අවසද

❤💕අව සඳ💕❤

"බබා.....කො මැණික ඔයා...."

ඒ තමා මගෙ ආදරෙ දිනාගත්තු මගෙ පිස්සු කොල්ල.උදේ 7.00පහුවෙලා තිබුනත් බෙඩ් ශිට් එක පොවගෙන කම්මැලි කමෙි ගුලි වෙලා නිදන් ඉන්නව මදිවට ඇහැරල ඔලුව උස්ලවත් බලන්නැතුව අතින් මගෙ කොට්ටෙට ගහ ගහා  මාව හොයන්නෙ හරියට පොඩි ළමයෙක් එයාගෙ අම්මව හොයනව වගේ.....ඒත් එක්කම එයා බයවෙලා වගෙ නැගිට්ටා......

"ඇයි පැටියෝ....."

"හම්ම්ම්ම්....ඉන්නවනේ........."

"ඇයි බය උනාද දාල ගිහින් හරි කවුරු හරි උස්සන් ගිහින්වත්ද කියල......"

"අම්ම්ම්හ්හ්හ්....නැ....නැ....මොන මොඩයද මෙි බර කරත්තේ ඇගෙන යන්නෙ....."

"ආ...එහෙමද මැට්ටෝ.....මොකද එහෙනම් මෙි මාව හෙව්වෙ දන්නැ....."

"පැනලවත් ගිහින්නම් පාටියක් දාන්න හිතාන...."

"එහෙමද ආස මොඩයා....ඉන්නවකො......"

එයාට ගෙඑහෙම කියන ගමන් මන් එයාගාවට ගියෙ එයාගෙ පපු තුරුලෙ උසුම විදින්න මම හරිම ආස නිසාමයි.....

"ඇයි දන්නෑ මොඩයගෙ ලගට ආවෙි නේද....."

"ආදරේට....."

"ඇත්තට....."

"හම්ම්ම්ම්....."

එයාගෙ තුරුලට වෙලා ඉන්න කොච්චර ආසා උනත් වැඩිය වෙලා හිටියෙ නැත්තෙ අපි දෙන්නම අපේ හනිමුන් එක ඉවර වෙලා එදා එයාලගෙ ගෙදර යන්න හිටපු නිසයි......

"බබා ගිහින් මුනහොදගෙන වොෂ් එකක් දාගෙන එන්න.....අද අපි ඔයාලගෙ ගෙදර යනවනෙ......"

"අනේ....මට නම් බෑත් වගෙ දේදුනු....."

"ම්ම්ම්ම්....කම්මැලියා නැගිටිනව මැට්ටෝ....."

"හම්ම්ම්ම්....හම්ම්ම්....හරි....හරි....."

මම අහිංසා දේදුනු.අපේ පවුලටම හිටපු එකම ලමයා තමා මම.එතකොට මගෙ මොට්ට කොල්ල තමා මලින්ද කියන්නෙ.කැම්පස් එකේදි පටන් ගත්ත ආදර කතාවක් දුර දිග ගිහින් තමා අපේ විවාහය සිද්ධ උනේ.එයා ඉංජිනිය කෙනෙක්.මාත් ජොබ් එක කරෙ බැංකුවක.මගෙ පලවෙනිම ආදරෙ මලින්ද උනාට මලින්දගෙනම් මම දෙවනි ආදරෙ.එයා කලින් කෙනෙක්ට මහගොඩක් ආසරෙ කරල ආදරෙන් පැරදිල ඉන්න⁣කාලෙදි තමා මට එයාව හම්බුනෙ.ආදරෙන් එක පාරක් පැරදුන කෙනෙක්ට ආදරෙ කරන්න බයවෙන්න එපා.මොකද එයාල ආදරෙ වටිනාකම හොදට දන්න නිසා ඒ ආදරෙ රැකගන්න උත්සාහ කරනව කියල මගෙ යාලුවො කිව නිසාමයි මම එයාට කැමති උනේ......

"බබා.....දේදුනු....මම මොකක්ද ඇදගෙන යන්නෙ.....ඇදුමක් ලැස්ති කරල තියන්නකො පැටියො....."

"ආ....අර තද නිල් ඩෙනිම් කලිසමයි ලානිල් පාට ටී-ෂට් එකයි තියන්නම් බබා.මාත් ඒ පාටින්මනෙ අදින්නෙ....."

"හම්ම්ම්ම්ම්.....කැමැත්තක්....."

මගෙ පිස්සු කොල්ල වොෂ්රූම් එක ඇතුලෙ ඉදලම කෑගහන්න ග්තෙ පොඩි ළමයෙක් වගේ.......ආව ගමන්ම ඇද උඩ තියල තිබ්බ ටී-ෂට් එකයි ඩෙනිමි කලිසමයි ඇදගෙන යන්න ලෑස්ති උනේ ඔලුවවත් පිහදාගන්නැතුවයි.....

"මලින්ද.....මොට්ටරාල ඉන්නව ⁣දුවන්නැතුව....ඔහොම යන්න පුලුවන්ද ගෙදරට....ඔලුව පිහදාගෙන කොන්ඩෙ පිරල පිලිවෙලකට යන්න අනේ....."

"අයියෝ....අපෙ අම්මගෙ ලේලිත් අම්ම වගේමයි.....හා....හා....එහෙනම් පිහින්නකො...."

මන් එයාගෙ ඔලුව පිහදානකොට එයා ඇස් දෙකත් පියාගෙන ඉදල එක පාරම මාව තුරුල් කරගෙන මගෙ දෙතොල් සිප ගත්තෙ හරිම ආදරෙන්.....

"අම්ම්ම්ම්හ්හ්....යනවකො මැට්ටො....."

"බෑ....බෑ.....අද ගෙදර යනවනෙ.....එනිසා අන්තිම ලිප් කිස් එක දුන්න....."

"හම්ම්ම්ම්....හම්ම්ම්ම්ම්ම්.....පිස්සා....."

අපි ඇදුම් බෑග් දෙකත් එයාගෙ කාර් එකට දාල එන්න පිටත් උනේ ගෙදරට දවල් කෑමට කලින් යන්න හිතාගෙනයි.....අපි ගෙදරට යනකොටත් මලින්දගෙ අම්මයි නංගි දෙන්නම අපිව පිලිගන්න විදුරුවකට වතුර පුරවල සුදු මල් දෙක තුනක් දාල අපි එනකන් බලාන හිටියෙ අලුත් ලේලිව ආදරෙන් බාරගන්නයි.........අපි අම්මටයි තාත්තටයි වැදල ගෙට ගියෙ.අපි 12.30ට විතර ගෙදරට යනකොටත් මලින්දගෙ අම්ම අප⁣ට කෑම මෙිසෙ ලස්සනට අස්කරල තිබුනෙ.මලින්දගෙ නංගි බත් එකත් බෙදාන මලින්ද ලගින වාඩි උනාම මට චුටි ඉරිසියාවක් දැනුනෙ ම⁣ලින්දගෙ ආදරෙ තවත් චුට්ටක්වත් බෙදෙනවට මම අකමැති උන නිසාමයි...........

අපේ ආදරෙ මෙහෙම අවුරුද්දක් විතර ගෙවිල යනකොට තමා මලින්දව තාත්ති කෙනෙක් කරල මාව අම්මි කෙනෙක් කරන්න අපේ පලවෙනි චුටි පැටියා අපි ගාවට එන්න ආවෙි......එක මම දැනගෙන හිටියෙ මායි මලින්දගෙ අම්මයි විතරයි......

"හෙලෝ මහත්තයෝ.....අද කලින් එනවද......මාත් අද කලින් ගෙදර එනව...."

"අනේ ඇයි මැනික මොකක් හරි ප්‍රශ්නයක්ද....."

"ම්ම්ම්ම්....නැ...නැ.....පැටියෝ.....එන්නකො ඔයා....."

"ආ....හරි....එහෙනමි මම ඔයාව ගන්න එන්නම් බැංකුව ගාවට....."

"හරි පැටියෝ....."

අපි දෙන්නම කලින් ගෙදර ආව නිසා මලින්දගෙ අම්මත් ටිකක් බය උනා.....

"ඇයි දුව ප්‍රශ්නයක්ද....අමාරුයිද දරුවෝ....."

"නැ.....නැ...අම්මෙි.....ඔලුව පොඩ්ඩක් රිදෙනව....."

"අම්ම්ම්ම්......පලවෙනි දරුවනෙ....එකයි ඔය අමාරු කම්....."

"මොකක්ද අම්මෙි කිවෙි....කො කාටද බබාල හම්බෙන්න ඉන්නෙ ...."

"අනේ මෙහෙමත් තාත්තල....."

"ඇ.....මටද....ඇත්තද දේදුනු....."

"හමිම්ම්ම්ම්.....එකයි මම අද කලින් එමු කිවෙි......"

"අද ඉදල ඔයා අම්මි මම තාත්ති හරිද ....ආය නමි කියල කතා කරන්නෑ....හරිද අම්මියො....."

"හරි හරි තාත්ති....."

අපේ පුංචි කැදැල්ල ලස්සන කරන්න පුංචි පැටියෙක් මගෙ බඩට ආව කියල දැනගත්ත දවසෙ ඉදල මලින්ද මට කිසිම වැඩක් කරන්න දුන්නෑ.....එයා මගෙ හැදේම කරා......ඒත් මගෙ දරුගැබ මොරනකොට මලින්ද වෙනදට වඩා වෙනස් උනා....හැමවෙලේම කල්පනා කරන්න ගත්ත.කවදාවත් අරක්කු සිගරට් බීපු නැති කෙනා ඒ දේවල් වලට ඇබ්බැහි උනා.....එයාගෙන් ඒ ගැන ඇහුවත් එයා හැමදාම කිවෙි.....

"දේදුනු....කට වහගෙන පලයන් යන්න මෙතනින්......උබ තමා සේරටම වැරදි...."

"අනේ ඇයි මෙි...."

"සැරයක් කිවම පලයන් මෙතනින්....."

මම තවත් වචනයක්වත් නොකියා එතනින් ආවෙි එයාගෙ වචන අපේ පැටියට බලපායි කියල හිතුන නිසාමයි.එයා උදේ වැඩට යනකොට හැමදාම මගෙ නලලට හාදුවක් දිලා ගියත් දැන් ටික දවසක් ඉදල එයා මට තිබුන ආදරෙ අඩු වෙලා කියල දැනුන.ඇවද ගන්නවත් බැරුව අමාරුවෙන් බඩත් උස්සගෙන ඇවිදන් ඇවිත් ගෙදර දොරෙ උලුවස්සට හේත්තු වෙලා බලාන හිටියෙ මගෙ මහත්තය යන දිහායි.එත් එකටවත් එයා කැමති උනේ නැ......එයාගෙ වෙනසට හේතුව හොයනකොටයි එයාගෙ ඔෆිස් රූම් එකේ තිබිල මට බ්ලඩ් රිපොට් දෙකක රිසල්ට් ශිට් හම්බුනෙ.ඒ දෙකේම තිබුනෙ HIV AIDS  පොසිටිව් කියලයි.ඒ දෙක එයාගෙයි මගෙයි රිපොට් දෙකක්.ජිවිතේ කවදාවත් මගෙ අතින් නම් වැරැද්දක් වෙලා තිබ්බෙ නැති නිසාම මම මලින්දගෙන් ඒ ගැන ඇහුවම.........

"උබ තමා මටත් ඒ ජරා ලෙඩෙි බෝ කරෙ.....රස්සාවට යනව කියල කොහෙ යනවද කවුද දන්නෙ.....මාත් උබට රැවටුනානේ....."

"අනේ....ඇයි මෙි....ඇයි මට බොරුවට කෑගහන්නෙ......මම වැරැද්දක් කරල නැනේ.....එක මම දනිනව....."

"උබ හොදයි....මම තමා වැරදි නේ...."

"අනේ මලින්ද බොරුවට කෑගහන්න එපා....මගෙ පිරිසිදු කම තිබුනා.එකත් ඉදුල් කරෙ ඔයාමයි නේද ......."

"ඊටපස්සෙ උබ වටෙි ගිහින් කරුම ලෙඩ බොකරගෙන ඇවිත් මටත් බොකරා....."

"උපාසක අම්ම වගෙ හිටියට ජරා ගෑණියක්ටනෙ අපේ පුතත් අහුවෙලා තියෙන්නෙ....."

"අනේ අම්මෙ මම මෙි කිසි දෙයක් දන්නැ......"

මලින්දගෙයි එයාගෙ ගෙදර අයගෙයි බැනුම් ඉවසන් ඉනින බැරිතැනමයි මම අපේ ගෙදරට එන්න ආවෙි.ඒත් ඒ කරුම ලෙඩෙි මටත් බොකරේ මලින්ද කියන්න මම හොදටම දැනගෙන හිටියා.එයා කලින් යාලු වෙලා හිටපු ගෑණුළමයගෙ චරිතෙ එච්චර හොද එකක් නෙවෙි.මලින්දත් එයා එක්ක ඉදල තිබිල තියෙනව.මලින්දගෙ ඩයරියක් බලනොකට එක ම⁣ට හම්බුනේ.......පිරිමි ඕන තැනක ගිහින් ආවම කහවතුරෙන් නාවල කපුරු දුමි අල්ල ගෙට ගත්තම පිරිසිදුයි කිවට අරගෙන එන කරුමක්කාර ලෙඩ නම් නැති වෙන්නැ............

මලින්ද මාව පන්නගත්තත් මගෙ එක හිනයක් තියෙනව.ඒ තමා මගෙයි මලින්දගෙයි මෙි දරුපැටියට අපට තියෙන කරුම ලෙඩෙි බොකරන්නැතුව එයාගෙ ජිවිතේ බෙිරල හොදට උගන්නන එක.අම්මගෙන් දරුවට දරුව ප්‍රසුත කරනකොට ඒඩ්ස් බොවෙනව කියල අහල තිබුන නිසාම මම බුදුන් වැදලත් ඉල්ලන්නෙ මගෙ දරුවව මෙි කරුම ලෙඩෙන් බෙිරල දෙන්න කියලයි.....

ලියන්නෙ: දුෂාන්.

උපුටා ගැනිමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment