මා පැතුවේ නුඹයි


💞❤💕මා පැතුවෙි නුඹයි💕❤💞

"පාඩම් කරනවද පැටියො...."

"හම්ම්ම්ම්....."

"මොකද බකමුනි වගෙ හම්ම්ම්....හම්ම්ම් ගාන්නෙ....නිදි නේද ගෙම්බි...."

"අනේ නෑ ගෙම්බො....ඔයා වගෙ කාල කාල නිදාගන්නැ....එහෙම උනොත් මාත් තඩි වෙයි......"

"අනේ යනව යන්න....කොටු මිටිය වගෙ....පාරෙ යනකොට මිනිස්සු බලනව තාත්තයි දුවයිද කියල...."

"ඉතින් හොදයිනෙ....ඔයා මගෙ තාත්ත....මම දුව...."

"ආ....එහෙමද....මෙි මෙි විකාර නැතුව ෆෝන් එක තියල පාඩම් කරන්න...."

"අනේ....."

"ඇයි මොකද ඒ පාර...."

"තව චුට්ටක් කතා කරන්නකො.....ආසයි කටහඩ අහන්න......"

"ආ....එහෙමද....අම්ම ආවොත් අනාතයි මම.ෆෝන් එකත් නැ ඊලගට....."

"හමිම්ම්ම්....එහෙමද...."

"ඉන්නවකො දවසක එක්කන් එනකන් ගෙදරට....හැම වෙලේම කියව කියව ඉන්නම් මම එතකොට....."

පාඩම් කරන්න කියල මෙිසේ ලග පොත් පෙරලගෙන වාඩි වෙලා හිටියට ෆෝන් එක දකින හැම වෙලේම පරන මතකයන් එක දෙක හිමිට මාව පාරනකොට දැනෙන වෙිදනාව කියගෙන්න වචන නැති තරම්........

මෙි වෙන කව්රුවත් නෙවෙි....ඇස් දෙකෙන් දැකල මම කෙලින්ම ගිහින් කතා කරල දිනා ගත්ත මගෙ ප්‍රථම නොඉදුල් කුලුදුල් අාදරෙ.......

මටඑයා හම්බුනේ A/L වලට ක්ලාස් යන කාලෙදි.ක්ලාස් එකේ හිටපු කෙල්ලො දහස් ගානක් අතරින් මගෙ ඇස් හෙව්වෙ ඒ චුටි කෙට්ටු කෙල්ලව........කාලයක් තිස්සෙ පස්සෙන් ගිහින් ගිහින් ආදරෙ ඉල්ලගත්ත නිසා ඒ ආදරෙ පරිස්සම් කරගන්න මට වගේම එයාටත් ලොකු උනන්දුවක් තිබුනෙ එයා එක පාරක් කෙනෙක්ට මහගොඩක් ආදරෙ කරල ඒ ආදරෙ එයාව අතැරල දාල ගිහින් එයා ආදරෙන් පැරදුන කෙනෙක් නිසයි..........අපේ ආදරෙ මෙහෙම කාලයක් දලුදාගෙන ලස්දනට ගලාගෙන යනකොට පුංචි පුංචි ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න විසදගන්න ඕන උනේ දෙන්නගෙන් එක්කෙනක් පාරජය බාරගෙන අනිත් කෙනාගෙ මුවග තියන හාදුවකිනුයි.....මෙහෙම කාලයක් යනකොට දවසක්......

"සෙව්වන්දි......ඇයි පැටියො මෙි දුකෙන් වගේ......"

"අම්ම්ම්හ්.....නැ අනේ......"

"නැත්තෙ මොකද මට මගෙ කෙල්ලගෙ පුංචි වෙනසක් උනත් තේරෙනව......කියන්න....මොකක්ද ප්‍රශ්නෙ......"

එ් සිනිදු සියුමැලි ඇගිලි තුඩු වලින් මගෙ මුණ තද තරල අල්ලගෙන එයා මගෙ  ඇස් දිහා කෙලින්ම බලාගෙන මගෙන් ඇහුවෙ.........

"මන් ඇත්තම කියන්නමි......මාව කවදාවත් දාල යන්නැ නේද.....පිලිස්......"

"අම්හ්ම්හ්මිම්ම්ම්ම් නැ මගෙ මැණික.....සත්තයි....කවදාවත්ම නැ......."

"මට මගෙ කලින් bf මැසේජ් කරල කොල් කරල තර්ජනය කරනව......."

"ඇයි මොකද එයා කියන්නෙ......"

"මට ආයෙත් එයා එක්ක ඉන්න එන්නලු....ආවෙ නැත්තන් ගෙදරටහැමදෙයක්ම කියනවලු....මගෙ ෆොටොස් ගෙදරට යවනවලු.....ඒත් දෙයියනෙ....මගෙ තාත්ත එවා දැක්කොත් එයාට හාට් ඇටැක් එකක් හැදිල මැරෙයි......"

"නැ....නැ....මුකුත් වෙන්නැ.....ඔයා බයනැතුව ඉන්නකො....."

"අනේ අශේන් ඒත්........"

"ඇති....ඇති....දැන් අඩන්නැතුව ඉන්න....."

එයා එහෙම කියන ගමන් හාපැටියෙක් වගෙ මගෙ පපුවට තුරුල් වෙලා මගෙ මුන දිහා බලන් හිටියෙ  හරිම ආදරයකින්.............අපේ මෙි ආදරෙ දින සති මාස ගෙවිල ගලාගෙන ගියෙ හරිම ලස්සනට.එයා මට වඩා අවුරුද්දක් බාලයි.ඒ උනත් ජනවාරි මාසෙ නිසා එයා අපේ වයසෙමයි හිටියෙ.....ඒ කාලෙදි තමා එයාගෙ පලවෙනි බර්ත්ඩෙි එක ආවෙි....මම එයාට අපි දෙන්නගෙම ෆොටො එකක් දාල ප්‍රින්ට් කරපු මග් එකකයි ලස්සන චුටි මුද්දකුයි දුන්නෙ අපේ ආදරෙ තවත් වැඩි වෙන්නයි......

"අශේන් මෙි මග් එක තනිකර කලු පාටනෙ......ඊයා...මෙි මුද්දනම් ශෝයි.....මග් එක......"

"මාත් කලුයිනෙ එකයි කලුපාටට දුන්නෙ....."

"අනේ මෙික කලු නිසා කැමති නැ මම මෙික මාරු කරමුකො...."

"ඊට කලින් ගෙදර ගිහින් බලනවකො මැට්ටි ඕකට උනුවතුර ටිකක් දාල....හැබැයි අම්මල ඉන්න තැන එපා....."

"ඒ මොකද ඒ....."

"බලන්නකො ඔයා....."

එයාට මම දුන්න මග් එකට එයාගෙයි මගෙයි ෆොටො එකක් දාල ප්‍රින්ට් කරෙ උනුවතුර දාපුවම විතරක් ෆොටො එක පේන්න.අනිත් වෙලාවට නිකන්ම කලු පාට මග් එකක් විදිහට තියෙන්නයි........

මෙහෙම අපි අපේ ආදරෙ ලස්සනට තියනකොට එක දවසක් එයාව එක්කගෙන යන්න එයාලගෙ අම්ම ඇවිත් හිටියා.....අපි පුරුදු විදිහටම අත් අල්ලගෙ එනකොට අපි දෙන්නම ගැස්සිලා ගියෙ ඒ දැකපු දේ නිසයි.....

"ලොකු දු කව්ද මෙි...."

"මෙි....මෙි මගෙ යාලුවෙක්...."

"යාලුවෙක්.....යාලුව නිසා වෙන්න අැති අත් පටලගෙන යන්නෙ නේද...."

"අනේ සොරි ඇන්ටි....."

"මෙි මම තමුසෙ එක්ක කතා කරේ නැ....මම කතා කරෙ මගෙ දුවත් එක්ක.....එනව යන්න මෙන්න මෙහෙ....."

කාලයත් එක්ක එයාගෙන් ආව මැසේජ් කොල් අඩු උනා විතරක් නෙවෙි එයා ක්ලාස් එන එකත් නතර කරා....එයාගෙ යාලුවන්ගෙන් මම එයා ගැන ඇහුවම කිවෙි එයාට ගෙදරටම ගෙනත් ක්ලාස් කරවනව කියලයි....ඒත් දවසක් එයාව ටවුන් එකේදි දැකපු නිසා මම පරන පුරුද්දටම ලගට ගිහින් කතා කරා.....

"සෙව්වන්දි.....කොහෙද මැනික මෙි ආවෙි...."

"මෙි මොකද මෙි කවුද ඔයා....."

"ඇයි අනේ මෙහෙම හැසිරෙන්නෙ ඔයා....මාව එපාද....මම ඔයාගෙ අශේන්...."

"අනේ මෙි අශේන් යනවද යන්න මට වද නොදි....බලනවකො තමුසෙගෙ හැටි....බාටා කැලි දෙකක් දාගෙන පෙරේතයෙක් වගෙනෙ...අනික තමුසෙව මට මැච් වෙන්නැ....තමුසෙගෙ සර්නේම් එක් හොද නැ.....අනික තමුසෙ දුප්පත්....මට වද නොදි යනවද යන්න...."

එයාගෙ ඒ වචන ටික මට දැනුනෙ උල් පිහියකින් මගෙ පපුවට අනිනව වගෙ....ආදරෙ කරන කාලෙදි හැමදේම ගැලපුනත් දුප්පත් කම අදාලම නැති උනත් එයාට මාව දාල යන්න ඕන උනාම ගොඩක් දේවල් ගැලපුනෙම නැ......ඒ වචන වල තිබුනෙ එයාගෙ අදහස් නෙවෙි....එයාගෙ පවුලෙ කට්ටියගෙ අදහස්.එදා මගෙ පපුවට තුරුල් වෙලා හා පැටියෙක් වගෙ හිටපු කෙනාම අද මට බැන්නෙ සතෙකුට වගෙ....එයා මට බැනල කවුද කියල මම හරියටම නොදන්න ලස්සන කාර් එකකින් ආව කෙනෙක් එක්ක යන්නම ගියා....එයා ඒ යන දිහා ඇස්පිල්ලම් නොගහ මම බලාගෙන හිටියෙ ඒ මම ආදරය කරපු කෙනාමද කියල මටවත් හිතාගන්න බැරි උන නිසා......
ගෙදර ආවත් පිස්සෙක් වගෙ කල්පනා කර කර හිටපු මගෙ පොත් වල පිටිපස්සෙ පිටු පිරෙනකන් මම මගෙ දුක ලිවා.....

ගියත් අද එල්ලිලා ඔහු අතේ

වෛරයක් නෑ මගෙ නම් හිතේ

සිතුනොතින් යලි එන්න පියබලා

රැක ගනිමි රැජිනක් ලෙ ඔයා...

ලැබුනොතින් යම් දිනක

කරගන්න මගෙ බිරිද

අහන්නැ මම නුඹෙන්

හැර ගියෙ ඇයිද මම

මදි වෙලා මගෙ සෙනෙ

වෙන් උනත් අද මා කෙරෙන්

වෛරයක් නැ මගෙ හිතේ

ආදරේ ඇත තවමත් හදවතේ.....

****************************************************
කාලයත් එක්ක මට එක දෙයක් තේරුනා.ඒ තමා සල්ලි තියනව නම් මෙි ලොකෙ කරන්න බැරි දෙයක් නැ ක්යන එක.එදා ඉදන පරන දුක් සේරම අමතක කරල පාඩම් කරන්න ගත්ත.මට පේරාදෙනිය වෛද්‍ය පිඨයට යන්න වරම් ලැබුනෙ මගෙ මහන්සියෙ ප්‍රතපල විදිහටයි.
(වසර 06 කට පසු)

"ඊලග එන්න.....මොකක්ද අම්මගෙ නම....."

"සෙව්වන්දි නිකේෂලා....."

"වයස කියද අම්මා...."

"27යි ඩොක්ට....."

හුරු පුරුදු කට හඩත් හුරු පුරුදු නමත් නිසා මම ඔලුව උස්සල බැලුවෙ.ඒ දැකපු දේ නිසා මට ඇස් අදහා ගන්නටත් බැරි උනා.......

ඔව්....ඒ වෙන කවුරුවත් නෙවෙි.....මම කාලෙකට කලින් ආදරේ කරපු මගෙ පපුවට තුරුල් වෙලා ආදරෙ උනුහුම විදල මම දුප්පත් නිසා මාව එයාට නොගැල පුනු මගෙ පරන පෙම්වතියම තමා........

"අදුරන්න පුලුවන්ද මාව......."

"ඇයි ඩොක්ට....."

"මතකද A/L කරන කාලෙ යාලු වෙලා හිටපු කෙනාව....."

"ක....ක....කවුද....කවුද ඩොක්ට...."

"අශේන්......අශේන් මදුසංකව.....අර දුප්පත් කොල්ල...."

"දෙවියනේ.....අශේන් මෙි ඔයාමද......."

"හම්ම්ම්ම්.......කෝ හස්බන්ඩ්.....ඇයි මෙි තනියම...."

මම අහපු ප්‍රශ්නයත් එක්කම එයා බිම බලාගත්තෙ ලැජ්ජවෙන් වගෙ....අතේ තිබුන ලෙන්සුවෙන් ඇස් වල කදුලු පිහදාන ගමන් එයා මන් දිහා බලල කිවෙි......

"මට හසිබන්ඩ්කෙනෙක් නෑ අශේන්.....අම්මල බල කරපු නිසා අපේ එෆෙයා එක නැවත්තුවෙ මම.පස්සෙ මට ගෙදරින් සල්ලිකාර පවුලක කොල්ලෙක් ප්‍රපොස් කරා.....එයා කසාද බැදපු කෙනෙක්.එයා අපි හැමොවම රැවැට්ටුව.....එයා අන්තිමටම මට මෙි දරු පැටියව දිලා යන්නම ගියා....මම ජිවත් වෙන්නෙ මෙි දරුව නිසයි....."

"හරි....හරි....අඩන්න එපා.....අඩන එක බඩෙි ඉන්න බබාටත් හොද නැ....."

"ඒත් අශේන්......"

"ඔයා කැමතිනම් විතරක් කියන්න....මම කැමති ඔයාව බාර ගන්න...."

"ඒත් මම ප්‍රෙග්නට්නෙ....ගෙදරින් කැමති වෙයිද...."

"දරුව කාගෙ උනත් දරුවෙක්නෙ....මම ආදරෙ කරේ ඔයාගෙ හදවතට.....ඒ ආදරේ තමාත් එහෙමයි...."

"මන් කැමති මහත්තයෝ......ඒත් මට සමාවෙන්න එදා බැන්නට........."

"ඒව අමතක කරන්න මැනික....මාත් ආදරෙයි වස්තු...."

#ලියන්නෙ : දුෂාන්

#පොරොන්දම් 500%ක් ගැලපුනත් ආදරේ අවංක නැතිනම් එතන ආදරයක් නැ....ආදරේ කියන්නෙ සල්ලි නෙවෙි.⁣පොරොන්දම් ගැලපුනෙ නැතත්,හදහන් නොගැලපුන්,වාසගම් නොගැල පුනත් එවා භාහිර දේවල් විතරයි....අවංක ආදරේකට ඕන විස්වාස වන්ත බැදිමක් විතරයි.....අවංකව ආදරේ කරානම් ආදරේ කරපු කෙනා මොන තත්වෙක හිටියත් කවදාවත් තනි කරන්නැ....#
උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment