අහඹුවකි හමුවීම අපගේ


අහඹුවකි හමුවීම අපගේ

අනේ අම්මේ මං කිව්වනේ මං ඕවට යන් නැහැ විකාර වැඩ පල්ලි ගියාට මං ඕවට ගිහින් තියද?මං ඕකුන්ව දන්නෙත් නෑ..මට යන්න බෑ කිව්වොත් බෑම තමයි. ...
අනේ පුතා ෆාදර් පූජාවේ කියපුවා ඇහුනනේ...නම ගිහින් දෙන්න ලමයෝ....
අනේ මට බෑ....මං යනෝ ....

අඩෝ මදුවා...
අහ් දනුකයා....
උඹ යනවයි බං අරකට...යමන් අපිත් යනෝ ..වරෙන් වරෙන්..
අනේ බං මං ඕවට ගිහින් නෑ...උඹලා පලයන්...
නෑ නෑ උඹ මේ සැරේ වරෙන්..
හරි හරි බලමු බං...මං උඹට රෑට කියන්නම්..එල ...
හරි බං එලම....
මං මදුෂාන්...උපතින් කතෝලික උනාට මං වැඩිය පල්ලියේ වැඩ වලට හවුල් උන කෙනෙක් නෙවෙයි..ඒත් අපේ පල්ලියට ආපු අලුත් ෆාදර් නිසාත් අම්මලගේ බලපෑම මතත් මට අකමැත්තෙන් උනත් යූත් එකේ ප්‍රෝග්‍රෑම් එකකට කලුතර යන්න උනා...කොහෙන් කොහොම හරි ගාල්ල පල්ලියටත් ගියා..ඒ ඔක්කොම මීසම් වල යූත් වල ලමයි එකට ඒ ප්‍රෝග්‍රෑම් එකට එක්කන් යන නිසා....මං ජීවිතේට දැකලා නැති හෙන ලයින් කට්ටිය හිටියේ මාත් මගේ පාඩුවේ හිටියා..කොහොමහරි අපි මග්ගොනට ආවා....හෙන කම්මැලිකමකින් ආව මට කිසි දෙයක් තේරුනෙත් නෑ. හිතුවෙම එපා වෙයි කියලා...හැබැයි සිද්ද උනේ මං හීනයකින්වත් නොහිතපු දෙයක්..එකේ හිටිය ඔක්කොම කොල්ලෝ අක්කලා පට්ටම හොදයි..ගිහිල්ල පැයක් යන්න කලින් එකට ආපු බාගයක් වගේ හොදටම සෙට් උනා .ගිය ගමන් අපේ විස්තර ඒවා මේවා අහල අපිව ගෲප් කරා..ඒකෙන් තවත් කට්ටියව දැනගත්තා....කෙල්ලෝ එක එක වර්ගයේ අය හිටියත් මං දන්නෑ මගේ ඇස් අමුතු කෙනෙක් ලග හිටපු ගමන් නතර වෙනවා.වෙලාවකට එයාගේ ඇසුත් මගේ ඇස් එක්ක අමුතු කතාවක පැටලෙනවා වගේ මට දැනුනා...ඒ ඇස් ලග මගේ හිත හිමින් හිමින් නවතින්න ගන්නවා වගේ මට දැනුනේ....එදා හවස 5ට වගේ ඉදන් මගේ ඇස් නතර උනේම එයා ගාව විතරයි..මොකක්ද මේ හැගීම මටත් පිස්සු......ඒ හැගීම හිතේ තද කරගෙන මාත් එයා දිහා බලාගෙන සැනසුනා...
හරි ලමයි දැන ඔයාලා මේ තාරුණ්‍යයට බලපාන ගැටලු ගැන කතා කරානේ අපි දැන් ගෲප් හතරක් බෙදනවා.ඔයාලා එකෙන් රංගනයක් මගින් ඉදිරිපත් කරන්න ඕන...
හරි පුතා පටන් ගන්න...
1,2,3,.....1,
2 මට ආවේ අනේ අරයත් දෙක වෙන්න කියලා කිය්ලා මගේ හිතින් නිකන්ම කියවුන..... ...........දෙයියනේ දෙවියෝ මං කියප එක අහලා ඒ කෙල්ලත් දෙවෙනි ගෲප් එකටම වැටුනා....
හරි දැන් මට ඉස්සලම ඔයාල්ගෙ නම් කියන්න මං දන්නෑ...ගෲප් එකේ හිටපු ලොකුම අක්කා එහෙම කියලා පටන් ගත්තා...හැමෝම කට්ටියගේ නම කිව්වා..මට ඕන වෙලා තිබ්බේ අරයග නම දැනගන්න ටික ටික හිනාවෙලා කතා කරලා තිබ්බට ගෲප් එකේදී එයා එක්ක ටිකක් වැඩියෙන් කතා කරන්නත් පුලුවන් උනා..මං එයාව පේන විදියටම වාඩිත් උනා...
මං සචිනි අහිංසා....අක්කා දන්නවනේ මාව...හරි ලස්සන හිනාවක් දාගෙන එයා හැමෝම දිහා බැලුවා..කොහොමහරි අපි අපේ
නාට්‍ය ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා..අනේ කෙල්ලගේ නමට ගැලපෙන්නම චරිතයක් එයාට ලැබුනා..ඒ කොල්ලෙක්ගේ අහිංසක පෙම්වතී වෙන්න...එයා රගපාද්දී එයාගේ කොල්ලා වගේ රගපාපු එකා එයාට ඕනිවට වඩා ලං උනා ...
අනේ ඔහොම ලං වෙන්න එපා...මං බය උනා...
කියාගෙන කෙල්ල එක පාරට අර කොල්ලා ලගින් අයින් උනා.හරියට හා පැටියෙක් වගේ....අම්මපා මට අරූගේ හොම්බට අනින්න හිතුනා ඒ වෙලාවේ..හැමෝම එහෙම ඕවර් යන්න එපා කියලා ඌට කිව්වා....වැඩිය ප්‍රැක්ටිස් කරන්න උන්නෑ ඉක්මනට එන්න කියලා කිව්වා..මං කොල්ලගේ යාලුවා ...කෙල්ලට බොරුවක් කරපු කොල්ලෙක්ට දෙන ඇඩ්වයිස් එකක් මං ඌට හොදට දුන්න..අහිංසා ගැන වැඩියෙනුත් ටිකක් කිව්වා..මට ඒක බොක්කටම වැදුන නිසා..හරියට මගේ කෙල්ල වගේ...හැමෝම අපේ නාට්‍ය පට්ටයි කියලා කිව්වා ....ඊට පස්සේ අපිට නටන්න තිබ්බේ ඕන තරම් මං කොහොම හරි අහිංසව කතාවට අල්ල ගත්තා..මොකක් හරි විහිලුවකට එයා හරි අහිංසක විදියට.....
අනේ යනෝ යන්න....කියලා මගේ පපුවට තට්ටුවක් දැම්මා හරි ලාමක විදියට..එයාගේ ඒ තට්ටුවෙන් මගේ හදවතේ දොර සදහටම එයා එයාටම විවර කර ගත්තා...මට ඒ වෙලාවේ ආපු හැගීම කියලා නිම කරගන්න බැරි උනා...එදා රෑ මට නින්දක් තිබ්බෙම නැති තරම් ....උදේම එයාව දකින්කම් මට ඉවසිල්ලක් තිබ්බේ නෑ..මොකද ඒ වෙනකොටත් මං හිතින් සංසාරගත බැදීමක් වගේ එයාට බැදිලා තිබ්බ නිසා...උදේ කෙල්ලොන්ගේ ඩෝමෙට්ට්‍රියට යන පඩිපෙලේ කෙල්ලෝ වගයක් එක්ක හිනා වෙවී ලස්සන නිල් පාට ගවුමක් ඇදගෙන එයා පහලට ආවා..මගේ ඇස් එයාගෙන් පිට ගියේම නෑ...එයාගේ ඉනටත් එහා දිග කොන්ඩේ එයාට අමුතුම ලස්සනක් ගෙනත් තිබ්බා ...දවස් දෙකක ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා අපි ගෙවල් වල එන්න බස් එකේ නැග්ගා...මාත් කොහොමහරි අහිංසා ඉන්න හරියටම ගියා....කෙල්ල මාත් එක්ක කතා කරනවා හිනා වෙනවා..එයත් මං ගැන හිතනවා වගේ මට එයාගේ බැල්මෙන් තේරුනා ඒත් ඒක මට හිතෙන දෙයක්ද කියලා මං හිත හදාගත්තා...අහිංසට ලස්සනට නටන්න පුලුවන් ගිරවියෙක් වගේ කියවන කටකුත් මොනවා නැතත් එයාට තියනවා...ගාල්ලට යන්නත් කලින් එයා බහිනවා කිව්වා..අනේ මට ඒ වෙලාවේ ආපු දුක ....
මං යනවා ලමායි හොදට නටන්න...බායි ජේසූ පිහිටයි..කියාගෙන එයා බහින්න ලෑස්ති උනා..
අනේ බහින එකමයි හොද...පිස්සන් කොටුවට යන්න...කියලා කට කැඩිච්ච විදියට මාත් කිව්වා..එයා හැමෝටම අත වනාගෙන අක්කා එක්ක බැස්සා...මං ෂැට්ල් එක ලගට ගිහිල්ලත් අත වැනුවා ......මට කියාගන්න බැරි දුකක් ආවා...අනේ මේ අපේ අන්තිම හමුවීම වෙයිද කියලත් යටි හිතෙන් කියනවා වගේ දැනුනා.....හැමෝටම සමුදීලා මාත් ගෙදර ආවා..ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් ෆට්ටෙටම සෙට් උන අය හිටපු ගෲප් එකකට මාවත් ඇඩ් කරා....ලොකු ලයින් කියලා හිතපු ගොඩක් අය පට්ටෙට මාත් එක්ක ෆිට් උනා....මං අහිංසා ගැන පැහැදීමකින් හිටියා කියලා හැමෝටම තෙරීලා තිබුනා..ඒත් මගේ කරුමෙට ඒක අහිංසට විතරක් නොතේරිලා.....
Bn adoo romiya uba ekiwa dnnwad?
Ow bn nathuwa eki galle palli awa..
Ekita kollek innwd bn..
Ow bn ekita kollk hitiya...
-------------
Adoo hasthiykaya uba ekiwa dnnwad bn..
Ow bn laawta dnno mkoo case eka...
Na bn poddk hyla kypnkoo
Hari bn ela..ubatad bn
Ow bn
Sirwtamad bn
Ow ow yko
--------------
Akkah eki gana hyla kynokoo..
He he ha ha nm dnnwai...
Ow ow....
Ha mn 4tx tkk ewnnmm
Ha akkah thankuu...
---------------
Ayyah galle malli knk kwwa eya hoda na kyla.eyata yana yana thna kollolu ...
Ane akkah kudha kwwe...
Hriyta dnna mallah eyage ayya kynwa e kella ahinsakailu..ane mndaa
Ehmd akkah...
-----------------
දවසින දවස එයා ගැන එක එක කතා..ඒත් මං ඒවා විෂ්වාස කරන්නෑ මං දන්නවා ඒ කෙල්ල හරිම අහිංසකයි එයාගේ වචනයක් උනත් හරි අහිංසකයි..එයා එහෙම කෙනෙක් නෙවෙයි..මං එයා ගැන දන්න හැම කෙනෙක්ගෙන්ම ඇහුවා ඒත් කවුරුවත් හරි විස්තරයක් එයා ගැන දන්නෑ ...කොහෙන් කොහොමහරි එයාගේ ක්ලාස් එකක් තියන දවසක් මං හොයාගත්තා...කොන්ඩේ කපලා පිලිවෙලකුත් වෙලා ඒ දවස වෙනකම් මං මග බලාගෙන හිටියා ඒත් මගේම කරුමෙකට එදා හොදටම වැස්ස ඒ මදිවට සුලි කුනාටුවක් ගෙදරින් තියා කොහෙටවත් හෙලවෙන්න බැරි විදියට කාලගුණෙත් එදාම මට නපුරු කම් කරා .....සමහරවිට මේක වෙන්නැති මගේ දෛවය .....හැම රෑකම හැම මොහොතකම එයා මගේ වෙයි කියලා හිතමින්,ලොකූ හීන දකිනවා..කවදාවත් අමතක කරන්න බැරි එයාගේ රූපේ , මතකයන් අතර මං හිරවෙලා. අයේත් වතාවක් එයාව දැකගන්න පෙරුම් පුරමින් කාලය යන අතට යන්න දීලා ජීවත් වෙන්න මට සිද්දවෙලා.....දෙවියෝ මං ලග ඉන්නවන්ම් මගේ මේ ආදරේ ඇත්තක්නම් එයාව මට ලැබෙනවමයි..මං දන්න එකම ඇත්ත තමයි, වෙන් කරන්න බැරි විදිහට මං එයාට හිතින් ආදරේ කරනවා කියන එක ......

......❤️mAdUlAnKa❤️..............

මධුලංක ප්‍රභාත්

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment