අසීමිත වූ ආදරය

💞  අසිමිත වු  ආදරය ❤️

ඒ ඊයෙ බාසුරැ ක්ලාස් ආවෙ නැත්තෙ ඇයිද දන් නැ.කවුද හලෝ බාසුරැ කියන්නේ...
ඒ මමයි.මම බිනාදි..
දහම් පාසලේ යාලුවො කතා වෙන කෙනෙක් ඉන්නවා හැමදාම.
එයා බාසුරැ...

එයා කවුද ඇහුවාම තාරකි කියනවා ඒ ඔයක් එන්න හලෝ අපේ ගණන් ක්ලාස් .බාසුරැව ඔයාට නිකන්ම සෙට් වෙයි.එතකොට අපි නවය වසරෙ.ආදරය කියන්නේ මොකක්ද කියලවත් මම එතකොට දැනන් හිටියෙ නැ.ඒත් මට මගෙ යාලුවො හැමදාම කතා වෙන බාසුරැව බලන්න ඕනි වුණා .මම ඉගෙන ගත්තේ නගරෙ තියෙන හොදම බාලිකා පාසලේ.මම එතකොට ඉගෙන ගත්තේ english medium වලින් නිසා සිංහල ගණන් පන්තියකට යන්න අම්මට ගොඩක් කරදර කරන්න වුණා .

මට නංගියි මල්ලියි හිටියට මගේ තාත්තා මාව හැදුවේ එයාට ඉන්න එකම දරැවා මම කියලා හිතන්.ඉතින් කොහොම හරි මම බාසුරැ කියන කෙනා බලන්න Class ගියා..ඒත් ක්ලාස් එක පටන් අරන් පැයබාගයක් ගියත් මගේ යාලුවො කියන බාසුරැ නම් ආවෙ නැ.එතකොටම කඩාගෙන බිදගෙන දාඩිය පෙරාගෙන කොල්ලො දෙතුන් දෙනෙක් ක්ලාස් එකට ආවා.එතන හිටපු සුදු උස ලස්සන කොල්ලෙක් මගේ දිහා බැලුවා.ඇත්තමයි දෙවියනේ එහෙම ලස්සනක් මම දැකලා නැ.එයා තමයි බාසුරැ.මාව එයාට පිස්සු වැටුන.ලස්සනට නෙවෙයි ඒ දගකරකම ඒ හිනාව මාව පිස්සු වැට්ටුවා.මම ගොඩක් පොඩි කෙල්ලක්.එයා මාව දැකපු ගමන් ඇහුවෙ කවුද මේ බටු ඇටේ කියලා.මොකක් වුනත් කට නම් වැඩි .

ඉතින් එහෙම හැමදාම සෙනසුරාදා එනකම්  මම ඇගිලි ගනිනවා.එයා හැමදාම මට එහා පැත්තෙන් ඩෙස් එකේ වාඩි වෙලා මගේ පැන වගේ හැම දෙයක්ම විසි කරනවා.ඒත් මම ගොඩක් ආසයි..දැන් අපි දෙන්න ගොඩක්ම ලන් වෙලා.එක දවසක් එයා මගෙන් ඇහුව තිලිනි කියලා අපේ ඉස්කොලේ නංගි කෙනෙක් දන්නවද කියලා.ඒ වෙන කෙනෙක් නෙවෙයි මම මගේ හිතින් ගොඩක් ආදරෙ කරපු බාසුරැ ආදරේ කරන කෙල්ල .මගේ හිතට දැනුනෙ දරාගන්න බැරි දුකක් .ඒත් මම වැරදිනෙ.මම බාසුරැට ආදරෙ කරාට එයා මට ආදරෙ කරෙ  නැනේ..

ඉතින් මම ඉස්කොලේ ගිහින් හොයලා බැලුවා තිලිනි ගැන.වරදක්මත් නැ එයාගේ.ඒ කාලේ මගේ පස්සෙන් දහම්පාසලේ අයියා කෙනෙක් ආවා.එයාගෙ කනට කොහොම හරි බාසුරැ ගැන ආරංචිය ගිහින්.හැබැයි ඒ මම බාසුරැ එක්ක යාලුයි කියලා .ඉතින් එයා දවසක් ක්ලාස් එක ලගට ඇවිත් බාසුරැට ගහන්න හැදුවා.එදා නම් මම හොදටම බය වුණා .මට පාර මැද ඇඩුනා.මගේ යාලුවො ටික මාව එක්කගෙන ගියා ඊට පස්සෙ.මම හිතුවෙ බාසුරැ මගේ මුනවත් බලන එකක් නැ කියලා.මම බයෙන් බයෙන් ඇහුව මාත් එක්ක තරහද කියලා .අනේ එයා ගොඩක් අහින්සක විදියට නැ කිව්වා.ඒ ලස්සන මුනට දගකරකමට වඩා අහින්සක කම ගැලපෙනවා කියලා මට හිතුණා.ඉතින් එහෙම ටික දවසක් ගියාම බාසුරැව මගෙන් ඇත් කරන්න කෙනෙක් ආවා.
එයා නිමේශා.
බාසුරැගේ කලින් කෙල්ල .එයා මට හොදටම බැන්නා බාසුරැ එක්ක තියෙන සම්බන්ධය නවත්වන්න කියලා.ඇත්තටම මමවත් දැනන් හිටියේ නැ ඒ ආදරයක්ද නැත්නම් කැමැත්තක් ද කියලා.කොහොම හරි එදා ඉදන් මම ක්ලාස් යන එක නැවැත්තුවා.කාලයත් ඉතින් ඉක්මනට ගිහින් o/l ආවා.එතකොට මම මගේ ඉස්කොලේ යාලුවො ටික එක්ක සෙමිනා එකකට ගියා.ඒ කලින් බාසුරැ ගියපු ක්ලාස් එකේ sir ගෙ.එදා මට තාරකි කිව්වා අද ගොඩක් දුරට බාසුරැ එයි කියලා .ඒ වෙලාවෙ ඉදන් මගෙ පපුව ගැහුන තරම් ......

හිතා ගන්නවත් බැ මට.ටික වෙලාවකින් මට ඇහුන බාසුරැගේ නම.මම පිටිපස්ස බැලුවම දෙවියනේ බාසුරැ .මේ ලෝකටම ඇහෙන්න කැ ගහන්න තරම් සතුටක් මට දැනුනෙ.මුලින් එයාට මාව අදුරගන්න බැරු වුනාද මන්දා.පස්සෙ එයා මගෙ නම කිව්වා .දෙවියෝ කොහොමද එහෙම කරේ කියලා මට හිතා ගන්න බැරි වුණා .එයා ඉස්කොලේ යුනිෆෝම් හිටියෙ.මට ගෙදර යනව කියලා එයා ගියා.මම හවස එන්න කිව්වා එයාට.මම හිතුවෙ නැ එයා එයි කියලා.ඒත් ආවා.ඇවිත් මට එයාගෙ number එක දුන්නා .එහෙම අපි දෙන්න කතා කරා. O/l  දවස් වල අම්ම මාව එක්කන් යන්න ආවා.ඒත් බාසුරැ එක්ක එන්න ඕනි නිසා මම තනියම එන්න පුලුවන් කිව්වා .exam ඉවර උනාට පස්සෙ ආයෙ මට බාසුරැව නැති වුණා.එයාගෙ phone වැඩ කරෙත් නැ.result ආවට පස්සෙ අපෙ මල්ලිට බාසුරැව හම්බ වෙලා මගේ ගැන අහලා.මල්ලි මට එයාගෙ නම්බර් එක ගෙනත් දුන්නා .

එදා ඉදන් අද වෙනකම් මට බාසුරැව මග ඇරැනෙ නම් නැ.ඒත් බාසුරැ ගොඩක් සැරයි.මට ගොඩක් ආදරෙයි.සමහර වෙලාවට මගේ හිත එයා නිසා රිදෙන වාර අනන්තයි.මට ආදරෙ කරත් මුල් කාලේ එයා තිලිනිට ගොඩක් ආදරෙ කරා.ඒත් කොහොම හරි මම ආදරේ කරපු තරමට බාසුරැට එයාව අමතකම වුණා.ඒත් ආයෙ දවසක එයා මට කතා තරලා කිව්වා එයාට දෙයක් කියන්න තියනවා කියලා.මම කවදාවත් අහන්න හිතපු දෙයක් නම් නෙවෙයි එයා කිව්වෙ.එයා අක්කා කෙනෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කිව්වා .මගෙ බාසුරැ ඇයි මට මෙහෙම කරේ කියලා අදටත් හිතා ගන්න බැ.මම සමාව දුන්නා.ඒකත මම නිසාම එයා නැවැත්තුවා.දැන් අපි a/l කරලත් ඉවරයි.එක දවසක් මම එයා එක්ක ඇවිදින්න ආවා.එයා කා එක්ක හරි කතා කරා.මට අමුත්තක් දැනුනා.මම ඇහුව එයා නැ කිව්වා .ඒ නම්බර් එකට මම කතා කරාම කෙල්ලෙක්  කරා .එයා කරපු දෙවනි වැරැද්ද .එදත් මොන හේතුවකටද දන්නැ මම එයාට සමාව දුන්න.මම ආදරය ඉගෙන ගත්තේ බාසුරැගෙන්.පිරිමි ලමෙක් කියලා මුලින්ම කැමති වුනේ බාසුරැට.

දැන් අපි යාලු වෙලා අවුරුදු  3 වැඩි.තාමත් බාසුරැ මාව රිද්දනවා.දැන්නම් එයා මට ගහනවත් එක්ක.ඒත් මගේ ආදරෙ නම් අඩුවක් වෙන්නෙ නැ අයියේ.දැන් එයා මගෙ අයියා.ඉස්සර මම අයියට කියනවා මාව මැරැනම මිනි පෙට්ටියේ තියන් එපා මම බයයි කියලා.එනකොට අයියා අනේ පැටියො එහෙම කියන් එපා කියලා මාව ගොඩක් ආදරෙන් ලගට ගන්නවා.ඒත් දැන් මගේ අයියට මට එක විනාඩියකට වැඩියෙන් මම එක්ක ලගින් ඉන්න බැ.මුලු දවසෙම මම එක්ක හිටියත් ඉස්සර මගේ අයියගෙන් දැනුන ආදරෙ දැන් දැනෙන්නෙ නැ.දැන් මගෙ අයියට සල්ලි ලොකු වෙලා.ඒත් තාමත් මම එයාට ඉස්සර වගේම ආදරෙයි.එයත් ආදරෙයලු.එයා මාව දාලා යන දවස වෙනකම් මොන දේ වුනත් මගේ අයියා එක්ක මම ඉන්නවා අයියේ..........

by - onali nanayakkara

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment