සෙනුලි... මම හිතනවා මම ඔයාට ආදරෙයි කියලා.
මොකද හිතන්නේ ඔයාට පුලුවන්ද සදහටම මගේ වෙන්න..

අනේ............. ඉෂාර අයියා..
අපි ඔය ගැන කතා නොකර ඉමුද?
මම කැමති නෑ ඔයාව නැති කරගන්න
ඒ හින්දා අපි ඔය ගැන කතා නොකර ඉමු..

මම කොයි තරම් ඒ ගැන ඇහුවත්. හැමවෙලම මොකක් හරි හේතුවක් කියලා
සෙනුලි කතාවෙන් පැනලා යන හින්දාම මට සෙනුලි ගැන සැකයක් ඇති වුනේ නැතිවම නෙමේ
ඉන්න තැනක් හොයාගන්න විදිහක් නොතිබුනා උනත් දවසක් වයිබර් මැසේජ් එකක ලොකේෂන් එක්ක
මැසේජ් එකක් වැරදිලා ආව වෙලාවේ මම එක සේව් කරගෙන තිබුන එක මතක් උන නිසා ඉතින් හොයාගෙන යන්න හිතුවේ මේකේ දෙකෙන් එකක් බේරගන්න ඕනි හින්දා

ගෙදරින් මට එක එක මංගල යෝජනා අරගෙන ආවත් මට සෙනුලිව අමතක කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ

---------------------------------------------

ගිම්හාන් පොඩි ගමනක් තියනවා යන්න වරෙන්

කොහේ යන්නද බන්.. දැන්ද

හ්ම්ම් ඔව් දැන්. එනකොට හැබැයි රෑ වෙයි..
ටිකක් දුර ගමනක්

හ්ම්ම්ම් කොහෙද බන් මේ යන්නේ
යනවා යනවා ඉවරයක් නෑ බන්

මම මේ ලොකේෂන් එක හොයාගෙන යන්නේ
මම අර උබට කිවේ කෙල්ලෙක් ගැන
ඒ කෙල්ල මග අරිනවා වගේ.
මම ආදරෙයි කීවහම

ඉතින් ආදරෙයි කීවහම මග අරිනවා නම් බන්
තේරුමක් තියනවද මේ තරම් දුර හොයාගෙන යන එක

නෑ බන් මට තේරෙන්නේ නෑ
මොකද මාව නැති කරගන්න අකමැති කියලා තමා
එක ගැන කතා කරන්න බෑ කිවේ
මට එහෙම එක පාර අත අරින්න හිත හදාගන්න බැ බන්

හ්ම්ම් උබේ කැමැත්තක්..
දැන් නම් ලගයි වගේ පෙන විදිහට
මොකක්ද කෙල්ලගේ නම
කාගෙන් හරි අහලා බලමු..

-------------------------------------------------

අන්කල්...
අන්කල් මේ පැත්තේද?

හ්ම්ම් ඔව් මහත්තයලා මේ පැත්තේ නෙමේ වගේ..
මොනවද මහත්තයෝ හොයන්නේ...

හ්ම්ම් අන්කල් මේ පැත්තේ...
සෙනුලි... ආකර්ෂා කියලා
එහෙම කෙනෙක් ඉන්නවද අන්කල්

එහෙම නමක් නම් එක පාර මතක් වෙන්නේ නෑ
මහත්තයෝ
හැඩරුව පොඩ්ඩක් කීවානම්..

එහෙම කියන්න හැඩරුව දන්නේ නෑ අන්කල්..
අහ්හ් පොඩ්ඩක් ඉන්න..

මේ මේ වැඩේ තේරුමක් නෑ ඉෂාර..
මේ කෙල්ලව අපිට මෙහෙම හොයාගන්න බෑ
කෝල් එකක් දීලා අහපන්කෝ..

කෝල් ගන්න පොන් වැඩ නෑ බන්
අන්කල් මේ ඉන්නේ..
මෙන්න මෙයා

මහත්තයලා පොලිසියෙන්ද?
මේ දරුවාව හොයන්නේ

ඇයි අන්කල් එහෙම ඇහුවේ.,.
පොලිසියෙන්ද කියලා

ඔය කෙල්ල අපේ ගාමිනියාගේ දුව.
මට එක පාර නම මතක් උනේ නෑ
අපි කියන්නේ චුටි කියලානේ..
හරි හුරතක් කෙල්ල
එත්....

එත් කොහෙද යන කාලකන්නියෙක්
අපේ කෙල්ලගෙන් යාලු වෙන්න අහලා..
මේ කෙල්ල කැමති උනේ නෑ කියලා
කෙල්ලට ඇසිඩ් ගහලා

මොකක්...

මලක් වගේ උන්න කෙල්ලගේ
මුණ ගන්න දෙයක් නෑ දැන්
වැඩිය කාත් එක්කවත් කතා බහ කරන්නේ නෑ එලියට බැහැලා
ඔතන ඉදන් තුන් වෙනි ගෙදර
කහපාට තීන්ත ගාලා ඇති..
අනේ මහත්තයෝ පුලුවන්නම්
ඔය වැඩේ කරපු එකා හොයාගෙන
ආයේ ඔහොම නොකර ඉන්න දඩුවම් කරන්න පුලුවන් නම්

-------------------------------------------------

යමන්... බන්....
දැන් ඕක ගැන බැලුවාට වැඩක් නැහැනේ
උබට කියපු දේ ඇහුනා නේද?
කෙල්ලගේ මුණ ගන්න දෙයක් නැහැලු..

ඉතින් දැන් උබ මොකක්ද ගිම්හාන් කියන්නේ

කියන්නේ ඉතින් දැන් ඕක හිතුවාට වැඩක් නෑ
ආපහු යමන්

බෑ බන්..
මම කෙල්ලට ගොඩාක් ආදරෙයි
මට ගිහින් බලන්න ඕනා

-------------------------------------------------

සෙනුලි....
සෙනුලි.....

ඉෂාර අයියා ඔයා මෙහෙ ආවද?...
අනේ මොකටද ආවේ අයියා යන්නකෝ..

විකාර කරන්නේ නැතිව එලියට එන්න ළමයෝ

අනේ මට බෑ අය්යේ..
ඔයා යන්නකෝ

රත්තරන් මම දන්නවා ඔයාට මොනවද වෙලා තියෙන්නේ කියලා
මට එක ප්‍රශ්නයක් නෙමේ
මම ආදරේ කලේ ඔයාගේ ඇගට නෙමේ
හොද ලමයා වගේ එන්නකෝ කියපුවහම

හ්ම්ම්ම්.. අනේ මම කැතයි අයියා
ඔයා ෆොටෝ එවන්න කිවාහම
වීඩියෝ කෝල් ගන්න කිවාහම මම
ඒවා මග ඇරියේ ඔයාට මම මෙහෙම ඉන්නවා කියලා දන ගන්නවා අකමැති හින්දා
කවුරුවත් නොහිටපු මගේ ජීවිතේට සතුට අරන් ආවේ ඔයා.
මට ඔයාව නැති කරගන්න ඕනා උනේ නෑ
ඒ වගේම.....
ඒ වගේම ඔයාට මාව ගැලපෙන්නේ නෑ කියලා දැනගෙන උන්නා
එකයි මම ටික ටික හිත හදාගත්තේ

මගේ මැට්ටි... එහෙම වෙන්න දෙයක් නෑ
මම ඔයාට ගොඩාක් ආදරෙයි.
එක ඔය දේවල් හින්දා වෙනස් වෙන්නේ නෑ
ආදරෙයි සෙනුලි...

අනේ මහත්තයෝ....
මමත් ඔයාට ගොඩාක් ආදරෙයි...

සදරු - Devaka Sadaruwan

( ඇත්තටම ආදරේ කියන්නේ රූපේ මත විතරක් පදනම් වෙන දෙයක් නෙමේ. ඇත්තටම ආදරේ ඇතිවෙන්නේ හිත් බැදිලා.. )

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment