රාගයේ සාපය

#කෙටි_කතාව

බබා...😘

සුදීශ තම තුරුලෙ සිටි පෙම්වතිය මයුමී ඇමතුවෙ නලලත මුදු දෙතොල් තබමිනි...

ම්ම්ම්ම්...

පහසින් මිදෙන්නට ලෝබ කමින් මයුමි දෑස් පියානම එලෙස පවසා නැවත ඒ නිරුවත් පපුවට තුරුලු උනා...

දැන් යමුද අපි...

අනෙ තව ටිකක් මෙහෙම ඉමුකෝ...මට ටිකක් ඇගට හරි නෑ...

අපෝ මෙයා මෙ හුරතල් වෙන්නෙ ආපු පලවෙනි පාර වගෙනෙ...කෝ බබා ගිහින් වොශ් දාගෙන එන්නකෝ..තව ටිකකින් අපෙ ඩොක්ටර්කාරයා බෝඩිමට එයි
..ඌ අපි මෙහෙම ඉන්නවා දැක්කොත් අසරණ වෙයි...ඔයාව එක්ක යන්න ඕනෙ ඒ නිසා...

සුදීශ එසේ පවසා ඇදෙන් බැස මයුමිද සූදානම් වූ පසු ඇයව හන්දියෙන් බසයට ඇරලවා නැවත තමා සිටින බෝඩිමට පැමිනෙන විට ඩොක්ටර් පවන්ත රාජකාරි නිමවී ආපසු පැමිණ සිටියා ...

අඩෝ සුදේශ් උබ අදත් කෙල්ලෙක් එක්ක මේකේ ලැග්ගා නෙද ...යකෝ එහෙම හිටියා නම් මෙ කාමර අස්.කරපන් බලපන් හැටි කොට්ට බෙඩ් ශීට් හැම තැනම...

පවන්ත පැවසුවෙ මිතුරාගෙ කල් කිරියාව හොදින් දන්නා නිසාය...

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ වෛද්‍ය පීටයෙ හා ඉන්ජිනේරු පීටයෙන් එකම වසරෙ ඉගෙන ගත් පාසල් මිතුරන් දෙදෙනා මීට මාස 8කට පමන පෙර පත්වීම් ලබා රැකියාව සදහා අවිස්සාවේල්ල ප්‍රදේශයට පැමිනියෙ දෛවයේ පතා ආ විලස මෙන් මිතුරන් දෙදෙනාවම වෙන් නොකරය...

පාසල් කාලයෙ සිටම කෙල්ලන් ඇසුරු කල සුදීශ තරමක සෙල්ලකාර චරිතයකි ...උසස් පෙල නිම වූ දා සිටම කෙල්ලන්ගෙ පහස සොයා රාගය පසු  පස  ගිය ඔහු ඉගෙනීමෙ දක්ශතා නිසාම අවසන ඉන්ජිනේරුවකු වූවා...නමුත් එදා සිටම තරමක නිශ්ශබ්ද තැම්පත් චරිතයක් වූ පවන්ත විශ්ව විද්‍යාලයෙන් ඇරබි ලිහිනිගෙ ප්රෙම කතාව තවමත් එදාමෙන් ම පිවිතුරුව ගෙන යයි...

සුදීශ කෙලෙස ජීවත් වුවත් එය පවන්ත ට තර්ජනයක් නොවන නිසා ඔහු තමාගෙ පාඩුවෙ සිටියෙ සුදීශ හදන්නට බැරි එකෙකු බව දන්නා නිසායි... සතියට දෙවතාවක්වත් කෙල්ලෙක් සමග බෝඩිම් කාමරයෙ යහන් ගත වීමට සුදීශ පුරුදු වී සිටියා...

නමුත් දිනක්...

මචන් පවන්ත මට උදව්වක් ඕනෙ...

රාත්‍රියෙ එකවරම බෝඩිමට පැමිනි සුදීශ කලබලෙන් එසේ පවසා බෝඩිම් කාමරයට ඇතුල් විය...

මොකෝ සුදීශ මෙ මහසෝනා ගහලා වගෙ බය වෙලා දාඩිටත් දාලා...

අනෙ බන් මම ලොකු කරදරේක මට උදව් කරපන් බන්...උබට විතරයි පුලුවන් මට උදව් කරන්න...අනෙ මචන් ...

කවදාවත් නැතුව සුදීශ බිත්තියට බර වී හිදගෙන පවන්ත දෙස බලා පැවසුවෙ ආයාචනාත්මක ස්වරයෙනි...

ඇයි යකෝ කියපන් මොකක්ද ප්‍රශ්නෙ...මොකක්ද උනෙ...කියපන් ...මම උබට නොකරන උදව් තියනවද .

අනෙ බන් පවියෝ මම අර යාලුවෙලා ඉන්න ඒලෙවල් කරන කෙල්ල...සියුමි...

ඔව්  ඔව් අර සුදු කෙල්ල ඉතින් ඇයි..

මම උබ එපා කිව්වත් ඒ කෙල්ලව දවස් තුනක් මෙහෙ ගෙනාවා බන්...

මොකක් පොල් බූරුවෝ මම කිව්වා යකෝ තොට ඉස්කෝලේ යන කෙල්ලෝ එක්ක බුදියන්න එපා කියලා..දැන් මොකක්ද වෙලා තියෙන්නෙ කියපන්...

මචන් ඒකී බන්..

ඔව්ව් ඒකී..

ඒකී ප්රෙග්නන්ට්...

මොකක් ......

ඔව් බන් මාව අද හම්බ වෙන්න ආවා...එත් වොමිට් ආපු වෙලෙ ඉදලා... මන් බෙත් ගන්න එක්කන් ගියා එතකොට බන් දැන ගත්තෙ...

පව්කාරයා ලොකු ගෑනු උබ එක්ක ඉන්න ආවට ඒ වගෙ පොඩි උන් එන්නෙ උබට රැවටිලා යකෝ...තොට බැරි උනා ඒ කෙල්ලට ඔහොම නොකර ඉන්න ශික් මම දැන් මොකක්ද කරන්න ඕනෙ...

මම ඒ කෙල්ලට කිව්වා ගෙදරට කියන්න එපා අද ක්ලාස් එකෙදි වොමිට් වෙලා බේත් ගන්න ගියා කියලා බොරුවක් දාලා ඩොකා දුන්න බේත් බීලා ටිකක් ඉන්න කියලා මම විසදුමක් හොයා ගන්න කම්..

ඒ කිව්වෙ උබ ඒ කෙල්ලව බාර ගන්නවද බන්...ඒක හොදයි...

පිස්සුද පවන්ත අපෙ තාත්තා මාව කෑලි කපලා ගගෙ දායි මේවා දැනගත්තොත්..

තෝ තමා වැරදිකාරයා...ඒ නිසා මැරුවට කමක් නැ...උබ මෙ කෙල්ලව අනාත කරලා දාලා ගියාම කිසිම වරදක් නොකරපු ඒ කෙල්ලගෙ අම්මා තාත්තා වහ බොයි යකෝ ඒවට කවුද වගකියන්නෙ...කියපන්...

හරි හරි...උබ මට මෙ උදව්ව කරපන් මට එච්චරයි ඕනෙ..එතකොට හැමදේම හරියයි ..උබ උබ....

ඔව් කියපන්...

උබ මට මෙකීගෙ දරුවා ඇබෝශන් කරලා දෙන්න ඕනෙ...

මොකක් යකෝ තොට පිස්සුද ම..ම..ම්ම්ම් කොහොමද ඕවා කරන්නෙ...

උබ ඩොක්ටර් කෙනෙක්නෙ...උබට බැරි නම් කාටද පුලුවන්...මට බෑ කියන්න එපා බන්...බෑ කියන්න නම් එපා...මේක තමයි තියන හොදම විසදුම.....

මට බෑ යකෝ ඒ ලමයෙක්..

ලමයෙක් නෙවෙ ඒ තාම කලලයක්..

කලලයක් කියන්නෙ ලමයෙක් තමයි මිනිහෝ...

ඒ උනාට ඒ නිසා ඔක්කොමලා විනාස වෙන්න යන්නෙ මේ ප්‍රශ්නෙ විසදලා දියන්..මම වදින්නම් යකෝ...

කෙසේ හො අවසානෙ සියුමිගෙ අකමැත්තෙන් උනත් පවන්තගෙ අකමැත්තෙන් උනත් සුදීශ බලාපොරොත්තු උන දේ ඉටු උනා..

ඒත් සුදීශ එතනින් නැවතුනෙ නෑ සුදීශගෙ නරක කල්කිරියාව හින්දා පවන්තට කෙල්ලන්ගෙ අනේක විලාප සාප මැද තවත් කෙල්ලන් තවත් තුන් හතර දෙනෙකුගෙ ඉපදුනෙ නැති දරුවන් නැති කරන්න උනෙ...සුදීශගෙ පව් වලට තමන්ගෙ කරත් බාර දීලා..

අන්තිමට සුදීශ  මෙ වැඩෙ නැවැත්තුවෙ සුදීශ වැඩියෙන් ම ආදරෙ කරපු මයුමිට ඉපදෙන්න හිටපු දරුවා මයුමි  බෑ කියද්දී සිහිය නැති කරලා පවන්තගෙ අතින් හීනී තුඩුවලට ඒ කිරි කැටියා කුඩුවෙලා එලියට ආපු දුක දරා ගන්න බැරුව කලු ගග පතුලට ගිලි්ලා දිවි නසා ගද්දී..ඒ දුක දරා ගන්න බැරි උන සුදීශ අන්තිමට බෙල්ලෙ වැල දාගත්තෙ රටෙ මිනිස්සුන්ටත් මූන දෙන්න බැරි කමට...

###############

වසර 3කට පසුව...

ලිහිනි මම ගිහින් එන්නද එහෙනම්..පරිස්සමට ඉන්න...

කසාද බැදලා වසර දෙකක් විතර උන ලිහිනී පවන්තයි ආසාවෙන් බලන් ඉන්නෙ මාස 8ක් සපිරෙන්න තියන ලිහිනිගෙ මෝරපු  කුස තුල ඉන්න පුන්චි පැටව්  දෙන්නා එලියට එනකම්..

හරි පවන්ත ඔයා පරිස්සමට බුදු සරනයි ..

බුදු සරණයි තුන් දෙනාටම..

පවන්ත එහෙම කියලා ලිහිනිගෙ කුස සිපගෙන රෝහලට පිටත් උනා...

==============

පුතෙ අනෙ ඉක්මනට එන්න අපි ඉස්පිරිතාලෙ ඉන්නෙ...දුවට ආමරුයි පුතෙ...

නොහිතපු වෙලාවල පවන්තට ආපු අම්මාගෙ හැඩුම් මුසු දුරකතන ඇමතුම නිසා පවන්ත ඉක්මනට ලිහිනි සිටි රෝහල් කාමරයට ගියා..

නමුත් ඒ වනවිටත් ලිහිනි ඔපරේශන් එකට අරන් ඉවරයි..

අනෙ අම්මෙ ඇයි මෙ අඩන්නෙ...එයාට ගොඩක් අමාරුයි ද..

අනෙ පුතේ දුව...දුව පඩිපෙලින් වැටුනා..

මොනවා එයා මොකටද දෙවියනෙ පඩිපෙල නැග්ගෙ..

අනෙ මන්දා මගෙ පුතෙ මෙ කෙල්ල..බේර ගන්න මගෙ පුතෙ...

එකවරම පුටුවෙන් නැගිට ගත් පවන්ත තියටර් එකට යන්නට උත්සහ කරත් ඔහුට එයට අවස්තාව හිමි වුනෙ නෑ...

සොරි ඩොක්ටර් පවන්ත අපිට තුන්දෙනාවම බේර ගන්න බැරි උනා..අපිට හිතා ගන්න බැරි විදියට වයිෆ්ගෙ බඩට ඩැමෙජ් වෙලා..ඒ වගෙම ඔලුව පැලුන එකෙන් ගොඩාක් ලේ ගිහිල්ලා ...වී කාන්ට් ඩූ.එනිතින් ...සොරී...

ජිවීතෙ පැතුම් ඔක්කොම එක පැය ගානකදී සුනු විසුනු වෙලා යද්දී පවන්තට දෝන්කාර දෙමින් ඇහුනෙ...පුන්චි කැකුලු තුඩින් තුඩ එලියට අරගෙන ඒ ජීවිත විනාශ කරද්දී ඒ කෙල්ලන්ගෙ සාප අදෝනාව...පැයක් පමන මනසත් එක්ක පොර බැදලා හඩලා වැලපුන පවන්ත හිමින් සැරෙ වෙව්ලන දෙපා වලින් ලිහිනි ලගට යනකොට දැක්කෙ ඇගෙ අතින් බිමට වැටිලා තුබුන හුරු පුරුදු කොල කෑල්ල...

එය එදා සුදීශගෙ අතින් අනාත උන මයුමිගෙ අවසන් ශෝක අදෝනා ලිපිය බව හදුනා ගන්න පවන්තට වැඩි වෙලා ගියෙ නෑ...තමන් ඒ මරනෙට වගකින්න ඕනෙ විදිය හරි අපූරුවට ලියවිලා තිබුන ඒ ලියවිල්ල දැක්කට පස්සෙ ඒක දරා ගන්න බැරුව අවසිහියෙන් පඩි බැහැපු ලිහිනිගෙයි දරු පැටවුන්ගේ මරනෙටයි අවසානෙ නීතීයෙන් නොවුනත් සදා කලිකවම මනසින් මානසික රෝහලෙ කාමරයක් ඇතුලට වෙලා විදවන්න පවන්තට සිද්ද  උනා..

ඒ ලිපියෙ තිබුන අන්තිම වාක්‍ය ..

"මාවයි මගෙ කිරිකැටියවයි මරා ගත්ත උබට උබෙ දරුවයි ගෑනී දෙන්නම නැතුව සදාකලිකවම මැරි මැරි ජීවත් වෙන්න වෙනවා පවන්ත"

සිතන්නට යමක්...

නිමි....

සචිනි පෙරේරා
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment