❣❤ආදරේ සුන්දරයි .💛❣
අනේ රත්තරං අය්යේ මාව දාළා යන්න එපා.
මම ඔයාගේ කකුල් දෙක ලග වැටිලා අඩද්දි ඔයා ගානක් නෑ වගේ ඉන්නවා.
අනේ යන්න එපා.
මට ඔයා නැතුව ඉන්න බෑ අවිශ්ක අය්යේ..
මගේ කදුළු නතර වුනේම නෑ.
ඔයා කට කොනකින් හිනාවෙළා මගේ මූණ දිහා බැලුවෙ.
ඔයාට මොනවද නෙතුකි තියෙන්නේ ආ ?
සල්ලි තියේද?
ලොකූ ලස්සනක් තියේද?
හරි හමන් අම්මා තාත්තෙක් ඉන්නවද?
මට දෙන්න උත්තර හිතා ගන්න බෑ.
කවදාවත් දාලා යන්නේ නෑ කියපු අවිශ්ක අය්යද මේ.
හැමදේම දැනන් නෙමේද අපි යාළුවුනේ..
තව විනාඩි පහකින් ඔයා යන්න යනවා.
මගේ ජීවිතේ සංතේකම අරන්.
මට ඉතුරු කළේ මගේ ගැහෙන පණ කෙන්ද විතරයි.
කොහොම දරාගන්නද .
අම්මා අවිශ්ක අය්යට යන්න එපා කියන්න අම්මා..
මම වැද වැද ඔයාගේ අම්මට කිව්වේ.
හිගන කෙල්ල.
ඔයාගෙ අම්මා අහක බලාගත්තා.
වැලහින්නියක් වගේ අඩන මම ගැන ඔයාට අල්පමාත්‍රයක් දුක හිතුනෙ නෑ.
මගේ පණ කිය කියා ජීවිතේ සංතේකම උදුර ගනිද්දි තිබ්බ ආදරේ..
කෝ දැන්?
මගේ හිත කෑ ගහලා අහනවා.
අවිශ්ක අය්යේ...
ඔයා ලැගේජ් එක අරන් ඉස්සරහට යන්න හදද්දිම මම අතේ එල්ලුනා.
යනව හලෝ අහකට.
මට දැන් සල්ලි තියෙයි.
මම යන්නේ කොරියාවට.
මාව අමතක කරල වෙන අතක් බලා ගන්න.
කඩපු එකේ වටේ යන්න වුනත් පුළුවන්නේ...
දෙවියනේ ඔයා සල්ලි ඉස්සරහ ඔයා වෙනුවෙන් ජීවිතේම දීපු,
ඔයා වෙනුවෙන්ම පේවෙලා හිටපු මටද මේ කියන්නේ..
මට දරා ගන්න බෑ..
මම කෑ ගහලා ඇඩුවා.
ඔයා යන්නම ගියා.
මගේ ජීවිතේ සංතේකම අරන් ඈතට ගියා.
මගේ උස්ම ටිකත් අරන් ගියානම් ඔයාට පිං අවිශ්ක අය්යේ..
-----****------
කටුනායක ඉදලා බොරැල්ලට එන්න බස් එහෙකට නැග්ගා.
ඊයේ ඉදලා එක බත් කටක් කෑවෙ නෑ.
ඔයා උදේ කෝල් කරල කිව්වම හෙට මම කොරියන් යනව කියල මට දරා ගන්න බැරි වුණා.
මට මතක් වුනා හැමදේම.
ඔයාව මේ තැනට එනකම් හෙවනැල්ල වගේ හිටියේ මම නෙමේද?
මට හැමදේම චිත්‍රයක් වගේ එකින් එක මතක් වුනා.
මම කොළඹ ආපු මුල් දවස් වල ඔයා වැඩ කළේ බොරැල්ලේ.
ඔයාට හොද රස්සාවක් තිබුනෙ නෑ.
ඔයා ප්ලේන්ට් බාස් කෙනෙක්. ප්ලේන්ට් බාස් කෙනෙක් එක්ක යාළු වෙන්න කවුද කැමති වෙන්නේ?
මම උසස් පෙළ කළේ සයන්ස්.
උසස් පෙළ පටන් ගන්න සතියකට කලින් අම්මා මාව දාළා ගියා.
මට විභාගේ ලියන්න හිතක් තිබුනෙම නෑ.
තාත්තගෙ බල කිරීමට විභාගෙ ලිව්වේ.
එස් තුනක් විතරයි.
අම්මා නැතිවෙළා හත් දවසෙ දානෙ දෙන්නත් කලින් තාත්තා කොහේදෝ ඉදලා ගෑණියෙක් එක්ක ඇවිත්.
මම රංඩු කළා.
තාත්තාට බැන්නා.
මට ඔක්කම එපා වෙළා තිබුනේ.
ඒ නිසා මම ඔක්කොම දලා කොළඹ ආවා.
ඒ මගේ ගමේ යාලුව එක්ක එයා වැඩ කළ ගාමන්ට් එකේ වැඩට.
නංගි කොළඹට අලුත් වගේ ආ...
මම බැලුවෙ කවුද කියළා.
තීන්ත ගා ගත්ත කොල්ලෙක්.
මම ගනන් ගත්තෙ නෑ.
ඔයා ඊට පස්සෙන්ද මම එනකම් පාර ලග බලන් ඉන්නවා.
නංගී මට විනාඩියක් කතා කරන්න දෙනවද?
ආයේ පස්සෙන් ආවොත් බෙල්ල මිරිකනවා..
මම බැනල ආවේ..
එත් ඔයා මගේ පස්සෙන් එන එක නතර කළේ නෑ.
මට පස්සෙදි දුක හිතුනා.
හරි මම කැමති වෙන්නම්.
ඔන්න වෙන ජොබ් එකක් හොයා ගන්න ඕන.
ඔයා අහිංසක විදියට හිනාවෙලා හා කිව්වේ.
එදා ඉදලා මට ඕන වුනේ ඔයාට හොද ජොබ් එකක් හොයල දෙන්න.
මම ගොඩාක් කල්පනා කළා.
කොරියාවෙ ගියොත් ගොඩ යන්න පුළුවන් වෙයි කියල යාළුවෙක් කිව්වේ.
මම ඔයා එක්ක කොරියා භාෂා ක්ලාස් හොයන්න ගොඩාක් තැන්වල ඇවිද්ද.
ඔයාට මුල මතක නැතුව ඇති.
මට හැමදේම අද ඊයේ වගේ මතකයි.
ඔයා කොරියන් පංති යන්න ගත්තම අපිට අපි ගැන කතා කරන්න
වෙලාවක් තිබුනෙ නැති තරම්.
ඔයා මොනව කතා කරන්න හැදුවත් මම රංඩු කරලා ෆෝන් එක කට් කළා පාඩම් කරන්න කියළා.
මගේ උතාසාහෙ සාර්ථක වුනා.
ඔයා විභාගෙ පාස් වුනා.
එදා අපි කොච්චර සතුටු වුනාද?
අපේ හැම ප්‍රශ්නෙම ඉක්මනට ඉවර වෙයි සුදූ.
ඔයා එදා මගේ ජීවිතේම අරන් යන්න ගියේ.
ලෝභ හිතුනෙ නෑ.
හැමදේම ආදරේ නිසා දුන්නේ.
කවද වෙනකම් ඉදියත් මගේනේ ඔයා කියපු බොලද කතා..
මවපු හීන ලොකේ මගේ ඇස් ඉස්සරහම අපූරුවට බිදලා දැම්මා..
ඇස් වලින් වැටෙන කදුළු නතර වුනේම නෑ.
මම සීට් එකේ වීදුරුව පාත් කරලා එලිය දිහා බැලුවා.
අපේ මතකෙ හැමතැනම.
කම්මුල දිගේ වැටෙන කදුළු ඔහේ නිදහසේ ගලා ගෙන යන්න දීලා මම ජනේලෙන් එලිය දිහාම බලන් හිටියා.
මගේ එහා පැත්තේ වාඩි වෙළා ඉන්නේ කවුද,
මගේ දිහා කවුද බලන්නේ කවුද කියළා මට ගානක් තිබුනෙ නෑ.
මට බලන්න උවමනාවක් තිබුනෙ නෑ.
හැමදේම නැති වුන මගේ කදුළු කාටවත් මොකටද ..
මම හිතුවෙ එහෙමයි.
නංගී ඔයා අඩනවද?
පිරිමි කටහඩක්.
මම ඇහුනෙ නෑ වගේ හිටියෙ.
පුංචි කෙල්ලෙක් මෙහෙම බස් එහෙක අඩ අඩා යන එක හොද මදි නේද?
මිනිස්සු වැරදියට හිතයි.
මම දන්නව වාවගන්න බැරි දුකට ඇස් වලින් කදුළු වැටෙනව ඇති.
ඒත් අපේ කදුළු පිට අය දකින්න ඕන නෑ නේද?
අතේ ලේන්සුවක් තුබුනෙ නෑ.
මම හනික අත්දෙකින් කදුළු පිහිද ගත්තා.
ආ මේකෙන් පිහිදා ගන්න
මම එතකොට තමා කවුද මේ කියළා බැලුවේ.
ලා නිල්පාට වගේ ෂර්ට් එකක් ඇදළා ටයි එකක් දාළා අහිංසක පිරිමි ළමයෙක්.
මගේ වචනයෙන් කියනවනම් පිං පාට කොල්ලෙක්..
සුපුපාට හතරට නවලු ලේන්සුවක් අතේ තියන් මගේ දිහා බලන් ඉන්නවා..
මම අමාරුවෙන් හිනාවුනේ..
කදුළු එක්ක ඇස් වලට හිනාව ආවම හරි ලස්සනයි.
ඇයි ඇඩුවෙ ආ..
මම ආයෙත් වීදුරුවෙන් එලිය බලා ගත්තා.
ගංගාරමය බහින්න.
කොන්දොස්තර කෑ ගහද්දිම මම බහින්න හැදුවේ.
කලබලේට උකුලෙ තිබුන කුඩේ බිමට වැටුන.
මටත් කලින් අර පිරිමි ළමය ඒක අහුලන් බස් එකෙන් බැස්සේ.
බස් එකේ සෙනග ෆුල් බොහොම අමාරුවෙන් දොර ලගට ආවේ.
පරිස්සමින් බහින්න.
පටලැවිලා වැටෙයි.
පරිස්සම.
මට මොන පරිස්සමක්ද?
හැමදේම නැති වුන මගේ තවත් මොනව පරිස්සන් කරන්නද?
මට කියන්න හිතුනා.
මම එහෙමම ඇවිත් ගංගාරෙම පංසල පාර අයිනේ බංකුවක වාඩි වුනා.
අවසරයක් නැතුවම ඔයත් බංකුවෙ කොනක වාඩි වුනා.
ඇයි ඇඩුවෙ?
ඇඩුව කියළා ප්‍රශ්න විසදෙනවනම් අපි දෙන්නම අඩමු මෙතනට වෙළා.
ඔයා මගේ දිහා බලන් කියද්දි මගේ කදුළු ආයෙත් අලුත් වුනා.
ඔන්න ආයෙම අඩනවනේ.
ඔහොම මේ කෙල්ල පැටියා අඩනව කියළා ඔයාගේ අම්මා දැනගත්තොත් එයාට දුක හිතෙයිනෙ..
මගේ අම්මා නෑ.
මම කදුළු අතරින් කිව්වේ.
මගේ තාත්තා නෑ.
ඔයා කියනවා.
වෙනසක් නෑ අපි දෙන්නම.
කෙල්ලෙක් කියන්නේ මලක් පරිස්සමින් නංගියො.
මටත් නංගියෙක් ඉන්න නිසා කියන්නේ.
මගේ කදුළු ආයේ අලුත් වුනා.
දුක හිතේ හිර කරන් ඉන්න එපා.
කාට හරි කියන්න එතකොට හිත සැහැල්ලු වෙන්නේ.
ඔයා එහෙම කියළා මගේ දිහා අහිංසක විදියට බලන් හිටියේ..
මම හැමදේම කිව්වා.
කතාව ඉවර වෙද්දි ඔයාගෙ ඇස් වලත් කදුළු.
ඉකි බිදින මගේ දිහා ඔයා දුකින් බලන් ඉන්නවා.
දැන් ඇති පැටියො.
ආදරේ නැති නිසානෙ එයා ඔයාව දාළා ගියේ.
අපිට ආදරේ නැති අයට ආදරේ කරන්න එපා.
මම යනව.
මම බෝඩිමට ඇරලවන්නද?
එපා මට පුළුවන්.
යන්න සල්ලි තියේද?
මම ඔලුව වැනුව ඔව් කියන්න වගේ.
ඔයා තනියම යවල මගේ හිතේ ගින්දරනෙ.
ඔයා බෝඩිමට ගියාද නැද්ද කියලවත් මම දන්නේ නැහැනෙ.
ඔයා එහෙම කිව්වත් මගෙ හිත කිව්වේ වෙනම කතාවක් .
ගොඩාක් කොල්ලෝ අසරණ වෙච්ච කෙල්ලෝ එක්ක හිතවත් වෙනව.
ඒ එක රැයකට දෙකකට එයාලගේ ආෂාවල් ඉෂ්ඨ කර ගන්න.
මොකද එයාල දන්නව අසරණ කෙල්ලෝ නිසා වගකීමක් නැහැ කියලා.
නංගී..
මම ආයේ හැරුනා..
මේ මගේ නෝ එක මට ගිහිල්ල කෝල් එකක් දෙන්න බෝඩිමට ගියා කියළා.
මං බලන් ඉන්නවා.
------****-------
අඩපු මහන්සියට ආපු ගමන් නින්ද ගියා.
උදේ ඇහැරුනේ.
අවිශ්ක අය්යා වෙනද වගේ ගුඩ් මෝනින් මැසේජ් එක එවල නෑ.
එවන්න එයා ලංකාවේ නැහැනේ.
ආයේ ඇස් වලට කදුළු ආවා.
අවිශ්ක අය්යගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා පුරුද්දට වගේ.
ඒ නෝ වැඩ නෑ.
ආයේ කවදාවත් ඒ නෝ වැඩ කරන එකක් නෑ කියළා හිතෙද්දි පපුව පැලෙන්න තරම් දුකක් ආවා..
-------****--------
දවස් ගානකින් වැඩට ගියේ නෑ.
වැඩ කරන්න හිතක් නෑ.
කාමරෙන් එලියට යන්න හිතුනෙම නෑ.
ආදරේ මිනිස්සුන්ගේ පපුව පුරා ගහක මුල් වගේ වැවෙන දෙයක්..
ඒ මුල් හිතපු නැති වෙලාවක ගැලවිලා ගියාම පපුවට දැනෙන වේදනාව..
තුවාලෙ වේදනාව දන්නේ තුවාලෙ තියෙන මිනිහා විතරයි.
මම ෆෝන් එක දිහාම බලාගෙන හිටියා.
අවිශ්ක අය්යා එක පාරක් හරි කෝල් එකක් දෙයි කියළා.
ඒත් දවසින් දවස මගේ බලා පොරොත්තු බිදිල ගියා..
කරන්න පුළුවන් එකම දේ අඩන එක විතරයි..
-------****------
හිත හැදෙන මාවතක් පේන මානයක තිබුනෙ නෑ.
ටිකක් හරි හිත හැදෙන්නෙ ගංගාරාමෙ පංසලට ආව.
නංගී.
මම පිටිපස්ස බැලුවෙ කවුද කියළා.
ඔයා මගේ ලගට දුවන් ආවෙ.
මම මාස ගානක් බලන් හිටියා කෝල් එකක් දෙයි කියළා.
මම දන්නවා ගිනිපේල්ලෙන් බැට කාපු මිනිහා කනා මැදිරි එලියටත් බයයි කියළා.
මම මොකුත් කිව්වේ නෑ.
මම වැඩ ඇරිලා යන හැම දවසකම මෙතන බැහැලා බලන් හිටියා.
ඔයා ඒවි කියළා.
ඇයි එක රැයකට දෙකකට තියා ගන්නද?.
මගේ ලග හක්කේ එකයි බොක්කේ එකයි නෑ.
කියන්න තියෙන දේ කෙලින්ම කිව්වේ.
මොනවද මගේ නංගී ඔයා මේ කියන්නේ?
එක පිරිමියෙක් වරදක් කළා කියළා හැම පිරිමියටම වයිර කරන්න එපා.
මට සමාවෙන්න මම යනවා.
ඔයා දුකින් ඉන්න නිසයි හොයල බලන්න හිතුනෙ.
අහිංසක පුංචි කෙල්ලෙක් නිසා.
ඔයා කිව්වා හරි මට අවුරුදු විසි දෙකක් වුනත් මට තිබුනෙ වටසට වඩා පොඩි පෙනුමක්.
ඔයා ටිකක් වෙළා මගේ දිහා බලා ඉදලා බංකුවෙන් නැගිට්ටා.
මම යනව නංගී.
පරිස්සමින් ඉන්න.
කාටවත් ඔයාගෙ ප්‍රශ්න කියන්න එපා.
අනිත් අය ඔයාගේ දුර්වල කම් වලින් ප්‍රයෝජන ගන්න බලයි.
දුක ඉවසන් ඉන්න.
කාලෙ හැමදේම විසදාවි..
හැමදේම ආයේ අලුතින් පටන් ගන්න.
බුදුසරණයි.
අය්යේ...
ඔයා ඉස්සරහට යද්දි මම ඔයාව නතර කළා.
යන්න එපා.
මට ආයේ නැගිටින්න ඕන.
උදව් කරන්න මට.
මම අඩ අඩාම කිව්වේ.
ඔයා ආයේත් බංකුව උඩින් වාඩි වෙළා අඩන මගේ ඔලුව අත ගෑවේ හරි පරිස්සමට.
ආයේ උසස් පෙළ කරන්න.
මම ඇස් දෙක ලොකු කරලා ඔයා දිහ බැලුවේ.
ඉගන ගන්න ආසද?
ඔයා ආයෙත් අහනවා.
ඔව් ගොඩාක්.
එහෙනම් මම හැම වියදමක්ම දෙන්නම්.
ඔයා ආයේ ක්ලාස් යන්න.
ඇත්තමයි මට ගොඩාක් සතුටු හිතුනා.
එහෙනම් ඔයා ලොකු ජොබ් එකක් කරනව වගේ.
මම හිනාවෙළා කිව්වේ.
නෑ ලංකා බැංකුවේ සාමාන්‍ය සේවකයෙක් විදියට වැඩ කරනව.
ලැබෙන පඩියෙන් අම්මයි නංගියි බලාගෙන පුංචි මුදලක් ඉතුරු වෙන්නෙ.
අනේ..මට පංති වලට සල්ලි ගොඩාක් යාවිනේ.
හරි හරි ඒවා මං බලාගන්නම්කෝ.
අනිත් දවසෙ හැමදේම පරිස්සමින් කරන්න ඕන.
ඔයා මගේ මූණට එබිලා කිව්වේ.
පරිස්සන් කරන්න තරම් දෙයක් මට නෑ අය්යේ.
ලේ බිංදුකින් කෙල්ලෙක්ගේ ජීවිතේ ජීවිතේ තීරණේ වෙන්නෙ නෑ නංගි.
ආදරේ කියන්නේ එක මොහොතක් නෙමෙයි.
ඒක ඊට වඩා දිග එකක්.
ආත්මීය බැදීමක්.
ඔයා මාව ඇරලවන්න බෝඩිමට ආවා.
මේ කෑම එක රෑට කන්න.
ඔයා කඩෙන් කෑම එහෙකුත් අරන් දුන්නා.
මම අකලංක.
මම නෙතුකි.
ඔයා ඈතට යනකම් මම ඔයාට අත වැනුවා.
කාලෙකට පසේ හිතට සැහැල්ලුවක් දැනුනේ.
-------*****-------
හලේ අය්යා.
කෝ ක්ලාස් එකට ගියාද?
ඔව් මේ ආව ව්තරයි.
පංතියට යන්න බෝඩිමෙන් එලියට බහිද්දී.
ක්ලාස් එකට ආව ගමන් අකලංක අය්යට කෝල් කරලා කියන්න ඕන.
නැත්නම් එයා මට පුංචියට සැර දැම්මා.
අය්යා කොහෙද ඉන්නෙ?
අද සන්ඩේනේ වැඩ නෑ.
පොත් ටිකක් ගන්න විජිත යපා එකට ආවා.
කාටද පොත්?
මම පුදුම වෙළා ඇහුවෙ.
වෙන කාටද,
මගේ පුංචි කෙල්ලට පේපර් පොත් ටිකක් ගන්න.
අනේ..
සල්ලි තියේද?
ඔව් පැටියෝ.
මට දැන් උගන්වන්න පුංචි බබෙක් ඉන්නවනෙ.
ඔයා හිනාවෙවී කිව්වේ.
මම ක්ලාස් එක ඉවර වුන ගමන් එන්නම්.
හා අය්යේ බුදුසරණයි.
------****-----
උදේ ඉදලම ඔලුව රිදෙනවා.
පොතක් බැලුවෙවත් නෑ.
ඇදට වෙළා හාංසි වෙළා හිටියෙ.
හේලෝ නංගෝ..
ඔයා ලන්ච්ටයිම් එකේ කෝල් කලා.
අය්යා..
කෙල්ලගේ කටහඩ වෙනස්.
අසනීපෙන්ද?
ඔයාට මගේ එක හුස්මක වෙනස පවා දැනුනා.
ඔලුව ටිකක් රිදෙනව.
අනේ..
ඔන්න ඔයා ඉතින් කල බල වෙනවනේ.
කලබල නොවී කොහොමද,
ඉන්න මං ලිව් එකක් දාළා එන්නම් ලෑස්ති වෙන්න.
අනේ බෙහෙත් ගන්න තරම් ලොකු අමාරුවක් නෙමෙයිනේ.
ඒ වුනාට මට බයයි.
ඔයා දුකින් කිව්වේ.
ඇයි බය.
මේතරම් මං ගැන වද වෙන්නේ ඇයි,
මේ බැදීමට දෙන නම මොකොද්ද..
මට හිතුනා...
ඊට ටිකකට පස්සේ ඔයා ත්‍රීවීල් එකකින් බෝඩිම ලග.
රෑට නිදාගන්නව අඩුද?
ඔව් ඩොක්ට මෙයාට එක්සෑම් ලගයිනේ.
මටත් කලින් උත්තර දුන්නේ ඔයා.
ඒ නිසා තමා ඔලුවෙ කැක්කුම මේ බෙහෙත් බිව්වම අඩු වෙළා යාවි.
-------*****-----
හැම සෙනසුරාද ඉරිදාම මාව ක්ලාස් ගිහින් දැම්මේ ඔයා.
වෙලාවකට මට ඔයා ගැන හරිම දුක හිතුනා.
මාව මේ තරම් පරිස්සම් කරන්නේ මොන වටින කමක් නිසාද ,
මගේ ක්ලාස් ගැන ඔයාට මට වඩා ලොකු මතකයක් තිබුනේ.
සුදු නංගෝ..
ඔයාගෙ කෝල් එක අද ඉරිදනෙ.
ගුඩ්මෝනින් අය්යා.
කෝ ලෑස්ති වෙළාද ඉන්නෙ?
කොහෙ යන්නද?
මම අමතක වුනා වගේ ඇහුවේ.
අද රුවන් සර්ගේ පිසික්ස් සිමින එක නේද?
ඒකට රුපියල් දාහක් ගන්නවනෙ අය්යා.
සරත් සර්ගේ සිමින එකට විතරක් ගියාම ඇති.
ගුටි ගුටි දෙන්නේ.
කෝ ඉක්මනට ලෑස්ති වෙන්න.
විනාඩි විස්සෙන් මං ඔතන.
මේ බබා..
ම්ම්....
ලෑසිත් වෙළා පාරට එන්න එපා.
මම මිස් කෝල් එකක් දැම්මන් එන්න.
ඔයා බෝඩිම ඇතුලට එනවද?
නෑ කෙල්ලෙක්ගේ කාමරේට කොල්ලෙක් තනියම එන එක හොද නැහැ.
මට මතක් වුනේ අවිශ්ක අය්ය.
මේ මට නම් බෑ පාරෙ රස්තියාදු වෙන්න.
බෝඩිමේ දොර ඇරලා තියන්න.
අවිශ්ක අය්යා බෝඩිමට එනව කිසි ගානක් නෑ.
කවුරු කොහොම හිතුවත් අපිට මොකෝ අනේ..
අකලංක අය්යා අවිශ්ක අය්ය වගේ නෙමෙයි රත්තරං මනුස්සයෙක් කියළා මට හිතුනා.
----****----
මොනවද මේ පාර්සලේ.
අකලංක අය්යා මට දිගුකරපු පාර්සලේ ගන්න ගමන් මම ඇහුවේ.
ඇරලම බලන්නකෝ.
හානේ කේක් කෑල්ලක්.
ම්ම්ම්...
කෙල්ල කේක් වලට පෙරේතයි කියළා දන්න නිසා ගෙනාවේ.
ඊයේ ලොකු නැන්දල ආවා.
එයාලා කේක් එකක් අරන් ඇවිල්ලා තිබුනා.
ඒකෙන් කෑල්ලක් ඔයාට අරන් ආවේ.
මේ නෙස්ටමෝල් එහෙකුත් තියෙන්නේ.
ඔව් උනුවතුර බෝතලේකුත් ඇති.
ඒවත් නැන්දලා ගෙනාපුවද?
නෙස්ටමෝල් එකනම් නැන්ද ගෙනාවේ.
උනුවතුර බෝතලේ නම් කඩෙන් ගෙනාවේ..
අනේ ඇයි සල්ලි වියදම් කලේ?
පාඩන් කරනකොට නෙස්ටමෝල් එකක් හදලා බෝතලේට දා ගන්න.
නිදි මත හැදීගෙන එද්දි බොන්න.
ඔයා පව් අය්යේ.
මට මේ කරන උදව් වලට මම කොහොම නය ගෙවන්ද?
පිස්සී,
විකාර් කියවන්න එපා.
මට ඕන ඔයාගෙ ජීවිතේ ගොඩදාන්න.
මම ඔයාව ක්ලාස් එකට දාලා එහෙමම කිරුලපනේ යනවා.
ඇයි ?
වාසනා බුක් ෂොප් එකට.
ඔයාට පේපර් පොත් ටිකක් ගේන්න.
ඊට පස්සේ එකොලහට විතර ගෙදර ගිහින් ඔයාට දවල් ඉන්ටවල් එකට කන්න බත් එකෙකුත් අරන් එනවා.
ඒ ඇවිත් ඔයාලගේ ක්ලාස් එක ලග ලයිබ්‍රියෙන් වාඩි වෙළා ඉන්නම්.
පහට සිමින එක ඉවරයිනෙ ඔයාට .
බත් කාටද කියලා අම්මා අහන්නෙ නැද්ද?
අම්මට සැකයි මම කෙල්ලෙක් එක්ක යාළුවෙලා කියලා.
ඒත් අහන්න්නෙ නෑ.
දන්නවනේ ඉතින් මේ මේ කොලු පැටියා වැරදි වැඩක් කරන්නේ නෑ කියළා.
ඒත් නංගිනම් ව්හිලු කරනවා මම ෆෝන් එක අරන් එලියට දුවන වෙලාවට.
මම කඩෙන් කන්නම්.
මම බිම බලන් කිව්වේ.
මතකනෙ ගිය සතියෙ කඩෙන් කාලා .
අනේ අය්යා වතුර තිබහ හැදෙන එකමයි වැඩේ.
වතුර බිව්වම චූ දාන්න ඕන.
සර් ඉද්දි යන්න ලැජ්ජ්යි.
ඔයා මට විහුලුවෙන් කිව්වේ.
අනේ අය්යා එපා ලැජ්ජා කරන්න.
----****----
මගේ විභාගෙගෙ නිසා ඔයාට නිවාඩු දාන්න වුනා.
මට කොළඹින් පිට ස්කොලයක් ලැබිලා තබුන නිසා.
මම නිසා ඔයාගෙ වැඩ ඔක්කම පාඩුයි නේද අය්යා.
විකාර කියවන්න එපා මැට්ටී.
අවුරුදු දෙකක් ඔයාගෙ මහන්සිය මගේ දවස් පහ හයයිනේ.
ඔයාට පිං මට මේ කරන උදව් වලට.
මම ඇස් වල කදුළු පුරවන් කිව්වේ.
කෝ තාමත් පුංචි දේටත් ඇස් වලට කදුළු පුරවගන්නවනෙ මේ කෙල්ල.
ඔයා හරි ආදරෙන් කිව්වේ.
විභාගෙ ඉවර වෙළා අන්තිම තප්පරෙත් ඔයා මං එක්ක.
ඔන්න අදින් ඔයා නිදහස්.
රිසාල්ට් එනකම් ෆන් එකේ ඉන්න.
මම පොඩි ටීවී එකක් අරන් දෙන්නම් බල බලා ඉන්න.
මට එපා.
මම පොත් කියවන්න ආස.
ම්ම්ම්.
මම කතා පොත් ටිකක් ගෙනල්ල දෙන්නම්කෝ.
----****----
මම ආයේ ගාමන්ට් එකේ වැඩට යන්නද?
ඇයි?
ඔයා බය වෙලා වගේ ඇහුවේ.
කාමරේට වෙලා ඉන්න පාලුයි මට.
ම්ම්..
හවස පංසල් යමු.
මං එන්නම් ලෑස්ති වෙළා ඉන්න..
හා..
කැලනියෙ යමුද?
ඔයාට බාරයක් වෙමු අපි.
ඔයාගේ ප්‍රශ්න ඔක්කම ඉක්මනට ඉවර වෙන්න කියළා.
අවිශ්ක රූම් ගානේ මාව අරන් ගිහින් මගේ ආත්මෙ නැති කරද්දි ඔයා මාව පංසල් අරන් ගිහින් මට ජීවිතේ කියලා දෙනවා.
මට ආයෙත්
දැනෙනව අය්යේ මම ජීවත් වෙනව කියළා.
මම කැලණි පංසලේදි ඔයාගේ අතින් අල්ලලා කිව්වේ.
ඔයා මගේ අත තද කරලා අල්ලා ගත්ත.
මේ අහන්න මගේ මැනික.
ජීවිතේ කියන්නේ දවසක් දෙකක් නෙමෙයි.
ඒක ලොකූ කතාවක් වගේ..
හරි ලස්සනට ගලාගෙන යන්න ඕන.
ඒකට ආදරේ සෙනෙහස ඕන.
තේරුනාද?
ඔයා මගේ නලලට උම්මා එකක් දුන්නා.
මේතාක් කාලයකට මගේ ජීවිතේ ලැබුන නිර්මල හාදුව ඒක වෙන්න ඇති මගේ අය්යේ..
ඔයා මගේ ජීවිතේ පාට කළා.
හරියටම කිව්වොත් ලස්සන බිතු සිතුවමක් වගේ..
හරි ලස්සනට.
මගේ හීන හරි අපූරුවට ඔයා ගෙත්තම් කරනව මගේ අය්යේ..
ආදරේ කියන්නේ මොකද්ද කියලා මම දැන් දන්නවා.
ගිය දවස් වල මම අඩපු කදුළු අපරාදෙ මගේ අය්යේ...
මම ඔයාගේ මූණ දිහා බලන් ඉන්නවා..
මැණික ..
ම්ම්ම්..
ඇයි?
මොනව කියන්නද කියළා හිතා ගන්න බෑ.
සතුට වැඩි කමට ඇස් වල කදුළු.
මම හැමදාම ප්‍රාරාර්ථනා කලේ මෙහෙම ජීවතයක්..
මම ඔයාට ආදරේ කලේ ඔයාව දැක්ක දවසෙ ඉදලා.
ඒත් මම බය වුනා.
ඔයාට කියන්න.
මොකද ඔයා හිතන් ඉදියෙ හැම පිරිමි ලමයෙක්ම එකයි කියලා.
ඒ වගේ මානසික මට්ටමක ඔයා ඉද්දී කොහොමද මම ආදරෙයි කියන්නේ..
මගේ අය්යේ...
ඔව් රත්තරං..
මේ කැලනි පංසලේ ඉදන් මම අද පොරොන්දු වෙනවා.
මම ලොකූ ජොබ් එකක් කරන්නෙ නෑ.
ඒත්
මගේ පණ ඩිංග
දුකක් නොදී බලා ගන්නව කියළා.
මහත්තයෝ..
මම ඔයාගේ කකුල් දෙක අල්ලලා වැන්දා.
එපා මගේ දෙය්යෝ.
මොනවද මේ කරන්නේ.
කෝ නැගිටින්න.
මගේ ඇස් වල කදුළු.
මම වටින කෙල්ලෙක් නෙමෙයි මහත්තයො.
ඔයා දන්නවනෙ..
ඒත් මහත්තයො ඕනම කොල්ලෙක් ආස...
ඇති ඇති මැණික.
ඔයා මගේ තොල් දෙක අතරට ඔයාගෙ ඇගිල්ලක් තිබ්බා.
මට ඕන ඕක කර ගන්න කෙල්ලෙක් නෙමෙයි.
එහෙම කර ගන්නව නම් ඕන තරම් තැන් තියෙනවනෙ.
ඒකට බදින්නම ඕන නෑ.
මට හැමදාම ඕන වුනේ මගේ පැටවුන්ට හොද අම්ම කෙනෙක්.
මට දැන් බයක් නෑ මගේ රත්තරං..
මම පංසලෙන් එනකම්ම ඔයාගේ අතේ එල්ලිලා ආවේ.
ඔයාටත් මගේ අත අතාරින්න ලෝබ හිතිල වගේ අල්ලගෙනම ඉන්නවා.
මට ගංගාරෙම පංසලට යන්න ඕන.
ඇයි මැණික.
මම බාරයක් වුනා.
මට හොද කොල්ලෙක් ලැබුනම ඉස්සරලාම පංසලට යන්නේ කියලා.
දැන් හත පහු වෙලා.
ඔයා තව හුලන් ගස්සන්න මට ලෝබයි.
අසනීපයක්වත් උනොත්.
ම්ම්...
ඔයා ඔලුව අත ගාල කිව්වේ.
ආදරේ කියන්නේ පුදුම සුන්දර හැගීමක්.
අවිශ්ක ආදරේ කියළා මට පෙන්නුවෙ බොරු මායා ලෝකයක් කියල මට දැන් තේරෙනව..
මැණික
ම්ම්ම්....
ඇයි කල්පනා කරන්නෙ?
බයයි මට..
ඇයි?
නැතිවෙයි කියළා..
පිස්සී විකාර කියවන්න එපා.
දැන් බෝඩිමට ගිහින් කෑම කාල ඉකමනට දොයි ගන්න..
කවුරු කතා කලත් දොර අරින්න එපා.
හා මහත්තයො.
-----****-----
මැණික මොකොද කරන්නේ?
පාලුයි මට,
නිදා ගත්තා.
මම විනාඩි දහයෙන් ඔතන ඉක්මනට ඇදුමක් දාන් ලෑස්ති වෙන්න..
කොහේ යන්නද?
මම බයෙන් ඇහුවේ.
කොහෙවත් නෑ බං මේ ලගට..
මම ඇදුමක් දාන් පාරට ආවා.
කොහෙද යන්නේ ම්ම්ම්..
මම ඔයාගේ අතේ එල්ලිලා ඇහුවේ.
පාක් එකට යමු.
දවස් තුන හතරක් දැක්කේ නැති වුනාම සාංකාව වගේ මැණික.
එහෙනම් මාව ගෙදර එක්ක යන්න..
එක්ක යන්න නම් ආසයි ඒත් දැම්ම එක්ක යන්නෙ නෑ..
ඇයි?
තාම ඔයා චූටියි.
මැරි කාලාට පස්සේ කරන ඒවා ඔයාට තාම තේරෙන්නෙ නෑ.
මම බිම බලා ගත්තා.
ඔයා හැමදේම අමතක කරල කතා කරන අපූරුව.
ඇයි වස්තුව මූණ එල්ලන්..
කෝ අහන්නේ නැද්ද මගෙන් මැරි කලාට පස්සේ කරන ඒව ගැන..
ම්ම්..කියන්න බලන්න.
මම හිනාවෙලා ඇහුවේ.
හිතුව එක තමා.
මැට්ටා..
මම ඔයාගෙ අත හැපුවා..
ඌයි මැණික කෝ කෝ රිදෙනව..
මේවට අල්ල ගන්නම්කෝ මැරි කළාම..
මගේ පිස්සිව..
ඔයා මාව පරිස්සන් කලේ මල් පෙත්තක් වගේ..
මහත්තයො දරා ගන්න පුලුවන් තරමට ආදරේ කරන්න.
මේ පපුවට ඔයාගේ ආදරේ දරා ගන්න බෑ .
ඔයා මගේ නලලට උම්මා එකක් දීලා මාව තුරුල් කර ගත්තා.
මේ වෙලාවට වැව රවුමෙ ගොඩාක් පෙම්වතුන් ඉන්නවා.
වටේ ඉන්න අයට එයාල ගැන ගානක් නෑ වගේ.
එයාලා එයාලගේම ලෝක වල.
ආදරේ හරි සුන්දරයි..
ඔව් මට ජීවිතේ පලවෙනි වතාවට අකලංක අය්යා කියළා දුන්නා..
මැණික
ම්ම්..
මම ඔයාගේ උකුලෙ ඔලුව තියන් සනීපෙට ඇස් පියන් ඉදියේ.
ඉක්මනට පැලක් හදා ගන්න ඕන.
මම අරන් දාපු ඉඩමක් තියෙයි.
ඇයි අම්මලා එක්ක අපිට ඉන්න බැරිද?
පුළුවන් .
අපේ අම්මත් ඔයා වගේමයි අහිංසකයි.
ඒත් රත්තරං නංගී පොඩිනේ.
එයා ඉද්දී අපි...
කෝ කෝ ඉතුරු ටික කියන්න අනේ...
බෑ..
මගේ ඔලුව අත ගා ගා හිටපු ඔයාගේ අත හැපුවා..
ඌයි කියන්නම්...
ඔයා පුංචි දේටත් අඩනවනේ.
මම චුට්ටක් හැපුවොත් එහෙම ඔයා රෑට අඩයි..
අපි දෙන්නගේ එක එක සද්ද ඇහෙන කොට....
ඇති ඇති මැට්ටා.....
අම්ම මං ලගට ගන්නව අපිට පැටියෙක් ලැබුනම.
එතකොට නංගිත් ලොකුයිනෙ එයාට හොද කෙනෙක් හොයල දීලා එයාට ගේ දෙනව.
තාත්තා නැතුව නංගි හැදුනෙ පව්..
ඔයා අහිංසක විදියට කිව්වේ.
කෝ දැන් අපිට පැටව්.
මම හුරතලෙන් ඇහුවේ.
මෙන්න මේ බංඩියේ.
ඔයා මගේ බ්ල්ව්ස් එක චුට්ටක් ඈත් කරලා බඩින් අත තිබ්බා..
කිතියි මට එපා..
අත ගන්න.
ඊටත් වඩා අර එහා පැත්තේ කපල් එක දකීවි..
ආ එයාලා දැක්කම් මොකද මම අල්ලන්නේ මගේ ගෑණිගේ බංඩියනේ..
ඔන්න මං වැරදී වෙන ගෑණියෙක්ගේ බංඩිය ඇල්ලුවනම්....
අපි යමු..
ඔව් දැන් රෑ වෙළා.
ඔයාව බෝඩිමට දාළා ගෙදර යනව.
මම ඔයාගේ උකුලෙන් ඔලුව අරන් වාඩි වෙලා ඔයාගේ ෂර්ට් එකේ උඩ බොත්තන් දෙක ගලවල ඔයාගේ පපුවට තොල් දෙක තියා ගත්තා.
ඔන්න මැණික මට දාළා යන්න ලෝබ හිතෙන වැඩ කරනවනේ...
වැරදි අය ජීවිතේන් යන්න ඕන අපිට හරිම කෙනා හමුවෙන්න..
මට හිතුනා.
කෝ දොයිද?
ම්ම්..
යමු..
----****-----
මැණික කොහෙද ඉන්නේ?
ඔයා කලබලෙන් කතා කළේ .
ඇයි මහත්තයො මේ කලබලෙන්..
මැණික රිසාල්ට් පිට කරලා.
විභාගෙ අංකෙ දෙන්න.
ඉක්මනට බලන්න මට..
අනේ බෑ.
මම බලලා කියන්නම්..
මම ටග්ගාලා ඇදුමක් දාන් පාරට ආවා.
බෝඩිම ලග කොමියුනිකේෂන් එකට..
රිසාල්ට් ෂීට් එක කඩේ අය්යා හිනාවෙලා අතට දුන්නේ..
දෙවියනේ ඒ තුනයි.
ඩිස්ත්‍රික් රෑන්ක් එක විස්ස.
මට සතුට දරා ගන්න බෑ.
මම ත්‍රීවීල් එහෙක නැගලා ඔයාගේ බැංකුවට ආවා...
අකලංක මගේ සුදු මහත්තයෝ..
සිකුරුටි අංකල් බය වෙළා බලන් ඉන්නවා.
බැංකුවට ආපු මිනිස්සුත් බය වෙළා.
ඔයා කවුන්ටරේක කාගෙද බැංකු පොතක් අප්ඩේට් කර කර හිටියේ.
ඔයා බය වෙළා පුටුවෙන් නැගිට්ටේ.
හාමිනේ ඇයි මේ?
මේ මේ මගේ රිසාල්ට්.
මම රිසාල්ට් ශීට් එක ඔයාට පෙන්නුව..
මගේ මැණික පුංචි දොස්තර කෙනෙක්...
උම්මා ..
ඔයා හැමෝම ඉද්දි මගේ නලලට උම්මා එකක් දුන්නේ..
කවුරුත් කලබල වෙන්න එපා.
අද මගේ කෙල්ල පැටියගේ රිසාල්ට් ඇවිල්ල එයා මෙඩිකල් කොලේජ් සිලෙක්ට් වෙළා ..
ඔයා එහෙම කිව්වම බැංකුවෙ ඉදපු හැමෝම හිනා වෙලා වාඩි වුනේ..
රාණි මිස් අපි ලගට අවා.
හානේ අකලංකට කෙල්ලෙක් ඉන්නවා කිව්වට අපි දැක්කේ අදනේ.
අහිංසක පුංචි කෙල්ල පැටියෙක්..
මම අහිංසක විදියට හිනා වුනා.
------****----
මහත්තයො ඔයාට තව ජොබ් එකක් හොයා ගන්න වෙයි.
ඇයි වස්තු?
අදත් පොත් ලිස්ට් එකක් දුන්නා ගන්න.
කීයක් යාවිද?
තිස්දාහක් වත් මහත්තයො.
මම සල්ලි දාන්නම්.
ඒ පොත් ගන්න මැණික.
ඔයා මට හැම වියදමක්ම කළා.
මාව බලන්න හැම සෙනසුරාදාටම ආවා.
මට පේරාදෙණියේ කැම්පස් එක ලැනුනෙ.
ඒ නිසා ඔයාට දුරයි.
ඒත් ඔයාට මාව නොදැක ඉන්න බෑ.
ඒ අතරෙ ඔයා ලෝන් එකක් දාළා පුංචියට ගේ හැදුවා.
------****----
එක දිගටම ෆෝන් එක රින්ස් වෙනව මං බැලුවෙ කවුද කියලා.
හෙලෝ...
නෙතුකිද?
ඔව් කවුද මේ?
මාව මතකද දන්නෙ නෑ.
මම අවිශ්කගේ යාළුවා තේජාන්.
ම්ම් මතකයි.
කියන්න ඇයි කෝල් කලේ?
ආරංචි උනා සංගමේ යනව කියලා.
පැය ගානටද නැත්නම් දවස් ගානටද?
පැයකට කීයද කියළා අහන්න ගත්තේ..
තේජාන් හය්යෙන් හිනා වුනා..
ෂික් ..
මම ෆෝන් එක කට් කළා.
අපේ ජීවත අපායක් කරල දාල යන මිනිස්සු ආයේ එනවලු,
බලන්න එයාලා අපිට දීපු දුකින් අපු විදවනවද බලන්න.
මේකත් අවිශ්ක එවපු පිල්ලියක් කියලා මට හිතුනා.
හැමෝටම උත්තර දෙන්න දවසක් ඒවිනෙ මට.
ලොකු ගෙවල් ඕන නෑ කාමර දෙකයි සාලෙයි කුස්සියයි විතරයි හැදුවෙ.
ඒ ඇති මහත්තයො.
කැම්පස් එකෙන්
අවුට් වෙළා මාව ආයේ බෝඩිමට එක්කන් එද්දි මගදි ඔයා කිව්වේ.
------****-----
හොස්පිටල් එහෙක පත් වීමක් ලැබෙන කම් ටික දවසක් ඉන්න වෙයි මට..
ඔව් නේද මැණික...
මම ෆෝන් එක කට් කළා..
පුතේ...
බෝඩිමේ ආන්ටි කතා කරනවා.
වෙනද ළමයෝ,නෙතුකී කියන ආන්ටි දැන් පුතා කියලා කියන්නේ.
කැම්පස් එකෙන් අවුට් වෙළා ආපු නිසාද කොහෙද?
ඔයාගේ අම්මා ඇවිල්ලා ඔයාව හමුවෙන්න.
මට පුදුම හිතුණා .
මොන අම්ම කෙනෙක්ද කියල හිතන ගමන් මම පාරට ආවේ ..
ටිකක් ලඟට ගියාම දැක්කේ ඇවිල්ල හිටියෙ අවිශ්කගේ අම්මා.
පුතේ..
කවදාවත් නැති ආදරයකින් අවිශ්කගේ මට කතා කරනවා.
ඇයි ආන්ටි?
ආන්ටි ,
වෙනද මට කතා කළේ කටපුරා අම්මා කියලා නේ.
අවිශ්කගේ අම්මගේ මූනේ තිබුණේ පුදුම අසරණ පාටක්.
අවිශ්ක පුතා හැම වෙලාවෙම දුව ගැන මතක් කරනවා.
මම ඒකයි මේ දුව හොයාගෙන ආවේ.
ඇත්තද ආන්ටි.
දෙන්න පිළිවෙලක් උනොත් මොකෝ වෙන්නේ ?
ඇයි ඇන්ටි ඔයාගෙ පුතාට කාර් එකක් තියෙන කෙල්ලෙක්ව කිව්වනේ බන්දවන්නේ.
මම කාර් එකක් ගත්තද කියල බලන්නද ආවේ.
පහු ගිය දේවල් වැඩක් නෑනේ දුවේ.
ආන්ටිට මතක ඇති නේද කටුනායකදී මම ආන්ටි ළඟ වැඳ වැඳ අවිශ්ක අය්යව ඉල්ලුවා.
කා අතිනුත් වැරදි සිද්ද වෙනවනෙ දුවේ,
ඔයාගේ පුතාගෙනුත් වැරද්දක් සිද්ධ වුන නිසා තමා මම එද ජීවිතේ ඉල්ලලා ඇඩුවෙ.
ඔය ලමය දන්නවනේ වෙන කොල්ලෙක් එක්ක ඔය ලමයට යන්නත් බෑ කියළා.
හා ඒ කියන්නේ ආන්ටි සේරම දැනන් ඉදලා..
ආන්ටිට මම එදා කිව්වා මතකද ඔයාගේ පුතා සල්ලි ගොඩාක් හොයා ගනීවි.
ඒත් මම තරම් ආදරේ කරන කෙල්ලෙක් හමුවෙන එකක් නෑ කියළා..
අවිශ්කගේ අම්මා අසරණ විදියට මගේ දිහා බැලුවේ..
මගේ පුතා ඉන්න තත්වෙ දූ දන්නවනම් පපුව පැලෙයි.
අනේ මේ ආන්ටි ,
කියන්න තියෙන දෙයක් කෙටියෙන් කියන්න.
අවිශ්කගේ දකුනු අත මැශිමකට අහු වෙලා අත කපලා අයින් කරලලු.
ලබන සතියෙ ලංකාවට එනවා.
මට දුක හිතුනෙ නෑ.
එදා එයාපෝර්ට් එකෙන් යන්න හදද්දි මම අඩ අඩා එල්ලුනේ දකුනු අතේ..
අත ගසල දාල ගිය හැටි මතක් වුනා..
ආන්ටි මට ඕවට දුක හිතෙන්නෙ නෑ.
ආයේ මෙහේ නාවට කමක් නෑ.
--------****-------
මැණික කොහෙද ඉන්නේ?
ඇයි මහත්තයො..
අද කස්ටම්ස්ල අඩුයි එන්නකෝ බැංකුව පැත්තේ..
ම්ම්ම්...
ඉන්න වොෂ් එකක් දාන් ලෑස්ති වෙළා එන්නම්.
පැටියට මම කෑමක් අරන් තිබ්බා..
මොනවද අනේ...
අද රාණි මිස්ගේ බත්ඩේ එක කේක් දුන්නා.
මට දුන්න කේක් කෑල්ල මම කෑවෙ නෑ ඔයාට අරන් තිබ්බා..
අනේ ඔයා කන්න..
ඔයා මට පුදුම තරම් ආදරේ කළා..
මම පාරට ආවා..
බෝඩිමට ටිකක් එහා කැලෑ පාර ලග සුදු පාට වෑන් එකක් නවත්තලා තිබුණා.
නෙතුකි..
වාහනෙන් බැස්සේ අවිශ්ක..
මට කතා කරන්න ඕන.
මම ඇහුනෙ නෑ වගේ ඉස්සරහට ආවා..
නෙතුකි අවිශ්ක දුවලා ඇවිත් මගේ අතින් අල්ලා ගත්තා..
මම අත ගසලා දැම්මා ..
අවිශ්කගේ දකුනු අත තිබුනෙ නෑ.
වම් අත විතරයි.
ඇයි?
මම නතර වුනා..
මට ඔයාව ඕන නෙතුකි.
මට සමාවෙන්න.
අවිශ්ක අඩන්න වගේ කිව්වේ.
ඔයාට ඕන උනාට මට ඔයාව ඕන නෑ.
ඇයි ඔහේගේ මහ ලොකු යාළුවා අතේ මට එවලා තිබුනේ කොරියාවෙ පට්ට සුදු කෑලි රං කරන්නේ.
කියලා.
මොකෝ ඒ රං කරපු කෑල්ලක් ලංකාවට ගේන්න බැරි වුනාද?
මම සද්දෙට කිව්වේ.
නෙතුකි..
ප්ලීස් මට එක පාරක් සමාව දෙන්න.
අත නැති වුනාමද ඔහේට මාව මතක් වුනේ?
අම්මටයි පුතාටයි දෙන්නටම මාරුවෙන් මාරුවට මුල මතක් කරන්න බෑ මට.
ආයේ මාව හොයන් එන්න එපා.
මීට අවුරුදු හය හතකට කලින් හොදට මතක් කරල බලන්න....
ඒ බං අවිශ්ක මේකිගේ කටේ සද්දෙ බලපන්කෝ.
ගොඩින් බේර ගන්න ආවම රෙස්පට් පෙන්නවනේ..
එහෙම කියාගෙන වාහනෙන් බැස්සේ අවිශ්කගේ යාළුවා තේජාන් .
තමුසෙ මේවට හොට නොදා ඉන්නවා හලෝ..
මම කෑ ගහලා කිව්වේ.
ඉස්සර මේකි හරි අහිංසකයිනෙ.
බලපන්කෝ දැන් ගනන්..
මේකිව ඔන්න ඔය වාහනේට ඇදලා දා ගනින් තේජාන් .
මටත් ටිකක් තියන් ඉදලා උඹටත් ඕන නම් තියා ගනින්.
මම කලින් පැදපු එකනේ..
අවිශ්කගේ අත නැති උනාට කට නම් අඩු වෙළා නෑ..
එන්න එපා මම ලගට.
ආන්ටි ආන්ටි ...
මම කෑ ගැහුවා...
තේජාන් මගේ අතින් ඇද්දම මගේ අතේ තිබුන කුඩෙයි පර්ස් එකයි බිම වැටුනා.
මාව අතෑරපන්.
මම කෑ ගහන සද්දෙට කවුරුත් ආවෙ නෑ..
එකපාරටම ත්‍රීවීල් එකක් ඇවිත් නතර කළා.
බය වෙළා වගේ තේජාන් මගේ අත අතෑරියේ..
ත්‍රීවීල් එකෙන් බැස්සේ ඔයා.
මහත්තයො..
මම අඩාගෙනම දුවලා ඇවිත් ඔයාට තුරුල් උනා..
ඔයා දකුනු අතින් මාව පැත්තකට කලා..
කවුද උඹලා.
මගේ කෙල්ලට කරදර කරන්න ආ...
කේන්තියට ඔයාගෙ ඇස් දෙකත් එක්කම රතු වෙළා.
ඇයි ඔයාගේ නෝනා කිව්වේ නැද්ද.
මම අවිශ්ක.
ආ උඹද අවිශ්ක..
මම ඕක කඩලා දාල ගියේ උඹ පැද්දට..
උඹ කඩල දාළ ගිය ජීවිතේ මම ලස්සනට පිලිවෙලට හදලා ඉවරයි..
ආයේ උඹට බෑ මගේ කෙල්ලට කිට්ටු වෙන්න.
ආයේ උඹේ හුලගක්වත් මගේ අහිංසක කෙල්ලට වදින්න දෙන්නෙ නෑ..
මේ ආත්මෙ විතරක් නෙමෙයි කිසිම ආත්මෙක..
ඔයා අවිශ්කගේ මූණට එබිලා කිව්වේ.
අපි යමු හාමිනේ.
ඔයා මාවත් අරන් ත්‍රීවීල් එකට නැග්ගා.
මම ඔයාගේ පපුවෙ මූන තියා ගත්තා.
මැණික කෝ ඔලුව උස්සන්න.
වෙව්ලන මගේ පන.
ගොඩාක් බය උනාද?
ඔයා ඔලුව අත ගා ගා අහනවා..
අය්යේ කොස්වත්තෙ ගොඩට යන් ඔහොම.
ඉන්න මැණික යාලුවෙක්ට කෝල් එකක් දෙන්න ඕන.
හෙලෝ වසා උඹ කොහෙද ඉන්නේ?
කොස්වත්තේගොඩ .
ඇයි මචං .
උඹ යාළුවෙකුත් එක්ක ඔහොමම තර්ඩ් ලේන් එකට වරෙන්..
තර්ඩ් ලේන් එකේ කොතනටද?
උඹ එතනට වරෙන් ආවම තැන කියන්නම්..
මහත්තයො මේ ම්ම් මේ ම්ම්..
ඔව්..
මේ දැන්ම
කෝ අයිඩී එක ගෙනාවද??
----------****-------
හේවාමාන්නගේ නෙතුකි වාසනා වන මම,
කංකානම් වාසලගේ තිවංක හෂාන් සේනාධීර මාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා හැටියට පිලිගනු ලබනවා......
ඔයා මගේ දිහා හොරෙන් බැලුවේ.
අපි එහෙමම ඔයාගෙ බැංකුවට ආවා..
අකලංක පැයෙන් එනව කියල නේද ලිව් දාල ගියේ ආ..
ඔව් රමනි මිස්..
කෙල්ල පැටියා එක්කන් එන්නද ගියේ?
මේ මේකට ගියේ...
ඔයා එහෙම කියළා මැරේජ් සටිපිකේට් එක හැමෝටම පෙන්නුවා..
යකෝ උඹනම් මාර පොරක්නේ ලිව් දාලා ගියේ බදින්නද?
ඔයාගේ යාළුවා බාසුර අය්යා හිනාවෙලා කිව්වේ.
ඔන්න මම හෙට ඉදලා සතියක් නිවාඩු.
සෙනසුරාද.,ඉරිදා වැඩ කරන්නෙ නෑ.
පහෙන් පසේ ඕටී කරන්නෙ නෑ..
කේල්ලට හරි ආදරෙයි වගේ අකලංක ..
ඔව් රාණි මිස් මහා ගොඩාක් නැහැනේ ඉන්නේ මෙච්චරයිනේ. ඔයා මගේ කරට උඩින් අත දාලා ලගට ගන්න ගමන් කිව්වේ.
----*****----
ඔයාගේ අම්මයි නංගියි බලලා අපි නුවරඑළි ආවා...
මගේ ආදරේ ජීවිතේ මට ලැබිලා ඉවරයි..
දැන් මැරුනත් දුක නෑ..
අම්මා කොහේ හරි ඉදන් මම දිහා බලන් ඇති.
ඒකයි හැමදේම නැති වෙලත් රත්තරං මහත්තයෙක් හමුවුණේ.
මැණික කෝ තාම ඇග සෝදනවද ..
මම බාත්රූම් එකේ හිටියේ..
ඉන්නෝ...
ඔලුව තෙමා ගන්න එපා...
හරි හරී....
කෝ මට කාමරේට එන්න ඇස් දෙක වහ ගන්නෝ.
හරී එන්නෝ...
අනේ ...
බොරු කාරයා..
තරහයි මං....
මගේ පන ඩිංග....
ඔයා මාව උස්සලා ඇදට අරන් තුරුළු කර ගත්තා..
මම ලැජ්ජාවෙන් මූන හංග ගත්තේ...
කෝ..
ඔන්න ඉතින් ...
මම ඔයාගේ පපුවට තවත් තුරුල් වුනා...
සතුටින්ද මැණික..
ම්ම්ම්.
ගොඩාක්...
මටත්....
කවදාවත් මට රිද්දවන්න එපා මහත්තයො..
චුට්ටක් රිදෙයි...
මැට්ටා මැට්ටා...
මම ඔයාගේ පපුවට ගහගෙන ගහගෙන ගියා...
පිස්සී...
ඔයා මාව නතර කළා..
හෙටින් උදාවන හැම දවසකම මේ සතුට,
මේ ආදරේ සදහටම මගේ ලග නතර වේවි කියලා දනෙන සතුට හිත පුරා දෝරෙ ගලද්දී මම තව තවත් ඔයාගේ පපුවට තුරුල් වුනා..
..නිමි..
--------*****-------
උපුටා ගැනීමකි
No comments:
Post a Comment