❤❤❤අත්තටු සිදුනා❤❤
"අඩෝ...අඩෝ....ඒ...කවුද බං මෙි ඉන්න කෑල්ල....."
"ආපෝ....ඕකි චාටර් බං..."
"ඕකිගෙ ඇඩ් එක බං...."
"එක මට වැඩක් නෑ.....ජෝක් එකට කරන්න වගෙ හොදයිනෙ.....මට නම්බර් එක දියන්කො...."
"නම්බර් එකනම් දෙන්නම්....හැබැයි මම දුන්න කියන්න එපා හරි...."
"පිස්සුද පිස්සුද මචාං....උබ මගෙ එල බොක්කනෙ.....එහෙම කරනවද මම උබට....ආ....."
"හා...හා...ඔන්න එහෙනම්....071- 659****"
"අෆ්ෆා....එල එල....මම ගෙදර ගිහින් හෙට දිහාට මැසෙජ් එකක් දාල බලන්නම්......කොල්ලෙක් ඉන්නවද බං එකිට....."
"ඉස්සර නම් හිටියා.....ඕකි clz එනවනෙ දැන් හැමදාම....මන් හිතන්නෙ දැන් එක ඉවර ඇති...."
"ඒ මොකක්ද බං ඒ හරුපෙ....එකි එතකොට ඉස්සර clz ආවෙ නැද්ද...."
"ආව...ඒ මාසෙටම එක දවසයි....."
"අෆ්පා....එනම් හොද ඩයල් එකක් තමා...."
එදා අපට physics clz දවස.ඇතුගල පාමුලට වෙන්න තිබුන හොල් එකේ තමා clz තිබුනෙ....දවල් 1.00ඉදල හවස 5.00වෙනකන්.එපාම කරපු වෙලාව තමා ඒක...මොකද ඉතින් ඇතුගලත් රත්වෙලා නිසා එකේ රස්නියත් අපටමනෙ එන්නෙ.අනික ඉතින් කුකුල් කොටුව වගෙ ක්ලාස් එකේ ළමයි 1500ක් විතර හිර වෙලා.එක ඩෙස් එකේ හතක් අටක් වාඩි වෙලා ඉන්න නිසා එපා වෙලයි තිබුනෙ.අපි නම් ඉතින් ඔය අනිත් අය වගෙ ඉස්සරහට යන්න දැගලුවෙ නැ....පිටිපස්සට වෙලා ආතල් එකෙ ඉදගෙන ඉන්න තමා ට්‍රයි කරේ.ඒ ඉන්කොට ඉතින් වැඩක් නම් කෙරුවෙම නැ....එක්කො කට්ටියම එකට සෙට් වෙලා ෆිල්ම් බලනව,නැත්තන් කයිය ගහනව....සර්ටත් වැඩිය ගානක් නැ....මොකද එයාට වැදගත් ලමයා කාඩ් එක ගන්න එක විතරනෙ....ඔය වෙලාවෙදි තමා මගෙ යාලුවො ටිකක් එයාලගෙ ඉස්කොලෙන් ගියපු ට්‍රිප් එකක ෆොටෝ ෂෙයා කර කර හිටියෙ.....ඒ ෆොටො වල හිටපු කෙල්ලෙක්ට මගෙ හිත ඇදිල ගියෙ අවුරුදු 19ක් වෙලත් තවම තනිකඩයා වගෙ හිටපු නිසාමයි.ඊට පස්සෙ තමා මන් යාලුවගෙන් ඒ කෙල්ලගෙ නම්බර් එක ගත්තෙ.එයාල ඉතින් මිශ්‍ර ඉස්කොල නිසා නම්බර් හැමොම ගාව තිබුන......
****************************************************
Me : hi...
Tharu : hi...kaud me???
Me : Mn oyage yaluwek....
Tharu : kaud kynnako itn...
Me : apo...nam qwoth oya aya ktha krnneth ne.....
Tharu : ehenm sry.bye...
Me :ane...ane...ho...ho....yanna epa...ohom inna.
Tharu : me thamuse kaud kynw....
Me : mm dilshan
Tharu :kaud dilshan kynne.mm dnne.plz mt msg krl krdr krnna epa....
Me : ane ehem kynna epa itn...
ටික දවසක් ඔහොම මැසෙජ් කරන් ගියා....පස්සෙ ඉතින් අපි හොදම යාලුවො උනා....එයාගෙන් මම කොච්චර යාලුවෙන්න ඇහුවත් එයා කිවෙි අපි යාලුවො වගෙ ඉමු කියලයි.....එත් ඉතින් එයාගෙ හිතෙත් මන් ගැන අදහසක් තියනව කියල මට තේරුන නිසාම මමත් දිගටම මැසේජ් කරා.එයා මට එයාගෙ කලින් හිටපු bf ගැන ගොඩක් දේවල් කිවා.....මන් ඉතින් එ දෙවල් ඉවසන්අහන් හිටියෙ එයා මට ආදරෙ කියල කියනකන්.....කොහොම හරි ඉතින් exam එකට මාස දෙකකට කලින් එයා මට කැමති කිවා......
කාලයක් ගෙවිල ගියා....මට කොහොමත් 1st shy එකෙ නටපු පිස්සු වල හැටියට මෙඩිසින් යන්න බෑ කියල තේරුන නිසාමයි මම ආයෙත් පාරක් exam කරන්න clz යන්න පටන් ගත්තෙ.....මම යන හැම clz එකකටම වගෙ තරුෂිකාත් ආව.මොකද අපි දෙන්නම කරේ එකම සබ්ජෙක්ට් නිසා.....අපි ඔහොම කාලයක් ආදරෙන් ඉන්නකොට තමා මුලදි ජෝක් එකට ආදරෙ කරන්නම් කියල පටන් ගත්ත ලව් එක ටික ටික සිරියස් වෙන්න ගත්තෙ.ඒත් එක දවසක්.....
"අනේ දිල්ෂාන්.....මෙි බලන්නකො....අද අරූ එනවලු ටවුන් එකට.මට ඌව හම්බෙන්න එන්නලු....මට බෑ අනේ ඌව හම්බෙන්න යන්න...."
"අයියො....ඉතින් ඔයා බෑ කියන්න....එතකොට ඉවරනෙ...."
"බෑ කිවොත් අපේ ගෙදරට ඌ ෆොටො යවයි...."
"මොන ෆොටොද????"
"එක දිග කතාවක් දිල්...."
"ඔයා මාව කවදාවත් දාල යන්නැ නේද ....ප්ලිස් කියන්න...."
"අනේ නෑ රත්තරන්....මම කවම දාවත් ඔයාව තනි කරන්නෑ.....ඔයා මගෙ විතරයි...."
"අනේ මට සමා වෙන්න දිල්....මට ඔයා අතින් ඉදුල් වෙන්න තිබුන හැම දේම අරූ මගෙන් බලෙන්ම ගත්ත.....ප්ලිස් මාව දාල යන්න එපා....."
"හම්ම්ම්ම්ම්.....එහෙමද.....නැ...කවදාවත් දාල යන්නැ....මට ඕන ඔයා විතරනෙ....."
"ආදරෙයි දිල් මම ඔයාට හැමදාටම...."
"මාත් ආදරෙයි මැනික...."
එදා මම දිල්ට මගෙ හැමදේම කිවෙි දිල්ව ගොඩක් විස්වාස කරලයි......මට මගෙ කලින් bf එවපුමැසේජස් ,ෆෝටො වගේ දිල්ට පෙන්නුවෙි මම දිල්ව ගොඩක් විස්වාස කරපු නිසාමයි....එත් මගෙ ඒ තිබුන විස්වාසෙම තමා මාව විනාශ කරෙත්.මොකද ඒ දෙවල් එක දෙක දිල්ට පෙන්නනකොට දිල් ගොඩක් වෙනස් උනා වගෙ දැනුන....එත් ඒ හැම දේම මම ඉවසන් හිටියෙ මට වෙන කිසිම කෙනෙක්ගෙ පිහිටක් නැති නිසාමයි.....
"මැණික.....අද අපි ෆිල්ම් එකක් බලන්න යමුද....."
"ඒත් අද ක්ලාස්නෙ....."
"අයියො....ක්ලාස්නම් හැමදාම යන්න පුලුවන්නෙ....හරි හරි ඔයාට මාත් එක්කනෙ එන්න බැරි නෙ.....අරු කතා කො නම් එක පයින් කැමති වෙයි....."
"අනේ ඇයි දිල් මෙි....ඇයි ඔයා එහෙම කියන්නෙ ..."
"ඇයි තමා....මාව තේරුම් ගන්න බැරි නම් අපි මෙික නවත්තමු...."
"නැ...නැ....හරි...හරි....යමු යමු....මම එන්නම්...."
මුලදි මාසෙටම එක දවසක් විතරක් අපි දෙන්නම බයො ක්ලාස් එක කට් කරේ දිල්ගෙ උවමනාවටමයි....මට නම් ඕන උනේ කොහොම හරි කලින් කරපු වැරදි හදාගෙන දිල් එක්ක සතුටින් ජිවත් වෙන්ඩ විතරමයි.....එත් ඉතින් ඒ හැම දේම වෙනස් උනේ මගෙ අවංක වැඩි කම නිසාමයි......මම හන්ගන්නැතුව හැම රහසක්ම වගෙ දිල් එක්ක කිව දේ තමා මට වැරැද්ද උනෙ.....මුල් දවස් වල අපි හම්බුනෙ අපට clz තිබුන දවස් වල විතරයි.....පස්සෙ එයා ජිම් එකකට යන්න පටන් ගත්ත නිසා මමත් එයාව දකින්න ඕන නිසාම තාත්තට කිලය ඉංග්‍රිසි කෝස් එකක් කරන්න ගියෙ ඉංග්‍රිසි ඉගන ගන්න තිබුන ආසාවට නෙවෙි.මට දිල්ව එතකොට දකින්න පුලුවන් වෙන නිසාමයි.....මම පිස්සියක් වගෙ දිල්ට ආදරෙ කරෙ වැරදුන මගෙ ජිවිතේට ඇවිත් මාව බාරගෙන දෙවි කෙනෙක් වගෙ මාව බලා ගන්න දිල් කැමති උන නිසාමයි......
****************************************************
"දිල්....හෙට මට ක්ලාස් නෑ....ඒත් මම එනව....මට ඔයා දකින්නැතුව ඉන්න බෑ දැන්...."
"හමිම්ම්ම්ම්.....හරි...හරි.......මටත් හෙට ජිම් එකට යන්න නැ....ආය අනිද්ද තියෙන්නෙ....මම එන්නම් ඔයාව හම්බෙන්න මැනික....."
"හම්ම්ම්ම්ම්.....හා...හරි හරි පැටියො...."
එදා අපි එහෙම කතා උන නිසාම මම මගෙ කොල්ලව හම්බෙන්න යන නිසා වෙනදට වඩා ටිකක් ලස්නට ඇදගෙන හයිවෙස්ට් ඩෙනිම් කලිසමයි එකට මැච් වෙන බිලවුස් එකයි ඇදල හීල්ස් දාල පොඩි මෙිකප් එකකුත් දාගෙන ගියෙ මගෙ කොල්ලව හම්බෙන්න යන නිසාමයි.අනික අද අපට ක්ලාසුත් නැති නිසා තවත් ටිකක් ලස්සන වෙලයි ගියෙ.....
Dil : ptyo....mm awith inne menika
Me: koi hriyed inne wasthu....
Dil : mn me fuji hut eka gawa.oya khd
Me :mth etn ne inne.ko oya...
Dil : mm me BVD 0672 number eka tyn bike eke....
Me : ah hri...hri...mm dkka.inna ennm...
"අලෝ බබි....කොමද ඉතිමි...."
"අහ්...අම්මො......තරූ....ඔයා....අදුරගන්නත් බැ....මාරම ලස්සනයි මැණික ඔයා නමි....."
"ආ....ඇත්තද මැට්ටො....."
"මෙි අපි අද කොහෙ හරි යමුද....මම බයික් එක ගෙනාවෙත් කොහෙ හරි යන්න හිතාගෙන....."
"කොහෙද යන්නෙ අපි...."
"මට මගෙ කෙල්ලගෙ ලස්සන බලන්න ඕන......ප්ලිස්....බෑ කියන්න නම් එපා....අද අපි රූම් එකකට යමු.....අනික මම ඔයාව මැරි කරනවමනෙ රත්තරන්...."
"අනේ දිල් ඒත්....."
"ඕන්න....ඕන්න.....ඉතින් පටන් ගත්නෙහයෙන් අඩන්න...."
"අනේ ප්ලිස්....තේරුම් ගන්න මාව...."
"එනම් අපි මෙික නතර කරමුද....ඇ...මොකද වෙන උන් එක්ක ඉන්න පුලුවන්....මැරි කරනව කියල පොරොන්දු වෙච්ච මම එක්ක බැ...."
"අනේ.....එත්...."
"ඒත්....මෙිත්....නෙවෙි.....හාද....බෑද.....එච්චරයි....බෑනම් මගෙ ගැන තියන ආදරෙත් අයින් කරගන්න...."
"හම්ම්ම්ම්....හම්ම්ම්ම්ම්.....එත්....අනේ මන්ද...."
එදා ඉදන් දිල් මාව එයාගෙ ඕන එපාකම් පිරිමහගන්න එයාට ඕන වෙලාවට එක්කන් යන්න පුරුදු උනා....මාත් මගෙ හැමදේම එයාට දුන්නෙ මගෙ අසරන කමයි මට වෙන කරන්න දෙයක් නැති නිසාමයි.........දිල් මගෙ තිබුන අසරකෙමෙන් උපරිම ප්‍රයොජන ගත්ත.....එහෙම කාලයක් යනකොට තමා දිල්ෂාන්ලගෙ ගෙදරට අපි ගැන ආරන්චි වෙලා තිබුනෙ.එයා එන්න එන්නම වෙනස් උනා.....ඉස්සර දටෙ මැසේජ් 100ක් 200ක් දාපු කෙනා දැන් මම දාන මැසේජ් කියවල රිප්ලයි නොකර ඉන්නව.....කොල් ගත්තත් ආන්ස කරෙ නැ.....අන්තිමටම මගෙ නම්බර් එක බිසි කරලයි තිබුනෙ....වෙනදට ක්ලාස් වලදි මට එහා පැත්තෙන් වාඩි උන කෙනා දැන් ඉස්සරහටම ගිහින් ඇතින් වාඩි වෙලා ඉන්නෙ.....මුනට හම්බුනත් අදුරන්නැ වගෙ යන්න ගත්ත.එත් දවසක් මම එයා යනකොට එයාගෙ අතේ එල්ලිලා......
"අනේ ඇයි දිල් මෙි.....ඔයාට මාව එපාද...."
"මොන මගුලක්ද හලො....පලයන්කො වද නොදි....එක එකා එක්ක බුදියල එනව මගෙ ඇගේ එල්ලෙන්න....."
"මන් වෙන කා එක්වත් ගියෙ නැ දිල්...."
"මෙි අතැරපන් මාව....උබෙයි මගෙයි එෆෙයා එකක් තිබුනෙත් නැ....තියෙන්නෙත් නැ...."
"අයි දිල් මෙි...."
මන් පිස්සියක් වගෙ අඩ අඩා එයාගෙ පස්සෙන් ගියත් එයා මාව ගනන් ගත්තෙම නැ....එයා මගෙ කනටත් ගහල මාව පැන්නුවෙි
"වටෙි ගිය එකියක් මම බදින්නැ හලො කියලයි"
මම වචනයක්වත් නොකියා ඒ හැම දේම ඉවසන් ආවෙි මගෙ තිබුන අසරන කම නිසාමයි......එයා exam කරල මෙඩිකල් ෆැකල්ටි ගිහින් දැන් ඩොක්ට කෙනෙක්ව මැරි කරල සතුටින් ඉන්නව.....එත් මම හැම දේකින්ම පැරදිලා.දිල් එයාගෙ යාලුවන්ටත් මගෙ නම්බර් එක දිලා.දැන් මට මගෙ ජිවිතේම වැරදිල ඉවරයි.කොච්චර වෙනස් වෙන්ඩ හැදුවත් සමාජය මට එකට ඉඩ දෙන්නෙ නැ....විවාහ යොජනා ආවත් එයාලට බොරුවක් කරන්න බැරි නිසා ඇත්තම කිවම එයාල අකමැති වෙලා යන්නම යනව.
වෙලාවකට මැරෙන්න තරම් දහසකුත් එකක් ප්‍රශ්න තිබුනත් ජිවත් වෙන්නෙ දෙමාපියන්ට තවත් දුකක් දෙන්න බැරි නිසාමයි.
ලියන්නෙ : දුෂාන්
#Dushan D Ekanayake
#සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කල නිර්මානාත්මක වැයමක්.
නම් ගම් මනඃකල්පිතයි.
#කතාවෙ ඉන්න දිල් කවුද අහල එයාට ශාප කරල පව් පුරවගන්නත් එපා.තරූ කව්ද කියල අහල එයාට මොඩ වැඩ වලට බනින්නත් එපා.මොකද දැන් තරූ අසරනයි.අවන්කව ආදරෙ කරන්න ගිහින් දැන් ජිවිතේ වරද්දගෙන ඉන්න තරූ වගෙ කට්ටිය ඕන තරම් ඇති.කියන්න තියෙන්නෙ ඉතින් එක දෙයයි.අවන්කව ආදරෙ කරන්න.ඒ ආදරේ වටිනාකම දන්න හදවතකට.නැත්තන් වෙන්නෙ හැමදාම විදවන්න.කෙල්ලෙක්ට ජිවිතේ එක පාරක් හරි වැරදුනොත් ඒ කෙල්ලගෙ අසරන කමෙන් ප්‍රයොජන ගන්ඩ බලන් ඉන්න කුහක මිනිස්සුන්ගෙන් පිරිච්ච සමාජයක් මෙික.ආදරෙ කරන්න.ආදරේ විදින්න.එත් ආදරෙ විදින්න ගිහින් විදවන්න එපා.
උපුටා ගැනීමකි
No comments:
Post a Comment