️ ❣️💛#පාපොච්චාරණය💛❣️
සුදු හාමිනේ මට තේ එකක් හදපන්කෝ..
මම ඉසුරිගේ කාමරේට එබිළා කිව්වේ..
ඉසුරි මොනවද ලිය ලියා හිටියේ.
කෙල්ලගේ වැඩේම කාමරේට වෙළා මොනව හරි ලියන එකමයි.
ඊට පස්සේ කුස්සියේ වතුර කේතලේ නටන සද්දෙ ඇහුනා.
ඉසුරි තේ හදනව ඇති කියළා මට හිතුනා.
මොන වැඩක හිටියත් මගේ රෙදි සෝදළා ,කෑම, උයලා ,ගෙවල් අස් කරන්න සුදු හාමිනේ අමතක කළේ නෑ.
------**---------
ඉසුරි මට හමුවුනේ මීට අවුරුදු පහකට කලින්.
මගේ හොදම යාළුවගේ මාර්ගෙන්.
ඉසුරි හරි අහිංසකයි.
අඩන පොඩි ළමයෙක්ගේ වගේ කදුළු පිරිච්ච ඇස් දෙකක් ඉසුරිට තිබුනේ.
ඉසුරි හැමදාම හෙව්වේ නිදහස.
සමාජෙට මූන දෙන්න බැරි බයක් වගේ දෙයක් නිතර එයා ලග පෙනුනා.
ගොඩාක් කට්ටිය ඉන්න තැනක ඉසුරි ඉන්න හරි බයයි.
එයා පිරිමි ළමයිට ගොඩක් බයෙන් හිටියේ.
එයාගේ ජීවිතේ බය නැති එකම පිරිමි චරිතේ මමද කොහෙද.
මම හැමදාම කතා කළේ සුදු හාමිනේ කියළා..
එහෙම කතාකරද්දි කෙල්ල හරි ආසයි.
ඉසුරි මගේ හොදම යාළුවා කිව්වොත් මම වැරදි.
පෙම්වතිය කිව්වොත් ඒත් වැරදි.
විහාක බිරිඳ ..
ඔව් කොන්දේසියක් මත විවාහ වුන බිරිඳ.
මම හැමදාම හෙව්වේ සුදු ලස්සන කෙල්ලෙක්.
ඉසුරි ලග මම හොයපු ලස්සන තිබුනේ නෑ.
ඉසුරිට කාත් කවුරුවත් හිටියේ නෑ.
ළමා නිවාසෙක හැදුන නිසාද කොහෙද එයා ලග තිබුනේ පුදුම සමාජ බියක්.
අවුරුදු දහ අටක් වුණාම එයාව ළමා නිවාසෙන් ගල්කිස්සේ ඇගලුම් ආයතනයක ජොබ් එහෙකට දාළා තිබුනා.
වැඩ කර කර ඉද්දි බඩේ අමාරුවක් හැදිළ ඉසුරිව හොස්පිටල් නතර කරළා තිබුනා.
ඉසුරිගේ බාර කාරයෙක් එක්කන් එන්න කිව්වම එයා මට එන්න කිව්වා..
ගෑස්ටික් වැඩි වෙළා බඩේ තුවාල හැදිළා මෙයා ජොබ් වලට යවන්න එපා.
ගෙදර එක්කන් යන්න කිව්වා.
මට ඒ වෙලාවෙ මොනවා කරන්නද කියළා හිතා ගන්න බැරි වුණා.
ඉසුරිට යන්න ගෙයක් තිබුනේ නෑ.
මම ඉසුරි මගේ ගෙදර එක්කන් යන්න තීරණේ කළා.
මගේ ගෙදර වැඩ ඉවර වෙළයි තිබුනේ.
ඒත් ඉසුරිගේ ළමා නිවාසෙ මැඩම් කිව්වේ
එහෙම ඕන ඕන විදියට ඉසුරි අරන් යන්න දෙන්න බෑ.
ඕන නම් මැරි කරළා අරන් යන්න කියළා.
ඊට පස්සේ,
පස්සේදි වෙන් වෙන්න පොරොන්දුව පිට මම ඉසුරිව මැරි කළා.
ආ මෙන්න තේ මොකොද හලෝ මනෝ ගහන්..
නෑ මොකුත් නෑ..
---------**---------
සුදු හාමිනේ මගේ යාළුවො ටිකක් එනවා.
කාමරේ දොර ලොක් කර ගන්න.
ගෙදරට කවුරු හරි එද්දි මම එහෙමයි.
ඉසුරිව කවුරුවත් දකිනවට මම කැමති වුනේ නෑ.
ඒ කවදාහරි මං කැමති කෙල්ලෙක් ගෙනාව දවසට හැමෝටම පෙන්නන්න හිතළා.
කෝ සුදීර උඹේ වයිෆ්?
එයා උදේ ගමේ ගියා බං.
මම බොරුවක් කිව්වේ යාළුවන්ට.
යාළුවො යද්දි රෑ හතත් පහුවුණා.
එතකම්ම ඉසුරි කාමරෙන් එලියට ආවෙ නෑ.
අඩුම තරමෙ වතුර ටිකක්වත් බොන්න.
දවල්ට කෑමක්වත් නැතුව පව්.
මට දුක නොහිතුනා නෙමෙයි.
ඒත් මට වෙන කරන්න දෙයක් තුබුනේ නෑ...
සුදු හාමිනේ ...
යාළුවො ගියාට පස්සේ මම කාමරේට ගිහින් ඉසුරිට කතා කළා.
කෙල්ලට එහෙමම නින්ද ගිහින්.
-------***--------
ලොකු පුතේ..
අම්මත් උදේ පාන්දරම ඇවිත්..
අර කටයුත්ත ගැන මොකෝ කියන්නේ?
පවුලේ එකම ගෑණු දරුවලු.
ලස්සනත් එක්ක..
අම්මා මට කෙල්ලෝ හොයන්න පටන් අරන් දැන් අවුරුදු ගානක් වෙනවා.
ඒත් ඉසුරි ගෙදර ඉද්දි තව කෙල්ලෙක් ගේන්නෙ කොහොමද?
ඉසුරි සාමාජෙට අතාරින්නේ කොහොමද?
කෙල්ලට සමාජෙ තේරෙන්නෙ නෑ.
හරියටම කිව්වොත් පොඩි ළමයෙක් වගේ.
කඩේකට ගියත් තාම ගන්නේ පොත් ,පාට පෙට්ටි
ස්ටිකර්....
අර කෙල්ල කවද්ද උඹ ගෙදරින් යවන්නේ?
උඹට බැරිනම් කියපන් මම එලවන්නම්...
අම්මා ඉවසල ඉන්න මම ඉසුරි පුළුවන් ඉකමනට යවන්නම්...
හෙට උදේම ලෑස්ති වෙයන් අර කෙල්ල බලන්න යන්න.
-------**--------
අප්පච්චි මට බයයි..
සුදුහාමිනේ කොට්ටෙයි රෙද්දයි අරන් මගේ දොර ලග හිටන් ඉන්නවා.
හොදටම වැස්ස අකුණු ගහන සද්දෙට කෙල්ල බය වෙළා.
සුදු හාමිනේ සමහර වෙළාවට මට කතා කළේ අප්පච්චි කියළා.
ඇවිත් මෙහෙන් නිදාගනින්.
මම එහෙම කියළා අනිත් පැත්ත හැරුනා.
ටික වෙලාවකින් බලද්දී
කෙල්ල මගේ ඇද ලග බිම
සිමෙන්ති පොලවේ නිකම්ම කොට්ටේ දාගෙන රෙද්ද පොරවන් ගුලිවෙළා නිදි.
අම්මා කොහොම කිව්වත් ඉසුරි ගෙදරින් යවළා මම නැතුව කොහොම ජීවත් වෙයිද..
------**------
අප්පා සුදු අය්යා අද මාර ලස්සනයිනේ.
කොහෙද මේ උදේම යන්න හදන්නෙ?
මල්ලිට මනමාලියක් බලන්න..
ඉසුරිට කියලම රෙදි මද්දවගෙන අම්මා එක්ක මනමාලි බලන්න ආවෙ.
හිතුවට වඩා කෙල්ල ලස්සනයි.
සුදුයි.
අම්මානම් එකපයින්ම කැමති වුණා.
මගෙත් හිත ගියේ නැතුව නෙමෙයි.
මට ඉසුරිගෙ අහිංසක මූණ මතක් වුණා.
මං එනකම් පාර බලන් ඇති.
අනේ මට එනකොට නිල් පෑනක් ගේනවෙයි.
තින්ත චූට්ටම චූට්ටයි මේ පෑනේ තියෙන්නේ..
මම එන්න හදද්දි කියපු හැටි මතක් වුණා.
අම්මා හොයපු ගෑණු ළමයගෙ නම ලෝචනා.
මට එද්දි ෆෝන් නම්බරේත් දුන්නා.
අම්මනම් හරි සතුටින් ගෙදර අවේ..
අනේ මට පෑන ගෙනාවද?
ගේ ඇතුලට ගොඩවුණා විතරයි ඉසුරි අහනවා ..
අය්යෝ අමතක වුනානේ..
කෙල්ලගේ මූණ අදුරු වුණා.
නෑ නෑ මේ පෑන් හයක්ම ගෙනාවා..
කෝ..
හානේ හරිම ෂෝක් පාට පෑනකුත් තියෙයි.
මේ මං කෑමක් ගෙනාවා..
පෑන් ටිකත් අරන් කාමරේට යන්න හදපු කෙල්ල ආයෙම දුවළා මගේ ලගට ආවා.
බයිට්...
කවරෙ ලිහිලා ඔක්කම බයිට් ටික බිම වැටුනා.
කෙල්ල බිම වාඩි වෙළා ඇහිද ඇහිද කනවා..
හැමදාම වගේ අදත් මගේ හිත මොහොතකට නතර වුණා.
------**--------
ඔයාට ෆෝන් එකක් අරන් ඕනද?
මම ඉසුරිගේ කාමරේට එබිළා ඇහුවේ.
කාට කතාකරන්නද හලෝ.
මට එපා..
ඉසුරි හිනාවෙළා කිව්වේ.
ඉසුරිගේ කාමරේ බිත්ති වල එක එක චිත්‍ර ඇදලා පාට වලින්.
බිත්තිවල කුරුටු බලි ගෑවේ කවුද ආ?
මම කාමරේ ඇතුලට ඇවිත් ඇහුවේ.
මම ඇයි මොකෝ..
ඉසුරි ඉනට අත්දෙක ගහලා ඇහුවේ.
ඇයි රූප ඇදලා මේ....
මේක මගේ කාමරේනෙ.
මට ඕන විදියට තියා ගන්නෙ.
ඇයි ඔයා මෙහේ ඉන්නවට මට ගානක් දෙනවද ආ..
ඔයා හැමදාම මෙහේ ඉන්නෙ නැහැනේ.
ඉසුරිගේ ඇස් දෙකෙන් කදුළු වැටුනා.
මම යන්නම් මට ටික දවසක් දෙන්න.
මම මොකුත් කිව්වේ නෑ.
මටත් ඉසුරිට යන්න කියන්න බැරුව හිටියේ..
ලෝචනා ඉක්මනට මැරි කරමු කියළා නිතරම කියන නිසා.
අම්මත් ගෙදර ආපු හැම දවසකම ඇහුවේ කවද්ද ඉසුරි යන්නේ කියළා.
මම කාමරෙන් එලියට ආවා..
ඉසුරි එදා ඉදලා මං එක්ක වැඩිය කතා කලේ නෑ.
උයන කෑමක්වත් හරියට කෑවෙ නෑ.
මට පිටි හදළා දීලා නිකන් කහට එකක් බොනවා මම ගොඩාක් වෙලාවල් වලදි දැක්කා..
කදුළු පිරිලා වගේ තියෙන ඇස් වල වෙනදාටත් වඩා කදුළු පිරිළා තිබුනා..
සුදු හාමිනේ..
දවස් ගානකට පස්සේ මම ඉසුරිට කතා කළේ.
මේ ඩිවොස් පේපර් සයින් කරනවද?
ඉසුරි ඔලුව වනළා ඒ ටික අරන් දොර වහගත්තා.
කාමරේ ඇතුලෙන් ඉකි ගහන සද්දයක් ඇහුනා.
ඉසුරි අඩනව ඇති කියළා මට හිතුනා..
මම හවස මහගෙදර ආවා.
ටිකක් රෑ වෙළා මගේ ගෙදර යන්න හිතාගෙන.
-------****-------
මම ගෙදර ආවා.
මම එනකම් දොර ලගට වෙළා බලන් ඉන්න ඉසුරි අද නෑ.
මට පුදුමත් හිතුනා.
සමහර විට නිදි ඇති.
ඩිවොස් පේපර් ටික ඉල්ල ගන්න හිතාගෙන ඉසුරට කතා කළා..
සුදු හාමිනේ..
දොර ඇරළා දාළා.
මම කාමරේ ඇතුලට ගියා.
ඉසුරි කාමරේ හිටියේ නෑ.
ඉසුරිගේ ඇදුම් දාන පොඩි බෑග් එක,
එයාගේ පොත්, සපත්තු දෙක කාමරේ තිබුනේ නෑ.
ඉසුරි යන්න ගිහින්.
ඉසුරි මට නොකියම යන්න ගිහින්.
මේසේ උඩ ඩිවොස් පේපර් ටික තිබුනා.
ඒක උඩ හතරට නවපු කොලයක් තියෙනවා දැකළා මම ඒක අතට ගත්තේ.
මම යනවා සුදු අය්යේ.
අවුරු පහයි මාස හයක් මාව දරුවෙක් වගේ බලා ගත්තට ඔයාට ගොඩාක් පිං.
මට අම්මා වුනේ ඔයා.
තාත්තා වුනේ ඔයා.
කවදාවත් අම්මා තාත්තාගෙන් නොලැබුන ආදරේ මට දුන්නේ ඔයා.
අපි මේ ආත්මේ ආයේ කවදාවත් ආයේ හමුවෙන එකක් නෑ.
මතු ආත්මෙක මම ඔයාගේ දරුවෙක් වෙළා ඉපදෙන්න කියළා මම දෙවියන්ගෙන් ඉල්ලනවා.
හැමදාම සතුටින් ඉන්න.
මම ඔයාගෙ සුදු හාමිනේ.
ලිව්ම කියවල ඉවර වෙද්දි මගේ ඇස් වල කදුළු වලින් ලිව්ම බොද වෙළා.
සුදු හාමිනේ..
මම කාමරේ ඇදළා තිබුන චිත්‍ර දිහා බැලුවා.
සුදු අය්යා ..
සුදු අය්යගේ අම්මා..
සුදු හාමිනේ..
එක එක මිනිස් රෑප නම් කරළා තිබුනා.
සුදු හාමිනේගේ සුවද තාම කාමරේ..
මම දොර ලොග් කරළා යතුර කැබිනට් එක උඩින් තිබ්බා.
-------**---------
මගේ වෙඩින් එක අද.
අම්මනම් පුදුම සතුටකින් හිටියේ.
මගේ හිතේ සතුටක් නොතිබුනා නෙමෙයි.
ඒත් මට ඉසුරි මතක් වුණා.
කොහේ කියළා යන්න ඇද්ද.
---------***---------
මම ලෝචනා ලගට යන්නත් කලින් ලෝචනා මගේ කකුල් දෙක ලග වැටිලා අඩන්න පටන් ගත්තා.
මම පුදුම වෙළා බලන් හිටියේ.
මට සමාවෙන්න.
මට ඔයාට දෙන්න දෙයක් නෑ.
මගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ් හැමදේම ගත්තා.
මට දැනුනේ කලකිරීමක්.
මම එහෙමම හෝටලෙන් එලියට ආවා.
ලෝකෙටම පේන්න අඩබෙර ගහළා ගත්තු මගුල.
එදා ඉදළා ලොකෙට බයෙන් අපි එකට ජීවත් වුණා.
------***--------
මට හැමදාම රෑට ඉසුරිව හීනෙන් පෙනුනා.
කොහේ ඇද්ද මොනව කරනව ඇද්ද..
අපි බැදළා අවුරුදු දෙකක් ගියත් අපිට දරුවෙක් ලැබුනෙ නෑ.
අම්මත් නිතරම එක එක දෙවල් කිව්වා.
මොකද තාම දරුවෙක් හදා ගන්න බැරි.
වද ගෑණියෙක්ද උඹට මම ජෝඩු කරලෙ.
අපි ඊට පස්සේ ඩොක්ට කෙනෙක් හමුවෙන්න ගියා.
ප්‍රශ්නෙ තියෙන්නේ මගේද ලෝචනාගෙද බලන්න.
මිස්ගේ පලවෙනි බබා නැති වෙළා ගොඩක් කල්ද?
ඩොක්ට ලෝචනාගෙන් එහෙම අහද්දි ලෝචනා මගේ දිහා බය වෙළා වගේ බැලුවේ..
මම එක පාරට ඔව් කිව්වා.
කිව්වා නෙමෙයි මට කියවුනා.
බබාව ඇම්බෝෂන් කරපු එකෙන් මිස්ගේ ගර්භාශෙට ගොඩාක් ඩැමේජ් වෙළා.
බබාල හදන්න බැරි වෙයි මිස්ට...
මගේ ඇගේ මාලු නටන්න පටන් ගත්තා.
මේ ගෑණි මට කරපු කපටිකමක්.
තරහ වැඩි කමට මගේ මූණ රතු වෙළා තිබුනේ.
මිස් පොඩ්ඩක් එලියට යනවද සර් චෙක් කරන්න ඕන.
නර්ස් කෙනෙක් එහෙම කිව්වම ලෝචනා එලියට ගියා..
මම එලියට එද්දි ලෝචනා හිටියේ නෑ.
ලැජ්ජාවට ලෝචනා ගෙදර ගිහින්.
වෙච්ච හැමදේම අම්මට කිව්වම අම්මා පුදුම වුණා.
හපොයි දෙය්යනේ.
ගමට මූණ දෙන්නේ කොහොමද?
මදැයි පොත්තේ පාටට රැවටුනා.
---------******---------
මම ගෙදර ආවා.
අවුරුදු ගානක් වහලා දාළා තිබුන ඉසුරිගේ කාමරේ දොර ඇරියා.
මකුලු දැල් පිරිලා.
ඒත් ඉසුරිගේ සුවද තාම එහෙමමයි.
මට ඉසුරිගේ අඩුව ගොඩාක් දැනුනා.
ඉන්න තැනකට ගිහින් ඉසුරිගේ කකුල් දෙක අල්ලලා වැදළා සමාව අරන් ආයේ ගෙදර එක්ක ඇවිත් මගේ පන තියෙනකම් බලා ගන්න ඕන.
මම හිතුවා.
----------*****---------
මම ඉසුරිගේ ළමා නිවාසේ මැඩම් හොයාගෙන ගියා.
ඉසුරි හොයන්න ලේසිම ක්‍රමේ ඒක කියළා මට හිතුනා.
මැඩම් ඉසුරි?
මැඩම් ටිකක් වෙළා මගේ දිහා බලන් හිටියා.
ඔව් ඉසුරි ආවා.
මෙහෙට තමයි ආවේ..
ඒ එද්දිත් කෙල්ලගේ ඔලුව අවුල් වෙළා තිබුනේ.
ඔයාගේ ෆොටෝ එකක් දිහා බල බලා අප්පච්චි කෝ කියලා මෙහේ ළමයි හැමෝගෙන්ම ඇහුවා.
තනියම අඩන්න හිනාවෙන්න පටන් ගත්තා.
අපි එයාව ගාල්ලේ සදන් එකේ නැවැත්තුව.
මාස ගානක් ඔහේ බලා ගත්තු අත බලාගෙන හිටියා.
කාත් එක්කවත් කතා කළේ නෑ.
මැඩම් දැන් කෝ ඉසුරි..
මම කදුළු පිහිද පිහිදා ඇහුවේ..
එන්න යමු...
මම මැඩම්ගේ පිටිපස්සෙම් ආවා.
මැඩම් මේ කොහෙද මේ?
මම පුදුම වෙළා ඇහුවේ.
මේ ඉසුරිගේ සොහොන.
එයා යන්න ගියා දරුවෝ.
ආයේ එයා එන්නෙ නෑ.
අපි දාළා යන්නම ගියා....
දෙවියනේ සුදු හාමිනේ....
මම එහෙමම ඉසුරිගේ සොහොන ලග වාඩි වුණා.
සුදු හාමිනේ මම නැතුව ජීවත් වෙන්න දැන්නෙ නැති නිසාද මාව දාළ ගියේ...
අනේ මට සමාව දෙන්න.
උපදින හැම ආත්මෙකම මගේ වෙළා ඉපදියන් සුදු හාමිනේ...
මම ඉර හද සේදෙන්න කදුළු හෙලුවා...
---------නිමි-------
උපුටා ගැනීමකි
No comments:
Post a Comment