ගිලිහුනු පෙම

💞❤ගිලිහුනු පෙම❤💞

එදා උදෙත් මම ෆෝන් එක අරගෙන නිදිම⁣තේම වගෙ ඩෙිටා ඔන් කරේ උදේ පාන්දරම ඇහැරපු ගමන් ෆෝන් එක ඔබන එක පුරුද්දක් වෙලා තිබුන නිසයි.හැමදාම වගෙ ඩෙිටා ඔන්කරනකොටම fb එකෙන් රික්වෙස්ට් 200ක්  විතර තිබුනා.කොහොමත් ඉතින් කෙල්ලෙක්ට fb account එකකට රික්වෙස්ට් 200ක් එනව කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙ.උදේ පාන්දරම නිසා නිදිමතේ එවා එකින් එක බලල ටිකක් ලස්සනට හැන්ඩ්සම් ලුක් එකක් තියෙන කොල්ලන්ගෙ ප්‍රොෆයිල් එකත් පොඩ්ඩක් චෙක් කරල හොදයි කි⁣යල හිතෙන කට්ටියව ඇඩ් කරගත්⁣තේ.ඒ රික්වෙස්ට් අතරෙ තමා......Chanuka S Rathnayake....කියල කෙනෙක් රික්වෙස්ට් කරල තිබුනෙ.ප්‍රොෆයිල් එකට ගිහින් බලනකොට හිටිය කොල්ලත් හොද හැන්ඩ්සම් ලුක් එකක් තිබුන නිසාම පොරක් හිතන්නෙ නැතුවම මම කන්ෆම් කරේ මගෙ හිත ඇදිල ගියපු නිසාමයි.....ඒත් එක්කම වගෙ මගෙ bfගෙන් ම⁣ට මැසේජ් එකක් ආව.....

"Gm sudu ammiyooooo...."

"Gm gm ptyooooo...."

"Mkd wasthu oya online awillath msg kre nethe menika...."

"Ane pana mt me notification 200k 300k wtr awith.ewa tika chek kra wasthu....."

"Hmmmm....ha....ha....twm doid bbo...."

"Hmmmm...ow bba....."

"Hmmmmm.....enm mn office ynw.menikat mn msg ekk dannmko....."

"Hri bba....prissmin yanna.bs...."

වෙනදට උදේ ඇහරපු ගමන්ම එයාට මැසේජ් කරත් අද මැසේජ් කරන්න අමතක උනේ මගෙ හිත තිබුනෙ අර fbඑකෙ රික්වෙස්ට් කරපු චානුක ලග නිසාමයි.....මගෙ bf office ගියත් කරේ දවසෙ වැඩි වෙලාවක් මාත් එක්ක මැසේජ් කරපු එකමයි.ඒත් එදා එයාට වැඩ වැඩි නිසාමද කොහෙද මාත් එක්ක මැසේජ් කරේ වෙනදට වඩා හරිම අඩුවෙනුයි.ඒ වෙලාවෙදි තමා.....

Chanu : hi..

Me :hi

Chanu : mk

Me: mukuth ne

Chanu : khmd itn

Me : hndai.oyat khmd

Chanu : hndai ane.....

එදා චානුක තවත් මට මැසේජ් කරත් මම එයාට  රිප්ලයි නොකර එයාගෙ මැසේජ් සීන් කරන්නැතුව හිටියෙ මම එයාත් එක්ක තව තවත් මැසේජ් කරොත් එයා මන් ගැන වැරදියට හිතන නිසාමයි.චානුක මැසේජ් කරපු බවක්වත් මම මගෙ bfට නොකියා හිටියෙ එයා එක දැනගත්තම ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනව කියල දැන්න නිසාමයි......ඒත් ඉතින් මට චානුකගෙන් මැසේජ් 7ක් 8ක් විතර ඇවිත් තිබුන නිසාම මම ආයෙත් මැසේජ් බැලුවා....

Chanu : akkiyooo

Chanu : ko oyaaaa

Chanu :akki bbaaa

Chanu :trhwelad

Chanu : ai ane msg nethe.trhd.....

Me :mmmmm....ne anew....nikn..

Chanu : hmmmm....mn htuwe trh wela kyl.mn msg krn eka krat kmk ne ne....

Me : ane...ekt kmkne malli ptyooo.....

Chanu : hmmmm...enm awlk ne.akki bb kalad inne

Me :hmmm...ow malliyo....

එදා මෙහෙම පටන්ගත්ත චැට් එක නිසා අපි කාලයක් යනකොට හොදම යාලුවො උනා.....ඒත් ඒ හැම යාලුකමක්ම තිබුනෙ මගෙ bfට හොරෙනුයි.ඉතින් ඒ කාලෙදි අපි අපි අතරෙ විස්වාසය නිසා නම්බස් පවා මාරුකරගත්තා.එහෙම කාලයක් යනකොට තමා අපි අතරෙ යාලුකමකට එහා ගියපු ආදරයක් දෙන්නගෙම හිත් වල ඇති උනේ.ඒත් ඉතින් මම එයාට ඒ ගැන නොකියා හිටියෙ මට ආදරෙ කරන්න කෙනෙක් හිටපු නිසා වෙන කෙනෙක්ට බලාපොරොත්තු දෙන්න බැරි නිසාමයි....ඒත් එක දවසක්.....

Chanu : akki bbooo...deyk ahnnd oyagn....

Me : ahnna malliyo mkkd

Chanu : hbei trh wenne kyl promis wenna ona...

Me : hri hri ane....hnd yaluwo trh wenne....

Chanu : mn oyat adrei akkiyo.mn dnnw oya mt wda wedimal kyl.eth adret eka badawk ne neda???adre awankai nm anith kisi deyk wdk ne neda???

Me : plz malliyo api yaluwo.api atre affair ekk ptn gnna be...

මම එදා එහෙම කීවත් මගෙ හිතත් ඉල්ලුවෙම චානුකවමයි.මොකද මගෙ bf හිටියට මට එයාගෙන හරියට ආදරයක් ලැබුනෙ නෑ.ඉතින් එහෙම කාලයක් මගෙ පස්සෙන් මගෙ ආදරෙ ඉල්ලගෙනම ආව නිසා මම ටික ටිම මම ආදරෙ කරපු කෙනාව මගඅරින්න ගත්තා....ඒ දවස්වලදි එයා.....

: bb oyat mkd wela tynne menika

Me :mukuth ne...

: dn issrt wda wens oya....

Me: ehm ne ane

  : nethe mkd

Me :oyat itn mw sure ne ne....

මම එහෙම කියා කියා එයාව ටික ටික මගඅරින්න ගත්තෙ ඒ වෙනකොට මගෙ හිතට මටත් හොරෙන් පෙම් හොරෙක් රහසෙම ඇවිත් හිටපු නිසයි.චානුක මල්ලියෙක් උනත් අපි හරි ලසිසනට හිටියා.කාලයක් යනකොට මගෙ පරණ bf ට මාව එපා වෙලා එයාම අපේ affair එක නවත්තල දැම්මා.ඒත් එදා  ඉදන් චානුකගෙ ආද⁣රෙ මට තව තවත් වැඩි පුර දැනුනා......

"අක්කි පැටියො......"

"ම්ම්ම්ම්ම්ම්....."

"මට කොච්චර ආදරෙයිද මගෙ මැට්ටි...."

"ගොඩාලියක් ආඩලෙයි මගෙ මැට්ටො...."

"මාව කවදාවත් දාලයන්නෑ නේද මගෙ පන..."

"හීනෙකින්වත් නෑ මගෙ රත්තරන්.....ඔයා තමා මගෙ ජීවිතේ....."

"මගෙත් එහෙමම තමා වස්තු....ආදරෙයි මං මගෙ පිස්සිට......."

****************************************************

මෙහෙම හරි ලස්සනට හුරතල් වෙ⁣වි අපේ ආදරෙ ගලාගෙන යනකොට තමා මම දැනගත්තෙ චානුකලගෙ පවුල් පසුබිම ගැන.චානුකලගෙ තාත්තට වෙන ගෑණු කට්ටිය ඉන්නවලු.චානුකලගෙ අම්මටත් එහෙමමලු.චානුකගෙ නංගිත් දෙතුන් වතාවක්ම එක එක කොල්ලො එක්ක පැනල ගිහින් ගෙදර ඇවිත්ලු හිටියෙ.චානුක මෙි දේවල් මාත් එක්ක කියනකොට ම⁣ට චානුක ගැන පුංචි අවිස්වාසයක් ඇති උනත් ඒ හැමදේම අමතක කරේ අපි අපේ ආදරේ ගැන හිතලමයි.චානුකගෙ පවුල් පසුබිම කොහොම උනත් චානුක කියන්නෙ හොද කොල්ලෙක් කියල දැනුන නිසාම මම එ් අනිත් හැමදේම අමතක කරල දැම්මා.....අපි ආදරෙ කරද්දි පොඩි පොඩි ප්‍රශ්න ආවත් ඒ හැමදේම විනඩෙියකට දෙකකට විතරයි.මගෙ යාලුවො සමහරු කීවෙ.......

"මෙි.....ඕක හරියන්නෑ බං....ඕක තවම පොඩි එකෙක්නෙ....උබට පිස්සුද....."

"අනේ නෑ බං.ඌ මට පන වගේ ආදරෙ කරන්නෙ.ඉතින් එහෙම එකේ ඒකාගෙ වයස අදාල නෑනෙ බං...."

"අනේ මංදා....උබ සිරාද ලව් කරන්නෙ ඕකට...."

"ඔව් බං.මම මුලදි ජෝක් එකට පටන්ගත්තා.ඒත් කාලයක් යනකොට තමා දැනුනෙ ඌ හරි හොද එකෙක් කියල...."

"අනේ උබටත් පිස්සු බං....."

"පිස්සු ⁣නෑ බං.අපේ වයස් පරතරය අපේ ආදරේට කවදාවත්ම බලපාන්නෑ......"

"ආ....හා....හා....උබට හොදෙනම් අපිට මොකද ඉතින්......"

යාලුවො මොනදේ කිවත් චානුකගෙ ආදරෙ ලග මම පිස්සියක් වෙලයි හිටියෙ.එයා මට වඩා අවුරුදු තුනක් විතර බාල උනත් චානුකගෙන් ලැබුන තරම් ආදරයක් කවදාවත්ම මට ලැබිල නොතිබුන නිසාම මට අපේ වයස් පරතරය ගැන කිසිම ගානක් තිබුනෙ නෑ.මොකද මම ඒ තරමටම ඒ ආදරෙන් මත් වෙලයි හිටියෙ.අපේ ආදරේ මෙහෙම අවුරුදු දෙකක් විතර හරි ලස්සනට ගලාගෙන ගියා.....ඒත් ඒකාලෙදි අපි අතරෙ රංන්ඩු එන්න එන්නම වැඩි උනා.ඉස්සර රංඩු උනාම විනාඩියෙන් දෙකෙන් ආයෙත් හිටියටත් වඩා ආදරෙන් ලන් උන චානුක දැන් එක රන්ඩුවක් දවස් දෙක තුනක් ඇදගෙන ගියා.....

"චානු.....ඇයි මල්ලියො මෙි....."

"අනේ මට වද දෙන්නැතුව ඉන්නවකො...."

"ඇයි පැටියො....අනෙ බබා.ඔයාට මාව එපා වෙලද....."

"ඔව්....ඔවි....තමුසෙ මට වඩා වැඩිමල්.අපේ ගෙවල් වලින් කැමති වෙන්නැ මෙිකට.දැන් වද නොදි යනවකො...."

"අනේහ්....අනේ ඇයි පැටියො මෙි....මට ආදරෙ නැද්ද....දැන් වෙන කෙනෙක් ඉන්නවද ආදරෙ කරන්න.....කියන්නකො මට ඒක...."

ඒ වෙලාවෙ කිසිම උත්තරයක් නොදි තරහෙන් මන්දිහා බලපු චානුක මට බනින්න හදනකොටම එයාට කොල් එකක් ආව....එයාගෙ ෆෝන් එක ඒ වෙලාවෙ මගෙ අතෙයි තිබුනෙ.මන් බලනකොට දැකපු දේ කොල්ලට පන වගෙ ආදරෙ කරන කිසිම කෙල්ලක් දකින්න තියා හීනෙන්වත් දකින්න අකමැති දේ කුයි.ඒවෙලාවෙදි චානුකගෙ ෆෝන් එකේ තිබුනෙ වෙන කෙල්ලෙක් එක්ක චානුක ඉන්න ෆොටො එකක්.මම ඒ කොල් එක ආන්ස කරන්න හදනකොටම චානුක ෆෝන් එක උදුරගෙන අරන් ආන්ස කරපු විදිහට මට කදුලු බිංදු වැටුනෙ ම⁣ගෙ ඇස් වලටත් හොරෙනුයි........

****************************************************

කාලයක් යනකොට චානුකගෙ ආදරෙ අඩු උන නිසාම අපි දෙන්නම කැමැත්තෙන්ම කතා වෙලා දෙතැනකට උනා.ඒත් චානුක වෙන් උනාට එයා වෙන් උනේ හොද සල්ලිකාර කෙල්ලක් එක්කල යාලු වෙලයි.ඒ දෙන්නගෙ ආදරේ ගලාගෙන යනකොට ඉස්සර මම එල්ලිලා ගියපු ඒ අතේ අද වෙන කෙනෙක් යනකොට පුංචි දුකක් දැනුනත් හැමදේම ඉවසගෙන හිටියෙ මගෙත් වැරැද්දක් තිබුන නිසාමයි.චානුක අපේ affair එක නතර කරල අවුරුද්දකින් විතර අර සල්ලිකාර කෙල්ලව මැරි කලා.එයාලගෙ වෙඩින් එකටත් ඉනවයිට් කරල තිබුන නිසා මම ගියත් පුංචි දුකකිනුයි මම හිටියෙ.මට චානුකව මගෙම කරගන්න බැරි උන දුක තිබුනත් අපි වෙන් උනා කියල අනිත් අය වගෙ වෛර නොකරෙ අපි අපි ඇත්තටම ආදරෙ කරපු නිසාමයි.අවංකව ආදරෙ කරපු මම තනි වෙලා දුක් උනත් ඉද්දි සල්ලි වලට ආදරෙ කරපු නිසා චානුක අද සතුටින් නිසා මටත් පුංචි සතුටක් තියෙනව.

ලියන්නෙ : දුෂාන්.

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment