මිතුදම

මිතුදම

"ඊරියේ, ඉස්සෝ වඩේ කන්න යන්කෝ.."
"ම්ම් ඇයී ඔහේගේ princess නැද්ද අද ආ.."  මං සුපුරුදු නෝක්කඩුව දැම්මේ මගේ සැපට දුකට ඉන්න මගේ දුක් අදෝනා අහන් හිටපු ගීත්ට. මායි ගීතුයි වැඩ කලේ එකම කාර්යාලයේ, කාලෙත් එක්කම අපි හොදම යාලුවො උනා. හිතේ තිබ්බ හැම දේම මං කිවුවේ ගීත්ට. ඒ තරමටම ගීත්ව මං විස්වාස කලා.
"ඕකනේ කියන්නේ ගෑනුත් එක්ක බෑ කියලා. කොහෙන් හරි කොනක් තියනවා තොපිට. 😂 දැන් එතකොට යන්න බැරිද ආ... "
ඒ ඔහු කතා කරන්නේ office off වෙලා gallface එකේ තියන ඉස්සො වඩේ කන්න යන්න. සතියකට වරක් gallface එකේ තියන පොල් ගහක් යට ඉදන් ඉස්සො වඩේ කලා කියෝ කියෝ ඉන්න එක අපේ චරියාවේ කොටසක් උනේ නොදැනුවත්වම..
"හා යමන්කෝ.. මං එන්න බෑ කිවුවේ නෑනේ." මං කිවුවේ බොරු තරහාකුත් මවාගෙන.
"ආ ඔය කොට කෑල්ල ඇදන් bike එකේ යනකොට.. සෑ වාව්" 😂 කියාගෙන ගියේ එතන තවත් හිටියොත් ගුටිකන්න වෙන බව දන්න නිසාමයි. හිත හොද එකාගේ කට හොද නෑ කට හොද එකාගෙ හිත හොද නෑ කියලා කතවක් තියේනේ.
ගීත් මාව සුපුරුදු බැම්මෙන් ඉන්දලා වඩේ ගන්න ගිය අතරෙ පෙම් සුව විදින පෙම්වතුන් දැකල හීල්ලුනේ නොදැනුවත්වමයි. හිත අතීතෙට ඇදිලා යද්දී කදුලු පේලි ඇස් වලින් වැටුනේ හරිම හිතුවක්කාර විදියට.
"ගොනියේ මං තොව මෙතනට එක්කන් ආවේ අඩනවා බලන් ඉන්න නෙවෙයි"
මං ගැස්සිල ගිහින් සිහි කල්පනාවට ආවේ ඒ හඩින්. මට කෑගහල අඩන්න ඕනි උනත් මං හිනා උනා.
"මට මාවම නැති වෙලා වගේ ඒ. රොබෝ කෙනෙක් වගේ මං දැන්. කිසිම හැගීමක් දැනීමක් නෑ. ඔහේ ජීවත් වෙනවට ජීවත් වෙනවා. මං කවදා හැදෙයිද ඒ" ගීත් දිහා නොබලාම මං කිවුවා.
"අඩේ ඉතිං මචං, අපි දෙන්න බදිමුකෝ"
ඒ ගීත් හැමදාම මගේ හිත හදන්න කිවුව කතාව. ඒ වෙලාවට මාත් දෙවෙනි වෙන්නෑ.
"අඩේ බදින්න බෑ බන්. අපි පැනලා යන්. පාන්දර 1 ඉදන් නැගුටලා ඉන්න බෑ අප්පා අන්දනකන්.
දුකට සැපට හිටපු නැති කලාතුරකින් දකින නෑයො එක්ක හිනා වෙන්නයි උන්ට වදින්නයි බෑ ඕයි. අපරාදෙ උන්ට කන්න දෙන සල්ලි ටිකත්"
"උබ නම් පට්ට කුනු පෙරෙතියක්. ඒනම් පැනලා යමන්. ඒත් බැරි නම් living together. ඒකත් පට්ට" කවදාවත් නැති විදියේ හුරතලේකුත් එක්ක ඔහු කියද්දි මගේ හිතටත් මොකක්ද උනා.
"හී ඒකත් හොදා. ඒක නෙවෙයි අර talk කරපු princess මොකො කිව්වේ. මං ඒම අහුවෙ කතාව වෙනස් කරන්න.
මං ඒකිගෙන් නිකන් බන් අහුවෙ. අනික එකිගෙන් අහුවෙ නැති office එකේ එකම කොල්ල මං වෙන නිසා ඔන්න ඔහේ අහලා බැලුවේ. ඔය පියරු බබාලට මං කෝමත් කැමති නෑනේ. උබ දන්නවනේ.
මූන බැරෑරැම් කරමින් ඔහු ඒම කිව්වා. ඊට පස්සෙ අපි අතර තිබ්බෙ දැඩි හිහැඩියාවක්. හතර වටින් කලුවර වැටීගෙන කොළඹ විදුලි ලාම්පු දැල්වෙන ගද්දි මේ ලංකාවමද කියලත් හිතෙනවා. ඒ තරම් ලස්සනයි.
Port city එක හදලා එද්දි කොළඹම වෙනස් වෙයි නේ?
මං ඈත නැවකින් වැලි පොම්ප කරන දිහා බලගෙනම කිව්වා. ගීත් නිහඩයි. ඔහු ලොකු කල්පනාවක.
ඒයි හොරා, මොනාද බොල ඔය තරම් කල්පනා කරන්නේ. මන් අහුවෙ ඔහුගේ උරිස්සට වැරෙන් පහරක් ගහන ගමන්.
ඇත්තටම උබට බැරිද මාව බදින්න. මං ගොඩක් දවස් ඉදන් අහන්න කියලා හිටියේ. ඒත් මට බය හිතුනා මත් එක්ක තරහා වෙයි කියලා. අනික පරන love ඉලවු නිසා ගොඩක් අවුලෙන්නෙ උබ හිටියේ. ඒත් දැන් නම් ඉවසන් ඉන්න අමාරුයි තුශිනි. උත්තරේ මොකක් උනත් මං ඉස්සර වගේ ඉන්න try කරන්නම්. බෑ කියන්න නම් එපා බන්.
මගේ ඇස් වලට එබෙන ගමන් ඒම කියද්දි මාව ගල් උනා. කවදාවත් නැත් තරමේ අපහසුවක් මට ගීත් ගාව ඉද්දි දැනෙන්න ගද්දි,
ගීත් මේ අහපං ගෙම්බො. මට හැම දේටම ඉන්නෙ උබ විතරයි. මට උබව නැති කරගන්න ඕනි නෑ . හොදටම දන්නවා මං ඇයි වෙන කෙනෙක් ගාවට යන්නෙ නැත්තේ කියලා. අනික හැම දෙයක්ම දැනගෙනත් මාව marry කරන්න අහන්න උබ පිස්සෙක් වෙන්න ඕනි. ඔය love හුටපට හරිගියෙ නැත්තං මට උබවත් නැති වෙනවා. දන්නවනේ මාත් එක්ක ජීවිතේ අමාරුයි ඒ. ඔය කතාව මෙතනින් නවත්තමු හොදේ. මන් බොට හොද කෙල්ලෙක් හොයා දෙන්නම්කො පනේ ආ."
හිතට වීරිය අරන් මන් කියාගෙන ගියේ ඉන්න හොදම යාලුවා නැති කරගන්න මට ඕනි උන් නැති නිසා. ඔහු තාමත් මගේ මූන දිහා බලාගෙන.
"උබ phane එකේ system update කලාද" ගීත් අහුවේ මන් තුන් හිතකින් වත් බලාපොරොත්තු උන ප්‍රශ්නයක නෙවෙයි. මට සතුටු හිතුනා ඔහු කලින් මාතෘකාවෙන් වෙනස් උන එක ගැන්.
"අඩේ ඔවු ඔවු, මන් office එකේ computer section එකේ එකෙක්ට කියලා කරෝගත්තා. උබලට කියලා වැඩක් කරගන්නවට වඩා ඒක ලේසීනේ"
මන් කිවුවේ සුපුරුදු දගකාරකමින්.
"හ්ම් ඒමද. ඇයි phone එකේ system update වගේ උබේ ඔයා system එකත් update කරගන් නැත්තෙ ආ"
මූ මේ මොන හරුපයක්ද කියන්න යන්නේ. මං කුතුහලෙන් උහුගේ මූන බැලුවේ කියන දේ නොතෙරුන නිසාමයි.
"ඇයි බං තාම 18 වැනි සියවසේ ඉන්නෙ. හැම කොල්ලාම embroyonic defect එක නිසා hunnymoon එකෙදි වැටෙන ලේ බින්ඩුව ගැන හොයන් නෑ. මිනිස්සුන්ට වරදිනවා. හැබැයි ගොඩක් උන් ඒකෙන් ඒකෙන් හැදෙනවා. ඕනිනම් උබට හැමදාම රවට්ටලා දාලා ගිය එකා ගැන හිත හිත ඉන්න පුලුවන්. ඒත් ටිකක් හිතපන් ඒකා නිසා උඹ උඹට ඇත්තටම ආදරේ උන්වත් නැති කරගන්නවා"
මට කියන්න දාහක් දේවල් තිබ්බත් ඒවා වචන වලට පෙරලගන්න තරම් හැකියාවක් තිබ්බෙ නෑ.. ඒ වෙනුවට කදුලු ගලන්න ගත්තා. ගීත් මගේ කදුලු පියදාල එයාගේ පැත්තට මූනු හරොගත්තා.
"තුශිනි, මගෙ කෙල්ලේ මේ අහපං. මං උබ අඩනවට පොඩ්ඩක්වත් කැමති නැ. මට අකමැති උනාට කමක් නෑ හොදද. ඒත් උබ ඉක්මනටම පිලිවෙලක් වෙන්න ඕනි. හී වෙන එකෙක් එක්ක යනවා බලන්න අමරුයි තමා. ඒ උනාට උඹේ සතුට හොයන් යමං. මට ආදරේ වෙනන ඕනි නෑ, මට අවස්තාවක් දියන්. හැම කොල්ලම එක වගේ නෑ බන්. කොල්ලෝ යාලුවො විදියට හොදයි affair එකේදි වෙනස් වෙනවා කියලා හිතාගෙන ඉන්න එක හිතින් අයින් කරහන්. හා කියහන් මන් ගෙදරින් අවිත් අහන්නම්. Just god sake thushini, say yes.. please. I can wait." තවත් ඉවසන්න බැරි ගමන මං එතනින් නැගිට්ටා,
"අපි යන් ගීත්. රෑ වෙනවා. බෝඩිමේ ඇන්ටි බලන් ඇති"
ගීත් තවත් මුකුත් නොකියා මාව බෝඩිමට දාගෙන යන්න ගියා. අසරනකමක් හිතට දැනෙද්දි මං කොට්ටේ බදාගෙන අඩන්න ගත්තා.
අනේ මං කොමද හා කියන්නේ, බෑ කිවුවොත් ගීත්ව නැතිවෙයිද, මට ගීත්ට ආදරේ කරන්න පුලුවන් වෙයිද, අරයා මාව හොයන් ආවොත් වගේ ප්‍රශ්න ගොඩක් මගේ හිතේ මතුවෙද්දි මට තීරනයක් ගන්න බැරි උනා.Office එකේදි ගීත්ව මග අරින්න ගත්තේ ඒ නිසාමයි. ඒත් ඒ ඇස් මං දිහා බලන් ඉන්නේ කියලා මං දැනන් හිටියා.
මාසයක් යන්න ඇති ගීත් මාරුවක් හදාගෙන ගමට යන්න යන ආරන්චිය ආවම මට දරාගන්න බැරි උනා. මට දකින්නවත් නැති වෙයි කියන බය මගේ හිතට ආවා. ඒක ආදරයමද කියන්න මට තේරුන් නෑ. මට හිටපු තැනත් අමතක වෙලා ගීත්ව හොයන් දිවුවා. එතකිට ඔහු හිටියේ office එකේ හිටපු ලස්සනම කෙල්ලත් එක්ක හුගක් ලන් වෙලා කතා කර කර. මට ඒ වෙලාවේ ආපු කේන්‍තියයි දුකයි කරාගන්න බැරි උනා. ඔලුව පැලෙන්න එද්දි මම leave එකක් දාලා තනියම ගියා gallface එක්ට.
වෙනදා අපි දෙන්න ඉදන් හිටපු තැන් ඉදගෙන තනියෙන් අඩන ගමන් ගත්තු ඉස්සො වඩේ කන්න පටන් ගත්තා. මට වට පිටාව ගැන ගානක් තිබ්බෙ නෑ. ඒත් මොකෙක් හරි මගේ ඉස්සො වඩේ එකට අත දානව දැනිල බලනකොට ගීත්.. දෙයියනේ මේකා කොයි වෙලෙද මෙතනට ආවේ.
ආ මැඩම්, මොකො මේ අඩ අඩ තනියෙන් මෙතන ආ..
හිනා වෙවී අහනකොට මගේ තරහා දෙගුන උනා.
ඇයි office එකේ කෙල්ලෝ නලවලා ඉවරද.
ඒත් තාම ගීත් හිනා වෙනවා.
මොකෝ හිනාවෙන්නේ ආ මන් joker කෙනෙක් වගේ පේනවද. Transer හදාගෙන යන්න කලින් නිකමට වත් කියන්න බැරි උනා. තමුසේ ගියාම මට මොකෝ වෙන්නෙ කියලාවත් හිතුවද බූරුවෝ.."
මං පිස්සෙක් වගෙ කියො කියෝ අඩන්න ගත්තේ දරගන්නම බැරි ගමන. ගීත් මාව තුරුල් කරන්න ගමන්
"අනේ මගේ රත්තරනේ මේ අහපන්කෝ, මන් උඹව දාලා කොහේ යන්නද? "
"එතකොට transer එක?"
  මට ඒ උනුහුමෙන් ඈත් වෙන්න ඕනි උන් නැති නිසා තවත් තුරුලු වෙන ගමන් අහුවා.
"දැන් වත් කියපන්කො මට කැමති කියලා"
"හෑ මන් කැමති නෑ"
"හ්ම්ම් මේ කෙල්ලෝ නම් හරි අමුතුයි. අකමැති කොල්ලෙක් transer හදන් යද්දි අඩනවා.. වෙන කෙල්ලෙක් එක්ක ලං වෙලා කතා කරද්දි අඩනවා.. තව gallface එකේ තුරුල් වෙලා ඉන්නවා"
මට දැනුනේ මහා ලැජ්ජාවක්. මූනත් රතු කරන් තුරුලෙන් ඈත් උනේ මං මොකක් කියන්නද කියලා හිතාගන්න බැරිව.
"හිතුවක්කරි, මං දැනන් හිටියා මට කැමති කියලා. ඒකයි transer කතාවක් office එක වටේ ඇරියේ ඔයා පත්තු වෙනවා බලන්න. ගෑනුනේ මෝඩයිනේ 😜 මුකුත් කියන්න් ඔනි නෑ අපේ අම්මලට කියලා ඔහේලගේ ගෙදර එනවා ලගදිම. අම්මට කියලා තියනවා හොදේ"
ඒම අපේ යලුකම ආදරේකට පෙරලුනා.  හැල හැප්පීම් මැද්දෙ අපේ ජීවිත ගලාගෙන යන්න ගත්තා මට අලුතින් ජීවිතේ ගැන හිතන්න අවස්තාවකුත් දෙමින්ම.

ලියන්නේ : චමරි
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment