A/L අසමත්

💘A/L අසමත්💘

"මෙි ළමයව නම් විභාගෙට නොයව හිටියත් කමක් නෑ....මොකද ගියාට වැඩක් නෑ....."

"අනේ....ඇයි ඒ...සර්....මුට යන්තන් S කටු 3ක් වත් ගන්ඩ බැරි වෙයිද....."

"බෑ....බෑ.....වැඩක්ම නෑ....ඉස්කොලෙ ඉන්කන් කරෙත් එක එක විකාර නටපු එකනෙ.....ඉතින් කොහොමද විභාග පාස් කරන්නෙ....."

එදා ගුරුදෙගුරු රැස්විමෙදි අම්මා මන් ගැන සර්ලගෙන් අහනකොට කීවෙ ඒ ටිකයි...........

මම කලන.....කලන මදුෂාන්.....පහවසරෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගමෙි ඉස්කොලෙ ඉදල ටවුමෙ ලොකු ඉස්කොලෙකට ආවෙි හිතේ ලොකු හීන ගොඩක් පුරවගෙනයි.ඉදල හිටල පොඩ්ඩක් යාලුවො එක්ක එකතු වෙලා නැටුවට මගෙ ආසාව තිබුනෙ ඉංජිනේරුවෙක් වෙන්නයි.ඒ නිසාම මම සාමාන්‍යපෙල පංතියෙදි ඉස්කොලෙදි සෙල්ලමට බර උනත් ගෙදර ගිහින් හැමදේම පාඩම් කරල කොහොම හරි කරල යන්තන් A9ක් අරගෙන උසස්පෙලට මැත්ස් කරන්න ආවෙි හිතේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙනමයි.........

"අඩෝ කලනයා.....වරෙන්කො මෙහෙ...."

"මොකද බං....."

"උබ IT වැඩ්ඩා නේ......"

"එහෙමම නෑ ඉතින්....
මොකො අවුල...."

"මෙන්න මෙිකගෙ ලැප් එක වැඩ නෑලු බං....පොඩ්ඩක් බලහන්කො...."

ඉස්කොලෙ ගියපු හැම දවසකම වගෙ කරෙ යාලුවෙක්ගෙ ලැප් එකක් හදපු එක හරි නැත්තන් ඉස්කොලෙ ලැබ් එකේ තියන කම්පිටර් එකක් හදපු එක වාතරමයි.උගන්නන කිසිම දෙයක් ඉගන ගන්න උබවනාවක් නොතිබ්බත් මගෙ ජීවිතේම වෙලා තිබුනෙ කම්පිටර් එක්ක ගෙවන එකයි.හැමදාම වගෙ පාඩමි කරනව කියලත් කාමරේට වෙලා කරේ දොරත් ලොක් කරගෙන ලැප් එක ඕන් කරන් අලුතෙන් ආව කම්පිටර් ගැන හොයපු එකමයි...........

**************************

දින සති මාස ගෙවිල අවුරුදු දෙකක්මඋසස්පෙල පංතියෙ ගෙවිග ගියත් ඉස්කොලෙන් ඉගන ගත්ත දෙයක් තිබුනෙම නෑ....මොකද හැමදාම වගෙ ඉස්කොලෙ ඇවිත් පිරියඩ් කට් කර කර කරේම IT ලැබ් එකට වෙලා මොකාක් හරි අලුත් දෙයක් හොයන්න දගලපු එකමයි.කාලයත් එක්ක උසස්පෙල විභාගයත් ආවා.......

"අඩෝ....මෙි උබ මැත්ස් පේපර් එක කරගත්තද....."

"පිස්සුද බං.MCQ තිබුන නම් කොපි කරගන්නවත් තිබුනා.කරුමෙටම එකත් නෑ නේ.අර ඇප්ලයිඩ් පේපර් එකේ තිබුන ටික නම්......"

"අඩෝ....සිරාවටම ඈ....මටත් එක නම් අවුල් බං......"

"මෙි....මොකද බං අපි කරන්නෙ දැන්......"

"දුක් වෙන්ඩ එපා බ්‍රෝ.....තව ශයි දෙකක් තියෙනව නෙ....."

"එකෙත් මෙි ටිකම තමා බං....."

"අනේ මංද බං.....මුන් මෙි දහයක් විතර වට වෙලා පැය හය හතක් අරන් හදන පේපර් එකටඅපි පැය දෙක තුනෙන් තනියම ලියන්ඩ ඕන...කරන්ඩ බෑනෙ බං මෙික ......"

"අඩෝ.....එක නම් සිරා කතාව ඈ....."

**************************

මෙහෙම විනොදෙන් A/L ජිවිතේ පලවෙනි අවුරුද්ද ඉවරවෙනකොටම තමා සීත⁣ල දෙසැම්බර් මාසෙම උසුම් කරගෙන අපේ රිසාල්ට් එන්නෙ.රිසාල්ට් බලන්නවත් වැඩිය උනන්දුවක් මට නොතිබ්බෙ එක බැලුව කියල ඇති වැඩක් නැති නිසාමයි.මොකද මගෙ රිසාල්ට් එක මම හොදින්ම දන්න නිසාමයි......රිසාල්ට් ආව දවසෙ උදේ පාන්දරම.....

"හෙලො මචං කලනයා.....කොහොමද උබෙි රිසාල්ට්....."

"ගමටම ලයිට් දෙනව බං....."

"ආ....හා....හා....ආයෙ කරනවද...."

"අනේ බෑ බං....."

"උබෙි කැමත්තක් ඉතින්....."

"එක නෙවෙි.....කොහොමද උබගෙ රිසාල්ට්...."

"A B B බං.....අයෙත් කරනව මම නම්...."

"ආ....එල....එල.....හොදයි.....හොදයි....."

උදේ ඉදන් කෝල් කරපු හැමොටම ලැජ්ජාවෙන් බෙිරෙන්න වගෙ S2ක් තියෙනව කියල කීවට ඇත්තටම තිබුනෙත් F3ක්.විභාගෙ ලීවෙත් මම නම් එකේ ප්‍රතිපලෙත් මම තනියම විදගන්න හැදුවට අහල පහල ඇන්ටිලට ඕපදුපයක් හොයන්නැතුව ඉන්න බැරි නිසාමදො කොහෙද මගෙන් රිසාල් අහන්න ආවෙි.........

"ආනේ....පුතා A/L කරා නේ....නොහොමද රිසාල්ට්....."

"S2යි නෙ ඇන්ටි....."

"ආ.....අර සුසිල අක්කගෙ පුතා නම් A3යිලු....."

"එයා ආට්නෙ කරෙ ඇන්ටි....මම මැත්ස්....අපටත් MCQ තිබුනනම් අපිත් ගොඩ....."

"හා....හා.....වැඩක් නෑ නේ ඉතින් S2ක් අරගෙන....."

"ඔවු ඇන්ටි.....ඇන්ටිට නම් වැඩක් නෑ....මට නම් වැඩක් තියෙනව.....තව අහල පහල ඔක්කගෙම රිසාල්ට් අහගෙන එන්ඩ ඈ....."

ගමෙි හිටපු ලොකුම චීත්තයක් වෙචිච ඇන්ටි කෙනෙක් මගෙන් රිසාල්ට් අහගෙන ආව නිසා මටත් එපා වෙලා හිටපු නිසාමයි මම තරහෙන්ම වගෙ උත්තර දුන්නෙ......

**************************

"පුතේ....උබ ගෙදරට වෙලා මොකද කරන්න හදන්නෙ....."

"රස්සාවක් කරනව අම්මෙි....."

"ආයෙත් විභාගෙ කරල බැලුවොත් මොකද....."

"ආපෝ .....ආයෙ බෑ....."

"අනේ මන්ද...කියන එකක් අහන එකෙක්යෑ උබත්.....කැමැත්තක් කරපන්කො එහෙනම්...."

දින සති මාස ගානක් ගෙවෙනකන් අම්මගෙ බැනුනම් නම් අඩු උනේම නෑ.....එත් ඉතින් මං ගෙදරට බරක් නොවී ඉන්ඩ ඕන නිසාම ගෙවල් පැත්තෙ පොඩිවට කම්පියුටර් ශොප් එකක් දාගෙන හිටියෙ ඉගන ගත්තු දෙයින් වැඩක් ගන්නමයි.පොඩි දේටත් මගෙ ලගට එන්න තමා ගොඩක් අය පුරුදු වෙලා හිටියෙ.....මුලදි පොඩිවට ගෙදර කාමරෙක පටනි ගත්ත ශොප් එක වැඩි දියුනු කරෙ බිස්නස් වැඩි උන නිසාමයි......

කාලයත් එක්ක මං පිටරටවල් වලින් කොටස් ගෙන්නගෙන එවා එකතු කරල කම්පියුටර් හදල විකුනන්න පුරුදු උනා.....ඒ කාලෙදිම තමා මං සොෆ්ට්වෙයා ඉංජිනේරින් ඉගන ගත්තෙ.පොඩිවට පටන් ගත්ත මගෙ ශොප් එක මම එන්න එන්නම දියුනු කරල ලොකු ෆ්‍රැට්‍රි එකක් කරගත්තෙ මම ඉගන ගත්තු දේකින් ලොකු කම්පැනියකට සොෆ්වෙයා එකක් ප්‍රෝග්‍රැම් කරල දීලමයි.ඒ හම්බුන සල්ලි වලින් මම ලංකාවෙ තැන් කීපයකම වගෙ මගෙ එජන්සි දාගත්ත.කාලයක් එක්කම මම පිටරටවල් වල පවා මගෙ ආයතන ඉදිකරවල ජාත්‍යන්තරයත් ජයගත්තා.....එදා මාත් එක්ක එක පංතියෙ හිටපු මගෙ යාලුවො කැම්පස් අවුට් වෙලා මගෙ කම්පැනි එකේ ඉංජිනියස්ලා වෙලා වැඩ කරනකොට මම එයාලව පලනය කරන ඒ කම්පැනි එකේ අයිති කාරයා උනා.....එදා උසස් පෙල පාස් වෙලා කැම්පස් ගිහින් ඩිග්‍රි ගත්ත මගෙ යාලුවන්ට වඩා උසස්පෙල ෆේල් වෙච්ච මම අද තැනකට ආවා.....

ලියන්නෙ : දුෂාන්.

උසස්පෙල කියන්නෙ ජිවතේ නෙවෙි.⁣ජිවිතෙ කියන පොතේ එක පිටුවක් විතරයි.ලොකය දිනපු හැම කෙනාම ඉගන ගත්තු අය නෙවෙි.නිකන් මෙි හිස් කොලේකට ඉංග්‍රිසි අකුරු   ටිකක් ආවම පුලුවන්ද කෙනෙක් වෙනස් කරන්න.මම මෙි කියන්නෙ A3ක් අරන් කැම්පස් ගිය අයට නෙවෙි.F3 අරන් කාල කන්නි වෙන්න හදන අයට.කැම්පස් ගියාම රැග් වෙන්නයි පිකටින් වලට යන්නයි කදුලු ගෑස් කන්නයි ගියාම ඉගන ගන්න කාලෙ නිකන් නාකි වෙනව.ඒත් කැම්පස් යන්න බැරි උනා කියල දුක් නොවී තමන්ගෙ හැකියාවට මුල් තැන දීලා වැඩ කරොත් ඩිග්‍රි තියන අයට වඩා ලොකු තැනකට එන්ඩ පුලුවන්.මම කියන්නැ කැම්පස් යන්ඩ එපා කියල.කැම්පස් යන්ඩ.ඒ ජිවිතෙ හරිම සුන්දරයි.ඒත් නිකන් නිකරුනෙ කාලකන්නි වෙන්ඩ දෙන්ඩ එපා.ලස්සන අනාගතයක් ගොඩ නාගාගන්ඩ පුලුවන් හැකියාව තියෙන්නෙ තමන් තුලමයි.කලා කාරයො,නලුවො,සංගිත වොදියො,කැමරමන්ලා,ෆොටොග්‍රැපල මෙි වගේ එක එක ක්ශේත්‍රව ඉන්න ගොඩක් දක්ෂ අය ගොඩදෙනෙක් කැම්පස් ගිහින් ඩිග්‍රි ගත්ත අය නෙවෙි.රටට වැඩදායි කෙනෙක් වෙන්ඩ A/L රිසාල්ට් අදාල වෙන්නෙම නෑ.තමන්ගෙ උනන්දුව කැපවීම විතරයි ඕන.
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment