ඉඩදෙමු මොහොතකට

ඉඩදෙමු මොහොතකට

හම්මා තිලිණ
නියම බඩුවක්නේ නේ බන් උඹ බස්සලා තියෙන්නේ..
අය වැය ට කලින් ගත්ත එකක්ද පස්සේ ගත්ත එකක්ද?
කියක් විතර ලාභ උනාද බන්....

උබ දන්නවනේ භානුක බන් මට පොලිටික්ස් කියන සබ්ජෙක්ට් එක
දිරවන්නෙම නැති එකක් කියලා.
ඒ නිසා ඉතින් මම හොයපු සල්ලි වලින් ගත්ත එක මට වටිනවා.
නැතිව පර්මිට් වලට ගෙන්නපු එකක් නෙමේ

හරි හරි බන්..
වාහනේ දැක්කම ආස හිතුනා එකයි ඇහුවේ...
ඉතින් සිරාවටම බන්... උබ නම් පට්ට ලක් කාරයා.

මොනවද බන් ලක් කාරයා කතාව..
මහන්සි වෙලා බිස්නස් ටික ගොඩ දාගන්න
එක ඇරෙන්න අමුතු ලක් එකක් නෑ
උඹ දන්නවනේ... මම බිස්නස් එක කරන්නේ
පට්ට සාධාරණ විදිහට..
ඉතින් තාම නම් වැරදිලා නෑ
ටික ටික ගොඩ යනවා...
මොකද කියන්නේ යමුද රවුමක්..

මොනවා අහනවද තිලිණ..
යමු ඉතින් හැටට හැටේ..
හා හා වරෙන්කො යන්න...
-------------------------------------------------------
සිරාවටම බන් පට්ට සැපක් තියෙන්නේ
මට නම් මෙහෙම වාහනයක්
කියන්නේ හීනයක් වගේ බන්
ජිවිත කාලෙම මහන්සි උනත් ගන්න බැරි වෙයි බන්

පිස්සුද බන්. මොකද බැරි..
මහන්සි උනොත් ගන්න පුළුවන්
උඹයි මමයි දෙන්නම එක පන්තියේ එකට ඉගන ගත්තේ..
උඹට උනත් බැරි නෑ බන් ගන්න

හරි හරි... මටත් ටිකක් ඩ්රයිව් කරන්න දීපන්කො බන්..
මගේ නොවුනත් මෙහෙම සැප වාහනේක රියදුරු අසුන කියන්නෙත්
පට්ටම සැපක් තමා බන්..
දීපන්කො....

හරි හරි.... පොඩ්ඩක් හිටපන් නවත්වනකන්...
මෙතන හප්පගන්න බෑ...
-----------------------------------------------------
බලාගෙන යමන් බන්.. අපිට හොස්පිටල් ගානේ යන්න බෑ..
ඔය මොකද බන් කරන්නේ
පිටිපස්සෙන් එන්නේ ඇම්බියුලන්ස් එකක් බන් ඉඩ දීපන්කො...

පිස්සුද බන්...
මේ තරම් සිරා වහනයක් තියාගෙන අපි මොකටද බන් අයින් කරගෙන යන්නේ.
පොඩ්ඩක් ඔහොම හිටපන්කෝ බන් කෑ ගහන්නේ නැතිව.
ආතල් එකේ යන්න දීලා..

උඹට තේරෙන්නේ නෑ බන්
ඇම්බියුලන්ස් එකක යන්නේ අමාරු ලෙඩෙක් බන්...
පාරෙන් පොඩ්ඩක් අයින් කරගනින්...

මම අයින් කර ගත්තා කියලා වැඩක් තියනවද බන්..
ඉස්සරහත් හැම එකාම අයින් කරගන්නවාද නැහැනේ..
ඉතින් ඔන්න ඔහේ ඇහුනේ නෑ වගේ ඉදපන්..
මම පොඩ්ඩක් ට්රයි කරනවා වගේ බොරුවට පෙන්නම් අයින් කරගන්න
--------------------------------------------------------------
තිලිණ
උඹ අද වැඩක් දාගෙනද?
පොඩි උදව්වක් කරන්න පුලුවන්ද බන්...

මොකක්ද කියපන්...
අද මම ගෙදර බන්.
ෂොප් ටිකේ උන්ටත් නිවාඩු දුන්නා..
සතියකට සැරයක්වත් රිලැක්ස් එකේ ඉන්න ඕනා බන්
සල්ලිම හොයලා වැඩක් නෑ...
මොකක්ද කේස් එක...භානුක

නෑ බන්..
අද කෙල්ලගේ බර්ත් ඩේ එක.
කොහෙහරි රවුමක් ගහන්න ඕනා..
බැරිද උඹේ වාහනේ ගන්න මට අද දවසට
රෑ වෙන්න කලින් ගෙනත් දෙන්නම්

හරි හරි අවුලක් නෑ
අද කොහොමත් මම ගෙයින් එලියට බහින්නේ නෑ
එහෙම ඕනා උනත් ඉතින් තව වාහන තියනවනේ
ඇවිත් අරන් යමන්..
------------------------------------------------------
මචන්... මම එදා දැක්කා උඹ වාහනේ අරන් ගිය විදිහ.,
වාහනේට මොනවා හරි උනොත් මට ඒක ඉන්ෂුවරන්ස් එකෙන් අරන් හදාගන්න පුළුවන්.
එත් වටේ පිටේ ඉන්න උන්ගේ ජිවිත පරිස්සමින්

හරි හරි බන්... උඹ ඔය කියන්නේ එදා අර ඇම්බියුලන්ස් එකට ඉඩ නොදුන්න එකනේ.
මොකටද බන් ඕක හිතන්නනේ..
මොනවා උනහම මොකද?
යතුර දීපන්...
හවසට ගෙනත් දාන්නම්
---------------------------------------------------
ඔව් බබා... මේක මගේ යාළුවගේ..
මිනිහාට ඉතින් අද නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න ඕනා කිවා
මම අරගෙන ආවා
අද ඉතින් දවසම මේක මගේ වගේ තමා..

හ්ම්ම් පාර බලාගෙන යන්නකෝ භානුක
වාහනේ කොහොම උනත්
වැදගත් වෙන්නෙ අද දවස ඔයා මාත් එක්ක ඉන්න එකනේ..

හ්ම්ම්ම් අද ඔයාගේ බර්ත්ඩේ එක දවසේ ඔයා ලග නැතිව කොහොමද බබා

ඔන්න ඔන්න ඔන්න..... බලාගෙන.................
(දඩාන්............)

----------------------------------------------------
අනේ කවුරුවත් නැද්ද?
මගේ කෙල්ලට අමාරුයි..
උදව් කරන්නකෝ...
කෝ අනේ.... නැද්ද කවුරුවත්.....

කෝ මිස්ටර් ඉඩ දෙන්න අපිට මෙයාව ඇම්බියුලන්ස් එකට දාගන්න..
අපි මෙතනට ළඟ හිටපු එක ලොකු දෙයක්..

ඔහොම ඉන්න...
අනේ මාවත් අරගෙන යන්න..
මගේ කෙල්ලට ගොඩාක් අමාරුයි වගේ..
කරුම වාහන කාරයා ඒ පැත්තෙන්ම හැප්පුවානේ
අද කෙල්ලගේ උපන් දිනේ..
අනේ මොනවා හරි කරන්නකෝ...
------------------------------------------------------
අපි පුළුවන් තරම් උත්සහ කරනවා ඉක්මනට හොස්පිට්ල් එකට යන්න
මෙතන ඉදන් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් සීමාසහිතයි..
ඉක්මනට හොස්පට්ල් එකට යන්න පුළුවන් උනොත් අපිට පුලුවන්
ජිවිතේ බේරගන්න...
එත්........

එත් කීවේ..

අපිට වෙලාවට යන්න පුළුවන් වෙයිද කියලා කියන්න අමාරුයි..
මොකද මේ වාහන තදබදේ එක්ක කවුරුවත් පාරේ අමුතුවෙන් ඉඩක් දෙන්නේ
නෑ. කවුරුවත් හිතන්නේ නෑ
මේක කාගේ හරි ජිවිතයක් කියලා..
ජීවිතේට වඩා වටින දේවල් නෑ කියන එක මිනිස්සු තේරුම් ගන්නකන්
කවදාවත් මේ දේවල් වෙනස් වෙන්නේ නෑ..

-----------------------------------------------------------
මට එදා උඹ කිවේ මොකක්ද කියලා අද තේරෙනවා බන්,..
එදාත් කාගේ හරි ජීවිතයක් තමා මම පාර හරස් කරගෙන අනතුරේ දාන්න ඇත්තේ..
අද මගේ කෙල්ල ජිවිතේත් මරණයත් අතරේ සටනක් කරනවා මම වගේ තව මිනිස්සු හින්දා බන්.
මම මහා පව් කාරයෙක්...

භානුක හිත හයිය කරගනින්...
කොහොමහරි ඔතනින් ඉක්මනට අරගෙන යන්න බලපන්..
හොස්පිට්ල් එකට..
බය වෙන්න එපා කෙල්ලට මොනවත් වෙන්නේ නැතිවෙයි.

අපිටම දෙයක් වෙන්න ඕනා බන් අපිට සමහර දේවල් තේරුම් යන්න.

-සඳරු - Devaka Sadaruwan

(මම ඉන්න රටේ ඇම්බියුලන්ස් වලට මිනිස්සු ඉඩ දෙන හැටියට, ඒ ගැන සලකන විදිහට ( නීතිවලට තියන බය නිසාද මන්දා ) ලංකාවේ කවදා ඒ වගේ තත්වයකට මිනිස්සු හැඩ ගැහේවිද කියන එක ලොකු ප්රශ්නයක්. ඒ තරමට අපි අනිත් අය ගැන හිතනවා අඩු වෙලා කියලා සමහර වෙලාවල් වලට දැනෙනවා. මොනවා උනත් අපිට වාහන තිබුණත් නැතත්.. හැමවෙලාවකම ඇම්බියුලන්ස් එක්ක යන්නේ කාගේ හරි ජීවිතයක් කියන එක මතක තියාගෙන ඒකට මුලික තැන දෙන්න පුලුවන්නම් ජීවිතයක් බේරගන්න අපිත් උදව් උනා කියන හැඟීමවත් අපිට දැනේවි... )
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment