වින්දා ජීවිතේ


වින්දා ජීවිතේ......

මිනිස්සු බස් හොල්ට් එකේ කඩිමුඩියේ තම තමන්ගේ වැඩ වලට එහෙ මෙහෙ යනවා...මම බංකුවක් උඩට වෙලා හිටියේ මගේ ජීවිතේ ඉදිරියට වෙන දෙයක් ගැන නොදැන ඔහේ බලාගෙන..මං දන් නැ ඊලඟ තත්පරේ මට මොනා වෙයිද කියලා..මගේ් උරහිසට අතක ස්පර්ශයක් දැනුනු නිසයි මම පිටිපස්ස බැලුවේ...
"සර් ඔයා..."
එතන හිටියේ වෙන කව්රුත් නෙමෙයි මං ඕ ලෙවල් කරන කාලේ අපේ ස්කෝලේ ලඟ පාර පන්නන්න හිටිය පොලිස් නිලධාරියා...ටවුමම හොල්ලන් හිටපු මැරයෙක් අල්ලපු නිසා ඔහුට උසස් වීමක් ලැබිලා වෙන පලාතකට මාරු කරා කියලා දැනගත්තට කොහෙද කියලා දැනගෙන හිටියේ නැහැ...
"ඔයා නේද අර මං එහෙ ඉද්දි හැමදාම වට්ටි අම්මලා ටික එක්ක යන කතාවක් නැති චුට්ටි කෙල්ල...මං මේ දැකලා ආවේ අඳුරන කෙනෙක්නේ ඉතිං..."
උසට සරිලන මහතක් තියෙන මොහු සුදු නැතත් ඉතා කඩවසම් නිසා අපේ පාසලේ කෙල්ලොත් මෙයා එක්ක කියවන්න මාන බලන් ඉන්නේ...ඔහු සුහදශීලීව හැමෝම එක්ක කතා කරනවා..ඒත් මම පාසලේ නිහඬ චර්තයක්...
"ඉතිං කියන්නකෝ මොකද මෙහෙ..."
"සර් මට රස්සාවක් හොයලා දෙන්න බැරිද.."
"රස්සාවක් ඒ මොකටද...අනික මට මතක විදිහට ඔයා තාම ඒලෙවල් කරන්න ඕනි...ඔයා ඉගෙනත් ගන්නවනේ..."
"සර් මට රස්සාවක් හොයලා දෙන්න සර් ඕනිම රස්සාවක්..."
"මොකක්ද ප්‍රශ්නෙ කියන්නකෝ දරුවෝ...රස්සාවක් හොයන්⁣නේ ඇයි ඔයා..."
"මට රස්සාවක් හොයලා දෙනවා නේද කියන්න.."
"හරි හරි මං හොයලා දෙන්නම් දැන්වත් කියන්නකෝ මොකක්ද ප්‍රශ්නෙ..??"
"ඒත් සර්ට දැන් වැඩ නැද්ද.."
"ඒක මං බලාගන්නම් මොකටද රස්සාවක් කියන්නකෝ...මෙතන කතා කරන්න බැහැනේ එන්න අපි අර පාර්ක් එකට ගිහින් කතා කරමු..."
එයා මාවත් එක්කන් පාර්ක් එකේ බෙන්ච් එකක වාඩිවුනා..
"දැන් කියන්න ඔයාගේ කතාව.."
"මගේ තාත්තා විරාජ්  වීරවර්ධන...මගේ අම්මා සමන්ති වීරවර්ධන..."
"එතෝට ඔයා වීරවර්ධන group එකේ ලමයෙක්ද.."
"ඔව් සර් මං එක වසරෙදි මගේ අම්මා ඇක්සිඩන්ට් එකකින් නැති වුනා...තාත්තා අම්මාට ගොඩාක් ආදරෙයි ඒත් මාව බලාගන්න ඕනි නිසා තාත්තා කුඩම්මෙක් ගෙනාවා...එයාට ලමයි ලැබෙනකල් මට හොඳට සැලකුවා...ඒත් එයාට මල්ලියි නංගියි හම්බුනාම එයා ගොඩාක් වෙනස් වුනා සර්...තාත්තා ඉන්න තැන්වල විතරයි ම⁣ට සලකන්නේ...මං හතර වසරේ ඉදන් ගෙදර උයන්නේ...මගේ අතින් මොනාහරි බිඳුනොත් මට ගහනවා...පුච්චනවා..ගොඩාක් වද දෙනවා...ඒ නිසා මල්ලියි නංගියිත් වීදුරු එහෙම කඩලා මාව අහුකරනවා...ඒත් තාත්තා ආවම එයාලා මට බබා වගේ සලකනවා...ඒක නිසා තාත්තා හිතන් හිටියේ එයාලා මට ආද⁣රෙන් සලකනවා කියලා...ඒත් සති දෙකකට කලින් තාත්තත් මාව දාලා ගියා සර්...මට ඉඳපු එකම කෙනත් මාව දාලා ගියා..."
මට තව දෙයක් කියාගන්න බැරිවුනා...මට කතා කරගන්න බැරි වෙලා උගුර හිර වෙලා වගේ දැනුනා..එයාත් මට අඬන්න එපා කිව්වේ නැ ඈත බලාගෙන හිටියා විතරයි...මම විනාඩි ගානක් එක දිගට අඬන්න ඇති...
"හරි දැන් ඇතිනේ ඇඬුවා දැන් කියන්නකෝ ඊටපස්සේ මොකද වුනේ..."
"ඊටපස්සේ සතියක් මං එයාලා එක්ක ඉඳියා...පෙරේදා කුඩම්මා මට ඇවිත් කිව්වා හෙට ඔයාව ගමනක් යවනවා...එහෙ අය කියන විසිහට ඉන්න කියලා...මං හා කිව්වා නැත්නම් එයා ගහනවා මට...ඊයේ මාව හොටෙල් එකකට ගිහින් දැම්මා...එතන හිටපු කෙනා මාව කාමරේකට දාලා කිව්වා තව ටිකකින් එන කෙනා කියන දේවල් කරන්න කියලා..එයා ගියාම මට තිබහක් ආපු නිසා වතුර ටිකක් ඉල්ලගන්න ගියාම දැනගත්තේ ඒක ගනිකා නිවාසයක් මං එහෙන් පැනලා ආවා...අතේ තිබුනු සල්ලි වලින් දුරම ටිකට් එක අරන් තමා නුවරට ආවේ....අනේ සර් මට ආයි ගෙදර යන්න බැ මට කොහේහරි රස්සාවක් හොයලා දෙන්න..."
මං අත්⁣ දෙක එකතු කරලා වැන්දා එයා ටික වෙලාවක් කල්පනා කරලා මගේ පැත්තට හැරුණා...
"නංගි මෙහෙමයි ඔයා මෙහෙට අලුත් අනික රස්සාවක් එකපාර හොයන්න බැහැනේ...මට ඉන්නේ නංගි විතරයි.එයා ඉන්නේ 3 වසරේ ඉතිං ඔයාට කැමති නම් විතරක් අපේ ගෙදර ඉන්න පුලුවන්..ඔයා පිලිවෙලක් වෙලා යනකල් මට පුලුවන් ඔයාට කන්න දෙන්න...අපේ නංගිත් එක්ක ඉන්න ඔයත්...ඒත් මේ ඔක්කොම වෙන්නේ ඔයාගේ කැමැත්ත මත..."
"ඒත් සර් මං කොහොමද සර්ට කරදරයක් වෙන්නේ..."
"ලමයෝ ඔයා මට කරදරයක් නෙමෙයි..කැමතිද ඔයා.."
"හ්ම්.."
"එන්නකෝ මාත් ගෙදර යනගමන් මේ..."
එහෙම කියලා එයා නැගිටලා වාහනේ ලඟට ගියා මාත් එයාගේ පිටිපස්සෙන් ගියා..අපි දෙන්නා එයාගේ ගෙදරට ගියා පොඩි වුනත් ඒක හරි ලස්සනයි...
"චූටි චූටි..."
එහෙම කියපු ගමන් කාමරේකින්  මතු වුනේ සුරංගනාවියක් තරම් ලස්සන චූටි ගෑනු ලමයෙක්...
දුවගෙන ඇවිත් සර්ගේ ඇඟට පැන්නා...සර් එයාව වඩාගෙන හුරතල් කරන්න ගත්තා...මට ⁣අහිමි සහෝදර ප්‍රේමය ගැන මතක් වෙලා මගේ ඇස් දෙකෙන් කඳුලු කැට වැටුනේ මටත් නොදැනිමයි...මට ඒ දිහා බලන් ඉන්න බැරි වුන නිසා මං ටිකක් එහාට වෙන්න තිබිච්ච බංකුවෙන් වාඩි වුනා..ටික වෙලාවකින් කවුරුහරි ලඟින් වාඩිවුනා දැනුනත් මට ඒ පැත්ත බලන්න බැරි වුනේ ඇස් දෙකෙන් නොනවත්වා වැටෙන කඳුලු කැට නිසා...
"දැන් ඇති නේද මැඩම් ඇඩුවා...දැන් ඔයාට අයියෙකුයි නංගියෙකුයි දෙන්නෙක්ම ඉන්නවා ⁣නේද චූටි...මෙයා තමා අද පැටියට ගෙනාපු තෑග්ග තමා මේ...අම්මෙකුයි අක්කියෙකුයි...කියන්න චූටියි අප්පච්චියි කැමති නැ කියලා අඬනවට මේ අක්කිට..."
"අප්පච්චි..."
"ඔව් මෙයා මට කියන්නේ අප්පච්චි කියලා...මොන්ටිසෝරි යද්දි එයාට අප්පච්චි නැ කියලා අඬද්දි මමයි එහෙම කියන්න කිව්වේ..."
"මං ඔයාට අම්මි කියන්නද.."
"එපා පැටියෝ අක්කි කියන්න..."
"නැ අයියේ කමක් නැ දෝණි එහෙම කියපුදෙන්..."
"එ්ත් නංගි..."
"අනේ අප්පච්චි එතෝට මට අම්ම්යි අප්පච්චි දෙන්නම ඉන්නවනේ..ප්ලීස්.."
"ඒකනේ නේද දෝණි.."
"අප්පච්චිත් දෝණි කියන්නකෝ..."
"දෝණි ඔයා යන්නකෝ මැණික හෝම්වර්ක් කරන්නකෝ අපි එන්නම්..."
එහෙම කිව්වම දෝණි මූණත් බෙරි කරන් යන්න ගියා...මං දන් නැ ඒ දරුවට මට ඇයි දෝණි කියන්න හිතුනේ කියලා...
"නංගි මං හිමීට එයාට කියන්නම් අම්ම් කියන්න එපා කියලා එයා පොඩීනේ තාම..."
"ඒකට කමක් නැ සර් මං ආසයි ඒ බැඳීමට.."
"එහෙනම් මටත් සර් කියන්න එපා ඉතිං...මං ඔයාට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල්නේ ඉතිං ලැජ්ජයි නම් අයියේ කියන්න අප්පච්චි කියන්න..."
මම හිනා වුනා විතරයි මගේ පෙර පිනකට වෙන්න ඇති මේ මනුස්සයාව හම්බුනේ...
"අයියේ ඇයි දෝනි අයියට වඩා ගොඩාක් බාල.."
"එයා මගේම නංගි නෙමෙයි...මම හැදුනේ ලමා නිවාසයක නංගි...මෙයා මාත් එක්කමයි හැදුනේ...ඉතිං මං එහෙන් එද්දි මට එන්න දුන් නැ මං එයාවත් අරන් ආවේ...මං යන හැමතැනම අරන් යන්නේ වෙනදට ඩේකෙයා එකේ ඉන්නේ..අද දැන් මං ඉක්මනින් එන නිසා දාලා ගියේ..."
"සර් ඔයා.."
මට කියන්න දුන්නේ නැ මුකුත් මං ඇඟිල්ලකින් කට හරස් කරා..
"සර් කියන්න එපා කිව්වා නේද මං.."
එයා සැරෙන් වගේ කිව්වේ...ඒකට මගේ ඇස් තෙමෙන්න වෙලාවක් ගියේ නැ
"අනේ නංගි විහිලුවට කිව්වේ හරි යමුකෝ අපි ඇතුලට ඔයාගේ දෝනි පොඩ්ඩ මට බැන බැන පාඩම් කරනවා ඇති..."
අපි දෙන්නම ගියා ගේ ඇතුලට වැඩිය බඩු නැතත් හරි සිරියාවන්තයි...එයා මාවත් එක්ක ගියේ දුවගේ කාමරයට...දෝණි හොඳටම නිදි...
"මේ කෙල්ල නම්...."
කියමින් ඔහු නැගිට්ටවන්න හැදුවම මං ඔහුව නතර කරා...
"පව් අයියේ නැගිට්ටම මං එයාට වැඩ ටික කරවන්නම්..."
"නංගි පොඩ්ඩක් ඉන්න මං ටක් ගාලා එන්නම්..."

👉👉👉👉මෙතන ඉඳන් පොලිස් අයියන්ඩි කියයි කතාව...👈👈👈👈

මං එහෙම කිව්වම කෙල්ලගේ මූණ වෙනස් වෙලා මං ලඟට දුවගෙන ආවා..
"අනේ අයියා මට තනියම ඉන්න බැහැ...යන්න එපා.."
⁣ඇස් දෙ⁣කේ කඳුලු පුරවන් එහෙම කියද්දි කොහේ යන්න ගියත් යන්න හිතෙන් නැහැ...
"හරි හරි ටැප් එක වහගන්නකෝ මං යන්නැ...දෝණි නැගිට්ටම තුන්දෙනාම යමු.."
ඒකට නම් කෙල්ලගේ මූණට හඳ පෑව්වා වගේ...පව් පුංචි කමට නෙමෙයි දුක් විඳලා තියෙන්නේ...මං කුස්සියට ගියේ කන්න මෙනාහරි හදන්න..
"අයියේ මං හදන්නම්..
"ගෙදරට ආපු මනුස්සයගෙන් කෑම හදාගන්නේ නැ අපි..ඉන්නකෝ පණ්ඩිත ආච්චි පැත්තකට වෙලා.."
එහෙම කිව්වට කෙල්ල ඇහුවේ නැ බයෙන් බයෙන් මට උදව් කරා..කෙල්ල හරි පිලිවෙලයි...ඒ වගේම ලස්සනට වැඩ කරනවා..කොහෙමින් හරි දෙන්නම එක්ක උයාගෙන කෑවා...

👇👇👇👇👇👇👇👇👇👇👇👇

නොදැනිම මාස තුනකුත් ගෙවිගෙන ගියා...දැන් නම් අම්මයි දුවයි දෙන්නා හරි දඟයි...අහිංසක කෙල්ල දැන් දැන් චුට්ට චුට්ට බය නැති වේගෙන යනවා...පව් එකපාර රස්සාවක් කරන්න වුනානම් කොහොම කරයිද..දුක් විදලා පුරුදු වුනාට සමාජ දැනුමෙන් කෙල්ල බිංදුවයි..එදා හවස දෝණි එක්ක ගිහින් ගත්තු අැඳුම් තුන තමා හැමදාම මාරු කර කර අඳින්නේ...අරන් දෙන්න යමු කිව්වත් කැමති නැ තියෙනවනේ කියලා ඉන්නවා...පොඩි පොඩි කඩචෝරු වලට දෙන්නම රුසියෝ...ඉතිං මං දැන් හැමදාම ගෙදර යනකොට කඩචෝරු අරන් යන එක පුරුද්දක් වෙලා...එයත් දැන් මට කියන්නේ අප්පච්චි කියලා එයාට කියන්නේ සුදූ  කියලා...ඒ ඉතිං දෝනිගේ වැඩ තමා..
"දෝණි අම්මි කෝ අද දෙන්නා..."
මං කලබලයෙන් කෑගහගෙන ගෙදර ගියේ වෙනදා මං එනකල් පඩියට වෙලා බලන් ඉන්න පැටව් දෙන්නා නැති නිසා..ම්හ් කිසිම සද්දයක් නැහැ...මං ඇතුලට ගිහින් බැලින්නම් දෙන්නම දපනේ දාලා නිදි...
"අනේ අම්මපා මගේ හුස්මත් නවත්තලා මුන් දෙන්න නිදියන් ඉන්න හැටි පස්සත් උඩ දාගෙන..සුදූ නැගිටින්න කීයේ ඉඳන්ද මේ නිදි...නැගිටින්න චූටි..."
දෙන්නම නිදිමරගාතේ ඇවිත් මට තුරුලු වුනා..මගේ ඇඟට කරන්ට් එක වැදුනා වගේ  වුනා..ටික වෙලාවකින් එයා නැගිටලා ලැජ්ජාවෙන් හිනා වෙලා පැත්තකට වුනා...
"ආ දෝනි අර මේසේ උඩ තියෙනවා මල්ලක්...යන්න ගිහින් කන්න..."
"එතෝට මට..."
"හා හා ඔයත් ගිහින් කන්න සුදු බබෝ..."
මං හිනා වෙවි කියද්දි කෙල්ලටත් හිනා...දෙන්නම ගියාම මං ගියා වොෂ් එකක් දාන් එන්න...තුවයත් ඇදගෙන එලියට එද්දි වෙනදා වගේම ඇඳුම ඇඳ උඩතිබ්බ ඒත් අද ⁣සුදුත් මං එනකොට කාමරේ මූණත් එල්ලගෙන මගේ ලඟට ආවේ..
"ඇයි සුදු.."
"අප්පච්චි දෝණි මට දෙන් නැතුව ඔක්කොම කෑවා..."
අහිංසක විදිහට මං දිහා බලන් මේ කෙල්ල ටිපිටිප් එකක් ගැන කියද්දි මට හිනා යන්න ආවත් හිනාව තද කරන් හිටියා...
"ඉන්නකෝ මං දෝණිගෙන් අහන්නම්..."
"එපා එපා එයාට දුක හිතෙයි..හෙට මං කන්නම්..."
"එහෙනම් මට කිව්වේ මොකෝ..."
"දුක හිතුන නිසා.. අප්පච්චි මං දැන් ජීවත් වෙනවා...දෝණි මගේ ජීවිතේ වෙලා...එයත් එක්ක බොරුවට රණ්ඩු වෙද්දි මගේ හිත සතුටින් පිරෙනවා...මං සහෝදරයෝ එක්ක රණ්ඩු වෙලා නැ කවදාවත් එයාලා මට ගැහුවා බැන්නා මට වඩා බාල වුනත්...ඒක නිසා මට අප්පච්චි දෝණිගෙයි ආදරේ දරාගන්න බැහැ..."
"හරි දැන් අඬන්න බැහැ...ඔය දෙන්නා තමයි මගේ චූටි කෙල්ලො දෙන්නා...යමුකෝ දැන් දෝණිගේ වැඩ කරමු..."
වැඩ කරකර ඉන්න අතරේ මගේ යාලුවෙක් වෙච්ච සයුර ගෙදරට ආවේ විශේෂ දෙයක් කතා කරන්න කියලා...සුදුට කියලා තේකකුත් හදන් අපි දෙන්නා වත්තට ආවා...
"මචං කෙලින්ම මං කතාව කියන්නම්කෝ...සුදූට මං කැමති බං..."
ඒක අැහුනම මගේ කන් දෙක රත්වුනා..පපුව ගැහෙන්න ගත්තේ හරියට මගේ දෙයක් උදුරගෙන යන්න හදනවා වගේ...
"හරි මචං මං සුදූගෙන් අහන්නම්කෝ..."
ටික වෙලාවක් කතා කරකර ඉඳලා ඌ ගියා...මං සුදූගේ කාමරයට ගියේ මේ ගැන කතා කරන්න..
"සුදූ මට ටිකක් කතා කරන්න ඕනි..."
"කියන්න අප්පචීචි..."
"සයුර ඔයාට කැමතියිලු..."
මට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි...මං ඒ ටික කියලා කාමරේට ආවා...පොලිස් නිලධාරියෙක් වුනාට මට ඒක දරාගන්න බැරිවුනා...මගේ කෙල්ලව වෙන කෙනෙක්ට දෙන්න බැ...මමයි කෙල්ලට ආදරේ...ඒ මගේ ජීවිතේ...මං හොඳටම ඇඩුවා...පැය ගානක් ඇඩුවත් කඳුලු නතරවුනේ නැ...සියුම් ස්පර්ශයක් දැනුන නිසා ඔලුව උස්සලා බැලුවේ...සුදූ ඇවිත් කෙල්ලගේ මූණත් තඩිස්සි වෙලා...මට තවත් ඉන්න බැරිවුන නිසා මං කෙල්ලව ඇදලා අරන් ඒ පපුවට තුරුලු වුනේ...
"ඔයා එයාට කැමතිද...මාව දාලා යනවද සුදූ..."
"කෝ මගේ හොඳ අප්පච්චි වගේ මේ පැත්ත බලන්නකෝ...මොකද මේ මං දාලා යනවා කිව්වද...ඔයානේ මාව යවන්න හදන්නේ..ම්ම්ම්.."
"නැ මට සුදූ නැතුව ඉන්න බැ ඒත් මම ඔයාට පොරොන්දු වුනේ ඔයාව කෙනෙක්ට දෙනකල් ⁣බලා⁣ගන්නවා කියලා.."
"ඉතිං මේ ඉන්නේ ඒ කෙනානේ අනේ...කෝ මං බලන හිටියේ පැය තුනක් ඇඬුවා ඔයා...තව බැ...මාත් අඬනවා තව ඇඬුවොත්..."
"යන්න එපා මාව දාලා මට ඔය දෙන්නම ඕනි..."
මම තවත් තදින් සුදූව තුරුලු කරගන්න ගමන් ඇහුවේ...
"යන්නේ නැ මගේ අප්පච්චියෝ කොහෙවත් මං ඔයාව දාලා...මම #ජීවිතේ_වින්දේ ඔයා ලඟට ආපු දවසේ ඉඳන්..."
"මං ජීවිතේ විඳින්නේ අද ඉඳන්..."
කියමින් මම ඒ නලලත මත මගේ කුලුඳුල් හාදුව සනිටුහන් කරේ මේ මැණික හැමදාම මගේ යැයි සනාථ කරමින්...
"අම්මි අප්පච්චිව විතරයි තුරුල් කරගන්නේ දෝණි පව්ව්.."
සුට්ටි බට්ටි එහෙම කියද්දි අපි දෙන්නටම හිනාගියා..
"එන්න මැණික..අම්මි ලඟට..."
කෙල්ල දුවගෙන ඇවිත් සුදූගේ ඇඟට පැන්නා...
"මේ තියෙන්නේ මගේ ජීවිතේ..."කියමින් සුදු අපි දෙන්නවම තුරුල් කරගත්තේ..අම්මෙකුගේ සෙනෙහස අපි දෙන්නටම ලබාදෙමින්..

😂😂😂😂😂😂😂😂😂🔫🔫🔫🔫🔫🔫🔫🔫

නිමි...

මයුරි පහන්දි
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment