කාටත් කලියෙන් මගේ වෙන්න.....
(කෙටි කතාව)
චතුර සඳමාල් වීරසිංහ වන මම දිලිනි හසිකලා පෙරේරා යන අයව මාගේ නීත්‍යානුකූල බිරිද වශයෙන් පිළිගන්නා බවට...........................
එදින රාත්‍රියේ...
දිලිනි වැඩිපුර ෂීට් එකක් තියේ නම් මට දෙනවද.. ආ ඉන්න චතූ ආ.මොකටද මේ..සීතලයි දිලිනි ඒකයි.ඔයා නිදාගන්න.මම මේ සෝෆා එකේ නිදන්නම්.ගුඩ් නයිට්.
දෙවියනේ චතුර පන වගේ ආදරේ කරලා එක වහලක් යටට එන්න පෙරුම් පිරුවේ මේකටද රත්තරනේ..කියන්න මට...දිලිනි ඇද මතට වැටුනේ කොට්ටයට මූන ඔබාන රිසිසේ ඇඩීමටයි.ඇයට අඩමින්ම තෙහෙට්ටුවට නින්ද ගියාය.වේලාව අලුයම තුනට පමන වන්නට ඇත.චතුර අවදී තම හෑන්ඩ් ෆෝනය ගෙන තම මතකයේ සුරක්ෂිත කර ගත් අංකය අමතන්නට විය.
හෙලෝ....හෙලෝ...කව්ද අනේ මේ..දැන් දවස් කීයක්ද මේ සෙල්ලම්.අනික මේ මහ පාන්දර.මගේ දරුවත් ඇහැරෙනවා මේමල විකාර නිසා.ප්ලීස් කතාකරන්න බැරිනම් ගන්න එපා.ඇය දුරකතන විසන්ධි කර ක්‍රියා විරහිත කලාය.
__________________________________________
දිලිනි යමු පහලට කන්න. එන්න.චතූ අනේ ඔයා මට ආදරෙයි කියලා දන්නවා මහත්තයෝ මොකද්ද මේ වෙනස...දිලිනි සියදහස් වාරයක් හඩා වැටෙමින් සිතින් සිතුවාය.කමක් නෑ තාම හෝම්කමින් ඉවර උනෙත් නෑනේ.බලමු.
චතූ....චතූ...බබා ඔයාට කෝල් එකක්..කව්ද දිලිනි..නමක් නෑ.නම්බර් එකක්.මම ආන්ස්....අහ්...ඇ..ඇයි මේ..මෙහාට දෙනවා ආ...ආ..ආ....සො...සොරි දිලිනි.සොරි.ඉන්න ටිකක්.ඇයි මේ කෝල් එකකට මෙයා මේ තරම් කලබල උනේ..මොනාද මේ වෙන්න යන්නේ..මේකද මම හොයපු ජීවිතේ...නෑ නෑ...
හෙලෝ..හෙලෝ මේ ඔයා ඇයි මට මෙහෙම වද දෙන්නේ..මම දන්නවා 077xxxxxxx එකෙනුත් ඔයා ගත්තේ.ඒක බ්ලොක් කර නිසා දැන් මේක.මෙහෙමයි කතා කරන්න බැරිනම් මැසේජ් එකක් දාන්න.කමක් නෑ.ඒත් බැයිනම් ප්ලීස් වද දෙන්න එපා.ඕකේ.
චතුර ඇමතුම අවසාන් කර පිටුපසට හැරෙන විට දිලිනි දැක තිගැස්සුනි.චතූ ඈම් සොරි.මට දැන ගන්න ඕනා ඒ කව්ද කතා කලේ.ඇයි ඔයා කලබල උනේ.දැන් ඇයි ෆෝන් එක කනේ ගහන් සද්ද නැතුව ඉන්නේ කියලා.දිලිනි ප්ලීස් මම ඕවාට උත්තර දෙන්න බැදිලා නෑ.තේරුම් ගන්න. ඔ.. ඔයා වයිෆ් උනාට මට කියලා පුද්ගලිකත්වයක් තියෙනවා.ඕකේ.
දෙයියනේ චතූ මම මම මේ කසාදේ ගැන තීරනයක් ගන්න කලින් කියන්න මොනාද මේ වෙන්නේ කියලා.දිලිනි ඔයාට කැමති නම් ඉන්න පුලුවන් නැත්නම් යන්න.මම මොකුත් කියන්නේ නෑ.මට සමාවෙන්න. මම වැරදි ඇති.ඒත් කරන්න දෙයක් නෑ.මට බෑ ඔයාගේ ජීවිතේ විනාස කරන්න.
_________________________________________
දින සති මාස ගෙවී යන්නට විය.චතුරගේ චර්යාව එන්න එන්නම වෙනස් විය.දිලිනිට මේ කිසිවක් සිතා ගත නොහැකිය.චතුර ඉන්ජිනේරුවකු ලෙස සේවය කරයි.දිලිනි කෝටිපති පවුලක එකම දියනිය නිසා රැකියාවක් නොකරයි.කපුවකු මාර්ගයෙන් ඇති වූ හදුනා ගැනීමක් මත සිදුවූ විවාහයකි.චතුර කඩවසම් තරුණයකු වූ අතර ඒ තරම් නැතත් තරමක ලස්සනක් දිලිනි සතු විය. අවුරුදු දෙකක ආදරයෙන් පසු සිදු කල විවාහයක් නමුත් විවාහ වූ දිනයේ පටන් දිලිනි දිවි ගෙව්වේ ඇඩූ කදුලිනි.
_________________________________________
නත්තල නිසා චතුරට සති එකහමාරක කාලයක නිවාඩුවක් ලැබුනේය.චතූ අපි මේ පාරවත් අම්මලාගේ දිහා යමුකෝ.ආවටම පස්සේ මම ගියේ නෑ.අම්මත් අහනවා.අනික අම්මා අහනවා මගෙන් මොකුත් වෙනසක් නැද්ද තාම කයලා.මම කොහොමද දෙයියනේ අම්මට කියන්නේ වෙනසක් තියා මම ගෙදරින්එනකොට හිටපු කෙල්ලමයි තාම කියලා.මොකද්ද මේකේ තේරුම චතූ.ඇත්ත කියන්න. ඔ...ඔ....ඔයාට තව ගෑනියෙක් ඉන්නවද ආ.....කියනවා.මගේ සල්ලි වලටද මාව කසාද බැන්දේ...දිලිනි....චතුර එක්වරම ඇයගේ කම්මුලට පාරක් එල්ලකලේය. අම්මෝ....දිලිනි බිම වැටුනි.මට..මට සමාවෙන්න දිලිනි.එන්න එන්න මම ඔයාට හැම දේම කියන්නම්.එන්න.චතුර ඇයව රැගෙන ගියේ ඔහුගේ ඔෆිස් කාමරයටය. ඇයව පුටුවෙන් ඉන්දවා ඇයට ඉදිරියෙන් ඇති පුටුව ගෙන ඔහු වාඩි උනේ විශාල පොතක්ද අතැතිවය.
______________________________________________
මේ බලන්න දිලිනි....ඉන්න චතුර පොත ඇතුලේ පරිස්සමට සගවා තිබූ මෙමරි කාඩ් එකක් ගෙන ලැප් එකට සම්බන්ද කර ඇයට දුන්නාය.දිලිනි සෙමින් එහි ඇති ෆෝල්ඩර්ස් එකින් එක විවෘත කරන්නට විය.පසුව ඇගේ ඇස ගැටුනේ my😍 ලෙස නම් කර තිබූ ෆෝල්ඩරයකි.ඇය වෙව්ලන දෑතින් එය විවෘත කර බැලුවාය. ඉතාමත් ලස්සන අහිංසක දෑස් සහිත යුවතියකගේ ඡායාරූ රැසක් එහි විය.ච... චතූ....කව්ද මේ කෙල්ල... ඇය එසේ අසමින් කඳුලින් තෙත් වී තිබූ චතුරගේ දෑස් දෙස බැලිය..
❤❤මේ...මේ මගේ ආදරේ දිලිනි.මගේ පන.මගේ ලෝකේ.මේ ඉන්නේ හෂී.දවසක් හර්ෂ ඇවිත් කෝල් එකක් ගන්න ඉල්ලුවා.උගේ ෆෝන් එකේ සල්ලි නෑ කියලා.මම දුන්නා.ඊට පස්සේ ඌ කිව්වා මචන් ඔය අපේ නංගිලගේ කොන්සර්ට් එකට අන්දවන එක්කෙනා.කෝල් කලොත් ආන්ස්වර් කරලා උට ගන්න කියන්න කියලා.එවෙලේ කෝල් එක ආන්ස්වර් කරලා නෑ.රෑ නමයට විතර මට කෝල් එකක් ආවා.ඔයා විශ්වාස කරන්න ඒ කටහඩ ඇහුනාම මගේ මුලු ඇගම වෙව්ලලා ගියා.කරන්ට් වැදුනා වගේ.කතා කරන්න අපහසුකමක් දැනුනා.එතකොට මට විසිහතයි.ඒ විසිහතටම කෙල්ලෙක් ආදරේ නොකරපු මම ඒ හඩ ඇසුනම පිස්සු වැටුනා.මම අමාරුවෙන් කියන්න ඕන දේ කියලා කෝල් එක කට් කලා.ඊට දවස් ගානකට පස්සේ Fb යද්දී තෑන්ක් යූ අක්කී අපිව ලස්සන කලාට කියලා හර්ෂගේ නංගි හෂී දිල්රුක්ෂී කියලා කෙනෙක්ට ටැග් කරලා තිබ්බා.මම ඒ Fb එකට ගිහින් බැලුවා.මම දැනගත්තා ඒ එයා කියලා.කටහඩ වගේම සුරන්ගනාවක්.මගේ හිත පිස්සු වැටුනා.එයා බියුටීශියන් කෙනෙක්.ඒත් එයාගේ තිබ්බේ හරිම අහිංසක සුන්දර කමක්.ආදරේ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව හිටිය මම මගේ පනටත් වඩා එයාට ආදරේ කරන්න පටන් ගත්තා.එයාගේ ෆොටෝ දෙකයි Fb එකේ තිබ්බේ.මම රික්වෙස්ට් කලා.දවස් ගානකට පස්සේ එයා ඒක ඇක්සෙප්ට් කලා.හැමදාම ඒ ෆොටෝ බැලුවා.මට කන්න බෑ වැඩක් කරගන්න බෑ නින්ද යන්නේ නෑ පිස්සු වැටිලා හිටියේ.බැරිම තැන මම එයාට කෝල් එකක් ගත්තා.එයා ආන්ස්වර් කලාම මම එයා කියන දේවල් අහන් ඉදලා කට් කරනවා.එහෙම දවස් ගානක් කලා.ඊට පස්සේ මට මැසේජ් එකක් ආව.මේ හර්ෂගේ යාලුවා නේද කියලා.මම ගත්තා කෝල් එකක්.ඒ කටහඩ මාව පිස්සු වට්ටනවා.ඒ ඇස් වගේම අහිංකාවියක්.මම පුදුම විදියට ආදරේ කලා.ඒක ආත්ම ගානක ඉදන් එන ආදරයක් වගේ මට දැනුනේ.ඇස් දෙකින් නොදැක අතින් වත් අල්ලන්නේ නැතිව හරි ගොඩාක් මං ආදරේ කලා.ඒත් ඒක මම එයාට කිව්වේ නෑ.දවසක් එයා මට කෝල් කලා.එදා එයා උසාවි ගියා කිව්වා.ඇයි කියලා ඇහුවම කියපු දෙයින් මට දැනුනේ මොකද්ද කියලා මට අදටත් හිතා ගන්න බෑ..එයා ඩිවෝස් වුන කෙනෙක් අවුරුදු තුනක බබෙක් ඉන්නවා.එදා නඩත්තු සල්ලි ගන්න උසාවි ගිහින්.ඒත් මගේ ආදරේ නම් අඩු උනේ නෑ.එහෙම කාලයක් ගියාට පස්සේ මම එයාට ආදරෙයි කිව්වා.එදා එයා කදුලු ඉවර වෙනකන් අඩන්න ඇති.ඒත් එදායින් පස්සේ අපි තව ලන් උනා.මුලු ආත්මෙන්ම අපි ආදරේ කලා.හැබැයි අපි දැකලා වත් තිබුනේ නෑ.එහෙම යද්දි අම්මාට හාට් ඇටෑක් එක ආවා.මට අම්මගේ අසනීපේ නිසා කියන්න බැරි උනා මම ඩිවෝස් වුන දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට ආදරේ කරනවා කියලා.අම්මා මට කෙල්ලෝ හොයන්න ගත්තා.මම අසරන උනා.ඒක හෂී දැනගත්තා.එයා මගෙන් ඈත් උනා.මම පන වගේ ආදරේ කල මට පන වගේ ආදරේ කල මාව හොදටම තේරුම් ගත්ත මගේ අම්මා වගේ ආදරේ කරන කෙල්ල මගෙන් ඈත් උනා.ඒත් එයාව නවත්තගන්න මට ශක්තියක් තිබ්බේ නෑ.ඒ ආදරේ මම හිත ඇතුලේ හැන්ගුවා.එයා නම්බර් පවා වෙනස් කලා.කාලෙකින් මට ඔයාව හම්බුනා.අම්මා ඔයාට ගොඩාක් කැමති කියලා තේරුනා.ඒ නිසා මමත් ඔයාට කැමති වුනා.මම හිතුවේ ඔයාට ලන් උනාම හැමදේම හරියයි කියලා.ඒත් මට ආයෙම හෂීට කතා කරන්න ඕන උනා.මට එයාව හොයාගන්න විදියක් තිබුනේ නෑ.මම පිස්සෙක් වගේ හැම විදියකින්ම එයාව හෙව්වා.මම අන්තිමේදි එයාගේ නම්බර් එක හම්බුනා.මම කතා කලේ මම බදිනවා කියන්න. ඒත් ඒ කටහඩ ඇහුන ගමන් මම අසරන උනා.හන්ගලා තිබ්බ ආදරේ අකුනක් ගැහුවා වගේ ඇග පුරා දිව්වා.ඒත් මට ආයේ හැරෙන්න බෑ.මම කතා නොකර කටහඩ විතරක් අහලා හිත හදාගත්තා.මම ඔයාව බැන්දේ එයාව අමතක කරන්න.විශ්වාස කරන්න මට එයාව තව තව මතක් උනා.මම ඔයාගෙන් ඈත් උනේ ඒකයි.මට දැනුනු එකම ගැහැනිය එයා.මට සමාවෙන්න දිලිනි.මම ඔයාට වරදක් කලේ මම පිලි ගන්නවා.ඒත් අම්මයි හෂී යි නිසා මම අසරන වෙලා ඉන්නේ.මට සමාව දෙන්න.
_____________________________________________
දිලිනි එක පාරටම නැගිටලා ගියා.මම චතුර පහුවදා උදේ වෙනකන් වත් ආයේ දිලිනිව හෙව්වේ නෑ.දුකට අඩනවා ඇති කියලා චතුර එතනටම වෙලා හිතුවා.උදේ චතුර එලියට ගියත් දිලිනි පේන්න නෑ.හැමතැනම හෙව්වා නෑ.කෝල් කලා.ආන්ස්වර් කරන්නේ නෑ.එතකොටම මැසේජ් එකක් ආවා.ඉන්න. එච්චර යි ඒකේ තිබුනේ ඒ දිලිනි.චතුර මූන සෝදගෙන කුස්සියට ගිහින් නූඩ්ල්ස් එකක් හදාගත්තා.මෙයා කොහෙ ගිහින්ද.කමක් නෑ දුක ඇති.එහෙම හිතලා චතුර කාලා ආයෙම ගිහින් නිදා ගත්තා.ඊයෙත් හරියට නින්ද නොගිය නිසා.
_____________________________________________
පැය කිහිපයකට පසු..
චතුරට දැනුනා එයාගේ පිටට කවුරු හරි වතුර දානවා වගේ.ඒ එක්කම ඉකි බිඳින හඩකුත් ඇහුනා.චතුර හිතුවා දිලිනි ඇවිත් කියලා.චතුර හෙමීට නැගිට්ටා.එතකොටම දැක්කා දිලිනි දොර ලග කියලා චතුර එකපාරටම බැලුවේ තමන් ලග අඩන්නේ කව්ද කියලා.ඒ කොන්ඩේ දැක්ක ගමන් චතුර දැනගත්තා මේ කව්ද කියලා ජීවිතේ පළවෙනි පාරට දැක්කත් ආත්මගත ඒ හුරුව ඔහුට හොදින්ම දැනුනා.හෂී......පන ඔයා..චතුර එහෙම කියාගෙන බිමට බරවෙලා අඩන මූන අත් දෙකට මැදි කරගන තමන් පැත්තට හරව ගත්තා.දිලිනි එතනින් යන්න ගියා.චතුර හෂීව එයාගේ පපුවට තද කරගත්තා.ඇයි මගේ රත්තරනේ අඩන්නේ.මම ආදරේ මගේ පනට.ඔයා නැතිව බෑ කියලා දැනෙන කොට මම පරක්කු වෙලා මට සමාවෙන්න මගේ පන.මම මේ හැමදේම හරිගස්සන්නම්.ආ...ඔයා දෝණි පැටියා එක්ක එන්න මා ලගට.ම්ම්ම්...ආදරෙයි දෙයියෝ... දැන් නාඩා ඉන්න මගේ මැණික.ම්ම්ම්..හෂී චතුර ලග පහත්වී කකුල් දෙක අල්ලා වැඳවැටුනා.ඇයි මේ...ආ.....ඔය ආදරේ මට දරාගන්න බෑ මහත්තයෝ.මට දිලිනි සේරම කිව්වා.එයා හර්ෂ ගෙන් මගේ විස්තර අහගන මම කලින් හිටපු සැලූන් එකට ගිහින් එතනිනුත් විස්තර අහන් අපේ ගේ හොයාගන ආවේ.ඇයි මගේ පන අපිට මෙහෙම උනේ.මම කොච්චර ඇඩුවද...හරි දැන් හරි...ම් ම්...ආයේ එහෙම වෙන්නෑ....නාඩා ඉන්න මැණික.. මේ මහත් වෙලා ෆොටෝ වල හිටියට වඩා.දෝනිට ඉක්මනට මල්ලියෙක් ගෙනත් දෙන්න ඕනා...මැට්ටා.....ඇය මිට මොලවා ඔහුගේ පපුවට පාරක් ගසා තුරුලු විය.
________________________________________________
ටික වේලාවකින් චතුරගේ ෆෝන් එක රින් උනා.
දිලිනි හෙලෝ ඔයා ගෙදර නෙමේද.. නෑ චතූ.මට අයිති නැති ලෝකයක් ඕක. ඒකෙන් ඔයත් මමත් දුකෙන්.මම ගෙදරින් ආව විදියටම පිරිසිදුව අද ගෙදර යනවා.ඒකට ගොඩාක් ස්තූතියි.මගේ ලෝය ඔයාට කතා කරයි.මම ඔයාගේ අම්මට එයාගේ හිතේ තිබුන සැකය හරි කිව්වා.
මොකද්ද දිලිනි ඒ....නෑ චතූ ඔයාලගේ අම්මා හිතුවේ පරක්කු වෙද්දි මට දරුවෝ නෑ කියලා.මම ඒක එහෙම්ම කිව්වා.දැන් එයා හෂීට මොකුත් කියන එකක් නෑ.මම වැරදි නෑ.දැන් වුන දේවල් ඉවරයි.ඩිවෝස් එක ලැබෙයි.ආයේ කවදාවත් මට කතා කරන්න එපා.හෂී ගොඩාක් ලස්සනයි.ඔයාට ගැලපෙනවා.ඇත්තටම ඔයා ගැලපෙන කෙනා තෝරගෙන තිබිලා.මම ආයේ කවදාවත් ඔයාලගේ ලෝකෙට එන්නේ නෑ.සුභ පැතුම් එතූ.බායි.එහෙම කියලා දිලිනි චතුර මොකුත් කියන්න කලින්ම කෝල් එක කට් කලා.
චතුර ඩිවෝස් එක අරන් අම්මට හෂීව අදුන්වලා දුන්නා.ඒ වන විට ඔවුන් දෙන්නා විවාහ වී අවසන්.චතුරගේ අම්මා වැඩි කැමැත්තක් නොදැක්වුවත් මේ වතාවේ චතුර ගේ කැමැත්ත නිසා වැඩි මොකුත් නොකීමට වගබලා ගත්තේය.
අවුරුදු දෙකකට පසු.....
කෝ අනේ පන පැත්තකට වෙන්න ඉදගෙන ඉන්න.දඟලන්න එපා මගේ පුතාට රිදෙයි....ආ.....ඒ පාර මාව එපා.තරහයි.ඉන්නකෝ පුතු ඉස්සෙල්ලම හම්බෙන්නේ මටනේ මම කියන්නම් තාත්තිගේ හැටි.අනා......මගේ පන එහෙම නෙමේ මගේ දෙයියෝ ඔයා නැතිව මට ජීවිතයක් නෑ.දන්නවද ආත්ම ගානක ඉදන් එන බැඳීමක් ඒකනේ අපිට අපිව හම්බවුණේ...ඔව් මගේ මහත්තයෝ ඊලග ආත්මෙත් මගේම වෙන්න.කාටත් කලින් මගේම වෙන්න... ආදරෙයි මගේ දෙයියෝ.....මාත් හාවියේ...
#Shashi_Dissanayaka
උපුටා ගැනීමකි
No comments:
Post a Comment