භූතාරක්ශකයා.
මගෙ නම චානක මමයි බූතාරක්ශකයෙක්.හ්හ් ඔගොල්ලන්ට හිතේ මේක ලේසි සෙල්ලමක් නැත්තම් මේක විහිලුවක් කියල….නෑ රෑ එකොලහ දොළහට මහ කරුවලේ ගිහිම් මිනිස්සුන්ට කරදර කරන භූතයෝ අල්ලනවා අල්ලලා ඒ විඩියෝ යූ ටියුබ් දාලා විවුස් දාගන්න එක තමයි මගේ රස්සාව.ඇත්තටම සත වර්ෂ ගනනාවක මුලුල්ලේ අපේ පරම්පරාවේ අය තමයි බූතාරක්ශකයෝ මගෙ තාත්තා,සීයා සීයගෙ තාත්තා ඔහොම පරම්පරාවෙන් උරුම උන හැකියාවක් තමයි ඕක. මොනව උනත් මට ඉතින් වස්තිලට තරම් නැතිවුනත් සෑහෙන්න ෆෑන්ස්ලා ඉන්නවා.
කොල්ලෝ ඔය ටීවි එකවත් පොඩ්ඩක් දාහන් ප්රවෘත්තියක්වත් බලන්න.තාත්තා පුටුව උඩ ඉඳං කෑගහනවා.සැක් අක්කා බබෙක් එක්ක චැට් කරන්න පටන්ගත්තා විතරයි බෑ අප්පා මොනව කරන්න්ද ඉතින් මමත් මගෙ බූරු ඇඳෙන් නැගිටලා රිමෝට් එක හෙව්වා තාත්තේ මොකක්ද ඒ කුණු කරෝල ගඳක් එන්නේ ආයි රෑට කන්න අර කරෝල හොද්ද ඉව්වද?අම්මත් පොඩ්ඩක් ආච්චිලෑ ගෙදර ගිහින් හින්දා තාත්ත තමයි කුස්සිය භාරව ඉන්නේ..අවුලක් නෑ මාසෙකට සැරයක්වත් බඩ සුද්ද කරගන්න එක හොඳයි කියලා ෆේස්බුක් එකේපෝස්ට් එකක් දැක්කා…මොන කරවලද අර ප්රිජ් එකේ පීසා තියෙන්නේ…නෑහ් අම්මට සිරි අපේ ඩැඩා ගැන වෙනදා නොතිබිච්ච අමුතුම ආදරයක් මට එකපාට්ට ආවා…..රිමෝට් හෙවිල්ල පැත්තකින් තියලා පිජ් එක ඇරිය මම බොහොම අමාරුවෙන් අපේ රෙදි ටික එහාට මෙහාට කරලා පීසා කෑල්ල හෙව්වා…
යකඩෝ මේ මොනවද තාත්තේ…බාගෙට තැම්බිච්ච පිටි මොල්ලියක්නේ..ඔය පිටි ටික යටින් හාල්මැස්සෝ දෙන්නෙකුයි සුදුලූණු කෑල්ලකුයි ඇති.මමත් එකක් හදාගෙන කෑවා ඔන්නෝක කනවා…එවා යකෝ අප්පගෙ පීසා බොහොම අමාරුවෙන් අතින් ගලවගත්ත පිටි ගුලිය එහෙම්මම කටේ දාගත්තේ ඕකවත් කෑවෙ නැත්තම් ඉතිම් හෙට හවස් වෙනකම් බඩගින්නේ ඉන්න වෙන බව දැනගෙනයි….ආ මේ තියෙන්නේ තාත්තේ රිමෝට් එක පිජ් එකේ මුල්ලක තිබ්බ රිමෝට් එක අතට ගත්ත මම ටීවි එක දාන්න ගත්තා…සැක් මේ මගුල ඉතිම් කවද්ද හරියට වැඩකරේ.රිමෝට් එක බිත්තියෙ දෙපාරක් ගකපු මම ටීවි එක දැම්මා.
මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක් නගරාධිපතිතුමාගේ නිවසේ සැරිසැරූ අද්භූත හිස නැති භූතත්මයගේන් නගරාධිපතිතුමාට ඇතුලු පවුලේ සැමට කරදර.මේ පිළිබඳව සොයාබැලීමට ආරක්ශක අංශ යෙදවුවත් තවමත් මෙම භූතාත්මයේ කරදර එන්න එන්නම දරුනු තත්වයට පත්වෙමින් තිබේ..මේ භූතාත්මය පලවාහරින වටිනා තෑගි හිමිවේ…මරේ මරු මං උඩපැන ගහපු පහර අපේ පූස් තඩියාට වදින්නෙතුව බේරුනේ අනූ නමයෙන්..මාස ගානකින් හරියට වැඩක් සෙට් වුනේ නෑ. තාත්තේ මට අලුත් කේස් එකක් වේගයෙන් කාමරයට දිව්ව මම මගේ ආම්පන්න සෙවීය.හුටා කෝ මෙතන තිබ්බ මේස් දෙක.තාත්තේ මගෙ මේස් දෙක දැක්කද?ආ ඒ දෙක මං දාගත්තා මගෙ දෙක අන්න පුටුව උඩ තාම තෙතයි..හරිනේ ඒ හරියෙන් තමයි අර කුණු කරෝල ගඳ ආවේ..මොනවා කරන්නද මගෙ බාට කටුදෙක දාගත්ත මම පෝං එකත් සාක්කුවෙ දාගෙන එලියට බැස්සා…ගරාජයේ නවතා තිබූ මගේ නවීනතම මවුන්ටන් පා පැදිය අතට ගත් මම නගරාධිපති නිවස කරා පිටත්වීමට සූදානම් විය.කෝ බං ටූල් බෑග් එක.තාත්තා කෑමොර දෙයි.. හුටා මං ටාර් ගාලා මගේ කාමරයට දුවගොස් මගේ ඇඳයට පෝර උරයක බහා තිබූ මගේ ආම්පන්න පොට්ටනිය රැගෙන ආහ….හරී මං යනෝ...පුතේ දැම් ඉතිම් ඔය පුට්බයිසිකලේ පාගන්න ඔනි නෑ මගෙ වාහනේ ගන්න මොකද මං තවත් ඔය රස්සාව කරන්නේ නෑ නේ දැං එක ඔයාට අයිතී..එවෙලේනම් තාත්තව පැනපු ගමන් වඩාගන්න හිතුනත් පාරෙ තාම මිනිස්සු ගැවසෙන නිසා මං ඒ අදහස පස්සට කල් දැම්මා.නැවතත් මගේ හුටාර් එක ගරාජයට දැමූ මම තාත්තගෙ අති නවීන දෙසීය පහ නම්බරේ ටීවීල් එක එලියට ගෙන උජාරුවෙන් තාත්තා අසලට ගියහ.මෙන්න කොල්ලො යතුර,මේ රුපියල් පහෙන් හොඳ මදුරු කොයිල් එකක් ගහන්න යැයි පැවසූහ.දෙතුම්පාරක් ටීවිල් එක කික්කරපු මම තාත්තා දෙස බැලීය.හරිනේ මේක ජම්ප් ස්ටාට් නේ. දඩස්ගාලා ටීවිල් එකෙන් බිමට පැනපු මං ටීවිල් එක තල්ලු කරන්නට විය..මේ රෙද්ද හදාගන්නෙත් නෑ වැඩ කරලා ගන්න සල්ලිවලිම් මැච් එකට ඔට්ටු අල්ලනවා අන්තිමට මමයි මේව කරගහන්න ඕනි..බොහොම අමාරුවෙන් ටීවිල් එක කන්දක් පල්ලමක් ලඟට තල්ලුකරග්න ආපු මම නවතත් රියදුරු අසුනට පැන.ටීවිල් එක ස්ටාක් කරන්නට විය…
ටෑම්…පටම්…අම්මෝ යන්තම් ඇති හරි හරී ටීවිල් එකට නැගපු මං බෙරිහන්දෙන්නට විය..කොහොමින් කොහොම හරි පැය හතරක පහක වෙහෙසකින් පස්සේ මම නගරාධිපති නිල නිවසට ලඟවුනි..අම්බෝ මේකේ සයිස් මේකෙ එක හොල්මනක් නෙමෙයි හොල්මන් පැට්ටරියක් ඉන්නව ඇති ද…මාව පිලිගන්නට මෙන් නගරාධිපතිතුමා නිවසේ ගේට්ටුව තෙක්ම පැමිණ තිබුනි.කොච්චර සරල නගරාධිපතිතුමෙක්ද…හෝව් හෝව් මට රෝස් පාං කාලක් දෙන්න….නගරාධිපතිතුම මං ආවේ ඔබතුමාගේ ගෙදර තියන බූත ප්රශ්ණෙට විසඳුමක් දෙන්න මං පැරනෝමල් ඇක්ටිවිටි සයන්ස් ඩොක්ට චානක.ආ එහෙමද මං හිතුවේචූම් පාං ට්රීවිල් එකක් කියලා එන්නකො ඇතුලට අද අපේ වයිෆ් අසනීප වෙලා ඉතින් මටයි දුවටයි කන්න රෝස් පාං දෙකක් ගන්න චූම් පාං ට්රීවිල් එකක් බලන්න තමයි මං පාරට ආවේ.යමුකො ඇතුලට…දුවේ දොර අරින්න නගරාධිපතිතුමා එලියෙ ඉදං දොරට ගහනවා…දොර ඇරිය විතරයි මට මතක..එතනින් එහාට වෙච්ච කිසිම දෙයක් මට මතක නෑ ඈතින් හඳ එලිය ගලාගෙන එනවා..හෙන හුලඟකින් මාව විසිවෙන්න වගේ යනවා දැනෙනවා..අම්මෝ ඉස්සරහ ඉටි රෑපයක් වගේ ලස්සන කෙල්ලෙක් මං දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා.අම්මෝ පොටෝශොප් නෙමෙයි තනිකර නැචුරල් මේ වගේ මූනක් මං හැබැහින් දැක්කමයි….
දුවේ මේ තමයි මොකක්ද මහත්තයෝ අර කලින් කිව්වේ….පැරනෝමල් ඇක්ටිවිටි සයන්ස් මගේ කටින් ඒ ටික ලිස්සල ගියා වගේ අප්පේ හුස්මගන්නත් බෑ…අන්න හරි ඒ අය තමයි අපේ ගෙදර ඉන්න හොල්මන අල්ලල දෙන්න තමයි ඇවිත් ඉන්නේ…යමු මහත්තයෝ ඇතුලට…මං වයිෆ්ව ඇහැරවන් එන්නම්..හරි නගරාධිපතිතුමත් ගියා දැන් තමයි කොක්ක ගහනවන්ම් ටයිම් එක…අයිය බය නැද්ද හොල්මන් වලට…ම..ම..මොකක් නංගි..මං ඇහුවේ අයියා බය නැද්ද හොල්මන් වලට…අපෝ නෑ නංගී අපි අල්ලගෙන යන හොල්මන් ගොඩක් අපේ ගෙදරම තමයි ඉන්නේ එයාලට පිටිපස්සෙන් කාමරක් දීල තියනවා….අම්මෝ වාව්.වැඩේ නම් ගොඩ යන්න යන්නේ…හරි ඉස්සෙල්ලා චෙක් කරලා බලමු මං පෝර බෑග් එකේ අඩියෙම තිබ්බ ටේප් රෙකෝඩරේ හොයන්න ගත්තා…හුටා ඊයෙ රෑ සිංදු අහලා ඒක තාම ඇඳ උඩ දැං ඉතිම් මොකද කරන්නේ මං මගේ ස්මාට් ෆෝන් එකේ රෙකෝඩින් දාගෙන අද්භූත ශබ්ද ග්රහනය කරගත්තා …
ටෝච් එක….මම තනියම මුමුනනමින් මගේ විදුලිපන්දම එලියට ගත්තා..කෝ මේක වැඩ නෑනේ දෙතුන්පාරක් බිම ගහුවට මේ පාරනම් වැඩකරන පාටක් පේන්න නෑ….හරිනෙ බැට්ටිකෑලි දෙක නෑ නේ…..හුටා ඒ බැට්ටි කෑලි දෙක දාලා තමයි මං ඊයෙ මගෙ රේස් කර් එක පැද්දේ…නංග් නැද්ද ගෙදර බැට්ටි කෑලි එම?අනේ එහෙම ගෙනාපුවනම් නෑනේ අයියේ.අයියෝ..කමක් නෑ නංගී ඔය රිමෝට් එකේ බැට්රි කෑලි දෙකවත් දෙන්නකෝ මං ටග්ගාලා අපහු දෙන්නම්.අනේ අයියා ඉක්මනට දෙන්න තව පොඩ්ඩකින් ප්රේම දඩයම පටන්ගන්නවා..
අයියෝඊට කලිම් දෙන්නම්.මම බොහොම අමාරුවෙන් නංගි බබාගෙන් ඉල්ලගත්ත බැට්ටි කෑලි දෙක දාගෙන මම සෝදිසි මෙහෙයුම දියත් කරා.. එක්වරම කුස්සිය පැත්තෙන් නිකං චායාවක් වගේ ඇදිලා ගියා මට තේරුනා…මමත් ඉතින් වේගෙන් ඒ පැත්තට දිව්වත් කුස්සියේ බලු බල්ලෙක් නෑ…ඩකාං…මං ඉස්සරහම තඩි පලඟානක් බිමට වැටුන සද්දයෙන් මං පිටිපස්සෙ තිබ්බ පුටුව උඩට නැගගත්තා…සික්,,මේ පූස් තඩියෙක්නේ….පෝං එක අරන් පොඩ්ඩක් සී ඕ සී ගහපු මම ආපහු ඒක සාක්කුවෙ දාගත්තා…
2 යි වෙලාව කිසිම හාවක් හූවක් නෑ.යකෝ හොල්මනක් නම් මෙලහකට ඇවීලා.මේකා මොකෙක්ද?සැක් තවනම් මෙතන බලාඉන්න බෑ…නගරාධිපතිගේ තෑග්ගට බම්බුගහන්න කියලා මං යනව යන්න..මදුරුවොත් කනවා මොන කරුමයක්ද…මං මදුරුවෙක් කාපු මගේ අත කහ කහ නගරාදිපති නිවසේ සාලය දිහාවට ආවා,,දඩස් නැවතත් කුස්සිය පැත්තෙන් සද්දයක් ආවා…නිකම් පලයං පූසෝ යන්න මෙතන මෙහෙ ඇති හොල්මනක් නෑ.ආපු කේන්තියට කෑ ගහලා ඉස්සරහ දොර අරින්න හැදුව විතරයි…දඩක් ආයි කුස්සිය පැත්තෙන් මොනවද පෙරලෙනවා ඇහුනා…යකෝ මේ පූසට මං දොර පිටිපස්සේ තිබ්බ කොස්සත් අරම් කුස්සියට දිව්ව මං දැකපු දේ නිසා මං එකතැනම නතරවුනා.යකෝ පූසා නෙමෙයි මෙන්න හොල්මන…කලුම කලුපාට මූනේ කොන්ඩෙ රැව්ල වවාගත්ත භයානක හොල්මන කෑ ගහගෙන මං ඉස්සරහට දුවගෙන එනවා…ඒත් මං වැඩ දන්නවා පෙන්ස්.මගෙ ගැජට් බෑග් එකෙන් ගත්ත ලක් ලුණු පැකැට් එක මං හොල්මන ඉන්න් පැත්තට විසික්කරා.හුටා පැකට් එක කඩන්න බැරිවුනානේ..කුරුසේ,ඒකත් වැඩක් නෑ,යකඩ ඇණ ඒවත් වැඩක් නෑ මූ දිගටම එනවා…දැම් මට කරන්න දෙයක් නෑ මැරෙන්න තමයි තියෙන්නේ….බෑ ඒත් මැරෙන්න බෑ මගෙ බේස් එක තාම ටවුන්හෝල් එකොලහ තව කොච්චර වැඩ තියෙයිද…බෑ බෑ එකපාරටම මට අපේ තාත්තා කියාදීපු ට්රික්ස් එකක් මතක්වුනා මේවගේ භයානක හොල්මන් පාලනය කරන දෙයක්..මං කවදාවත් ඒක ප්රයෝජනයට අරන් නෑ…කෝ මේක හරි බඩු තියෙයි…ඉඳාහ් මං වේගයෙන් හොල්මන ඉන්න පැත්තට ඒක විසිකරා…
අනේ බුදු මල්ලියේ මොකක්ද බං ඒ.ඒ ගනිම් බං ඒක මං මැරෙයි..හරි හරි මං යටත්වුනා…ගනිං.හම්මේ ඇති යාන්තම් මේකෙ ගඳ හොල්මනට නෙමෙයි මටත් කලන්තෙ වගේ…කොහොම උනත් මේ ට්රික් එක බොහොම බලගතුයි..බුදු මල්ලියේ ඔක දාගනින් ආපහු..මං වඳින්නම්….හරි දාගත්තා දැන් උඹ කියහං මොකද මේ ගෙදර හොල්මන් කරන්නේ…හරි මං ඔක්කොම කියන්නම්…
මල්ලියේ මං මේ ගෙදරට රිංගලා දැන් අවුරුද්දකටත් වැඩී බං..එදා හොඳටම වැස්ස දවසක් හොරකම් කරන්න කියාපු කාලගුනේ.මං දැනං හිටියෙ නෑ බං මේක නගරාධිපතිගෙ ගෙදර කියලා..දනවානම් මං කීයටවත් මේ අපායට රිංගන්නේ නෑ…එදා මං ගෙදෙට්ට රිංගනකම් ඉඳලා මුං ඔක්කොම දොරවල් වහගත්තා බං…එදා ඉදලා මට එලියට යන්න බැරිවුනා…මේ කුස්සියෙ මුල්ලෙ කබඩ් එක අස්සෙ බං මේ අවුරුද්ද පුරාවට මං හිටියේ..ඔය රෑට රෑට කන්න දෙයක් ගන්න මං එලියට එන වෙලාවට තමයි බං මේකෙ උං මාව දැකලා බයවෙලා දුවන්නේ.උං හිතාගෙන ඉනේ මං හොල්මනක් කියලා,උඹ කිව්වට විස්වාස කරපං මට උදේටයි දවල්ටයි කෑමක් නෑ දවල් එලියෙ යන්න බෑ බං හොල්මන් උනත් බලු වෙනවා දවල්ට.යකෝ මේ කොන්ඩෙයි රැව්ලයි කැපුවෙ නෑ මං මාසෙකින් අනේ මට උදව් කරපං පුතේ…
කාල වරෙන්කෝ මූ හොල්මනක් නෙමෙයි හොරෙක් නේද.දැං කොහොමද මං සල්ලි ටික ගන්නේ..ඔහොම හිටපං කල්පනා කරන්න.මං මගෙ ඔලුව බිත්තියෙ දෙපාරක් හප්පගත්තා හරි පත්තුවුනා…අයියේ උඹ හොල්මනක් විදිහටම හිටපං මං නගරාදිපතිගෙන් සල්ලි ගන්නම්.පස්සේ මං උඹව අපේ ගෙදර හිරකරන්නම් කියලා මෙතනින් එලියට ගන්නම් මෙන්න මේ දැලි ටික ගාගනින් ඔය මූනේ…අනේ බං උඹ නං දෙයියෙක්..උම්මා උම්මා අහකට පලයන් කෙල ගෑවෙනවා කෝ අර සමපෝස පැකැට් එක දියන්…
නියමයි චානක මෙන්න මං කියපු විදිහටම තියාවා සල්ලි ටික..බොහෝම ටැංකූ නගරාධිපතිතුමනි..නියමයි අයියා ඔයා අම් හරි දක්ශයි.ආ ඕව මොනවද නංගි බබෝ මෙන්න බැට්ටිකෑලි දෙක.මේ මට රික්වෙස්ට් එකක් දාන්න ඈ..හලී..
ඉතින් කොහොමින් කොහොම නගරාධිපතිගෙ දුවත් එක්ක සෑහෙන කල් මං චැට් කරා පස්සෙ ඉතිම් මගෙ කරුමෙට මං පස්සෙන් පතාගෙන ආපු කොට මොඩල් එකකට සෙට් උන හින්දා ඔක්කොම චැටිං නවත්තලා මැසෙන්ජර් ඇප් එකත් අහක්කරා පෙන්…ඔන්නොහොමයි මගේ ත්රාසයජනක කතාවේ අවසානය.
#විනෝ..
උපුටා ගැනීමකි
No comments:
Post a Comment