💘💘 #මතක_අතරින් 💘💘______
"අම්මියා...අර අන්කල් තමයි සයුනි ගේ තාත්ති.."
මට ලොකු ඕනෑ කමක් තිබුනා පුතුගේ යාලුවාගේ දෙමාපියන් දැක ගන්න.හැමදාමත් මගේ සැමියා තිසල් තමයි දරුවත් එක්ක පෙරපාසලට එන්නේ...උදේ හවස දෙකේම.ඒත් දැන් මාසයක ඉදලා එයාගේ වෙනස් වීමක් එක්ක දරුවත් එක්ක උදේ හවස මට එන්න වුනා.
සයුනි කියන්නේ මගේ පුතුගේ හොදම යාලුවා.දරුවව ගන්න එන්නේ එයාගේ අත්තම්මා ඒ නිසා මම වැඩිමනක්ම එයා එක්ක කුළුපග වීමට ගියේ නැහැ...
"කවුද පුතු සයුනිගේ තාත්ති මම තවම දැක්කේ නෑනේ..."
"අර බලන්නකෝ අම්මියා අර.."
"අයියෝ අන්කල් කාර් එකට නැග්ගනේ.."
"හරි හරි අපි හෙට බලමුකෝ එයාව හොදඳ"
"ඔයා..සයුරි, මගේ යාලුවා සයුනි,..ඇයි අම්මි එහෙම වෙනනේ... අම්මි වගේම තුඩු නිසාද?
ඔයත් පුදුම කතානේ දරුවෝ අහන්නේ..ඉතිං එයාගේ අම්මියයි තාත්තියයි ඒ නේම් එකට ආස ඇති ඒකයි..
"අම්මි ඊයේ රෑත් තාත්ති ඔයාට බනිනවා මට ඇහුනා මට දුකයි අම්මි..."
දරුවා මගේ බෙල්ල බදාගෙන එහෙම කීවා.
"පර බැල්ලි..උඹ මට වැඩක් නෑ පලයන් මෙහෙන් ඔය දරුවත් අරගෙනම..මට අචිනිත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුලුවන් එතකොටවත්.මේ අපේ ඉැඩීටනේ මේ ගොඩේ අම්මණ්ඩිව මගේ කරේම ගහන්න ඕනේ වුනේ...
දරුවට තවමත් අවුරුදු පහක් වයස වූවත් .හැම දේ ගැනම ලොකු අවබෝධයක් තිබුනා.කොලු පැටියා මට පණ වගේ උන්නේ..තිසල් මට කරන හැම හිරිහැරයක්ම දරුවට මානසික පීඩනයක් ගෙන දෙන්නට ඇතී.දෙමාපියන්ගේ ප්‍රශ්ණ ඉදිරියේ හුදෙක් අසරණ වන්නේ පුංචි දූ දරුවන්.
"ආදි...පුතේ අද අපි බස් එකේ යමු හොදේ..අම්මි අතේ චූටි සල්ලි කොලයක් තියෙන්නේ.."
මම දරුවත් උකුලට අරගෙන.එක අතකට බැග් එකයි වතුර බෝතලයයි අරගෙන අතුරු පාර දිගේ බස් හෝල්ට් එකට ආවා.
මම දරුවත් එක්ක ගෙවන ජීවිතය සතුටින්..ගැහැනියකගේ ජීවිතය අංග සම්පූර්ණ වීමට ස්වාමියාගේ උතුරා ගලා යන ආදරය නොවඩුව ලැබිය යුතුයි නේද?මගේ පවුල, මගේ දරුවා ,මගේ සැමියා, මේ මගේ මුලු ජීවිතයම කියලාහිතුවත් ඒ හැම දේම තනි මගේම පමණක් වුනා.
මගේ දෙමාපියන්ට ඕනේ වුනේ මාව සතුටින් තියන්න සල්ලි කාරයෙකුට කසාද බන්දලා දෙන්න විතරයි.සල්ලි මිලමුදල් වලට ආදරය සතුට ගන්නට නැති බව ඒ අයට තේරුනේ නැහැ.
"සයුරි..උබට හිතුවක්කාර තීරණ ගන්න බෑ..අපි මෙච්චරකාලයක් හදා වඩා ගත්තේ අර ආදිත්‍ය කියන හිගන්නට උබව දෙන්න නෙවෙයි...."
එදා අප්පච්චි දැඩි තීරණයක වුනා..අම්මා එයත් එහෙමම තමයි .අවුරුදු හතක ආදරයට පිටුපාලා මම දෙමාපියන්ගේ තීරණයට එකඟ වුනා.අම්මට තාත්තට ගින්දරක් දීලා මම ආදිත්‍යයත් එක්ක සතුටින් ජීවත් වෙන්නේ කොහොමද?
"සයුරි..ඔයාට පුලුවන්ද වෙන කෙනෙක්ගේ වෙන්න..මෙච්චර කාලයක් ඔයත් එක්ක හිටපු ආදිව අමතක කරන්න ඔයාට පුලුවන්ද ..
එදා ශානි අක්කගේ සැලෝන් එකේදි 'ආදි'මගේ කකුල් දෙක ලග වැටිලා 'මාව දාලා යන්න එපා සයුරි' කියලා යැද්ද හැටි..දෙවියනේ ඒ කොල්ලට ඇයි මම ඒ තරම් ගින්දරක් දුන්නේ..මගේ දෙපතුලට ඒ දෙනෙතේ කදුලු වල හීතල දැනුනා එදා.
ඒත් මගේ දෙමාපියන්ට හිටපු එකම දුව විදියට මට ඒ මිනිස්සුන්ට පිටු පාන්න බැරිව ගියා.ඒත් අද හිතෙනවා එයාලා ගත්ත තීරණය වැරදියි කියලා.අඩුම තරමින්...
පුතාව ගන්න යන්න ත්‍රී විලර් එකට සල්ලි ඉල්ලුවාම දීලා යන්න බැරි සල්ලි කාර මනුස්සයෙක් මට මොකටද?ඒත් කසාදය රැක ගැනීමේ උවමනාව මට තදින්ම දැනුනා.මගේ හුරතල් දරුපැට්යා වෙනුවෙන්...
"මගේ රත්තරං ආදී...පුතේ ..ඔයාට අමාරුයිද ?මගේ පුතා ඔය දේවල් ඉවසන්න පුරුදු වෙන්න හොදේ..ඔයාගේ තාත්තිට කාර් එකක් තිබුනට.ඔයා වගේ බබාලා හැමෝගෙම තාත්තිලාට එහෙම නෑනේ..එයාලා පයින් යනවා බස් එකේ යනවා...ඉතිං මගේ පුතාව මම වඩාගෙන යනවනේ..සමහර බබාලා ඉන්නවා එයාලව වඩාගෙන යන්න අම්මියෙක්වත් නැති..."
"ඇත්තද අම්මි එයාලා ගොඩක් පව් නේද මගේ අම්මි..."
_______________________________
හැමදාමත් තිසල් ගෙදර එන්නේ කනමදයෙක් වගේ බීගෙන...තිසල්ට බිරිදක් විදියට මාව ඕනේ වුනේ එයාගේ කාමාශාවන් සපුරා ගැනීමට පමණයි.රැයක් පුරාවට දෙන දසවද මම ඉවසගෙන උන්නා.දරුවා ඉන්න වගක්වත් ඔහු සිතන්නේ නෑ.. එයින් එහාට බිරිදක් විදියට මාව දකින්නට එයාට පුලුවන් කමක් තිබුනේ නැහැ.
රෑ පුරාවට දරැවත් ලමැදට හොවාගෙන මම මගේ ආදිත්‍යව මතක් කර කර අඩන එකයි හැමදාමත් කලේ..
"සයුරි...මගේ දූගේ අම්මා ඔයා..
අනේ ආදී ...මම ආස පුතෙකුටනේ.."
"හරි..ඉතිං පුතාලා දුසිමක් දෙන්නම් ඔයාට..හැබැයි මගේ තුරුලටම වෙලා ඉන්නෝනේ හොදේ..
"මට වෙන වැඩැක් ඇත්තෙම නැති වෙයි නේද ආදී...ආ"
මගේ රත්තරං ආදරේ සිහිවටනයක් විදියට මම මගේ පුතාට අදිත්‍ය කියලා නම තැබුවා.අදිත්‍ය දැන් මොනවා කරනවා ඇත්ද?අවුරුදු හතක් පුරාවට මම කල්පනා කරපු දේ ඒකයි.
"මම ආයේ කවදාවත් ඔයාගේ ආදරේ ඉල්ලගෙන එන්නේ නෑ සයුරි..සතුටින් ඉන්න ඒත්...කවදා හරි දවසක මම ඔයගේ අම්මලාට පේන්න මනුස්සයෙක් වෙනවාමයි...මම ඩිග්රි එක ගන්නකම් ඉන්න කියලා ඔයාගේ තාත්තා ලග කොච්චර වැද වැටුනද ඒත් වැඩක් වුනාද සයුරි..."
"තිසල්..පුතාව ඊයෙත් එක්ක ආවේ බස් එකේ ..අදවත් සල්ලි දීලා යන්න.ගෙදර අඩුපාඩුත් තියෙනවා..."
මම එහෙම කිවට පස්සෙනම් සල්ලි කොල වගයක් බිමට විසි කරලා යන්න ගියා...එතන රුපියල් පන්දාහක් තිබුනා.
"පුතු..එන්න පරක්කුයි අපි..."
මම පුතාවත් එක්කගෙන පෙරපාසලට ආවා .
"අම්මි..සාදු..."
"කෝ උම්මියක් දෙන්නකෝ..පුතේ.."
පුතා මටත් වැදලා..ඇතුලට ගියා..මම ගේට්ටුව ලගට වෙලා බලාගෙන උන්නා..දරුවගේ වතුර බෝතලය මගේ අතේ..
"ආදී............"
"ඇ........යි
ඔයාගේ බොට්ල් එක"
ඒ පුතා නෙවෙයි..😂😂
දෙවියනේ මේ මම දකින දෙය සත්‍යයක්ද?
"දෙන්න මට"
මම දූත් එක්ක ඇතුලට යනවා ආදිත්‍යට ඕක දෙන්නම්..
"සයුනි..එන්න දූ ....පරක්කුයි අපි.."
මගේ ඇගේ ලේ මස් ඇට මිදුලු පවා උණු වෙනවා වගේ මට දැනුනා.තව මොහොතක්වත් මට මෙතන ඉන්න බැහැ.මම වෙවුලන දෙපයෙන්.දුවගෙනම ආවා.කොහෙටද යන්නේ කියලවත් මට නිච්චියක් තිබුනේ නෑ.
"මගේ ආදී ඔයා...මගේ පුතුගේ යාලුවාගේ අප්පච්චි ඔයාද අර පුතා හැමදාමත් කියන්නේ අර ෂෝයි අන්කල් ඔයාද ..."
"ඔයා මට දුන්න ආදරේට මම පිටුපාලා අද මම ඒ වේදනාව විදිනවා ...ආදී..#මට_සමාවෙන්න_ආදී"
මම පාර අයිනේ තිබුන ලයිට් කණුවක හිස හොවාගෙන හැඩුවා.වේදනාවක් වූ වෙලාවට හිස හොවා ගන්නට උරහිසක් කොයින්ද මට?
"අම්මේ අප්පච්චි ....එන්නකෝ ඇවිත් බලන්න ඔයලගේ දෝණි අද ඉන්න විදිය.."
"මම දැක්කා ආදී ඒ වෙලෙත් ඔයාගේ ඇස් වල මං වෙනුවෙන් ආදරේ මහ ගොඩක් තුබුනා.
ඔයාගේ දූ 'සයුනි'
ඇයි ඔයා එහෙම කලේ මට තවත් ආදරේද ආදි?...පාරේ යන මිනිස්සු මං දිහා හොදට බලාගෙන යනවා.ඔවුන් හිතනවා ඇති මම උන්මත්තකයි කියලා.
ඒ එක්කමයි වාහනයක් ඇවිදින් මා ලගින්ම නතර කලේ..මට ඇස් දෙක ඇරලා ඒ දිහා බලන්නවත් සිහියක් තිබුනේ නෑ.මම වේල් තුනක්ම කිසිම ආහාරයක් නැතිවයි හිටියේ..මේ අවුරුදු හයක් මම දුක් විදිනවා ඒවිදි්යටම.
තමන්ගේ ස්වාමියා තවත් බිරිදකගේ පහස විදලා ඇවිත් තමන්ගෙනුත් ඒ ආශාවන් ඉෂ්ඨ කරගනිද්දි කෙසේනම් ඉවසන්නද? බත් කටක් කන්නද?
"සුදූ අම්මී..."
මගේ මුලු පපුවම දැවිලා ගියා.
"ඇයි මේ පාරවල් ගානේ අඩන්නේ..කියන්න.."
"ආදී....සොරි.. මේ.......මට"
මට එපමනයි කියාගන්න පුලුවන් වුනේ..මගේ දෑස් නිලංකාර වෙනවා මට දැනුනා.
"සයුරි......."
මම හිටියේ වාහනේ ආදිත්‍යගේ...
මගේ මුහනේ දිය බිදු..මට සිහිය නැති වුනාද?
"ආදී ...මට යන්න ඕනේ..
විසිර තුබුන මගේ සාය අතින් හදාගෙන මම යන්නට සැරසුනා.අවුරුදු හයක් පුරාවට රැකගත්ත පවුල් ජීවිතේ බිදිලා ඉහිරිලා යනවට මට බලන්න බැහැ.තිසල් මොන විදියකින් හරි මේක දැක්කොත් මොනවයින් මොනව වෙයිද?තිසල් තදින් මගේ කොන්ඩෙන් අල්ලගත්තා.
"ඇයි......ආදි"
"සයුරි..උඹ තවත් අර මිනිහ ගැන හිතනවද ආ...
අර ගෑණිත් එක්ක නටලා නටලා ආවම උඹ ඒකව ආදරයෙන් පිළිගන්නවද ආ...
ඉස්සර මේ මම පාරේ යන කෙල්ලෙක් දිහා බැලුවත් රිදුන උඹ ඇයි දැන් ඔය තරම් දුක් විදින්නේ ආ.."
"ආදී ඇයි ...ඔය..විදි..."
"ඔය විදියට කතා කරන්නෙද? එහෙමනේ අහන්න හැදුවේ ඒ කාලේ ඉදලා අනුනගේ සතුට ගැන හිටපු ඔයාට ඔයා ගැන හිතන්න බැරි එක ගැන මට දුකයි සයුරි.
ආදිත්‍ය සුක්කානමේ ඔළුව තියාගෙන අඩනවා.මේ තරම් ආදරයකටද මම පිටුපෑවේ..ඒ උරහිසින් අල්ලා අඩන්න එපා කියන්න හිතුනත් මම ආයෙත් අත ගත්තා.දැන් මම කසාද ගැහැනියක්.ආදිත්‍ය එයා දරුවෙක්ගේ තාත්තා කෙනෙක්.අපිට අපේම කියලා පවුල් ජීවිත තියෙනවා.
බඩගින්නටද මගේ මුලු ඇගම වෙව්ලනවා.
"එනවා..මොනවා හරි කන්න යන්න බඩගින්නේ...මැරෙන්නද හදන්නේ..."
එදා දරුවයි මාවයි ගේ ලගට ගෙනත් දාලා ආදිත්‍ය යන්න ගියා.ඒ කිසිම මොහොතක මම කසාද ගැහැනියක් කියන එක මම අමතක කලේ නැහැ.මම ආදිත්‍යගේ කිසිම තොරතුරක් අහන්නට ගියේ නැහැ .අහන්න වුවමනාව තිබුනත් මම ඒ ගැන අැහුවේ නැහැ.
"අම්මි...සයුනිගේ තාත්ති ෂෝයි නේද?
"එයාගේ අම්මිත් ෂෝයිද පුතු..."
එදා තිසල් ආවේ පියවි සිහියෙන්.
'තිසල්'
ආ....ගෑණියේ එනවා මෙතන තිසල් කියාගෙන දවස පුරා මිනිස්සුත් එක්ක නටලා ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද උඹට?
මගේ දිගු කෙස් කලබෙන් අල්ලා බිත්තියේ මගේ ඔලුව ගහද්දි මම වේදනාවෙන් කෙදරිල් ගෑවා.
"තාත්ති මගේ අම්මියා...."
පුතා තිසල්ගෙ කකුලේ එල්ලිලා අඩනවා.ඒ කකුල ගසලා දැම්මමේ තමන්ගේ ලෙයන් ජාතක කරපු දරුවා කියලවත් නොහිතා.ගහපු පාරට දරුවගේ තොල පැලිලා ලේ ගලන්නට වුනා.
"තිසල් අත ඇරපන් මගේ දරුවව..මම කාත් කවුරුත් නැතිව මම මෙතන වැටිලා හිටියේ නැහැ.මම ඉවසගෙන හිටිය නිසාද මගේ ඔළුවට අත හෝදන්නේ..අචිනිත් එක්ක කරන දේවල් මම නොදන්නවා කියලා හිතුවද?
"දන්නවා යකෝ මේ හැම කෙනෙක්ම අචිනි ගැන..."
එදා තිසල් මාවය් දරුවයි මහ රෑ ගෙයින් එළයට ඇදලා දැම්මා.දරුවා ගැනවත් තැකීමක් නැතිව.
"අම්මි...සයූගේ තාත්ති ගේ නොම්මරේ මගේ අකුරු පොතක ලියලා තියෙනවා...අපි කතා කරමු අම්මි.
මගේ ජිවිතේ විනාෂ වුනත් ආදිගේ ජීවිතේ විනාශ කරන්න මට ඕනේ වුනේ නැහැ.දරුවත් අරගෙන අම්මා තාත්තා ලගට ගියේ වෙන හවුහරනක් නැති නිසා.
"මගේ කුමාරිකාව අද තනිවෙලා මගේ පුතේ ............අපි දෙන්නා ගත්ත තීරණ තමයි"
අම්මා මාව බදාගෙන අඩනවා.😂
පුතාව පෙරපාසලට එක්ක යන්නේ අපේ අප්පච්චි ...අද අම්මත් ගමනක් ගිහින් තිසල් අචිනිත් එක්ක ගෙදරම ඇවිත් කියලා අප්පච්චි කිව්වා .
ආදිත්‍යගේ මතකෙන් මිදෙන්නට මට බැහැ.ඒත් මම එයාගේ පවුල් ජීවිතයට කරදරයක් වෙන්න කවදාකවත්ම හිතන්නේ නැහැ .ඒකයි දරුවාගේ පෙර පාසලට යන එකත් මම නතර කළේ .
මම උදේම නාගත්තා ඒ කාලකණ්ණි අතීතය හේදිලාම ගියාවේ කියලා හිතාගෙන..තෙත බේරෙන කොණ්ඩෙටත් කටුවක් ගහගෙන . කලු පසු බිමේ නිල් බිංදු වැටුන දිග සායකුත් එයට ගැලපෙන නිල් පැහැති කොට හැට්ටයකුත් ඇදගෙන කුස්සියට ආවා .
"චූටි බබා යන්න ඕනේ දෙයක් මම හදලා දෙන්නම් .
මම මේ බලාගෙන උන්නේ ..බබාගේ ලස්සනනම් බිදක්වත් අඩු වෙලා නැහැ නොවැ.
"දැන් මගේ ලස්සන වැඩක් නැහැ කමලා අම්මේි .ඔයා යන්න මට මේ පපඩම් ටික හදා ගත්තහම ඇති ,
"දෙන්නකෝ ඕක මම කරල දෙන්නම්"
"අනේ එපා කමලා අම්මේ මට දැන් හුරුයි මේ දේවල් ඉස්සර වගේ නෙවෙයි."
උදේට හදලා තිබුණ පරිප්පුවත් චිකන් කරි එකත්ටත් අමතර ව පපඩම් ටිකක් හෝ තිබුන නම් හොදයි කියලා මට හිතුනා .සාස්පානක් හොයලා අරගෙන ලිප උඩින් තිබ්බේ පපඩම් ටික බැදගන්න .තෙල් ටිකකුත් සාස්පානට දාගෙන මම ඔහේ කල්පනා කලා ඒ අතරේ තමයි ගෙදර සීනුව නාද උනේ.
"kamala අම්මේ බලන්න කවුද කියලා
"චූටි බබා බලන්න කවුද ඇවිත් තියෙන්නෙ කියලා .
කවුද කමලා අම්මේ....
ඔයාම බලන්නකෝ ඇවිත්
දෙවියනේ තිසල් වත්ද ?ආයෙත් මොකට මෙහෙ එනව ද
මම එළියට යන්න බයට ඔහේ උඩ බලාගෙන හිටියා .
"සයුරි"
"දෙවියනේ මේ ආදිත්‍ය
මට අදහගන්න බැරි වුණා
ආදිත්‍ය මෙහෙට එන්න එපා අප්පච්චි දැක්කොත් මොනවා කරයිද දන්නේ නෑ .යන්න ප්ලීස් දැම්ම යන්න .
එයාලා හැම හැම දේම දන්නවා සයුරි .මට ටිකක් කතා කරන්න ඉඩ දෙන්න
මම ආදිත්‍ය කියන දේ ගනන් ගත්තෙ නෑ .ගෑස් ලිපේ ගින්දර අැවිලුවා.
"සයුරි place දැන්වත් මං කියන දේ අහන්න
"ඔයා දැන් කසාද බැඳපු කෙනෙක් ආදිත්‍ය මෙහෙන් යන්න ."
මම අඬ අඬා මෙහෙම කිව්වා .සාස්පානේ තෙල් බිංදු උඩ පනින්නේ මට ඔච්චම් කරන්නට වගේ .
"ඔයා මට ද යන්න කියන්නේ සයුරි..."
"ආදිත්‍ය........... එපා "
දෙවියනේ අර නටන තෙල් එකට ආදිත්‍ය අත දැම්මා...
"ආදිත්‍ය ...අනේ ,මහත්තයෝ..
මට ඒක බලාගෙන ඉන්න බෑ..ආදිත්‍ය එතනම බිම වාඩි වුනා.මම ආදිත්‍ය ලගම බිම වැතිරුනා.
"ආදිත්‍ය යමු හොස්පිට්ල් එකකට ...ප්ලීස් ආදී ප්ලීස් "
"මට ඕන නැහැ..සයූ.. මීට වඩා වේදනාවල් මම වින්දා මේ අවුරුදු හත ජීවත් වුනා නෙවෙයි සයූ ...මම මැරි මැරි ඉපදුනා...
"ඌ.....හ්"
ආදිත්‍යගේ නෙත් වල කදුලු...අනිත් අතින් තදින්ම මගේ බාහුව අල්ලගෙන.
"මම දන්නවා මහත්තයෝ වේදනාව..ඒක නටන තෙල් තාච්චියක්.."
ආදිත්‍ය ඒ විදියටම මගේ ලමැදේ හිස හොවා ගත්තා..
"අත දැවිල්ලයි මැණික මගේ..
ඊට වඩා මගේ පපුවයි දැවිලා යන්නේ..."
"ඔයා දන්නවද ඔයා ගිය දවසේ ඉදලම මම පිස්සෙක් වගේ තැන තැන ඇවිද්දා.අම්මෙක් අප්පෙක් නැති මට අම්මෙක් වුන...නැන්දත් විතරයි මං වෙනුවෙන් උන්නේ..ඔයා එයාව දැකලා තිබුනේ නෑනේ කවදාකවත්..
මට ජොබ් එක ලැබුන ගමන් මම හැමදාමත් ආව ගිය ළමා නිවාසෙට ගියා. අම්මෙක්මග දාලා ගිහින් තිබුන පුංචි දුවෙක් එදා ගෙනත් හිටියා. එහෙ මැඩම් මාව පුංචි කාලේ ඉදලා දන්න නිසා දරුවව මට දෙන්න කැමති වුනා.දෙමාපියන් නැති වේදනාව මම හොදටම දන්නවා...සයූ..මම දරුවව භාර ගන්න එකඟ වුනා නැන්දත් කැමති වුනා පුංචි එකාට අම්මෙක් වෙන්න.
මට ඕනේ වුනේ ඔයා ඉන්න ලගකින්ම මටත් ඉන්න .මම දන්නවා ඔයා සතුටින් නෙවෙයි ඉන්නේ කියලා...
කසාද නොබැද ඉන්න තීරණය කරලයි.. මාත් හෝමාගමින්ම ගෙයක් එක්ක ඉඩමක් ගත්තේ.. නැන්දයි මායි දරුවත් එක්ක එහෙ පදංචියට ආවා.තිසල්ගේ මගඩි වැඩ ඔක්කොම මම දන්නවා.ඒත් ඒ හැම දේම ඔයා ඉවසගෙන ඉන්න බවත් මම දැනන් උන්නා....මම හැමදාමත් ඔෆිස් ගිහින් එද්දි ඔයාගේ ගේ ඉස්සරහින් යන්නේ ඔයාව දැක ගන්න ඕනේ නිසා.ඔයා දැක්ක දවසට මම රෑට කන්නෙත් නෑ ඒ තරම් සතුටුයි මට.
මගේ වාසනාවකට..ඔයාගේ ආදිත්‍ය මගේ සයුනිගේ යාලුවා උනා...මැණික..."
දෙවියනේ ආදරේ වෙනුවෙන් ඔයාට මෙච්චර දෙයක් කරන්න පුලුවන් උනාට මම ඔයා වෙනුවෙන් මොනවද කළේ...?
"ආදී......"
ආදිත්‍ය වම් අතින් මගේ දෙතොල් වැසුවා..
"මොනවත්ම කියන්න එපා ආයෙත් හැමදාමත් මට මේ විදියට ඉන්න දෙන්න අපේ දරුවෝ දෙනනගේ අම්මියා වෙන්න සයූ..."
මම ඔයාගේ අම්මා අප්පච්චි එක්ක හැම දේමත් කතා කරලා තියෙන්නේ..තිසල් ඔයාට ඩිවෝස් එක දේවි..ඌටත් ඕනේ ඔයාගෙන් ගැලවෙන්න...
මම මගේ ආදරේ කවදාම හරි ලැබෙයි කියලා බලාගෙන හිටියා...අනනත් දුක් වින්දා.තමන්ගේ ආදරේ වෙන කෙනෙකුට අයිති වෙනවා දකින එක තරම් වේදනාවක් ....ඒක කියන්න මට වදන නෑ අනූ...😂😂😂😂
ආදිත්‍ය තවත් මගේ ලමැදට සමීප වෙමින් ඒ ටික කියාගෙන ගියා...
ආදී...යමු මහත්තයෝ බෙහෙත් ගන්න ...ඔයාට ඉන්න බෑ ඔහොම ...
"කියන්න අනූ..එක වතාවක් මාත් එක්ක එනවද?ඇති දැන් දුක් වින්දා..
මම ඉකි ගසන හඩ හැම තැනටම දොංකාර දුන්නා..ඒ ආදරයට දුන්න වේදනාවට දඩුවම් වින්සාදෝ කියලා මට හිතුනා...
"ආදී..ආයෙත් මම දුරට යන්නේ නෑ ඔයාව දාලා...ආදරෙයි ආදී
#වෙන්_වුනත්_පෙර_දිනක_
#හමු_වුනේ_පෙර_ලෙසින්
#වෙන්_නොවන්නට_යලිත්
#හිදින්නම්_පෙර_ලෙසින්
(Salika Adikari)
_______ 💘 අවසානයි 💘 ________
(උපුටාගැනීමකි)
No comments:
Post a Comment