රණවිරුවෙකුගේ ඉරණම

රණවිරුවෙකුගේ ඉරණම

මං අවිශ්ක..උසස්පෙළ කරලා රැකියාවක් හොයනගමන් ඉන්නේ..කොච්චර හෙව්වත් ගෙදර බර කරට ගන්න පුළුවන් තරම් රස්සාවක් ලැබුණේ නෑ.😞😞
ඔහොම ඉන්නකොට තමයි යාලුවෙක්ගේ මාර්ගයෙන් හමුදාවට කට්ටිය හොයනවා කියලා ආරංචි උනේ ..
අනේ පුතේ..මං කොහොම හරි මේවා බලාගන්නම්..උඹ ඕකට යන්න උවමනා නෑ..හැම අම්මා කෙනෙක් ම වගේ මගේ අම්මත් කිව්වේ ඒ ටිකමයි..ඒත් ඇදේ ඉන්න තාත්තාවයි,නංගීලා දෙන්නවයි මාව යි හැමෝම බලාගන්න තරම් හයියක් මගේ අසරණ අම්මට නෑ..කොහොමින් කොහොම හරි අම්මට තේරුම් කරල දීලා මං ඉල්ලුම් කරනකොට පසිදුවා කියල සති එකහමාරක් විතර වෙනවා. මට එන්න කියලා ලියුම ආපු දවසේ අම්ම වගේ ම නංගීලා දෙන්නත් නොසෑහෙන්න ඇඩුවා..😭😭ඊටත් දවස් දෙක තුනකට පස්සේ මං පුහුණු වීම් වලට පිටත් උනේ හුගාක් බලාපොරොත්තු තියාගෙන🙂🙂
කොහොමින් කොහොම හරි ලොකු කට්ටක් කාලා මං පුහුණු වීම් ඉවර කලා.😍මට පත්වීම ලැබුණේ පුදුකුඩිරිප්පු වලට..ඒ දවස් වල යුද්ධය හොඳට ම දරුණුයි..එදා නම් අම්මා මාව යැව්වේ හිනාවෙලා උනාට හිතේ ගින්දරක් නොතිබ්බමත් නෙමෙයි..සහන් ඒ තමයි මට training period එකේදී හම්බඋන යාලුවා..අපි දෙන්න ම එකම පළාතට වැටුනු නිසා මට හයියක් උනා..
හමුදාවට බැදිලා මාස 8ක් වෙනකොට ගෙදරින් ආවේ බලාපොරොත්තු නොවූ ආරංචියක්..ඒ අපේ තාත්තා නැතිවෙලා කියලා යි.රටේ තිබ්බ තත්ත්වයේ හැටියට මරණයට නොයා ඉන්න බැරිකමට මං එදා ගමේ ගියා..මේ කාලය පුරාවට ලියුමකින් විතරක් සුව දුක් හොයපු මට අම්මව දැක්කම පුදුමාකාර දුකක් දැනුනා..😢
යහමින් අවමංගල්‍යය කටයුතු නිමා කරපු මං තවත් දවස් 2ක් ගෙදර හිටියේ අම්මට අස්වැසිල්ලක් වෙන්න.
අවිශ්ක..අවිශ්ක..
ආ..පසිදුවා වරෙන්..වරෙන්..
නෑ..උඹ වරෙන්කෝ හන්දියට ගිහින් එමු..
හුග දවසකින් දැක්ක නිසා වෙන්නැති කියලා හිතපු මං ඌ ත් එක්කම එළියට බැස්සා..
පසිදුත් එක්කම පාරට ඇවිදින් ගියපු මට දැනුනේ ලොකු වේදනාවක්.අදින් පසු මුළු  පවුලට ම සිටින එක ම පිරිමියා මා පමණයි. තාත්තා නැති අඩුව පිරිමසාලන්නට නොහැකි  වුවත් ගෙදර අයට එම තත්ත්වය  දැනෙන්නට ඉඩ නොතැබිය යුතුයි.
තව දින දෙකකින් මා නැවත  සේවයට  වාර්තා කල යුතුය.
පසිදු......
කියහං බං.
මං නැතිවෙලාවට අපේ ගෙවල්  පැත්තත්  පොඩ්ඩක්  බලපන් මචං.....
නංගීලා දෙන්නයි අම්මයි විතරයි නේ.
හරි බන්.....
පසිදුවත් සිටීම සිතට සහනයකි.
..................................
නැවතත්  යුද පෙරමුණට යද්දී  අම්මා  ඉකිගසා ඇඬුවාය.
මගේ  පුතේ දැන් අපට මොන දේටත් උඹ විතරයි රත්තරනේ.....
මං පුළුවන්  ඉක්මනට  ආයේ එනවනේ අම්මේ...
නංගිවත් බලාගෙන ඉන්න...
මා මිදුලට බැස්සේ ලොකු නංගිට එසේ කියාය.
දින ගෙවිණි.සති ගෙවිණි.මාස තුනක්ම මට ඔවුන්ගේ  සුසුම් දැනුණේ ලිපිවල අකුරුවලිනි.
එන්න එන්නම මට ලැබෙන ලිපි අඩු  වුවත් මා සිතුවේ ඔවුන් මට කරදර කරන්නට අකමැතිවාට නොලියන වගකි .
පසිදුවත් දිනක් මා ඇමතුවේ ඔය අතරය.
මචං  .......
උඹ ළඟදී ගමේ එනවද.
එන්න ඕන බං.
මට උඹ එක්ක  කතාකරන්න  ඕන බං.
දැන් කියපන් බන්  අපේ ගෙදර මුකුත්  කරදරයක් ද?
එහෙම දෙයක් නෙමෙ බං.උඹලගේ  නංගි  ..
අපේ ලොකූ....
ඔව් බං......
මොකද  ලොකූට....
නෑ බං.මං හිතුවේ මං ලොකූව කසාද බඳින්න කියලා.
ලොකූත් දැන් කසාද බඳින්න  ඕන වයස නම් තමයි.....
ඒත් මේ හදිස්සියේ.......
කමක්  නෑ බං.අපි ලබන මාසේ නැකතක් බැලුවා. එදාට අපි දෙන්න අත්සන් කරලා අපේ දිහාවෙ යනවා.
අනේ බං මට නිවාඩු ගන්න බැරිවුනොත්......
මක් කරන්නද බං.උඹ  ආවහම අපිත් එන්නම්.....
...............................
සිතට වේදනාය.
අම්මා  නංගිවත් බලාගන්නට  සිටියත් ලොකු  නංගි දැන් දීග යා යුතු වයසය.එහෙත් අයියා ලෙස මට කිසිත් කරදීමට ඉඩක් නැති ගාන ය.
අම්මාගෙන් දිග ලියමනක් ලැබිණි.
නංගීගේ  විවාහය ගැනත් චූටි  නංගිගේ රැකියාව ගැනත් එහි බොහෝ දේ කියා තිබුණත් සියල්ලම එක්තැන් කරගන්නට මනස සූදානම් නැත.
මට නිවාඩු ලැබුණේ  තවත් දෙමාසයකිනි.යුද්ධය දරුණුය.
දවස් තුනක නිවාඩුවකි.
අම්මේ......
පුතේ ආවද.....
ඇයි අම්මේ මේ කෙඳිරි ගාන්නේ....
අනේ මට උණ පුතේ....
කො මේ චූටි. .....
කෙල්ල වැඩට ගියා...
මොකක්
ඔව් පුතේ....
අම්මට මෙච්චර  අමාරු තියෙද්දිත් එයා වැඩට ගියාද
එයා හිටියයි කියලත් මක් කරන්නද
පුතේ...
ගිය එක හොඳයි.
අම්මා  මොනවද කෑවේ.
මම බත් ටිකක්  උයාගන්නවා කියලා හිටියේ.
අම්මා  තාම කාලත් නැද්ද
ඉන්න මං අම්මාට  කොත්තමල්ලි  ටිකක්  තම්බන්න.
ගෙදර වෙනස් වූ තරම....
අම්මට කොත්තමල්ලි  වතුර ටිකක්  පොවා මා  ඉවු බත් ටිකක් කවා ගත් පසු ඈ නින්දට වැටුණාය.
චූටි ආවේ රෑ 7පහුවුණා පසුවය.
ඇයි ආවේත් කාගෙදො බයික් එක්ක බව මට සද්දයක් දැනුනත්  මම ඈ ගණන් නොගතිමි.
අම්මාට  බෙහෙත් ගෙනවිත් දුනිමි.ඇගේ ආවතේව කර අවසන් වෙද්දී දවස අවසන්ය. හෙට නැවත යා යුතුය.
අම්මට සියලු පඩියම අතට දුනිමි.
............................
ළඟ හිඳ අම්මා බලා ගත යුතු වුවත් මා යා යුතුය.එලියට බැස එද්දී අම්මා  මලානික දෑසින් බලා සිටියාය.
ඒ මා ඈ දුටු අවසන් වතාවයි.
දරුණු යුද ගිනි අතර මා රැදෙද්දී අම්මා මිය ගියාය.
ලොවම නැතිවිය......
යුද්ධය  නිමාවිය.ආපසු ගෙදර එද්දී චුටී  නංගිද ජීවිතය ආරම්භ  කර තිබෙනු දිටිමි.
ඒත් ජීවිතය නැවතිණි.තාත්තා  නැතිවිය. අම්මාත් ඔහු සමග ම ගියාය.නංගිලා තව දුරටත් මට අයිති වුවන් නොවේ.මෙතනින් එහාට ජීවිතය කොයි අතකට යා යුතුද නොදනිමි.

(NS)

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment