රොටියේ කතාව.....(කෙටිකතාවක්)
" අම්මේ මොනාද අම්මේ තාම එලියට වෙලා කරන්නේ ගෙට එන්නකො.."
පුංචි පුතු කතා කරන සද්දෙට ඇය කැලබී ගියාය...ඇය හැරි පුතූ දෙස බැලුවේය...
"මයෙ පුතා නිදාගන්නකො...මන් එන්නම්.."
"බෑ බෑ අම්මත් ඕන දැන් ගොඩක් රෑ වෙලා..."
එවර නම් ඇයට කෙන්ති ගියේය..ඇය පුතු දෙස රවා බැලුවේය..
"මන් එක පාරක් කිවා නෙද...කීවම ගිහින් නිදාගනින්...මන් මෙ බොගෙ අප්පා එනකන් ඉන්නේ...හම්මේ අදත් එයි හතර ගාතින් ඔකා හැමදාම ඔහොමනෙ රෑ දෙගොඩ හරියේ එන්නෙ...ගිහින් නිදාගනිම් අද මන් උන්දැට ..කරන්නම් වැඩක්..."
හිතට ආ කෙන්තියෙන් ඇය පවසද්දි පුතා ගෙට දිව්වේය...ඇය නමින් එතනාය....ගෙවල් වලින් අකමැති වී හිතුවක්කාරෙට බැදගත් කසාදය ඇයගේ මෙ නම් වේ..ඇය සුනිල් සමග විවාහ වී දැනට අවුරුදු අටක් පසුවුනී..විවිධ අගහිගකම් මැද ජීවත් වූ ඇයගෙ සැමියා..බීමට ඇබ්බැහි වී දිනපතා කෙලින් සිට ගැනීමටවත් නොහැකිව නිවසට ඒමට පුරුදුව සිටියාය... මෙ සියල්ල නිසා ඇය මහත් කොපයෙන් පසූවී සිටියේය...
ඈතීන් ඇසුනූ ගීයක හඩත් සමග ඇය සැමීයාගෙ හඩ අදුනා ගෙන නොඇසුනා මෙන් සිටියේය...
ඔහු අත දිගුකරමින් වැනි වැනී සින්දු කිය කියා ආවෙය..
"රන් එතනො මගෙ රන් එතනෝ...
මගෙ හද උඹ ලග මගෙ එතනෝ..හා...
ඔහූ එතනා වටෙ කැරකුනාය....
"ආ ආවද පුංචි මහත්තයා අදත් ආවෙ ඔය කකුලුවා වගෙ...
සුනිල් දෙස බලා කෙන්තියෙන් පුපුරමින් කියද්දි සුනිල් තිගැස්සි ගියේය...
"කකුලුවා වුනත් මන් කෙලින් යන්නෙ මගෙ සුදු උම්ම්මා කැටේ ...අනේ මයෙ මැනිකගෙ ලස්සන ... මෙ බලපන් එතනො මන් කෙලින් යන්නෙ..."
නැවත සුනිල් වැනි වැනී ගියෙය....
"හපෝ ඔව් ඔය යන්නෙ කෙලින්...මොකටද මගෙ කට හැමදාම හතර ගාතෙන් ගෙදර එන්නෙ..."
"හතරෙන් කොහෙද ගෑනියෙ මන් කකුල් දෙකෙන් ආවේ ..යකො ගැනී උබටද වෙරි මටද වෙරි..."
සුනිල් එතනාගෙ මුහුණට එබෙමින් අසද්දි එතනා මුහුණ හකුලුවා නහය වසාගෙන ඔහුව තල්ලු කරෙය....
"ඔව් වෙරි මට පලයන් යන්න පැත්තකට ගද ඉවසන්න බෑ මට..."
"ඕව් ඔව් මන් දැන් ගදයි ඉස්සරනම් ආනේ මගෙ සුනිලො කියාන උබ ආවෙ දැන් ගදයී .....අනේ කාලෙ වනෙ වාසෙ කීවලූ...."
"අනේ මෙ සුනිල් උබ මගෙන් නාහා ගිහින් කාලා නිදාගනින් මගෙ සුනිලා..කිවා අල්ලපු ගෙදර ගෑනී ඒ කාලෙ😂😂😂"
සුනිල් කට ඇද කර එතනා දෙස බලා බිම බලාගත්තෙය...
"ඒකීත් හැඩට හිටියා ඉතින්😁😁😁
කො මගෙ කොල්ලා පුතෙ වරෙන් මන් කවන්න..."
ගෙට එබිකම් කරමින් සුනිල් අසද්දි එතනා ඔහුව ඇද්දෙය...
"දරු සුරතල් කරන්න ඔහොම ඇව්ත් මදි නොවැ තව දෙන්නෙක් තුන්දෙනෙක්ගෙ කර උඩින් එන්න එපැයි කොල්ලා නිදි ඇහරවන්නැතුව තමුසෙ කනවා....."
"ආ ඔව්නෙ..දැන් රෑනෙ...මන් අර හවස එවපූ කුකුළා ඉව්වද එතනෝ .."
සුනිල් ඉක්කා දමමින් වැනි වැනී අසද්දි එතනා යලිත් ඔහුදෙස තරහින් බැලුවෙය...
"මොන කුකුළද"
"ඇයි යකො මන් අර පියදාස අතෙ එවපු කුකුළා ...වු දුන්නෙ නැද්ද...."
සුනිල් නැවත මුණ දික්කොට ඇසූවේය...
"මොන කුකුළද මිනිහෝ මඤ්ඤොක්කා නොවෑ එවලා තිබ්බේ...ආන් මන් ඒක උයලා රොටී හැදුවා...මොන විකාරද මිනිහො කියවන්නේ...."
එතනා ඇගට කඩන් පනිද්දි සුනිල් නැවත ඇසිපිය එක දිගට ගසා ඉක්කාවක් දැම්මෙ.ඔලුව කසමිනි...
"ආ ඔව් නෙවෑ කුකුළා ගත්තෙ පියදාස නොවෑ මන් එව්වෙ මඤ්ඤොක්කා නොවෑ කෝ මට බඩගිනි හොදට කන්න ඕනෑ .."
"ඉතින් මෙතන ඉන්නෙ මාව කන්නයෑ එනවා මෙහෙ .."
"අපෝ මෙකිගෙ කට සැක් මන් අහුවුනානෙ..මන් යක්ස ගෑනී..."
සුනිල් එතනා යන්නට හැර කියද්දී එතනා යලිත් හැරී බැලුවේය ..එතනාගෙ බැල්මට සුනිල් තිගැස්සි ගියෙය...
"මොකද්ද කිවෙ.."
එතනා මහ හඩින් ඇසුවේය...සුනිල් වෙව්ලා ගියෙය...
"බ..බ..බඩගිනි....කියලා...කිවෙ.."
සුනිල් වචන එකතු කරද්දි එතනා කුස්සියට ගිහින් රොටියක් මැදට මඤ්ඤොක්කා බෙදා තබා නැවත රවා බලමින් සුනිල් ඉදිරියට පැමිනියාය...
"ආන් බෙදලා තියෙන්නෙ ගිහින් කාලා නිදාගන්නවා කෑ නොගහ..."
එතනා ගස්සාගෙන නිදාගන්නට ගියේය....සුනිල් එතනා යන දෙස ඇදවි බලා සිටියේ කට කොනකින් සිනා සීගෙනයී...
"අනේ උබෙ හපුටු මුන දැක්කොත් මට හිරවෙනවා බන් කැවෙන්නෙත් නෑ "
සුනිල් එතනාට බැනමින් කුස්සිය වෙතට ගොස් මුහුණ පුලුටු කර ගත්තෙය...
"කො යකො රොටිය පිගානට මඤ්ඤොක්කා විතරක් බෙදලා තියෙන්නෙ . මෙකිට විකාරද..."
තමාට කියාගනිමින් සුනිල් කෑගැසුවේය..
"කෝ ගෑනියේ රොටි..."
සුනිල් වැනෙමින් කෑගැසුවේය...
"ඇයි පොට්ටද ඔය මෙසෙ උඩ තියෙන්නෙ..
එතනා කෑ ගසද්දි සුනිල් කට පියා ගත්තෙය..
"තියනවා මෙසෙ උඩ උබෙ.. ආය අහන්නෙ මොකට්ද තියනවනම් පෙන්නැතැ පොට්ට ගෑනී උදෙට බලාගන්නම්කො...දැන් ඉතින් මඤ්ඤොක්කා ටිකවත් කනවා ..."
සුනිල් වැනි වැනි මඤ්ඤොක්කා කෑවෙය...අහ් දැන් ඉතින් පිගාන හෙදුවෙ නෑ කියලා බනී මෙකත් හොදලා පිගන් රාක්කයෙන් නවන්න ඕන...සුනිල් එහෙම හිත හිතා එයත් කර වැනි වැනීම බිම වැතිර නිදාගන්නට හැදුවේය....වෙරිමරගාතෙ සුනිල්ට වැටුන ගමන් නින්ද ගියේය ..
පසුදා උදෑසන එතනා යලිත් කෑ ගැසුවේය. ..
"මේ මිනිහනම් ඇත්තට...ඕයි නැගිටිනවා මෙහෙ එනවා නැගිටලා හම්මො මෙ වගෙ එකෙක් මටම හම්බුනානෙ ගොන් තඩියා.. "
එතනා කෑ ගසාගෙන විත් සුනිල්ට වතුර බාල්දියක් දැම්මෙය...සීතලෙ ඇහැරුනූ සුනිල් දත් මිටි කෑවෙය...
"ආ මාත් උබව අල්ලගන්න හිටියේ ..උබ මේ බෙරිහන් දෙන්නෙ උදෙ පාන්දර..කොයි ගෑනියෙ ඊයෙ රෑ මගෙ රොටිය. උබ මට කන්නවත් තියලා නෑ නොදකින් නොදෝමකින් ටො වගෙ ගෑනියෙක්..."
"කටවහපන් මිනිහො.."
සුනිල් එක දිගටම කියවන් යද්දි එතනා කෑ ගැසුවේය...
."මෙහෙ වරෙන් උබෙ රොටිය පෙන්නන්න...මෙහෙට වරෙන්...බීපුවාම උබලගෙ මොලෙ උඩනෙ ඉදගන්නෙ..මන් කැවෙ නෑ යකො රොටිය..."
එතනා සුනිල් ඇදගෙන කුස්සියට ගිහින් පිගන් රාක්කය පෙන්නුවෙය..පිගන් රාක්කය දුටු සුනිල් ආපසු දුවන්නට හැරුනෙය...එතනා සුනිල්ව අල්ලාගෙන පිගන් රාක්කය ලගට ගියෙය...
"ඈ යකෝ ඊයෙ රෑ වෙරි මර ගාතෙ මඤ්ඤොක්කා ටික කාලා රොටිය හොදලා පිගන් රාක්කෙ තියලා දැන් කියවනවද අර තියෙන්නෙ උබෙ රොටිය.."
එතනා පිපි තිබෙන රොටිය ගත්තෙය...එවිට සුනිල්ට මතක් විය...
"යකො ඊයෙ රෑ මන් රොටියද හොදලා පිගන් රාක්කෙ තිබ්බෙ විලි ලැජ්ජාවයී..."
සුනිල් තමාටම කියාගෙන හිස එසෙව්වේය එවිටම එතනා.....
"ඉදා උබෙ රොටිය..."
හිතන්නට මත්තෙන් රොටිය සුනිල්ගෙ මුහුණේ පතිත විය...
අවසානයයි....
මන් නෙතූ.....
උපුටා ගැනිමකි
No comments:
Post a Comment