වසන්තය අරන්

වසන්තය අරන්.....

බබා... කොහෙද ඉන්නේ...
මට ඔයාව මුණ ගැහෙන්න ඕනා....

අද... ඒ මොකද හදිසියේ,.. අද හම්බවෙනවා කියලා අපි කිවේ නැහැනේ..
මට ගෙදරට කියන්න බොරුවකුත් නෑ
එක පාරටම දැන් මම මොනවා කියලාද එන්නේ..

මොනවද අරුණි.... ඔයා කැම්පස් කෙල්ලෙක්නේ..
කියන්න දෙයක් නැද්ද?
මට දැන් හම්බවෙන්න ඕනා කියන්නේ දැන් හම්බවෙන්න ඕනා

කැම්පස් කෙල්ලෙක් උනාට මම ඉන්නේ ගෙදර තියෙන්නේ කැම්පස් එක ලඟ කියලා අමතක උනාද?
ඉතින් මට හොස්ටල් වල ඉන්න කෙල්ලන්ට වගේ නිදහසක් නෑ..
ඒක ඔයා සුපුන් හොදටම දන්නවනේ

හරි හරි ඒවා වැඩක් නෑ
හදිසි එසයින්මන්ට් එකක් තියනවා
මට මේක මතක නැති වෙලා තිබුනේ..
ඉතින් දවස් දෙකයි තියෙන්නේ කරගන්න
හෙට මම යාළුවො එක්ක ට්රිප් එකක් යනවා
මට කරගන්න වෙන්නේ නෑ
මොකක් හරි බොරුවක් කියලා එන්නකෝ..
මේකේ නෝට් ටික, තොරතුරු ටික අරගෙන යන්න..

අහ්හ් ඔයාට ඉතින් මාව බලන්න නෙමේ හදිසියේ ඕනා වෙලා තියෙන්නේ..
ඔයාට ඕනා වෙලා තියෙන්නේ මේ මට කියලා අසයින්මන්ට් එක කරගන්න.

අනේ බබා ඇයි දැන් මම එන්න කිවේ ඔයාට නෙමේද?
එන්න කිවේ මාව බලන්න නෙමේ ද?
ඉතින් එතකොට අපි හම්බවෙන්නේ නැද්ද?
ඔහොම කතා කියන්නේ ඇයි....

හරි හරි....
වැඩි වෙලා ඉන්න බැරි වෙයි...
මම ඉක්මනට ආපහු එන්න ඕනා
නෝට් ටිකක් ඉල්ලගන්න තියනවා කියලා එන්නම්..

මගේ හොඳ බබා...
ඉක්මනට එන්න.
මටත් වැඩි වෙලා නම් ඉන්න බැරි වෙයි..
කට්ටිය එක්ක යන්න යන්න කලින් සෙට් කරගන්න දේවල් ටිකක් තියනවා.
ආවහම කියන්නම් දැන් එන්නකෝ.

හ්ම්ම්ම් හරි මට පැයක් දෙන්න...

පැයක් යනවද ඔය ටික එන්න
හරි හරි ඉක්මනට එන්නකෝ...
-------------------------------------------------------
පරක්කුද මම
නෑ නේද?

නෑ නෑ පරක්කු නම් නෑ
දැන් ඉතින් වැඩි වෙලා ඉන්න බැහැනේ.
හෙට අනිද්දා ඇතුලත මේක කොහොමහරි කරලා තියන්න.
මට කොහොමත් කරන්න වෙන්නේ නැහැනේ ඔය ට්රිප් ගියහම.

ඔයා මට තමා කොහෙවත් යනකොට දාහක් නීති දන්නේ..
හෙට ට්රිප් එකක් යනවා කියලා මම දන්නෙත් දැන් .කෝල් කලාම
ඒක කියන්නෙත් නෑ මේ අසයින්මන්ට් එක නොතිබුනා නම්.
අනේ මන්දා ඔයා මට ඇත්තටම ආදරෙයිද?

අහ්හ්හ් ඔන්න පටන් ගත්තා හැමදාම වගේ බණ කියන්න.
ආදරේ හින්දා නේන්නම් හැමදේම ඔයාට කියන්නේ.
නැතිනම් වෙන කාටහරි කියනවනේ.
මේක හදිසියේ දා ගත්ත එකක්.
අනික යාළුවො එක්ක ඔයා යන ඒවා ගැන හොයලා බලන එක වැරදිද?
ආදරේ නැති හින්දාද ඒවා හොයන්නේ..

හ්ම්ම් හරි හරි යන තැනක ගිහින් පරිස්සමින් එන්න.
මම බලාන ඉන්නවා.

හරි හරි බලාන ඉන්න එපා ඔයා
මේක හරියට කරලා අරගෙන එන්න අනිද්දා .
මට කොහොමටත් මොනවත් මේකේ බලන්න වෙන්නේ නෑ.

මීට කලින් කරලා දුන්න කිසිම දෙයක මොකක් හරි වැරද්දක් තිබුනාද
සුපුන් ඔහොම කියන්නේ?
මම මගේ දේවල් වලට වඩා හොදට ඔයාගේ දේවල් කරලා දෙනවා.
ඔයාට හොදට ලකුණු නැද්ද ඉතින් ඒවාට

හ්ම්ම් තියනවා තියනවා
එක්සෑම් අවුල් උනාට යන්තමට මේවගේ පිහිටෙන් රිපීට් වෙන්නේ නැතිව ඉන්නවා ඉතින්
එහෙම නෑ කිවේ නැහැනේ..
මම යනවා එහෙමනම්.
-----------------------------------------------
හරිද වැඩේ කළා නේද?
මට නැගිටින්න පරක්කු උනා
ඊයේ එනකොට පාන්දර උනානේ..
ඉතින් ඉක්මනට යන්න ඕනා
සබ්මිට් කරන්න.

හරි හරි කලබල වෙන්න ඕනා නෑ
මම ඒක සබ්මිට් කලා.
ඒක ගැන හිතන්න දෙයක් නෑ.
ඔයාට ලකුණු ලැබේවි.
කොහොමද ට්රිප් එක
මට ටිපිටිප් එකක්වත් ගෙනාවේ නැද්ද?

මොන ටිපිටිප් ද අතේ සතේ නෑ
දන්නවනේ ඉතින් ඔයා.
අනික බැච් එකේ උන් එක්ක යන අන්තිම එක වෙන්නත් බැරි නැහැනේ..
තව මාස තුන හතරකින් උපාධිධාරී සුපුන් වෙනවනේ
-------------------------------------------------
අරුණි.... ඔයා මේක කීවාට කලබල වෙන්න එපා
කැම්පස් එකේ ඔක්කොම උන් දන්නවනේ ඔයා සුපුන් ගේ හැම වැඩක්මකරලා දෙනවා කියලා.
අපි දන්නා විදිහට ඔයා සුපුන්ගේ කොක්කනේ
නෝට් ද අසයින්මන්ට් ද හැමදේම
කරලාත් දෙනවනේ
එත් මේ... බලන්න
යාළුවො දෙතුන් දෙනෙක් මේ ෆොටෝ ටික එවලා තිබ්බා මට.
මොකද ඒ අය දන්නවා මම ඔයාට කැමැත්තෙන් ඉන්නවා කියල.

මොකක්... ඔයා මට කැමැත්තෙන් ඉන්න හින්දා සුපුන් වෙන කෙල්ලෝ එක්ක ඉන්න ෆොටෝ
එඩිට් කරගෙන ආවාද ලක්ෂාන්..
මට සුපුන්ව විශ්වාසයි සුපුන් එහෙම කෙනෙක් නෙමේ.
.
නෑ නෑ වැරදියට හිතන්න එපා
මම ඔයාට කැමති කියලා ඔයා ආදරේ කරන කෙනෙක්ගෙන් ඔයාව වෙන් කරන්න ඕනා කමක් නෑ මට.
මම ඔයා රැවටෙනවා බලාගෙන ඉන්න බැරිම හින්දා මේක කියන්න ආවේ.
මම දන්නවා මෙහෙම කියන එක මට හොද නෑ කියලා එත්
ඔයා දුක් විදලා රැවටෙනවාට මම කැමති නෑ.
මම ඇස් දෙකෙන්ම දැක්කා දැන් සුපුන් කෙල්ලෙක් එක්ක තානායමට රිංගනවා.

මොකක්... මොනවද ඔයා කියන්නේ...
ඔය ඇත්තමද?

මට ඊට වඩා මුකුත් කියන්න බෑ.
ඔයාම සුපුන්ගෙන් අහගන්න
මොනවා උනත් ඔයා දුකෙන් ඉන්නවට මම කැමති නෑ
--------------------------------------------------------------------------
සුපුන් .... ඔයා ඇත්තටම මට ආදරෙයිද?
මට බොරුවක්ද කරන්නේ?

ආදරේ.... කවුද ඔයාට ආදරෙයි කිවේ..
ඔයා මගේ ලඟ තියාගෙන උන්නේ මගේ වැඩ ටික කරගන්නනේ..
දැන් මගේ වැඩ ඉවරයි..
එක්සෑම් රිසාල්ට් ආවාට පස්සේ මට තියෙන්නේ මෙහෙන් යන්න.
ඉතින් එතකොට ඔයා ගැන තියන මතකයත් මම
මහවැලියට දාලාම තමා යන්නේ
ඔයා ආදරේ කරන්න ඇති මට.
එත් මට ඕනා කරන වෙන දේවල් ඔයාගෙන් ලැබුනේ නැහැනේ.
ඔයාගේ ගෙවල් ලග කියලා හැමදේටම බෑ කියන එකනේ හැමදාම කලේ.
ඔයා ලග උන්නේ මම මට ඕනා කරන මෙහෙ කැම්පස් එකේ වැඩ ටික කරගන්න විතරයි.
---------------------------------------------------------------------------
අඩන්න ඒපා... කොහොමවත්... ඔයාට සුපුන් ගැලපෙන කෙනෙක් නෙමෙයි..
ඔයාට තව අවුරුද්දක් තියනවනේ..
හොදට මහන්සි වෙලා වැඩ කරන්න. ජිවිතේ ඔයාට දිනන්න තියන හොදම දේ ඔයා ඉගනගන්න එකෙන් ඉස්සරහට යන එක.
සුපුන් ඔයා කරලා දුන්න දේවල් වලින් උපාධිය ගනියි.
එත් පැවැත්මක් නෑ.
ඔයා එහෙම නාස්ති වෙන්න හදන්න එපා..
දැන් මම ඔයාගෙන් මේවෙලාවේ මොනවත් අහන්නේ නෑ
ඔයාට ආදරෙන් මම හැමදාම ඉන්නවා කියලා විතරක් මතක තියාගන්න.

ලක්ෂාන් මට ටිකක් තනියම ඉන්න ඕනා
---------------------------------------------------------------------------
වසරකට 2 කට පසු..
කොහොමද ඉතින් අරුණි...
දැන් ඉතින් හොද රස්සාවක් එහෙම කරනවා නේද?
අදුනගන්න පුලුවන්ද දන්නේ නෑ මාව?

ලක්ෂාන් නේද?
අදුන ගන්න පුළුවන් වෙනස් වෙලා නැහැනේ

කලින් තිබුන මොනවත් වෙනස් වෙලා නෑ අරුණි..
මගේම කියලා කම්පැනියක් තියන එක ඇරෙන්න.
කොහොමද ඔයාගේ ජිවිතේ

මමත් වෙනස් වෙලා නෑ එහෙම මොනවත්
ආදරෙන් පරාද උන කෙල්ලෙක් විදිහට ඉන්නවා ඇරෙන්න.

ඔයාට මම ඒ දවස්වල කියපු විදිහටම ඔයාට මම තාම ආදරෙයි අරුණි.
කැමතිද මාව කසාද බදින්න
ඔයාට බොරුවක් කවදාවත් කරන්න ඕනා කමක් තිබුනේ නැ.
මට හැමදාම ඔයා සතුටින් ඉන්නවා දකින්න විතරයි ඕනා උනේ.

-සඳරු - Devaka Sadaruwan

( ආදරේ නිසා අපිට වැරදි දේවල් එක්ක බැඳෙන්න වෙන තැන් ජිවිතේ ඕන තරම් තියේවි.. එත් දවසක අනිවා වසන්තය එනවාමයි... )

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment