ආයෙත් නුඹ නම් එපා

❤💞💕ආයෙත් නුඹ නම් එපා💕💞❤

නිමේෂි කියන්නෙ අපේ ඉස්කොලෙ අපේ වයසෙ මම දැකපු ලස්සනම කෙල්ලෙක්.හරිම අහිංසක හුරතල් පෙනුමක් ත්බුන කෙල්ලෙක් නිසා කොේලො ඔක්කම වගෙ නිමෙිෂිට කැමැත්තෙනුයි හිටියෙ.දකින ඔනම කොල්ලෙක් අනිවා නිමෙිෂි පස්සෙන් යනවමයි.මොකද කෙල්ල එච්චරටම ලස්සනයි.නිමෙිෂි අපේ ඉස්කොලෙට ආවෙි අලුතෙන්.උසස්පෙල කරන්න.අපට ඉස්කොලෙ පංති පරන ලමයිනුයි අලුත් අයයි දෙගොල්ලම එකට තියල දවසක් රැස්විමක් තිබුනා.මම පිරිමි ලමයින්ගෙ පොලිමෙි කෙලවරෙම වාඩි වෙලා හිටියෙ.නිමෙිෂි ගෑණු ළමයින්ගෙ පෝලිමෙි කෙලවරෙයි හිටියෙ.කිපවතාවක්ම මම එයා දිහා බැලුවත් එයාට එක වැඩිය ගානක් ගියෙ නැ.....

"අඩෝ කනියා....උබ අර අලුත් කෑල්ලව ලයින් කරනව නේ....."

"කොකිද බං...."

"ඔන්න....ඔන්න....උබ අපටත් කොලේ වහනව....එදා රැම්විමෙදි උබ පැනි හලපු එකි බං....."

"අහ්....එකද....හම්ම්ම්ම්.....අදහසක් නම් තියනව....එත් ඉතින් එකි කැමති වෙයිද දන්නැ....."

"මෙි....මෙි...කරන වෙඩිමක් ඉකිමනට කරපන්....අර 13 එවුනුයි අපේ වයසේ මැත්ස් එකෙ එවුනුයි ඔක්කම එකිට පෙරනව ඇ....උබත් ලයින් එකක් ගහපන් එකිට දැනෙන්න...."

"අඩෝ....මට බයයි බං....එකි බෑ කිවොත්...."

"නැ....නැ....බය නැතුව උබත් ගිහින් කතා කරපන්....උබලගෙ පංතියෙනෙ...."

"බලමුකො....බලමුකො සුපුනා....තව කල් තියනවනෙ....."

****************************************************

සුපුන් එදා එහෙම කිවත් මට බයක් තිබුනෙ බැරි වෙලාවත් එයා ම‍ට අකමැති උනොත් මම exam එකත් අනිවා ඇනගන්නව කියල මට දැනුන නිසයි.ඒ නිසා මම එයාගෙ පස්සෙන් ගියාට කවදාවත් එයාගෙන් යාලු වෙන්න නම් ඇහුවෙ නැ......එත් එයා ගැන ආදරයක් මගෙ හිතේ විතරක් තියාගෙනයි මහ හිටියෙ.....එ්ත් ඉතින් ඒ කාලෙදිම තමා........

"අඩෝ කනියා මෙි උබ අර ටෝක් කරපු එකි ආන් වෙන එකෙක්ට සෙට් වෙලා...."

"අනෙ පලයන් බන් බොරු නොකියා...."

"උබට බොරු කියල තෑගි ගන්ඩද බං මම....."

"කාත් එක්කද සෙට් වෙලා තියෙන්නෙ....."

"අර උබෙි හොදම යාලුව බං....අර අරු....."

"කවුද සවිදු ද....."

"අන්න හරි....පොර තමා....මන් දැක්ක ඌත් එක්ක එකි වැව රවුමෙ ඉන්නව....."

"අඩෝ....ඒ කියන්නෙ එකිව මට නැති උනා නේ.....හරි....අවුලක් නැ......සවිදුවට හරි ගියානෙ....."

සිවිදු කියන්නෙ මගෙ පොඩි කාලෙ ඉදල හිටපු හොදම යාලුව.....සවිදු මම විතරක් නෙවෙි.තව ගොඩක් කොල්ලො නිමෙිෂි පස්සෙන් ගියත් නිමෙිෂි කැමති උනේ සවිදුට......කෙල්ලෙක් නිසා යාලුවො එක්ක ගහගන්න ගිහින් යාලුවො නැති කරගන්න බැරි නිසාමයි මම පාඩුවෙ පැත්තකට වෙලා හිටියෙ.....

අවුරුද්දක් විතර මම ඔහේ පිස්සෙක් වගෙ හිටියා....මොකද මම ආදරෙ කරපු කෙල්ල මගෙ හොදම යාලුව එක්ක යාලු උන නිසාමයි....එත් ඉතින් ඔය කාලෙදි තමා මට අපේ ඉස්කොලෙට නිමෙිෂි එක්ක අලුතෙන් ආව කෙල්ලෙක් වෙච්ච සචිනිට හිත ගියෙ.....සචිනි හිටියෙ ආට් එකේ නිසා මට වැඩිය විස්තර නම් දැනන් හිටියෙ නැ.....ඒ නිසාම තමා මම සචිනි ගැන නමෙිෂිගෙන් අහන්න ගියෙ....

"මෙි....නිමෙි....අර ඔයාලගෙ පරන ඉස්කොලෙ ඉදල අපේ එකට ආව සචිනි කොහොමද....හොදයිද...."

"ඇයි ඒ....මොකද ඔච්චර සචිනි ගැන හොයන්නෙ...."

"නැ ඉතින් කාලයක් කෙනෙක් ගැන හෙව්ව එයා වෙන කෙනෙක්ගෙ වෙලානෙ....දැන් ඉතින් මාත් වෙන කෙනෙක්ව හොයනව...."

"මෙහෙමයි කනිෂ්ක....සචිනි කියන්නෙ එච්චර හොද කෙනෙක් නම් නෙවෙි.සතියෙන් සතිය කොල්ලො මාරු කරනව.ඒ නිසා මම නම් කියන්නෙ එයාට නම් අහුවෙන්ඩ එපා කියල...."

"හම්ම්ම්ම්ම්....එහෙමත් එකක්ද.....අහ් එක නෙවෙි කොහොමද දැන් ඔයාගෙ ලව...."

"අපි ඒ ගැන කතා නොකර ඉමු...."

"ඒ ඇයි....මොකො සීන් එක....බුට් එකක්වත් කෑවද...."

"හම්ම්ම්ම්....සවිදුට මාව මැච් වෙන්නැලු.....සවිදු මට කිවෙ එච්චරයි...."

මට අචිනිව එපා උනේ නිමේෂි අචින ගැන කිව කතාව නිසාමයි.ආයෙත් මම තනියම ඉන්ඩ හිතාගෙන ඉන්න කාලෙදි තමා නිමෙිෂි මගෙ හොදම යාලුවෙක් උනේ.නිමෙිෂි එයාගෙ හැම ප්‍රශ්නයක්ම මාත් එක්ක කිවා.මාත් එහෙමයි.අපි දෙන්නගෙ මෙි යාලුකම මෙහෙම ටික කාලයක් යනකොට තමා වෙනස් උනේ.ඒ මට ආයෙත් නිමෙිෂි ගැන ආදරයක් ඇති උන නිසාමයි....කලින් කරපු මෝඩ වැඩෙි ආයෙත් කරන්න බැරි නිසාමයි මම මෙි පාර තිරනේකට ආවෙි.......

"නිමෙිෂියෝ.....මෙි මං දෙයක් ඇහුවොත් උබ මාත් එක්ක තරහ වෙන්නැ නේද බං...."

"මොකක්ද හොදම යාලුවො තරහ වෙන්නැ කවදාවත්....."

"ඔන්න එහෙනමි පොරොන්දු උනා......තරහ වෙන්ඩ බැ හරිද....."

"හරි හරි ගෙම්බෝ.....කියනව මොකක්ද...."

"මං ආදරෙයි ඔයාට නිමෙිෂි......"

"ආහ්....මෙි....මෙි....මොනවද ඔයා කියන්නේ....අයියෝ.....'"

"ප්ලිස් තරහ වෙන්ඩ නම් එපා.....ඔයා මට පොරොන්දු උනා නිමෙි.....තරහ වෙන්නැ කියල....."

"තරහ වෙන්නැ මැට්ටෝ.....මාත් ආදරෙයි.....එත් මන් එක කියන්න බයෙ හිටියෙ....."

"ඔහ්.....ඇත්තමද මෙි කියන්නෙ මැනික....."

"හම්ම්ම්ම්ම්.....ඔව් කනි.....මට ඔයා තරම් හොද කෙනෙක් හම්බෙලම නැ.....අපරාදේ මට සවිදු නැතුව ඔයාම හම්බුනානම් ඉස්සෙල්ල....මෙි තරම්වත් දුකක් නැ....."

"දැන් එවා වැඩක් නැ නෙ මැනික....මම ඔයා ලග ඉන්වනෙ....."

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

සවිදු මාව දාල ගියත් සවිදුට වඩා මට ගොඩක් ආදරෙ කරන කෙනෙක් හම්බුන එක ගැන මම හිටියෙ කියාගන්න බරි තරම් සතුටකින්.මොකද කනිෂ්ක මට පුංචිම තනිකමක්වත් දැනෙන්න දුන්නැ.....කනිෂ්කගෙයි මගෙයි ආදරෙ මුලු ඉස්කොලෙම විතරක් නෙවෙි ක්ලාස් වලින් පවා දැනගෙනයි හිටියෙ.මොකද කනිෂ්කයි මමයි දෙන්නම ඉස්කොලෙ එකම පංතියෙ හිටියෙ ඒ වගෙම අපි දෙන්නම ගියෙ එකම ක්ලාස් වලට.අපේ ආදරෙ මෙහෙම සතුටින් ගලාගෙන ගියා.එක දවසක් උදේ මගෙ ඇගට ටිකක් අපහසුවක් දැනුනත් මම ක්ලාස් ගියෙ කනිෂ්කව දකින්නැතුව මට එක මොහොතක්වත් ඉන්න බැරි නිසයි........

"බබා මොකද මෙි ඇස් දෙකත් රතු වෙලා.ඇඩුවද පැටියො ඔයා....."

"අම්ම්ම්.....නැහැ...."

"එහෙනම් ඇයි මෙි......ඔලුවත් රස්නි හොදටම......"

"මගෙ ඇගට ටිකක් අමාරුයි කනිෂ්ක....මට ඔයාව දනින්නැතුව ඉන්න බැරි නිසයි අද කලාස් ආවෙත්....."

"අයියො.....ඇයි මැනික එහෙම කරෙ.....යමු අපි බෙිත් ටිකක් ගන්නවත්....."

"ඕන නැ අනේ....මම නිසා ඔයාටත් ඉගන ගන්න නැ....."

"නැ....නැ....එහෙම නැ....යමුකො....."

එදා කනිෂ්ක මාව බෙත් ගන්න එක්කගෙන ගියත් එතනින් කිවෙි හොසපිට්ල් එක්කන් යන්න කියලයි.මොකද මට ඩෙංගුද තියෙන්නෙ කියල සැක නිසාමයි....මම හොස්පිට්ල් ඉන්නකොට කනිෂ්ක විතරක් නෙවෙි එයාලගෙ අම්මත් මාව බලන්න ආව.....කනිෂ්කලගෙ ගෙදරිනුයි අපේ ගෙදරිනුයි අපේ සම්බන්දෙට කැමැත්ත ලැබුනෙත් එදා හොස්පිට්ල් එකේදිමයි.හැබැයි අපට කිවෙි දෙන්නම හොදට ඉගන ගන්න.මෙි දෙවල් එකට බාදාවක් කරගන්න එපා කියලයි....
මම හොස්පිට්ල් හිටපු හැම දවසකම වගෙ කනිෂ්ක එයාට පුලුවන් හැම දවසකම වගෙ මාව බලන්න ආව.මම හොස්පිට්ල් නිසා මට එයාට වෙනද වගේ නිතරම කොල් කරන්න මැසේජ් කරන්න බැරි උනා.....ඒ කාලෙදි තමා සචිනි  මගේ ලස්සන ආදරේ මගෙන් හොරකන් කරගත්තෙ....ඒ කනිෂ්කගෙ නම්බර් එක හොයාගෙන මැසේජ් කරන්න පටන් ගෙන.ඊට පස්සෙ තමා මගෙ කනිෂ්ක ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තෙ.ඉස්සර හොදට හිටපු කනිෂ්ක බොන්න පුරුදු උනා.නාස්ති වෙන්න ගත්තෙ බලාන ඉද්දිමයි.මම කනිෂ්කගෙන් ඒ ගැන අහනකොට එයා කිවෙි.....

"තමුසෙට මාත් එක්ක ඉන්න බැරි නම් පලයන්....මොකද මම දැන් ජරා කොල්ලෙක්.මට එක කෙල්ලක් මදි.මට තව කෙල්ලො ඕන....."

"බැ...බැ....මට ඔයාව නැතුවනම් බැ කනිෂ්ක.....ඔයාට ඇත්තටම ආදරෙ මම විතරයි.....ප්ලිස් එක තේරුම් ගන්න...."

මම කොච්චර කිවත් කනිෂ්ක මාව ගනන් ගත්තෙම නැ.....මම එයාගෙ කකුල් දෙක අල්ලල වැදල කිවා බොන එක නතර කරල ඉස්සර වගෙ හොදට ඉන්න කියල.එත් කනිෂ්ක මට බැන බැන එයාට ඕන විදිහට හිටියා.මම කොච්චර මහන්සි උනත් එයාව වෙනස් කරන්න එයා වෙනස් උනෙම නැ.....මම ගෙදර ඇවිත් තනියම අඩපු වාර අනන්තයි.....
කොච්චර බැන්නත් මම හැමදාම ක්ලාස් ගියාම වාඩි උනේ කනිෂ්ක ගාවින්මයි.ඒත් එදා උදේ ඉදලම කනිෂ්ක ෆෝන් එක අරන් කාටදො මැසේජ් කර කරයි හිටියෙ.....

"බබා....කාටද අනෙ ඔච්චර මැසෙජ් කරන්නෙ.යාලුවන්ට කියන්න ක්ලාස් එකෙ ඉන්නෙ කියල......"

"මෙි තමුසෙ තමුසෙගෙ වැඩක් කරනවකො.මොන වදයක්ද....."

"අනේ ඇයි මෙි.....ඇයි මෙහෙම වෙනස් වෙලා ඔයා....."

"මට ඕන නිසා.....උබ උබෙි වැඩක් බලාන හිටපන්.එච්චරයි.....මට අරනයක් වෙන්ඩ එපා....."

කවදාවත් මට බැනපු නැති කනිෂ්ක එදා මට බැනපු විදිහට මට ගොඩක් දුක හිතුනා.මම ඉන්ටවල් එකේ ක්ලාස් එකෙන් ගියෙ හිතේ තිබුන දුක නිසා ක්ලාස් එකෙ හිටියත් වැඩක් නැති නිසයි......මම තනියම පාර්ක් එකට වෙලා ඉන්නකොට තමා මට මිනුගෙන් මැසේජ් එකක් ආවෙි.

Minu : me umbl denna kohed bn gye.ude wali dagn intervale eke penna ne dennm.

Me : kani awe ne bn.mm tniym prk ekt wela ada ada inne.....

Minu : ane plyn ynd.u clz eketh ne....umbl dennm tma gye....

Me : ah kani nedda clz eke.ane joke nkr kyhnko minu...

Minu : joke newe bn.sirawtm.u ne bn.ai ubth ekk nedda u....

Me : ne bn.hri hri mm blnnm.tnkz kelle....

මිනුගෙ ඒ මැසේජ් එක නිසා මගෙ හිත තව තවත් රිදුනා.මම කනිෂ්කට කොල් කරත් එයා මගෙ නම්බර් එක බ්ලොක් කරලයි තිබුනෙ....මම නිකමට වගෙ ස්ටෑන්ඩ් එකට යනකොට නුවර බස් නවත්තන තැන කනිෂ්ක වෙන කෙල්ලෙක් එක්ක අත් අල්ලගෙන හිටියා.මම ලගට ගිහින් බලනකොට ඒ වෙන කවුරුවත් නෙවෙි.සචිනියි එතන හිටියෙ.මගෙ හිතේ තිබුන දුකටයි තරහටයි මම ඒ සෙනග මැද්දෙම කනිෂ්කගෙ කනට ගහපු පාරට කවිෂ්කට කදුලුත් ආව.මම වචනයක් වත් නොකියා ගෙදර ඇවිත් සැහෙන්න ඇඩුව.කනිෂ්කගෙ හැම මතකයක්ම මම විසි කරා.මට පලවෙනි පාර විභගෙ ෆේල් උනෙත් ඒ නිසාමයි.
ඒත් දැන් මම අායෙත් විභාගෙ කරල මෙඩිකල් ෆැකල්ටි එකෙයි ඉන්නෙ.මම කැම්පස් සිලෙක්ට් උන දවස් වලම කනිෂ්ක මට ආයෙත් කතා කරා.එයාව සචිනි දාල ගිහින්.ඒ හැම දේම මට කියල ආයෙත් මගෙන් ආදරෙ ඉල්ලුවත් මම කිවෙි...

"තමුසෙ ඔය විදවන්නෙ මම එදා විදවපු දුක.මට ආය තමුසෙට දෙන්න අාදරයක් නැ...."

මොකද මට ඒ වෙනකොට මෙඩිකල් ෆැකල්ටි එකෙන් හොද කෙනෙක්ව හම්බෙලා තිබුන නිසාමයි....එක පාරක් මට අසනිප උන නිසා මාව දාල ගිය කෙනාට ආදරෙ කරන්න තරම් මම මොඩ උනේ නැ.....දැන් කනිෂ්ක ආදරෙ නිසා පිස්සෙක් වෙලයි ඉන්නෙ........

#ලියන්නෙ : දුෂාන්

#Dushan D Ekanayake

*පනට පන කියල ගන්න හුස්ම පොදටත් ආදරෙයි කියන ගොඩක් කට්ටිය අවසානෙට ඉතුරු කරන්නෙ දුකක් විතරය.කවදාවත් තමන්ට පන වගෙ ආදරෙ කරන කෙනෙක්ට බොරුවක් කරන්න එපා.මොකද එක ඒ පන වගෙ ආදරෙ කරන කෙනාට ලොකු දුකක්.ආදරෙ කරනව නම් එක්කෙනෙක්ට විතරක් ආදරෙ කරන්ඩ.එතකොටයි ඒ ආදරෙ ලස්සන වෙන්නෙ.නැත්තන් අන්තිමට වෙන්නෙ ඒ අවංකව ආදරය කරපු කෙනාටත් බොරු කරොත් කිසිම කෙනෙකුගෙ ආදරයක් නැතිව තනි වෙලා ඉන්නයි.මොනදේ උනත් අවංක ආදරෙ තියෙන්නෙ දෙමාපියො ලග විතරයි.අනිත් හැම කෙනා ලගම තියෙන්නෙ එක පටු අරමුනකට ලං වෙච්ච බැදිමක් විතරයි.*
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment