මමයි නුබේ අරුන්දති
(කෙටිකතාවක්)
"මට ඕන උනේ උඹෙන් පලි ගන්න අනුත්තරා...උඹව බැදගත්තේ ඒකට.දැන් ඒක සාර්තකයි කියලා මන් හිතනවා...උඹ එදා මට විරුද්දව වැඩ කරේ නැත්තම් උඹට අද මෙහෙම වෙන්නෙ නෑ....දැන් මේ පේපර්ස්වලට අත්සන් කරලා බැහැපන් මේ ගෙදරින් එලියට"
මන් අඩ අඩම මගෙ ඇදුම් ටිකත් අරගෙන
ඩිවෝස් එකට අත්සන් කරලා පාරට බැස්සා.දුලනත් එක්ක මන් කිසි දවසක තරහ නෑ..එදා වගේම අදත් මන් දුලනට ආදරෙයි ...ඒත් මේ ගෙදර අම්මා තාත්තා දාලා යන්නේ මන් කොහොමද.
මන් කසාතේ කඩාගෙන ආයෙම අපේ ගෙදර යන්නේ කොහොමද...ඒ නිසා මන් නුවර යන්න තීරනය කරා.එහෙ මන් කැම්පස් ඉද්දි බෝර්ඩ් උන ගෙදර ඇන්ටියි අංකලුයි ඉන්නවා.ඒ දෙන්නා එදා ඉදලා මට ආදරෙයි.ඊට පස්සේ එහෙ ගියාම ආන්ටියි අංකලුයි අදරෙන් මාව පිලි ගත්තා.
අද මන් තනියෙන් නෙමෙයි..දුලන අයියා දුන්නු අපේ පැටියා මගෙ කුසේ ඉන්නවා.ඒත් ඒ කිසිම දෙයක් දුලන අයියාට මන් නොකිව්වේ දුලන අයියට එයාගේ පර ආදරේ ලබා ගන්න කරදරයක් වෙයි කතා කියලා.
මන් කැම්පස් යන්න කොලඹ ආවමයි මගෙ යාලුවා නෙතූ නිසයි දුලන අයියාව මුන ගැහුනේ..මොකද නෙතුගෙ බෝයිගෙ යාලුවා තමයි දුලන අයියා.
අවසානේ දුලන අයියයි මමයි නැතුවම බැරි යාලුවෝ උනා.දුලන අයියගේ ගමේ ආදරේ කරපු සමදි එයාව රවට්ටද්දි මමයි එයාගෙ හිත හැදුවේ..කවදාවත් කාටවත් ආදරේ නොකරපු මන් දුලන අයියාට හිතින් ආදරේ කරා.
එහෙම ඉද්දි එයාට කැම්පස් එකේ හතුරෝ ගොඩාක් හිටියේ එයා ගොඩාක් දක්ෂ නිසා.ඒව මට ආරංචි උනා.අයියාව බේර ගන්න මට එයත් එක්ක තරහෙන් රග පාන්න උනා.ඒ නිසා එදායින් පස්සෙ එයාට නැතිඋන ගොඩක් දේවල් නැති කරේ මන් කියලයි හිතුවේ...ඒ නිසා මාත් එක්ක ගොඩාක් තරහෙන් හිටියෙ.එයා අද දක්ෂ ඉන්ජිනියර් කෙනෙක් වෙලා රටේම ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ මන් කරපු කැපකිරීම් නිසා කියන එක එයා දන්නෙ නෑ.මන් දැනගන්නවට කැමති උනෙත් නෑ.
මගේ හීනත් මට එයා නිසා නැතිඋනා..ඒත් දුලන අයියට ඕන උනේ මගෙන් පලි ගන්න.මගෙ ආදරේ සතපහකට ගනන් ගත්තේ නෑ...අවසානේ මාව ඩිවෝස් කරලා දැම්මා.
එයා මන් ඉන්න දවස්වල ඉදන් ආයෙම සමාදි එක්ක කට්ගා කරා.සමාදි ලංකාවේ හිටියෙ නෑ.දැන් සමාදිව මැරි කරලා ඇති.
දින සති ගනන් ගෙවිලා ගියා.මන් ලෝය කෙනෙක්.ඒ වැඩත් මන් ටික ටික කර ගත්තා.ඊට පස්සේ මට දරුවා ලැබුනා.දුලන අයියා වගේම ලස්සන චූටි දුවක්.
දවසක් මන් චූටි දුව එක්ක මාලිගාවට ගියා..මන් දුවත් එක්ක එලියට එනකොට මන් දැක්කේ දුලන අයියා පවුලේ හැමෝමත් එක්ක මාලිගාවට ඇවිත් හිටියා.එයා ලගින් සමාදිත් හිටියා .දුලන අයියාගෙ අතේ මගෙ දුවට වඩා ටිකක් ලොකු දරුවෙකුත් වඩාගෙන එයාව හුරත කරනවා.මන් එයාලා දකීවි කියලා හැංගිලා ඉදලා හොරෙන් ගෙදර ආවා.
ඊට පස්සෙ මගෙ යාලුවා නේතුට මන් කතා කරා.
"නෙතූ මන් අනූ"
"අනූ කෙල්ලේ කොහිමද උඹට"
"නෙතූ මන් හොදින් ...දුලන අයියා සමාදි මැරි කරාද"
"මන් හිතන්නෙ ඔව්...මත් හරියට දන්නේ නෑ කෙල්ල...ඒත් සමාදි කලින් බැදලා දරුවෙකුත් ඉන්නවා..පිස්සු දුලන අයියාට උඹව නැතිකර ගත්තා"
"ඒක එයාගේ කැමත්ත..එයා සතුටින් ඉන්නවනම් කමක් නෑ නෙතූ...මන් තියන්නම්.පස්සෙ කතා කරන්නම්කෝ"
මන් ඊට පස්සෙ දෝනිව තුරුල් කරන් ගොඩාක් වෙල ඇඩුවා...ඔයාගෙ දරුවා ඉද්දි ඔයා වෙන දරුවෙක්ට තාත්තා වෙලස් දුලන අයියේ...ඔයාගේ දෝනිට තාත්තෙක් නෑ අද.
මන් එහෙම හිත් හිතම ගොඩක් ඇඩුවා.
ඊට පස්සේ පෝය දවසේ උදේ පන්සක් යන්න බැරි උන නිසා මන් දෝනිත් එක්ක හවස ආයෙම මාලිගාවට ගියා
හිතන්නෙ නැති වෙලාවක වැස්සක් ආව නිසා නොතෙමී ඉන්න තැනකට ගියා.ජීවිතේ කවදාවත් නැති ලොකු බයක් දැනුනේ නොනවත්වා වහින වැස්ස නිසා.චූටි දෝනිත් හොදටම අඩනවා.
"අඩන්න එපා මගේ පැටියෝ...අම්මි ඉන්නවනේ මගේ පැටියා ලග."
"අනූ"
ලගින්ම ඇහුනු ඒ පුරුදු කටහඩ නිසා මන් ඒ දිහා හැරෙද්දි එතන හිටියේ දුලන අයියා"
"ඇයි මෙතන යන්න විදියක් නැද්ද"
දුලන අයියා එහෙම අහද්දි දෝනි ආයේම අඩන්න ගත්තම මන් ඇස්වල කදුලු පුරවන් දෝනිව තුරුල් කර ගත්තා.
"අනූ ...යමු වැස්ස පායන එකක් නෑ...මන් ඔයාව ඇරලන්නම්..මෙයාට සීතල ඇති."
මට වෙන් කරන්න දෙයක් නැති නිසාම මන් දුලන අයියා එක්ක කුඩෙන් කාර් එක ලගට ගිහින් කාර් එකට නැංගා.දෝනි තාමත් අඩන නිසා දුල අයියා හිටියත් මන් එයාට කිරි දෙන්න ගත්තා.
"කොහෙටද යන්න ඕනි අනූ"
ඊට පස්සෙ මන් ඇන්ටිලාගෙ ගෙදරට යන පාර කිව්වා.ඇන්ටිලාගෙ ගෙදරට ගියාම දුලන අයියත් ගේ ඇතුලට ආවා.දුවට නින්ද ගිහින් නිසා මන් දුවව ඇදෙන් තියලා එලියට එද්දි දුල අයියා ජනේලේ ලගට වෙලා ලොකු කල්පනාවක්
"ඔයා පින් මට කරපු උදව්වට"
"කෝ ගෙදර අය"
"ආන්ටියි අංකලුයි අද සිල් ගන්න ගිහින්.මන් විතරයි ඉන්නේ"
ඊට පස්සෙ දුලන අයියා මගෙ ලගට ඇවිත් නොහිතපු විදියට මාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා."මට සමාවෙන්න අනූ..ඔයාට මන් ගොඩාක් දුක් දුන්නා....මට ඒකට කැමති දඩුවමක් දෙන්න"
"එක දෙයක් කියන්න තියනවා...මන් අද මෙතන ඉන්නේ මගෙ අනූ නිසා කියලා මන් හැමදේම දැනගත්තා...එදා ඉදන් මන් ඔයාව හැමතැනම හෙව්වා.එද මාලිගාවෙදි ඔයාව දැකලා මට මිස් උනා.එදා ඉදන් මන් මෙහෙ නැවතිලා හැමදාම මාලිගාවට ආවා ඔයාව ආයෙ එයි කියලා.ඒ වගේම ඔය අද ආවා."
"අර මගෙ දෝනි නේද අනූ"
"හ්ම්ම්ම්"
"අයියේ ඔයා සතුටින් ඉන්න සමාදි එක්ක....මන් තරහ නෑ...මන් දෝනි එක්ක මේ හිටියා වගේම ඉන්නම්...දැන් යන්න...ඔයා දැන් මටයි දෝනිටයි නෙමෙයි අයිති...සමදිටයි"
මන් අඩ අඩ එහෙම කියද්දි අයියා මාව තව තවත් තුරුලු කරගෙන මගෙ නලල පුරා ඒ දෙය්හොල් තැවරුවා..
"මන් තාමත් ඔයාගෙ විතරයි අනූ...ඒක හැමදාටම එහෙමයි...මන් ඩිවෝස් පේපර්ස් ඉරලා වීසිකරා."
"ඔයා මට මුන ගැහුනූ දවසේ ඉදන් මන් ගොඩාක් ආදරේ කලා මගෙ අනූට...ඔයා මාව ඊටත් වඩා අදරෙන් බලා ගත්තා.."
"මට ලස්සන දූ පැටික්කියක් දුන්නා...මගෙ සතුට ගැන හැමදාම හිතුවා..ඔයා තමයි මගේ ජීවිතේ අරුන්දතී."
"අපි ගෙදර යමු අනූ"
නිමි
උපුටා ගැනීමකි
උපුටා ගැනීමකි
No comments:
Post a Comment