👸 තිලී + මලී 👼
( කෙටි කතාව )
"අනේ දෝණි දුවන්න එපා රත්තරන්... ඔහොම ඉන්නකෝ..."
තිලිණි චූටි ශෙනුලිගේ පිටිපස්සෙන් දුවගෙන ගියේ චූටි කෙල්ල වැටෙයි කියලා බයට වගේ. මුහුදු වෙරලේ ඉස්සරහට දුවගෙන යන ශෙනුලිව වෙරලේ එරි එරි ඉස්සරහට දුවගෙන ගියේ කෑ ගගහා හිනා වෙන ගමන්.. තිලිණි දුවගෙන ගිහින් ශෙනුලිව වඩා ගත්තේ කේන්තියෙන්..
"හරි ෂෝක්.. මෙහෙමත් දුවනවාද දෝණි.. හම්මෝ මේ කෙල්ල වයසටද දුවන්නේ.."
"අම්මි පව්..."
චූටි කෙල්ල තිලිණිගේ කම්මුල් අත්ලෙන් පරිස්සමින් අතගාන ගමන් කියද්දි තිලිණිගේ ඇස් වල කදුළු පිරුනත් තිලිණි ඉක්මනට කදුළු පිහදාගත්තේ ශෙනූ දකී කියන බයට..
"අම්මි... අලවා ඕනි.."
චූටි කෙල්ල අත දික් කරලා පෙන්නුවේ බොම්බයි මොටයි කඩයක්.. තිලිණි ශෙනූවත් වඩාගෙන බොම්බයි මොටයි එකක් ගන්න කඩේ ළගට ගියා.
"අම්මි.. අයික්කීමුත් ඕනේ.."
බොම්බයි මොටයි එකක් ගන්න කොටම ශෙනූ ආයෙමත් අයිස්ක්‍රීම් ලොරියක් පෙන්වන කොට නම් තිලිණිට බැලුනේ තමන්ගේ පර්ස් එක දිහා. ආයෙමත් ගෙදර යන්න විතරයි තිලිණිගේ.පර්ස් එකේ තිබ්බේ සල්ලි.. ඒත් චූටි දෝණි ආසාවෙන් අයිස්ක්‍රීම් ලොරිය දිහා බලාගෙන ඉන්නකොට තිලිණිගේ හිතට මොකක්ද වගේ. ඒක් හින්දාම පර්ස් එක සූරලා සූරලා වගේ රුපියල් 50ක් හොයාගෙන ශෙනූට අයිස්ක්‍රීම් එකකුත් අරන් දුන්නා.
චූටි ශෙනූ අයිස්ක්‍රීම් 🍨 එකයි බොම්බයි මොටයි එකයි අත් දෙකට අරගෙන පස්සත් නලව නලව ඇවිදින විදිය තිලිණි බලන් හිටියේ කදුළු අතරින්.. අයිස්ක්‍රීම් එකට සල්ලි ගෙවලා තිලිණි එහාපැත්ත හැරෙනවත් එක්කම දැක්කේ ශෙනූ බිම වැටිලා කෑ ගහලා අඬන විදිය. තිලිණි ඉතුරු සල්ලි ගන්නෙත් නැතුවම දුවගෙන ගියේ ශෙනූ ගාවට..
"දෝණි මගේ රත්තරන් ඇයි වස්තුවේ මේ..."
තිලිණි ඇහුවේ ශෙනූගේ දෙපැත්තේ වැටිලා තිබ්බ අයිස්ක්‍රීම් එකයි බොම්බයි මොටයි එක දිහා බලන ගමන්.
"අම්මි...."
චූටි කෙල්ල තිලිණිගේ බෙල්ල බදාගෙන අඩන්න ගද්දි තිලිණි චූටි ශෙනූව වඩාගත්තා.
"පොඩි ළමයිව මෙහෙම ආතක් පාතක් නැති විදියට පාරෙ යවනවාද ඕයි.. බලනවා මගේ ඇඳුමම ඉවරයි.." 😡😡
එකපාරටම තිලිණිට කන ළගින්ම ඇහුන කටහඬට තිලිණි ආපහු හැරිලා බැලුවා.
"මලිඳු..." 😱
"තිලි ඔයා..." 😱
"කොහේද මේ..."
"මමයි අහන්න ඕනේ තිලී ඒක.. කොහේද මේ.. අනිත් එක මේ දරුවා..."
මලිඳුගේ හිතේ තිබ්බේ ප්‍රශ්නයක්...
"මගේ දරුවා..."
තිලිණි වචන දෙකෙන් උත්තර දුන්නා.
"ඔ...යා.. බැන්ඳාද තිලී... නෑහ්.. වෙන්න බෑ..."
"වෙන්න බැරි දේවල් කොච්චර මේ ලෝකේ වෙනවාද මිස්ටර් මලිඳු.. ඒ වගේ තමා මේකත්.."
තිලිණි ගැහුවේ මලිඳුගේ රිදෙන්න පුළුවන් උපරිම තැනට..
"මිස්ටර්...?? ඇයි මාව පිට කෙනෙක් වගේ පේනවාද තිලී දැන් ඔයාට.."
"ප්ලීස් මලිඳු මගෙන් ඈත් වෙලා ඉන්න.. මම වගේ වටේ යන ගෑණියෙක්ගෙන් ඔයාට කිසිම වැඩක් නෑ කිව්වා නේද? ඇයි එහෙනම් මේ දැන් විතරක්.."
තිලිණි එහෙම කියලා චූටි ශෙනූවත් වඩාගෙන ඈතට දුවලා ගියේ ශෙනූ පුදුමෙන් මලිඳු දිහා බලන් ඉද්දිම...
🌻🌻🌻🌻🌻🌻🌻
අවුරුදු 3කට පෙර ...........
"තිලී මේ.. ඔයා වගේ බෝල ඇස් තියෙන මම වගේ කර්ලි හෙයා තියෙන චූටි දෝණියෙක් ඕනේ මට.."
"බෑ ඔයා වගේම කර්ලි හෙයා තියෙන බ්ලූ අයිස් තියෙන කොලු පැටියෙක් ඕනේ මට.."
තිලනි කියද්දි මලිදු කෙල්ලගේ කොන්ඩෙන් ඇදලා පිටිපස්සට ගත්තා.
"මම කියන දේයි වෙන්න ඕනි.. එච්චරයි.."
"ඇයි.. මමනේ වදන්නේ.. මට ඕනේ විදියටයි වෙන්න ඕනේ.."
"අනේ බන් උඹ වැදුවට දෙන්න ඕනේ මමනේ.. හුලගට ළමයි හැදෙන්නේ නෑනේ නේ? "
මලිදු හිනා වෙලා කියද්දි තිලිණි අත මිට මොලවලා කොල්ලාගේ පපුවට ගැහුවත් ඒ මූණේ කිසිම වෙනසක් වුනේ නෑ..
"මෝඩයා මෝඩයා මෝඩයා.. කියන ලස්සන විතරක්... "
"හරි එහෙනම් පුතු පැටියෙකුයි දූ පැටියෙකුයි හදමු.. දෝණි මගේ පුතු ඔයාගේ.. වැඩේ ඉවරයි.."
මලිදු සැහැල්ලුවෙන් හිනා වෙලා කියද්දි තිලිණි බලන් හිටියේ ඒ මූණ දිහා..
"ඒත්.. මලිඳූ.. ඔයාගේ අප්පච්චි කැමතිවෙයිද?"
"මම කොහොමහරි කැමති කරව ගන්නම්කෝ.. අනේ බන් මූද හත්ගව්වක් තියාගෙන අමුඩ ගහන්නේ නැතුව ඉඳින්කෝ.. කෙල්ලො නම් අනේ මන්දා.. මෙච්චර ෆන් එකේ ඉන්න ඕනේ කාලේ මුන් මේ සීරියස් කරගන්නවා ජීවිතේ.."
😒😒
මලිදු එහෙම කියනවත් එක්කම තිලිණි දැක්කේ එහා පැත්තේ හිටපු කෙල්ලො කට්ටිය මලිදු දිහා බලන් හිනා වෙවී මොනාදෝ කියන විදිය..
ඇත්තටම ඒ පෞර්ෂය දිහා ඕනෙම කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න තරම් ලස්සනයි තමයි. ඒත් මොන කෙල්ලද කැමති තමන්ගේ කොල්ලා දිහා තවත් කෙල්ලෙක් බලනවාට..
ඒක හින්දාම කෙල්ල මලිඳුගේ අත් ගොබේකින් තද කරලා අල්ලගෙන මූණ ඒ අතට තද කරගත්තේ තමන්ගේ අයිතිවාසිකම ගන්න.. ඒ ඉන්න ගමනුත් කෙල්ලගේ වැඩේ අර කෙල්ලන්ට රවන ගමන්..
"තිලී ඔහොම කේන්ති ගන්න එපා දෙයියනේ.. ඉක්මනට වයසට යයි..."
මලිඳු කිව්වේ එහා පැත්තේ හිටපු කෙල්ලො දිහා බලලා ආඩම්බරෙන් අහක බලන ගමන්..
"වයසට ගියත් කමක් නෑ ඔයා දිහා කවුරුත් නොබලනවා නම්..."
"අම්මෝ මේකිගේ ඊරිසියාව.."
මලිඳු එහෙම කියලා තිලිණිව බදාගත්තේ එහා පැත්තේ හිටපු කෙල්ලන්ට පේන්නත් එක්කමයි. මාස ගානක් ගියත් මලිදුලාගේ ගෙදරින් කොච්චර අකමැති වුනත් මලිදු කෙල්ලව අත්ඇරියේ නැත්තේ ඒ තරමටම කෙල්ලට ආදරේ කරපු හින්දා..
"තෝ... අපේ පරම්පරාවේ නම්බුවත් නැති කරන්නද හදන්නේ.. අඩු කුලේ එකියක්ව බැදලා පරම්පරාවේ දැලි ගාන්නද උඹ ලෑස්ති වෙන්නේ.. මේ අප්පච්චි ඉන්නකන් නම් උඹට එහෙම ලේසියෙන් හිතූ හිතූ දේවල් කරගන්න බැරි වෙයි පුතෝ.."
දවසක් උදේ පාන්දරම මලිඳුට ඇහුනේ අප්පච්චිගේ ගෝරනාඩුව. එලියට යන්න ඉස්සරහට තිබ්බ කකුල මලිඳු ආපස්සට ගත්තේ ගැස්සිලා වගේ.
"අප්පච්චි ප්ලීස්.. මම කවදාවත් අප්පච්චිගෙන් කිසිම දෙයක් ඉල්ලලා නෑ. ඒත් අද ඉල්ලනවා. මටයි ඒ අහිංසක කෙල්ලටයි පාඩුවේ ඉන්න දෙන්න.. "
"ඇයි උඹට වෙන වුන් හිටියේම නැද්ද? බලපන් අපිට පෑහෙන්න පුළුවන් පවුලක්ද ඒක. බලපන්.. ඒකිගේ අම්මා කුලී වැඩ කරනවා.. තාත්තා බේබද්දෙක්.. ලෑලි ගහපු ගේක ඉන්නේ.. ලැජ්ජ කරන්න එපා ඕයි.. මගේ සායම යනවා තෝ මේ කරන වැඩ වලින්.."
"අප්පච්චි අනේ ප්ලීස්.. ඔයාගේ බිස්නස් මට එපා. ඔයාම කරගන්න. ඒත් අපි දෙන්නාට පාඩුවේ ඉන්න දෙන්න. එච්චරයි ඉල්ලන්නේ.."
මලිඳු එහෙම කියලා ආපහු හැරුනේ එලියට බහින්න..
"හැම එකා එක්කම නිදිවදින එකියක්වද උඹ දැන් මට ලේලි කරගන්න කියන්නේ එතකොට?? "
අප්පච්චිගේ කතාවට කොල්ලා ආපහු හැරුනේ විදුලි වේගෙන්.
"මොකක්ද?"
"ඇයි ඒක නොදැනද ඒකිට ආදරේ කරන්න ගත්තේ.. ඕකි හතර වටේටම අල්ලනවාලු.. ඉඳකින් මටම ලැජ්ජයි තෝ වගේ එකෙක් හැදුවාට.. "
මලිදුගේ අප්පච්චි එහෙම කියලා එතනින් ගියේ කේන්තියෙන්... මලිඳුට අප්පච්චි කියපු දේ හිතාගන්න බැරුව වගේ ටිකක් වෙලා ඒ පැත්ත බලන් හිටියා.
මලිඳු එදා තිලිණිව හම්බවෙන්න ගියේ ඔළුව විකාර වෙලා. අප්පච්චි කිව්ව දේ තත්පරෙන් තත්පරේට කොල්ලාට මතක් වෙන්න ගත්තා.
"තිලිණි තමුසේ කොහේද? "
කවදාවත් නැති විදියට මලිඳුගේ සැරපරුෂ කටහඩ ඇහෙද්දි තිලිණි බයෙන් වෙවුලලා ගියා..
"මහත්තයෝ .. මම මේ.. තාම ගෙදර.."
"ඇයි තමුසේ ගොත ගහන්නේ.. ගෙදරද ඉන්නේ නැත්නම්... "
මලිඳු කියන්න ගිය දේ නවත්ත ගත්තේ ආයාසයෙන්. යාලු වුන අවුරුදු 2ටම කවදාවත් තමන්ගේ හිත රිද්දලා නැති කෙල්ල අප්පච්චි කිව්වා වගේ දෙයක් කරයිද? මලිඳු දිගිනි දිගටම කල්පනා කලේ ඒක..
"මහත්තයෝ ඇයි සද්ද නැත්තේ.."
තිලිණිගේ බිරාන්ත වුනු කටහඬ ඇහෙද්දි කොල්ලාගේ පපුවත් ටිකක් උනු වුනා.
"ආහ්.. නෑ නෑ .. මම මේ නිකමට වගේ ඇහුවේ.. මම තියනවා තිලී.. බුදු සරණයි.."
"බුදුසරණයි මහත්තයෝ.."
මලිඳු ඔෆිස් එකේ මේසෙට ආයෙමත් ඔළුව ගහගතතේ කිසිම දෙයක් කරගන්න බැරුව.
🌻🌻🌻🌻🌻🌻
තවත් දවසක් .. තිලිණි පොලට ගියේ බඩු ගන්න තනියම. මොකද කෙල්ලගේ අම්මාගේ තුනටිය කැක්කුමක් ඇවිත් හින්දා.. එදා තිලිණි බඩු තෝර තෝර ඉන්න කොට තමයි රෝෂාන්ව දැක්කේ.. ගමේම ප්‍රසිද්ධ රස්තියාදුකාරයෙක් වුනත් මූණට මුලිච්චි වුනහම කතා නොකර බැරිකමට තිලිණි ගිහින් රෝෂාන් එක්ක කතා කලේ..
"මොකද නංගි තනියම.."
අම්මාට තුනටිය කැක්කුමක් කියලා මට පොලට ගිහින් එන්න කිව්වා අයියේ...
"ආහ් ඒක තමා කවදාවත් කුසුමා නැන්දා තනියම කෙලි පොඩ්ඩව එලියට බස්සවන්නේ නෑනේ ඒක තමා මමත් බැලුවේ.. "
තිලිණි රොෂාන් එක්ක කතා කර කර ඉද්දිම එකපාරටම එතන්ට ආවේ තිලිණි කවදාවත් ඒ වෙලේ ප්‍රාර්ථනා නොකරපු රුවක්..
"තමුසේ එක එකා එක්ක ජෝඩු දාලා කතා කර කර ඉන්නද අයිසේ පොලට ආවේ.. ආවා නම් ආව වැඩේ කරගන්නවා.."
පොලවේ අඩි හැප්පුවේ මලිඳු..
"මහත්තයෝ ...මේ.."
"කටවහපිය... හැමදාම එක එකා කිව්ව ඒවා මම ඇහුවේ නෑ. ඒත් අද මගේ ඇස් දෙකෙන්ම බලාගත්තා. "
මලිඳු කෙල්ලව ඇදලා දාගත්තේ කාර් එකට.. කොල්ලාගේ මූණ බලන්න බැරිතරම් රතු වෙලා.
"මහත්තයෝ මේ.. "
මලිඳු කාර් එක නැවැත්තුවේ කොල්ලාගේ අප්පචිචිගෙම හෝටලයක් ළඟින්.. තිලිණි බෑ කියද්දි කෙල්ලව ඇදගෙන වගේ ගිය කොල්ලා රෑම් එකකට දාලා දොර වැහුවේ කෙල්ලගේ කෑ ගැහිල්ල කාටවත්ම ඇහෙන්නේ නැති වෙන්න.
තිලිණිව ඇඳට තල්ලු කරපු කොල්ලා මේසේ උඩ තිබ්බ බියර් බෝතලයක් අරගෙන කටේ තියාගෙන බොන විදිය දැකලා තිලිණිට උන් හිටිතැන් අමතක වුනා.
"මහත්තයෝ අනේ ඇයි මේ.. නවත්තන්නකෝ.."
තිලිණි කොච්චර කිව්වත් මලිඳු නෙමේ ඒ කිසිම දෙයක් ගනන් ගත්තේ..
"අනේ රත්තරන් ඇයි මෙහෙම බොන්නේ කියලාවත් කියන්න දෙයියෝ.. මොකක්ද ප්‍රශ්නේ.."
කෙල්ල කොල්ලාගේ කකුල් දෙක ගාව වැටිලා අඬ අඬ අහද්දිත් මලිඳුගේ කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ..
"එදා මලිඳු බීමතින්ම කෙල්ලට තිබුනු එකම දේත් අරගත්තා. තිලිණි ඒත් කොල්ලාට කිසිම දෙයක් කිව්වේ නැත්තේ මලිඳු තමන්ගේ විතරයි කියන විශ්වාසය තිබ්බ හින්දා.. ඒත් එදායින් පස්සේ මලිඳුගේ හෙවනැල්ලක්වත් තිලිණිට දැකගන්න ලැබුනේ නෑ. කොච්චර හෙව්වත් තිලිණි අන්තිමට හෙම්බත් වුනා විතරයි.
🌻🌻🌻🌻🌻
තිලිණි පියවි සිහියට ආවේ තමන්ගේ උරහිසට දැනුනු සීතල පහස හින්දා.. කෙල්ල ගැස්සිලා පිටිපස්ස බැලුවේ බය වෙලා. කදුළු අතරින් බොද වෙලා වගේ දැක්කේ මලිඳුගේ මූණ..
"තිලී.."
"ප්ලීස්.. මලිඳු... අවුරුදු 2ක්ම තනියම හිටපු මට ඉස්සරහටත් පාඩුවේ ඉන්න දෙන්න.. ප්ලීස්.. අත් දෙක වැදලා ඉල්ලන්නම්.."
තිලිණි අත්දෙකත් වැදලාම මලිඳු දිහා බලන් කියද්දි මලිඳු ලැජ්ජාවෙන් බිම බලාගත්තා.
"තිලී ප්ලීස්.. එකසැරයක් කතා කරන්න ඉඩ දෙන්න මට.."
"නෑ මලිඳු කිසිම දෙයක් කියන්න එපා. මට අහන්න වුවමනාවකුත් නෑ.. "
තිලිණි එහෙම කියද්දිම පුංචි ශෙනූ දුවගෙන ආවේ තිලිණි ඉන්න පැත්තට.
"අම්මී....."
පුංචි ශෙනූ දුවගෙන ඇවිත් තිලිණිගේ ඔඩොක්කුවට පැන්නා..
"අම්මි... කවුද මේ නෝටි අන්කල්.."
චූටි කෙල්ල කැරලි ගැහුන කොන්ඩේ දෙපැත්තට හොලවන ගමන් අහද්දි තිලිණිට බැලුනේ මලිදුගේ මූණ දිහා. ඒ ඇස් තිබ්බේ පුංචි ශෙනූ දිහාට.
"මගේ යාලුවෙක් දෝණි... "
"අපොයි අපොයි මම හිතුවේ තාත්ති කීලා.."
චූටි කෙල්ල කම්මුලට අතක් තියාගන්න ගමන් කියද්දි තිලිණි ගැස්සිලා ගියා.
"එහෙම කෙනෙක් නෑ කියලා මම හැමදාම කියනවා නේද? ශෙනුලි ගුටි කන්න තමා ඔය යන්නේ මගෙන්.."
තිලිණි චූටි කෙල්ලගේ ඇගට කඩන් පැන්නේ මලිදුගෙන් ගන්න තිබ්බ පලිය ගන්න වගේ. චූටි කෙල්ල ඇස් වල කදුළු පුරෝගෙන බලන් ඉද්දි තිලිණි මලිදුගේ ඇස් පනාපිටම චූටි කෙල්ලට පාරක් ගැහුවේ කෙල්ල කෑ ගහද්දිම..
"තිලි නවත්තනවා ඕක.. මගෙන් ගන්න ඕනා පලිය මේ කිරි සප්පයාගෙන් ගන්නේ ඇයි? තියන තරහක් මගෙන් පිට කරගන්නවා. ඒකට දරුවා පලි නෑනේ."
"මලිඳු මගේ.පවුලේ ප්‍රශ්න වලට ඔයා ඇගිලි ගහන්න එපා.. ප්ලීස්.."
තිලිණි එහෙම කියලා ආයෙමත් ඉදගද්දි මලිඳුදත් ගිහින් තිලිණිට එහා පැත්තේ තිබ්බ බංකුවෙන් ඉඳගෙන මුහුද දිහා බලන් හිටියා.
මීට අවුරුදු දෙකකට කලින් මේ විදියට මෙතනම තිලිණි එක්ක හුරතල් වුන විදිය කොල්ලාට මතක් වෙද්දි කොල්ලාගේ පපුව වාවන්නේ නැතුව ගියා.
"නෝට් අන්කල්..."
චූටි කෙල්ල බයෙන් බයෙන් වගේ කොල්ලාගේ ළගට යද්දිම කොල්ලා චූටි කෙල්ලව උස්සලා ඔඩොක්කුවෙන් තියාගත්තේ කලකිරිලා වගේ මුහුද දිහා ඔහේ බලන් ඉන්න තිලිණි දිහා හොරැහින් බලන ගමන්.
"කියන්න පැංචි.."
"අන්කල් නෝටිද? "
"අපොයි නෑ අන්කල් ගුඩ් බෝයි කෙනෙක්නේ.."
"කොල්ලා කියද්දි චූටි කෙල්ල මහ හයියෙන් හිනා වුනා."
"හි..හි.. ඒත්... අන්කල් නෝටි.. මගේ අයික්කීම් එකයි අලවා එකයි වැට්ටුවානේ".. 😔😔
"අනේ ඉතින්.. අන්කල් අරන් දෙන්නම් අයික්කීමුයි අලවායි.. "
කොල්ලාත් ශෙනූගේ වචන වලින්ම කිව්වේ හිනා වෙවී..
"දෝණි මේ අහන්නකෝ.. කෝ පුතේ තාත්ති? "
කොල්ලා අහද්දි චූටි ශෙනූ මලිදු දිහා ටිකක් වෙලා බලන් හිටියා..
"බබාට තාත්ති නා... අම්මි විතලයි.."
චූටි කෙල්ල එහෙම කියලා මලිදුගේ කොන්ඩේ අතකින් අවුල් කරද්දි මලිදුගේ ඇස් වලට කදුළු පිරුනේ නිතැතින්ම. ඉස්සර තිලිණිත් ගොඩක් ආදරේ හිතෙද්දි තමන්ගේ කොන්ඩේ අවුල් කරලා බැනුම් අහන විදිය කොල්ලාට මතක් වුනා.
කෙල්ලට තාත්තා නෑ කියද්දිත් මලිදුගේ.හදවත ගැස්සුනා. ඒත් එක්කම මලිදු බැලුවේ තිලිණි දිහා.
"දෝණි යමු දැන්... "
තිලිණි මලිඳුගේ.ඔඩොක්කුවේ හිටපු චූටි ශෙනූව අතට අරගන්න ගමන් කියද්දි මලිදු තිලිණිගේ.මූණ දිහා බැලුවා. එදා දැක්ක අහිංසක මූණමයි මලිඳු අදත් දැක්කේ තිලිණිගේ.මූණෙන්.
"අම්මි අයික්කීම් ?? "
"මොන අයිස්ක්‍රීම්ද ළමයෝ.. ආයේ නෑ... "
තිලිණි කේන්තියෙන් කියද්දි චූටි ශෙනූ ඇස් වල කදුළු පුරෝගෙන කොල්ලා දිහා බැලුවේ.
"මෙන්න මෙහෙ එන්න දුව.. අපි අයික්කීමුත් කාලා අලවාත් කමු.. "
මලිඳු ශෙනූව අතට ගන්න ගමන් කිව්වේ තිලිණි දිහා නොබලන්න ප්‍රවේවසම් වෙන ගමන්.
"#මලි...."
"ෂ්....."
තිලිණිට කියන්න ගිය දේ මලිඳු කියන්න නොදී ඔළුව දෙපැත්තට වැනුවේ මුකුත් කියන්න එපා කියලා.
"කටවහගෙන මගේ පිටිපස්සෙන් එන්න... තිලී... "
මලිඳු කෙල්ලගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන කියද්දි තිලීගේ ඇග ඇතුලේ හිටපු ඉස්සර හිටපු අහිංසක තිලිණි එලියට ආවා. මලිදුගේ පිටිපස්සෙන් ඔහේ කෙල්ල ගියේ ශෙනූගේ හිත රිද්දන්න බැරිකමට. කොල්ලා ශෙනූට අයිස්ක්‍රීම්යි බොම්බයි මොටයි එකකුත් අරන් දුන්නේ තිලිණිගේ බලවත් අකමැත්ත පිට.
"කොහොමද දැන් ගෙදර යන්නේ තිලී.."
"සුපුරුදු විදියට බස් එකේ තමා.."
"මේ චූටි කෙල්ලවත් අරගෙන? 😱 "
"ඔව් "
"මේ කෙල්ලට ඇස්වහ වදීයි තිලී.. ඒ තරම්ම ලස්සනයි මගේ චූටි කෙල්ල.. ඉස්සර ඔයා වගේමයි."
මලිදු කිව්වේ කෙල්ලව ඉඹින ගමන්.
"ලස්සන තමා මිස්ටර් මලිඳු මගේ විනාසෙට මුල. මම ලස්සන නොවුනා නම් අදටත් මම සතුටින්."
'ඇයි තිලී මේ.. ඔයා දුකෙන්ද? "
මලිඳු එහෙම අහද්දියි තිලිණි දැක්කේ ඈතින් එන බස් එක.
"මලිඳු බස් එකක් එනවා.. දෙන්න දුවව.."
තිලිණි දුවව මලිදුගේ අතින් ගන්න යද්දිම මලිඳු තිලිණිගෙන් ඈත් වුනා.
"මම ගිහින් දාන්නම්.."
"පිස්සුද මලිඳු ඔයාට.. "
"ඇයි මොකද්ද අවුල ආ..."
"මට තනියම යන්න පුළුවන්.."
"අම්මි බූම්..."
ශෙනූ අත දික්කරලා පෙන්නුවේ මලිදුගේ BMW එක. තිලිණි කාර් එක දිහා බලලත් අහක බලාගත්තේ පැරණි මතක අලුත් කරවන්න අකමැත්තෙන්.
"දෝණි...." 😡😡
තිලිණි බෑ කියද්දිම වගේ මලිඳු වදෙන් පොරෙන් වගේ තිලිණිව කැමති කරවගත්තේ. මලිදු කෙල්ලගේ ගෙදරට ගියේ අවුරුදු දෙකකට කලින් ගිය පුරුද්දට.. ඒත් අද එතන තිබ්බේ එදා කටුමැටි ගහපු ගේ නෙමේ.. තනි තට්ටුවේ හරි ලස්සන ගෙයක්.
"තැන්කියු මලිඳු.."
"ගෙදරට කතා කරන්නේවත් නැද්ද මට ආ.."
"වටේ යන ගෑණියෙක්ගේ ගෙදරට ඇවිත් ඔයාගේ.නම සවුත්තු කරගන්නේ මොකටද මලිඳු."
"නෝටි අන්කල් එල්ලකෝ... "
ශෙනූගේ බලකිරිල්ලටමයි මලිඳු ගෙදරට ගියේ.
තිලිණි තේ එකක් හදන්න ගියාට පස්සේ සාලේ ඉතුරු වුනේ ශෙනූයි මලිඳුයි විතරයි.. කොල්ලා ඇහැ වටේටම යැව්වේ ශෙනූගේ තාත්තා කියන්න පුළුවන් කෙනෙක්ගේ ෆොටෝ එකක්වත් හොයාගන්න.
"දෝණි තාත්තිගේ ෆොටෝ එකක්වත් නැද්ද රත්තරන්.."
"තාතා... පොතෝ එකක් තීනවා.. හපොයි හපොයි.. අම්මියා ගායි මට..."
කෙල්ල ඇස් දෙක උඩ දාලා කියද්දි මලිදුගේ හිතේ තිබ්බේ නොඉවසිල්ලක්..
"මගේ හොද කෙල්ල වගේ අරගෙන එන්න ඒක. මම මගේ දූව බේරගන්නම් අම්මියාගෙන්.."
"පොමිස් කීන්න අන්කල්.."
කෙල්ල අතක් ඉස්සරහට දික් කරන ගමන් කිව්වේ.
"ප්‍රොමිස් වස්තුවේ ප්‍රොමිස්.. "
ශෙනූ කාමරේකට දුවගෙන යන විදිය මලිඳු බලන් හිටියේ පුදුමයෙන්.. කෙලි පැටික්කි ආපහු ආවේ කෙල්ලගේ උසටම තියන ෆොටෝ එකකුත් උස්සගෙන.. බරට බරේ උස්සගෙන එන කෙල්ල දිහා මලිඳු බලන් හිටියේ ආදරෙන්..
"මේ ඉන්නේ අන්කල් මගේ තාත්තියාලු... අම්මි ගායිද දන්නේ නෑ.."
මලිඳු හදිස්සියෙන් හදිස්සියෙන් වගේ ෆොටෝ එක බැලුවේ... ඒකේ ඉන්න කෙනාව දැක්කාම කොල්ලාගේ.පපුව ගැහෙන්න ගත්තා. කොල්ලාගේ අතින් ෆොටෝ එක බිම වැටිලා වීදුරු කෑලි සී සීකඩ විසික් වුනේ වෙවුලීම වැඩිකමටම..
ෆොටෝ එක වැටුන සද්දෙට සාලේට දුවගෙන ආව තිලිණි දැක්කේ ඇස් වල කදුළු පුරෝගෙන කේන්තියෙන් තමන් දිහා බලාගෙන ඉන්න මලිඳුව... වැටිලා තිබ්බ ෆොටෝ එක දිහා බැලුව තිලිණිගේ මුළු ඇගම සීතල වෙලා ගියා.
"ම...ම..."
"මමයි කතා කරන්නේ දැන්.. මෙතනින් ඉදගන්නවා ඇවිත්... "
මලිඳුගේ කේන්තිය ඉහවහා ගිහින් තිබ්බේ. චූටි ශෙනූ බයෙන් පැත්තකට වෙලා ඉන්න විදිය දැක්කත් මලිදුට ඒක ගානක් ගියේ නෑ.
"මේ කියන දේ ඇත්තද තිලිණි... මේ.. ඉන්නේ.. මේ ඉන්නේ.. මගේ දරුවාද? "
මලිදු පැත්තක හිටපු ශෙනූව අත දික් කරලා පෙන්න ගමන් අහද්දි තිලිණි නිරුත්තර වුනා.
"කතා කරනවා තිලිණි... මගේ යකා අවුස්සගන්න එපා.."
"මොනාද මලිඳු කියන්නේ මේ.. මේ දරුවා.. න්..නෑ... ඔයාගේ නෙ..මේ.."
"ඇත්ත කියනවා තිලිණි.. තමුසේ හොඳටම දන්නවා මට බොරුව පේන්න බෑ කියලා. ප්ලීස් තිලී අනේ මට කියන්න මේ මගේ දරුවා නේද?"
"අනේ..."
"එහෙම නෙමේ නම් මේ ළමයා තාත්ති කියලා පෙන්නන්නේ එදා මමයි ඔයයි ගෝල්ෆේස් ගිහින් ගහපු ෆොටෝ එකක්.. ඇයි.. ඇයි තමුසේ බොරු කියන්නේ තිලිණි... ඇයි? "
මලිඳු කේන්තියෙන් වෙවුලන ගමන් තිලිණිගේ උරහිස් වලින් හොලවන ගමන් කෑ ගහලා අහද්දි තිලිණි කොල්ලාගේ විසල් පපුවට ඔළුව තියාගත්තේ ඉකි ගහන ගමන්.
"අනේ ප්ලීස් මලිඳු... මගෙන් ඈත් වෙන්න මහත්තයෝ... මම මගේ අම්මලාට දුන්න ගින්දර ඔයා ඔයාගේ අප්පච්චිට දෙන්න එපා මගේ දෙයියෝ..."
තිලිණි මලිදුගේ පපුවට ගහන ගමන් කියද්දි මලිදු කෙල්ලව තව තවත් තද කරලා බදාගත්තා.
"මොකක්ද තිලී ඔයා මේ කියන්නේ.. තේරෙන විදියට කියන්න රත්තරන්.. ඇයි මේ වගේ ලොකු දෙයක් මට හැංගුවේ.. මගේ ලේ තනියම හැදුවේ ඇයි රත්තරනේ..."
"කෝ ඉදගන්න මගේ වස්තුවේ.. මට කියන්න හැමදේම.. මට අදම හැමදේම දැනගන්න ඕනේ.."
මලිදු කෙල්ලව පුටුවෙන් ආපහු ඉන්දුවේ එහෙම කියන ගමන්..
"එදා ඔයා මාව ඔවාගේ අප්පච්චිගේ හොටෙල් එකට එක්කගෙන ගියේ මතකද? එදායින් පස්සේ මම ඔයාව ඇහැටවත් දැක්කේ නෑ මහත්තයෝ.. මම පාරක් පාරක් ගානේ ගිහින් මහත්තයාව හෙව්වා මහත්තයෝ... මම මහත්තයාගේ යාලුවෝ ළගටත් ගිහින් හෙව්වා.. ඒත්.. ඒ..ත් ඒ හැමෝම මුකුත්ම කිව්වේ නෑ මට... ඒ අතරෙදි තමා මගේ පැටියා මේ බඩට ආවා කියලා දැනගත්තේ. එදා මම කොච්චර සතුටු වුනාද මහත්තයෝ.. ඔයා දන්නේ නෑ.. මම සතුටු වුන තරම්.. ඔයා නැති වුනත් ඔයාගේ ලේ තියෙන දරුවෙක් මගේ බඩට ආවා නේද කියලා හිතලා මම හිත හදාගත්තේ රත්තරනේ...."
තිලිණි එහෙම කියලා ගැඹුරු හුස්මක් හෙලුවා.
"දවසක් මට මහත්තයාගේ අප්පච්චිව හම්බුනා ක්ලීනික් දවසක.. මගෙන් ඇහුවා මේ දරුවා කාගෙද කියලා. අනේ මම නොදන්නකමට කිව්වා දෙයියෝ මේ ඔයාගේ කියලා.. එදා..."
කෙල්ල ආයෙමත් එකි ගගහා අඩන්න ගත්තා.
"එදා.. එ..දා.. මාව ඔයාගේ අප්පච්චි බලෙන් වාහනේකට දාගන්න ගියා මහත්තයෝ.. මම එතනින් දුවලා ගියේ මගේ දරුවාට අනතුරක් කරයි කියන බයට.. මම දවස් ගානක් ගෙදර එන්නේ නැතුව යාලුවෙක්ගේ ගෙදර හිටියේ... හැමදාම අප්පච්චි මට තර්ජනය කලා ඔයාගේ මේ කිරිකැටියාව නැති කරන්න කියලා.. අනේ මහත්තයෝ මම කොහොමද දෙයියනේ ඒක කරන්නේ... මේ කෙලි පැටික්කි ලෝකෙට එනකන් මම කොයිතරම් ඇඟිලි ගැන්නද?අනේ එහෙම නොකරපු තරහට... නොකරපු තරහට අප්පච්චි මගේ අම්මාවයි තාත්තාවයි දෙන්නාවම මරලා රත්තරනේ... මම කොහොමද උහුලගන්නේ.. මේ තරම් ගින්දරක්"
තිලිණි කියාගෙන කියාගෙන යද්දි මලිදු අතමිට මොලව ගත්තේ කේන්තිය පිට කරගන්න බැරුව..
"ඊට මාසෙකට පස්සේ අප්පච්චි මාව හම්බවෙන්න ආවා.. මම දන්නේ නෑ හේතුවක්.. මේ ගේ හදලා දුන්නේ අප්පච්චි... මොන හේතුවකටද දන්නේ නෑ මහත්තයෝ.. මට අප්පච්චි කිව්වා මගේ රත්තරන් මහත්තයා සදහටම අපි හැමෝම දාලා ගියා කියලා.. ඒ වෙනුවෙන් කිව්වා මේ ගේ හදලා දුන්නේ... අනේ රත්තරන් මම පිච්චුන පිච්චිල්ලාක් දෙයියනේ.. තවත් නම් බෑ මහත්තයෝ..."
තිලිණි පපුවට ගහගන්න ගමන් කියද්දි මලිඳු කෙල්ලව ආයෙමත් පපුවට තුරුල් කරගත්තා...
"ෂ්... ඇති මගේ.වස්තුවේ.. තවත් මුකුත්ම අහන්න ඕනේ නෑ.. මගේම අප්පච්චි මගේම ලේ වලට මෙහෙම කරයි කියලා හිතුවේ නෑ වස්තුවේ.. අනේ සමාවෙන්න රත්තරනේ මම හින්දා වින්ද හැම දුකකටම.."
"අනේ නෑ මහත්තයෝ... ඒකට කමක් නෑ.. ඒත් මගේ රත්තරන් මහත්තයා ආපහු මෙහෙ නෑවිත් ඉන්න රත්තරන්.. අනේ අත් දෙකම එකතු කරලා වැදලා කියන්නේ මහත්තයෝ.. මගේ දරුවාට කරදරයක් වුනොත් මම ඉදලා වැඩක් නෑ රත්තරන්.."
කෙල්ල අඩ අඬම කියද්දි මලිඳු කෙල්ලගේ නලලතට දෙතොල් තබ්බේ ආදරෙන්...
"මේ අහන්න රත්තරන්.. මට අප්පච්චි කිව්වා ඔයා.. හැම මිනිහෙක් එක්කම නිදිය ගන්න මහ වැදගැම්මකට නැති ගෑණියෙක් කියලා. ඒත් මම ඒක පිලිගත්තේ නෑ රත්තරන්.. මොකද මගේ කෙල්ලව මට ඒ තරම්ම විශ්වාසයි.. ඒත් එදා හොටෙල් එකට ගිය දවසට කලින් දවසේ අප්පච්චි බිස්නස් වැඩකට කියලා මාව ඇමරිකාවට යැව්වා.. අනේ වස්තු.. කවදාවත් හිතුවේ නෑ මේක අප්පච්චිගේ ප්ලෑන් එකක් කියලා. ඔයා ප්‍රෙග්නන්ට් වුන ෆොටෝ වගයක් මට අප්පච්චි එව්වා.. මම පිච්චුන තරම් දන්නේ මම විතරයි දෙයියෝ..."
මලිදු ඇස් වල කදුළු පුරෝගෙන කෙල්ලගේ මූණ දෝතටම අරගෙන කියද්දි තිලිණි ඒ පපුවට මූණ ඔබාගෙන ඉකිගගහ ඇඬුවේ සතුටටද දුකට කියලා කෙල්ලටම තේරෙන්නේ නෑ.
මලිඳු පහුවදාම තිලිණිව රෙජිස්ට්‍රාර් කෙනෙක් ගාවට ගිහින් තමන්ගෙම කරගත්තා. කෙල්ල අවුරුදු දෙකක්ම තනියම විඳපු දුකට හරියන්න කොල්ලා තිලිණිට ආදරේ කලේ පිස්සුවෙන් වගේ..
"මලී... හෙට ඇමරිකා යන්න කලින් එක පාරක් ගෝල්ෆේස් යමු?? "
තිලිණි කියද්දි මලිඳු මූණ රතුකරගෙන කෙල්ලගේ පැත්තට හැරුනේ..
"හැමදාම මම කියනවා උඹට මට ඔය #මලී කියන ගෑණු නමින් කතා කරන්න එපා කියලා. ඈ බන් මම එදා ඉදන් කියන්නේ.. තාමත් බැරි වුනානේ ඔය ජරා නම අමතක කරන්න".. 😂😂
"අනේ ඉතිම් ඒක ෂෝයි නමනේ.. #තිලී_මලී.. කොච්චර ලස්සනද?"
තිලිණි කියන්නේ කොල්ලාව අවුස්සන්න.
"කිව්වා කියලා හිතා ගනින්කෝ මම.. මැට්ටි..."
මලිඳු එදා හවසම තිලිණියි චූටි කෙල්ලවයි අරගෙන ගෝල්ෆේස් ගියේ ආයේ කවදාවත් ලංකාවට එන්නේ නෑ කියලා හිතාගෙනම හිටපු හින්දා.
"සමාවෙන්න තිලී.. මම වෙනුවෙන් විදපු හැම දුකකටම.."
"අනේ රත්තරන්.. ඔයා වෙනුවෙන්නේ.. ඒක මට දුකක් නෙමේ රත්තරන්.. "
"ඒ වගේම මගේ චූටි කෙල්ලව තාත්තිත් නැතුව තනියම අවුරුදු දෙකක්ම බලාගත්තාට ඔයාට ගොඩක් පින් වස්තු.. ආයේ කවදාවත් ඔය දෙන්නාව තනි කරන්නේ නෑ මම. "
තිලිණියි මලිඳුයි කතා කර කර ඉද්දි මලිදුගේ ඔඩොක්කුවේ හිටපු චූටි ශෙනූ බලන් හිටියේ එහා පැත්තේ හිටපු කෙල්ලො ටික දිහා. එකපාරටම කොල්ලාගේ ඔඩොක්කුවෙන් බිමට පැන්න චූටි කෙල්ල දුවගෙන ගියේ ඒ කෙල්ලො ළගට. තිලිණියි මලිදුයි පුදුමෙන් බලාගෙන හිටියේ චූටි කෙල්ල දිහා.
"ඇයි මගේ තාතා දිහා බලන්නේ ඔලාලා.. "
කෙල්ල හයියෙන් කෑ ගහද්දි එතන හිටපු කෙල්ලො කට්ටිය තක්බීර් වෙලා බලන් හිටියේ චූටි කෙල්ල දිහා.
"ඒ මගේ තාතා.. ඔලාලා බලන්න අපා.. ඒ බබාගේ තාතා.. "
කෙල්ල එහෙම කියලා අඬාගෙන දුවගෙන ආවේ මලිඳු ළගටමයි.
"තාතා අල නෝටි ගර්ල්ස්ලා ඔලා දිහා බලනෝ.. නලකයි ඉයාලා... නෝටි..."
ශෙනූගේ කතාවට මලිඳුට විතරක් නෙමේ තිලිණිටත් බඩ පැලෙන්න හිනා ගියා.
"අම්මෝ ඊරිසියාකාරි... අම්මි වගේමයි... ආදරෙයි සුදු නෝනෝ මගේ රත්තරන්ලා දෙන්නාටම. කවදාවත් ආයේ මගෙන් ඈත් කරන්නේ නෑ දෙන්නාව.. සත්තයි.."
මලිඳු පුංචි ශෙනුලිවයි තිලිණිවයි ආදරෙන් බදාගෙන දෙන්නාගෙම නලලතට දොතොල් තිබ්බේ අපිරිමිත සෙනෙහසකින්...
🌷🌷 ඇලානා මදුරාගොඩ 🌷🌷
#
උපුටා ගැනීමකි
No comments:
Post a Comment