#මගේ_හුස්මයි_ඔයා ...
හැපි බර්ත්ඩේ ටූ යූ.....
හැපි බර්ත්ඩේ ටූ යූ.....
හැපි බර්ත්ඩේ ඩියර් දිව්‍යා....
හැපි බර්ත්ඩේ ටූ යූ.......
👏👏👏👏👏👏👏👏👏👏👏
🎂🎂🎂🎂🎂🎂🎂🍰🍰🍰🍰
හැමදෙනාගෙම අත්පොලසන් නාදය මැද දිව්‍යා කේක් එක කැපුවා.. ඒක තට්ටු තුනක ලොකුම ලොකු කේක් එකක්..
සී තීම් එකකට තමයි හදලා තිබුනෙ..කෙල්ල කේක් එක කැපුවෙ ලෝබකමින්.මොකද ඒක ඒ තරමටම ලස්සනයි.
දිව්‍යා මුලින්ම කේක් කෑල්ල කැව්වෙ අම්මිට.ඊට පස්සෙ තාත්තිට..ඊලගට................
ඊලගට කැව්වෙ කෙල්ලගෙ හොඳම හොඳම හොඳම යාලුවා
යශ් ට ..
යශ්මිත මධුශංක...නැත්තම් යශ්.. කෙල්ලගෙ එක වසරෙ ඉදලාම හොඳම යාලුවා.කෙල්ලගෙ හුස්ම ටික...
යශ් තරම් කෙල්ල ගැන කෙල්ලගෙ අම්මලාවත් දන්නෙ නෑ.ඒ තරමටම එයාලා එකතුයි..
"කෝ මැට්ටො මගේ තෑග්ග"
කෙල්ල ඇහුවෙ කේක් කෑල්ල කවලා ඉවර වෙලා.කොල්ලගෙ අතේ මුකුත්ම තිබුනෙ නෑ...
"ම්ම්....අර..."
කොල්ලා පෙන්නුවෙ දොරෙන් එලිය..
බර්ත්ඩේ එක තිබුනෙ හෝටලයක..
ලොකුම ලොකුම ලොකු රතු රෝස මල් පොකුරක් අරන් හෝටල් සේවකයෙක් කෙල්ල ගාවට ආවා.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අම්මෝ....එතන මල් පන්සීයක්වත් තියෙන්න ඇති..
කෙල්ලගෙ ඇස් වලට කදුලුත් ආවා...
"යශ්...."😘
කෙල්ල කොල්ලව බදාගෙන කිස් එකකුත් දුන්න...පස්සෙ අර මල් පොකුර ගන්න ගියා.ඒකෙ බරට කෙල්ලට උස්සගන්නත් බෑ...කෙල්ලගෙ මල්ලි ඇවිත් කෙල්ලට උදව් කලා.පස්සෙ ඒක ටේබල් එකක් උඩින් තිව්වා...ඊලගට කෙල්ල අනිත් පැත්ත හැරෙන කොටම ලයිට්ස් ඕෆ් උනා.
කෙල්ල හිටපු තැනට විතරක් ලයිට් එකක් වැටුනා.ඒත් එක්කම යශ් දණගහලා බිම ඉදගත්තා..පස්සෙ සාක්කුවට අත දාලා රින්ග් එකක් ගත්තා..
💍💍💍💍💍💍💍💍💍💍💍💍
"මයි ගෝජස් ඒන්ජල් .... විල් යූ මැරි මී.........."
කෙල්ලට හිතාගන්න බැරි උනා මේ වෙන දේවල්....
"යෙස්....."
දිව්‍යා ට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න හේතුවක් තිබුනෙ නෑ..
කෙල්ලගෙ ඇස් වලින් කදුලු ගලාගෙන යද්දි කොල්ලා කෙල්ලගෙ ඇගිල්ලට මුද්ද දැම්මා..පස්සෙ ඒ අතට පුංචි කිස් එකක් දුන්නා..
කොල්ලා නැගිට්ටා විතරයි කෙල්ල කොල්ලගෙ කරට පැන්නා.යශ් කෙල්ලට වඩා ගොඩාක් උසයි...කොල්ලා කෙල්ලව වඩාගෙන වට දෙක තුනක් කැරකුනා..
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
"යශ්..."
"හ්ම්..."
දෙන්නා හිටියෙ බීච් එකේ... කොටයක් උඩ වාඩි වෙලා..කෙල්ල යශ්ගෙ උරහිසට ඔලුව තියාගෙන...
"කවද්ද මේම දෙයක් ඇතිඋනෙ?"
"කෝම දෙයක්ද.."🙄
"මම් ගැන..."
"ඉතින් ..ඔයාගැන...මොකක්ද.."
"අනේ ඉතින්...තේරෙන්නෙ නැද්ද අයියෝ..."
"ඉතින් තේරෙන්න කියන්නෙපැයි මැට්ටියේ...."
"මේ.....මම් කිව්වේ...."
"පිස්සි...ඕක කියන්න ඔච්චර ලැජ්ජා වෙන්න ඕනිද...ම්ම්..
ඔයා ගැන ආදරයක් ඇතිඋනේ කවදද කියලනෙ ඔය අහන්නෙ..අනේ ඒකටදෙන්න උත්තරයක් මම් ලග නෑ මැණික.."
කොල්ලා කිව්වෙ කෙල්ලගෙ අත පටලවා ගන්න ගමන්..
"පුංචි කාලෙ ඉදලම ඔයා එක්කම ඉදලා ඔයා මගේ ජීවිතේ කොටසක් වෙලයි තියෙන්නෙ.ඉතින් මගේ ජීවිතේ ඉතිරි ටික කාලෙත් ඔයා එක්කම ගතකලොත් හොදයි කියලා මට හිතුනා.මොකද මාව හොදටම තේරුම් අරන් ඉන්න එකම එක්කෙනා ඔයා නිසා."
"හ්ම්....."
"ඉතින්..මට කියන්න...මම් ප්‍රපෝස් කරනකොට ඔයාට මොකද හිතුනෙ"
"අම්මෝ....ඒ වෙලාව ගැනනම් කියන්න තේරෙන්නෙ නෑ මට...මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිඋනා."
"ඒ කිව්වෙ.....ඔයා ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් නැතිකමටද...මට...කැමති .. උනේ....😔😔"
කොල්ලට දුක හිතුනා....
"අනේ.......නෑ අයියෝ.... මට මේ විදියට වෙන කෙනෙක් එක්ක මගෙ ජීවිතේ බෙදාගන්න එක ගැන කොහොමටවත් හිතන්න බෑ...ඉතින්....මම් කැමති උනා.."
"ඒ කියන්නෙ මම් ගැන ඔයාගෙ හිතේ ආදරයක් නැද්ද?"
කොල්ලා ඇහුවෙ කෙල්ලගෙ මූණ බලාගෙනම...
"ආදරෙයි....ගොඩාක් ආදරෙයි ..
අපි දෙන්නගෙම හිත්වල අපිටත් නොදැනිම ආදරේ හැන්ගිලා තිබිලා...මම් හරිනෙ.."
"හ්ම්...."😔😔😔😔
කොල්ලගෙ මූනෙ දුක පිරිලා...
"රත්තරං....මේ බලන්න... මේ...මගේ ඇස් දිහා...."
කෙල්ල කොල්ලගෙ මූණ තමන්ගෙ පැත්තට හැරෙව්වා..
ඒ ඇස් එකිනෙක ගැටුනා...
"මම් ඔයාට ගොඩාරියක් ආදරෙයි ....ගොඩාරියක් ....."
කෙල්ල එහෙමම ඉස්සිලා කොල්ලගෙ නලල සිපගත්තෙ ලොකූ ආදරේකින්...
"දැන් ඉතින් කවද්ද මාව එක්කගෙන යන්නෙ...ම්...."
"ඉක්මන්ටම..ම්ම්.....තව හරියටම මාසෙකින්..."
"මාසයක්....වැඩි නැද්ද මහත්තයෝ..."
"එහෙනම් දැම්ම උස්සගෙන යන්නම්...."
😄😄😄😄
යශ් කෙල්ලව උස්සලා උකුල උඩට ගත්තා.
"ආදරෙයි මගෙ මැණික මම් ගොඩාරියක්..."
😘😘😘😘😘😘😘💋💋💋💋💋💋
කොල්ලා එහෙමම කෙල්ලගෙ තොල් වලට බර උනා..ජීවිතකාලෙම දෙන්නම ලබපු පලවෙනි හාදුව දෙන්නගෙම තොල් මත සටහන් උනා.........💋
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
"එන්න දෝණි..."
කාර් එකෙන් බැහැලා ආපු දිව්‍යාව යශ් ගෙ අම්මා පිලිගත්තේ සුදු මල් දාපු වතුර වීදුරුව අතැතිව.
අද කෙල්ලයි කොල්ලයි ගොඩාක් ලස්සනයි.රෝස පාට පිම්බිච්ච අත් නැති ගවුමක් ඇදලා කොන්ඩෙ රැලි කරලා දාලා හිටපු කෙල්ල අද හරියට දිව්‍යාංගනාවක් වගේ...
කලු කෝට් කිට් එක ඇදලා හිටපු කොල්ලාගෙ ලස්සනත් කෙල්ලට දෙවනි නෑ..මේ එයාලගෙ හෝම් කමින් එක....වෙඩින් එකෙන් පස්සෙ මෙයාලා කෙලින්ම ආවෙ ගෙදරට..
"යශ් ..... මේ ඒ ගෙදර නේද..."
"හ්ම්ම්..."
කොල්ලා කිව්වෙ හිනා වෙවී..
🤔🤔දවසක් මේ දෙන්නා බයික් එකෙන් යනකොට කෙල්ල මේ ගේ දැක්කා.
"ඒ...නවත්තන්නකෝ චුට්ටක්..කෝ ඉක්මන්ට...නවත්තනෝකෝ..."
කෙල්ල කොල්ලගෙ උරහිසට ගහ ගහ කිව්වා...
කොල්ලත් බයවෙලා නැවැත්තුවා..
"ඇයි..මොකෝ...ටොයිලට් වත් යන්න ඕන වෙලාද..."
"මගුල...ඒ බලනෝකො අර ගෙදර...මාර ලස්සනයි හලෝ.."
කොල්ලත් පාරෙන් එහා පැත්තෙ තිබුනු කෙල්ල පෙන්නපු ගේ දිහා බැලුවා..
"වැඩ නිම කරපු තට්ටු දෙකේ නිවසක්..තාම පදිංචි වෙච්චි පාටක් නෑ..
"මොකක්ද බන් මේකෙ ඇති ලස්සන..."
"අනේ...මැට්ටෝ...පේන්නෙ නැද්ද..ඒ ගේ මාර ලස්සනයි.මට පුලුවන් කමක් තිබුනොත් මම් මේ ගේ සල්ලි වලට ගන්නවා.."
"ඕක ගන්නනම් ඉතින් ලක්ශපතියෙක් වත් බදින්න වේවි හැබැයි...වැඩේ කියන්නෙ ඔය මූන බලාගෙන හිගන්නෙක්වත් කැමති උනොත් තමා පුදුමෙ"
"යනවා මෝඩයෝ යන්න.."
කෙල්ලට මේ සිදුවීම මතක්වෙලා හිනහත් ගියා...
"මට කිව්වෙවත් නෑනෙ..."
"කියලා කලාම අගයක් නෑනෙ බබෝ..."
"ආ දෝණි.."
අම්මා වීදුරුවෙන් වතුර ටිකක් කෙල්ලට පෙව්වා.
පස්සෙ කට්ටියම ගෙට ඇතුලු උනා.....
"යමු අක්කි කාමරේට..."
යශ්ගෙ නෑනා කෙල්ලව උඩට එක්කගෙන ගියා..ගිහින් කාමරේක දොර විවෘත කලා.
"දෙයියනේ....."
කෙල්ලට නිකම්ම කියවුනා....
කාමරේ පුරාම රතු බැලුන් පිරවලා..ඇද උඩ රතුරෝස මල්...
දොර ලග ඉදලා ඇද ලගට යනකම්ම රෝස මල් පෙතිවලින් කලාලයක් හදලා... ඉටිපන්දම් හැමතැනම පත්තුකරලා..
කෙල්ලගෙ ඇස් වලින් කදුලි වැක්කෙරුනා..
ඔය අතරෙ තමයි යශ් ඔතන්ට ආවෙ...
"අනේ....යශ්..."
දිව්‍යා කොල්ලව තදින් බදාගෙන හොදටම ඇඩුවා..
"ඒයි...පිස්සියේ...මොකෝ මේ..."
"කෝමද දෙයියනේ මේවා මතක තිබුනෙ..."
කෙල්ල තාමත් අඩනවා...මේ දෙන්නට එතන ඉන්න දීලා යශ් ගෙ නෑනා ආපහු පහලට ගියා...
"මැණික...කෝ..යමු ඇතුලට..."
කෙල්ල යශ්ව අතෑරලා ඇතුලට යන්න හදනකොටම යශ් කෙල්ලව හරහට වඩාගත්තා...
"අනේ..."
පස්සෙ හෙමින් හෙමින් කාමරේ ඇතුලට ගියා...ඊලගට හෙමීට කෙල්ලව ඇදෙන් වාඩිකලා....
"ආදෙරෙයි මහත්තයෝ...."
කෙල්ල කොල්ලගෙ බෙල්ල බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා....
🤔🤔🤔"මේ...හැකරැල්ලෝ...මමත් ආසයි ඔය වගේ කරනවට කවදහරි මගෙ මහත්තයා..."
දෙන්නත් එක්ක ලිබර්ටි එකේ ෆිල්ම් එකක් බල බල ඉන්න ගමන් ඒකෙ සීන් එකක් දැකලා කෙල්ල කිව්වා..
"මොන විදියටද?"
"ඔය වගේ මුලු කාමරේ පුරාම බැලුන් පුරවලා.....රෝස මල් ඇදට දාලා..... කැන්ඩ්ල්ස් පත්තු කරලා......බිමට මල් පෙති දාලා..මාව ඔහොම උස්සගෙන යනවානම්....
"අනේ ඉතින් උඹෙ මිනිහට....මේ තුන් සරනේ සරණයි...."
කොල්ලා කිව්වෙ සින්දුවක් කියනවා වගේ...
"අනේ පලයන් ගෙම්බො යන්න..ඉරිසියාව...හ්ම්..."
කෙල්ල ගස්සලා අහක බලාගත්තා...
"මේ...."
ඒලගට ආයෙත් කෙල්ල කොල්ලගෙ අත හූරනවා..
"මොකෝ...යකින්නි වගේ ඉන්නැතුව ඔය නියපොතු කපාගන්නවකො..රිදුනා බං.. හා...මොකෝ ඉතින්..."
"තවඑකක් තියෙනවා..."
"ඒ පාර මොකක්ද..."
කොල්ලා ඇහුවෙ පොප්කෝන් අහුරක් කටේ ඔබාගන්න ගමන්..
"තව....බාත් ටබ් එකටත් සෝස මල් පුලෝලා තීනවානම් මම් ආසයි..."
"හා....එහෙමද ආස..."😂😂
කෙල්ල ඉක්මනින් නැගිටලා බාත් රූම් එකට දුවගෙන ගිහින් දොර ඇරියා...
"අනේ......"😭😭😭
කෙල්ල ආයෙත් අඩනවා...බාත් ටබ් එකෙන් රෝසමල්...
"මගෙ පපුව පැලිලා මැරිලා යයි යශ්.."
කෙල්ල ආයෙත් කොල්ලගෙ පපුවට බර උනේ අඩ අඩමයි..
"මැණික...කෝ ඉතින්...අඩන්නෙපා..
මට ඔයාගෙ හැම දේම මතකයි...ඔයා කියපුවා අකුරක් නෑර... මේ බලන්න...මේ තමයි මගෙ ආදරේ..ම්ම්...මගේ ඇස් දෙක පියවෙනකම්ම මම් ඔයාව මේ වගෙ සතුටින් තියනවා..ගොඩාක්....තේරුනාද මගෙ පණ.... හ්ම්...දැන් වොශ් දාගෙන එන්න අපි පහලට යන්නත් ඕනනෙ....රෑට කෑම කාලා එහෙම බැරියෑ ටිකක් හුරතල් කරන්න...ම්ම්...".
කොල්ලා කෙල්ලගෙ මූණ ඉඹලා කිව්වා කෙල්ලගෙ මූණ ලැජ්ජාවෙන් රතු උනා...
පස්සෙ හෙමීට වොශ් එකක් දාගන්න බාත්රූම් එකට ගියා..
කෙල්ල නාගෙන එනකොට කොල්ල හිටියෙ ඇද උඩ වාඩි වෙලා තුවායත් ඇදගෙන..දැන් කෙල්ලට ලැජ්ජයි...
"හෙටම සැලුන් එකට ගිහිල්ලා මේ කොණ්ඩෙ තිබුනු විදියටම ආපහු හදාගෙන එන්නෝන..තේරුනාද..මේ ස්ට්‍රේට් කොන්ඩෙට මම් ආස නෑ...මට ඕන කලින් තිබුනු කැරලි නූඩ්ල්ස් කොන්ඩෙ.."
කොල්ලා කෙල්ල ලගට ඇවිත් කොණ්ඩෙ අල්ලලා කිව්වෙ වෝනින් එකක් වගේ...
"අනේ ඉතින්...මේ වෙඩින් එක නිසානෙ නිලූ අක්කා මෙහෙම දැම්මෙ...".
කෙල්ල කිව්වෙ මූණ බෙරිකරගෙන..
"හරි ඉතින්...දුක් වෙන්න දෙයක් කිව්වෙ නෑනෙ මම..ම්..."
කොල්ලා කෙල්ලගෙ මූණ අතගෑවා..
"හ්ම්..මම් වොශ් දාන් එන්නම්..."
කොල්ලත් බාත්රූම් එකට ගියා..
💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐
"මැණික...තාම නිදිද..."
කොල්ලා ඇහුවෙ තමන්ගෙ පපුව බදාගෙන නිදාගෙන ඉන්න කෙල්ලගෙ ඔලුව අතගාන ගමන්..
"මැණික...."
"ම්ම්...."
"නැගිටින්නෙ නැද්ද...6ත් වෙලා.."
"තව තුත්තක් ඉන්නම්කො..."
කෙල්ල තවත් කොල්ලට තුරුලු උනා...
"හ්ම්..."
තවත් විනාඩි පහලවක් විතර ගෙවිලා ගියා..
"පණ ..නැගිටින්නකො.."
කෙල්ල හෙමීට ඇස් ඇරලා නැගිට්ටා..පස්සෙ කොල්ලා දිහා ඔලුව උස්සලා බැලුවා..
"ගුඩ් මෝනින් ..."
"ගුඩ් මෝනින් බබා... චුට්ටක් නින්ද ගියා...සොරි..."
"හ්ම්...කමක්නෑ...දැන් අම්මලත් නැගිටලා ඇති...අපි මූණ හෝදගෙන පහලට යමු නේද ..."
"හ්ම්..."
කෙල්ල හෙමීට ඇදෙන් බැස්සා...අඩි දෙක තුනක් ගිහින් ආපහු හැරිලා බැලුවා...
පස්සෙ ඇස් දෙකේ කදුලු පුරවගෙන කොල්ලා ලගට දුවගෙන ඇවිත් කොල්ලගෙ කකුල් දෙක ලග බිම වාඩි උනා..කොල්ල ඒ වෙද්දි හිටියෙ වාඩිවෙලා...
"අනේ...මහත්තයෝ....මම් ගැන වැරදියට හිතන්නෙපා....මම් නරක කෙල්ලෙක් නෙමි...අනේ...."
කෙල්ල අඩන්නෙ ඇයි කියලා කොල්ලට තේරුනේ ටික වෙලාවක් ගියාට පස්සෙ...
"කෝ...මැට්ටියේ...නැගිටිනවා...කෝ ඉතින්...එන්න මෙතන්ට..."
කොල්ලා කෙල්ලව උකුලට ගත්තා..
"ඇයි මේ.... ම්ම්...ඇයි අඩන්නෙ..."
"මගේ පිරිසිදුකම මට ඔප්පු කරගන්න බැරිවෙලා....ඒකයි..."
"අනේ මගෙ අම්මියෝ...දැන් මම් ඒක ගැන ඇහුවද...ම්...මම් ඒක බැලුවද...කියන්න..."
"නෑ..."
"එහෙනම්...ඇයි අඩන්නෙ....".
"ඒත් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඒක බලාපොරොත්තු වෙනවනෙ..".
"හරි....දැන් මම් ඒක ඔයාගෙනුත් බලාපොරොත්තු උනා කියමු..ඉතින් මම් එහෙනම් දැන් ඔයාව ඩිවෝස් කරන්න එපැයි..."
"අනේ...."
"ඔන්න ඉතින් ආයෙත් අඩනවා..අඩන්න එපා මැණික.
අද සමාජෙ විසින්ම හදාගත්තු බොරු මනස්ගාතයක් ඕක...දැන් ඔයාට ඔයාගෙ පිරිසිදුකම ඔප්පු කරගන්න බැරි උනා කියන්නෙ ඔයා වටේ ගියපු කෙල්ලෙක්ද..නෑනෙ...ඔයා ගැන මම් තරම් දන්න වෙන කෙනෙක් ඉන්නවද..නෑනෙ..ඔයාගෙ හැම දවසක්ම පටන් ගන්නෙ,ඉවර වෙන්නෙ මගෙන්නෙ.ඉතින් ඔයා වරදක් කරලා නෑ කියලා මම් දන්නවා.ඉතින් ඇයි මේ අඩන්නෙ.."
"ඒත්...ඔයා මම් ගැන වරදවා හිතුවොත්.."
"මේ බලන්න...දැන් පිරිමි අපිට ඔය වගේ මිනුම් දණ්ඩක් තියද..නෑනෙ..ඉතින් ගෑනු ඔයාලා කෝමද හිතන්නෙ අපි කිසිම කෙල්ලෙක් එක්ක සම්බන්දකමක් තියගෙන නෑ කියලා..අපිටත් ඔය වගේ ලේ බින්දුවකින් මනින්න දෙයක් තිබුනනම් අද ලෝකෙ කිසි පිරිමියෙක්ට කසාද ජීවිතයක් ගතකරන්න බෑ..ඇයි ඉතින් බදින්න කලින් කෙල්ලො කීයක් එක්ක ඉන්නවද...ඉතින් ගෑනු ඔයාලට විතරක් මොකක්ද මේ විකාරෙ...ම්...මම් එච්චර අඩු මානසිකත්වයක් තියෙන කෙනෙක් නෙමි..ඔයා මම්ගැන දන්නවනෙ...කසාද බැදපු කෙල්ලෙක් විදියට ඔයා බයවෙච්චි එක සාදාරනයි.ඒත්...මම් ඒවා විශ්වාස කරන කෙනෙක් නෙමි.
ඔය පටලෙ නිකම්ම කැඩිලා යන්න පුලුවන්.මොකෝ ඒක යකඩෙන් හැදිලායෑ හැමදාටම තියෙන්න.."
කෙල්ලට පුංචි හිනාවක් ගියා..
"හ්ම්..මගෙ සුදු අම්මි දැන් ගිහින් මූණ සෝදගෙන එන්න...කෝ කදුලු පිහිදගන්න..."
කොල්ලා කෙල්ලගෙ මූණ අත් දෙකින්ම පිහිදුවා.පස්සෙ කෙල්ල මූණ හෝදගන්න ගියා..
කෙල්ල ආයෙත් එනකොට කොල්ලා ඇද උඩ වාඩිවෙලා මොකක්දෝ කරනවා..
"යශ්..."
කොල්ලා හැරිලා බැලුවා...එතකොටයි කෙල්ල දැක්කෙ ඇද උඩ ලේ...
"යශ්...මේ මොනාද..."
"මම් හැමදේම තේරුම් ගත්තට සාම්ප්‍රදායිකව හිතන අපේ අම්මලගෙ චින්තනය වෙනස්කරන්න මට බෑනෙ.මම් කැමතිනෑ මගෙ මැණිකට කවුරුත් මුකුත් කියනවට.."
කොල්ලා එයාගෙ කකුලෙ මහපට ඇගිල්ල හිල් කරලා බෙඩ් ශීට් එකට කේ බින්දු කීපයක් දාලා...
"අනේ මගෙ වස්තුවෙ...මම් ආදරෙයි ගොඩා...ක්..."
කෙල්ල යශ් ගෙ බෙල්ල බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා....
💐💐💐💐💐💐💐💐💐💐💐💐
යශ් මූණ සෝදගෙන එනකොට කෙල්ල ලේස්ති වෙලා...ලස්සන රෝසපාට ටොප් එකකට ලෙගින් එකක් ඇදලා කෙල්ල හරිම ලස්සනයි.
"මගෙ කෙල්ලගෙ හැඩ..."
කොල්ලා පිටිපස්සෙන් ඇවිත් කෙල්ලගෙ බද වටේට අත් දාලා කෙල්ලව බදාගෙන කිව්වා..
"මේ...කෝමද අනේ ඔච්චර ලස්සන උනේ..."
"පිස්සු...මගෙ මොන ලස්සනක්ද..."
"ලස්සන නිසානෙ මම් කසාද බැදගත්තෙ...කැත කෙල්ලෙක් උනානම් මම් බදියි කියලා හිතනවද...ම්..."
"ඇයි එහෙනම් බදින්නෙ නෑ.."
"නෑ...."
"ඕන නෑ එහෙනම්..."
කෙල්ල කොල්ලගෙ අත් දෙක අයින් කරන්න හැදුවා..ඒත් ඒකෙන් උනේ ඒවා තව තවත් තද උනු එක විතරයි.
"මගෙ පිස්සි..."
කොල්ල කෙල්ලගෙ බෙල්ල සිපගත්තා..😘😘
"පුතා....."
"අම්මා ඇවිත්...ඉන්න මම් දොර අරින්නම්...කෝ යන්න දෙනවකො මැට්ටෝ."
බොහොම අමාරුවෙන් ගැලවිලා කෙල්ල දොර අරින්න ගියා..
"ආ...නැගිටලද...මම් හිතුවෙ තාම නිදි ඇති කියලා..."
කෙල්ල හිනා උනා.
අම්මා තේ බන්දේසියත් අරගෙන ඇතුලට ආවෙ ඇද දිහා බලාගෙනමයි...ඇද දැකපු අම්මගෙ මූනෙ හිනාවක් ඇදෙනවා දෙන්නම දැක්කා..
"බුදුසරණයි මගෙ දෝනි"
බන්දේසිය මේසෙ උඩින් තියලා කෙල්ලගෙ නලල සිපගෙන අම්මා කිව්වා.පස්සෙ එලියට ගියා.
"මම් ගිය ආත්මෙ ලොකූ පිණක් කරලා ඇති ඔයා වගේ රත්තරං යාලුවෙක්,මහත්තයෙක් ලබන්න..ගොඩාක් ආදරෙයි ..."
කෙල්ල ආයෙත් කොල්ලට තුරුලු වෙලා කිව්වා..
"මේ...අඩන්න ඔට්ටු නෑ..."
කෙල්ල කොල්ලා දිහා බලලා හිනා උනේ ඇස් වල කදුලු පුරවගෙන....
💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹💐💐
අවුරුද්දකට පසු.....
"යශ්...."
"ම්ම්..."
"බෙහෙත් ටික."
"අනේ මට අමතක උනා..සොරි වස්තු...කෝ දෙන්න.."
කොල්ලා බෙහෙත් ටික බිව්වෙ එක හුස්මට..
"පුතා..."
"අම්මා..."
අම්මා කාමරේට ආවා..
"තලතා ඇන්ටි ආවා...එයාලගෙ මිනිබිරීගෙ කන් විදින උත්සවේට ආරාධනා කරන්න..අනිද්දා හවස..අපි ඔක්කොටම එන්න කිව්වා.."
"යමු අම්මා...ම්ම් වැඩ ඇරිලා ආවම යමු"
"අපිට කොයින්ද ඉතින් ඒ වගේ වාසනාවක්...පුතාට මේ කසාදෙ කරගන්න කලින් ටිකක් හොයලා බලන්න තිබුනනේ...මගේ ඇස් පියවෙන්න කලින් මුනුබුරෙක්ගෙ හිනාවක් බලන්න මමත් ආසයි පුතේ...ඒත් මේ කෙල්ල නිසා මට ඒ වාසනාව නැතිඋනා..."
අම්මා අඩන්න පටන්ගත්තා.කෙල්ලත් අඩනවා.කොල්ලට තවත් මේක දරාගෙන ඉන්න බෑ...
"අම්මා...මේ අහන්න...".
"මහත්තයා...එපා...."
"ඇයි එපා කියන්නෙ...ආ...මේ ප්‍රශ්නෙ වෙන හැම දවසකම ඔයා මාව වැලැක්වුවා.ඒත් අද මම් කට වහගෙන ඉන්නෙ නෑ..මම් ඔයාව මෙහාට අරගෙන ආපු දවසෙ පොරොන්දු උනා කවදාවත් ඔය ඇස් වලින් කදුලක් වැටෙන්න දෙන්නෙ නෑ කියලා.ඒ නිසා තවත් මාව වලක්වන්න එපා මැණික..
අම්මා..හැමතිස්සෙම දිව්‍යාට බනින්නෙ මේකෙ ඇත්ත නැත්ත දැනගෙනද...කපල් එකකට බබාලා නැති උනොත් හැමතිස්සෙම ඒකට පලි ගෑණිද...
නෑ අම්මා...අම්මලාගෙ විකාර මත... දන්නවද..
මාස ගානක් අම්මගෙ මේ බැනුම් අහගෙන දුක හිතේ තද කරගෙන හිටියට මේ කෙල්ලගෙ කිසි වරදක් නෑ අම්මා...වරද තියෙන්නෙ මගෙ...ඔව් ...ඔයාගෙ පුතාගෙ..මේ කෙල්ලට අම්මා කෙනෙක් වෙන්න වාසනාව තියෙනවා අම්මා ..මටයි නැත්තෙ.".
අම්මගෙ ඇස් උඩගියා..
"මෙච්චර කාලයක් ඒක මට අම්මට කියන්න ඉඩ නොදුන්නෙ මේ කෙල්ල.අම්මට දුක හිතෙයි කියලා...මම් දැන් ඒවට බෙහෙත් බොනවා අම්මා...කෝ.දැන් මටත් බනින්න...කෝ ඉතින්න්..."
අම්මා කදුලු පිහිද පිහිදම කාමරෙන් යන්න ගියා..
"මහත්තයා..."
කෙල්ල කොල්ලව පපුවට තුරුලුකරගත්තා..
"මට සමාවෙන්න බබා..සමාවෙන්න..මම් නිසා ඔයාට මේ කතා අහන්න වෙනවා......
මම් නිසා ඔයාට අම්මා කෙනෙක් වෙන්න බෑ...අනේ මම් වගේ පවුකාරයෙක්ව බැදගෙන ඔයා දුක් විදිනවා..."
"අනේ මගෙ වස්තුවේ ..අඩන්නෙපා....අපි උත්සාහා කරනවනෙ..කෝ ඉතින්..."
කෙල්ල කොල්ලගෙ මූණ පිහිදුවා...
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
"අනේ...ඇයි මේ...බබා...ඇයි.ඔයාට අමාරුද...මොකද උනේ එකපාරටම.."
"කැරකිල්ලක් ආවා මහත්තයෝ."
"කෝ ඇදුමක් දාගන්න.අපි ඩොක්ටර් කෙනෙක් ලගට යමු.."
"ඕන නෑ..මේක ඇරිලා යාවි.."
"බෑ..බෑ...යන්නම ඕන.
ලේස්තිවෙන්න ඉක්මන්ට..."
දෙන්නම ඩොක්ටර් කෙනෙක් ලගට ගියා..
"ම්ම්...ඔයාලා මැරි කරලා කොච්චර කල් වෙනවද..."
"දැන් අවුරුදු දෙකක් වෙනවා ඩොක්ටර් .."
"හ්ම්.කන්ග්‍රැජුලේශන්ස්..ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා..."
"මො...මො..න...වා...මම්...තා..ත්..තා.. කෙනෙක්..."
කොල්ලගෙ සතුටට ඇස් වලින් කදුලු ගලාගෙන ගියා....
"මාව බැදලා මගේ ජීවිතේට සතුට අරන් ආවට වගේම දැන් මාව තාත්තා කෙනෙක් කරලා අපේ ජීවිත සම්පූර්ණ කලාට මගෙ මැණිකට පිං...ගොඩාක් පිං.ඔයා තමයි මගේ #හුස්ම ටික."
කොල්ලා කෙල්ලගෙ අත් දෙකම අල්ලගෙන කිව්වෙ අඩ අඩමයි.
"ආදරෙයි මගෙ මහත්තයෝ...".
කෙල්ලත් අඩ අඩ ඒ අත් සිපගෙනම කිව්වා..
නිමි....
************එශ්***********
උපුටා ගැනිමකි
No comments:
Post a Comment