නුඹටම සිත බැදිලා

නුඹටම සිත බැදිලා
°•~•°`´°•~•°`´°•~•°`´°•~•°

"දෝනි.. මම මේ කියන දේ හොදට අහගන්න.. ඔයා තව ඉගන ගන්න ඕන.. මට පුතෙක් නෑනෙ.. දවසක ඔයා තමයි මේ සේරම බිස්නස් බාරගන්න ඉන්නෙ.. අනික ඔයාට තව අවුරුදු එක හමාරක් යනකන් අපල තියෙනව කසාද බදින්න එපා කියල තියෙනවනෙ.. ඔයා සිංගප්පූර් ගිහින් මේ ඩිප්ලෝමා එක කරගෙන හෙමීට එන්න.. ඊට පස්සෙ අපිට බැරියැයි කසාදයක් ගැන හිතන්න.." තාත්තා එහෙම කියද්දි හංසිගෙ ඇස් දෙකට කදුළු පිරුණ..

'මට බෑ තාත්තේ...' කියල කෑගහන්න හිතුනත් හංසි ඉවසගෙන හිටිය..

"ඔව් දෝණි.. ඔයා ගිහින් එන්න.. පවුලේ නෑදෑයෝ සේරම අහන්නෙ හම්බුනාම දෝණී මොනවද කරන්නෙ කියල.. ඔයා කලිනුත් කොල්ලෙක් හින්ද ඉගනීම කඩාකප්පල් කරන් හිතුවක්කාර උනා.. අායෙම ඒ මෝඩ වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා.. අපිට ඉන්නෙත් ඔයා විතරයිනෙ.." අම්මත් කිව්වෙ එහෙමයි...

සාමාන්‍ය සල්ලි තිබුන ව්‍යාපාරික පවුලක එකම දරුව උනේ හංසිකා.. දෙමව්පියන්ගෙ ආදරේ මැද හැදුන වැඩුන ඇය හොඳට ඉගන ගත්ත.. විශ්වවිද්‍යාලයට තේරිලා හිටියෙ..

ඒ අතරෙදි තමයි හංසි ජීවිතේ පලවෙනි වතාවට ආදරේ කරන්න පටන් ගන්නෙ.. ඒත් ටික දවසක් යද්දි හංසිගෙ ගෙදරින් දැනගන්නව මේ සම්බන්ධෙ ගැන.. ඒත් ඒ සම්බන්ධෙට ගෙදරින් අකමැති වෙද්දි හංසි ගොඩාක් මුරන්ඩු චරිතයක් වෙලා අම්මගෙ තාත්තගෙ හිත රිදෙව්ව.. ඒ වෙලාවෙදි හංසිට තේරුනේ නෑ දෙමව්පියන්ගෙ හිත රිදවන එක කොච්චර පව් වැඩක්ද කියන එක..

ඒත් ඒ සම්බන්ධයෙ තිබුන ලොකූ නොගැලපීම් ගොඩක්.. ඒ කොල්ල කවදාවත් තේරුම් ගත්තෙ නෑ හංසිගෙ අහිංසක හිත..නිතරම රන්ඩු කරා.. ගෙදර අයට නපුරුකම් කරන්න මුරන්ඩු වෙන්න හංසිව පෙලඹවෙව්ව.. අවුරුදු දෙකක් ගත වෙද්දි ඒ බැදීම හංසිට වදයක් වෙන තරමට නපුරුකම් කරන්න පටන් ගත්ත..

හංසි අන්තිමේදි තීරනයක් ගත්ත ඒ වදකාර බැදීමෙන් අයින් වෙන්න..  ඒ වෙද්දි හංසිට තේරිලා තිබුන හැබෑ ආදරේ කියන්නෙ මේ වගේ බැදීමක් නෙමෙයි කියන එක.. ඒ හින්දම හංසි තමන්ගෙ ප්‍රථම ප්‍රේමයට සමුදුන්න.. ඒත් ඒ වෙද්දි හංසිගෙගෙ ජීවිතේ ලොකු පසුබෑමක් වෙලා ඉවරයි.. ඉගනීම කඩාකප්පල් වෙලා ඉවරයි..

ඒ සම්බන්ධය නැවතුනාට පස්සෙ හංසි මාස ගානක් ගේ ඇතුලටම වෙලා දුක් වින්ද.. ඇඩුව.. එහෙම ඉන්නකොට තමයි දවසක් හදිස්සියෙම හංසිගෙ යාළුවෙක්ගෙ තාත්ත මිය ගිහින් ඒ අවමංගල්‍යයට යන්න හංසිට සිද්ධ වෙන්නෙ..

එතන හිටපු බෝල ඇස් දෙකක් හංසි දිහා බලනව ඇය දකිනව.. ඒත් හංසි ඒ ගැන වැඩිය හිතන්නෙ නෑ..

එදා හවස හංසිගෙ දුරකතනයට නොදන්නා අංකයකින් ඇමතුමක් එනව..

"හෙලෝ.."

"හෙලෝ.. මේ හංසිකා නේද?"

"ඔව්.. කවුද මේ. "

"මම නම් රන්දික.. ඒත් ඔයා මාව නමින් නම් අදුරන්නෙ නෑ.. ඒත් අද දිනූලගෙ ගෙදරදි තමයි මම ඔයාව දැක්කෙ.."

"මේ... මේ... අර කොටු ෂර්ට්..."

"ම්ම්ම්.. ඔව්.. කොටු ෂර්ට් එක තමයි.."

"ඇ..ඇයි ඉතිං මට කෝල් කරේ? මගෙ නම්බර් එක කොහෙන්ද?"

"කෝල් කරේනම් අදුරගන්න ආසා නිසා.. නම්බර් එකනම් ඉතිං හොයාගත්ත මම කෝම හරි.."

"....."

"....."

ටික දවසක් ඔහොම සාමාන්‍ය කතා බහක් මේ දෙන්න අතර සිද්ධ වෙනව..

ඒත්  රන්දික නම් පුදුම තරම් ආදරේ වෙලා ඉවරයි මේ වෙද්දිත් හංසිට.. ඒත් ඒක කියන්න රන්දික ඉක්මන් වෙන්නෙ නෑ..

රන්දික හොදට ඉගන ගත්තු වැදගත් පවුලක කොල්ලෙක්.. පෞද්ගලික අංශයේ ගනකාධිකාරිවරයකු විදියට කොල්ල හොද වෘත්තීයක නියැලෙනව මේ වෙද්දි.. ඒ වගේම හරිම දඟකාර චරිතයක්.. ගිටාර් එක ගගහ සිංදු කියන එක තමයි රංදිකගෙ විනෝදාංශය වෙන්නෙ..

" රන්දි අයියෙ.."

"ම්ම්ම්..."

"සිංදුවක් කියනවකො මට අහන් ඉන්න.."

"සිංදු අහන්න ඕන නම් එනව මාව මීට් වෙන්න.. ෆෝන් එකෙන් සිංදු කියන්න බෑනේ..."

"අනේ..."

"ම්ම්.. ඉන්නවකො මැට්ටි එහෙනම්.." රන්දික සිංදු කියනව ඇමතුමේ ඉන්න ගමන්ම.. හංසිට දැන් රන්දික නැතුවම බෑ.. ඒත් හංසි බයයි ආදරේ කරන්න නම්..

මේ අතරෙදි තමයි හංසිට පිටරටක ගිහින් ඉගන ගන්න කියල ගෙදරින් බලකරන්නෙ..

හංසි මේ විස්තරේ කියනව රන්දික එක්ක.. හංසි හිතනව රන්දික යන්න එපා කියයි කියල.. නමුත්

" ඔයා යන්න සුදු නංගි.. ගිහින් ඉගන ගන්න.. අවුරුදු දෙකනෙ.." එහෙමයි රන්දික කියන්නෙ..

හංසි අන්තිමේ යනව සිංගප්පූරුවට.. හංසි යන දවසෙ රන්දික හොරෙන්ම ගුවන්තොටුපලට ඇවිත් හැංගිලා හංසිව බලල යනව..ඒත් හංසි ඒක දන්නෙ නෑ.. එයා ලංකාවෙන් යන්නෙ දුකින්..

කාලය ගත වෙනව..හැම දවසකම හංසි කතා කරනව රන්දික එක්ක... කෑවද , බිව්වද , දවසේ සිදුවීම්, විහිළු , සිංදු වලට සීමා උන සාමාන්‍ය කතාබහක් එ්ක.. රන්දික කවදාවත් ආදරේ ගැන හංසි එක්ක කතා කරන්නෙ නෑ..හංසිට දුක හිතෙනව මේ වෙන දේ ගැන..

'රන්දි අයිය ගැන මම හිතුවට එයාට මං ගැන ගානක් නෑ.. මම නිකන් යාළුවෙක් විතරයි..' හංසි එහෙම හිතනව..

අවුරුදු දෙක ඉවරවෙලා හංසි ලංකාවට එන්නයි සූදානම..

"රන්දි අයිය මම හෙට රෑ එනව.." වට්ස්ඇප් පණිවිඩයක් යවනව රන්දිකට

"ම්ම්ම්.. සාදරයෙන් පිලිගන්නව.." එහෙමයි පිළිතුරු ලැබෙන්නෙ..

"අම්මා.. ඔන්න මම හෙට රෑ එනව.." හංසි අම්මට ඇමතුමක් දෙනව...

"එන්නකෝ පුතේ.. අපි හොද කොල්ලෙකුත් බලල තියෙන්නෙ.." අම්ම කියනව..

"අනේ මට නම් බෑ... ඕවට ආවොත් මම එන්නෙම නෑ.."

"අැයි දෝණි.. ඔයාගෙ හිතේ කවුරු හරි ඉන්නවද.." අම්ම එහෙම අහද්දි හංසි නිහඩ වෙනව..

මේ වෙද්දි හංසිගෙ හිතේ රන්දික වෙනුවෙන් ආදරයක් ඇති වෙලා ඉවරයි.. ඒත් රන්දික ඒ ගැන කතා නොකරද්දි තමන් කොහොමද එහෙම දෙයක් රන්දිකට කියන්නෙ කියලයි හංසි හිතුවෙ..

දුකත් හිතේ පුරවන් හංසි ලංකාවට එන්න පිටත් උනා.. කටුනායක ගුවන්තොටුපලින් බැහැල හංසි එලියට එද්දි හංසි දැක්ක තමන්ගෙ අම්ම තාත්ත ඉන්නව.. ඊට ටිකක් එහායින් රන්දිකත් ඉන්නව දැකපු හංසිගෙ හිත ගැස්සෙනව.. හංසි ඉක්මනින්ම දුරකතන ඇමතුමක් ගන්නව රන්දිකට.. ඒත් රන්දික දුරකතනය අතට අරන් බලල ඇමතුම විසන්ධි කරල හංසිට අත වනනව.. එතන ඉන්න දෙන්නෙක් එක්ක රන්දික කතාවක ඉන්නෙ.. හංසි අම්ම තාත්ත ලගට ගිහින් සතුටින් වැලඳගන්නව..

"යමු දෝණි.."

"යමු තාත්තෙ..ඉතිං අම්මෙ කෝමද.." හිනා වෙලා කතා කරාට හංසිගෙ හිත රන්දික ඉදලත් කතා කරන්න බැරිඋන එක ගැන දුකින් පිරිල..

තුන්දෙන් ගිහින් වාහනේට නගිනව.. තාත්ත ඉස්සරහ.. අම්මයි දුවයි පිටිපස අසුනෙ.. හංසි දකිනව රන්දික වාහනේ පැත්තට දුවගෙන එනව.. හංසිට බයත් හිතෙනව...

'මේ පිස්ස මොනවා කරන්න හදනවද මන්ද' හංසිට හිතෙනව.. රන්දික  ඇවිත් රියදුරු අසුන පැත්තෙන් වාහනේට ගොඩවෙනව..

"යාළුවෙක් හම්බුනා තාත්තෙ.. මම පරක්කුද.. "

"නෑ පුතා.. යමු.." තාත්ත කියන්නෙ රන්දිකගෙ පිටටත් තට්ටුවක් දාලා..

"හායි සුදු නංගි.. කෝමද මැට්ටි.." හංසි පැත්තට හැරුණු රන්දික අහන්නෙ හිනා වෙවී.. හංසි පුදුමයෙන් බලන් ඉන්නව..

"දෝණි.. ඔන්න ඔයාට අපි හොද කොල්ලෙක් හෙව්ව.. හෙව්ව කිව්වට අපි හෙව්වෙ නෑ.. මේ කොල්ලම හොයාගෙන ඇවිත් මගෙන් ඔයාව ඉල්ලුව.." තාත්ත කියද්දි හංසි බලන්නෙ රන්දික දිහා.. රන්දික ලස්සනට හිනාවෙලා ඇහැක් වහල ඉඟි කරනව..

"දෝණි කැමතියිද ඉතිං මේ දග කොල්ලට.."අම්ම හිනාවෙවී අහනව...

" මේකිගෙ කැමැත්ත මට වැඩක් නෑ අම්මෙ.. මේ මැට්ටි මට අකමැති උනත් මම උස්සන ගිහින් හරි බදිනව මේකිව.. පරන බූට් දිරවනකනුයි ඉගනගෙන ඉවර වෙනකනඅයි කියල අවුරුදු තුනක් බලන් හිටිය හොදටම ඇති.. තවත් ඉතිං බලන් ඉන්න මට නම් බෑ.." රන්දික කියවන් යද්දි හංසිගෙ තොල් මත ලස්සනම ලස්සන හිනාවක් පිපෙනව...

"කවුද ඉතිං අකමැතියි කිව්වෙ.." ලැජ්ජාවෙන් එහෙම කියන හංසි අම්මගෙ උකුලෙ මූන හංග ගන්නව..

💑

නිමි.
උපුටා ගැනීම රුවා පේජ්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment