පසුතැවෙමි මා

#කෙටි_කතාව

#පසුතැවෙමි_මා

උබ මෙහෙම ඉදලා හරියන් නැනෙ කෙල්ලෙ ගමෙ උන් මේවා දැන ගත්තොත් මොනවා නොකියයිද...උබලගෙ හිතුවක්කාර කම් වලට අපි එදත් දුක් වින්දා අදත් දුක් විදිනවා...අපිටත් මෙ මිනිස්සුන්ගෙන් කතාවක් නාහා පාඩුවෙ ජීවත් වෙන්න ඕනෙ...අර මනුස්සයා තවත් ලෙඩ කරන්නෙ නැතුව උබ ඉක්මනට තීරනයක් ගනින්...උබ ගැන නෙවෙ මෙ කිරි සප්පයා ගැන හිතාපන්..ඒකිට යන කල දසාවක් තියෙන්න ඕනෙ...උබලාගෙ වැරදි වලට මෙ පොඩි එකී පලි නෑ...

මලීගෙ අම්මා තොරතෝංචියක් නැතුව කියවන් ගියෙ හිත පතුලෙ කැකෑරෙන වේදනාවට...ඒත් මලී බලා ගත්තු අත බලාන කල්පනා කර කර හිටියෙ යට ගහන්න බැරි ඒ අතීතෙ ගැන...අවුරුදු 1 මාරක් වගෙ වෙච්ච පොඩි දූ සෙව්වන්දිව ඔඩොක්කුවෙන් අතට ගත්ත මලීගෙ අම්මා පොඩි කෙල්ලත් එක්ක ගෙට ගියෙ අසිහියෙන් වගෙ එලිපත්තට වෙලා කල්පනා කර කර හිටපු මලීව එතන තනි කරලා..

****-********************

ආ මලී අනෙ සොරි ඉතින් පොඩ්ඩක් පරක්කු උනානෙ පැටියෝ...

අනෙ යන්න තෙරුන් අයියෙ ඔයා හැමදාම ඔහොම්මයි කවදද කියන්නකො ඔයා වෙලාවට වැඩක් කරෙ මන් මෙ පන්තිත් නොයානෙ මෙතන හිටියෙ ඔයා ඔහොම පරක්කු උනාම මට හැමදේම පාඩුයිනෙ මන් තරහයි ...

අනෙ මනික ඇයි ඔයා ක්ලාස් කට් කරෙ කවුද එහෙම කරන්න කිව්වෙ මන් ඔයාට කියලා තියනවා පන්ති යන්න කියලා ...පන්ති යන්න පාඩම් කරන්න ඊට පස්සෙ කැම්පස් එන්න මාත් ඉන්නවා රුහුන කැම්පස් එකට මගෙ කිරිල්ලි මන් ඉගිලෙන්න කලික් රුහුණු අහසට ඉගිල්ලිලා එනකම්...ම්ම්...කෝ...

එහෙම කියලා තමන්ට පිටුපාලා ඇල පාරට රව රව හිටපු කෙල්ලව තමන්ගෙ පැත්තට හරව ගත්ත තෙරුන් හරි පරිස්සමට ඒ තොල් වලට බර උනා...මොහොතක් ඒ පහසට අවනත වෙලා හිටපු මලී එක පාරටම ඒ තොල් වලින් ඈත් උනෙ මුනට ආයෙත් තරහක් මවාගෙන...

අනෙ යන්න තෙරුන් අයියෙ ඔයා හරියට ඕක හැමදාම කියන්නෙ මම කැම්පස් ආවෙ නැත්තන් ඔයා මාව දාලා යනවා වගෙනෙ..ඔව් ඉතින් කොහොමත් කැම්පස් ගිහින් ලොක්කෙක් උනාට පස්සෙ ලොකු මුදලාලි මහත්තයා එයාගෙ එකම පුතා තැපැල් කන්තෝරුවෙ වැඩ කරන පියදාසගෙ එකට දුවට දෙයිද ඒකිත් කැම්පස්වත් නොගියොත් ..

ම්ම්ම්හ්හ් ඇයි මලී ඔයා ඕවා කියලා මගෙ හිත පාරන්නෙ..මට ඔයාව ඕනෙ නිසා තමා මම කියන්නෙ ඔයාට හොදට විබාගෙ කරගෙන කැම්පස් එන්න කියලා එතකොට අපෙ ප්‍රශ්න ඔක්කොම බලා ඉද්දී විසදිලා ගිහින් ඔයා මගෙම වෙනවා කෙල්ලෙ ඒ නිසා හොදට පාඩම් වැඩ කරලා රුහුන ට එන්න...ම්ම්

හරි අයියෙ ඒත්...

ඒත් මේත් බෑ එන්නම ඕනෙ ...

@@@@@@@@@@@@

දුවෙ දුවෙ....

ම්ම්ම්....

මලීගෙ අතීත මතක පොත ඉහිරිලා ගියෙ මලීගෙ අම්මාගෙ කෑගැහිල්ලෙ සද්දෙට...

හ්ම්ක් හ්ම්ක් නෙවෙ මොකක්ද බොල ඔය මිදුල දිහා බලාන හිනාවෙවී රව රව කරන ඉලව්ව සිහියෙන් ඉදින් මෙ ලමයා අඩනවා කිරි ටිකක් දීලා නිදි කොරෝලා උබත් ටිකක් ඇල වෙයන් මම දවල්ට තව මොනා හරි දෙකක් රත් කරලා කතා කරන්නම්...

නිදන්නට ආවට නින්ද අහලකවත් නැති බව මලීට තේරුනා...උලු කැල හෙවිලි කරපු වහලෙ දිහා බලානම මලී ආපහු ගියෙ අතීතෙටමයි...

@@@@@@@@@@@

ඔන්න මම ඔයා කියපු විදියට ම රුහුනු අහසට පියාබලා ආවා..

ඔව්.මගෙ පුන්චි කිරිල්ලි තව අවුරුද්දකින් මම.මෙහෙන් යනවා ඔයා ඊට පස්සෙත් හොදට පරිස්සම් වෙලා ඉන්න ඕනෙ හොදද...

අපෝ කඩයාගෙ කෙල්ලට කිට්ටුවෙන්න නම් මෙහෙ කොල්ලො එන එකක් නෑ...කඩයා කිව්ව ගමන් මෙයාලා ගැස්සෙනවනෙ...

අහ ඔව් එහෙම  තමා ඒත් මෙ කඩයාගෙ ඔමරි කොල්ලන්ට ඔමරි පාන්න ගියොත් කඩයට හුලන් තමා...

අනෙ යන්න අයියෙ මන් එහෙම නෑ ඔයාගෙ විතරයි...

සීතල හුලන් පාර එක්ක නැලවෙන ගස් දිහා බලාන තෙරුන්ගෙ පපුවට තුරුල් වෙලා ඒ කිව්ව ආදර පොරොන්දු කඩ කරලා දාන්න  මලීට ලොකු කාලයක් ගියෙ නෑ...

තෙරුන් කැම්පස් එකෙන් අයින් වෙලා මාස 6ක් වගෙ යනකොට තමන්ගෙම බැජ් එකෙ හිටපු විකුම් එක්ක මලී පටන් ගත්ත සම්බන්දෙ  කාටත් හොරෙන් ගොඩාක් දුරදිග ගියෙ අවසානෙ තෙරුන්ගෙ මූනවත් බලන්න බැරි විදියෙ වැරැද්දක් සිද්ද උනාට පස්සෙ...

අවසානෙ තෙරුන් රට යන්නෙ මලීගෙ මතක ගුලි කරලා විසි කර දාලා...

තෙරුන්ගෙ කටෙ බලේටම කැම්පස් ඇවිත් ජීවිතෙ හරියාගෙන ආපු අන්තිම අවුරුද්දෙ මලී කරුමක්කාර විදියට හැමදේම දාලා විකුම් එක්ක පැනලා යන්නෙ කැම්පස් ජීවිතෙත්‍ අතර මැද නතර කරලා..ආලය අන්දයි ද...ආදරය කරන අය අන්දයිද කියලා හිතා ගන්න බැරි උනත් අවසානෙ ලස්සන ගමක ලස්සනට ජීවත් උන මලීට යන්න උනෙ මුඩුක්කු වක ජීවත් උන විකුම්ගෙ මුඩුක්කුවට...

එතන ඉදලා ජිවිතෙ  කරුමෙ මොකක්ද කියලා තේරුම් ගත්ත මලී විකුම් එක්ක තරහ වෙලා ඒ ගෙදරින් මෙ ආපහු ගමට ආපු 4 වෙනි වතාව..

බේබදුකමෙ අන්තෙටම ගිය විකුම් මහා රෑ බීමතින් දෙන වද හින්සා...ගුටි බැට දරා ගන්න බැරිම උන අවස්තා  හතරකදී මලී ආපහු ගමට ආවත්...කසාදෙ කඩාගෙන දරුවෙකුත් පිටින් කසාද ගෑනු ගෙදර තියා ගත්තම රටෙ ලෝකෙ මිනිස්සු ට මූන දෙන්න බැ කියලා අම්මයි තාත්තයි හැමදාම ආපහු විකුම්ට එන්න කියලා මලීව අදත් එදා වගෙ ම විකුම්ට බාර කරලා යැව්වා..

පොඩි දරුවගෙ ජිවිතෙ විනාස කරන්නයි අම්මාගෙයි තාත්තගෙයි නම්බුව තවත් කෙලෙසන්න බැරි හින්දයි...තාත්තෙක් නැති.දුවෙක් රටට බාර කරන්න බැරි කමටයි මලී ආපහු හිත හදාගෙන විකුම්.එක්ක ආවත් හැමදාම වගෙ අම්මා ලගට ගිහින් කිව්වෙ..

"අම්මෙ මට වෙච්ච දේවල් මගෙ දරුවට වෙන්න බෑ එයා හොදට ඉගෙන ගන්න ඕනෙ අම්මෙ ඒ නිසා මම.ඉවසලා ඉන්නම් මගෙ කෙල්ල වෙනුවෙන් ...කවදාවත් විකුම් මගෙ දුවට දෙයක් ඉතුරු කරයි කියලා මම හිතන් නෑ ඒ නිසා මෙ ගෙ මගෙ දුවටෙ නමට ලියලා දෙන්න කවදා හරි මගෙ නමට ලියන්න එපා මෙ මිනිහා මාව රවට්ටලා මෙ ගේත් විකුනලා විනාස කරයි අම්මෙ.."

එදා ඉගෙන ගත්තා නම්.. එක් හිතකට පෙම් කරානම්...රාගය අනුරාගය පැහැදිලි ව ගලපලා අදුර ගත්තා නම් මලී වගෙ චරිතයක් පහල නොවෙන්න තිබුනා...මෙ ඔබෙ ඔබෙ හිතවතියගෙ ඉරනම වෙන්න පුලුවන්..ජිවිතෙ විදින්න ඔනෙ තේරුම් අරගෙන නැතිනම් අපි ටත් හොරෙන් අපෙ ජිවිත විනාස වෙලා යනවා අපිටම තෙරෙන් නැ ...

හුදෙක් ආදර කතාවක් නොව වෙනදා මෙන්ම මගෙන් සිතන්නට  යමක්....

නිමි.
සචිනි පෙරේරා
උපුට ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment