අභීෂේකා..

❤💕❣අභිෂේකා❣💕❤

"Plz අභිෂේකා අපි මෙික නතර කරමු....."
"අනේ ඇයි රත්තරන් එහෙම කියන්නෙ.....මගෙන් වැරැද්දක්වත් උනාද......වැරැද්දක් උනා නම් සමාවෙන්න භවන්ත අයියෙ.....මගෙන් මොකක් හරි වරදක් උනානම් මම දන ගහල වැදල හරි සමාව ගන්නම්....එත් මාව තනි කරන්නෙප‍ා රත්තරන්...."

"වැරැද්ද උනේ ඔයාගෙන් නෙවෙි.මගෙන්....තමුසෙ වගෙ ඩොටෙි කෙල්ලෙක්ට ලව් කරල...."

"ඔයාට දැන්ද ඩොටෙි උනේ මහත්තයෝ.....යාලු වෙන්ඩ කලින් සිනි බොතලේට ඇදිල එන ඇබලය වගෙ මට වද දිදි එනකොට මම ඩොටෙි නෙවෙිද...."

"ඒක තමා මම කරපු ලොකුම ගොන්කම....මාත් තමුසෙගෙ පොත්තෙ පාටටයි කොන්ඩෙටයි අහින්සක බැල්මටයි රැවටිලනෙ ආවෙි......"

"අනේහ්....ඇයි මෙි....ඔයාට මාව දාල යන්ඩ ඕන නම් මෙහෙම බනින්නැතුව එකපාරම යන්න...."

"තමුසෙනෙ මගෙන් හේතු අහන් ආවෙි....."

"අනේ....මම හිතුවෙි විහිලුවක් කියල....එත්...ඒත්....මෙි ඇත්තටම නම්.....අනේ මන්ද මට කියාගන්න බැ....."

භවන්ත කියන්නෙ ලොකු සල්ලිකාර පවුලක ඉපදුන එකම පිරිමි ළමය‍ා.....භවන්තට සල්ලි වලින් කිසිම අඩුවක් නොතිබ්බ නිසා භවන්ත ගත කරේ සෙල්ලක්කාර ජිවිතයක්.......භවන්තව දකින  කෙල්ලො විතරක් නෙවෙි කොල්ලො පවා භවන්ත දිහා දෙපාරක් නෙවෙි සිය පාරක් උනත් හරිල බලන විදිහෙ පෙනුමක් තමා භවන්තට තිබුනෙ.කොටින්ම කිවොත් සික්ස් පැක් එහෙම තියන අමුතුම ලුක් එකක් තමා තිබුනෙ.

අභිෂේකා කියන්නෙ සාමාන්‍ය පවුලක අහින්සක කොන්ඩෙි ඉනෙන් පහලටත් වඩා දිගට තියන ඉටි රූපයක් වගෙ කෙල්ලෙක්.අභිෂේකා උසස්පෙල විභාගෙ ලියල කැම්පස් යන්න තරම් පාස් වෙලා තිබුනත් ඒ වරම අහිමි උනේ අභිෂේකගෙ තාත්ත හදිසියෙම නැති උන නිසාමයි.....අම්මත් නැතුව අභිෂේකවයි මල්ලිවයි බලාගත්තෙ අභිෂේකගෙ තාත්ත.....පියාගෙ හදිසි වියෝව නිස‍ා තමන්ගෙ කැම්පස් සිහිනය අතැරල ලග ගාමන්ට් එකේ වැඩට ගියෙ පවුලෙ බර කරට ගන්න උන නිසාමයි.....මොකද ඒ වෙනකොට අභිෂේකගෙ මල්ලිත් හිටියෙ උසස්පෙල පන්තියෙ නිසා.....

එහෙම ගාමන්ට් යන කාලෙදි තම‍ා අභිෂේකට භවන්තව හම්බෙලා මෙයලො ආදරෙ කරන්න පටන් ගන්නෙ.......කොච්චර ලොකු ලමයෙක් උනත් අම්මගෙයි තාත්තගෙයි ආදරෙ අහිමි විම නිසා දුකෙන් හිටපු අභිෂේකට තාත්තෙක් වගෙ ආදරෙ කරේ භවන්ත.....අභිෂේකා ආදරේ වැඩිම උන වෙලාවට භවන්තට කතා කරෙත් තාත්ති පැටියො කියල.......

එච්චර ආදරෙන් හිටපු භවන්ත වෙනස් උනේ ඉෂු නිසාමයි.භවන්තගෙයි අභිෂේකගෙයි ආදරේට කන කොකා හඩලල අභිෂේකව තනි කරල භවන්ත යන්න ප්‍රධානම හේතුව තමා ඉෂු......මෙි කිසි දෙයක් හරියකට නොදන්න අහිංසක අභිෂේකා හිතුවෙි කලින් දවසෙ භවන්ත විහිලුවක් කරා කියල හිතාගෙන භවන්තට මිස් කොල් එකක් ගහල භවන්ත එවපු මැසෙජ් එකක් භවන්තට ෆෝවඩ් කරා.....

Gm thathi petiyo.....me mtkt me msg eka....😘

Adupadu hugk ati mn laga
nube oya papuwat denena
Heradama ynwai qwth
Hinenuth numbwma soyana
mn wage kenek ne
Me trm nub gen hitn....

Mtkd metto meka....mm dnnw eye boruwt benne kyl....

Bhawantha : Thamuset pissuda nethn hetida....mona wikarykd yko me....mm athatm qwe.thamuse kisi posh loock ekk ne.gode kellek.garment ynne.mge ishu wge posh loock ekk ne tmuset.plz dont dstb me.

භවන්තගෙ ඒ වචන අභිෂේකට දැනුනෙ පපුවට පිහියක් අරන් අැනගෙන ඇනගෙන යනව වගෙ වෙිදනාවක්....එත් ඒ හැම දේම ඉවසන් හිටියෙ භවන්තට අභිෂේක‍ා ඇත්තටම ආදරෙ කරපු නිසයි.....

*******-----******------*****------*****-----****-----

"බබා මම හෙට දිනුකල එක්ක ට්‍රිප් එකක් යනව..."

"මාත් එන්නද ඉෂු...."

"චීයා අනේ....එහෙම ඉන්වයිට් නොකර යනවද....අපෝ....ඔයා අර ගොඩෙි කෙල්ල එක්ක ඉදල නරක් වෙලා....ඉයා...."

"Ok....ok....මන් එහෙනම් ඉන්නම්...ඔයා ගිහින් එන්න...."

"හම්ම්ම්ම්ම්ම්....ගුඩ් බොයි.....බබා මට තියන ඇදුම් ඔක්කොම එයාල දැකල තියනවනෙ පැටියො...."

"ඔහ්....ඩොන්ට් වොරි මයි ඩාලින්.....අලුත් ටිකක් ගමු....."

"හම්ම්ම්ම්....ගුඩ් අයිඩියා.....එත් මෙි කොන්ඩෙත් කැතයි.ෆෙද කරල තියෙන නිසා...මෙිකත් ස්ට්‍රේට් කරල ටින්ට් කරගෙනම යමු පැටි....."

"ඔකේ ඉෂු....මගෙ ඉෂු ලස්සනට ගියාම මටමනෙ ආඩම්බර....."

ඉෂු භවන්තට බොරු සොබන පෙන්න පෙන්න ට්‍රිප් එකට කියල ඇදුමි ගොඩකුත් අරන් කොන්ඩෙත් හදාගත්තෙ භවන්තගෙ තිබ්බ සේරම සල්ලි වියදම් කරවලයි.......

******-----*******-----*****------******------****

"වාව් ඉෂු......මාර ලස්සනයිනේ...."

"ඉෂු අල්ලන් ඉන්නෙ හොද දලක් නෙ....හොදට දත ගලවල තියනව වගෙ...."

"දන්නවනෙ මෙි ඉෂු ගැන.....පොඩ්ඩක් පොෂ් විදිහට ඉදල හක්කෙ තියන දත් ගලවල ගත්තෙ....."

"කො බං දිනුකල එහෙම....තවම නැද්ද...."

"එකනෙ කියන්නෙ ඉෂු....මුන් එක්ක ගමනක් යන්නෙ කොහොමද....."

"සොරි...සොරි කෙල්ලනේ ලේට් උනාට....කවුද බං මෙි කෑල්ල...."

"අඩෝ මැට්ට අදුරන්න බැයිද මාව....මම ඉෂු මොඩයො...."

"වෙනස් වෙලානෙ...කොහෙ අදුරන්ද...."

"දලක් සෙට් උනා....හක්කෙ දත් වලින් පටන්ගත්ත ගලවන්න...."

********------******-------******-----****-----******--

"අඩෝ භවන්තයා උබෙි කෑල්ල වෙන කොල්ලෙක් එක්ක අන්න ෂොපින් කරනව...."

"අනෙ පලයන් යන්න හර්ෂයා යන්න.....එකි එහෙම නැ.....අනික යාලුවෙක් වෙන්ඩ අැති බං...අර ඩොටෙි එකි වගෙ නෙවෙනෙ.මෙිකි පොෂ් කෙල්ලෙක් බං....."

"මං දන්න පොෂ් එකක් නැ....වරෙන්කො යන්න...."

**************************************

භවන්තත් හර්ෂත් යනකොට දැකපු දෙයින් භවන්තට උන් හිටි තැන් අමතක උනා.....භවන්ත පිස්සෙක් වගෙ ඉෂු ලගට ගිහින්....

"ඉෂු කවුද මු කියපන්...."

"ඉෂු හුස් දිස්...."

"ඩොන්ට් නො බබි....කොහෙ හරි යන පිස්සෙක්..."

"ආ....උබ ඉංග්‍රිසි කැලි දෙක තුනක් දාල පොෂ් වෙන්නද දගලන්නෙ....මම පිස්සෙක් නම් නෙවෙි......"

"මෙි මිස්ට.....මටයි ඉෂුටයි ඉන්න දිලා යනවද මෙතනින්...."

"හරි මචං....උබටත් මට උන දේම වෙයි බලාගෙන..."

"මෙි....මෙි....භවන්තයා....යමන් බං...මිනිස්සු ඉන්නව බලාගෙන....ලැජ්ජාවෙ බැ...."

"මොකටද බං අපි ලැජ්ජා වෙන්නෙ.....අරකිනෙ ලැජ්ජා වෙන්ඩ ඕන......"

"හරි.....හරි දැන් යමන්කො....."

කවදාවත් සිගරට් එකක් අරක්කු ටිකක් කටෙි නොතියපු භවන්ත හැමදාම හැම වෙලේම හිටියෙ අසිහියෙන්.....එකක් ඉවරවෙනකොට තව එකක් අරන් බිබි කාලකන්නි ජිවිතයක් තමා භවන්ත ගතකරේ.....මෙහෙම ටික කාලයක් යනකොට භවන්ත හදිසියෙම වගෙ බඩ අල්ලන් කැහන්න ගත්තු නිසා භවන්තව හොස්පිට්ල් එකට එක්කන් ගියෙත් යාලුවොමයි......හොස්පිට්ල් එකෙන් භවන්තට කිවෙ නම් නරකම නරක ආරන්චියක්.....

"මිස්ට භවන්ත....කියන්න කනගාටුයි....තව මාසයක් වගෙ කාලයක් ජිවත් වෙන්ඩ පුලුවන් ඔයාට....එත් එතනින් එහාට මැෂින් වලින්වත් බැ...."

"ඒ....එ්....ඇයි ඩොක්ට ඒ...."

"ඔයාගෙ කිඩ්නි 2ම නරක් වෙලා....ඔයාට පුලුවන්නම් O+ කිඩ්නි එකක් හොයාගන්න....අපි මොකක් හරි කරල බලමු...."

ඒ වෙලාවෙි දෙලොවක් අතර තනිවුනු භවන්ත ලොකු පිඩනෙකින් හිටියෙ....භවන්ත හොස්පිට්ල් කියල දැනගත්ත ගමන්ම අභිෂේකා භවන්තව බලන්න ගියෙ කොච්චර බැන්නත් ආදරෙ කරපු කෙනාව කරදරෙකදි තනි කරන්න බැරි නිසාමයි.....

"තමුසෙ මොකද මෙහෙ ආවෙි.....මැරෙන හැටි බලන්නද...."

"ඇයි අයියෙ මොකද උනේ කියන්නකො.මට බනින්නැතුව...."

"උබට මොකටද එවා....පලයන් යන්ඩ මගෙ දැහට නොපෙනි ගාමන්ට් කෙල්ල...."

අභිෂේකා කදුලු පුරවගත්තු ඇස් දෙකෙන් ඩොක්ට ලගට ගිහින් සෙරම විස්තර දැනගත්ත....

*****************************************

"මිස්ට භවන්ත....දැන් ඔයාට 100% සනිපයි....හැබැයි ආයෙ බොන්න එපා....මොකද මෙික ඔයාගෙ කිඩ්නි එකක් නෙවෙි.....ඔයා බිල මෙකත් විනාශ කරගත්තොත් එක ලොකු පවක්...."

"තැන්ක්යු ඩොක්ට...."

"හො...හො...මට නෙවෙි....කිඩ්නි එක දුන්න කෙනාට තැන්ක් කරන්න...."

"එත් කවුද ඩොක්ට ඒ...."

"එන්ඩකො පෙන්නන්න....."

ඒ දැකපු දෙයින් භවන්තගෙ ඇස් උඩ ගියෙ මොකක්ද මෙි උනේ කියන්න වගෙ....

"මො...මො....මොනව අභිෂේකා ඔයා....."

"හම්ම්ම්ම්....ඔව් මහත්තයො....මම තමා...ඒ ගාමන්ට් යන පොෂ් නැති ඩොටෙි කෙල්ලගෙ වකුගඩුවෙන් තමා ජිවත් වෙන්නෙ..."

"අනේ....අනේ...අනේ මට සමාවෙන්න මැණික......"

"පරන දේවල් අමතක කරන්න....අපි දෙන්නම දැන් එක්කෙනෙක්....."

"ආදරෙයි මගෙ මැට්ටිට...."

"මාත් ආදරෙයි මහත්තයො හැමදාටම ඔයාට....."

#ලියන්නෙ : දුෂාන්

#Dushan D Ekanayake

*අවන්ක ආදරෙ සැපේදි ලග නොහිටියත් දුකේදි කොච්චර පැන්නුවත් ලගට එනවමයි....එක නවත්තන්න කාටවත් බැ.....එකයි අවන්ක ආදරේ කියන්නෙ....ඇත්තටම ආදරෙයි නම් එලෙව්වත් යන්නැ....ඒත් එහෙම ආදරයක් නැතිනම් වැන්දත් ඉන්නැ......*

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment