අමිල වු ප්‍රේමය

අමිල වූ ප්‍රේමය
( කෙටි කතාව )

ඉතින් එයාගේ නම අහස්. අහස් ලියනගෙදර. මහා ගොඩක් නම් හැන්ඩ්සම් නැ. එත්  කෙල්ලෝ කැමති වෙන පෙනුමක් තියනවා. ආදරේ හිතෙන පෙනුමක් තියනවා.

" නිෂි... අද දවස මතක නැද්ද"

" සදුදා. දහතුන් වෙනිදා"

" අද දවසේ විශේෂයක් නැද්ද"

" ඕඕ අද අපේ අනිවසරි එකද. සිරාවටම තව අවුරුද්දක් ගියාද"

" නැ මෝඩි."

" එහෙනම්. ඔයාගේ බර්ත්ඩේ එකද"

" ඔව් මෝඩි මම රැ දොළහේ ඉදලා ඔයා කතා කරයි කියලා බලාගෙන හිටියේ"

" අනේ සොරි අහස් මට මතක තිබුනෙම නැ. සොරි. හැපී බර්ත්ඩේ"

මම පාර මැදම අහස්ගේ බෙල්ල බදාගෙන කිස් කරා.

" අයි ලව් යු ... අයි ලව් යු ලොට්."

" මට එපා බොරු ආදරේ. මොකුත්ම මතක නැ"

අහස් කිව්වේ මාව එයාගේ පපුවට ලං කර ගන්න ගමන්. මේ තමයි අපේ ආදරේ. අවුරුදු හතරක් උනත් තාමත් අලුත් අපේ ආදරේ . ම්ම්ම් පිස්සු ආදරේ.

" ඔයා මම වගේ සතියක් කලින් ඉදලා කියලා තිබුනානම් මට අමතක වෙන්නේ නැනේ. එහෙනම් එලාම් තියලා නැගිටලා විශ් කරනවනේ"

" හරි හරි මැඩම් එකටත් වැරදි මම"

හැමදාම උනේ ඔහොම දේවල්මයි. මට මතක අමතක වෙනවා හැම වෙලාවේම. අපේ විශේෂ දවස් එකක්වත් මට මතක නැ . මතක එකම දවස මගේ බර්ත්ඩේ එක විතරයි. ඒ අනිත් අයගෙන් තෑගී ගන්න ඕන නිසා.

" හෙලෝ සිතුමි..."

" තැන්ක්යූ .."

සිතුමි අහිංසක යාලුවෙක්. අපි දෙන්නගෙම. එයටත් බර්ත්ඩේ එක මතකයි මට මතක නැ . දැන් ඉතින් බැනුම් අහන්න වෙනවා.

" මේ අද ක්ලාස් කට් කරලා  ෆිල්ම් එකක් බලමු"

හැමදාම වගේ අදත් ඉස්සර වෙලා ක්ලාස් කට් කරන්න තීරණය ගත්තේ මම. අහස් අකමැත්තෙන් කැමති උනා වගේ කැමති උනා. එත් මම දන්නවා. එයාත් ගොඩක් කැමතියි කියලා.

" ඊයේ රෑ දහය විතර වෙනකම් ඔන්ලයින් හිටියේ ඇයි"

" අහ දමිත් අයියා එක්ක චැට් කරා. එයාගේ ගර්ල් ලගදීම ඉංග්ලන්ඩ් යනවලු. කමින් සූන් බුට් එකක් වගේ"

ඉතින් මට පිරිමි ළමයි යාලුවෝ තුන් හතර දෙනෙක්ම හිටියා. අහස් එයාලව හොදින්ම දන්නවා. එයාලා එක්ක චැට් කරත් මම හැමදේම අහස්ට කියනවා. අහස්ගෙන් මගේ කිසිම දෙකට තහනමක් තිබුනේ නැ. මම වාසනාවන්තයි. මාව තේරුම් ගත්ත හොද කෙනෙක් මගේ ජීවිතේට ලැබුනා.

........................................

" අහස්.. මොකද අනේ වෙටින්ග්. මට හොරෙන් තව වදිරියක් සෙට් කර ගත්තද"

" ඔව් ඔව්."

" කවුරු ආවත් මම තමයි අග රැජින. අනිත් අය උප බිසෝවරු නැත්නම් දසියෝ"

" හරි අග රැජිනියනි, මොකද අද මේ වෙලාවෙත් නිදි නැතිව ඉන්නේ"

" මම හීනයක් දැක්කා. ඔයයි මමයි බයික් එකක අම්බුළුවාවේ යනවා. වහින දවසක්. අපි වේගෙන් යනවා. මරු .. අනේ එක්ක යන්නකෝ .."

" මම බයික් එකක් අරගෙන ලයිසන් ගත්ත දවසට එක්ක යන්නම්"

" ලව් යු .. ගුඩ් නයිට්"

ඉතින් අපේ පිස්සු ආදරේ ඒ විදිහට දිගටම ගලාගෙන ගියා. එත් ඉස්සර වගේ නැතිව මම කරන පුංචි දේවල් වලටත් අහස් තරහා ගන්න පටන් අරගෙන ලගකදී ඉදලා.

" නිෂි ටිකක් ගැනු ළමයෙක් වගේ ඉන්නකෝ"

" පිළිවෙලට අදින්නකෝ නිෂි. හැමදාම කොල්ලෙක් වගේ ඩෙනිම් ටීෂර්ට් නැතිව ගවුමක් එහෙම අදින්නකෝ"

" නන්ස්ටොප් කියවිල්ල නවත්තගන්නකෝ"

" පිළිවෙලට කන්නකෝ . හැමෝම බලනවා අපි දිහා"

දවසින් දවස එක එක නීති. මගේ ආදරේ ඉල්ලගෙන පස්සෙන් එනකොට ඒ හැමදේම එයාට හොද දේවල් විදිහට පෙනුනේ.

" ඔයා වෙනස් අදින විදිහ සරලයි"

" ඔයාගේ බොරු කෝලම් නැ. කැමති විදිහට කනවා"

" ඔයා ගිරවියක් වගේ කියවනකොට එක දිගටම ජිවිත කාලෙම උනත් මට අහගෙන ඉන්න පුළුවන් "

හැමදේම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. හැමදාමත් වගේ එයාගේ බැනුම් වලට තවත් මොනවා හරි කියලා ඒ දේවල් මොකුත් මම ලොකුවට හිතුවේ නැ. මගේ විදිහ වෙනස් උනෙත් නැ. වෙනස් වෙන්න මම දන්නෙත් නැ. මේ මම. මට ඕන මම වෙලා ජිවත් වෙන්න. මම නොවන කෙනෙක් වෙන්න බැ  කවුරු වෙනුවෙන් උනත් . මට  බොරුවට ජිවත් වෙන්න බැ. මම අහිංසක පිළිවෙල කෙනෙක් නෙවෙයි. ඉතින් මට ඒ විදිහට ජිවත් වෙන්න බැ.

.......................................

"අපි මේ සම්බන්දෙ නතර කරමු"

" නතර කරලා ඔයා වෙන කෙනෙක් හොයා ගන්න. මමත් වෙන කෙනෙක් හොයා ගන්නම්. ඒ දෙන්නට හොරෙන් අපි දෙන්නා ආයෙමත් යාලු වෙමු"

එයා කියපු දේ විහිළුවක් කියලා හිතලා මම උත්තර දුන්නේ එයාගේ අතේ එල්ලිගේනමයි.

" මම ඇත්තටම කියන්නේ නිෂි. මම කැමති ගැනු ළමයෙක් වගේ ඉන්න ගැනු ළමයෙක්ට. ඔයා කිසි පිළිවෙලක් නැති ආදරේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති කෙනෙක්"

මගේ අතින් ඒ අත අත හැරුනා. මම ආදරෙයි. මහා ගොඩක්. අම්මයි තාත්තයි ලගට එයා තමයි මගේ ජිවිතේ. අනිත් ගැනු ළමයි වගේ එයා ලග බොලද උනේ නැති උනත්. හැමදේටම හොටු පෙරාගෙන අඩුවේ නැති උනත් මේ හිත පිරෙන්නම ආදරෙයි එයාට.

" ඔයා වෙන කෙනෙක් හොයා ගන්න"

එයා මට කිව්වේ එච්චරයි. මම මොකුත්ම කිව්වේ නැ. මගේ ආදරේ වෙනුවෙන් එකම එක පාරක්වත් එයා ලග බැගපත් උනේ නැ. එයාට ඉන්න මම වෙනස් වෙන්නම් කිව්වේ නැ. එයාම මගේ හොද කිය කියා මගේ ජීවිතේට ඇවිත් එයා කියපු හොද දේවල්ම අද වැරදියි කියලා මාව දාලා ගියා. අවුරුදු පහක් දිගට ගියපු අපේ ආදර කතාව එතනින්නම ඉවර උනා.

" නිශි .. උබ ක්ලාස් එන්නේ නැතිව මෙතන ඇයි"

මම වෙලාව බැලුවේ මගේ යාළුවා වින්දි ලගට ඇවිත් කතා කරාම. ක්ලාස් පටන් ගන්න කලින් මෙතන නතර උණු මම ඉවර වෙනකම්ම පැය අටක් මෙතන ඉදලා. අවුරුදු පහක මතකය එක්ක අතරමන් වෙලා හිටපු මට ඒ පැය අට විනාඩි අටක් තරම්වත් දැනුනේ නැ.

" අහස් ආවනේ ක්ලාස්"

" හුම්ම් .."

" මොකද උබ වෙනස් වෙලා. අහස් එක්ක අවුලක්ද"

ඉතින් මම දැක්කේ අහස් ලගින්ම එන සිතුමිව. එයාට ඕන උණු අහිංසක පිළිවෙල ගැනු ළමයා.

.......................................................

කාලය ඉක්මනින් ගෙවිලා ගියා. මම දෙවනිපාර ට්‍රයි කරලා කැම්පස් ආවා. අහස් පලවෙනිපාරම කැම්පස් ගියා කියලා මට ආරංචි උනා. එත් යාලුවෙක් මට කියපු දෙයක්. මට කොච්චර ඕන උනත් මම අහස් ගැන හොයන්නේ නැතිවම හිටියා. අමාරුවෙන් මාව පාලනය කර ගත්තා.

" නිෂි..."

ක්ලිනිකල් පටන් ගත්ත මුල්ම දවසක මට අහස් ආයෙමත්  මීට් උනා.  ඒ අවුරුදු හයකට පස්සේ. තාමත් මම ඒ ආදරේ කරපු පෙනුමම එයාට එහෙමම තියනවා. සිතුමි එයාගේ ජීවිතෙන් ගිහින් වෙන කෙනෙක්ව මැරි කරලා කියලා ගිය සතියේ වින්දි මට කෝල් කරලා කිව්වා. ඒ නිසා වෙන්න ඇති අහස්ට ආයෙමත් මතක් උනේ.

" හායි.. කොහොමද? ඔයාට."

මම මගේ විදිහටම කතා කරාම එයා පුදුම උනා.

" හොදයි."

" ඉතින් දැන් ජොබ් එකක් කරනවද"

" ඔව් ටෙලිකොම් එකේ"

" පලවෙනි ජොබ් එක නේද? මතකද මට කිව්වා පලවෙනි ජොබ් එක ලැබුනම පීසා හට් එක්ක යනවා කියලා. ඔයාට ෆ්‍රී නම් දැන් යමු. මටනම් ෆ්‍රී "

" යමු .."

අහස් මාව එක්ක ගියේ ගොඩක් සතුටින්. ඒ ඇස් දිලිසෙනවා මම දැක්කා. මට කෝල් එකක් ආවේ එයා ප්‍රේමනීය බැල්මකින් මගේ ඇස් වල නතර වෙන්න හදනකොටමයි.

" හෙලෝ පැටියෝ ..."

" උබ කොහෙද බන් ගියේ "

" මට ඔයාට කියන්න බැරි උනානේ අයියේ. අහස් මීට් උනා. මම එයා එක්ක පිසා හට් එකට ආවා"

" නිෂි උබේ ඔලුව වැදුනද"

" මම එන්නම් රෑට කන්න යන්න."

" හරි හරි උබේ රගපෑම ඉවර කරලා වරෙන්"

" ලව් යු .. "

ඒ මගේ රූමි. අහස්ට පෙන්න පොඩි රගපෑමක් කරන්න විතරයි ඕන උනේ මට. එයා ඇරෙන්න වෙන කෙනෙක්ට කවදාවත් මට ආදරේ කරන්න බැ. එයා විතරයි මගේ ආදරේ. එත් ආයෙමත් මට එයාව ඕන නැ.

" ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ද "

" නැ. ඒ මගේ ජිවිතේ."

මම කිව්වේ එච්චරයි. අහස්ගේ මුහුණ කළු වලාවකින් වැහිලා ගියා වගේ අදුරු උනා. එයා මාව එපා කිව්වා. මගේ ආදරේ එයාට වටිනා දෙයක් උනේ නැ. මේ ආදරේ තාමත් එයාගේ නමට උනත්, මුළු ජිවිත කාලෙම එයාගේ නමටම විතරක් උනත් ඒ ආදරේ එයාට විදින්න දෙන්න මට ආයෙමත් බැ. මගේ ආදරේ අමිලයි. එක ගන්න තරම් වත්කමක් දැන් අහස් ලග නැ. එයා උගස් කරලා ගියපු ආදරේ දැන් එයාට බේර ගන්න බැරි තරමටම පොලිය වැඩිවෙලා .

" ඔයාගේ ආදරේ මට තේරුනා නිශි ඔයාගේ ලගට එන්න බැරි තරමට මම ඔයාගෙන් ඇතට ගියාට පස්සේ"

" ඔයා මගෙන් ඇතට ගියාට පස්සේ මගේ මුළු ජීවිතේම මට අපහු ලැබුනා අහස්. දැන් පරණ ඒවා මොකටද. ඕවා කියවලා පිසා එකේ රස අඩු කරන්න එපා"

.......................................................................

thank you.
යෙනුලි සංකල්පනා

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment