නිදූ....
මේ කතාව කොහෙන් පටන් අරන් කොහෙන් ඉවරකරන්නද කියල .කියල මට තේරෙන්නෙ නෑ මම මට හිතුන තැනින් පටන් අරන් මට හිතෙන තැනින් ඉවර කරන්නම්.
මම පල්ලියේ ජේසුගෙ සුරුවම දිහා එක එල්ලෙ බලාගෙන හිටිය .ඇයි ජේසුනේ මට හිටපු එකම නෑයා මෙච්චර ඉක්මනට ඔබ තුරුලට ගත්තෙ .මම අහල තියනව ආදරේ කරුණාව පතුරන හදවත් ඉක්මනටම දෙවියන්ගේ තුරුලට ගන්නවලු .මගේ සිතුවිල්ල තේරුනා වගේ ජේසු නොවෙනස් ආදරෙන් සිනා සීගෙන මා දෙස බලා හිටිය.හරියට මම ඔයාව තනිකරල නෑ කියන්නා වගේ .
මම ඔශාන් කාත් කවුරුවත් ම නැති අසරණයෙක්.දෛවය විසින් අපමණ දුක් දීපු කෙනෙක් . එත් අවුරුදු විසි අටක් උන මම අද රජයේ ඉංජිනේරුවරයෙක් ඔයගොල්ලො බලනව ඇති එහෙම උනේ කොහොමද කියල ඒ මගේ ජීවිතේ වෙනස් කල එක උත්තමාවියක් හින්ද එයා තමයි "නිදූ"
සිතිවිලි එක්කම පල්ලියට එහායින් තිබූ සොහොන් කොත් පේලියේ මැද සුරංගනාවියන් දෙදෙනෙකුට මැදි වූ ඒ සොහොන ලඟ මම නතර උනා .අතේ තිබුන සුදුමල් පොකුර සොහොන මත තිබ්බ ඉන්පස්සෙ සොහොන උඩ වැටිල තිබ්බ කොල රොඩු අතින් අරන් දැම්ම මම සොහොන ඉස්සරහ දන ගහ ගත්තෙ නෙතට ගැලූ කඳුලු පිස දමමින්. නිවාඩු ලැබෙන හැම දාම මම මෙතෙන්ට එනව "නිදු උමයංගනා නානායක්කාර " ඇයගේ ඒ සිනාවත් එක්ක මගෙ සිත තවත් ඈත අතීතයට දිව ගියා .
මට එතකොට අවුරුදු දහයයි ටවුමෙ තිබුන මුඩුක්කු පේලියේ කෙලවරේම ලෑලි ගෙදර අපේ .ඒ ගෙදර ජීවත් උනේ මමයි සිසිලියා නැන්දයි විතරයි සිසිලියා නැන්ද ගෙයි මගෙයි නෑකම මොකකද කියල මම දන්නෙ නෑ. මම දන්න දා ඉඳල සිසිලියා නැන්දා තමයි මට කන්න බොන්න දුන්නෙ ඇය කියන විදිහට මට මාස පහේදි විතර ගෙයි ඉස්සරහ දොර ලඟ කවුරු හරි මාව තියල ගිහින් තිබිල සිසිලියා නැන්ද තමයි මාව හදාගෙන තියෙන්නෙ .අදටත් මම මගෙ නොදැකපු අම්මට තාත්තට වයිර කරන්නෙ නෑ ආදරෙන් මතක් කරනව මාව මේලෝකෙට නොමරා බිහිකෙරුවට මාව කුණු කූඩෙකට බෙල්ල මිරිකල විසික් නොකර සිසිලියා නැන්ද වගේ කරුණාවන්ත ගැහැණියක් අතට පත් කෙරුවට මම අදටත් ඒ අම්මට තාත්තට පින් දෙනව .ඒත් දවසක ඒ දෙමව්පියන් දකින්න පුංචි සිහිනයක් හිතේ කොනක නැතුව නෙවෙයි .
කොතරම් නැතිබැරිකම් තිබුනත් සිසිලියා නැන්ද මාව ඉස්කෝලේ යැව්ව.එතකොට මට අවුරුදු පහයි එක වසරෙ .නැන්ද වැඩ කලේ සුසිල් මුදලාලිගෙ ගෙදර නැන්ද හවස එනකොට ඒයාට කන්න හම්බුන කෑම එක පවා ඔතාගෙන එනව. ටික ටික ලොකු වෙද්දි මමත් හවසට ගිහින් නැන්දට උදව් වෙනව පලා හෝදන එක වගේ සුලු වැඩ වලින් පටන් ගත්තු වැඩ දර පලනව වගේ අමාරු වැඩ වලට මාරු උනේ මම එන්න එන්න ලොකු වෙද්දි කියන්න කනගාටුයි ඉස්කෝලෙ වැඩ වලටනම් මම දක්ශතා පෙන්නුවෙ නෑ හතලිහක් හිටපු පන්තියේ පහලව විස්ස අතර තැනක් තමයි මම .ඒ අදක්ශ කමවත් උවමනාවක් නැති කමවත් නෙවෙයි නැතිබැරි කම .මෙහෙම කාලයක් යනකොට නැන්දට පිලිකාවක් හැදුන හරියට බෙහෙත් නොවැටුන නිසාද කොහෙද එක පෙබරවාරි නමවෙනිදාවක නැන්ද සදහටම දෑස් පියා ගත්ත .ඔබම හිතන්න අවුරුදු දහයක දරුවෙක් කාත් කවුරුත් නැතිව අසරණ උනාම දැනෙන හැඟීම අවුරුදු දහයක් කියන්නෙ ඉස්කෝලේ පහවසරෙ .සුසිල් මුදලාලිගේ ගෙදර වැඩ තිබ්බට ඒවා කෑම බීම ටිකකට හිලවු උනා ඔව්න් මට කීයක් වත් අතට දුන්නෙ නෑ .මගේ වයසෙ අනිත් ලමයින් කෙලිදෙලෙන් සෙල්ලම් කරද්දි මම සුසිල් මුදලාලිගෙ ගෙදර දර පැලුව ගෙවල් සුද්ද කලා .ටිකින් ටික මගෙ ඉස්කෝලෙ ගමනත් ඇනහිටිය මම ඉස්කෝලෙ යන නොඑන එක හොයන්න කියල කවුරුත් හිටියෙ නෑ .මට කාලකන්නිය මූසලය කියල මූනටම බැනපු මිනිස්සු හිටිය .මාව ගෙදරකටවත් කිසිම කෙනෙක් වැද්දගත්තෙ නෑ .මගෙ කාලකන්නි කමටලු සිසිලියා නැන්ද නැති උනේ මම ගිය ගිය තැනට කැඳත් නැතිවෙනවලු .සුසිල් මුදලාලිගෙ කනටත් ඔය කතා වැටෙන්න එච්චර කාලයක් ගියෙ නෑ .මුදලාලිත් මට පල නොකිය පලා බෙදුව .මම කරන්නම දෙයක් නැතිව මුදලාලිලාගෙ ගෙදරින් එලියට බැස්සේ බඩගින්න ඉවසන්නම බැරි තැන මම පාර අයිනෙ ටැප් එකෙන් බඩගෙඩිය පිරෙන්නම වතුර බිව්ව .හරිම අමාරුයි හවස බඩගින්නෙම ගෙදර ගිය නින්ද ගියේ කොයි වෙලාවෙද මට මතක නෑ මම උදේ අටට විතර ඇහැරුනේ මිනිසුන්ගේ කාල ගෝට්ටියක සද්දෙන්.කව්දෝ එකෙක් නිකන් වහල තිබ්බ දොරට පයින් ඇන්න ලෑලි දොර නිකම්ම ඇරුන ඇතුලට ආවේ හැඩි දැඩි එකෙක් මම ඌව සුසිල් මුදලාලිගෙ ගෙදර දි දැකල තියනව ඔව් මේ මුදලලිගෙ ගෝලයෙක්
"උඹ දන්නවද මේ ගෙවල් අයිති මුදලාලිට උඹ කුලී ගෙවන්නෙ නැති හින්ද මුදලාලි කිව්ව උබව එලියට දාල ගේ අරගන්න කියල උඹ හොදින් යනවද නැත්තන් කනෙන් අල්ලල එලියට ඇදල දාන්නද "
"අනේ බුදු මහත්තයො මම වේල් දෙකකින් කාල නෑ මට යන්න එන්න තැනක් නෑ "
මම ඔහු ඉදිරියේ වැඳ වැටුනා ඔබ හිතන්න අවුරුදු දහයක දරුවෙකුට ඉවසන්න බැරි තරම් දුක් කරදර ඒ වෙනකොට මම විඳල තිබ්බා හිසට වහලයක් නැති වෙනවා යයි සිතෙද්දි මොනතරම් දුකක්ද .ඒ නරුමයන්ට කිසිම අනුකම්පාවක් තෙතමනයක් නෑ මාවත් මගේ ඇඳුම් කඩමාලු පොත් පත් ටිකත් එලියට විසි කෙරූ මැරයන් ගෙයි දොරට අලුත් ඉබ්බෙක් දමා දොර ලොක් කර යන්න ගියා .විශ්වාස කරන්න මට නැගිටින්න අත දෙන්න වත් කවුරුත් හිටියෙ නෑ අපේ වත්තෙ සෙනග වටේ පිරිල හිටිය හැමෝම මම දිහා අවඤාවෙන් බලා සිටියා කිහිප දෙනෙක් හූත් කිව්වා .අමාරුවෙන් නැගිටගත් මම සීරී ලේ ගලන මගේ දකුනු අත ඉරී ගිය කමිස අතින් පිහදා ගෙන පොත් පත් ටිකත් ඇදුම් කඩමලු ටිකත් තුරුලු කරන් යන්න හැරුනා .
"හිඟන්නා හූ හූ "
කිහිප දෙනෙක් මට උසුලු විසුලු කලා මම පාරට එන්න හැරෙද්දි කව්දෝ මට පිටුපසින් වැරෙන් පයින් පහරක් ගැසුවා ඒ එක්කම මම විසිවී ගොස් යලිත් පාරෙම වැටුනා.ගැසුවේ මොකාද බලන්න හිස ඔසවද්දි .
"පරය මූසල කාලකණ්ණිය උඹ මොනවද තවත් බලන්නෙ පලයං මේ වත්තෙන් තොලොන්ගි වෙලා තෝ හින්ද තමයි අර ගෑනි අකාලේ මැරුනෙ "
"මේකා වදපු එකී මූව ඉපදුන වෙලාවෙම බෙල්ල මිරිකුවනම් ඉවරනෙ "
කවුදෝ ගැහැණියක් සෙනග අතරින් කියනව මට ලාවට වගේ ඇහුන ඒ වෙලාවෙ නම් මට සාදාරණ තරහක් ආව මොනව උනත් මගෙ අම්ම උතුම්. මාව නොමර මේ ලෝකෙට ඉතුරු කලාට මගෙ සුදු අම්මට මොකක්හරි ප්‍රශ්නයක් තියෙන්න ඇතිනෙ මාව හදා ගන්න බැරි . ජීවිතේට දැකල නොතිබුනත් මගෙ අම්මට තාත්තට කවුරුත් බනිනවට මම ආස උනේ නැ .ඒ නින්දා අපහස ඔක්කම දරාගෙන මම අමාරුවෙන් නැගිටල විසිරුනු බඩු ටික යලිත් එකතු කරන් පාරට ආවා.ගෙයක් දොරක් නෑදෑයෙක් නැති මම පාර දිගේ පල්ලිය පැත්තටයි ගියේ පල්ලිය ඉස්සරහ මරියතුමිය ජේසු බබාව ආදරයෙන් වඩාගෙන ඉන්නව මටත් එහෙම අම්මෙක් හිටියනම් .මටත් අම්මෙක් දෙන්න මෑණියනි මම මරියතුමියගේ සුරුවමේ ඇස් දෙක දිහා බලාගෙන ප්‍රාර්තනා කෙරුවා .මරියතුමියගේ ශාන්ත ඇස් මට කතා කරනවා වගේ දැනුනා .ඇස්වල පිරුණු කඳුලු කැට මම පිහ දාගෙන අසල ටැප් එකෙන් වතුර බිව්ව .කෑම නැතිව ගෙවෙන දෙවන දවස .ඇඟේ අමාරුව නිසා ම සුරුවම ලඟ බිම ටයිල් පොලවෙ මම ඉඳගත්ත තුවාල වල වේදනාව බඩගින්නටත් වඩා හොඳට දැනුනා .
ඇස් පියවෙන්න යන මොහොතෙදි රතුපාට ලස්සන කාර් එකක් පල්ලියේ සුරුවම ලඟ නැවතුනා එයින් බැස්සෙ කැරලි ගැසුන කොන්ඩයක් ඇති සුදු ලස්සන අවුරුදු විසිපහක විතර තරුණ නෝන කෙනෙක් ඒ වෙන කවුරුත් නෙවෙයි මගෙ මුලු ජීවිතේම වෙනස් කරපු මගෙ දේව දූතිය "නිදූ" ඇය වාහනයෙන් බැස්සෙ මාදෙස බලාගෙනයි ඇය ඇවිත් මරිය තුමියගේ මුහුණ දෙස බලා මොනවා හෝ සෙමෙන් මිමිනුවාය ඉන් පසු පපුවේ කුරුසය ඇඳ ආපසු යන්න හැරී යලිත් මා දෙස බැලුවාය සිනා සී ගෙනම මා ලඟ ඇය පහත් උනාය
"චූටි මල්ලි මොකද මෙතන කරන්නෙ "
චූටි මල්ලි?? මට සිසිලියා නැන්දා හැර වෙන කවුරුත් මෙතරම් ආදරෙන් කතා කොට නැත
බිය පහවූ නිසා මෙතෙන්ට එනකම් මම මට වූ සියලු දේ ඇයට කීවෙමි.ඇය ඒ සියලුම දේ සාවදානව අසා සිටියාය .ඇය මාගේ තුවාල දෙස බැලුවේ අනුකම්පාවෙනි .
"මල්ලි මාත් එක්ක අපේ ගෙදර යමුද "
මම එයට කැමැත්ත පල කලේ දෙවරක් නොසිතා ඉමහත් සතුටිනි.ඇය අර ලස්සන කාර් එකේ වම් පැත්තෙ ඉස්සරහ දොර ඇරියෙ මට වාඩි වෙන්න විශ්වාස කරන්න මම ජීවිතේට කාර් එකක ගිහින් නෑ ඒකත් ඉස්සරහ සීට් එකේ මම පරිස්සමින් ඒ සීට් එක උඩ වාඩි උනා. දිව්‍ය බවනක් වගේ හරි සනීපයි ඒ මදිවට සීතල මගෙ වේදනාවන් කොහෙ ගියාද නෑ .අපි දෙන්නව රැගත් කාරය පවනට බඳු වේගෙන් ඇය එලෙව්ව. නැවතුනේ විශාල සාප්පු සංකීරණයක් ලඟ ඇය මාව අතින් අල්ලන් ගිහින් මට මුලින්ම හෝටලයකින් කන්න අරන් දුන්න දවස් දෙකක බඩගින්න නැතිවෙන්න මම කෑව. අම්මො මම කාලා බිව්වෙ චොකලට් බීම එකක් මතක ඇති කාලෙකින් එහෙම රස කෑම කාල තිබ්බෙ නෑ ,ඊට පස්සෙ මාව ලොකු රෙදි කඩේකට එක්ක ගිහින් ලස්සන ලස්සන රෙදි ගොඩක් අරන් දුන්න .මරිය මව් තුමිය මගෙ ප්‍රාර්තනය අහල වගේ.නැත්තන් දුප්පත් මට ඒතරම් වාසනාවක් ඊලඟට අපි ආවෙ .මගෙ වර්තමාන වාසස්තානය මගෙ නිවසට .ඒක දිව්‍ය මාලිගාවක් වගේ නිවසක් අපි වාහනෙන් බහිනකොට වයසක ගැහැනු කෙනෙක් මුහුණත් ඔරවන්
" පුංචි නෝනා මේ කව්ද මේ හිඟන්නා "යි මාව පෙන්නා ඇසුවාය
"සිරියාවතී මේ හිඟන්නෙක් නෙවෙයි මගෙ චුටි මල්ලි මේ ගෙදර පුංචි මහත්තය දැන් ගිහින් මල්ලිට කාමරයක් ලෑස්ති කරන්න ආයෙ කවදාවත් මගෙ මල්ලිට හිඟන්න කියන්න එපා "
සිරියාවති ගියේ මා දෙස නොපහන් බැල්මක් හෙලාය.
එදා සිට මම ඒ ගෙදර සුරතලා විය මට සුවපහසු කාමරයක් සුවපහසු ඇඳක් හිමි විය ජීවිතේ කවදාවත් ඒ දේවල් මම විඳ නැත නිදූ සහ සිරියාවතී පමණක් සිටි මේ නිවස සුන්දර තැනක් විය මම යලිත් පාසැල් යාමට පටන් ගතිමි .ඉස්සර මෙන් නොව මම දැන් පන්තියේ පලමු වැනියා හෝ දෙවැනියා අනිවාර්‍යයෙන්ම වේ. සිරියාවතී මුල් දවස් වල මට වෙනස්කම් කරත් පසුව මට ආදරෙන් සැලකුවාය .නිදූ මා වෙනුවෙන් හුඟක් කැප කිරීම් කලාය අඩුම ගානේ ඇය මාගේ වැඩ නිසා මාව අතරමන් වෙයි කියා විවාහයක් වත් උනේ නැත.ඇයගේ පිහිටෙන් මම විශ්වවිද්‍යාල අද්‍යාපනයද හදාරා අද ඉංජිනේරුවකු ලෙස සමාජයේ නමක් දිනා සිටී.කාලය ගත වෙන විට නිදූ නිතරම අසනීප වෙන්න විය.ඉස්පිරිතාලෙන් එයා එක්කන් එන දවසෙ මාව පසෙකට කතා කල වෛද්‍යවරයා "පුතා ඔයාගෙ අක්කට තියෙන්නෙ දරුණු ගනයේ ලේ පිලිකාවක් එයාට තව වැඩි කාලයක් නැහැ පුලුවන් තරම් එයාව සතුටින් තියන්න එයා තවත් මෙහෙ තියන් වැඩක් වෙන්නෙ නැති හින්දයි අපි තීරණය කලේ එයාව ඩිස්චාර්ජ් කරන්න ." වෛද්‍යවරයා කිවු දෙයින් මගේ ඔලුව කැරකෙන්නට විය. කාලය ඉතා ඉක්මනින් ගත විය .සීතල නත්තල් මාසයේ එක් ඉරිදාවක පාන්දර මගේ දෑත මත මගේ අක්කා අවසන් හුස්ම හෙලුවේ "මගෙ සුදු මල්ලි මම කොයි ලෝකෙට ගියත් ඔයා දිහා බලන් ඉන්නවා "යයි පවසමින් . "නිදූ "මගේ අක්කා නොහොත් අම්මා අදටත් මගෙ මතකයේ වැඩි ඉඩක් දරා සිටී මම සුදුමල් පොකුර ලඟ ඉටිපන්දමක් පත්තු කර ආපසු එන්නට හැරුනි සොහොන් කොත මත තිබූ නිදූ ගේ ෆොටෝ එක සිනාසෙමින් ආදරය උතුරන දෑසින් මා දෙස බලා සිටී .ස්වර්ගයේ සිට මා දෙස බලා සිටින්න මගෙ සුදු අක්කේ ...ඒ ප්‍රාර්තනයත් එක්ක මම ආපසු කඳුලු පිරි දෙනෙත පිසිමින් කාරයට ආවෙමි .
නිමි
කුෂාන් කුෂී ^
31/07/2017
Author - Kushan Hettiarachchi 2017 July
No comments:
Post a Comment