සිත් ගත් මිතුරි

❤💞සිත් ගත් මිතුරී💞❤

"මෙි කවුද බං අර අලුතෙන් ආවෙි අපේ ඔෆිස් එකට...."

"උබ මොකටද ඒවා හොයන්නෙ...ආ.....කියපන්කො බං අපටත් දැනගන්න....."

"නෑ....බං...මෙි....."

"හරි...හරි.....ඇබරෙන්නැතුව කියල දානවකො ඕක.....උබ ටෝක් කරනවද එකට...."

"එහෙමත් නෑ....ඒත් නැත්තෙමත් නෑ ඉතින්....."

"අයියො....ඇයි බං මෙි පොඩි එකෙක් වගේ...."

"නෑ බං මෙිකයි....මම ඒකට ට්‍රයි බං එකයි...."

"අන්න එහෙම කියපන්කො....එකට හැබැයි අර අපේ සුපුනත් ට්‍රයි කරනව හැබැයි....."

"අඩෝ....එහෙමත් සීන් එකක්ද.....එහෙනම් මම අයින් වෙන්නම් බං සීන් එකෙන්....."

"පිස්සුද බං.....උබත් ට්‍රයි කරපන්....වැටෙන එකෙක්ට වැටෙයිනෙ....."

"හම්ම්ම්ම්....ඒකත් ඇත්ත නේ....."

මම අශේන්.අශේන් තනුර.පවුලෙ වැඩිමල්ම දරුව උනේ මම.මට හිටියෙ තව පොඩි මල්ලි කෙනෙක් විතරයි.උසස්පෙලට වානිජ අංශෙන් විභාගෙ කරල කැම්පස් ගිහින් ඩිග්රි එක අරන් අවුට්වෙනකොටම වගෙ මට ප්‍රයිවට් කම්පැනි එකක ජොබ් එක හම්බුනේ.......කලවයසත් හරි නිසා ගෙදරින් මනමාලියෝ කීපදෙනෙක්ම බලන්න ගියත් මගෙ හිතට ඒ කිසිම කෙනෙක් හරිගියෙ නෑ.......ඒ නිසාමද කොහෙද.....

"මෙි ලොකුපුතේ.....කවුරු  හරි ලමයෙක් ඉන්නවනම් කියන්ඩ....ඒක කරල දෙන්නම්.නැත්තන්මේ ගෙදරට වෙලා නාකි උනාම කසාදයක්වත් බැදගන්න බෑ....."

"අනේ....අනේ....අනේ අම්මෙි.......මොනවද කියන්නෙ මෙි......"

"ඇත්ත කියන්නෙ පුතේ....උබ ගැන හිතලමයි කියන්නෙ....."

"අනේ අම්මෙ මට කවුරුවත් නෑ...."

"එහෙනම් කාටවත් කැමැත්තක් නැත්තෙ...."

"මගෙ හිතට හරියන්නෑ ඒ කවුරුවත්ම......"

"අනේමන්ද උබත් නම්....හදන්න බෑ....."

හැමදාම වගේ අම්මගෙන් ඒ බැනුම් අහන එක මට පුරුද්දක් වෙලයි තිබුනෙ......

**************************

"හායි.....good morning...."

"Good morning...."

"කොහොමද ඉතින්...."

"හොදයි...."

"අලුතෙන් නේද ආවෙි මෙිකට ඔයා....නම කියන්ඩකො අදුරගන්නවත්......"

"නිසලී....නිසලි පුන්සරා....."

එදා අපේ කතාව එතනින් නවත්තල දැම්මෙි ඔෆිස් එකේ කට්ටිය දැක්කොත් මට නිදහසෙ මගෙ හිත ගත්තු කෙනාටවත් කැමැත්ත දෙන්න බැරිවෙයි කියල හිතුන නිසාමයි.

**************************

"ඉතින් මෙහෙම කාලයක් කතාබහ කරල අන්තිමටම අපි හොදම යාලුවො උනා.....අපේ යාලුකම කොච්චරද කියනව නම් එක්කෙනාට එක්කෙනෙක් නැතුවම බෑ.......මම ඔෆ්ස් එකට යන්න විනාඩියක් පරක්කු උනත් මට කොල්  කරන්නත් එයා විනාඩියක් පරක්කු උනත් එයාට කෝල් කරන්නත් අපි දෙන්න පුරුදු වෙලා හිටියා.........

ඒ කාලෙදිම තමා මම එයාගෙන් ඇහුවෙි.......

"මෙි නිසලි....දෙයක් අහන්නද???...."

"ම්ම්ම්ම්....මොකක්ද....අහන්න...."

"ඔයාට කවුරු හරි ගොඩක් ස්පෙෂල් කෙනෙක් ඉන්නවද???"

"එ් කීවෙි....මට තේරුනෙ නෑ...."

"ඔයාට bf කෙනෙක් හරි මැරි කරන්න කෙනෙක් හරි ඉන්නවද කියල ඇහුවෙි...."

"ආ...එකද....ඔයා දන්නවනෙ හලො....මට තාම කවුරුත් නෑ කියල....."

"හම්ම්ම්ම්....."

"මොකද එක පාරටම ඇහුවෙ එහෙම...."

"නෑ....නිකන්....."

**************************

"මෙි.....මහත්තයො... මහත්තයගෙ දුවට යොජනාවක් අරගෙනයි ආවෙි...."

"කවුද කපු මහත්තයො ඒ....."

"හොද වැදගත් පවුලක කොලලෙක්.ලස්සනයි කොල්ලත්....මට දිනයක් කියන්කකො එයාලට එන්ඩ කියන්ඩ...."

"මෙිව කල් යවන්න හොද නෑ නේ....මෙි සතියෙම එන්න කියමු....."

එදා කපු මහත්තයත් එක්ක අපේ ගෙදර කට්ටියම ගියෙ මගෙ මනමාලිව බලන්නයි......අපි එයාලගෙ ගෙදරට ගිහින් කතා කරත් එයා එලියට ආවෙත් බිම බලාගෙන ලැජ්ජාවෙනුයි........බිම බලාගෙනම ඇවිත් මට බුලත් හෙප්පුව ඇල්ලුවත් නිකමටවත් මගෙ මූණ දිහානම් බැලුවෙ නෑ.......එයා යන්න හදනකොටම.....

"දු....එන්නකො....."

අපේ අම්මඑයාට අඩගහගත්තෙ එයාගෙම දුවෙක්ට කතා කරනව වගෙයි.අම්ම ගාවට ගියත් බාම බගාගෙනම හිටියෙ ලැජ්ජාව නිසාමයි.ඒ වෙලාවෙදි තමා.....

"එහෙනම් දෙන්නත් එක්ක එලියට ගිහින් කතා කරල බලන්නකො....."

එහෙම කියපු ගමන්ම මම ඉක්මනටම නැගිට්ටෙි මගෙ හිත ගත්තු එකම කෙල්ල නිසාමයි.....මම ගිහින් එලියෙ බංකුවක වාඩි වෙලා ඉන්නකොට මට එහා පැත්තෙන් වාඩි උනත් මගෙ මූණ දිහාවත් බැලුවෙි නෑ....එක පාරටම එයා....

"⁣මෙි මට ඔයාව බලන්න ඕන නෑ.....මම නැමතිනෑ....මට එක්කෙනෙක් ඉන්නව හිතේ...."

"ඒ කවුද ඒ....."

මම එහෙම කියනකොටම පුදුමෙන් වගෙ මගෙ මූණ දිහා බලල .......

"ම්ම්ම්....නපුරා....ඔයා.....අනේ.....මම බය උනේ වෙන කෙනෙක් කියල....."

එදාම අපි අපේ වෙඩින් එකට දින පවා ලැස්ති කරගෙන ආවෙි.අපේ ගෙදරත් ගෑණු ලමයි නැති නිසා පවුලෙ හැමෝම නිසලිට ආදරෙ කරා.

ලියන්නෙ : දුෂාන්
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment