ආදරය

ආදරය.........

ස්ථානය: වැලිකඩ බන්ධනාගාරය
දිනය      : 27/02/2017
වේලාව : පෙ.ව 9.00

   මැඩම්.......දෙයියනේ....මගේ ඇස් කඳුලින් බර වෙන්න ගියේ තත්පරයයි...මැ...ඩ..ම්...මම ආයෙමත් හිතින් මමුනගත්තා....හ්ම්ම්...හොරෙන්ම සුසුමක් පිට වුනේ ඒවගේ ආමන්ත්‍රණයක් මට දැන් සුදුසු නැති නිසා.....මම හෙමීට හැරුනා ඇගේ දිහාවට...ලස්සන හිනානකින් මුව සරසන්  ඇය මා දිහා බලන් හිටියා.මම ඇතුලට එන්නද..මගේ මුවේ සිනහවක් ඇදුනා...පුදුම කෙනෙක්...එන්න..මම කිව්වා ...
   තෑන්ක්ස්.මැඩම් මම " සාක්ෂි " පත්තරෙන්.අපේ ආටිකල් එකකට විස්තර දෙන්න මැඩම් කැමති කියලා තිබුනා.ඔව් ඔව්...
හරි මැඩම්.මෙහෙමයි මේ කියන හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා.අපි ඒක ඒ වචනෙන්ම දානවා.ඒ නිසා මැඩම් කියන හැම ඉස්පිල්ලක් ඇලපිල්ලක් ගානෙම නිවැරදි වෙන්න ඕන.හ්ම්ම්...මට ඊට කලින් දෙයක් අහන්න තියෙනවා.ඔව් මැඩම්....ඔයා ඇයි මට මැඩම් කියන්නේ...ඒකට උත්තරේ මම දෙන්නම් මැඩම්.දැන් ඒකට වෙලාව නෙමේ...අපි එහෙනම් පටන්ගමුද මැඩම්.

#ඔබේ පවුලේ  විස්තර මොනවද
       
         මම උත්තරා පලිහවඩන. මගේ පව්ලේ අක්කා මම නංගි.අක්කා ඉන්ජිනේරුවරියක්.නංගී එයාගෙම වියාපාරයක් කරනවා.අම්මා කථිකාචාර්යවරියක්.තාත්තා කරන රැකියාව කියන්න ඕන නෑ.අපි තුන්දෙනා රජයේ නම ගිය පාසලකට ගියේ.මම උසස් පෙල  විද්‍යාව අංශයෙන් කලේ.මම මනෝ වෛද්‍යවරියක් විදියට සේවය කලා.බන්ධනාගාරයේ.

#හොදයි ඔබ විවාහකයි

   ඔව්

#ඔහු ගැන කතා කලොත්

             දිනේෂ් මානවඩුගේ.මට වඩා අවුරුදු තුනක් වැඩිමල්.දැන් මම ඔහුගේ වැන්දඹුව.
 
#දැන් මට කියන්න ඔබේ කතාව

       මම ඉස්සෙල්ලා කිව්වේ මගේ පවුලේ විස්තර.මම මනෝවෛදය වරියක් විදියට සේවය කලේ බන්ධනාගාර රෝහලේ.අපිට එක එක විදියේ අය හමු වුනා.එතකොට මම සේවයට ඇවිත් අවුරුදු දෙකක් වගේ ඇති.එදා මට යොමු කරමු පේෂන් කුඩු වලට ඇබ්බැහි වුන කෙනෙක්.මිනීමැරුම් කිහිපයකට සම්බන්ධ උන පාතාලය සමග ගනුදෙනු කරපු කෙනෙක්.මට එයා ගැන වාර්තාවක් සපයන්න බාර උනා.මට මාස දෙකක කාලයක් ලැබුනා ඒ සදහා.දවසට පැය දෙක ගානේ.
            පහුවෙනිදා එයාව මගේ රූම් එකට ගෙනාවා.මම ඒ වෙද්දි දැකලා තිබුන කඩවසම්ම කෙනා ඒ.උස අඩි හයක්.මහත ගානට.ජිම් ගිහින් හදාගත්ත ඇග.දැක්කම මම විනාඩි කිහිපයක් බලන් හිටියා.මොඩ්ලින් කරන්න තරම් ගැලපෙන ආකර්ශනීය පෙනුමක්.මම කැමැත්තෙන් හිටියෙත් විවාහ වෙන්න මේ වගේ ලස්සන කෙනෙක් එක්ක.මම එයා එක්ක කතා කලා.එයාගේ ජීවිතේ ගැන.පවුල් පසුබිම.කොහොමද පාතාලයට සම්බන්ධ උනේ.මේ හැමදේම.ඇත්තම කිව්වොත් මට සල්ලි උගත්කම තිබ්බට ලස්සන රූපයක් තිබුනේ නෑ.මෙහෙම යද්දි මට එයා ගැන ආදරයක් ඇති වුනා.එයා මිනිමරුවෙක්...දූශකයෙක් කියන එක මට වැදගත් උනේ නෑ.මොකද ඒ හැමදේම හදාගන එයාව වෙනස් කරගන්න මගේ ආදරේට පුලුවන් කියලා මම විශ්වාස කලා.මුලදි මුලදි එයාට මාව විශේෂ කෙනෙක් නොවුනත්.මගේ හැසිරීමත් එක්කද කොහෙද පස්සේ පස්සේ මට එයාගේ හැසිරීමෙත් විශේෂයක් දැනුනා.ඒ මාස දෙක ඉවර වෙනකොට අපි ආදරවන්තයෝ උනා.මම මේවා ගෙදරට කිව්වේ නෑ.මොකද මම කවදත් කලේ මට හිතෙන දේ.ඒ නිසා.මම එයාගේ නඩුව ආයේ ඇද්දා.ඒ පැත්තේ මිනීමැරුම් නඩු වලට ඉන්න හොදම ලෝය ඇල්ලුවා.මම ඕන තරම් සල්ලි විසි කලා.මොකද මට ඕන උනේ මොන විදියකින් හරි දිනේෂ් බේරගන්න. අවුරුදු එක හමාරකින් විතර නඩුව ඉවර උනා.අපි දිනුවා.ඒ අතරේ මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනා.ගෙදරින් මාව අයින් කලා.පවුලට ලැජ්ජයි කියලා.යාලුවො ගොඩක් මාව අමතක කලා.කොටින් ම මට ඉතුරු වුනේ දිනේෂ් විතරයි.මම ලෝන් එකක් දාලා ලොකු ගෙයක් ගත්තා.දිනේෂ්ව කසාද බැන්දා.කාලයක් අපි හොදින් හිටියා.මේ අතරේ මම දැනගත්තා දිනේෂ් ආයේ කුඩු ගහනවා කියලා.ඒත් මම එයාට සමාව දුන්නා.මොකද එයා මට පෙන්නපු ආදරේට මම පිස්සු වැටිලා හිටියේ.දවසක් ගෙවල් ලග ගෑනු කෙනෙක්  ගෙදරටම ඇවිල්ලා මට බැනලා ගියා.දිනේෂ් ව හදාගන්න කියලා.එයා ඒ ගෑනු කෙනාගේ දුවට අනවශ්‍ය විහිලු කරනවලු පාරේ යද්දි කියලා.මට පුදුම කේන්තියක් ආවේ.මම මෙච්චර දේවල් කරලා හැමදේම අත ඇරලා එයා වෙනුවෙන් ඉද්දී තවත් මට මෙහෙම කරනවට.එදා මම එයා එක්ක හොදටම රණ්ඩු කලා.මොකද එයා ටික ටික මට දේවල් හන්ගනවා එයා කලින් වගේ වෙනස් කියලා මට තේරුනා.මම දිනේෂ්ට බැන්නා.එදා එයා මට ගැහුවා හොදටම.මට උනත් හැදුනා.මේ අතරේ අපි දැනගත්තා මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා.දිනේෂ් එදා නම් ගොඩාක් ඇඩුවා.අයේ කවදාවත් වැරදි කරන්නේ නෑ කිව්වා.ඇත්තටම මගේ දරුවා මට වාසනාව ගෙනාවා.හැබැයි ටික කාලෙකට.දිනේෂ් වෙනස් වුනා.බබාගේ සේරම වැඩ කලේ දිනේෂ්.මොකද මම වැඩට යන නිසා.අවුරුදු දෙකක් විතර ගියා.ආයෙම දිනේෂ්ගේ  වෙනසක් මට දැනුනා.මම සෙවිල්ලෙන් හිටියා.ගෙදර සල්ලි ගොඩක් අඩුවෙනවා.. එදිනෙදාට ඕන සල්ලි මාසෙම වියදමට වැඩිපුරත් එක්ක මම බැන්කුවෙන් ගන්නේ.ඒ සල්ලි සති දෙකෙන් ඉවරයි.මා එක්ක කතා බහ අඩු වුනා.බොරුවට රන්ඩු කරන්න පටන් ගත්තා.ඒත් මම දරුවා නිසා ආයේ රන්ඩුවට ගියේ නෑ.දවසක් මට උන හැදුනා. නිවාඩු දාලා කලින් ගෙදර ගියා.යනකොට ගෙදරට මීටර් දෙසීයක් විතර එහායින් වාහනෙත් හිටියා.මම බැහැලා වාහනේ එතනම දාලා පයින්ම ගෙදර ගියා.බබා මේ වෙලාවට නිදියනවා හැමදාම. ඒ නිසා මම ගේට්ටුවත් හෙමින් ඇරගන ගියා.දොරත් ඇරලා.දිනේෂ් ගේ සද්දයක් වත් නෑ.මම අවේලාවේ ආපු නිසා ඇත්තටම මම හොරෙන් එතින් එහාට ගියේ.දිනේෂ් පහල නෑ.උඩට ගියා.බබා අපේ කාමරේ.ඇදේ තනියම.මම ඉක්මනට වටේටම කොට්ට තිබ්බා.වැටෙයි කියලා.ඊට පස්සේ මම උඩ අනිත් කරේට එබුනා දිනේෂ් ඉන්නවද බලන්න.දැකපු දෙයින් මගේ ආත්මෙම මැරුනා.තත්පර ගානක් ඇතුලත කදුළු ගලන් ආවා.මාව වෙව්ලන්න ගත්තා.දිනේෂ් එහා ගෙදර  ගෑනිත් එක්ක මගුල් නටනවා.මම මහා හයියෙන් කෑ ගැහුවා.දිනේෂ් උඹ මොකද්ද මිනිහෝ මේ කරන්නේ මගේ ආදරේ උඹට මදි උනාද. ආ...මෙහෙම කියලා මම කෑ ගැහුවා.දිනේෂ් ඉක්මනට එලියට ආවා.අර ගෑනි කාමරේ ඇතුලේ.ඒකි දොර ලොක් කලා.මගේ ගෙදර ඉදන් දොර ලොක් කරන්න උඹ කව්ද ගෑනියේ කියලා මම කෑ ගැහුවා.දිනේෂ් මාව ඇදගන පල්ලෙහාට ගියා.මට ගැහුවා.එයාට මගේ ලස්සන මදිලු.ඒ වගේ කියන්න බැරි කතා ගොඩක් කියලා මට බැන්නා.ඊට පස්සේ කිව්වා අද වෙනකන් මේවා උඹට හොරෙන් කලේ ඒත් අද ඉදලා මේ හැමදේම වෙන්නේ  උඹ දැනුවත්ව.කට පියාගෙන හිටපන් බැල්ලි කියලා.පස්සේ මාව තල්ලු කරා.කරලා ගියා උඩට.මගේ නලල තුවාල වෙලා.ලේ වැක්කෙරෙනවා.මට මගේ කේන්තිය උහුලගන්න බැරි උනා.පන වගේ ආදරේ කල දිනේෂ් ට මම ඒ මොහොතේ මහා ගොඩක් වෛර කලා.මම කුස්සියට ගිහින් මන්නයක් අරන් උඩට ගියා.ඒත් ඒ මගේ දරුවගේ තාත්තා නේද කියලා හිතුනා.මම දොර ලග නැවතුනා.එතකොට දිනේෂ් අර ගෑනිට කියනවා අඩන්න එපා බබා.ඔයාට කවදාවත් මාව නැති වෙන්නේ නෑ.මම පොරොන්දු වෙනවා..මම වැඩිකල් මේ ගෑනිත් එක්ක ඉන්නේ නෑ.කියලා.ඒ වචන ගෑනියෙක්ට අහන් ඉන්න පුලුවන්ද.බෑ....කවදාවත්.මගේ ඉවසීම ඒකෙන් ඉවර උනා.මම කාමරේට පැනලා දිනේෂ්ගේ බෙල්ලටම ගැහුවා පිහියෙන්.එතකොට අර ගෑනි බයට දිව්වා.මම ඊට පස්සේ ගෙදරට කෝල් කලා.හේතුවක් ඇහුවේ නෑ.මම අඩනවා කියලා දැනුනා විතරයි මගේ අම්මා ආවා.අම්මට සේරම කියලා දරුවා අම්මට දීලා මම පොලිසියට බාර වුනා.

# හොදයි.මොනාද  ඔයාට කියන්න තියෙන්නේ සාක්ෂියේ පාඨකයින්ට

දෙමව්පියන්ගේ ඇස් වලට සතුටට ඇරෙන්න දුකට කදුලක් දෙන්න එපා.ඒ වගේම තමා ආදරේ දි හදවතට මොන දේ දැනුනත් මොලෙන් හිතලා තීරන ගන්න. අපි කිරි දීලා හදන්න හැදුවට ඒ නයෙක්නම් උගේ ඇතුලේ ඒ විස තියෙනවා කියලා හොදට මතක තියාගන්න.අධයාපනයට විතරක් හැමදේම කරන්න බෑ.දෙයක් කරන්න කලින් සිය පාරක් හිතන්න.ආදරයක් පටන් ගද්දි සිය පාරක් හිතලා බලන්න්.හරියන්න කාලයක් ගියාට වරදින්න යන්නේ තප්පරයයි.මගේ අම්මා නිසා මම හිත සැනසිල්ලේ ඉන්නවා.මොකද එයා මගේ දරුවා ඇස් දෙක වගේ බලාගන්නවා.ඒ නිසා.

තැන්ක් යු මැඩම්.මම මැඩම්ට මැඩම් කිව්වේ ඇයි කියල ඇහුව නේද.  ඔබ තුමීගේ පුද්ගලික ජීවිතය කොහොම උනත් වෘත්තීය ජීවිතයේ ගොඩාක් දක්ෂ කෙනෙක්.මගේ අම්මා තාම මගේ ලග ඉන්න ඔබතුමිය නිසා.මතකද රමණි සකුන්තලා.ඒ මගේ අම්මා.
මට මතකයි.ඇයි අමතක නොවෙන්නේ.එයා මගේ කොණ්ඩෙත් කැපුවා හොස්පිට්ල් ඉන්න කාලේ.හැබැයි හොද උනාට පස්සේ ගොඩක් දුක් උනා.හොදයි මැඩම් එහෙනම් මම යන්නම්.ගොඩක් ස්තූතියි.

Shshi Dissanayaka
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment