☠💀💀දොලහෙ කනිසම💀💀☠
"ගිහාන් අයියේ....මොකද බං පැත්තකට වෙලා ඉන්නෙ....."
"නැ....නිකන්....."
"මෙි තව ටිකකින් මිනිය උස්සනව.....උබෙි මාමනෙ....වරෙන් ඈ...."
"හරි....හරි බං....මගෙ මෙි ඇගට පොඩ්ඩක් අමාරුයි....ඇගපත රිදෙනව....ඔලුවත් එක්ක නිකන් කැරකිල්ල වගෙයි....."
"ඒ මොකද බං ඒ...."
"අනේ මංද බං....ආ...හා...හා...කමක්නැ...කමක් නෑ....එහෙනම් ඉදල වරෙන්කො මිනිය උස්සන්නවත්....."
"හරි හරි උබල යමල්ලකො....."
මිනිය උස්සල කනත්තට යනකන් මිනිය ගෙනිච්චෙි කටිටිය උස්සගෙනමයි.ගිහාන් කියන්නෙ මැරුණ කෙනාගෙ ලොකු බෑණා.කනත්තට මිනිය ගෙනියන වෙලාවෙදි තුම්මන් හංදි 2ක් විතර පහු කරගෙන යන්න තිබුනා.ඒ යන හැම වෙලාවකදිම ගිහාන් හිටියෙ මලානික ස්වරූපයකිනුයි........මිනිය කනත්තට ගෙනිහින් වැලලුවෙත් ගිහාන්ගෙ නැන්ද නැත්තන් ඒ මැරුණ කෙනාගෙ බිරිදව වලලපු තැනම එහා පැත්තෙනුයි.මලගෙදර වැඩ සේරම ඉවර වෙලා කට්ටියම ගෙදරට ආවෙ හරිම මහන්සියකිනුයි.ඒ වෙලාවෙදි තමා.....
"ඒ බං මෙි ගිහානය....මොනවද බං මලගෙදර වැඩ සේරම ඉවර උනා....පොඩ්ඩක් හවස සෙට් වෙන්න ලැස්ති කරනවකෝ...."
"ඒකනෙ බං....කට්ටියට මහන්සිත් ඇතිනෙ.අපේ කොල්ලො සෙට් එක නිදි මරාගෙන වැඩ කරානෙ පොඩ්ඩක් ලැස්ති කරනවකො අයිසේ....."
"හරි....හරි බං....මොනවද ගේන ඕන උබලට බයිට් එකට....."
"ඌරු මස් ටිකක්වත් ගෙනෙන් බං.ඩෙවල් එකක් දාල ගත්තම මරුනේ....."
"හා....හා....බං.....ඒත් මෙි...."
"මොකද බං ඒත්....මෙිත්....ගාන්නෙ..."
"අඩෝ කනත්තත් පහුකරල නේද යන්ඩ වෙන්නෙ....."
"අනේ මෙි ගිහානයා....බයිල නොගහ පලයන් බං....."
ගිහාන්ගෙ යාලුවො එහෙම කියපු නිසාම ගිහාන් එයාගෙ බයික් එකට නැගල ගලේවෙල ටවුන් එකට ගියෙ යාලුවනට පාටි එකට ඕන කරන දේවලුයි ඌරු මස් එහෙම ගේන්න කිව නිසා එවත් අරගෙන යන්නයි.....යාලුවොන්ගෙ හැටි දන්න නිසාම ගිහාන් කොකටත් කියල හැමදෙයක්ම වැඩිපුරත් එක්කන් අරගෙනයි ගියෙ.ඒ වෙලාවෙදි හවස 6.30විතර වෙලා තිබුනත් ටවුන් එකේ ලයිට් තිබුන නිසා වැඩිය කරුවලක් තිබුනෙම නෑ.....ටවුන් එකේ ඉදල 6km විතර දුරක් ආවට පස්සෙයි ගිහාන්ගගෙ මලගෙදර තිබුන ගෙදරට යන්න තිබුනෙ.....හැමතැනම කෑලෑව නිසා රැහැයියන්ගෙයි බකමුණන්ගෙයි මුසල සද්ද ඇහෙන කොට අවට වටපිටාවෙ මුසල ගතිය තව තවත් වැඩි උනා......
පාලු කැලෑ පාරෙන් ටික දුරක් ඉස්සරහට යනකොට සුදු සරමක් ඇදගත්ත වයසක කෙනෙක් ගිහාන්ගෙ බයික් එකට අත දානව.ඒ වෙලාවෙදි.....
"පුතේ මාව අර හතරමං හංදියෙ වීර ගහක් තියෙන්නෙ ඔතනින් දාගෙන යන්න පුලුවන්ද......"
"ආ.....හා.....හා.....නගින්න මාමෙි...."
"පුතා කොහෙද??මෙහෙ කෙනෙක්නම් වෙන්ඩ බෑ...."
"මම පානදුරෙ ගෙවල් තියෙන්නෙ.....අපේ මමා ගෙ මලගෙදරට ආවා......"
"ආ.....එහෙමත් එකක්ද.....කොහෙද පුතේ මලගේ උනේ....."
"අර සමිති ශාලාවක් තියෙන්නෙ මාමෙි....ඒක පහුකරගෙන ටිකක් ඉස්සරහට එනකොට තියෙන 4වෙනි ගෙදර...."
"මට නිච්චි නෑ පුතේ.....අපි ගියාට පස්සෙ මෙි ගමි හැදුනනෙ සෑහෙන්න...."
"මමා කොහෙද ගියෙ....."
"ඔය ඉස්සරහින් දාපන්කො පුතේ මාව....."
ගිහාන් අහපු ප්‍රශ්නෙයවත් හරියකට උත්තරයක් නොදි පාලු පාරක් ගාවින් ඒ වයසක කෙනා බැස්සත් එයාට යන්න එලියක්වත් නොතිබ්බ නිසා ගිහාන් එයා යන පාරට බයික් එකේ හෙඩ් ලයිට් එක ගහගෙන රෙස් කර කර හිටියෙ පාර පේන්නමයි.....ඒ වෙලාවෙදිම ගිහාන්ට කෝල් එකක් ආවා.....
"කොහෙද බං ඉන්නෙ....දැන් 7ත් වෙලා....වරෙන්කො....."
"හරි...හරි බං....හිටපන් ටිකක්.....මම මෙි එනකොට වසක පොරක් සෙට් උනා....මෑන්ට යන්න විදිහක් නැති නිසා බයික් එක නවත්තල ලයිට් එක ගහගෙන ඉන්නෙ...."
"හරි..හරි....ඉතිපිසො ගාතාවවත් කිය කිය වරෙන් ඉතින්..."
"මං බය නෑ බං....මට ආවැකි..."
ගිහාන්ගෙ යාලුවට සැකයක් හිතුනත් මොකුත් නොකියා හිටියෙ එනකොට කනත්ත පහුකරන්න තියෙන නිසාමයි.....ඒත් එක්කම ගිහාන් ෆෝන් එක කට් කරල පාර බලනකොට අර වයසක කෙනා පේන්න හිටියෙ නෑ.....හරියකට ඇවිදගන්නවත් බැරුව හිටපු කෙනා විනාඩි දෙකට තුනට කොහෙට ගියාද කියල හිතුවත් ආයෙත් හිතුවෙ ඒ ලග තැනකින් යන්න ඇති කියලයි.ඒත් එක්කම ගිහාන් බයික් එක හරවගෙන ආයෙත් එනකොට බයික් එකෙ පිටිපස්සෙන් ලොකු බරක් එක්ක බයික් එක යන්නත් හොර කරා.කිසිම ලෙඩක් තිබුනෙ නැති බයික් එක දෙතුන් වතාවක්ම නැවතුනා.ප්‍රෙට්‍රල් ඉවරද බැලුවත් ප්‍රෙට්‍රල්ලුත් තිබුනා.නිකන් නවතින්න ඇති කියල හිතාගෙන එන අතර මගදි කනත්ත ලගදි එක පාරටම බයික් එකේ ලයිට් නැතුව ගිහින් බයික් එක කරුවලේම නැවතුනා.කනත්ත ගාවදි කොච්චර බයික් එක ස්ටාට් කරන්න හැදුවත් ස්ටාට් උනෙම නෑ.......ස්ටාට් නොවුන නිසාම තල්ලුකරගෙන හරි යනව කියල හිතාගෙන බයික් එක තල්ලු කරත් පිටිපස්සෙන් කවුරු හරි අදිනවා වගෙ දැනෙන්න ගත්ත.....ඉතිපිසො ගාතාව කිය කියා ටික දුරක් තල්ලු කරල නිකන් ස්ටාට් කරල බලනකොට ස්ටාට් උන නිසාම බයික් එක පැදගෙනම ආවත් පිටි පස්සෙන් ලොකු වාහනේක එලියක් වගේ දැකපු නිසා අයින් කරත් කිසිම වාහනයක් ගියෙත් නෑ.....කන්නාඩියෙන් බලනකොට පෙනුනත් වාහනයක් නොතිබ්බ නිසාම නකමට වගෙ පිටිපස්ස හැරිල බලනකොටම දැක්කෙ මගින් දාල ආව වයසක කෙනාම නලලෙන් ලෙ පෙරාගෙන සුදු ඇදුමෙ හැමතැනමත් ලේ ගාගෙන බයික් එකේ වාඩි වෙලා ඉන්න විදිහයි.ගිහාන් දැකපු දේ නිසා බය උනත් ගෙදරට ආවෙි විදුලි වෙගෙනුයි.ඒත් මගදි කොච්චර බැලුවත් අර කලින් දැකපු කෙනා දකින්න නම් හිටියෙ නැ.....ගෙදරට ඇවිත් යාලුවන්ට විස්තරෙ කිවත් යාලුවො කිවෙි....
"උබ මගදි බොතලෙ කඩල බීලද කොහෙද....උබට වෙරි බං...."
"නෑ යකො සිරාවටම කියන්නෙ...."
"ගනන් ගන්ඩ එපා බං...උබෙි හිතේ මැවිච්ච මනස්ගාතයක් වෙන්න ඇති....."
"ඒත් බං......"
"මෙි....මෙි....හොල්මන් කියල දෙයක් නැ බං.....බය නැතුව හිටපන්.....ඒ නිකන් පේන්න ඇති එලියක්.උබ බය උනාට...."
යාලුවන්ට කොච්චර කිවත් වැඩිය ගනන් ගත්තෙ නැති නිසාම ගිහානුත් හිතුවෙ සුදු ඇදපු අය දැකපු නිසා හිතේ මැවිච්ච දෙයක් වෙන්න අැති කියලයි......
කට්ටියම ඌරුමස් එක ඩෙවල් එකක් එහෙම දාල මාලු වගයක් තිබිල ඒවත් බැදගෙන සෙට් උනේ මිනිය තියල තිබුන තැන එහා පැත්තෙ කාමරෙයි.ඒ කාමරෙ ගිහාන්ගෙ මාමා ජිවත් වෙලා ඉන්න කාලෙදි හිටපු කාමරෙයි.එකේ ජනෙලෙකුත් ඇරගෙන හිටියෙ දාඩිය නිසාමයි......එක පාරටම හුලගක්වත් නැතුව ජනේලෙ වැහිල ගියත් කට්යටම හොද ගානට වෙරි වෙලා හිටපු නිසා ඒ ගැන ගානක් ගියෙ නෑ..........ඒත් එක්කම වගේ ගිහාන්ට කොල් එකක් ආව ගෙදරින් එහා ගෙදරට ආව වාහනයක් ගිහාන්ගෙ තාප්පෙ හැප්පල තාප්පෙ කැඩිල කියල....ඒකටත් පොඩ්ඩක් විතර අවුලෙන් හිටියත් රෑ 11.45ට 12.00ට විතර ගිහාන් එක පාරටම නැගිටල "ආ....මාමෙි......මාමා මෙි රෑ මොකද මෙි පැත්තේ....ඔන්න ඔලුවෙන් ලේත් එනව....."
කියාගෙන නැගිටල ඔලුවෙ අත් දෙකත් බැදගෙන දුවන්න ගත්ත.....ඒ වෙලාවෙදි කට්ටිය හිතුවෙ වෙරි වෙලා කියවනව කියලයි.ඒත් ගිහාන් දුවපු විදිහට සැක හිතුන නිසාමයි ගිහාන්ගෙ යාලුවොත් දුවන්න ගත්තෙ......ගිහාන් දුවගෙන ගියෙ එදා කනත්තටයි.කනත්තට යාගන්න නොදි කට්ටියම එකතු වෙලා අතින් කකුලෙන් අදල අල්ලගත්තත් ඒ සේරමල ගසාදාල ආයෙත් දුවන්න හදුව.පිරිම 8ක් විතර එකතු වෙලා නවත්තන්න හැදුවත් බිම පෙරලුවත් කෑගැහුවෙි.......
"හූ......මාව....මාව....මාව අතැරපියවු.....තොපිට හොදින් කියන්නෙ......මගෙ සල්ලි වගයක් ගත්තා ඔය ජිනසේනයා.....ඕක මම මැරෙනකන් එක දුන්නැ....මාව අතැරපිය....අතැරපිය බොල....."
ගිහාන්ව බිම පෙරලගෙන අල්ලන් හිටපු හැමොවම තල්ලු කරගෙන ගිහාන් ආවෙිශයෙන් වගෙ ගිහින් ගිහාන්ගෙ මාමගෙ සොහොන ලග දන ගහගෙන අතින් වල හාරන්න ගත්ත.....ගිහාන් දිහා බලනකොට ඇස් රතු කරගෙන දිවත් එලියට දාගෙන පස් අරගෙන සර..බර...සර...බර ගාල පස් කන්න පටන් ගත්ත.......එක පාරටම ලගට ඇවත්......
"මොනවද තොපි බලන්නෙ.....පලයවු....."
ඒ රුදුරු පෙනුමක් තිබුන ඇස් රතු උන අග සුරගෙන තුවාල කරගෙන හිටපු ගිහාන් එතන්ට ඇවිත් කෑගැහුව......කට්ටියම එකතු වෙලා කඹ වලින් ගැට ගහල අත් කකුල් බැදගෙන පන්සලට අරගෙන ගියෙ උස්සගෙන වගෙයි.සාමාන්‍ය කෙනෙකුට වඩා සෑහෙන බරක් ගිහාන්ගෙ තිබුනා.පන්සලට එක්කගෙන ගිහින් පිරිත් පැන් පිරිත් නුල් දාල එක්කගෙන ආවත් අඩුවක් උනේ නැ......ඒ නිසාම ගෙවල් ලග යකැදුරෙක් ගෙන්නල දෙහි කපල නුලක් දැම්මත් පාන්දර 4 විතර වෙනකන් කිසිම කරදරයක් නැතුව හිටියා.....ඒත් එක පාරටම......
"මාව ලෙහපියව්....මට සල්ලි ගන්න ඕන....මට යන්ඩ දිපිය......"
කිය කියා කැගහන්න ගත්ත.ගමෙි පන්සලෙ හිටපු පරනම හාමදුරු නමකගෙ පොටෝ එකක් අතට දුන්නට පස්සෙ එකට වැදල ආයෙත් පාඩුවෙ හිටපු නිසා වෑන් එකකට දාගෙන හලාවත මුන්නෙශ්වරම් කොවිල ගෙනියන්න හැදුවෙ අත් කකුල් බැදගෙනයි.....ඒ යනකොට කනත්ත ගාවින්.......
"මෙන්න මුන් මාව ගෙනියනවෝ.....වරෙල්ලා.....නවත්තපියවු මුන්ගෙ මෙි වාහනේ.....වරෙව්.....තොපි කොහෙද.....වරෙන් බෙල....."
කෑගහන ගමන් යටිගිරියෙන් හු කියන්න ගත්ත.කොවිලට එක්කගෙන යන්නත් බැරි නිසා බලෙන් උස්සගෙනයි ගියෙ.ඒ ගිහින් කාලි මැණියො ඉස්සරහ පුජාවට තියපු තැඹිලි ගෙඩියක වතුර පොවල කැද වගෙකුත් පොවල ඇප නුලකුත් දාගෙන එක්කගෙන ආවට පස්සෙ ගමෙි වැඩිහිටි කෙනෙකුයි කිවෙි......
"ඔය තමා ගමෙි හිටපු පෙලි මුදලාලි හැම මලගෙදරකම මිනිය ඉස්සුවට පස්සෙ ඒ ගෙදර කාට ආවෙිශ වෙලා පිං ගන්ඩයි එන්නෙ.මිට කලිනුත් කිප දෙනෙක් දැකල තියෙනව.සුදු ඇදගෙන එන්නෙ.වයසට ගිහින් ඇවිදිනකොට කකුල් පැටලිල දවසක් රෑ කනත්ත ගාවදි වැටිල නලල පැලිල ලේ ගිහින් මැරුනෙ.එදා ඉදන් යන වාහන නතර වෙනවයි එක එක දේවල් ඔය කනත්ත ලග වෙනව....."
#මෙය සත්‍ය සිදුවීමකි.මෙම සිද්ධියෙ දිෂ්ට්ය ආවෙිශ වු කෙනාව කනත්තට දුවන විට අල්ලා ගෙන හිටපු කට්ටියගෙන් කෙනෙක් කියපු සිද්ධියක්.තවත් බොහොදේ සිදුවි තිබුනත් ඒ සියල්ලම පැවසිමටවත් ඔහු අකමැති වුයේ ඒ අවස්තාවෙ සිද්ධියට මුහුන දුන් නිසා ඒ දෙවල් නැවත මතකයට නැගෙන විට නැවතත් පරන සාද්ධිය මතක් වෙන බැවිනි.පෞද්ගලිකත්වය ආරක්ෂා කිරිම පිනිස නම් ගම් පමනක් වෙනස් කර ඇති අතර අනෙකුත් සියලුම සිද්ධින් මට පැවසු ආකාරයටම මෙහි තිබෙි.#
#ලියන්නෙ : දුෂාන්
උපුටා ගැනීමකි
No comments:
Post a Comment