ආදරෙයි මගේ කළු කෙල්ලට
මට ජිවිතේ එපා වෙලා බන් චන්දි..
උබට එහෙම හැගීමක් එහෙම නැද්ද?
ඒ මොකද බන්.. බ්ලෑකි
නෑ බන්
හිස් ටින් එකක් වගේ ජිවිතේ වෙලා තියෙන්නේ..
උබලා ඔය කියන නම හින්දාම මට ගොඩක් දේවල් එපා වෙනවා.
මට නම් තේරෙන්නේ නෑ උබ මොනවද කියන්නේ කියලා
කමක් නෑ බන්. උබ තේරුම් ගන්න ඕනේත් නෑ
මම යනවා නිදා ගන්න
ඇත්තෙන්ම නම සවනි උනත් හැමෝම කියන්නේ මට බ්ලෑකි කියලා
එකට උන්ට මොනවත් කියන්නත් බෑ.
හැමෝම කැමති සුදු හමකට
එත් ඉපදුනේ කළු හමක් එක්ක හින්දා ඉගන ගන්න කාලේ ඉදන්
හැම යාලුවාම මට කතා කලේ බ්ලෑකි කියලා
මුල් කාලේ එකට තරහ ගියත් පස්සේ පස්සේ මමම තේරුම් ගත්තා
මගේ හමේ පාට මට වෙනස් කරන්න බෑ කියලා
මේකප් දාගෙන කොහෙවත් නැති සුදක් ගන්න මම ආස උනේ නැ වගේම
මට ඒවා ඇලජික්.. ජිවිතේ එපා වෙන්න තරම් හිතට දුකයි
අනිත් හැමෝම කොල්ලෝ එක්ක යාළුවෙලා ඉන්නකොට
මම දිහා නිකමවත් හැරිලා බලන්න කවුරුවත් උන්නේ නෑ
ඇයි අම්මේ ඉපදෙනකොටම මම කලුයි ගොඩාක් කියලා දැන දැන මම ලොකු වෙනකන් බලා ගත්තේ.
කෝ උබ ඔය නිදිද? නැතිනම් අඩනවාද ?
කෙල්ලේ කියපන්.. ඇයි උබ අඩන්නේ...
මොකක්ද උනේ.. උබට මම අක්කා වගේ නැද්ද?
කියපන් මොකක්ද වෙලා තියෙන්නේ
මොකද ඔෆිස් එකෙන් උබට කවුරුවත් මොනවාත් කීවාද?
නැ බන් මම අඩන්නේ නෑ චන්දි
ඇහැට රොඩ්ඩක් ගිහින්ද කොහෙද මම කැසුවා.
ඒ හින්දා වෙන්න ඇති.
අනේ මේ උබ මට සුදු ලුනු පොඩි කරන්න එන්න එපා
උබ මාත් එක්ක මේ බෝඩින් කාමරේ දැන් මාස 7-8ක් ඉන්නවනේ
මට උබ අඩනවද නැද්ද කියන එක තේරුම් ගන්න බැරි තරම් ලාදුරු නෑ බන්
මටත් ලාදුරු නෑ චන්දි.
මාත් ආසයි ආදරේ කරන්න.
මාත් ආසයි ආදරේ විදින්න.
එත් උබලා ඔය හැමෝම කියන බ්ලෑකි එහෙම නැතිනම් මගේ උපන් කළු හින්දා
එක කොල්ලෙක්වත් මට කැමති වෙන්නේ නැ
උන් ඔක්කොම හොයන්නේ උබලා වගේ සුදු චීස් කෑලි වගේ කෙල්ලන්ව.
මටත් තියෙන්නේ උබට වගේම හිතක්..
මටත් හැගීම් දැනීම් තියනවා..
----------------------------------------------------------------------------
චන්දි... පොඩි උදව්වක් කරපන්
මොකද සරෝජ්..
කියපන් පුළුවන් දෙයක් නම් කරන්නම්.
උබත් අපිට මොන තරම් උදව් කරලා තියනවා ද ?
මේක මගේ යාලුවන්ට කිවාහම උන් මට හිනා උනා
මගේ ඈස් පෙන්නේ නැද්ද ඇහුවා.
එත් උන් කියන දේවල් මට වැඩක් නෑ
මම දන්නවා උබට පුළුවන් මේකට උදව් කරන්න
හරි බන් වටේ යන්නේ නැතිව කියපන්
පුළුවන් දෙයක් නම් කරලා දෙන්නම්
බැරි දෙයක් නම් කෙලින්ම බෑ කියනවා
ඉතින් කියපන්
උබේ යාලුවා ඉන්නවනේ
මට යාළුවො කොයි තරම් ඉන්නවද බන්
මොන යාළුවා ගැනද කියන්නේ
සවනි ගැන බං
සවනි.... මට එහෙම යාලුවෙක් නැහැනේ බන්
කොහෙද ඉන්නේ. මොනවද කරන්නේ
අනේ මන්දා උබලාට මතක කියන නික් නේම් විතරයි.
මම මේ කිවේ උබලා බ්ලෑකි කියන ගර්ල් ගැන
හම්මේ සිරාවටම මට අමතක උනානේ ඒකිගේ නම සවනි කියලා
ඉතින් ඉතින්.. මොකක්ද දැන් එකී ගැන මම කරලා දෙන්න ඕනා උදව්ව.
මම ඒකිට කැමති බන්
උබලා හිනා වෙයි.. එත් මම හදවතින්ම ඒකිට ආදරෙයි.
හමේ පාට මට වැඩක් නෑ බන්
උබ ඔය සිරාවටමද බන් කියන්නේ සරෝජ්..
උබ ඔය දේ කියන්නේ එහෙමනම් මම බොක්කෙන්ම සපෝර්ට් එක දෙනවා.
බ්ලෑකි කියන්නේ හරි හිත හොද එකී.
හැමෝම ඒකිට විහිලු කලාට කාටවත් ඒකිගෙන් කරදරයක් නැ
දෙතුන් දෙනෙක් නිකන් ආතල් එකක් ගන්න ඒකිට ලං වෙන්න විතරක් බැලුවා
එකී ඒ තරම් මෝඩ නැ
ආදරේ කරන්න ඕනි එකිටත් හැබැයි ඉතින් අවංක වෙන්න ඕනා
මම සිරාවටම තමා මේ කියන්නේ.
ඇත්තටම මම කෙල්ලට කැමති ගොඩාක්
----------------------------------------------------------------
මචන්.... උබට මතකද මගේ යාලුවා සරෝජ්
සරෝජ් කිවේ.. අර .......
උබ එක්ක එදා ලන්ච් වලට ආව කොල්ලා නේද?
හම්මේ ඒ කොයි කාලෙකට ඉස්සරද බන්
උබට ඒ තරම් ඌව මීටර් උනාද බන්
එහෙම ඉතින් විශේෂයක් නෑ බන්
මතකයට ආව හින්දා ඇහුවේ..
හරි හරි උබට විශේෂයක් නැති උනාට අන්න ඌට උබව විශේස වෙලා
උබට කැමති ලු.
මගෙන් උබ ගැන ඇහුවා
පිස්සුද බන් ඒ කොල්ලාට.
මම වගේ කෙල්ලෙක්ට ඌ මොකටද බන් කැමති වෙන්නේ
උබ මගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා බන්
උබ හොදටම දන්නවා මම ඔය සම්බන්ද දේවල් හින්දා දුකෙන් ඉන්නේ කියලා
උබට මාව ෂුවර් නැද්ද බන්
මම සිරාවටම කියන්නේ.
කොල්ලා සිරාවටම තමා අහන්නේ..
උබව හෙට මුණ ගැහෙන්න ඕනා කියලා කිවා..
------------------------------------------------------------
සරෝජ් මෙන්න කෙල්ල ඉන්නවා.
උබලාට ඕනා දෙයක් කතා කරගනින්.
මම පොඩි වැඩකට එලියට යනවා
කෙල්ලව අඩවන වැඩ එහෙම කරනවා නෙමේ
හරි චන්දි, එහෙම දෙයක් වෙන්නේ නෑ
ඉතින්.... මොකද දැන් බය වෙලා වගේ
ඇයි.... ඔයා මාත් එක්ක කතා කරන්න ඕනා කියලා කිවේ සරෝජ්
මම ඔයාට ඇත්තටම ආදරෙයි..
ඔයාට මාව මිට් උනේ නැති උනාට මම ඔයාගන ගොඩක් හොයලා බැලුවා.
ඔයා ගොඩාක් හොද කෙනෙක්..
මම හොයන්නේ ඔයා වගේ ආදරේ කරන්න පුළුවන් කෙනෙක්.
මම වගේ.. ඔයා මොනවද කියන්නේ සරෝජ්.
මම ආදරේ කරන්න මට කවුද ආදරේ කරන්නේ.
අනික ඔයා වගේ ලස්සන කොල්ලෙක් මොකටද මම වගේ කළු කෙල්ලෙක්ට ආදරේ කරන්නේ
කොයි තරම් ලස්සන කෙනෙක් ඔයාට හොයාගන්න පුලුවන්ද?
ආදරේ කියන්නේ පිටින් පෙන ලස්සනට ආදරේ කරන එක නෙමේ සවනි
ආදරේ කරන්න ඕනා හිතේ ලස්සනට,
ආදරේ වෙනුවෙන් කැප වෙනවට
නිකමට දෙයක් අහන්නම් ඔයා හිතන්න මම වගේම ඔයාත් මට ආදරේ කරන කාලෙක
මට මොනවා හරි වෙලා වගේ පෙනුම නැති වෙලා ගියේ ගියොත් ඔයා මට ආදරේ කරන එක නතර කරනවද?
පිස්සුද?
ආදරේ කරනකොට මොනවත් එහෙම උනා කියලා ආදරේ වෙනස් වෙන්නේ කොහොමද?
ආදරේ කරන්නේ එහෙම දේවල් වලට නෙමේනේ
ඉතින් එක තමා මමත් කියන්නේ ඒ හින්දමයි සවනි මම ඔයාට ගොඩාක් ආදරෙයි කියන්නෙත්
ආදරේ කියන්නේ පෙනුමට කරන දෙයක් නෙමේනේ...
ගොඩාක් ආදරෙයි මගේ කළු කෙල්ලට
සදරු -
( ආදරේ කියන්නේ ජිවිතේ පෙනුම ගැන විතරක් ගැන හිතලා ගන්න ඕනා තීරණයක් නෙමේ.. ආදරේ කරන්න ඕනා ජිවිතේ බෙදාගන්න පුළුවන් අදහස් ගැලපෙන කෙනෙක්ට.. )
උපුටා ගැනීමකි
No comments:
Post a Comment