පමා වී ආ වසන්තේ

පමාවි ආ වසන්තය
(75 වෙනි කෙටි කතාව)

මොකද දරුවෝ ඔය අඩන්නේ..
අදත් අරු එක්ක වලියක් දාගත්තාද?

අනේ නෑ අයියා . ඇහැට සතෙක් ගිහින් වගේ
එකයි මේ...  කදුළු ආවේ...

එහෙමද? හා නංගී.. එහෙමනම් අර ටැප් එකෙන් වත් මුණ හෝදගන්න.
ඔහොම ඉන්නකොට කට්ටිය හිතයි ඔයා අඩනවා කියලා..

හ්ම්ම් හා අයියා..
ඔයා ක්ලාස් යන්නේ නැද්ද?
සුධීර අය්යා නම් ගියා...
මට අද ක්ලාස් එක කැන්සල්..
දැන් එනකන් ඉන්නේ...

හරි නංගි.. මම ඌට කියන්නම්..
ඉන්ටවල් එකේ හරි එවිනේ

නෑ නෑ එපා අයියා..
අද ටෙස්ට් එකක් මොකක්ද තියනවා කියලා කිවා.
ඉතින් එක කරන්න ඕනෑමයි කිවා..

කාටද නංගි ඔය බොරු කියන්නේ.
සුධීර කියන්නේ මගේ යාලුවා.
ඌ ඔයාට ආදරේ නෑ කියලා ඔයා දන්නවා වගේම මමත් දන්නවා
බොරුවට ක්ලාස් ඇරෙන වෙලාව වෙනකන් මෙතන බලාන ඉන්න එපා
ගෙදර යන්න
අද ඔයාව මුණ ගැහෙන්න සුධීර එන එකක් නෑ

අනේ ඔහොම කියන්න එපා වත්සර අයියා.
මට සුධිරගෙන් තොර ජිවිතයක් නෑ
මම ගොඩාක් ආදරෙයි සුධීර ට

-------------------------------------------------

සුධීර අයියා ඔයා කොහෙද ඉන්නේ..
මම තාම ගෙදර ගියේ නෑ
අද ක්ලාස් තිබුනේ නෑ මට

අහ්හ් ඇත්තද ?
කොහෙද මොන කොල්ලා එක්කද හිටියේ

මොනවාද අයියා කියන්නේ.
ඔයා දන්නවනේ මම ආදරේ
මගේ හැමදෙම ඔයා කියලා
ඔයාගෙන් තොර ජිවිතයක් නෑ කියලා

අනේ අනේ මේ නවත්වගන්නවා
කියවන බණ.. කියලා තියනවනේ
මට ඕවා කියවන්න එන්න එපා කියලා
මට දැන් තමුසෙව එපා වෙලා තියෙන්නේ වරුණි

ඇයි අයියා
මම  මොන වරදක් කලාටද?
මම මේ කොස් එක කරන්න පටන් ගත්තෙත් ඔයාට මාව මිට් වෙන්න ඕනා කියපු හින්දා
දැන් මට එකට යන්න ආසාවකුත් නෑ
ඔයාට මාව එපා වෙලා කියන්නේ ඇයි
මම මගේ හැමදේම ඔයාට දුන්නානේ..
ඔයාගේ අතින් ගැහැනියක් උනේ ඔයාගෙන් ඔහොම අහන්න නෙමේ රත්තරන්

අනේ මේ.. ඇති කිවා නේද?
මම තියනවා.
මට වැඩ තියනවා.
කෝල් කරලා එහෙම වද දෙන්න එපා..

--------------------------------------------------

තාම ඔයා මෙතනද ගියේ නැද්ද දරුවෝ...
අද සුධීර ක්ලාස් එකේ හිටියේ නෑ
දැන් රෑ වෙන්නත් ඇවිත්..
හොද ළමයා වගේ ගෙදර යන්න දැන්

අනේ මට බෑ අයියා..
ඔයා යන්නකෝ.
මට මෙහෙම ඉන්න ඕනා

--------------------------------------------------

ඔයා තාම මෙතන ඇයි අයියා...
ගෙදර ගියේ නැද්ද?

ඔයාව ඔතන දාලා කොහොමද දරුවෝ යන්නේ..
අද කාලේ ඇහෙන දකින දේවල් එක්ක..
කෙල්ලෙක් ඔහොම තනියම මේ වගේ තැනක ඉන්න එක හොද නෑ

අනේ ඉතින් ඔයා මොකටද ඉන්නේ..
මට මොනවා උනහම මොකද?
මේ ලෝකේ කාටවත් මගෙන් ඇති වැඩක් නෑ.
ඉතින් මොනවා උනහම මොකද?
දැන් මම අවලංගු කාසියක් වෙලා

විකාර කියවන්නේ නැතිව ගෙදර යනවද වරුණි
ජිවිතේ වටිනාකමක් නැති අයගෙන් ඈත් වෙලා
ජිවිතේ වටිනාකමක් දෙන අය එක්ක ජිවත් වෙන්න එතකොට ඔය කියන විදිහේ දේවල්
වෙන්නේ නෑ

අනේ සොරි අයියා.
ඔයාට ඒවා කියලා වැඩක් නෑ
ඔයාට වදයක් උන එකට සොරි..
මම දන්නවා... සුධීර ට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා
මාව දැන් වදයක් කියලා දන්නවා
ඉතින් ඒ හින්දා දුකට කියවුනේ...
සොරි.... ගොඩාක්

හරි එකට කමක් නෑ දැන් යමුද?
මෙතන රෑ එලි වෙනකන් ඉන්න බැහැනේ..

අහ්හ්හ්... මම කිවේ නැද්ද?
තමුසේ මු එකක කොහේ මගුලක්ද ගියේ..
දැන් වෙලාව කියාද බලනවා..
එක එකා එක්ක මගුලේ ගිහින් තව නිකන් කතා කරන්නේ පත්තිනි අම්මා වගේ
අනේ වදින්නම් ඕන එකෙක් එක්ක යනවකෝ..
මටත් ඕනා තමුසෙගෙන් නිදහස් වෙන්න.

සුධීර... කට තිබ්බ පලියට කියවන්න එපා...\
මෙතන ඔය හිතෙන දෙයක් වෙලා නැ
කෙල්ල තමුසේ එනකන් පාක් එකට වෙලා බලාන ඉන්නකොට දැක්කේ.
රෑ වෙලා තනියම යවන එක නංගි කෙනක් ඉන්න අයියෙක් විදිහට කරන්න බැරි හින්දා මම
තනියම එවන්නේ නැතිව ආවේ තනියට

අනේ මේ වත්සර.. උබ මෙතන  දෙන්නේ නැතිව ඉන්නවද?
මම කිවේ මේකිට.
මගෙන් ඈත් වෙලා යන්න කියලා
මට මොනිකා එක්ක ඉන්නත් නැත්තේ මෙකි හින්දා....

අනේ අයියා... ඇයි ඔහොම කියන්නේ...

මේ අඩන්නේ නැතිව යනවද මගුල....

--------------------------------------------------

වරුණි නංගි....
මෙහෙම කියනවට වැරදියට හිතන්න එපා
ඔයා බොරුවට ඔය දේවල් ගැන හිත හිතා ඉන්න එපා
තේරුමක් නැහැනේ.. දුක් විදින්න ඕනි නෑ
ඔය දේ අමතක කරලා දාන්න

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියලා හිතන්න එපා.
කැමති නම් පුලුවන්නම් ඔය ජිවිතේ හැමදාටම දෙන්න මට

වත්සර අයියා..
මොනවද ඔය කියන්නේ
සුධීර අයියාට මම ගොඩාක් ආදරෙයි
මට අමතක කරන්න බෑ මොනවා උනත්

කමක් නෑ නංගි
මට හදිසියක් නෑ
ඔයා ඇති තරම් කාලේ ගන්න
අරගෙන කියන්නකෝ
මම බලාන ඉන්නම්

------------------------------------------------

(වසරකට පසු )

අයියා.... මට ආයේ දුක් විදින්න බෑ
මම ජිවිතේ ඇති වෙන්න දුක් වින්දා
ඒ වගේම තව දෙයක් මට ඔයාට හංගන්න ඕනා නෑ
සුධීර එක්ක උන දේවල් ඔයා දන්නවනේ
මම ඔයාට කීවානේ
අනේ ප්ලීස්... මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න නම් එපා
එහෙමනම් දැන්ම මේක ගැන කතා කරන එක නතර කරමු

අවුරුද්දක් බලාන උන්නේ ඔයාව එහෙම නැති කරගන්න නෙමේ වරුනි
මම ඔයාට ඇත්තටම ආදරෙයි
පරණ දෙවල් අපි කතා නොකර ඉමු...
අලුත් ජිවිතයක් පටන් ගන්න පරන දේවල් ඕනි නැ

කාලය හෙමින් ගෙවිලා ගියා.. හිතුවටත් වඩා ආදරෙන් මාව බලාගන්න
ආදරේ කරන්න වත්සර අයියාට පුළුවන් උනා.
ගෙවල් වල ආශිර්වාද එක්කම අපි අපේ වෙන්න හැමදේම ලෑස්ති කලේ
ජිවිතේ ආදරේ හින්දා දුක් විදපු කාලේ වෙනුවෙන් ගොඩාක් දේවල් විදවලා
මට උරුම ආදරේ මගෙම කරගන්න

අයියා...

කියන්න මගේ නඟා...

දැන් ඔයා මාව බදිනවද මගේ අයියා..
මම වගේ කෙල්ලක් ඔයාට ගැලපෙනවද?

මොනවද සුදු නංගි කියන්නේ
මට ඔයා ඇරෙන්න වෙන කෙනෙක්ගෙන් වැඩක් නෑ කියලා ඔයා දන්නවනේ

ආදරෙයි අයියා..
මට ගොඩාක් සතුටුයි...
පමාවෙලා හරි මට ආදරේ කරන කෙනෙක් ලැබුන එක ගැන

ඒ ආදරේ සදාකාලිකයි මගේ නංගියෝ..

------------------------------------------------

වරුනි....
කොහෙද ඉන්නේ... මට හම්බවෙන්න ඕනා
මට ඔයාගෙන් සමාව ගන්න ඕනා..
මට ඔයාව ඕනා...

සුධීර.. ආදරේ කියන්නේ ඕන වෙලාවට ලගට ගන්නයි
එපා වෙලාවට විසිකරලා වෙන අය ලගට යන්නයි..
ආදරේ කියන්නේ එහෙම දෙයක් නෙමේ.
අනික මට මගේ ජීවිතේට වඩා ආදරේ කරන කොල්ලෙක් ඉන්නකොට ආදරේ
සෙල්ලමක් කරගත්ත කෙනෙක් එක්ක කතා කරන්නවත් කැමති නෑ මම

අනේ වරුනි.. මට ඔයාව ඕනා..

පොඩ්ඩක් ඉන්න මම දෙන්නම් මගේ අයිතිකාරයට...

හෙලෝ ..... මොකද සුධීර...
වත්සර කතා කරන්නේ
මමත් උබට කතා කරන්න උන්නේ..
මේ තරම් රත්තරන් කෙල්ලක් මට දුන්න එකට
ආදරේ තමා ගොඩාක් වෙලාවට මිනිසුන්ට ජිවිතේ ගැන බලාපොරොත්තු අරගෙන එන්නේ
උබ ආදරේ එක්ක සෙල්ලම් කල එකට විදවන්න කාලයක් එනවා කියලා මම දැනගෙන උන්නා
ලබන සතියේ අපේ වෙඩින් එක උබත් එනවනම් වරෙන්..

සදරු - Devaka Sadaruwan

*අපි ආදරේ කරන අයට අපිව වටින්නේ නැති වැදගත් නැති චරිත වෙන්න පුළුවන්. ආදරේ වෙනුවෙන් අපිට බලාගෙන ඉන්න පුළුවන්. එත් අපේ ජිවිතේ එක්ක කරන්නේ  සෙල්ලමක් නම් ආදරේ කියන්න දේ එක්ක අපිට ආදරේ කරන අය ලග නතර වෙන එක සාමාන්‍ය දෙයක්. හැමෝම කැමති ආදරේ විදින්න මිසක්.. විදවන්න නෙමේ.. හැමෝටම ආදරේ විදින්න ලැබෙන ජිවිතේ සතුටින් පිරුන දවසක් වේවා *
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment