නුඹයි මා පෙම්බරී

#නුඹයි මා පෙම්බරී.#

කොහෙද බං ගියේ..?

අන්න අරූ උබව හොයනවා..

කවුද බං?..😐

වෙන කවුද ඉතින් උබේ බෘංගරාජයා මිසක්..

අනේ යමන්. පිස්සු බං ඌට.කොච්චර කිව්වත් කැමති නෑ කියලා කියන දෙයක් අහන් නෑ. නැට්ට වගේ පස්සෙන් එනවා..

පව් බං. ඌ සිරාවටම ලව්ද කොහෙද බං.

අනේ නල්ලමලේ සිරාව..
මේක හරියන් නෑනේ බං මං කියනවා ජනුගට මට බෝයි කෙනෙක් ඉන්නවා කියලා එතකොටවත් මල වදේ ඉවරයක් වෙයිනේ.

පව් වැඩ බං ඕවා..

අනේ උබත් ඌට මුට්ටි අල්ලන් නැතුව ඉදපන් සෙනූ

ජනුග හරිම විනෝදකාමී කෙනෙක්. විහිලුවෙන් තහලුවෙන් යාලුවෝ එක්ක ඉන්න ජඩ වැඩ කරලා ඉස්කෝලේ ඔෆිස් එකේම ඉන්න කොල්ලෙක්.
ඒත් ගුරුවරු හැමෝම වගේ එයාට ආදරෙයි..ඒත් මට නම් එයාට කැමත්තක් ඇති වෙලා නෑ..
   ම්ම්ම්.. ඒ උනත් පොඩී.......... කැමැත්තක් තියෙනව😊😊. ඒත් ඒක ආදරේ නම් නෙවෙයි.

සෘශී....

සෘශියෝ.....

මොන සිහියෙද බං ඉන්නේ. අන්න පිසික්ස් සර් උබට කතා කරන්වා..

ශිට්.. වස චාටර් එක. හිතත් මට නෝක්කාඩු කරන්වා..

එතකොට මං සෘශිනි.. ඉස්කෝලේ බ්‍රයිට් කියන ගනේට වැටුනු කෙල්ලෙක්. මොකද ඒලෙවල් ක්ලාස් ඔක්කොගෙන්ම බැලුවත් පලවෙනියා .. ඒ වගේ දක්ශකමක්.. ඒ හා සමාන ලස්සනකුත් තිබුනා..

මචන් ජනුවා උබේ කෙල්ලගේ හෙන ලොකු ලයින් බන්.

අනේ පලයන් කවියා යන්න. උබලා මගේ අහිංසකීට මොකුත් කියනවා එහෙම නෙවෙයි.

ඇයි කිව්වොත් උබ මොනා කරන්නද..

මොකුත් කරන් නෑ.. හැබැයි උබට එක ඇටයක්වත් ඉතුරු කරන්නෙත් නෑ😉😉

නොදකින් ගෝතයා..

මේ ඒක නෙවේ කවියා වරෙන්කෝ යන්න බයෝ ක්ලාස් පැත්තට..

මට නම් බෑ පුතෝ උබම පලයාන්..
එදා මතකනේ ගිහින් උන හරිය.

ඒ එදානේ බං. මේ අද..

අනේ එදා උන දේ මතක තියෙන එකෙක් නම් ආයේ ඒ ක්ලාස් එක පැත්තේ යනවා තියා ඒ පැත්ත හැරිලා බත් කන්නෙවත් නෑ. තෝ කෑවට..

උබ මොනාද කන්න වගේ බලන් ඉන්නේ.. අපි දිහා තුශ්නිම්භූත වෙලා බලන් ඉදපු  ලහිරුවාගෙන්
කවියා ඇහුවේ උගේ පිටට සැර පාරක් ගහමින්.

මොකක්ද බං එදා උන උබ රහ කරන සීන් එක..?

ඌ නොදන්න නිසාම ලහිරුවට පුදුම ඕනකමක් තිබුනේ ඒක අහගන්න.

ආ ඒක උබට ආදාල නෑ.. කවියා එහෙම කිව්වේ ඒක දැන ගත්තොත් වැඩිපුරම චාටර් වෙන්නේ ඌ නිසයි..

මේකනේ ලහිරුවා..

අඩෝ ජනුවා ඕක කියන්න එපා
බං. ඊට හොදයි මාව මරපන්..

මේකනේ ලහිරුවා උනේ..

අනේ බං ඕක කියන්න එපා බංංංං.....

කියන්න කට අරිනකොටම මේ කවියා හෝතම්බුවා වගේ කෑ ගහනවනේ. කියන්න දෙන්නෙම නෑ .

කටවහන් ඉදපන්කෝ. ලහිරුවා එහෙම කියාගෙන මං ලගට කිට්ටු උනේ රස කතවා අහන්න..

මේකනේ ලහිරුවා එදා උනේ මෙන්න මේකයි.. මමයි කවියයි ගියා බං බයෝ ක්ලාස් එක පැත්තේ පොඩි විසිට් එකක් දාන්න.. ගිහින් ආවා ඉතින්.. එච්චරයි බං..

නොදකින් මූසලයා..
  ලහිරුවා පව්ද මන්දා

මට එහෙම හිතුනේ ඌ ආසවෙන් කන් දීගෙන ඉදලා මූන ඇබුල් උන විදිය දැකපු නිසාමයි

හහ් හහ් හා.. ඇද්ද උබට අහ ගත්තා. කවියට නම් හැපි මොකද ඉතින් උගේ චරිතේ බේරුනානේ .

ඒ උනාට ලහිරුවා බයෝ ක්ලාස් එක ඉස්සරහා කලිසම ගැලෙව්වම දැනෙන සනීපේ  ගෙදර ගිහින් ගලවනකොට දැනෙන් නෑ.  නේද කවියෝ...

අඩේ ජනුවා තෝ නම්.. හිටපය.. තොව මං කනවා අදනම්..

ඌවත් ලාවට වගේ කපලා දුවලා බේරෙන්න හැදුවට මූ කගවේනා වගේ මගේ පස්සෙන් පන්නනවා..

ජනුවා හිටපාන්..

   ඔහ් ශිට් සොරි සෘශී .. හිතලා නෙවෙයි.. මේ ජනුවා පස්සෙන් එලෙව්වා. දැක්කේ මැතුවයි ඔයාගේ   ඇගේ හැප්පුනේ..
   
    සෘශීව නැගිට්ටවන්න අත දෙන ගමන් ඒ ටික කිය උනේ බයටමද කොහෙදම් ඒත් මගේ අත ගසලා දාලා සෘශී තනියමම නැගිට්ටේ ගවුමේ දූවෙලි ටික අතින් පිහ දාන ගමනුයි.

අනේ සිරි සෘශී මේ කවියා පස්සෙන් පැන්නුවා ඒකයි. අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි.

ආ දැන් උබේ වැඩේ හරිනේ. ඔන්න උබ කිව්වා වගේම මං පස්සෙන් පන්නන් ආවා. උබ ගානට සෘශීගේ ඇගේ හැප්පුනානේ..

අඩේ කවියා බොරු කියන්න එපා බං. ප්ලෑන් කරලා කරේ නෑනේ බං.

අම්බෝ ජනූ උබ ඇයි බං ඔහොම බොරු කියන්නේ. මමයි උබයි ලහිරුවයිනේ බං මේ දැන් කතා වෙලා ආවේ..

අනේ සෘශී මේකාගේ බොරු මේ..

හරි හරි කවුරු හරිද වැරදිද කියන්න මං දන් නෑ. හැබැයි ඕනාවට වඩා එන්න එපා.

ඇගිල්ලත් උලුක් කරලා අපිට වෝර්නින් කරලා සෘශී ගියපු ගමන් මං කරේ  කවියව බෙල්ලෙන් අල්ලන් ඇති වෙනකන් නෙලපු එක.
--------------------------------
සෘශී .. මොනාද බං අත දිහා බල බල කල්පනා කරන්නේ.

මොකුත් නෑ බං.

අනේ ඉතින් උබ අපිටත් කොලේ වහනවනේ..

අනේ යකෝ. මං මගේ අත දිහා බලන්නත් උබලගෙන් අවසර ගන්න  ඕනද.

එහෙම කියලා ශේප් උනාට මගේ යටිහිත අත දිහා බලාගෙන හිතුවේ මෙතන ජනුග හයියෙන් අල්ල ගත්තා නේද කියල.

දන්නේ නෑ මොනා වෙලාද. ඒත් ජනුගගේ ස්පර්ශය වේදනාකාරි උනත් ඒක මට හරිම ආශ්වාදයක් උනා..

දවස් ගානක් ගෙවිලා ගියා  පුදුමාකාර වේගෙනික්..අද ජනුගගේ බර්ත්ඩේ එක.විශ් කරන්නත් ඕනේ..එත් කොහොමද..

සෙනූ උබ මැත්ස ක්ලාස් පැත්තට යන් නැද්ද බං අද..

ඒ මොකටද බං.

ඇයි යකෝ අද උබේ අර මහ ලොකු ජනුවගේ උපන්දිනේ නෙහ්..

ආ.... උබ දැන් කියන්නේ මට විශ් කරන්න යන්නද. නැත්තම් උබට යන්න ඕන වෙලාද.

අනේ සෙනූ මට ඕන් නැති විශ් කෙරිල්ලක් නෑ. මට කිව්වේ උන්ගේ පන්තියේ කෙල්ලෙක්. අර අමායනේ.

ආ එහෙනම් මං ගිහින් එන්නම් . උබ ඔහොම ඉදපන්.

ඒ ඒ සෙනූ මාත් එන්නම්.

ඒ මොකටද උබ එන්නේ?

මොනා උනට්ග් එක බැජ් එකේනේ බං.

අනේ උබෙත් මරිසිය ..වරෙන් වරෙන් යන්න..

මැත්ස් ක්ලාස් එකට යනකන්ම හිත හිත ගියේ කොහොමද ජනුගට විශ් කරන්නේ කියලා. ඇයි ඉතින් ලැජ්ජා නැතුව විශ් කරන්නේ කොහොමද .මං පුදුම ලොකුකම්නේ දැම්මෙත්..

ආ සෙනූ... මොකෝ කට්ටිය මෙහේ..

   ජනුගලගේ සෙට් එකේ රංග අහපු ප්‍රශ්නෙට ඉතින් සෙනූ පැනලා උත්තර දුන්නේ..

අපි මේ පොල් ගාන්න කියලා..

ආ එහෙනම් වැරදි පැත්තට
ඇවිත් තියෙන්නේ . අන්න අර බිල්ඩිමේ කොනේ ක්ලාස් එකට යන්න.

ඒකට නම් මටත් හිනා.. මොකද ඒ අපේ පන්තියනේ😁

මේ අනුන්ගේ සීනි කිරන් නැතිව එහාට වෙනවද. අපි මේ ආවේ ජනූව හම්බෙන්න..

කටට එන හැම එකම කියවන සෙනුවා ඒකත් හිතන්නේ බලන්නෙ නැතුව ඔහේ කියලා දැම්ම..

ජනූව.........

පන්තියේ ඉදපු ඔක්කොම ටික එකපාර ඒ නම් කියපු විදියට අපි දෙන්නවම ගැස්සිලා ගියා..

යකෝ මේ පලවෙනි පාරට ජනූව හම්බෙන්න ආවා වගේනේ මේකේ කොල්ලො ටික උඩ පනින්නේ..
  මේ මේ කියනාද කෝ ජනුවා..
කෙලින්ම ගේමට එන්ටර් වෙන චන්ඩියෙක් වෙගේ අපේ සෙනුවා ඇක්ට් කරන්නේ..

මාව හොයාගෙන මොකෝ කට්ටිය මෙහේ..

පිටි පස්සෙන් ආපු කටහඩට අපි දෙන්නම හැරෙනකොට එතන ඉදියේ ජනූග..

ආ ජනූ.. හැපි බර්ත්ඩේ ...

මං කියන්නත් කලින්ම සෙනූ ඉස්සර උනා..

මමත් කියන්න හදනකොටම ජනුගගේ ක්ලාස් එකේ ඔක්කොම අවිත් ජනුගව වට කර ගත්තා.

අඩේ උබේ උබන්දිනේද බං.

මොනාද බං ගෙනාවේ..

අද බොමු ඈ..

නොයෙක් නොයෙක් ප්‍රශ්න එක්ක ජනුග හිරවෙලා..

හිතට ලොකු දුකක් දැනුනා මං ආවා කියලාවත් ගනන් නොගෙන අනිත් අයට උත්තර දෙනකොට..

මම විශ් කරන් නෑ කියලා හිතාගෙන සෙනුවවත් ඇදගෙන ආපහු එන්න හද්දිම මගේ අතින් ඇද්ද..

කවුද කියලා බලන්න මූන හරවනකොටයි දැක්කේ ඒ ජෙනුග
.

ඔයා මට විශ් කරන් නැද්ද සෘශී ..

ම්ම්.. මං මේ...  ආ..

ගොත ගහන් නැතුව.කියපන් ඕක කියලා සෙනුවා මගේ අතට අනිනවා..

මේ ජේනු.. හැපි... බර්.. බර්ත්ඩේ ..

ආ ගොඩක් වෙලා ගියා ඒක කියන්න නම්..

අපි යන්නම්. කියගෙන මං සෙනුවාව ඇදන් ආවා නෙවෙයි දිව්වා..

අපේ පංතියට ඇවිල්ලත් සෑහෙන වෙලාවක් යනකන් මගේ පපුව ගැහුනා..

මොකද බං උබ අර වෙලේ ගොත ගැහුවේ..

කොයි වෙලේ..

උබ බබා.. ඇයි යකෝ ජනුවට විශ් කල වෙලේ..

අනේ මංදා බං..

මේ සෘශී මට ඇත්ත කියපන්. උබ ජනුවට කැමති නෙහ්..

ඔව් කියන්න වගේ ඔලුව හෙල්ලුවේ කෙලින් උත්තරේ දෙන්න ලැජ්ජ නිසයි .

ආහ් හා ඒ කියන්නේ කෙල්ල කැමතී.. ඉතින් ඇයි උබ ඕක ජනුවට කියන් නැත්තේ..

එයාට කියන්න මොකද්ද වගේ බං.

අනේ උබේ මොකද්ද එක පැත්තකින් තියලා කියපන් ඌට..නැත්තම් මං කියන්නම්.

එපා එපා මංම කියන්නම්..

එහෙම කියලා ශේප් කර ගත්තේ නැත්තම් මේකි ගිහින් ගිනි කිකිලිවගේ ඒක මුලු පංතිය ඉස්සරහම වමාරයි..

සෘශිනි ආන් ජනූ ඇවත්..

    අපේ ක්ලාස් එකේ දොරකඩ ලග ඉන්න ජනූව දැක්කම මගේ හිතට ලොකු සතුටක් දැනුනා .

කියන්න ජනුග..

  ජනුග නෙවෙයි ජනූ..

ආ.. ඉතින් ඇයි මෙහෙ..

ඔයාව බලන්න..

පිස්සුද ජනුග ඔයාට.

ආයෙත් කිව්වා මං ජනුග නෙවෙයි ජනූ.. තේරුනානේ..

හ්ම්..

මං ආවේ ඉන්වයිට් කරන්න.

මොකටද .

මගේ බර්ත්ඩේ පාටියට..ඔක්කොමලා එන්න.

සෙනූ ඔයාලත් එන්න..

පංතියේ ඔක්කොමලාට ඇහෙන්න ජනූ කෑ ගහලාම කිව්වේ නැත්තම් සමහර ලමයි තරහ වෙයි කියලා හිතලා වෙන්න ඇති..

ඔක්කොටම කියනවද.

ඔව්. ඔක්කොටම කිව්වා. එන අය එයි. කොහොමත් ඔක්කොම එන් නෑනේ. ඔයාගෙ සෙට් එක විතරනේ එන්නේ..

අම්මේ කපටියා..
ඒක මං කිව්වා නෙවෙයි කියවුනා..
සෘශී ඔයා අනිවාර්‍යෙන්ම එන්න ඕනි.. හොටෙල් ලේඩි රෝස් එකට එන්න.. හරිනේ.. ආ ඩිනර් හොදේ..😉

හරි හරි..

එනවනේ?

ජනූ මගේ මූනටම එබිලා අහපු විදියට මාව ස්ට්‍රක් උනා..

හ්ම්. බලමු.

බලලා කරලා අනිවර්‍යෙන් එන්න.මං බලන් ඉන්නවා..
--------------------------------

ඉස්කෝලේ ඉවර වෙනකන් ආසාවෙන් හිටියේ ඉක්මනින් ගෙදර යන්න . හැමෝටම වඩා ලස්සනට ඉන්න ඕනකම මට ඕනාවටත් වඩා තිබුනා.

යාලුවොත් එක්ක පාර්ටියට යන විදිය කතා වෙලා ගෙදර ඇවිත් මගේ අලුත්ම ලා නිල් ගවුම අතට ගත්තා ඒකේ හැඩ බලන ගමන්මයි..

සුදු සහ ගෝල්ඩ් පාටින් වර්ක් කරපු එකක් නිසා ගවුම ලස්සනට පේනවා..

වෙනදාටත් වඩා ඉක්මනින් හවස උනාද කොහෙද..
     ඉර මාමටත් එපා වෙන්න ඇති මගේ කරච්චලේ අහන් ඉදලා. ඇයි ඉතින් කීයේ ඉදන් වෙලාව බලනවා කියලද..

ගවුම ඇදලා හීල්ස් දෙකත් දාගෙන පොඩියට මේකප් එකකුත් දාන් හෙයාස්ටයිල් එකක් දා ගත්තෙත් ලස්සනට ඉන්න ඕන නිසාමයි..

හොටෙල් එකට ආවමයි දැක්කේ ජනූගේ ක්ලාස් එකේ කෙල්ලෝ,කොල්ලෝ ලස්සනට රෙඩි වෙලා. ප්‍රින්ස් ,ප්‍රින්සස්ලා වගේ..

අඩේ සෘශී උබේ ලස්සන බං.. අරූ වශී වෙයි..

ඒ අපේ සෙනුවගේ වර්නනාව.

ඉතින් උබත් ඉන්නෙ ඔය ලස්සනට .

අනේ යමන්. උබත් එක්ක බලද්දි අපි කැලේ..

අනේ යමන් උබේ බොරු වර්ණනාව..

අපි හැමෝම හොටෙල් එකට ඇතුල් වෙලා ටේබල් එකක ඉදගත්තත් මගේ ඇස් නම් හෙව්වේ බර්ත්ඩේ බොයි ව..

ඒ සෙනූ කෝ බං ජනූ..

අනේ ඉවසපන් බං ඉවසපන් .. ඌ එයි..

අනේ උබ නම්...

ඒ ආන් බලපන් උබේ කුමාරයා..

කලු කෝට් එකක් ඇදලා බෝ එකකුත් දාන් ගාම්බීරත්වයෙන් එන ජනුගව දකිනකොට කවදාවත් නොදැකපු කඩවසම් බවක් මං ඔහුගෙන් දැක්කා..

ඒය් සෙනූ මේක හීනයක්ද.

පිස්සුද බං මේ හීනයක් නෙවෙයි.

සෙනූ ඒක ඔප්පු කරන්න මගේ අතකුත් නොනිත්තලයි නැවැතුතුවේ..

ඌයි..

දැක්කනේ හීනයක් නෙවෙයි..

සෘශී ...

මං තිසැස්සුනා.. ඔව් ජනුග මං ලග..මං දැන් පිස්සියෙක් වගේ. මගේ හිතටම මං කියා ගත්තා..

ජනුග..

අද ඔයා ගොඩක් ලස්සනයි සෘශී .. යූ ආර් ලුකින් සෝ කියුට්..

තෑන්ක්ස්.

මං ලැජ්ජාවෙන් බිම බලාගෙනම උත්තර දුන්නා..

ඒත් එක්කම මට ඇහුනේ බර්ත්ඩේ කේක් එක කපන්න අනවුන්ස් කරනවා.

ජනුග වගේම අපි හැමෝමත් කේක් එක ලගට රොක් වෙද්දි ලස්සන ඉටි පන්දම් වලින් කේක් එක සැරසිලා තිබුනා..

  ජනුග  මුලින්ම මට කවන්න එනකොටම මං ගල් ගැහිලා වගේ බලන් හිටියේ මේ මොකක්ද වෙන්න යන්නේ කියලා හිතා ගන්න බැරුව.

මට කේක් කෑල්ලක් කවන ගමන් ජනුග හෙමීට් i love u සෘශී කියලා මිමිනුවා..

මට විශ්වාස කරන්නත් බෑ.  එයා මුලින්ම කේක් කැව්වේ මට..

   ජනූගේ යාලුවෝ කෑ මොර දෙනවා.

ඔහ්හ්.. එල එල පුතා
  සෘශී හග් කරන්න
සෘශී කිස් කරන්න.

ඉවරයක් නැතුව ජනූගේ යාලුවෝ කෑ ගහනවා..

සෘශී මට ආදරේ ද? 
  ජනූ ඒක ඇහුවේ මගේ මූනටම එබිලා..

වට් ආ යූ ඩුයින්.. ආ ටූ මෑඩ් ජනූ..

හැමෝගෙම සද්දේ නැවතුනේ ඒ කටහඩට..

අකිලා.. මොකද මේ..

ජනුග සැරෙන් අහපු විදියට අපි හැමෝම බය උනා. මොකද කවදාවත් අපී ඒ තරම් නපුරු මූනක් දැකලා තිබුනේ නෑ ජනූගෙන්..

මොකද අහන්නේ..ජනුග ඔයාට මමයි ආදරේ. මේ කෙල්ල පොඩ්ඩක්වත් ආදරේ කරාද නෑනේ.. මං මෙච්චර ආදරේ කරලත් ඔයා..
ඔයා මොනවද මේ කරන්නේ..

අකිලා මේ...
මං ඔයාට කලිනුත් කියලා තියෙනවා . මං ආදරේ සෘශීට විතරයි.ඔයාට නෙවෙයි..

මේ වෙන්නේ මොනවද කියලා හිත ගන්න බැරුව මං ඒ දිහා ඇස් පිල්ලම්වත් ගහන් නැතිව ඉන්නේ ඇස් වල කදුලු පුරවන්..

දෙවියනේ මට ජනුව නැති වෙයිද.

එහෙම හිතනවත් එක්කම ජනුග මගෙ ලගට ඇවිත්  මගෙ උරහිසෙන් මාව ලං කර ගත්තා..

මෙයාටයි අකිලා මං ආදරේ..ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි . ඒක හිත ඇතුලින් එක්කෙනෙක් වෙනුවෙන් හටගන්න දෙයක්..

හම්හ්.. එතකොට සෘශී ඔයාට ආදරේද.. විකාර නොකර එයාට අයින් වෙලා යන්න් දෙන්න. මමයි ඔයාට ආදරේ. 

මවාගත්ත හිනාවකින් අකිල එහෙම කියද්දි සෙනූ එතන්ට ආවේ හිතා ගන්නවත් බැරි විදියටයි.

ඔයා කොහොමද එහෙම කියන්නේ.. සෘශී ජනූට ආදරේයි..
   ජනුත් එහෙමයි.  එයාලගේ ආදරේට තුන්වෙනියෙක් ඔනේ නෑ අකිලා..

සෘශී ඔයා මට ආදරේ ද...

සෙනුගේ කතාව ඉවර වෙන්නත් කලින්ම ජනූ ඒක ඇහුවේ මාව එයාගෙ ඇගට හිර කර ගන්න ගමන්මයි..

කියන්න සෘශී කියන්න.

ඔව් කියන්නට වගේ ඔලුව හෙල්ලුවත් ඒක ජනූට ප්‍රමානවත් උන පිලිතුරක් නම් උනේ නෑ..

කට ඇරලා කියන්න සෘශී ..

ඒත් වචනයක්වත් නොකියපු මාව අර හැඩි දැඩි අත් වලින් ගිලිහෙනකොට මට දැනුනේ ජනූ මට නැති වෙයි කියන බයයි..

ඒත් එක්කම මං ජනූව හයියෙන් වත්තම් කරගෙන කෑ ගැහුවා..

ඔව්.. මං ආදරෙයි ජනූ... ගොඩක් ආදරෙයි..

මගේ මැනික.. මමත් ගොඩක් ආදරෙයි සෘශී ..

අකිලා මේක ද්විපාර්ශවික ආදරයක්.. ඔයා කොනට වෙන්න. එහෙම කියන් කරලියට ආවේ කවියා..

උබේ බර්ත්ඩේ එකට මං මොකුත් ගෙනාවේ නෑ බං. ඒ වෙනුවට උබ ඔය සෘශී ගේ ආදරේ තියා ගනින්.

ලහිරුවා කියපු ඒ කතාවට නම් අපි හැමෝටම හිනා ගියා..

සෘශී ඔයා තමා මට හොදම බර්ත්ඩේ ගිෆ්ට් එක දුන්නේ..
  
ඒ වගේම ඔයා තමා මගේ පෙම්බරී....
    

      මාශි..

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment