❤💞නොනිමි ප්‍රාර්ථනා💞❤
වෙලාව 12.00ත් පහු වෙලා.තවමත් මම ෆෝන් එක දිහා බලාන ඉන්නෙ එයාගෙන් ආයෙත් මට මැසේජ් එකක් එයිද කියල.ඒත් ඒක හීනයක් විතරයි කියල දන්න නිසාමයි මම අපේ පරණ පොටෝ බලන්න ගත්තෙ.ෆොන් එකට චිප් එක නොදා ඉන්නෙ එයා එක්ක තියන හැම මතකයක්ම චිප් එකට දාල මම ෆෝන් එක රිසෙට් කරේ ආය කවදාවත්ම එයාව මට දකින්නවත් නොලැබෙිවා කියල හිතාගෙනයි.ඒත් කොච්චර අමතක කරන්න හැදුවත් හැමදාම වගේ මට එයා මතක් වෙනව.ඉස්සර අපි පාඩම් කරනකොට එයා රෑට කොල් කරන්නෙ මට නින්ද ගිහින්ද බලන්නයි.........
"හෙලෝ.....බබා.....ඔයා දොයිද පැටියෝ....."
"ම්ම්ම්ම්ම්....නැ සුදු අම්මියෝ.....අම්මියට දොයි මතද......"
"නැ...මම බැලුවෙ මගෙ මහත්තය පාඩම් කරන්නැතුව නිදිද කියල.දෙපාරක් රින් වෙකොටම ආන්ස කරා නේ......"
"ඇයි නරකද...."
"ෆෝන් පැත්තකට දාල පාඩම් කරන්න රත්තරන්.....හොද මහත්තයනෙ....."
"හරි...හරි වස්තු කැටෙි......"
තවමත් මම පරන පුරුද්දට ෆොන් එක සැරින් සැරේට බලන්නෙ වැරදිලා හරි මට එයාගෙන් මැසේජ් එකක් ඇවිත්ද කියලයි.....ඒත් ඒ හැමදේකින්ම මට වෙන්නෙ තව තවත් මගෙ හිත පෑරෙන එකයි.....
ක්ලාස් එකේදි දැකල මාසගානක් පස්සෙන් ගිහින් ගිහින් වැදවැටිල ඉල්ලගත්ත ආදරේ තිබුනෙ අවුරුදු 2යි මාස 6ක් විතරයි.අපි දෙන්නට වෙන් වෙන්න කිසිම හේතුවක් නොතිබ්බත් ගෙවල් වලට අපිව වෙන් කරන්න නම් හේතු මහ ගොඩක් තිබුනා.......එයා මට ආදරෙයි කිව පලවෙනි දවසෙ එයා මගෙන් ඇහුවෙි......
"ඔයා මාව තනි කරන්නැනේද....."
"නැ රත්තරන්....ඔයා තමා මගෙ පන....."
"මම වගේ දුප්පත් කෙල්ලෙක්ට ඔයාලගෙ ගෙදරින් කැමති වෙයිද.....අනික මගෙ අම්මත් නැ රුමෙිෂ්....."
"ඒක ගැන හිතන්නෙපා උමන්ගි.....මට ඕන ඔයා විතරනේ....."
"ඒත් රුමේෂ්......"
"ෂ්ෂ්.....අැති....ඇති මැනික....තව මුකුත් කියන්න එපා....."
කෙල්ලගෙ ඇස්වල කදුලු පිරිල තියෙනව දැකපු නිසාමයි තවත් මොනවත් කියන්න කලින් මම එයාව නිශ්ෂබ්ද කරේ.මොකද තවත් මොනවත් කිවොත් එයාගෙ ඒ කදුලු පිරිල දිලිසුන ඒ පුංචි ඇස් දෙකෙන් එයාගෙ දෙකොපුල් තෙමාගෙන කදුලු බිංදු රූරා වැටෙනව දකින්න මම අකමැති උන නිසාමයි..........
Baby : wasthu.....het api kandy yuda.....
Me : hmmmmmm.....het clzuth ne ni....mn mkkhri kyl ennm ehenm.....
Baby : narka dekt newe ne ptyo yamu kiwe....hett mge amma neti wela aurudu 18i......itn ekt mm ammat pin dila sudu nelum mal wattiyak pujakrnna asai....
Me : hri hri menika....mm ennm....mkkd mm adinna ona....sudu pata adum ne ne sathaln ekkwth......
Baby : ara nilpata denim ekai alupata t-shrt ekai adgn enna.....
Me : hri menika hri.....
එයා ආසම කරපු ටී-ෂට් එක තමා අලු පාට ටී-ෂට් එක.එකත් ඇදගෙන එයා මට තෑගි දීපු නිකල් බෙල්ට් එක තියෙන ලස්සන වොච් එකත් දාගෙන මම ලෑස්ති වෙලා ගියෙ එයා එක්ක නුවර වදින්නයි......
"ශා....අද නම් මාර ලස්සනයි රුමෙිෂ් ඔයා....."
"ආ....වෙනදට කැතද මැට්ටි මම...."
"අනේ නෑ.....එහෙම නෙවෙි....."
"එහෙනම් කොහොමද....."
"වෙනදටත් වඩා අද ලස්සනයි ඔයා....."
එදා අපි නුවර දලදාමාලිගාවට ගිහින් මල් පුජා කරල එනකොට සිදිදවෙච්ච දෙයක්නිසා තමා අපි තාමත් විදවන්නෙ........
එදා උමංගි මමයි එනකොට අපි බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැල එනවෙලාවෙදි තමා අපි දෙන්නව අපේ අක්ක දකින්නෙ.....ඒ වෙලාවෙදි එයා විතරක් නෙවෙි මාත් බය උනේ මොනව කරන්නද කියල හිතාගන්න බැරුවයි......අපිව දැකපු ගමන් අක්ක එතන්ට ආවෙි ආවෙිශ උන යක්ෂනියක් වගෙ......
"මල්ලි.....කවුද මෙි....."
"ම්...මෙි....මෙි....මෙි....."
"මොකද ගොත ගහන්නෙ කවුද කියනව....."
"මිම්.....මෙි.....මගෙ යාලුවෙක්....."
"ආ.....යාලුව වැටෙයි කියලද දන්නැ අතින් අල්ලන් යන්නෙ......"
"අනේ අක්කෙ රුමෙිෂිට බනින්න එපා....එයා නෙවෙි මමයි වැරදි..."
"තමුසෙ කට වහනව.මට තමුසෙ එක්ක කතාවක් නැ....මම කතා කරෙ මගෙ මල්ලිට...."
එදා අක්ක ගෙදර ඇවිත් හැමදේම අම්මට කිවා....එදා ඉදල තමා අපේ ආදරේට තව තවත් ප්‍රශ්න වැඩ් උනේ.....මම ක්ලාස් එකකට ගියත් ගෙදරින් සැක කරනව,යාලුවෙක්ගෙන් කෝල් එකක් ආවත් එකටත් සැක කරනව හැමදේටම සැක කරන නිසා මට නම් ගෙදර ඉන්න එකත් එපා වෙලයි තිබුනෙ....
"චුටි පුතා.....අරක ඉවරයක් වෙන්නැද්ද......"
"මොකක්ද අම්ම......"
"අර නැට්ටිච්චි එක්ක තියෙන සම්බන්දෙ....."
"එවා නතර වෙන්නැ අම්මෙ....අම්මනෙ මුව හුරතල් කරන්නෙ චුටි පුතා කිය කිය....මු එතකන් අපට බොරු කරල එක එකි එක්ක නටනව....."
"අනේ අක්කෙ නිකන් බොරුවට කෑගහන්නැතුව කට වහන් පලයන්කො....."
"මෙි පේනවද අම්මෙි....අර අරකි තමා අපේ එකාව නරක් කරන්නෙ...."
"අනේ අක්කෙ උමංගිට එක එක ඒවා කියන්න එපා....එයා අහිංසක කෙල්ලක්....එයාගෙ අම්මත් නැ...අම්මට පුලුවනනම් එයාට තමන්ගෙ දුවෙක්ට වගෙ සලකන්න එයා අම්මව බලාගනි අපටත් වඩා හොදට....."
"මෙි පුතේ....මගෙන් මොකුත් අහගන්නැතුව පලයන්.එකිත් එක්ක තියෙන සම්බන්දෙ නවත්තපන්.එකිව අපට ගැලපෙන්නැ....එවුන්ගෙ කුල ප්‍රශ්න,මුන බැලුවමපේනව මහ ජරා එකියක් කියල,එකිගෙ අම්මත් නැලුනෙ හොදට නටපු එකියක් වෙන්ඩ ඇති......"
"මිනිස්සුන්ට කතා හදන්න එපා අම්මෙි....පව් ඒ ලමයා...."
"මෙි බලන්ඩකො අම්මෙ....මෙිකගෙ හිත උනුවෙලා එකිට බනිනකොට....."
"උබ ඔය සම්බන්දෙ නවත්තපන් නැත්තන් මම නරක අම්ම කියන්ඩ එපා....."
ගෙවල් වලට හොරෙන් අපි අපේ ආදරේ කාලයක් තියාගෙන ගියා....ඒත් අපට ඒ රහස වැඩි කාලයක් පරිස්සම් කරන්න බැරි උනේ අපේ අම්මට අපි දෙන්නවම දවසක් කතා කර කර ඉන්නකොට අහුවුන නිසාමයි........එයා මට අන්තිමටම එවපු මැසේජ් එකෙ තිබුනෙ
"රත්තරන් තරහ වෙන්න එපා....මම කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙි.ඒත් ඔයාලගෙ අම්ම මට බග කරා මෙික නවත්තන්න කියල.නැත්න් අපේ තාත්තට කියනවලු.තාත්තට හාටිඇටැක් තියෙනව.එයා මෙි දේවල් දැනගත්තොත් මම මෙි ලෝකෙ තනි වෙනව.මට තාත්ත විතරයි මගෙම කියල ඉන්නෙ.අපි ආදරේ කලේ අවංකව.ඒත් මෙි සංසාරෙ අපට එකතු වෙන්න පින නැ.....මම මෙි ආත්මෙදි ඔයාව වෙ කෙනෙක්ට දුන්නත් ඊලග ආත්මෙ ඉදල මගෙම විතරයි.මගෙ පවට මම දුප්පත් වෙන්න ඇති.ඒත් ආයෙ කවදාවත් මො බාදක ආවත් අපි අපේ විතරමයි....."
අපේ ආදරේ නැවතිලත් දැන් අවුරුදු අවුරුදු 3ක් විතර වෙනව.ඒත් එයත් මාත් තවම තනිකඩයි.මම කැම්පස් ගියත් එයාට බැරි උනා.කැම්පස් එකේ කෙල්ලො කොච්චර හිටියත් මගෙ හිත ඉල්ලුවෙ එයාව විතරමයි......
ෆොන් එකට චිප් එක දැම්මෙ අදට අපේ ආදරෙට පටන්ගෙන මෙි වෙනකොටත් නොනැවති තිබුනනම් පස්වෙනි අවුරුද්ද නිසාමයි.එයාගෙ මැසේජ් ෆොටො බල බල මම තවමත් විදවන්නෙ ඒ ආදරේ කවද හරි ලැබෙයි කියල හිතාගෙනයි.
සංසාරයේ අපිට පිං මදිවෙලා
තනි වෙන්න වුවා දෙතැනක වෙලා
ඉපදෙනා හැම ආත්මෙකදිම ඔයා
පිලිගන්නවා මගෙ පෙමිවති ඔයා
අඩුපාඩු වුවෙි නැ අපෙ ආදරේ
වෙන් වුනෙ හිතකින් නොවෙි
වෙන්කලේ අප දෛවය අපේ
පතනවා ඔබ මතු හැම භවෙි.....
ලියන්නෙ : දුෂාන්.
(උපුටා ගැනීමකි)
No comments:
Post a Comment