සදහටම ඔබ මගේ

"සුදු මැණික.. ඇයි කල්පනා කරන්නේ ම්ම්ම්.."
දෙව්සරගේ හඬට කේතකී රැඳිල හිටිය දැහැන බිඳුනා..
"මුකුත් නෑ අප්පච්චි.. "
"හෙට මා එක්ක ගියාම අම්ම අප්පච්චි නැතිවපාළුයිද මැණිකට,."
"ඔව් අප්පච්චි "
කම්මුල් දෙක තෙමාගෙන ගලා යන කඳුළු අතරින් දෙව්සර කේතකීව පපුවට තුරුළු කරගත්තා..
"අහන්නකෝ මගේ මැණික, හෙට ඉඳන් මගේ මැණිකගේ පාළු මකන්නේ මම, අප්පච්චි අම්මා වගේම බලාගන්නම් ඉතින් මමත්..ඉතිං බලන්නකෝ මම දිහා, හිතනවද පුංචි හරි කඳුලක් මම ඔයාට දෙයි කියලා..ම්ම්ම් .. නෑ මැණික අවුරුදු හතරක් හිතේ තියාගන මේ තරම් දුක් වින්දේ ඔයා නිසා මගේ මැණික..ඒ දාලා යන්න නෙමෙයි .. මගෙම කරගන්න.. හෙට ඉඳන් ඔයා මගෙමයි වස්තූ. ඉතිං කෝ හිනාවෙන්නකෝ"

මේ දෙව්සරගෙයි කේතකීගෙයි ආදර කතාව..හරිම අහම්බයකින් හමුවෙච්ච ඒ අහම්බෙන් හමුවුණු එක මුළු ජීවිතේම වෙච්ච ඒ දෙන්නගේ කතාව ..

කේතකී කියන්නේ මධ්‍යම පාන්තික පවුලක එකම දූ සිඟිත්ත. සිරිවර්ධන , ඒ කියන්නේ කේතකීගේ අප්පච්චි .. අම්මා නිලූපමා..
පුංචි කාලේ ඉඳන්ම අම්මා අප්පච්චිට හුරතලී උන කේතකී නැතිනම්, කේතකී නිවර්තනා වාසලබන්ඩාර..

ඉගෙනීමට වගේම අම්මා එක්ක උයන පිහන දේවලට උනත් කේතකීගේ තිබුනේ  ලොකු උනන්දුවක්..අම්මගේ අත්ගුනේ ඒ විදියටම කේතකීටත් පිහිටලා තිබුනා..අප්පච්චිට කේතකී උයනවා කීවොත් හරි සතුටුයි...මොකද ඒ තරම් රසටඋයන්න කේතකීට පුලුවනි..

තව කෙනෙක් හිටියා කේතකීට ගොඩාක් ආදරේ කරන..ඒ බ්‍රවුනි..කේතකීගේ හුරතලී.. ඉස්කොලේ ගිහින් එනකොට පාර අයිනේ හිටිය ලොකු බන්ඩියක් තිබුන බ්‍රවුනිගේ අම්මට කෑම දෙන එක කේතකීගේ පුරුද්දක් .. එත් දවසක් කේතකී එනකොට බ්‍රවුනිගේ අම්මා තවත් පැංචෝ තුන්දෙනෙකුට අම්මා වෙලා හිටිය..එදා ඉඳන් බ්‍රවුනිගේ අම්මාට ගේන කෑම එක වැඩි උනා.. ඒත අවාසනාවකට බ්‍රවුනිගේ අම්මත් පැටව් දෙන්නෙකුත් මිනිහෙක් දීපු වස මිශ්‍ර බතක් නිසා මියගිහින් තිබුන⁣....බ්‍රවුනි පුංචි කාලේ ඉඳන්ම දුර්වල පැටියෙක්..අනිත් අය එක්ක ඔට්ටු වෙලා අර බත් එක කන්න එයාට බැරිවෙන්නැති..ඒ නිසාම එයා විතරක් බේරිලා තිබුනා..

එදා නම් කේතකී ගෙදර ආවේ ඇස් වලින් කඳුළු බේරි බේරී.. අර පැටියවත් තුරුළු කරගන..ඉතිං එදා ඉඳන් බ්‍රවුනි කේතකී ලඟ හැදෙනවා..
හරියට සුදු නෙළුම් මලක් වාගේ කේතකී හරි අපූරුවට නව යොවුන්වියට පා තබමින් හිටියා..දුටුවන් දෙපාරක් හැරිල බලන තරම් ලස්සනක් ඒ මූනේ තිබුනා..පාසලෙත් දීප්තිමත් ශිෂ්‍යාවක් උන කේතකී ගුරුවරුන්ගෙන් නිතර පැසසුමට ලක්උනා
" කේතකී..  ඇසෙස්මන්ට් ටික එකතු කරගන්න..
" කේතකී කෝඔයාගේ උත්තරේ කියන්න බලන්න
" කේතකී අද උදේ රැස්වීමේ කතාව කරන දරුවා ඇවිත් නෑ..කතාවක් හදා ගන්න ටක් ගාලා
" හෙට කොට්ඨාස අධ්‍යාපන එකෙන් එනවා, පිළිගැනීමට ඔයයි මදුරයි ඉන්නවා.."
ඔය විදියට හැම කෙනෙකුටම කේතකී නැතිවම බැරි කෙනෙක් උනා..පන්තියේ යාළුවන්ගෙන් හොඳම යාළුවා එයා..⁣ඉතිං කේතකීට යාළුවොත් ගොඩයි..

කොහොමහරි කේතකී සාමාන්‍යපෙල පහුකරගෙන උසස්පෙළටත් එතනින් විශ්ව විද්‍යාලයලත් තේරුනා..අන්න එතනදි තමයි කේතකීට දෙව්සර මුනගැහෙන්නේ..
" ඒ ඔය කොන්ඩේ දිග ඇත්තී, එමු බලන්න මෙහාට,"
කේතකී තිගැස්සුනා..කව්රුවත් එයාට එහෙම සැරෙන් කතා කලාමද කොහෙද, කකුල් දෙක වේව්ල වෙව්ල කේතකී කතා කරපු පිරිමිළමයා ලඟට ගියා
"කොහෙද ගම?"
" නුවර අයියේ"
"හඃ මේ බලපංකෝ, මෙහේ අයියලා නෑ..ජේෂ්ඨ උත්තමයෝ මිසක්..හා කියනවා බලන්න, ආයෙම. කොහෙද ගම?"
නු..නුවර ජේෂ්ඨ උත්තමයානෙනි"
"නු නුවර කොහෙද බොල ඒ..හා කමක් නෑ..මොකක්ද නම"
"කේතකී"
"අප්පදබොල හොදා හොදා..අද ඉඳන් උඹේ කාඩ් එක නුවර කුමාරි..හරිද අහපුවම කියන්න මතක තියාගනිං.."
අන්තිමට එහෙම කියලා හිනාඋන කොල්ලෝ රැල ඈත් වෙලා ගිහින් විනාඩි පහකටවිතර පස්සේ තමයි කේතකීව වෙව්ලන එක නැවතුනේ..
"මගේ අම්මේ.. මෙයාලගේ වස.. මගේ පපුව ගඩ ගඩ ගානවා.. දෙයියනේ.."
එහෙම හිත හිතා කේතකී යාළුවෝ එක්ක නොපෙනී ගියා..

දවසකදා ආයෙම කේතකී රැග් එකට අහුඋනා..

"මොකක්ද උඹේ කාඩ් එක"
"නුවර කුමාරි"
"ආ හැබෑට.. හරි ගනින් මේ රුපියල..පලයං ගිහින් අර පඩිපෙලේ ඉඳන් ඉන්න අයියට දීල කියපං රැවුල කපාගන්න කියලා..මතකනේ පාවාදෙන්න බෑ.. හරිද"

"එහෙමයි ජේෂ්ඨ උත්තමයෝ "
"හා පලයං..පලයං ඉතිං මොනවද බලංඉන්නේ..පලයං"
කකුල් විතරක් නෙමේ ඇතුලාන්තයෙන්ම වේව්ලමින් කේතකී ඒ කියපු පිරිමි ළමයා ලඟට ගියා..

"අයියේ.."
"මොකද?"

පෙනුමට වඩා බොහොම සැරපරුෂ ඒ හඬ අවදි උනා..
කියන්න ගිය සබ්බ සකලමනාවම අමතක වෙලා කේතකීට ආපස්ස බැලුනා.. එතන හිටපු ඉහල වසරේ සිසු කන්ඩායම දබරැගිල්ල ලෙලවලා පෙන්නුවා..කේතකී අමාරුවෙන් කෙල ගිලලා කතා කලා..

"මේ රුපියල ... මේ රුපියල ගන්න, අරං ඔය රැවුල කපා ගන්න"

එතකොට ඔරවගන කේතකී දිහා බලපු රුව එකපාරටම ගොළු උනා..ඇස් වල නපුරු පෙනුම නැතිව ගිහින් අත දික් කරලා රුපියල ගත්තා..ඒ විතරක් නෙමෙයි හිනාත් උනා...
එතකොටයි කේතකී දන්නේ ඉහල වසරවල උන්දලට කටේ දත්.තියෙන බව..මොකද ඔරවන්න මිසක් හිනාවෙන්න උන්දල දන්නෑනේ..

"හරි මම මේක ගත්ත කියන්න..දැන් යන්න.. අහ් මේ කව්ද ඔයාව එව්වේ"
"කව්රුවත් නෑ..මමමයි හිතලා ආවේ" කේතකී කියාගත්තා..
"හරි දැන් ඔයා යන්න.. අරයලාට කියන්න මට මල් කරත්තයක් ලැබුනා කියලා"
"අහ්.. ආ ...ආ ...හා හරි අයියේ"

කේතකීයි යාලුවොයි එතනින් ගියාට පස්සේ අර රැග් කරපු ටීම් එකේ කේතකීට රැග් කරපු ප්‍රසන්නට අවිඳු කතා කලා..

"ඒයි ප්‍රසන්න මොකද උඹ නුවර කුමාරිටම රැග් කරන්නේ ආ..හිත ගියාද උඹට.."
"පලයං බං යන්න..ඒකි හරි අහිංසකයි වගේ..එච්චරයි "
"ආ...ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට..හා එහෙම යමු එහෙනං ඈ"
"ඒ දෙව්සරයා ගාවට යං.."
"හා යමං"
කට්ටිය දෙව්සර ඉඳගන හිටිය පඩිපෙලේ වාඩි උනා.."ඒ දෙව්සර මොකද කල්පනාව "
" අර ආපු මිහිබට සුරඟන ගැනද..ආ.."
"ම්ම්ම්.. ඔව්"
"යකෝ එහෙනං උඹට ටොක්කරන උන් ටික අපිට බෙදා දියං ඈ"

ඒකතාවට නම් කට්ටියගේ හුස්ම නැවතුනා..මොකද දෙව්සරට ගොඩක් කෙල්ලෝ ට්‍රයි කලත්, බැජ් ටොප් පවා ට්‍රයි කලා..ඒත් දෙව්සර ගනං ගත්තෙවත් නෑ..එහෙව් එකා කෙල්ලෙක් ගැන හිතනවා කීවම කාටද හුස්ම නවතින්නේ නැත්තේ..

පහුවෙනිදා පුරුදු විදියට ලෙක්චස් ආපු ප්‍රසන්න ඇතුළු පිරිසට හුස්ම ගන්න අමතක උනා..මෙන්නබොලේ දෙව්සර රැවුල කපලා..පහුගිය අවුරුද්දක්ම ට්‍රිම් කලා මිසක් නොකපා හිටිය රැවුල කපලා ආවම දෙව්සරට පට්ටම ලුක් එකක් ඇවිත් තිබුනා..

"හම්මට දෙව්සර උඹ'
"ඇයි මොකද මම නෙමෙයි වගේද"
"ඔව් යකෝ ..මට මහසෝනා ගහලද..නැත්තං ඇස් එලියට පැනලද..ඒ බං මට උඹේ රැවුල පේන්නෑනේ"
"පල පල යන්ඩ.. වෙනසකට කාලේ හරි වගේ..ඒකයි"
"හම්මට අවිෂ්කයා අර පොල්ල අරං මගේ ඔලුවට ගහපං..මේ හුස්ම හිරවෙලා..පහලට එන්නෑ.."
"හිටපං මමම ගහන්නං"
"ඒ ඒ දෙව්සරයා ඇත්තටමද බං"
"මොකක්ද, උඹට ගහන්න යන එකද"
"  නෑ යකෝ..මේක හීනයක්ද..ඒ මාව කොනිත්තපං..ආයි යකෝ මාව උලා කන්න කීවේ නෑ කොනිත්තන්න මිසක්"
"තොපිට බොරු කියලා තියෙනවද යකෝ  මම "

"අහා මල් සරාට ප්‍රේම ලොකේ මාලිගා තනා මල් නෙලන්න වාසනාව අපට අත් උනා..ගයා ගී"

"තොපිට නෙමෙයි බොලව්.. මට"

"අහ් හරි.. මල් නෙලන්න වාසනාව දෙව්සරට අත් උනා.."
එහෙම කිය කියා හිනාවෙවී කටිටිය පැනි බැම්ම පැත්තට ගියා..
කොච්චර ආදරේ කලත් දෙව්සරට ඒ ආදරේ වචන වලට හරවගන්න අවුරුදු හතරක් ගිහිනුත් බැරි උනා..කියන්නත් වගේ මුළු කැම්පස් එකම දැනගන හිටියා දෙව්සර කේතකීට ආදරේ බව..කේතකී ඇර..

"ඒ කේතා.."
" දුකනෑද බං"
"මොනවටද"
"මේක.දාලා යන්න"
"දුකයි සචී..මට වඩා උඹලට දුක..අයියලා ටික දාලා යන්නෙපැයි.."
"කේතා..මේ අහපං.. ඇත්තටම උඹ දන්නෑද..නැත්තං දන්නෑ වගේ ඉන්නවද"
"මොනවද සචී"
"දෙව්සර අයියා ගැන..කන්වකේෂන් ඉවර වෙලත් ඌ කැම්පස් බඩගාන්නේ කව්රු හින්ද කියලද උඹ හිතන්නේ.."
"වෙන මොනවටද සචී.. දෙව්සර අයියනේ දැන් දෘශ්‍ය කලා ලෙක්චර්"
"ආහ් එකද ඒ..හා හා"
"ඇයි ඒක අමුතුවට කීවේ"
"මේ අහපං ගොං මෝඩී..දෙව්සර අයියා උඹ⁣ට කැමතී... මතකද උඹේ නැතිඋන රිංඑක..අර නිල් ගල අල්ලපු.. එතකොට අවසාන ඩාන්ස් එක වෙලාවේ නැති උන ඇන්කල් එක.."
"ඉතිං.."
"ඒවා තියෙන්නේ දෙව්සර අයියා ලඟ"
"පිස්සු නැතිව හිටපං සචී, රිං එක නැතිඋනෙ පාළම ලඟ..ඇන්කල් එක ඩාන්ස් එකේදි. ඒ එක තැනකවත් අහලකවක් දෙව්සර අයියා හිටියේ නෑ..මගේ ඔලුව විකාර නොකර මේ අසයිමන්ට් එක ලියන්න දීපං"
ඉතිං සචී නිහඬ උනා...
ඒත් දෙන්නා දෙපැත්තට වෙලා දුක් විඳින එක නවත්තලා මේ දෙන්න එකතු කරන්න මොනවමහරි කරන්න සචී හිතුවා..
"කේතා..මේ අද දෙව්සර අයියා ඇවිදින් මොනවා ඇහුවත් ඔව් කියපං ඈ.. මම පොඩි ලනුවක් දෙන්නයි යන්නේ"
"පව් බං සචී.."
"උඹ පැහෙන්නැතිව හිටපං, මේකෙන් ඌට හොඳක් වෙන්නේ"
එහෙම කියලා සචී නොපෙනී ගියා..
හිතට කාංසියක් දැනුන නිසා මේන් හොල් එකේ පඩිපෙලේ ඉඳගත්තු කේතකී ගෙදරට කෝල් එකක් ගත්තා..
සචී දුන්න ආරංචියෙන් දෙව්සරව ගිනිගත්තා.. ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියලවත් දෙව්සරට මතක් උනේ නෑ..නිස්සංකේ පැත්තට යනකොට කේතකී පඩිලෙ කොනක ඉඳගන කා එක්කදෝ කතාව.. දෙව්සරගේ ඇස් බොඳවෙන්න ගත්තා..
"ඔයා හීන බල බලා ඉන්න දෙව්සර අයියේ..අන්න කේතකීට ගෙදරින් ප්‍රපෝසල් එකක් ඇවිත්. ඩොක්ටර් කෙනෙක්..දැන් උඹට හුළං... බොරුනම් අහල බලපං කේතකීගෙන්..අවුට් වෙච්ච ගමන් බඳීවි..උඹට නුවරකුමාරි නැතිවෙන්නයි යන්නේ"
ඒ වචන දෙව්සරට ආය ආයෙම ඇහුනා..
කේතකී ලඟට ගිය දෙව්සර ෆෝන් එක ඇදලා ගත්තා..
අප්පච්චී..එකේ සටහන් වෙලා තිබුනේ එහෙම..
"ආ දැන්ම අප්පච්චිත් උනාද..උඹට අවුරුදු හතරක් මම ආදරේ කලා..ඉගෙනීමට බාදාවක් වෙයි කියලා මම කීවේ නෑ..දැන් මාව දාලා වෙන එකෙක් බඳින්නද ලෑස්ති"

ඇස් දෙකයි මූනයි රතු කරගන දෙව්සර කෑ ගැහුවා..
" දෙ ⁣..දෙව්සර අයියේ මම.."
"ඇයි මැණිකේ ඔයා මට එහෙම කලේ..මතකද ඔයාගේ නැතිඋන මුද්ද..මේ එක..පාලම ගාවදි එක වැටුනම මමයි ප්‍රසන්නලයි මොන.තරම් ඔට්ටු වෙලාද මේක හොයා ගත්තේ.. මේක ඔයාට වටින බව දන්න හින්දයි මැනිකේ මෙක මම කොහොමහරි හෙව්වේ.. ආදරෙයිකියලා මේක ඔයාගෙම ඇඟිල්ලට දාන්න..ඒවා හීන විතරද වස්තු"
කේතකීගේ ඇස් වලින් නැවතීමක් නැතිවම කඳුළු ගලාගන ගියා ඇසුයි නහයයි රතු වෙලා..
අතේ තිබුන ලේන්සුවෙන් කඳුළු පිහදගත්තා..දෙයියනේ ඒ දෙව්සරාගේ ලේන්සුවක්..නැතිඋනේ කොහෙදිද කියලා මතකයක් නැතත් එක කේතකී ලඟ ඒක තියෙනවා දැක්කම ඇතුල් පපුවටම කව්දෝ හුස්ම පිම්බා වගේ දැනුනා දෙව්සරට..
" මේ..මේක මගේ.."
දෙව්සර ලේන්සුවට අත දික් කරලා කීවා..
"ඔව් එත් ඉල්ලන්නෙපා.. දෙන්නෑ..මගේ මුද්ද තියාගත්තට මම මේක තියාගන්නවා.."
"එතකොට ඔයා ඇයි මේක ගත්තේ"
"මම ගත්තේ නෑ..මේක මේන් හොල් එකේ තිබුනා ඊට එහා පැත්තේ ඔයාගේ නම ගහපු ⁣නොට් එකක් තිබුනා..ඇයිදන්නෑ ම⁣ට මේක ඕනමයි කියලා හිතුනා..මේක ඔයාගේ කියලා හිතුවා මම..මොකද මේක ඔයා ලඟ තියෙනවා මම දැකලා තියෙන නිසා.."
දෙව්සර වෑයමෙන් කතා කලා..
" බඳින්නද යන්නේ"
"ඔව්"
"ම්ම්ම් කවදද?"
"ඔයා ගෙදරට කියලා දින.දාගත්තම"

දෙව්සරගේ ඇස් උඩ ගියා..
"එතකොට අචිනි කීව්වේ..බොරුද"
"හ්ම්ම්.."
එතකොට අචිනි හිනාවෙවී දෙන්නා ලඟට ආවා..

"මෝඩි දැන්වත් කියපං..කැමතියි කියලා..ලේන්සුව තියාගන අඬන්නැතිව..ජොඩුව සෙට් කලාට තෑග්ග මම බ්‍රයිඩ්මේට් හොඳේ.. ප්‍රසන්න අයියා බෙස්මන් හරිනේ.."
"හරි හරි ඕනම නම් එදාම උඹල දෙන්නවත් බන්දලා දාන්නම්"දෙව්සර කඳුළු අතරින්ම කිව්වා..
කේතකී දිහාට හැරුනු දෙව්සර අත දික් කලා..කේතකීගේ අත අල්ලන් එයා ලඟ සුරැකිව තියාගන හිටිය මුද්ද ඇඟිල්ලට දාලා ආදරෙන් බලන් හිටියා..
"මේ මෙතන කිස් දෙන්න තියාගන්නෙපා හරිද..ළමයි ඉන්නවා..උන් නරක් වෙයි"
අචී කෑ ගැහුවා..
"ආදරෙයි මැණික"
"මමත් ආදරෙයි ගොඩාක්"
දෙව්සරත් කේතකීත් ගොඩාක් ආදරෙන් ඒ ඇස් අතරම පැටලිලා හිටියා.. ඒ පඩිපෙලෙන්ම මුනගැහිලා ඒ පඩිලේදිම ආදරෙයි කියලා ලඟදීම එයාලා එකතු වේවී..ඊට පස්සේ පඩිපෙලේ  ගානටම..එක්කෝ ඒ ටික ඕන නෑ..ආදරෙන් ඉඳීවී...

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment