❤💞💕වැරදුනා මට ඔබ නිසා💕💞❤
"නංගි අනේ මට සමාවෙන්න පැටියො....මම නිසා අද ඔයයි විදවන්නෙ...."
"අනේහ්....ඇයි අක්කෙ මෙි......කමක්නැ....මගෙ අක්ක ඒ ජරා මිනිහගෙන් බෙිරුනානෙ...."
"එත් නංගා....."
"ෂ්ෂ්ෂ්ෂ්.......ඇති....ඇති අක්කි....තවත් වචනයක් වත් කියන්න එපා.....මොකද එහෙම උනොත් මට ඒක දරා ගන්න බෑ......"
"හම්ම්ම්ම්ම්.....අපි යමු පහලට....අන්න අම්මයි තාත්තයි කෑම කන්න ඔයා එනකන් බලාන ඉන්නව....."
"හම්මිම්ම්.....යමු එහෙනම්......"
මම සෙව්වන්දි.ඉංජිනිය කෙනෙක් ගෙයි ඩොක්ට කෙනෙක්ගෙයි බාලම දුව උනේ මම.මට හිටියෙ තව අක්ක කෙනෙක්.එයා තමා මගෙ මුලු ජීවිතේම උනේ.එයාටත් මාව එහෙමමයි.අපේ ගෙවල් තිබුනෙ කුලියාපිටියෙ.එත් අක්කයි මායි දෙන්නම ගියෙ නුවර තිබුන ප්‍රසිද්ධ බාලිකා විද්‍යලයකට.අපි දෙන්නම ඒ දේෂගුනයට ආසා නිසා ඒ ඉස්කොලෙ හොස්ටල් එකේ ඉදල තමා ඉස්කොලෙ ගියෙ.
මගෙ අක්ක ගොඩක් ලස්සන කෙනෙක්.එයාගෙ ඒ ලස්සන නිසාම දකින ඕනම කෙනෙක් එයා දිහා ආයෙත් පාරක් හැරිල බලන්න නම් අමතක කරන්නෙම නැ.....ඒත් ඒ ලස්සනම තමා එයාට අන්තිමට ප්‍රශ්ණයක් උනේ......
****************************************************
"ආහ්....නංගි අද ගෙදර යනවද...."
"හම්ම්ම්ම්ම්...."
"මොකද නිකන් බස්සෙක් වගෙ හම්ම්ම්....හම්ම්ම් ගාන්නෙ.....ඇයි කට ලොක්ද....."
"අනේ මෙි....කරුනා කරල මෙතනින් යනවද යන්න අපට වද නොදි....."
"ආහ් හරි නංගි....එනම් අපි ගියා....පස්සෙ හම්බෙමු....."
"කවුද අක්කෙ ඒ....යාලුවෙක්ද???? "
"පිස්සුද නංගා.....ඔය කොහෙ හරි යන රස්තියාදු කාරයෙක්....."
"හම්ම්ම්ම්ම්ම්.....මට බයයි අක්කෙ..."
"අනේ....මොකද මෙි මගෙ චන්ඩි රැජින බය වෙලා....ආ...මෙි අක්කි ඉන්න කන් කිසි දේකට බය වෙන්න එපා...."
"හම්ම්ම්ම්ම්....හරි...හරි......"
එදා අක්කි මගෙ මුන දෙපැත්තෙන් අල්ල හුරතල් කරනකොට තමා මට තිබුන බය පොඩ්ඩක් හරි නැති උනේ....එදා අපි දෙන්න හොස්ටල් එකේ ඉදල ගෙදර එන්න බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් ඉන්නකොට තමා ඒ දෙ සිද්ද උනේ.
මෙහෙම කාලයක් ගෙවිල ගියා....දවසක් මම ඇස් දෙකටම දැක්ක අක්කයි එදා අපට විහිලු කරපු අයියයි කතා කර කර ඉන්නව.එත් ඒ ගැන මම කාටවත් නොකියා හිටියෙ කවුරු හරි ගෙදරට කිවොත් අක්කට තාත්තගෙන් හොදටම ගුටිකන්න වෙනව කියල දැනගත්ත නිසාමයි......මම අක්කගෙන් ඒ ගැන අහපුවම කිවෙ ඒ ගැන කාටවත් කියන්න එපා.එක අක්කගෙයි මගෙයි රහසක් කියලයි.මාත් අක්කට තිබුන ආදරෙ නිසාම ඒක රහසක් විදිහට රැකගෙන හිටියා....ඒ අයියත් අපේ හොස්ටල් එක ගාව ගෙදරක අයිය කෙනෙක්ලු.එහෙම කාලයක් යනකොට තමා අක්කගෙ වෙනසක් මට තේරුනේ....එයා වෙනදට මාත් එක්ක හොදට කතා කරත් දැන් තනියම කාමරේට වෙලා කල්පනා කර කර ඉන්න එකමයි කරේ.....
"අක්කි....ඇයි මෙි කල්පනා කරන්නෙ...."
"මොකුත් නැ පැටියො.....ඔයා ගිහින් ඉස්කොලෙ වැඩ ටික කරන්න....නැත්තන් ටීච ගහයි...."
"මම එවා කරා අනේ....ඇයි කියන්නකො මෙි...."
"මෙි....නංගි යනවකො වද නොදි.....මම මෙතන මෙි ප්‍රශ්නෙක ඉන්නව....තමුසෙ එනව මෙතෙන හුරතල් වෙන්න....."
මම තව වචනයක් වත් නොකියා එතනින් ආවෙි අක්කට හොදටම තරහ ගිහින් හිටපු නිසාමයි.....අක්කගෙ ඒ වෙනසට හේතුව වෙලා තිබුනෙ අසංක අයියා.එයා තමා අක්කා යාලු වෙලා හිටපු කෙනා....එදා අපට ස්ටෑන්ඩ් එකේදි විහිලු කරපු කෙනා....දවසක් අක්කයි මායි හවස නුවර ටවුන් එකට ගියෙ අක්කගෙ වැඩ වගේකට කියලයි.එදා අසංක අයියත් ඇවිත් හිටියා.....
"මෙි.....ගිම්හානි....මම මෙි උබට කියන අන්තිම වතාව....උබ මාත් එක්ක යන්ඩ එනවද නැත්තන් මම බලෙන් එක්කන් යන්නද....."
"අනේ අසංක.....ඇයි දෙයියනෙ මාව තේරුම් ගන්න බැරි....."
"දැන් මොකක්ද මම තමුසෙව තේරුම් නොගත්ත තැන....කියපන්....කියපන් ඉතින්....."
"අයියො....මෙි...පිස්සෙක් වගෙ කෑගහන්ඩ එපා....මෙි ටවුන් එකේ මිනිස්සුත් බල බලා යනව...."
"ඉතින් ගියපු දෙන්...ටෙ මොකද....මට ලැජ්ජා නැ...."
"ඔයාට ලැජ්ජා නැති උනාට මට ලැජ්ජයි.මෙි මගෙ නංගිට ලැජ්ජයි....."
"ආ.....එහෙමද....හරි එහෙනම්....හෙට උදේ ලැස්තිවෙලා හිටපන්.නැත්තන් අඩන්න වෙයි උබට....."
"අනේහ්....ඇයි මෙි....මොන කරුමයක්ද මෙි....."
****************************************************
අක්ක එදා ඉකි ගගහ ඇඩුවත් අසංක අයියට කිසිම ගානක් නැ....එයා අක්කට බැන්නෙ හරියට සතෙකුට බනිනව වගෙ.අක්ක මාවත් එක්කගෙන හොස්ටල් එකට ඇවිත් ඇහුවෙ
"මෙි අක්ක නැතුව ඔයාට ඉන්න පුලුවන්ද චුටි.....ඔයා නම් අක්ක වගෙ වෙන්න එපා පැටියො...."
අක්ක මට එහෙම කියන්ඩ හේතුව මට තේරුනෙ නම් නැ....මොකද මට එතකොට යන්තන් අවුරුදු 12ක් ලැබුවා විතරයි.....අක්ක උසස්පෙල කරල මගෙ තනියට මම ගාව නතර වෙලයි හිටියෙ....පහුවදා උදෙන්ම වෙනද මාව ඉස්කොලෙට දාන්න යනකොට ගෙනියන බෑග් එක නැතුව ලොකු ට්‍රැවලින් බෑග් එකකුත් අරගෙන එයා මාත් එක්ක ගියෙ....එයා මාව ගේට්ටුව ලගින් දාල මගෙ ඔලුව අතගාල කිවෙි
"මෙි අක්ක වගෙ මොඩ වෙන්ඩ එපා.පරිස්සම් වෙන්ඩ කියලයි......."
වෙනදට හවසට මාව එක්කන් යන්න එන අක්කා අද ආව නැති නිසා ගෙදරට කොල් කරල අම්මට එන්න කියලයි මම ගෙදර ගියෙ.එත් එදා හවස අසංක අයියා අපේ ගෙදරට කොල් කරල තිබුනා....
"හෙලො....දොස්තර නොනා...."
"කවුද මෙි...."
"ආ....හා...හා....ඔච්චර සැර වෙන්න එපා....මම තමා ලොකු බෑනා....ඔයාලගෙ ලොකු දුවගෙ මහත්තය....."
"තමුසෙ කවුද ......මම කවුරු කියල හිතානද කතා කරන්නෙ...."
"මම අසංක....මම ලොකු මිනිහෙක් නම් නෙවෙි.පොඩි ජොබ් කට්ටක් කරන්නෙ....එත් දැන් ගිම්හානිව බැදල ඉන්නෙ මම....පොලිසි ගිහින් කලබල වෙයි කියලයි කිවෙි...."
එදා ඒ කතා කරල තිබුනෙ අසංක අයිය.එයා මගෙ අක්කට තර්ජනය කරල බය කරලයි එක්කන් ගිහින් තිබුනෙ.තාත්ති ආව ගමන්ම අම්මයි තාත්ති මමයි අපේ තව නෑදෑයො ටිකකුයි කිරිදිවැල්ලට ගියෙ අසංක අයිලගෙ අම්මගෙ ගම කිරිදි වැල්ලෙ නිසා අසංක අයියයි අපේ අක්කයි ගිහින් තිබුනෙ කිරිදිවැල්ලට කියට ලැබුන ආරංචිය නිසාමයි.....අපි එදා ගිහින් අක්කව එක්කන් එන්න හැදුවත් අක්ක එන්න බෑ කිවෙ අසංක අයියට තිබුන බයටමයි.....පස්සෙ අපි පොලිසියත් එක්කත් අසංක අයියලගෙ ගෙදරට ගියා....ඒත් පොලිසියෙන් කිවෙත් අක්ක කැමැත්තෙන් එහෙ ඉන්න නිසා එයාලට කරන්න දෙයක් නැ කියලයි.පස්සෙ මාවත් නුවර ඉස්කොලෙන් අස්කරගෙන කුලියාපිටියෙ ඉස්කොලෙකටම දැම්මෙ මාව බලාගන්න ඕන නිසාමයි.....
එත් ආයෙත් අවුරුද්දකින් විතර අක්ක ආපහු ගෙදර ආව....ඒ ආවට එයාලට බබෙක්වත් හිටියෙ නැ.....එයාල අපේ ගෙදර හිටියත් හැමදාම රන්ඩු කරපු එකමයි කරෙ.
"මට බැ මෙහෙ බින්න බැහැල ඉන්ඩ....තමුසෙගෙ දෙපල ඉල්ල ගනින්...."
"මට එහෙම ඉල්ලන්න බෑ අසංක....තමුසෙ මාව බලෙන් එක්කගෙන ගියෙ...."
"ඒ කොහොම උනත් තමුසෙ මගෙනෙ දැන්....මම තමුසෙව බැදල ඉන්න එකා....දේපල ඉල්ලගනින් උබගෙ...."
හැමදාම රන්ඩු නිසාම අක්ක අසංක අයියගෙන් වෙන් වෙන්න නඩු දාල උසාවි ගානෙ රස්තියාදු වෙලා වෙලා යන්තන් ඒ කරදරෙන් බෙිරුනා....එත් එයා අපි ගැන ලොකු තරහකිනුයි හිටියෙ.අක්කට කැම්පස් යන්න චාන්ස් තිබුනත් අසංක අයිය අක්කට එකට ඉඩ දුනනෙත් නැ.....
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
(වසර 5කට පසුව)
දවසක් මම ෆොන් එක බලනකොට දන්නෙ නැති නම්බර් එකකින් අවුරුද්දට සුභ පතල මැසේජ් එකක් ඇවිත් තිබුනා....මම කිසි ගානක් නැතුව රිප්ලයි කරා.ඊට පස්සෙ තමා හැම දේම කනපිට පෙරලුනෙ.....එදා එ් මැසේජ් එක දාල තිබුනෙ මගෙ අක්කව බලෙන් කසාද බැදගත්ත අසංක අයිය.එයා මට දිගටම මැසේජ් කරා.මම රිප්ලයි නොකර ඉන්නකොට මට තර්ජනය කරා.අමිම තාත්තව මරණව කියල.ඒ තර්ජන වලට බයේ තමා මම මැසේජ් කරෙ.මම එතකොට උසස් පෙල කරන්න ක්ලාස් යනව.එත් එවට වත් හරියට යන්න බැරි උනෙ අසංක අයියගෙ තර්ජන නිසාමයි......දවසක් මම ක්ලාස් යනකොට මම ගියපු බස් එකට නාරම්මල ස්ටෑන්ඩ් එකෙන් අසංක අයිය නැග්ග.එයා මගෙ ගාවින්ම ඇවිත් වාඩි වෙලා....
"කොහෙද යන්නෙ පොඩි එකා..."
"ඔයාට මොකටද...."
"මෙි කෑගහන්ඩ දගලන්ඩ එපා.....උබගෙ අම්මට තාත්තට ආදරයක් තියනව නම් මම කියන විදිහට හිටපන්....."
"මට වද නොදි යනවකො....."
"යන්නම්....උබගෙ අක්ක මට කරපු දේට පලිය ගත්තට පස්සෙ....."
මම බස් එකෙන් බහින්න හැදුවත් මට ඒකට ඉඩ නොදි මාව බලෙන්ම වගෙ ටවුන් එකට යනකන්ම එක්කගෙන ගියා.ටවුන් එකේදි එයා මගෙ අත තද කරල අල්ලගෙන මාව ඇදගෙන යන්න හදනකොට මම එයාගෙ අත හපල ලග හිටපු පොලිස් අංකල් කෙනෙක්ට සිද්දිය කියනකොට එයා එතනින් පැනල දිවා.එදා මම ක්ලාස් ගියෙත් හරිම බයෙන්.මොකද කොයි වෙලාවෙ අරු එයිද කියල තිබුන බය නිසාමයි.
"මචං මට උබෙි වාහනේ ඕන....."
"ඒ මොකටද බං...."
"අර මගෙ කෑල්ලගෙ නංගි මාව අද චාටර් කරා....එකිට එකේ රිටන් එක දෙන්ඩ ඕන....."
"මෙි පිස්සුද බං.....උබ මොනවද කරන්ඩ හදන්නෙ....."
"මරන්නැ....උස්සන්නෙත් නැ....පොඩ්ඩක් බය කරනව...."
"අනේ මන්ද බං....."
"බැයිද උබට.....මට වාහනෙ දෙන්ඩ බැ....එකට හිටපු මට බැ නේ....."
"එහෙම නෙවෙි බං....."
"මෙි බණ එපා වාහනෙ දිපන්....එච්චරයි.නම්බප්ලෙට් වෙනස් කරගෙන යන්නෙ.බිංදුවට කලු පාටින් මැදට ටෙිප් ගහල අට කරනව....."
"හා....හා....අනේ මන්ද බං....."
මම ක්ලාස් ඉවර වෙලා එනකොට වෙනද එන පාරෙන් නැතුව වෙන පාරකින් තව යාලුවො දෙන්නෙක් එක්කයි ආවෙි.ඒ එනකොට තමා වෙිගෙන් ආව වැන් එකක් මාව හප්පගෙන ගියෙ.මට සිහිය එනකොට මම හිටියෙ හොසිපිට්ල් එකෙ ඇදක සේලයින් දිලා.මැෂින් වලටත් කනෙක්ට් කරලයි.....
මාස කිපයක් ගිහින් පිටතින් තිබුන තුවාල හොද උනත් මම අද සදාතනිකව රොදපුටුවකට තනිවෙලා තියෙන්නෙ මගෙ කකුල් දෙකම හොදටම කැඩිල නිසා හොද කරන්න බැරිමතත්වෙකට පත්වෙලා නිසා මගෙ කකුල් දෙකම කපල වෙන් කරල තිබුන නිසාමයි.අසංක අයියා අද ජිවිතාන්තය දක්වා හිර කුඩුවෙම හිටියත් එයා අක්ක එක්ක තිබුන තරහට මගෙන් පලිගත.මම රොද පුටුවට සීමා උනත් අක්කට අද හොද කෙනෙක් ලැබිල එයාල දෙන්න සතුටින් ඉන්න දිහා බලල සතුටු වෙනව ඇරෙන්න වෙන කිසිම දෙයක් මට කරනන්න නැ.....
#සත්‍ය සිදුවීමක් ඇසුරින් කල නිර්මණයක් වන අතර නම් ගම් මනඃකල්පිත වෙි.
#ලියන්නෙ : දුෂාන්
#Dushan
*අද ගොඩක් සමාජයෙ වෙන්නෙ ආදරෙ කරන්න ගාහින් ඒ ආදරෙ අහිමි උනොත් හරි ඒ කෙනා අකමැති උනොත් හරි එයාගෙන් පලි ගන්ඩ හදන එක.කොච්චර සංසාර ගත ආදරයක් උනත් අවසානය වෛරයක් නම් එතන ආදරයක් කොහෙත්ම නැ.අනික ආදරෙ කරනකොට පරිස්සම් වෙන්ඩ.මොකද මිනිස්සු වගෙ ඉන්න තිරිසන්නු කරන වැඩ නිසා විදවන්නෙ දෙමාපියො.නැතන් සහොදරිය.ආදරෙ කරන්න කලින් තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගෙන ආදරෙ කරන්න.ආදරෙ තියෙන්නෙ විදින්න මිස විදවන්න නෙවෙි....*
උපුටා ගැනිමකි
No comments:
Post a Comment