💛එපා කැකුළු මල් තලන්න.💛
සිරියා මොකෝ මේ උදේ පාන්දර?
ලොකු නෝනා කෙල්ලට හොඳටම උණ
වැලි ගොඩ දාපුවගේ සල්ලි ඉල්ලගෙන යන්න ආවේ.
උඹ හිතුවද ඊයේ ගොඩදාපු වැලි අද විකිණෙනවා කියලා.
ආව උදේම සල්ලි ඉල්ලගෙන.
මට දැනුනේ පුදුම අසරණකමක්. ජීවිතේ මෙච්චර දුකක්ද කියලා මට හිතුනා.
පුංචි එකීට සහළාල උන ඊයේ රෑ ඉඳන්.
පැනඩෝල් පෙත්තක් පෙව්වා.
ඒත් අඩුවක් නෑ.
ඇස් වලට කඳුලු උනද්දිම මම ආයෙ හැරුණා ගෙදර එන්න හිතාගෙන.
සිරියා ඔහොම නැවතියන්.
කෙලී අසනීපයි කිව්ව නිසයි මේ සල්ලි දෙන්නෙත්.
පුරුද්දකට තියාගන්න එපා .
ලොකු නෝනා රුපියල් පන්සීය දෙන ගමන් කිව්වේ.
රුපියල් පන්සීයට පන් හයදාහක ඇනුම්පද ගොඩකුත් අහගෙන රුපියල් පන්සීයත් අත මිට මොලවන් ගෙදර ආවා.
( නොනිමි කඳුළ)
ගෙදර එද්දී කෙල්ලට හොඳටම උණ.
වමනේ දානවා.
යමන් පුතේ බේත් ටිකක් ගේන්න.
මට බෑ අම්මේ.
කෙල්ල දොස්තර ළඟට යන්න කැමැති වුණේම නෑ.
බලෙන් වගේ ත්‍රීවීල් එකක් කථා කරන් කෙල්ලත් එක්කරන් ඩිස්පැන්සරියට ආවා.
(නොනිමි කඳුළ)
------*****-----
එක දිගටම කවුදෝ දොරට ගහනවා ඇහිලා කවුද කියල බලන්න මම දොර ඇරියේ.
හොඳටම වැස්ස.
වැලිගොඩ දාන්න යන්නත් බෑ.
හානේ මේ සේපාල මුදලාලිනනේ
මොකෝ මේ පැත්තේ?
ඇයි අපි එන්න එපා ද?
සේපාලි මුදලාලි කට කොනකින් හිනාවෙලා ඇහුවේ.
මේ හිඟන පැලට මහත්තයල වගේ ලොකු උදවිය අහවල් දේකට එනවද?
මම ඉන වටේ ඔතන් තිබුණ රෙද්ද
තද කරලා බැඳගන්න ගමන් කිව්වේ.
උඹලා වගේ ලස්සන ගෑනු දැක්කම මුදලාලිලාට වුනත් උන් හිටි තැන් අමතක වෙනවනේ බං.
සේපාල මුදලාලි මගේ නහය මිරිකන ගමන් කිව්වේ.
කෝලන් නොකර ඉන්න මුදලාලි. මොකෝ මේ වැස්සෙම?
ගෑනිත් නුවර ගියා.
පාළුයි මේ පැත්තට ආවා.
කෝ කෙල්ල?
ඉස්කෝලේ ගියා නෙව.
එහෙනම් මට බොන්න මොනවා හරි හදාපන්.
අනේ මුදලාලි,
මුදලාලිලාගේ ගෙදර වගේ බොන ජාති නම් නැහැ නෙව.
කහට එකක් තමා දෙන්න වෙන්නේ.
කාරිනෑ කාරිනෑ හදලා ගනිංකෝ ඉඟුරු දාලා හොඳ කහට එකක්.
මුදලාලි ඔහොම වාඩි වෙන්නකො. මම කහට එක අරං එන්නම්.(නොනිමි කඳුළ)
මුදලාලි ඉස්සරහ ස්තෝප්පු කෑල්ලේ
වාඩි වෙද්දි මම එහෙමම පිළිකන්න පැත්තේ හදලා තියන පුංචි කුස්සියට අඩියට දෙකට ආවා .
----****----
ලිප ළඟ වාඩි වෙලා ලිප පත්තු කර කර හිටියේ.
එක පාරටම කවුද පිටි පස්ස අත ගානවා වගේ දැනිල හැරිලා බැලුවේ.
හත් දෙයියනේ මුදලාලි.
මම ගැස්සිලා ගියා.
මොකෝ මේ බය වෙලා?
මුදලාලියි යන්න.
මුදලාලියි මායි මෙහෙම එකගෙයි ඉන්නව කවුරු හරි දැක්කොත් මුදලාලිට තමා හොඳ නැත්තේ.
මට නං කොහොමත් එකයි.
මෑ කෑලෙව කවුරු එන්නද බං මිනිස් පුලුටක් නෑ..
ඒත් මුදලාලි....
අපරාදෙ සිරියා උඹේ ජීවිතේ.
මිනිහත් අකාලේ මැරුණා.
උඹ දරුවත් එක්ක විඳින දුකක්.
මොන දුකක්ද මුදලාලි මහත්තයා.
කෙල්ලයි මායි තියෙන හැටියට කාලා ඇඳලා සතුටින් ඉන්නෙ.
ඒ සතුට නෙමෙයි බං..
මට තේරුනා මුදලාලි මේ මොකක්ද කියන්නේ කියලා.
මම නොතේරුණු ගානට හිටියා.
මුදලාලි එකපාරටම මාව මුදලාලිගේ පපුවට ඇදලා ගත්තා.
අතාරින්න මුදලාලි මාව.
මම කොච්චර දැඟලුවත් මුදලාලිගේ යකඩ අත් වලින් බේරිලා යන්න මට බැරිවුණා.(නොනිමි කඳුළ)
මුදලාලිගේ ගිනියම් වෙච්ච ශරීර ස්පර්ශය මගේ සිරුර පුරා දුවළා යද්දි අසරණ විදියට ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.
මුදලාලි ජයග්‍රාහි හිනාවකින් මගේ ඇඟෙන් අයින් වුනේ.
මුදලාලි ආයේ නම් මේ පැත්ත පලාතේ එන්න එපා.
බිම තිබුණු චීත්ත රෙද්ද අහුලලා ඉනවටේ දවටා ගන්න ගමන් ස්ථීර හඬකින් කිව්වේ.
ඉදා මේ රුපියල් දාහ ගනින්.
කෙල්ලටත් බඩ පිරෙන්න දෙයක් ගෙනත් දීලා.
උඹත් මොනවා හරි ගෙනත් කාපන්.
මුදලාලි රුපියල් දාහක් වංගෙඩිය උඩ තිබුණු තිබුණු ලෑල්ල උඩින් තියලා යන්න ගියා.
මුදලාලිගේ මන දොළ පිනවල රුපියල් දාහක් ගත්ත වගේ හැඟීමක් මට දැනුණේ.
ඒ හැඟීමට වඩා නැති බැරිකම් අපේ ජීවිත හෙම්බත් කරලා තිබුණේ. හිරිකිතෙන් වගේ රුපියල් දාහ අරන් හන්දියේ කඩේට ආවා.
(නොනිමි කඳුළ)
මුදලාලි මට කුකුල් මස් කිලෝ එකක් දෙන්න?
අඩෝ බොල සිරියට ස්විප් එකක් ඇදිල වගේ?
මුදලාලිට පුදුම ඇති කවදාවත් නැතුව මම අද කුකුල් මස් ඉල්ලුවම.
ඇති හැකි එකා නැති බැරි එකාට කෙළවෙනකම්මයි බලන් ඉන්නේ.
වේලක් හොඳට කෑවත් උන්ඟේ ඇස්වල කටු අනින්න වගේ කියලා මට හිතුණා.
මුදලාලි මට එක්සයිස් පොත් පහකුත් දෙන්න.
මට කෙල්ලගේ අහිංසක මූණේ මතක් වුනා. කාලෙකට පස්සෙ බඩ කට පිරෙන්න කෑමක් කෙල්ලට අද තමා බඩට වැටෙන්නේ.
අහිංසක කෙල්ල.
පොත් ලියලා ඉවර වුනාම අගට පිටු අමුන අමුන ලියනවනේ.
සිරියො..(නොනිමි කඳුළ)
මගේ කල්පනාව බිඳුණු මුදලාලිගේ හඬින්.
කොහෙද බං ගියේ?
කෙල්ල මතක් වුනා මුදලාලි.
ම්හු..
මෙච්චර පොත් අහවල් එහෙකටයැ.
මොකෝ උඹලගේ ළමයි දොස්තර විභාග පාස් කරන්නැය.
මුදලාලිගේ ඇනුම්පද.
කෙල්ල ඉගෙන ගන්න දක්ෂයි.
පහේ විභාහගේ උඩින්ම පාස්.
ආරංචි වුණා.
මම යන්නම් මුදලාලි.
ම්ම්....(නොනිමි කඳුළ)
-----****------
අම්මේ...
කෙල්ල ස්කෝලේ ඇරිලා දුවගෙන ආවෙ බත් පිඟාන හොයාගෙන.
ඉස්කෝලේ ගිහින් ආවාම කෙල්ලට බඩගිනි ඇති.
(නොනිමි කඳුළ)
පුතේ කෝ ඇඳුම්
මාරු කරලා මූණ කට හෝදගෙන එන්න මයි අම්මා..
මම කෙල්ලගේ ඔලුව අතගාලා හරි ආදරෙන් කිව්වේ.
අපේ අම්මා බඩගිනි මට.
ඔන්න ඉතිං හුරතල් වෙනවා.
දැන් බබෙක් නෙමෙයිනේ අවුරුදු දහතුනක් ඉවරවීගෙන යන්නෙ.
කෙල්ල මගේ මූණත් ඉඹගෙනම මුණ සෝදන්න දිව්වා.
කෙල්ල පිම් පාටයි,හැඩයි කවදහරි මාව ගොඩ දාන්න ඉන්නේ මෙච්චරයිනේ..
------*****-----
කෙල්ල ගෙදර නැති නැති වෙලාවල් බල බළා
මම වැඩට යන්නෙ නැති දවස් බල බළා සේපාල මුදලාලි ගෙට රිංඟුවා.
එක දවසක් වුණු වැරැද්දකට මට දිගටම දඬුවම් විඳින්න වුණා.
අසරණ කමට කටපියන් ඉන්නව ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නැති වුනා.
මුදලාලි ඇවිත් ගියපු හැම දවසකම මට රුපියල් දාහක් දෙදාහක් අතට,
ගෙදරට ඕන කරන අඩුම කුඩුම ටිකක් ගෙනත් දුන්නා.
අම්මා...
කෙල්ල ඉස්කෝලේ ඇරිලා ගෙදරට ආවෙ අඬාගෙනමයි.
(නොනිමි කඳුළ)
අනේ ඇයි පුතේ?
මොකෝ වුනේ?
මම බයවෙලා ඇහුවේ.
අම්මේ මට යාළුවෝ විහිළු කරනවා සේපාල මාමා
මම ඉස්කෝලෙ ගියාම ගෙට රිංගනවා කියලා.
මට ඉස්කෝලෙ යන්න ලැජ්ජයි.
මට දැනුනේ දැනුණේ දරාගන්න බැරි දුකක්.
කෙල්ලගෙ හිත රිද්දලා මම මේ කර ගත්තේ මොන පවක්ද කියලා මට හිතුනා.
(නොනිමි කඳුළ)
හොඳටම වැස්ස. කෙල්ල දවසම අඬ අඬා ඉඳළා
එහෙමම නින්ද ගිහින්.
මට ඇහැ පියවුනේම නෑ.
එක එක දේවල් කල්පනා වුනා.
කෙල්ලගෙ තාත්තා වුන්නානම් මේ දේවල් මෙහෙම වෙන්නේ නැහැනේ.
අපේ කරුමෙටම තමා උන්ඳැත් අකාලෙ මියැදුනේ..
(නොනිමි කඳුළ)
කුස්සිය පැත්තේ උගුර පාදන සද්දයක් ඇහුනා.
කෙල්ල මගෙ උකුලේ ඔළුව තියාගෙන නිදාගෙන හිටියේ.
කෙල්ලගෙ ඔළුව කෝට්ටේ උඩින් හෙමිහිට තියලා,
මම කුස්සිය පැත්තට ආවා.
මුදලාලි සරම දෙකට නවළා ඇඳළා
කුඩයකුත් ඉහලන් දොර ලඟ.(නොනිමි කඳුළ)
කෙල්ල ඉන්නවා.
ඇයි ආවේ?
මම රහසින් වගේ ඇහුවේ.
කෙල්ලට ඇහැරෙයි කියලා බයට.
කෙල්ල හිටියට මයෙ මොකෝ.
අවසරයක් නැතුවම මුදලාලි කුඩේ අකුලලා බිත්තියට හාන්සි කරලා ගෙට ගොඩ වුනා.
අද මම මෙහේ ඉන්නවා.
පිස්සුද මුදලාලි?
ගෑනිත් නුවර ගියා.
පාළුයි බං.
එදා රෑ මුදලාලි,
මම එපා කියද්දිම ගෙදර නතර වුණා.
මුදලාලි මගේ එහා පැත්තෙන් ඇල වුණා.
මම කෙල්ලව ටිකක් පැදුරේ එහාට කළා
(නොනිමි කඳුළ)
දෙවියනේ!
මට හීන් දාඩිය දැම්මා.
උදේ බලද්දි මුදලාලි කෙල්ල ළඟ.
මම කෑ ගහන් පැදුරෙන් නැගිට්ටේ.
මොකෝ සිරියා උඹ බෙරිහන් දෙන්නේ?
අනේ මගෙ කෙල්ල.
බය නොවී හිටහං.
මට රෑ එළි බහින්න ඕන වුණා.
කළුවරේම ගිහින් ආවා.
හිටපු තැන හොයාගන්න බැරිව කෙල්ල ලඟ ඇලවිලා තියෙන්නේ.
මම ටක් ගාලා කෙල්ල පෙරවන් ඉඳපු රෙද්ද ඈත් කරලා බැලුවා.
කෙල්ලගේ ඇඟේ ඇඳුම් තියෙනවද කියළා.
කෙල්ල වකුටු වෙලා නිදි.
ඇගේ ඇඳුම් තියෙයි.
ලය ටිකක් සැහැල්ලු වුණේ එතකොට.
ආයේ මුදලාලි රෑට එන්න එපා කෙල්ල නැති වෙලාවට ඉඳලා හිටලා එන්න.(නොනිමි කඳුළ)
මුදලාලි කට කොනකින් හිනාවෙලා
වෙනදා වගේ රුපියල් දාහක් දික්කරළා යන්න ගියා.
(නොනිමි කඳුළ)
-------*****--------
කෙල්ල වෙනදා වගේ ඉස්කෝලෙ ගිහින් අඬාගෙන ආවෙ නෑ.
අම්මා මුදලාලි මාමා ආවද?
මට මොනවද ගෙනාවේ?
මට පුදුමත් හිතුණා. කෙල්ලගෙ මේ වෙනස්වීම ගැන.
මම හිතුවා අපිට කටට රහට කෑම ටිකක් ගෙනැල්ල දෙන හින්දා, කෙල්ලගෙ ඉස්කෝලේ අඩුපාඩු පියවෙන නිසා කෙල්ල සතුටින් ඉන්නවා කියළා.
මුදලාලි දවල්ට විතරක් නෙමෙයි රෑටත් එන එක පුරුද්දක් කර ගත්තා.
කෙල්ලගෙත් අමනාපයක් නොතිබුන නිසා මමත් මුකුත් කිව්වේ නෑ.(නොනිමි කඳුළ)
ඒ එන හැම වෙලාවකම මුදලාලි කෙල්ලට ලොසින්ජර් කඩචෝරු අරං ආවා.
------*****-------
දවසක් රෑ දෙකට විතර ගෙදර වහලට ගල් කැට වැටෙනවා.
මුදලාලිත් මගේ ලඟ නිදන් වුන්නේ.
මම රහසින් වගේ මුදලාලිට කතා කළා.
ගෙදර වහලට ගල් වැටෙනවා මුදලාලි.
මම එහෙම කිව්ව විතරයි මුදලාලි සරමත් අතේ අරන් දොර ඇරන් වත්ත උඩහා කුරුඳු ලංඳ කඩා බිඳන් ගෙදර දිව්වා.
ගමේ කොල්ලො දැනගෙන අපේ ගෙට මුදලාලි රිංගනවා කියලා. ගමේ කොල්ලො එකතු වෙලා ගල් ගහලා.
ගම පුරා ප්‍රචාරය වුණා සේපාල මුදලාලි අම්මටයි දූටයි දෙන්නටම නැවතිලා කියළා.
ඒ සිද්දියෙන් පස්සේ මුදලාලි අපේ ගෙදර ආවෙ නැහැ.
ලැජ්ජාවටද කොහෙද.
හිතට දැනුනේ පුදුම සැහැල්ලුවක්.
ලොකු කරුමෙකින් නිදහස් වුණා වගේ.
(නොනිමි කඳුළ)
------****-------
ඊට දවස් ගානකට පස්සේ කෙල්ලට එක දිගටම වමනේ.
මම ලුණු කැඳ හදාළා කෙල්ලට දීලා ළඟට වෙලා හිටියා.
කොහෙද අඩුවක් වුනේම නෑ.
අතේ සතයක් තිබුනෙ නෑ.
බැරිම තැන ලොකු නෝනාලගේ ගෙදර දවසක් වැලි ගොඩ දාන්න ගියා.
ඒත් එදාම වැඩ කරපු සල්ලි දුන්නෙ නෑ.
හිස් අතින්ම ගෙදර ආවා.
කෙල්ල මොකුත් කන්නේ බොන්නෙත් නෑ.
වමනේ දානවා.
(නොනිමි කඳුළ)
-----******-----
ලොකු නෝනා දුන්න රුපියල් පනිසීයත් අරන් ඉස්පිරිතාලෙට ආවා.
මේ දරුවා බැඳලද ඉන්නේ?.
අනේ නෑ දොස්තර මහත්තයෝ.
අවුරුදු දාහතර ඉවර වුනා විතරයි.
කෙල්ල පරීක්ෂා කරපු දොස්තර මහත්තයා කියපු දෙයින් මට කලන්තේ හැදිලා එතනම බිම වැටුණා.(නොනිමි කඳුළ)
කෙල්ලට බබෙක් ලැබෙන්න ඇවිත්ලු.
බඩට මාස තුනක් වෙනවලු..
අනේ දෙවියනේ මුදලාලියා මගේ අහිංසක කෙල්ලගෙ
ජීවිතේ විනාස කරලා.
ඇයි පුතේ උඹ මට මේ වගක් හැංගුවේ?.
මම කෙල්ලව බදාගන්න ගමන් ඇහුවේ?.
මුදලාලි මාමා අම්මට කියන්න එපා කියලා
මම ටොෆි චොක්ලට් ගෙනත් දෙනවනෙ අම්මේ..
මුදලාලියා මම තෝව මරාගෙන කනවා.
මගේ වැරදි නිසා පුංචි එකී වන්දි ගෙව්වා.
මීට වඩා මට හිතන්න තිබුණා.
ඇහැට කනට පේන හැදීගෙන එන තරුණ කෙල්ලෙක් නේද මට ඉන්නෙ කියලා හිතන්න තිබුනා.
මගේ මෝඩකම නිසා මගේ පුංචි එකී සදහටම අනාථ වුණා.
මම මුදලාලිගේ ගෙදර ලඟට ගිහින් කෑ ගැහුවා.
උන් සේරම ගම දාළා ගිහින්.(නොනිමි කඳුළ)
මේ සිද්ධිය ආරංචි වුණාම.
-----****----
ගමේ මිනිස්සු එකෙක් උදව්වට ආවේ නෑ.
අපි දිහා බැලුවේ අප්පිරියාවෙන් වගේ. කෙල්ල කාන්තා හා ළමා රක්ෂණ අධිකාරියෙන් ඇවිත් අරන් ගියා.
මුදලාලියා පොලීසියට කුදලන් ගිහින් තිබුණා.
මට කෙල්ල නැතුව ගෙදර ඉන්න හිතුනෙම නෑ.
මම අඬලා අඬලා
නොවිඳිනා වැඳුම් වැඳලා කෙල්ලව ගෙදර එක්කරගෙන ආවා.
කෙල්ලගෙ බඩේ ඉන්න දරුවා පරිස්සම් කරනවා කියන පොරොන්දුව වුඩ.
ඒත් මට ඕන වුණේ කෙල්ලගෙ බඩේ ඉන්න දරුවා නැති කරන්න.
අවුරුදු දාහතරක පුංචි කෙල්ලෙක් කොහොමද දරුවෙක් එක්ක සමාජෙට මුහුණ දෙන්නේ.
දොස්තරල හතර පස් දෙනෙක් ළඟට ගියත් කෙල්ලගේ බඩට මාස තුන පැනපු නිසා දරුවා නැති කරන්න බෑ කිව්වා.
හිතවත් අක්කා කෙනෙක් කිව්වා කොලොන්නාව පැත්තෙ තැනක් තියෙනවා සිංහල බෙහෙත් කරන්නේ ෂුවර්ම තැනක් කියලා.
මම කෙල්ලක් අරන් කොලොන්නාවේ ආවා.
කිව්වා වගේම බෙහෙත් අරගෙන ගෙදර ආවේ.
කෙල්ලට බෙහෙත් ටික බොන්න දුන්නා.
ටිකකින් ලේ යනවා නතර වෙන්නෙම නෑ.
උදේ වෙද්දි නතර වේවි කියලා හිතලා නිදාගත්තා.
මම කෙල්ලව ස්පිරිතාලේට අරන් ගියේ නෑ.(නොනිමි කඳුළ)
මට බයකුත් හිතේ තිබුණා බඩේ ඉන්න දරුවා නැති කරන්න බෙහෙත් බීලා කියළා දොස්තරලා දැන ගනීවි කියළා.
කෙල්ලගෙ ලේ යන එක නතර වුණේම නැහැ.
දෙතුම් පාරක් කලන්තෙත් හැදුනා.
බැරිම තැන කෙල්ලව අරන් ස්පිරිතාලෙට ආවා.
දරුවා දැම්ම ඉස්පිරිතාලෙ නවත්තන්න.
දරුවා ගබ්සා වෙළා.
කියලා දොස්තරවරු කෙල්ලව ඉස්පිරිතාලේ නතර කරන්න ලිව්වා.
කෙල්ලට එතකොටත් සිහිය තිබුණ බාගෙට.
කෙල්ල අමාරුවෙන් මට කතා කළා.
අම්මේ මං එක්ක තරහද?
අනේ නෑ රත්තරනේ.
මම තමා මේ සේරමටම වගකියන්න ඕන. සමාවෙයන් පුතේ මට.
මම කෙල්ලව ඉඹින ගමන් කිව්වේ.
කෙල්ල හරි අහිංසක විදියට හිනා වුනා.
(නොනිමි කඳුළ)
------*****-------
කෙල්ලට රෑට කන්න බත් එකකුත් හදාගෙන යන්න හිතාගෙන මම ගෙදර ආවා.
ඒ ඇවිත් හතරට විතර බත් එකකුත් හදාගෙන මම ඉස්පිරිතාලෙට ආවා.
කෙල්ල උදේ ඉඳපු ඇඳේ හිටියේ නෑ.
මම හිතුවා කෙල්ල මොකක් හරි පරීක්ෂණයකට කොහේට හරි එක්කන් ගිහිල්ලා කියලා.
මම ඊට එපිටින් ඉඳපු නර්ස් නෝනා කෙනෙක් ලඟට ගිහින් ඇහුවා
මේ ඉඳපු මගේ දරුවා
කෝ කියළා.
අම්මා එන්න මාත් එක්ක යමු.
කියළා නර්ස් නෝනා මාව කාමරයකට එක්කරගෙන ආවා.
හැමතැනම තිබුනෙ සුදු රෙදිවලින් වහපු මරණ.
මං බැලුවා ඇයි මාව මෙතැනට එක්කරං ආවෙ කියළා.
(නොනිමි කඳුළ)
නර්ස් එකපාරටම ඇඳක් ළඟ නතර වුණා.
ඔයාගෙ දරුවා දවාලේ නැති වුණා.
ලේ ගිහින් වැඩි වෙළා.
මට මොකුත් හිතාගන්න බෑ.
මගේ කෙල්ලට බෑ මාව දාල යන්න.
හැමදේම කරකැවෙනවා වගේ මට දැනුනේ.
මම කෑගහලා ඇඬුවා.
අනේ මගේ අහිංසක කෙල්ල.
නැහැ ඒ මගේ දරුවා නෙවෙයි.
මම පිස්සියක් වගේ එහෙට මෙහෙට දිව්වා.
කෙල්ලගෙ මූණට දාළා තිබුණු සුදු රෙදි කෑල්ල නර්ස් නෝනා අයින් කළා.
වෙනද වගේම අහිංසක හිනාව ඒ මූණේ සටහන් වෙළා තිබුනා.
අනේ මගේ රත්තරං දුවේ.
මේ අම්මට සමාවෙයන්.
මම ස්පිරිතාලේ දෙවනක් වෙන්න කෑගහලා ඇඬුවා.
ක්ෂනයකින් හැමදේම අඳුරු වෙළා යද්දී නර්ස් නෝනා මාව වත්තන් කර ගත්තා.
-------නිමි-------
M .ගුණවීර
උපුටා ගැනීමකි
No comments:
Post a Comment