කෙටි කතාවක්

යාළුවනේ.. හිතට ආව පුංචි අදහසක් අකරු කරා. හොදයිද දන්නෑ මේක මගේ පළවෙනි කතාව වැරදි අඩු පාඩු ඇති. කියවලා හොද නරක කියලා යන්න

#කෙටි_කතාවක්

හෙලෝ.... 😜

හෙලෝ... මොකෝ කරන්නෙ මගෙ කෙල්ල.😍

මං මේ පොඩි වැඩක්.මොකෝ වැඩ අඩුයිද අපේ බොස්ට 😜

වැඩ නම් තියනවා ඒ උනාට මේ කෝලමට කතා කරන්නත් එපයි නැත්නම් හවසට කෙක්ක වගේ එල්ලෙන් බලන්නෙ ඉන්නේ😉😉

ආ...... මං එල්ලෙන නිසයි නේද මේ කතා කරන්නේ.ඇපෙන් බේරෙන්න වගේ 😈😈

මං කිව්වේ මට ඉන්නෙ නයි මිරිස් වගේ කෙල්ලෙක්.පේනවනේ වස 😍😍

😏😏 හාකෝ

ඉතින් මැණික මොනාද කරනවා කිව්වේ

මං මේ අයේත් ලස්සන කතාවක් අරණට දාන්න හැදුවේ

කථාවක්?? 🙁🙁🙁

ඕඕඕඕ නව කතාවක් වගේ කොටස් කොටස් දවසට එක ගානේ.

මැණික මං ඔයාට කිව්වා එදාම මේකෙන් නතර කරන්න ආයෙත් බෑ කියලා

ඒ උනාට මේක මගේ හොබී එක.කලින් කියෙව්වට ලියලාම නෑනේ.ඒත් දැක්කනෙ එදා මට ආස හිතුනා ඊලගට..

එක පාරක් කිව්වම අහන්න.කථා ලියලා ෆ්බී අප්ලෝඩ් කරලා මට අහු වෙන්න එපා.

අනේ ඒත් මන් ආසයිනේ

ඔච්චර ආසනම් පොතක් අරන් ලියනවා

එහෙම නෙවෙයි.ෆ්බී එකට කථාවක් දාලා.ඒකට ලයික් කමෙන්ට් වටෙනකොට දැනෙන සතුට ඔයාට තේරෙන්නෑ

ඔව් ඔව් මං මේ හොදින් කියන්නේ නැත්නම් ෆ්බී යන එකත් තහනම් හොදේ

හ්ම්ම්ම්ම්ම්.කමක් නෑ මං ආයෙත් ලියන්නෑ

හොද මැණික

හ්ම්ම්ම්ම්

මං තියන්නම් බබා.මං වැඩනේ ආයෙත් පස්සේ ගන්නම් හොදේ

හා..... බුදුසරණයි

බුදුසරණයි මගේ මැණික

මං මයුමි අවිශ්කා තෙන්නකෝන්.කලින් රස්සාවක් කලා ඒත් මගේ ආදරේ නිසා ඒකත් නතර කරලා ගෙදර ඉන්නේ.එයා කැමති නැති නිසා. හැම දේටම වඩා මට එයා වටින නිසා.එයා තමයි දැන් මට කෑ ගැහුවෙ එයාගෙ නම නිම්සර ලක්ශාන්.
අපි දෙන්නම එකම වයස අපිට දැන් අවුරුදු 23ක් එයා මට ගොඩක් ආදරේ කලා.මාත් එහෙමයි අපි අපේ ප්‍රශ්න කතා කරලා විසද ගත්තා.හැමදාම මන් කියන දේ එයා අහුවා.එයා කියන දේ මන් ඇහුවා.
අපේ සම්බන්දෙට මේ වෙනකොට ගෙවල් දෙකේම ආශිර්වාද අපිට ලැබිලා තිබුනේ. ඉතින් මං දවසක් ආසාවෙන් කතාවක් ලියලා අරණට දැම්මා.ගොඩක් ලයික් කමෙන්ට් ආවා.ඉතින් ඊට වඩා සතුටක් කොහින්ද ආසාවෙන් රස කර කර එයාටත් කිව්වා.එයාගෙන් නම් එච්චර හොද ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. මං හිතුවේ එයත් ගොඩක් සතුටු වෙයි කියලා ඒත් එහෙම උනේ නෑ. ඒ වෙනුවට මට කිව්වෙ ආයේත් ලියන්න එපා.අද පලවෙනි සහ අන්තිම දවස කියලයි.ඊලගට ආයමත් කථාවක් ටයිප් කරනොකට එයාගෙන් කෝල් එකක් ආවා ඒ වෙලාවේ තමයි වරම අතට අරන් මට සද්දෙ දැම්මෙ.😜

මොනා කරන්නද ඒ මගේ ආදරේනේ.ලිව්වෙ නැති උනාට මං කියෝනවනේ. එහම හිතලා හිත හදා ගත්තා. ඉතින් මං කතා කියෝලා ඒවට ලයික් කමෙන්ට් දැම්මා.මේ විදියට ඉතින් ඉන්නකොට ඔන්න දවසක් මගේ නමත් මේන්ශන් කරලා කමෙන්ට් එකක් ඇවිත් කොහොම හරි මාත් ඉතින් රිප්ලයි කරා.මැසේජ් නෙවෙයිනි කමෙන්ට් නේ කෙල්ලො කොල්ලො දෙගොල්ලොම දැම් කමෙන්ට් වලින් රන්ඩු වෙනවා 😜😜 ඒවා ඉතින් සාමන්‍ය දේවල්නේ

මෙන්න මගේ කොල්ලගෙන් කෝල් එකක්

හෙලෝ😍😍

හෙලෝ තමයි😈😈 මට කියලා කන පලාගන්න කලින් ෆ්බී ලොග් අවුට් වෙයන්

😯😯😯 බබා

බබා නෙවේ කියන දේ අහන්න බෑනේ ඉන්නවා මං කරන්න හොද වැඩක්😈
මෙන්න මෙයා ෆෝන් එක කට් කරලත් ඉවරයි.අනේ ඇයි මේ එක පාරට මෙයාට මොකද උනේ.මං මුකුත් කලේ නෑනේ😢😢
කල්පනා කර කර ඇදට වෙලා හිටියා මිසක් කාම්බරෙන් එලියටවත් ගියෙ නෑ එක පාරට ඇහුනා වේගෙන් ආපු බයික් එකක් මිදුලේ නතර කරනවා.හඩ අදුර ගන්න පුලුවන් මට ඒ ආවෙ නිම්සර.මං දුවගෙන ගියා එලියට

බබා.. 😢😢 මං..මං.. මො..ක..ද්..ද  ක..ලේ  ඔ..හො..ම ම..ට  බ..නි..න්..න  ත..ර..ම්
අමාරුවෙන් ඉකි ගහ ගහ ඇහුවේ ඇත්තටම මං නොදැනුවත්ව මොනා හරි වෙලාද කියලා දැන ගන්න

කෝ කෝ දැන් අඩන්න එපා.මං දන්නවා දැන් හොටු පෙරන් අඩනවා ඇති කියලා.ඒ නිසා තමයි මේ වැඩ ඔක්කොම දමලා ගහලා ආවේ. කෝ ඉතින් මං දිහා බලන්න

😟😟 ම්ම්ම්ම්ම්

මැණික ඇයි මං එපා කියන ඒවා කරන්නේ.මට කේන්ති ගියා.මං ඔයාට කොච්චර ආදරෙයිද

ඉතින් 😓😓😓

මේ අහන්නකෝ අපි අතනින් වාඩි වෙමු කෝ එන්න..
මිදුලෙ තියන අඹ ගහ යට බන්කුව පෙන්නනලා මාවත් එක්කන් ගිහින් එතනින් වාඩි උනා මන් නිම්සරගෙ පපුවට හේත්තු උනේ ඒ උනුසුමට මං කැමති නිසා. ටික වෙලාවක් එහම ඉදලා ආයෙත් එයා කතා කලා

බබා.මං ඔයාගේ ෆ්බී එක ඩිරැක්ටිවේට් කලා.ඔයාට ෆ්බී යන්න ඔනී නම් මගේ එකෙන් යන්න ඊමෙල් එකයි පාස් ව(ර්)ඩ් එකයි ඔයා දන්නවනේ. මං ම්ගේ ෆ්බී නේම් එකත් මාරු කලා

😦😦😦 ඇයි

ඇයි අහන්නෙ මැට්ටියේ ඔයාගේ යාළුවන්වත් ඇඩ් කර ගන්න අද ඉදලා අපි දෙන්නම ඒකෙන් යමු

මොකද්ද දාපු නම

Shan N Mayu.. ලස්සනයි නේද

ඇයි මට බැන්නෙ 🙁🙁

මැණික මං ඔයාට කියන්නෙ නෑ කියලා හිතන් හිටපු දෙයක් දැන් කියනවා.හැබැයි ඔයා මට පොරොන්දු වෙන්න ඕනි මින් ඉදිරියට කතා ලියන්නෙත් නෑ කතා කියෝලා කමෙන්ට් දාන්නෙත් නෑ කියලා

ඇයි ඒ

මට පොරොන්දු වෙනවද?

හ්ම්ම්ම්ම්ම්ම්
වෙනිද වගේම් කට පියන් හිටියෙ කියන දේ අහ ගන්න ඕන නිසා

හැම කෙනාම මං වගේ නෑ මැණික.මං පිලිගන්නවා අපි දෙන්නා අදුර ගත්තෙත් මේ ෆ්බී එකෙන් කියලා

එත්කොට මට මතක් උනේ එයා මගේ ජීවිතෙට ආවේ මුලින් නාදුරන යාළුවෙක් විදියට මුලින්ම මට ආපූ රික්වෙස්ට් එක මං ගිහින් බැලුවා වරදක් තිබ්බෙ නෑ  ඉතින් කන්ෆර්ම් කලා ටික කාලයක් මගේ ෆොටෝ වලට ලයික් කමෙන්ට් කලා.ඉතින් මත් එයාගේ ෆොටෝ වලට ලයික් කරා.ඔහොම ඉද්දි මට එයාගෙන් මැසේජ් එකක් ආවා ඉතින් කාලයක් යනකොට අපි හොද යාලුවො උනා ඊටත් පස්සේ එයා මට ආදරෙයි කිව්වා. මගේ හිතෙත් ටික කාලයක් යනකොට එයා ගැන ආදරයක් ඇති උනා.අපි ආදරවන්තයෝ උනා.කාලයක් යද්දි ගෙදරින් මට ප්‍රෝපසල් ආවා එයාට කිව්වාම එයාලගෙ අම්මලා එක්ක අපේ ගෙදර ආවා ඇත්තටම එහෙම තමා අපිට දෙමාපියන්ගෙන් කැමත්ත ලැබුනේ.ඉතින් දැනට අපි ආදරේ කරන්න අරන් අවුරුදු දෙකක් විතර කවදාවත් මට රිද්දලා නෑ.හරිම ආදරෙන් හිටියා

මැට්ටී....
කන ලගින් ආපු සද්දෙට මං පියවි සිහියට ආවේ.

ඇයි

අනේ අනේ මොන ලෝකේද ඉන්නෙ කෙල්ලේ.. මේ අහන්නකෝ මං කියන දේ අහනවා නේද ඔයා

හ්ම්ම් ඔව්ව් කියන්න

මට ඔයාව ගොඩක් විස්වාසයි.අද සමාජේ ගොඩක් වෙනස් බබා.ඔයා දන්නවද ඔයා වෙන කොල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ එකක් මට කොල්ලෙක් එව්වා

මම 😮😮😮

ඔව් මැණික මං ඔයාගෙන් කිසිම දෙයක් ඇහුවේ නැත්තේ මට ඔයාව විස්වාස නිසයි.මුලින්ම මට ගොඩක් දුක හිතුනා.ඒත් මං කල්පනා කරේ පිස්සි වගේ මාත් එක්ක මෙච්චර හුරතල් වෙන කෙල්ල කොහොමද මෙහෙම ඉන්නේ කියලා.මං ඔයාට එදා එවෙලේම කතා කරා වෙනිදා වගෙම මං කතා කරලා ෆෝන් එක තිබ්බා මොකද ඔයාට දුකක් දෙන්න මං කැමති නෑ.

කතාව අතර මැද ලොකු හුස්මක් පිට කරලා මං දිහා බැලුවා මට ගොඩක් දුකයි.මං ගැන මෙච්චර හිතන කෙනෙක් මගේ පිනට තමයි මට ලැබුනේ.

ඉතින්
නිහඩ බව දරාගන්න බැරි තැන මං ඔහුගෙන් ඇහුවා

ඉතින් මං ඌව විස්වාස කරා වගේ අගවලා ඌ එක්ක ආයෙත් චැට් කලා.පස්සෙ මං මගේ යාළුවෙක් එක්ක ඌ හොයාගෙන් ගියා.

ඔයා ගියා 😮😮😮

ඔව් මැණික මං ගියා මොකද මේවා නිකන් හරි අපේ ගෙදරින් දැන ගත්තොත් එයාලා ඔයා ගැන මොනා හිතයිද

ම්ම්ම්ම්ම්ම්... මං ජරා කෙල්ලෙක් කියලා හිතයි😔😔

එයි මැට්ටි මං ඉන්නකම් කාටවත් ඔයාට මුකුත් කියන්න දෙන්නෑ තේරුනාද?

ම්ම්ම්ම්ම්ම්ම් 😟😟😟

ඉතින් ඔන්න මූණ කජු ලෙල්ලක් කර ගත්තා..

හරි කියන්නකෝ.

මං ගිහින් උගෙ බෙල්ලෙන්ම අල්ලන් ඇත්ත නැත්ත අහ ගත්තා.මං ගියෙත් මේකේ දෙකෙන් එකක් බේර ගන්න.

ඒ කිව්වේ..

මං මෙහෙම කතා කලාට පහු ගිය ටිකේ හිටියේ පිස්සෙක් වගේ.මොකද මේවා ඇත්ත නම් මට දරාගන්න බෑ.එහෙම උනා නම් ඌට ඔයාව දෙනවද මං මොනා කරයිද දන්නෑ එහෙම දෙයක් උනා නම්

පොඩි සැකයක් තිබ්බා නේද මං ගැන

නෑ කියලා බොරු කියන්න බෑ මැණික.මොකද මාත් මනුස්සයෙක්. ඔයාව ගොඩක් විස්වාසය කරා.ඒත් හිත කියන දේ ඉක්මනට වෙනස් වෙනවා. සීයට 90ක් විතරම මට ඔයා ගැන විස්වාසයක් තිබ්බා.කෝකටත් කියලා ඒකයි මං ගියේ

ම්ම්ම්ම්ම්ම්... 🙁🙁🙁 ගියාට පස්සෙ

ඌ ඔයාට කැමතිලූ

මට 😱😱

ඔව් ඔයාට.. අපේ සම්බන්දෙ කඩන්නලු ෆොටෝ එකක් එඩිට් කරේ ඒකේ ඉන්නේ මං හැබැයි උගේ මූණ.මට නිකමටවත් හිතුනෙ නෑ මැණික අපේ ෆෝටෝ එකක්ම එඩිට් කරලා කියලා

ඉතින් කෝ මට ඒක පෙන්නන්න

මං පෙන්නන්නම් ඉන්නකො
ම්ම්ම් මේ...

😲😲😲 අනේ....  මේ මේ අර කසුන් නේද? ඒත් මං එයාව වැඩිය දන්නේ නෑනේ

හ්ම්ම්ම්ම් මට කොච්චර දුක හිතෙන්න ඇතිද මගෙ මැණික මෙහෙම වෙන එකෙක්ට තුරුල් වෙල ඉන්නවා දැක්කාම

ඉතින් ඇයි මගෙන් ඇහුවෙ නැත්තෙ

අහන්න තිබ්බා.කොහෙද මට ඉන්නේ පුංචි කෙල්ලෙක්නේ මේක ඇහුවනම් ඔක්කොම පැත්තක තියලා හොටු පිහින්න එන්න වෙයි මට.එහෙනම් ප්‍රස්නෙ විසදෙනකොට මේ නයි මිරිස් කරල ලෙඩ වෙලා.නොකා නොබී අඩලම

ඉතින් ඌට ඔයා ගැහුවද 👊👊

ගැහුවද තමයි😈😈

අනේ ඇයි😟😟

මං උට හොදවයින් කියලා දෙකක් දීලා ඔයා දිහා ඇහක් ඇරලා බැලුවොත් මරණවා කියලා තර්ජනේ කරලා ආවා. ඇවිත් දවස් හතරක් නෑ තාම මං හිතන්නෙ

ඉතින් මට කියන්න මේවායි අද මට බැනපු එකෙයි සම්බන්දේ? දැන් හොදට ඉදලා එක පාරට කේන්ති ගත්තෙ ඇයි?

මේකයි මං මේවා ඔයාට කියන්න හිටියේ නිදහසේ දන්නවමේ මේ ටිකේම හොදටම බිසී මං ඒත් ඔයා අද කමෙන්ට් වලින් මැට්ටා මෝඩයා කිය කියා රණ්ඩු උනෙ කාත් එක්කද

දෙයියනේ 😮😮😮 මූ එක්ක

අන්න ඒකයි මට කේන්ති ගියේ.ඌ හිතන් ඇත්තේ මං ඔයාට ඔක්කොම විස්තර කියලත් ඔයා ඌ එක්ක මෙහෙම රණ්ඩු වෙන්නෙ ඌට පොඩ්ඩක් හරි කැමති නිසා කියලා

අනේ.... 😢😢😢😢😢 මං මුකුත් දන්නෙ නෑනේ

ඒක තමයි මැණික කියන්නෙ.අද සමාජේ ගොඩක් කුරිරුයි ඔයාලා වගේ අහින්සක ගෑනු ලමයිට මේක ගොඩක් බයානක තැනක්.අපි කොල්ලො අපිට නැති වෙන්න දෙයක් නෑ ඒ උනාට ඔයාල කෙල්ලෝ
ඔයලගේ චරිතෙට වචනයක් හැදුනොත් ඒක සදහටම තියනවා නැති වෙන්නෙ නෑ.. ඒකයි මැණික කියන්නේ ඔයා තාම තැලිලා පොඩි වෙලා නෑ.ෆ්බී කියන්නෙ හොද මිනිස්සු විතරක් නෙවෙයි නරක මිනිස්සුත් ඉන්න තැනක්.මිනිස් වෙසින් ඉන්න තිරිසන්නුත් ඉන්නවා..ඒ වගේම ගොඩක් හොද අවන්ක මිනිස්සුත් නැත්තෙ නෑ.ඔයාට මාව මුණ ගැහුනෙ මේ ෆ්බී එකෙන් අපි ගොඩක් ආදරේ කරනවා දැන් කාටවත් අපේ බැදීම කඩන්න බෑ හැබැයි මගෙ මැණික පරිස්සම් වෙන්න හැමෝම එක වගේ නෑ තේරුනාද

අනේ මට සමාවෙන්න පන මං ඔයාට ගොඩාක් ආදරෙයි... Love u sooo much

පිස්සි මාත් ආදරෙයි මගෙ මැණිකට උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

By - shani wiki

උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment