❤❤නුඹ නැතත් මා සතුටින් ❤❤
වෙනද වගේම උදේ ඇරපු ගමන්ම මම ෆෝන් එක අරන් බැලුවෙ එයාගෙන් මට මැසේජ් එකක් ඇවිත් තියනවද කියලයි.මොකද එයා හැමදාම වගේ මම නැගිටින්න කලින් නැගිටල මට උදේම මැසේජ් එකක් දාන එක එයාගෙ පුරුද්දක් වෙලයි තිබුනෙ......
ඒත් දැනට සති දෙක තුනක ඉදල එයා මට නොකියන මොකක්දො වෙනසක් මට තේරුනා.ඉස්සර දවසට මැසේජ් දෙතුන්සියක් එවපු කෙනා දැන් දවසටම මැසේජ් දහයක් වත් එව්වොත් තමා පුදුමෙ.මම කොච්චර කොල් කරත් මැසේජ් කරත් එයාගෙන් රිප්ලයි ආවෙ හරිම අඩුවෙන්.අදත් මම පරන පුරුද්දටම එයාගෙන් මැසේජ් එකක් අැති කියල ෆෝන් එක අරන් බැලුවෙ හරිම ආසාවෙන්.ඒත් එයාගෙන් එක මැසේජ් එකකවත් නොතිබ්බ නිසා මටත් නොදැනිම මගෙ නෙතගින් කදුලු බිංදුවක් මගෙ දෙකොපුල් තෙමාගෙන බිමට වැටුනෙ මට එයා ගැන තිබුන ආදරෙ නිසාමයි.....ඒ ආදරෙ නිසාම මම එයාට මැසේජ් කරා.ෆෝන් එක අතේ තියාගෙන හිටියා වගෙ ඉක්මනටම එයාගෙන් මට රිප්ලයි ආවා..........
Me : Good morning mge wasthu kete.
Kasun : ah gm.gm nngi.
Me: ai ane me???mko trhn wge metto....
Kasun : ne ehem mukuth ne....
Me : nethe ne....ai dn oyat mawa epad....
Kasun : ane mnda.me mt ada oyaw hmbenna ona...
Me : hri bb.mm ennm mge pana.
Kasun : hmmmmm......cofi shop eka gawt end.mm etn innm....bye.
Me : hmmmm....hri ptyo...oya ara red clour t- shrt eka adgn enna....
Kasun : blmu.enwko.deyk ktha krgnd end qwe.bye.mm busy dn.awith cl krnd.
වෙනදට කොච්චර වැඩ තිබුනත් ඒ වැඩ පැත්තකට දාල හරි මාත් එක්ක මැසේජ් කරන්න වෙලාව වෙන් කරගෙන හිටපු එයා දැන් ටික දවසක් ඉදල හොදටම වෙනස් වෙලයි තිබුනෙ.අපේ ආදරෙට දැන් අවුරුදු හතරක් උනත් අපේ ගෙදරින් විතරයි දැනගෙන හිටියෙත්.....
එයා මට අරන් දුන්න ලස්සන රතුපාට ටීෂට් එකයි කලු පාට ඩෙනිම් කලිසමයි ඇදගෙන එයා කිව තැනට ගියෙ අපි දෙන්න සති දෙකකින්වත් නිදහසෙ හම්බෙලා කතා නොකරපු නිසාමයි.....මම කොෆි ෂොප් එක ලගට ගිහින් එයාට කොල් කරල විනාඩි දහයකට විතර පස්සෙ එයා එතන්ට ආවත් එයාගෙ මුනෙ වෙනදට මාව දැකපුවම තියෙන ආදරෙ හිනාව සතුට කිසිම දෙයක් තිබුනෙ නෑ......
"අයියේ....ඇයි ප්‍රශ්නයක්ද පැටියෝ...."
"හම්ම්ම්ම්....නැත්තෙමත් නැ....යමුකො කතා කරන්ඩ...."
"හම්ම්ම්ම්ම්....."
"නංගි ඔයාගෙ ඔය චිත්‍ර අදින වැඩෙි නවත්තල වෙන හොද ජොබ් එකක් හොයාගන්ඩ......ලබන සතියෙ සදුදට කලින්....."
"ඒත් ඇයි අයියෙ මෙි හදිසියෙම.....මෙි හදිසියට කොහෙන්ද ජොබ් හොයන්නෙ....අනික මට ගෙදර ඉදන් කරන ජොබ් නැනෙ අයියෙ....."
"එහෙනම් ගෙදර ගැනම හිත හිත ඉන්ඩ....අපි මෙික නවත්තමු....."
"අනේ ඇයි මෙි....."
"මම අපේ අම්මට කිවා ඔයා ගැන.එයාල කියනව ඔයාට ස්තිර රස්සාවකුත් නැති නිසා මට වෙන කෙනෙක්ව බලලු තියෙන්නෙ....."
"අනේ....ඔයාට පුලුවන්ද මාව නැතුව ජිවත් වෙන්න...."
"මට මෙි කෙල්ලෙක් හින්දා ගෙදර මිනිස්සු තරහ කරගන්න බෑ.....ඔයා ජොබ් එකක් හොයාගන්ඩ.නැත්තන් මන් ගැන තියෙන ආදරෙ නැති කරගන්න.බායි....මම යනව...."
මම කොච්චර අඩ අඩා කිවත් එයා මාව පොඩ්ඩක්වත් ගනන් නොගෙන යන්නම ගියා....තාත්ත නැති උනාට පස්සෙ අම්මා පාපිසි මහල තමා මල්ලිටයි මටයි මටයි ඉගැන්නුවෙ.අම්මටත් ඒ රස්සාවට සමු දෙන්න උනේ අම්මටත් පිලිකාවක් හැදුන නිසයි.මට කැම්පස් යන්න සුදුසු කම් තිබුනත් ඒ නොගියෙ ගෙදර ආර්තික ප්‍රශ්න නිසාමයි.අම්මගෙ බෙිත් වලටයි මල්ලිගෙ පංති ගාස්තුයි ගෙවාගෙන වේලක් ඇර වෙිලක් කාල හරි අපි ජිවත් උනෙ මම චිත්‍ර ඇදල හොයපු සල්ලි වලිනුයි. අලුත් රස්සාවක් හොයාගන්න එක දවසක් හරි මම රසිතියාදු උනොත් අම්මයි මල්ලි බඩගින්නෙ විතරක් නෙවෙි අමිමට බෙිත් වෙලක් ගන්නත් සල්ලි මදි වෙන නිසාමයි මම ලැබෙන හැම තත්පරෙකින්ම උපරිම ප්‍රයෝජන ගත්තෙ.
මෙහෙම කාලයක් යනකොට තමා ආරන්චි උනේ කසුන් අයියට ගෙදරින් හොද කෙනෙක්ව හොයල දිලලු.බැංකුවක වැඩ කරන කෙනෙක්ලු.මටත් එයාගෙ වෙඩින් එකට ඉනිවයිට් කරල තිබුනත් මම නොගිහින් හිටියෙ මම අවුරුදු හතරක් තිස්සෙ මගෙම කරගන්නව කියල හිතාන ආදරය කරපු කෙනා වෙන කෙනෙක්ගෙ වෙලා යනව බලන් ඉන්න බැරි නිසාමයි.......
****************************************************
කාලයක් එහෙම ගෙවිල යනකොට තමා මම ෆැෂන් ඩිසයිනින් කරන්න පටන් ගත්තෙ.මුලදි ලොකු ලොකු ප්‍රශ්න ආවා....ලොකු ලොකු ගාමන්ට් ෆැට්‍රි වලට ගිහින් කතා කරාම කිසිම තැනකින් මගෙ හැකියාවට තැනක් ලැබුනෙම නැ.....සේරම එපා වෙලා ඉන්න වෙලාවක තමා අවිශ්ක මාව හම්බෙන්න ආවෙ....
අවිශ්ක කියන්නෙ මම ඩිසයින් කරපු ඩිසයින් එකක් බලල මගෙ නම්බර් එක ඉල්ලගත්ත ගාමන්ට් ෆැක්ට්‍රි එකක මැනේජ කෙනෙක්......
"නිපුනි.....මම අර ෆැට්‍රි එකේ මැනේජ....අර දවසක් ඔයාගෙ ඩිසයින් බලල නම්බ එක ඉල්ල ගත්තෙ....."
"ආහ් සර්....කියන්න...."
"මෙහෙමයි....මම අලුතෙන් ෆැක්ට්‍රි එකක් පටන් ගන්න ඉන්නෙ.....ඔයාට පුලුවන් නේද අපේ ෆ්‍රැක්ට්‍රි එකට ඇදුම් ටිකකට ඩිසයින් හදල දෙන්න......"
"ආහ්....හරි.....පුලුවන්...."
"කීයක් විතර චාජ් කරනවද එක ඩිසයින් එකකට....."
"ඒක ඉතින් ඩිසයින් එකෙන් ඩිසයින් එකට වෙනස් වෙනව......"
"ආහ්....හරි.....අපි කැමති...."
කාලයක් යනකොට පොඩිවට පටන් ගත්ත ගාමන්ට් එක ඉක්මනටම දියුනු උනේ බලාගෙන ඉන්නකොටමයි.මුල් දවස් වලදි අතින් චිත්‍ර ඇදල ෆැෂන් ඩිසයිනින් කරපු මාත් දැන් computer 20ක් විතර තියාගෙන තනියම වැඩ කරපු මම දැන් වැඩටත් කට්ටිය රගෙනයි වැඩ කරන්නෙ.එන්න එන්නම අවිශ්කගෙ ගාමන්ට් එකයි මගෙ ෆැෂන් ඩිසයිනින් ෂොප් එකයි දියුනු වෙනවත් එක්කම අවිශ්ක මගෙන් ආදරෙ ඉල්ලගෙන ආවෙි.දුප්පත් කම නිසා එක පාරක් ආදරෙන් පැරදුන නිසා ආයෙත් කෙනෙක්ට ආදරෙ දෙන්න බය හිතුනත් කාලයත් එක්ක අවිශ්ක මගෙ ආදරය විතරක් නෙවෙි මාවත් දිනා ගත්ත.
ඒත් එක දවසක් මගෙ ඔෆිස් එකට ආපු කෙනෙක් නිසා මම පුදුම උනා.....
"එක්සියුස් මි මැඩම්...."
"යස්....කමින්...."
"මැඩම් මම ආවෙ ජොබ් වෙිකන්සි තියනව කියල දැකපු නිසයි...."
"හමිමිම්ම්.....කලින් කොහෙද වැඩ කරෙ...."
විස්තර බලනකොටම තමා දැක්කෙ පුරුදු නමක් තිබුනෙ.....කසුන් තිවංක....ඔව් ඒ වෙන කවුරුත් නෙවෙි කාලයකට කලින් මට ජොබ් එකක් නැ කියල මාව දාල ගිය කෙනාම තමා.....
"කසුන් අයියෙ.....අදුරන්න පුලුවන්ද මාව.....කාලෙකට කලින් දුප්පත් චිත්‍ර අදින කෙල්ලෙක් එක්ක නේ යාලු වෙලා හිටියෙ....."
"ක....ක....කවුද....අර....නිපුනිද ...."
"හම්මිම්....එයා තමා...."
"මැඩම් කොහොමද එයාව දන්නෙ...."
"මැඩම් කියන්ඩ ඕන නෑ අයියෙ....මම තමා ඒ නිපුනි...."
"මො....මොනව....නංගි ඔ...ඔයාමද මෙි....."
"හම්ම්ම්....ඔව් අයියෙ....කොහොමද අක්කට එහෙම...."
"ඒ ගැන කතා කරල වැඩක් නැ නංගි.....එයා ආවෙි මගෙ සල්ලි වලට....දැන් එයා වෙන කෙනෙක්ගෙ....."
"ඇහ්....අයියො....සොරි අයියෙ හිත රිදෙන දෙයක් ඇහුවනම්......"
"මට ජොබ් එකක් දෙන්න නංගා....කලින් කම්පැනි එකෙනුත් අයින් කරෙ මාව ඒ ප්‍රශ්නෙ නිසාමයි...."
"මගෙ ගාව නම් දෙන්න ජොබ් එකක් නැ....අර ෆැක්ට්‍රි එක මගෙ හස්බන්ඩ්ගෙ....මම එයාට කියල ජොබ් එකක් අරන් දෙන්නම්....."
එදා මගෙ දුප්පත් කමට හිනාවෙලා මගෙ ආදරෙ දාල ගියපු කෙනා අද මගෙ හස්බන්ඩ් ගෙ කම්පරනි එකේ වැඩ කරන සුලු සේවකයෙක්.සල්ලි වලට ආදරෙ කරපු එයා ජිවිතේ වැරදුනා.
ලියන්නෙ : දුෂාන්
#Dushan D Ekanayake
#අවංක ආදරෙ තියෙන්නෙ සල්ලි වල නෙවෙි.සල්ලි වලට ආදරෙ කරල කෙනෙක්ව ජිවිතේට ලන් කරගන්න එපා.මොකද ඒ කට්ටියගෙ ආදරෙ අවංක නැ....අවංකව ආදරයක් තිබුනනම් මොන බාදක තිබුනත් ඒ ආදරෙ හැමදාමත් ලගින්ම ඉන්නව....#
උපුටා ගැනිමකි
No comments:
Post a Comment