ඉරණම
ධනුෂ්ක පොඩි ගමනක් තියනවා උබ අද ෆ්‍රී නම්...
වරෙන්කො යන්න..
ලොකු වැඩක් නම් නෑ.
කොහෙද යන්න ඕනා.. වාහනේ පෙට්‍රල් නම් නෑ බන්
තවම අර තෙල් නැව ඇවිත් නැද්ද කොහෙද?
සෙඩ් එකෙත් තෙල් තිබ්බේ නෑ..
ඊයේ තව ටිකෙන් මග නවතිනවා.
කෝකටත් අර සුදානම් ශරීරෙ කියලා අමතර තියාගෙන තිබුන තෙල් ටික දා ගෙන යන්තම් ශේප් එකේ ගෙදරට ආවේ...
අඩේ බන් උබට සල්ලි වලින් මොනවත් අඩුවක් නැහැනේ.
අනික ඔය සද්දන්ත වාහනයක් තියාගෙන සෙඩ් එකෙන් තෙල් දුන්නේ නැද්ද බන්..
පිස්සුද බන්. වාහනේ සයිස් එකට සල්ලි වල පවර් පෙන්නන්න ගිහින් හරියන වැඩක් නෙමේ එක
හැමෝටම එක විදිහේ අයිතියක් තියන්න ඕනා බන් ඒ දේවල් වල.
ධනුෂ්ක යකෝ මේක ලංකාව.
සල්ලි වලටයි බලයටයි කරන්න බැරි දේවල් නෑ බන්
හරි හරි මගේ වාහනේ යමු.
එකේ තෙල් තියනවා...
අනිත් උන් හදන්න මට බෑ බන්. එත් මට හැදෙන්න පුළුවන්නේ
කොහෙද ඉතින් දැන් ඔය යමු කියන්නේ මේ හදිසියේ..
මේ දවස් මට හරි නෑ බන්..
මම මේ මගේ වෙලාව බලාගන්න කියලා යන්න හදන්නේ.
තනියම යනවාට වඩා උබත් එක්ක යන එක හොදයි කියලා හිතුනා.
උබට එන්න පුළුවන් නේද?
හරි මම එන්නම්.
ඊට කලින් උබට ඔය ගැන පොඩි කතාවක් කියලා.
ඊට පස්සේ යන්න ඕනේ නම් යමු.
ඒ මොකක්ද බන්..
කියපන්කො... වෙලාව සම්බන්ද දෙයක් ද?
හ්ම්ම් ඔව්...
මෙහෙමයි බන්...
ඔය හැමදේකටම වැදගත් වෙන්නේ හිත.
උබ දැන් ඔය දේවල් බලන්න යනවනම් ඒ මොනවා කිවත් එතනින් උබ පොසිටිව් හිතන්න පුළුවන්
කියන මයින්ඩ් එකෙන් ඉන්න පුලුවන්ද කියන එක මුලින්ම හිතලා බලපන්.
මොකද ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ හොද දේවල් නෙමේ
මොකද බන් උබ එහෙම කියන්නේ
නැ බන්. මම ඔය කියන දේවල් ඇහුවා නම්. අද මම මෙතන නෑ බන්
ඒ කිවේ.. මොනවද බන් උබට කිවේ..
මටද?
මට කිවා... ජිවිතේ කිසිම දියුණුවක් නෑ
කරන කියන හැමදේම වෙන්නේ හරහට.
කසාදයක් කරගන්න වෙන්නේ නෑ. කරගත්තොත් වැරදිලා හරි
එක කිසිම සාර්ථක සම්බන්ධයක් නෙමේ..
අමුතු මහා ගුප්ත මිනිහෙක්.
කිසිම කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තියාගන්න බැරි..
ජිවිතේ වැඩි කාලයක් තනියම ගෙවන්න කැමති.
කාව හරි ආශ්‍රය කලොත් ඒ කෙනාටත් මම නිසා ප්‍රශ්න ඇති වෙන කතන්දර
හම්මේ බන්.. ඔය තරම් දේවල් කීවද?
ඉතින් එතකොට උබට අද ඔය මොනවත් ඇත්ත නෙමේනේ බන්..
ඇත්ත වෙන්න තිබ්බා බන් මම ඔය දේවල් පිලි අරගෙන එක මත්තෙම ඉන්න ගියානම්
මම හැමවෙලේම උත්සහ කලේ එක වැරදි කියලා හිතලා එක වරදින විදිහට වැඩ කරන්න
අද ජිවිතේ හොද තැනක ඉන්නවා මම.
පවුල් ජිවිතේ උනත් ගොඩක් හොද තැනක
යාළුවො විදිහට උබලාට මගෙන් මොකක් හරි වැරද්දක් පාඩුවක් වෙලා තියනවද ?
නෑ බන් පිස්සුද?
උබ හින්දා අපිටත් වාසි මිසක් කොහෙද පාඩු බන්..
හ්ම්ම් එක තමා උබට කිවේ මොන දේ කිවත් වැදගත් වෙන්නේ හිත.,
උබට උබව විශ්වාස කරන්න වෙනවා.
සමහර ප්‍රශ්න ඔය කියන දේවල් ඇති.
හැබැයි හිතට උබව ඒ තැනට ඇදලා දාන්න දෙන්න එපා.
ධනුෂ්ක.... මට යන්න ඕනේ නෑ බන්
මට මම ගැන විශ්වාසයක් නැතිව තිබ්බේ..
උබ කියපු දේවල් අහලා මට හිතෙනවා ඔය දේවල් ගැන නොහිතා
වැඩ කරලා බලන්න....
එල.... එක හොදයි.
නොදන්නා ග්‍රහයන්ට කලින් උබ උබවම විශ්වාස කරන එක
සදරු - Devaka Sadaruwan
( කේන්දර පලාපල කියලා දෙයක් නෑ කියලා කියන්න තරම් දැනුමක් නැ මට. හැබැයි හැමදේටම වඩා හිත කඩා ගන්නේ නැතිව ඉන්න එක ගොඩක් දේවල් වලට විසදුමක් කියන එක දන්නවා. ජිවිතේ සතුටින් ඉන්න.. ජිවත් වෙන කාලේ)
උපුටා ගැනීමකි
No comments:
Post a Comment