නොසන්සිදෙන මව් සෙනෙහස

නොසිදෙන මව් සෙනෙහස
කෙටි කතාව

අම්මෙ අපි බෙහෙත් ගන්න යමු.අම්මට හොදටම සනිපත් නැනේ තවත් හිටියොත් වැඩි වෙයි.

එපා දුවේ මට දැන් අමාරුවක් නැ.දුව ගිහින්.පුතාව බලන්න.දැන් වැඩ ඇරිලා එන වෙලාවනේ.

මේ මහත්තයා බලන්නකො අම්මට හොදටම සනිප නැ.

මොන මගුලක්ද.හැමදාම ලෙඩ ලෙඩ ලෙඩ.මගෙ පඩියම ඉවරයි එයාට බෙහෙත් අරන් දිලා.ඔන්න ඔහේ ඉන්න කියනවා.

අනේ එහෙම කතා කරන්න එපා.එ මගේ අම්මනේ.

අම්ම නෙමෙ මොකා උනත් කරන්න දෙයක් නැ.හම්බ කරන විදිය දන්නෙ මමනේ

අම්මටත් ඇගෙනවා ඇති.ප්ලිස් ඔහොම කැගහන්න එපා.

ඇහෙන්න තමා කියන්නෙ.එයාත් මෙවා දැනගන්න ඔනේ.මන් හම්බ කරන විදිය.තියෙනකන්.අනිත් උන්ට දිලා.තිබුන කාලේ අපි ගැන හොයලා බැලුවද නැනේ.උන්ගේ පොඩි උන් හුරතල් කලා.අපේ ලමයිව ගනන් ගත්තද නැනේ

උන් කරපුවා උන් ගෙනියයි.එත් මට ඉන්න එක අම්මා.වෙන අම්මලා නැනේ.

ආයේ කියන බැ.මන් හෙට එනකොට අම්මා මේ ගෙදර ඉන්න්න බැ.දැන් කට වහගෙන ඔක්කොම නිදාගනිල්ලා.

අම්මෙ අම්මෙ ඔයා කොහෙද අම්මෙ.

හෙලො හෙලෝ අම්මා ගෙදර නැනේ.

මන් දන්න්න අම්මෙක් නැ.මන් ඔෆිස් එකෙ වැඩකට එලියට ඇවිත් ඉන්නෙ.ඔයා ටවුන් ගිය වෙලාවෙ අම්මා කිහෙ හරි යන්න ඇති

ෆොන් එක කට් උනා නෙද

අදින් පස්සෙ මේ මහ පාරෙම ඉන්නවා.තමුන්ගේ දුව දන් නැ තමුන් මන් අරන් ආවා කියලා.කිව්වත් අවුලක් නැ.

අම්මෙ අම්මෙ ඔයාව පාරට දලා එ මිනිහා ගියා නෙද.පුතා නෙද එ අම්මගේ.

නැ නැ එ මගේ කවුරුත් නෙමෙ පුතේ.මන් පාරේ පයින් එනවා කියලා.මගදි වාහනේ දාගෙන ඇවිත් මන් කියලාම මෙතනින් බැස්ස ගත්තා.අනේ කිය්න්න බැරි තරම් රත්තරන් පුතෙක්.මේ මට රු 1000කුත් දුන්නා.

පුතාට පුලුවන්ද මාව මේ ලග තියෙන වැඩිහිටි නිවාසෙට ඇරලවන්න.

ඇයි අම්මේ වැඩිහිටි නිවාසෙකට යන්නෙ.
දරුවො බලන් නැද්ද.

බලනවා පුතේ.ගොඩාක් හොදට බලනව.එත් පව් එයාලා මන් නිසා දුක් විදිනවා.

මේ අම්මා කියන්නෙ බොරු කියලා දැන දැනත් මන් එවා ඇත්ත වගේ පිලිගත්තේ එ අම්මගෙ හිත රිද්දන්න බැරි නිසයි.

මෙන්න තියෙනවා අම්මෙ.

අම්මා කැමති නැද්ද අපේ ගෙදර එන්න.මගේ නොනයි දුවයි විතරයි තනියම ඉන්නෙ.

අනේ පුතේ නන්නාදුනන මන්.

අනේ එහෙම කියන්න එපා අම්මෙ.අම්මා කෙනෙක්න්‍ර් කාගේ උනත්.මගේ අම්මත් මිට අවුරුදු 6කට කලින් නැති උනා.

අනේ ඇත්තද දරුවෝ.

පුතට වැඩි වඩියෙන් ලැබෙයි පුතේ.

පොඩි ගෙයක් තියෙනෙ මට.එකත් ලැලි ගෙයක්.අම්මට එහෙ ඉන්න පුලුව්න වෙයිද දන් නැ ඉතින්.

අනේ පුතේ දිව්‍ය ලොක වල හිටියට හිත සතුට නැත්නම් එක අපායක්.දුගි පැලක් සතුටින් පිරිලනම් එක දිව්‍ය ලොකයටත් එහා
සමාප්තයි

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment