දෙවන මනමාලයා

කෙටි කතාව - 18...
(කියවමුද..?  යාලුවනේ )

....දෙවන මනමාලයා.....

..සුදු අයියේ,ඇයි දුකෙන් වගේ,අයියා කැමති නැද්ද මගේ වෙඩින් එකේ,දෙවනි මනමාලයට ඉන්න කියලා,සඳුන් අයියා කරපු යෝජනාවට..

අනේ චූටි,ඇයි මම අකමැති..මම තරම් ඒ දේට කව්රුත් කැමති නැතුව ඇති..මම කිව්වෙ
මගේ හිත හදාගන්නද,චූටිගේ හිත හදන්නද කියලා තේරුමක් නැතුව.

.,,.එහෙනම් සුදු අයියා ඇයි මේ දුකෙන්..

..නෑ.ඉතින්,අක්කත් ගියා,අනිද්දට චූටිත් යනවා.
ඒකයි ..
මම එහෙම කිව්වම ,චුටිගේ ඇස්වල කඳුලු පිරුනා.ඒ හින්දයි මගේ උරහිසට හේත්තු වෙලා අඬන්න ගත්තේ.ඒත් චුටි දන්නෑ මගේ හිතේ චූටි ගැන තියෙන ආදරේ මොන වගේ එකක්ද කියලා.
..
.
.
.චූටි ..ඒ කියන්නේ සිතුමිණි,අපේ අල්ලපු ගෙදර නංගි.
..චූටිට හිටියේ අක්කෙක් විතරයි,මටත් වෙන කව්රුත්ම  හිටියේ නැති නිසා චූටියි අක්කයි මට සලකන්නේ ඒ අයගෙම සහෝදරයෙක්ට වගේ.

...අක්කා දිහානම් මම බැලුවෙත් එහෙමයි,ඒත් මට තේරුම් ඇති කාලේ ඉඳලම මට චූටි දිහා එහෙම බලන්න බැරි වුනා.ඒ ඇයිද කියලා මට තේරුනේ මට ටිකක් පරිනත වුනාට පස්සේ.

...ඔවු මම චුටිට ආදරෙයි,මට ඒක කියන්න බැරි ,අපේ තියෙන මේ බැඳිමත් ඒකෙන් නැතිවෙයි කියලා.
      ඔවු,අනිද්දා ,මගේ චුටි සදහටම,සඳුන්ගේ වෙනවා.

.
.සුදු අයියේ,මොකෝ මේ කල්පනාව,
මම පියවි සිහියට ආවේ,චූටිගේ කතාවෙන්.

    මුකුත් නෑ,චූටි අක්කා ගියා ගියාමයි .ගෙදර එන්නෙ අලුත් අව්රුද්දට විතරයි.චූටිත් ගියාම
එහෙම වෙයි නේද..?
   මම එහෙම ඇහුවේ,චූටි වෙන කෙනෙක්ගෙ වුනත්,චුටිව නොදැක ඉන්න එක මට දුකක් හින්දා,

අක්කා වගේ නෙමෙයිනෙ සුදු අයියේ,මම ඉන්නෙ ලොකු දුරක නෙමෙයිනෙ,මම සුදු අයියව බලන්න නිතරම එන්නම්කො.චූටි පොඩි එකෙක් වගේ මංගාව හුරතල් වුනා.

හා  හා එහෙනම් ඒ පොරොන්දුව චූටි මතකෙ තියා ගන්නකෝ.කෝ කෝ මේ බඳින්න ඉන්න කෙල්ලො අඬන්න හොඳ නෑ, කො කෝ ඉතින් හිනා වෙනවකෝ ටිකක්,මම එහෙම කිව්වම චූටිගේ මුහුණට පියකරු හිනාවක් ආවා.
.
.
.
සඳුන් ඒ කියන්නේ අපේ චූටිගේ වෙන්න මහත්තයා,හිටියේ මගේ පංතියෙමයි.මට බැරි වුනාට සඳුන් හොඳට ඉගෙන ගත්තා.දන්න තරමින්,කිසිම වරදක් නැති කොල්ලෙක්.
....දැන් හොඳ තැනක ඉන්නේ ඒ තිබ්බ කැපවීම හින්දමයි.
    සඳුන් චූටිට යෝජනාව ගෙනාපු ගමන් ඒ ගැන චූටි මාව දැනුවත් කරා,මට එවෙලෙ සඳුන් ගැන ලොකු තරහක් ආවා.ඒත් මට චුටිගේ මූනෙන් පෙනුනා සඳුන්ට කැමති බවක්.

   ඒ් සුදු අයියේ,සඳුන් අයියා මතකද..?

..කවුද..?අර ත්‍රිවිල් වැඩ කරන එකාද..

හී හී අයියෝ නැහැ අනේ,අර සුදු අයියලගේ පංතියේ හිටියේ ඒ දවස්වල,අර උස..

අහා ඒ සඳුන්ද.ඔවු ඔවු මොකෝ අමතක,හැබැය් ඉතින් ඉස්කෝලෙන් ගියත් හරි තාම ඌව දැක්කෙ නෑ.

ඒක නෙමේ මොකෝ,මේ චූටිට සඳුන්ව මතක් වුනේ.

හී හී හී

ඇයි මේ හිනා වෙන්නේ,

එයා එයා මගෙන් ඇහුවා,එයාව බඳින්න කැමතිද කියලා.
..
ඉතින්  ඉතින් මම චූටි දිහා බැලුවේ ,චූටි මොකක්ද දුන්න උත්තරේ කියලා දැනගන්න.

මම කිව්වා අපේ ගෙදරින් ඇවිත් අහන්න කියලා.
.
.අන්න එහෙමයි සඳුන් චූටිව දිනා ගත්තේ.
.
.
.
.මම පණටත් වඩා ආදරේ කරපු කෙල්ලගේ ,වෙඩින් එකේ දෙවන මනමාලයට ඉන්න සිද්ද වුනා.ඒ වගේ දුකක් වෙන කාටවත් වෙන්න එපා කියලා තමයි මම දෙවියන්ගෙනුත් ඉල්ලුවේ..
.
      ඒ  විදුරංගයෝ ⁣මගේ ෆෝන් එකෙන් ෆොටෝ දෙක තුනක් අරන් දීපන්කෝ,ෆේස්බුක් දාන්න.සඳුන් කිවුවෙ මුදු මාරු කරගෙන ඉවර වුණු ගමන්මයි.

අහ් දීපන් කිව්වට මම ෆෝන් එක ගත්තේ   හිතකින් නම් නෙමෙයි.

මොකක්ද චූටි ටිකක් ලංවෙනවකෝ.කෝ හිනා වෙලා ඉන්න.හරි හරි.
.
.
.
.

ලස්සන කපල් එක,ෆොටෝ එක දිහා බලන ගමන් මට කියා ගත්තේ මගේ හිත රවට ගන්න.

෴෴෴...අවසානයි...෴෴෴

,,,,,,,,....දිලී....,,,,,,,,,

දිලීම උදයංග වික්‍රමසිංහ

2017.11.11
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment