අභිසාරිකාවක් නොවේ මා

කෙටි කතාව..👇👇👇👇👇👇👇👇👇👇👇

(සත්‍ය කතාවක් ඇසුරින් නම් ගම් සියල්ල මනඃකල්පිතයි)

ස්ස් ස්ස් මේ නංගි..ඇහෙන්නෙ නැත්ද ඔයාට තමා.
මේ මොන මලවදයක්ද. නෑ නෑ මන් එහෙම හිතුවට කියන්න ගියේ නෑ...සඳූ වරෙන් බන් යන්න මන් යාලුවවත් ඇදන් බස් හෝල්ට් එක ගාවට ගියා..

ඒ බං අර කුඩු කාරයා නේද ...උගේ කරදරේ තාම ඉවර උනේ නැත්ද බන්...

නෑ බන් අන්න අරූ ආයෙ එනවා..දැක්කෙ නෑ වගේ හිටහන් සඳූ...

උඹට පිස්සුද බන් හැමදාම කට වහන් හිටියොත් ඕකා එන්නෙ කරේ නගින්න..

ඇයි අයියේ මොකක්ද වෙන්න ඕනෙ??ස්ස් ස්ස් ගාන්නෙ ඇයි ඔයාගෙ පවුලෙ කවුරු හරි නයෙක්ද??සඳූ කියලා දැම්මෙ කිසිම ගානක් නැතුව..මන් ශේප් එකේ සඳූව කෙනිත්තුවා...

හරි හරි නංගි නයෙක් උනත් පොලගෙක් උනත් ඔයාට අදාළ නෑනෙ..ඔයා පොඩ්ඩක් මෙතනින් කැපෙනවද..ඔයාට නෙවෙයි මට කතා කරන්න ඕනෙ..එහා පැත්තෙ ඉන්න සුදු බෝලෙට..පිටින් ඔහොමනම් ඇතුලින් කොහොම ඇත්ද..හම්බේ මැවිලා පේනවා වගේ නිකම්..ඌ කියවන් ගියේ මන් දිහා කන්න වගේ බලන් ඉදලා..

මගේ වෙලාවනම් හොදයි...වෙලාවටම බස් එක ආවෙ..මන් සදූවත් ඇගෙන බස් එකට නැගගත්තා..
මොකක්ද බන් ඒ කලේ ශිට් අරූට හොදවැයින් දෙකක් කියන්න බැරි උනානෙ..උඹ මගුල කෙහෙල්මල් බස් එකට නැගගත්තනෙ..ඊයා බන් බලහන්කො මහ තිරිසනෙක්..බලහන් කන්න වගේ බලන් හිටපු කැත..ඌ උඹ පස්සෙ එන්නෙ ආදරේකට නෙවේ උගෙ ආසාවට ..සඳූ කිවුවෙ කේන්තියෙන්..
ඒ මගේ අතිජාත මිත්‍රයා සදුනි..ඒත් අපි ආදරේට එයාට කිව්වෙ සදූ කියලා..එතකොට මම සයුනි වීරරත්න..මගෙ තාත්තා යුද හමුදාවෙ සෙබලෙක්..මං පොඩි කාලෙදිමයි යුද්දෙදි මගෙ තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ..තාත්තා ගැන හරිහමන් මතකයක් ඒ නිසා මට නැහැ..තාත්තා නැති වෙනකොට යන්තම් මාස 8 ලැබුවා කියලා තමා අම්මා මට කිවුවෙ..එදා ඉදලා මාව මේ තරම් උස් මහත් කරන්න මගෙ අම්මා නොවිඳපු දුකක් නැති තරම්..කොච්චරක්නම් අග හිඟකම් තිබ්බත් අම්මා මට ඒක දැනෙන්න දුන්නෙ නැහැ..දරුවන්ව පාරෙ දාලා යන අම්මලා අතරෙ තාත්තත් නැතුව එයාගෙ මුලු ජීවිතේම මන් වෙනුවෙන් කැප කරපු මගෙ අම්මා මට රත්තරං ..එයාගෙ එකම හීනෙ උනේ මන් කැම්පස් එකට සිලෙක්ට් වෙන එක..මගෙ එකම හීනෙ උනෙත් අම්මගෙ හීනෙමයි...මොකද මන් දන්නවා අම්මා මාව මේ තැනට ගේන්න කොච්චර දුක් වින්දද කියලා..
@*#&#*@**@#&#*#*#**@*#&@*@*@*#

සදූ...අනේ බන් මේ ඉස්කෝලෙ ඉවර උනාම මාත් එක්ක යන්න ඉන්නවද..?? තනියම යන්න බෑ බං අර කරුමෙ පස්සෙන් එනවා තාම...
අනේ කෙල්ලෙ මට සයන්ස් ක්ලාස්නෙ..මොකද කරන්නෙ...
අනික බන් ඔහොම ඌට බයයි කියලා පෙන්නන්න එපා...එතකොට උන් එන්නෙ කරේ නගින්න...
හ්ම් කමක් නෑ බන් මේ මැත්ස් කරන මිස් D ක්ලාස් එකේ පොඩ්ඩක් ඉන්න කිවුවා බන් ඒකයි..හරි අවුලක් නෑ සයන්ස් ක්ලාස් මිස් කරගෙන බෑනෙ...
තරහා නෑ නේද කෙල්ලෙ....
පිස්සුද සඳූ...බය වෙන්න එපා මන් අද අරූට හොදවැයින් දෙකක් කියන්නම්කො..අර දවසක් උඹ කිවුවා වගේ...
හම්බේ උඹ කියයි කියලා තමා බය..සදූ කටත් ඇද කරලා කියපු විදියට මට හිනා ගියා...
ඇත්තටම සඳූට පණ්ඩිතයා වගේ යන්න කිවුවත් මට තනියම යන්න බය හිතුනා...අර කුඩු කාරයා මගේ පස්සෙන් අදත් ඒවිදෝ කියලා...මොනා කරන්නද ඉතින් පන්ඩිත කමට කිවුවනම් තනියම යන්නම් කියලා යන්නත් වෙනවනේ...මිස්වත් හම්බෙලා බෑග් එකත් කරට දාගෙන හිතේ දෙගිඩියාවෙන් මන් බස් හෝල්ට් එකට යන්න ගියේ...3යි වෙලාව ළමයිනුත් නෑ පාරෙ...මන් කවදාවත් හිතුවෙනම් නෑ ඒ දවස මගේ ජීවිතේ කාලකන්නිම දවස වේවි කියලා...ඒත් ඒක එහෙම උනා...
ඉස්කෝලෙ ඉදලා බස් හෝල්ට් එකට මීටර් 500ක් වගේ තිබුනෙ... දෙපැත්තෙම ටිකක් කැලෑව... ඉස්කෝලෙ ඇරෙන වෙලාවටනම් බයක් නෑ..ඒත් මෙ වෙලාවට මේ හරියෙ සෙනග අඩුයි...මන් තනියම කල්පනා කර කර එනකොට ඈතින් දැක්කේ සුදු පාට වෑන් එකක්..ඒක ආපු වේගෙට පාර දෙපැත්තෙ තිබුන දූවිලි පාර පුරාම විහිදුනා මොහොතකට මීදුමක් වගේ...
කොහේ යනවද මන්දා හරක් රැළ වගේ කවුද දන්නෑ මුන්ට ලයිසන් දුන්නෙ...මන් හිතින් හිතුවා...ඒ මොහොතෙම ඒ වෑන් එක නතර කළේ මගේ ඇඟේ ගෑවි නොගෑවි...
උනේ මොකක්ද කියලවත් හිතන්න මට තප්පරයක්වත් ඉතුරු උනේ නෑ ඇතුලෙ හිටපු එකෙක් මාව වෑන් එක ඇතුලට ඇදලා ගත්තා... මම කෑ ගහන්න හදනකොටමයි එකෙක් මගේ කට අතින් වහගත්තෙ...
මේ මොකක්ද සිද්ද වෙන්නෙ...අනේ මගෙ රත්තරං අම්මා...කඳුලු කැට කඩන් වැටෙනවා..බයටම...උන් ඔක්කොම 4 දෙනෙක් හිටියා...ගොරහැඬි වගේ අත් මුන පුරා වවා ගත්තු රැවුල...මගේ බය තවත් වැඩි කලා...මම දැගලුවා බේරෙන්න..බය වැඩිකමට..අනේ මගෙ අම්මේ මාව බේරගන්න...කෑ ගහලා කියන්න ඕනෙ උනත් මට හෙලවෙන්නවත් බැරි වෙන්න එකෙක් මාව අල්ලන් හිටියේ...
පරට්ටි උඹ දගලනවා වැඩී... එකෙක් මගෙ කම්බුල හරහා පාරක් ගැහුවා....නෑ වේදනවක් දැනුනෙ නෑ....අනේ මගේ අම්මේ මාව බේරගන්න... මේ මට මොකක්ද සිද්ද වෙන්න යන්නේ...
මාව අතාරින්න යන්න දීපියවි...

ගැටගහපන් ඔය රෙදි කෑල්ලකින් ඕකිගෙ කට...දැගලිල්ල වැඩී ඕකිගෙ..

කොන්ඩෙ වවාගෙන හිටපු මිනිහා රෙදි කෑල්ලකුත් අරන් මට ලං වෙද්දි මගේ මං ගුලි උනේ ඉබේට්ම හිතේ තිබුන බයටම... මාව අතාරිනවා...යන්න දෙනවා මට මන් මගේ උපරිම ශක්තියෙන් කෑ ගැහුවා...වාහානෙ වීදුරු සේරම කලු කරලා..එළියෙ ඉන්න කිසිම කෙනෙක්ට ඇතුල පෙනුනෙ නෑ... අනේ බේරගන්න මාව...මන් එකදිගටම කෑගහන්න ගත්තා... වහපන් කට උඹ ඔහොම නෙවෙයි කොහොම කෑ ගැඋවත් උඹව බේරගන්න සක්කරයටවත් බෑ දැන්...ඌ මගේ අතේ තිබුන රෝසපාට ලේන්සුවම ඇදලා අරන් මගේ කට ඇතුලට එබුවෙ මට වචනයක්වත් කතාකරගන්න බැරි වෙන්න... මන් කෑ ගැහුවත් ඊට පස්සෙ වචන පිට උනෙ නෑ...අනිත් අතින් ඌ මගේ බෙල්ලෙන් අල්ල ගෙන මගේ ටයි එක ගැලවලා අරන් මගේ අත් දෙකම ශීට් එකට තියලා ගැට ගැහුවා..උගේ ඇග හැම තැනම පච්ච කොටලා...ඌ මන් දිහා කන්න වගේ බලන් හිටියෙ...මනසින් මාව නිරුවත් කරලා වගේ...අනේ මුං කවුද..කොහෙද මාව අරන් යන්නේ...මොකටද මාව පැහැරගත්තෙ...මේ හැම ප්‍රශ්නයක්ම මගේ හිතේ ඉතුරුවෙලා තිබුනා...
මේ යන තැන මේකි දකින්න හොද නෑ..ගැටගහපන් ඇස් දෙක ඕකිගෙ...එකෙක් ලගට එන්න හදනකොට මන් බයටම ඌට පයින් ගැහුවා...එ ශනිකවම මගේ කම්බුලට තවත් පාරක් ඌ ගැහුවා...

මේකිගෙ විසේ වැඩී හහ් උඹ ඔහොම දගලන්නෙ තව ටික වෙලාවයි..ඌ මගේ කොන්ඩෙන් ඇදන් මූන ලංකරලා
කියනකොට මන් ඇස් දෙක තද කරලා වහගත්තෙ බයටමයි...
මගේ තොල ලේ රසයි ඒත් තුවාල වෙලා වෙන්න ඇති ඒත් අල්ලලා බලන්න බිදියක් තිබුනෙ නෑ...මගේ අත් දෙකත් ගැටගහලනෙ තිබුනෙ..
අම්මේ....මට මතක් උන එකම කෙනා අම්මා විතරයි...අනේ තාමත් කඩුල්ල ලගට වෙලා මන් එනකල් බලන් ඉන්නවා ඇති... මේ තිරිසන්නු මාව අරන් යනවා අම්මේ ඔයාගෙ සුදු දෝණිව අරන් යනවා අම්මේ...අනේ මගෙ තාත්තේ ඔයාවත් හිටියනම්.. .කෑ ගහල අඩන්න ඕනෙ උනත් අඬන්න බිදියක් තිබුනෙ නෑ...හිතේ වේදනාව බය පිට උනේ ඇස්වලින් කදුලු වෙලා..මට කිසිම දෙයක් පෙනුනෙ නෑ... පැය ගානක් ගෙවිලා යන්න ඇති...ඒත් මට කිසි දෙයක් පෙනුනෙ නෑ කලුවර විතරයි..
ටිකකින් දැනුනෙ වාහානය නවත්තනවා වගේ..ඒ එක්කම එකෙක්...

ඕකිව ගෙනත් අර කාමරෙන් දාපන්...
නෑ නෑ ලෙහන්න එපා....
සතිශ් ඒවි ටිකකින්...

එකෙක් මාව ඇදගෙන ගිහින් කොහෙටදෝ තල්ලු කරා...ඔව් ඒක ඇඳක් වගේ මට දැනුනෙ...මම ඉන්න තැනින් නැගිට්ටා..ඒත් අත් ගැටගහලා ඇස් දෙකත් වහලා..අනේ මන් කොහොම හරි මේවා ගලවගන්න ඕනෙ..ඒත් කොහොමද..
මන් කල්පනා කලේම සතීශ් කවුද කියලා..මොකද මන් එහෙම කෙනෙක්ව අඳුරගෙන හිටියෙ නෑ..

අහ් සුදු බෝලේ...
කවුරු හරි කාමරේ ඇතුලට ආවා...කටහඩ හොදටම අහලා පුරුදුයි...ඒත් කවුද කියලා මට හිතාගන්නනම් බැරි උනා..

ඉන්න ඉන්න ඔයාට දැන් ඕනෙ මන් කවුද කියලා බලා ගන්නනෙ සුදු බෝලෙ...ඉන්නකෝ මන් ඔයාගෙ ඔය බැමි ලිහන්න....

තමුසෙ....😱😱😱මට එක පාරටම කෑ ගැහුනා...ඔව් අර මගේ පස්සෙන් ආව කාලකන්නියා...

අනේ ඇයි සුදු බෝලේ ඔයා මට අගෞරව කරන්නෙ....

සතීශ් කියන්නකො...ඌ මන් දිහා බලලා හිනා උනේ සමච්චලේට...

තමුසෙ ඇයි මට මෙහෙම කරන්නෙ මට යන්න දෙනවා... අනේ මට යන්න දෙනවා...මාව අතාරිනවා...මන් පිස්සුවෙන් වගේ කෑ ගැහුවා...
උඹට යන්න දෙන්න..හ හ් හා...ඌ හිනා උනේ මහ හයියෙන්...උඹව මෙච්චර මහන්සියෙන් අරන් ආවෙ යන්න දෙන්නද සූදු බෝලෙ...උඹේ මහලොකු යාලුවා කෝ ඒකි ඒකි එක්කත් මගේ තරහා අද මන් උඹෙන් තමා ගන්නෙ..පරට්ටි..උඹේ පස්සෙන් මන් කොච්චරක්නම් ආවද තෝ මාව සතේකට ගනන් ගත්තද බැල්ලි...බල්ලෙක් ගානටවත් ගනන් ගත්තද... නෑ උඹ ගනන් ගත්තෙ නෑනෙ එහෙනම් විදවපන්...අද මන් උඹෙන් පට්ට සැපක් ගන්නෙ....එස්ලෝන් බට දාලා...අහ් හා..උඹේ ඇඟ දකිනකොටත් මට ඉන්න බෑ...
ඌ මගේ කොන්ඩෙන් ඇදලා අරන් උගේ අත්වලට මාව හිරකරගත්තා...
විදවපන් අද ඉදන් හැමදාම උඹට ඒක තමා උරුම...හෙමින් කිවුවෙ මූන මගෙ මූනට හොදටම ලං කරල...
අතෑරපන් අනේ මට යන්න දීපන්...මාව බේරගන්න...දෙවියනේ...අනේ මගෙ අම්මේ...මාව බේරගන්න....අනේ මන් වදින්නම් මට මොකුත් කරන්න එපා...මන් වදින්නම් මට ඉන්නෙ මගෙ අම්මා විතරයි..මන් මගෙ යාලුවට ආයෙ බනින්න දෙන්නෙ නෑ ඔයාට අනේ මට මොකුත් කරන්න එපා...මන් පිස්සියෙක් වගේ කියෙවුවා..කෑ ගගහා ඇඩුවා...නෑ ඒ වෙලාවෙ හිතේ තිබුන බය වචනෙන් විස්තර කරන්න බැරි තරම්...ඇස් ඉදිමිලා..කඳුලු වැටිලම..ඇස් රිදෙනවා...මන් උගේ කකුල් දෙක අල්ලගෙන වැඳ වැටුනා...අනේ මට එහෙම කරන්න එපා...මට යන්න දෙන්න...කිසිම දේකින් ඒ තිරිසනාගෙ හිත පොඩ්ඩක්වත් උනු උනේ නෑ..ඌ කලේ මට පයින් ගහපු එක..

ඌ මගේ කොන්ඩෙන් ඇදලා අරන් මාව ඇදට තල්ලු කලා...අනේ මට යන්න දෙන්න...මන් කොච්චර හයියෙන් කෑ ගැහුවත් බේරගන්න කවුරුත්ම හිටියෙ නෑ...මගේ ඇඳන් හිටිය මගේ සුදු ගවුම ඌ ඉරුවෙ බඩගින්නෙ වියරුවෙන් ඉන්න දඩ බල්ලෙක් වගේ...මම දැගලුවත් ඒ ශක්තිමත් අත් වලට මට හෙලවෙන්නවත් බැරි උනා...අනේ මගේ අම්මේ...මට මගෙ රත්තරං අම්මගෙ මූන මැවි මැවි පෙනුනා...මන් නැතුව අඬන හැටි...කඳුලු ඇස්වල නැවතුනේ නෑ...බය වේදනාව පිළිකුල මේ හැම දෙයක්ම මට එකසැරේ දැනුනා...ඌ මට වද දුන්නා හැමවිදියටම... ඌ උගේ පහත් ආශාවල් හැමදෙයක්ම ඉටුකරගත්තෙ කවදාවත් කෙල්ලෙක්ව දැකලා නෑ වගේ..අනේ අසරන මට කිසි දෙයක් ඉතුරු උනේ නෑ.
අඬනවා ඇරෙන්න... අවුරුදු 18ක් රැක ගත්ත මගේ පිරිසිදුකම ඌ එක මොහොතකින් විනාස කලා..මගෙ හැම හීනයක්ම...ඌ විනාස කලා...මගෙ අම්මගෙ බලාපොරොත්තු හැමදෙයක්ම ඌ නිසා නැති උනා...

ඌ මගේ මුලු ජීවිතේම විනාස කරලා දැම්මා...අන්තිමට මට උගේ යාලුවන්ගෙත් ගොදුරක් වෙන්න සිද්ද උනා...
මගේ ඇගට කිසිම පනක් තිබ්බෙ නෑ..ඇග හොලවන්නවත් බෑ..වේදනාවයි..රිදෙනවා...අනේ...මට අඩන්නවත් ශක්තියක් තිබුනෙ නෑ...මන් තවමත් ජීවත් වෙන එක ගැන මට පුදුම හිතුනා...ඇස්වලින් කදුලු කඩන් වැටුනා...ඒත් නැගිට ගන්න පනක් ඇගට තිබ්බෙ නෑ...ඇගේ නූල් පොටක්වත් තිබුනෙ නෑ...ඉරුනු සුදු ගවුම කාමරේ කෙලෝරක තියෙනවා මන් දැක්කා...මට මගේ ජීවිතේ නැති කරගන්න ඕන උනා..ඒත් නැගිටගන්නවත් ඇගට පනක් නෑ... පොඩි කෙල්ලෙක් පස් දෙනෙක්ගෙ ගොදුරක් උනාම කොහොම ඉවසගන්නද... තොල් දෙක ලේ රසයි...ඇග හැම තැනම හීරිලා පුපුරු ගහනවා...අනේ මට වේදනාවයි..ගොඩාහරියක්...අම්මේ ඔයාගෙ දෝනිගෙ ජීවිතේ විනාස කලා අම්මේ...මට සමා වෙන්න මගෙ අම්මේ...
ඔයාගෙ බලාපොරොත්තු ඉශ්ඨකරන්න බැරි උනා අම්මේ...අඩන්නවත් ශක්තියක් ඒ වෙනකොට මට තිබුනෙ නෑ...
මන් ප්‍රාර්ථනා කලේම මාව මැරිලා යන්න කියලා...

මාස කිහිපයකට පසු
....................................

අහ් කුමාරි හාමි මේ ඇඳුම ඇඳගෙන ලෑස්ති වෙයන්...විනාඩි 10යි උඹට දෙන්නෙ.....

එදා අර කාලකන්නි දවසෙ මන් ප්‍රාර්ථනා කලේ මාව මැරෙන්න කියලා උනත්...මොකක්දෝ කරුමෙකට මාව මැරුනෙ නෑ...පහුවදා ඉදන් මට උනේ එක එක මිනිස්සුන්ට සල්ලි වලට විකිනෙන්න..
උන් මාව හිරකරලා අදටත් තියන් ඉන්නෙ...අවුරුදු 18 යන්තන් පිරුන මට මේ හැමදෙයක්ම ඉවසන් ඉන්න වෙලා...මැරෙන්නවත් පිනක් මට තිබුනෙ නෑ..හැමදාමත් මිනිස්සු එක්ක යහන් ගත වෙන්න මට සිද්ද උනේ... සමහර දවසට මිනිස්සු 6ක් 7ක් එක්ක.... උන් මාව නොමරා මරනවා....මන් ඔහේ කිසිම හැගීමක් දැනීමක් නැති බෝනික්කෙක් වගේ ඉන්නවා...උන්ගෙ කීමට මන් හිටියෙ නැත්නම් මට සතීශ් එදාට දස වද දෙනවා...කවුරුවත් නොකරන තරමෙ ලිංගික වද දෙනවා...දැන් මගේ ජීවිතේ විනාස වෙලා ඉවරයි...ඒත් මගේ අම්මා කොහේ කොතන ඉන්නවා ඇත්ද...මට ඒක විතරක් දැනගන්න තිබුනනම්...අදටත් අම්මා මතක් වෙනකොට ඇස් වලට කදුලු පිරෙනවා...මට මාවම නැති වෙලා...අනේ දෙවියනේ මේ දුක වේදනාව තවත් දරාගන්න බෑ මට මගේ හුස්ම ටික අරගන්න...තවත් දුක් විඳින්න ශක්තියක් නෑ මට...දැන් ඒ මගේ එකම බලාපොරොත්තුව..මන් ජීවත් වෙන්නෙ ඒ බලාපොරොත්තුව වෙනුවෙන් විතරමයි...

සයුනි...

මෙහන්සි
..................
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment