වෙනස් කතාවක්...
(නම් ගම් මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න)
දුරකථන පනිවිඩ රාශියක් පැමිනෙමින් පවතී... මධ්‍යකරුවෝද පොලිසිය තුලට ඒමට පොරකති...නමුත් සිරමැදිරි දෙසට ඔවුන්ට ඒමට නොදීමට පොලිස් නිලදාරීහු වගබලා ගනිති....වීරසිංහ තවමත් කම්බි කූරු බදාගෙන සිටින්නේ සිදුවූ කිසිවක් අදහගත නැහැකිවය...තමා මේ ගෙවන්නේ සිහින්යක්ද සැබෑවක්ද යන්න සිතාගැනීමට පවා අපහසුවෙන් ය....තම ඉරණම මෙසේද යන්න ඔහුට සිත හදාගැනීමට තවම බැරිවන්නට පුලුවන...
ඇයි ඔයා මාව මගහරින්නෙ මනුස්සයෝ....අර චිත්‍රපටි වල ටෙලි නාට්‍ය වල වගේ මම තමුන් මගහැරියම බෙල්ලෙ වැලදාගනීවි,වස බෝවි කියල හිතුවද....
නෑ...දෙවියනේ එහෙම දෙයක් නෙවෙයි...
එහෙනම් කොහොම දෙයක්ද තියෙන්නෙ...
අහන්නකො සුදූ...ඔයාට පුලුවන් හොඳකෙනෙක් කසාද බැඳල ලස්සනට ජීවත් වෙන්න...මේ ආතක් පාතක් නැති මම වගේ කාලකන්නියෙක් එක්ක යනවට වඩා....
මට ඇත්ත කියන්න වීරසිංහ ඔයා මට නොකියන රහසක් තියනව මොනවහරි...මගේ හිත නිතරම ඒගැන කියනව..
ප්‍රියන්ත වීරසිංහට නතාලියා හමුවෙන්නෙ හෝමාගම පෙදෙස පහුකරමින් තම නිවසට යද්දි....පාර අයිනෙ තමන්ගෙ වාහනේ හුලං ගියපු ටයර් එක වෙනුවට ස්පෙයා වීල් එක මාරුකරගන්න බැරුව බයවෙලා ඉදපු සිහින් සිරුරු යුවතිය දැකල නැවැත්තුවේ අනුකම්පාවක්ද හිතයට තිබුන ආශාවක් එහෙමත් නැතිනම් ආදරයක්ද කියල වීරසිංහට හිතුනෙ නෑ.....උදව්කරල යද්දි කාඩ් එක දුන්නෙ එහෙම හේතුවකට වෙන්න ඇති....
හෙලෝ....මේ මිස්ට වීරසිංහද....
ඔව්...
මතකද දන්නෑ...හෝමාගම බයවෙලා ඉඳපු ගෑනු ළමයෙක්ට උදව් කලා....
අපෝ කොහොම අමතක වෙන්නද...මට දැන් වගේ මතකයි.....ඔයා එදා බයවෙලා ඉඳපු හැටි ....
අපෝ එදානම් ඔයා කලේ ලොකුම පිනක්.....මම හොඳටම බයවෙලා ඉඳියෙ...මගේ වෙලාවටයි මම අත දැම්මම ඔයා නැවැත්තුවේ.....
මිතුදම වෙන්විය නොහැකි ආදර පලහිලව්වක් බවට පත්වීමට ගතවූයේ ටික කලකි....
ඇයි ඔයා එහෙම කියන්නෙ...ඔයාට පුලුවන්ද මම නැතුව ඉන්නෙ..මට ඇත්ත කියන්න...ඔයාට තව කවුරුහරි......??
පිස්සුද ඔයාට....මම ඇත්තම කියන්නම්...මගේ හිත වද දෙනව....මට හැමදාම ඔයාට බොරු කරන්න බැහැ....බොරුවෙන් ජීවත්වෙන්න කැමති නෑ...
මොනවද ඔයා කියන බොරු....
ඔයා හිතාගෙන ඉන්නෙ මම කෝටිපති ව්‍යාපාරිකයෙක් කියල නේ....මම පාතාලයට සම්බන්ද කෙනෙක්...ඔයාට තියන විශ්වාසයටයි මේ කියන්නෙ...මම එයාලට තුවක්කු හදල දෙනව....මම දන්නව කිසිම කෙනෙක් මම වගේ කෙනෙක්ට කැමති වෙන්නෙ නැතිවෙයි...ඔයාට පුලුවන් හොඳ කෙනෙක් එක්ක ජීවත් වෙන්න...
මට හිතාගන්නවත් බෑ...මම මොනව කරන්නද කියල.....හ්ම්ම්ම්...
මම කිව්වනේ...ඔයා මාව අතහරින්න...ඔයාට කවදාවත් මාව ගැලපෙන එකක් නෑ..
අහන්නකො....මම කැම්පස් එකේ කරපු ප්‍රොජෙක් එකත් ලෝකේ අවි ගැන...මම හරිම ඒව ගැන ඉන්ට්‍රෙස්ට්....
ඔයා වෙපන් ගැන දන්නවද....
ටිකක්..Ak47,CR21,MP5..තව LMG වගේ ඒව...
අපෝ ඒව ලංකාවෙ ආමිවල පොලිසියේ තියන වෙපන්...අපි හදන ඒවට නම් නැහැ...
මට ආසයි ඔයාගෙ වැඩපල බලන්න....
මම එක්කම් යන්නම්කෝ....දවසක...
අම්ම කෝල් කරනව මට චුට්ටක් දෙන්න ...
********************************************
මෙන්න....
මේ මොකද්ද...
ටිකට්ස් දෙකක්....
මම කල්පනා කලා..මේ හැමදේම අතහරින්න...අතහැරියොත් මම දන්නව මේ රටේනම් මට ඉන්න වෙන්නෙ නෑ කියල...මට උරුම මරණය විතරයි...ඒත් ඔයා මාව ආයෙත් ජීවත් කලා...අපි මේ රටින් යමු....ගිහිල්ල අහිංසක විදියට සාධාරණව ජීවත් වෙමු....
අන්න...හොඳයි..මේ ඒක නෙවෙයි ඔයා මට ඔයාගෙ ෆැක්ට්‍රිය පෙන්නුවේ නෑනෙ...
අපෝ ඒක ලොකු තැනක්නම් නෙවෙයි...මම විතරයි වැඩ කරන්නෙ...මොකද වෙන කෙනෙක්ට රහසක් රකින්න බැහැ කියල මම දන්නව....
අම්ම කෝල් කරනව....මම චුට්ටක් කතා කරල එන්නම්....
****************************************
මේ තමයි මගේ ගෙදර.....
කෝ ඉතිං ඔයාගෙ වැඩපල...
අර තියෙන්නෙ....
අනේ ඔයා විහිලු කරනව නේද මට....එතන තියෙන්නෙ ලොකු චිත්‍රයක් නේ...
එන්නකො....
වීරසිංහ චිත්‍රය එහාට කලා...එතන තිබුනෙ දොරක්...වීරසිංහ දොර ඇරිය....නතාලියාට හිතාගන්නවත් බැරි උනා....ඇතුලෙ රහස් කාමරයක්...ලියවන පට්ටල් මැශිමක් තිබුන...ඒ අවට තමා කිසි දිනෙක නොදැකපු කුඩා අවි කොටස් තිබුනා....
වීරෙ...අම්මගෙන් කෝල් එකක්...මම චුට්ටක් එලියට යන්නම්...
නතාලියා එලියට ගිය අතරෙ වීරසිංහ කල්පනාවකට වැටුන...බිත්තියේ ගහල තිබුන තුවක්කුවක් දෙස වීරසිංහගෙ හිත දුව ගියා.. ඒ තමයි වීරසිංහ හදපු පළවෙනිම තුවක්කුව...තමන්ගෙ මේ කාලකන්නි ජීවිතයට දැන් තිත තියන්න කාලය ඇවිල්ල කියල වීරසිංහට දැනුන...සිතීමට පවා නොහැකි පරිද්දෙන් පිටුපසින් හිසට පහරක් වැදී කපාහෙලූ කෙසෙල් කඳක් මෙන් වීරසිංහ බිම ඇදවැටුන...
සිහිය එනවිට වීරසිංහ හිටියෙ පොලිසියෙ සිර මැදිරියක් ඇතුලෙ....
වීරසිංහ....
තමාගෙ දෙපා මුල සිටියෙ තමා පණමෙන් ආදර කරපු නතාලියා....
නතාලියා....මොකද්ද මේ සිද්ද උනේ...දෙවියනේ...
මට සමාවෙන්න මිස්ට වීරසිංහ...මගේ ජොබ් එකත් එක්ක මට මේ වගේ වැඩ කරන්න වෙනව.....මම බුද්ධි අංශයේ එස් අයි ශ්‍රීමාලි...නතාලියා නෙවෙයි...මගේ රාජකාරිය ඉවරයි...ඉතුරු ටික නීතිය බලාගනීවි...
වීරසිංගේ දෑසින් කඳුලු කැට එක දෙක කඩාහැලෙන්න උනා...ඔයාට හිතාගන්න බැරි උනා මේ ඒ සිදු උන කිසිම දෙයක්....තවත් කතාකරගන්න බැරිව උගුර හිර වෙලා වගේ...ඔහු මේ ඉරණම බලාපොරොත්තු වූවත් තමා පණමෙන් රැකගත් ආදරය කිසි දිනෙක තමාට මෙසේ කරාවි යැයි සිතන්නට නැතුව ඇති...ඔහුට ඇති කලකිරීමද එයමයි...
පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා
අරුත බිඳීගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා
පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හිංදා
බලා හිඳිමි මතු භවයකහෝ
පසු වදන ලියන්නට එතැයි සිතා..
සංගීතය හා ගායනය : සනුක වික්‍රමසිංහ
රචනය : උමා අසේනි
සටහන : හෂාන් කෝරළගොඩ
උපුටා ගැනීමකි
No comments:
Post a Comment