###ඉහිරුණු හීන#####
(කෙටි කතාවකි)
කොහාගේ හඬ ඇසුණේ අවුරුදු සමය බව රටට කියා පාමිනි.. ඒත් මාධවගේ ගමට කොහා නොව, කණ කොකා හැඬලුවෙ විටින් විට ගමට පැන පහරදෙන කොටි ත්‍රස්තයන් හේතුවෙනි..
ඊයේද උන් ගමට පැන ගමේ තිස් දෙනෙකු කපා කොටා මරා දැමුවේ හිත් පිත් නැතුවය.. මාධවලා ඊයේ වනතුරු රැය ගත කළේ මහ කැලේය.. මාසයක් පුරාවට වනේ දුක් විඳි ඔවුන් නිවසට පැමිණියේ තව දුරටත් වනේ කටුක ජීවිතය දරාගත නොහැකිවය..
"ඊයෙත් ගමට කොටි පැනල.. ඔය ආවේ මාසෙකින් විතර..අපි තව සතියකින් විතර ආපහු කැලේට යමු.."
පවුලෙ වැඩිමලා වූ කිත්සිරි පැවසීය..ඔහුට වයස විසි තුනකි..මාධව දෙවෙනියාය..ඔහුට වයස විසි එකකි.. ඔවුන් යලිත් ගෙදර බලා පැමිණියේ එහෙමය..
මාධව හා කිත්සිරි හැරුණු කොට තවත් ඔවුන්ට බාල සහෝදරයන් තුන් දෙනෙක්ද එක් නැගණියක්ද සිටියේය..ඇය පවුලේ බාලයාය.. ඇගේ වයස අවුරුදු 12 කි..
"කාහල්ල ළමයිනේ..මේ ටිකේම බඩට මුකුත් හරියට වැටුන්නෑ.. ඔන්න මං පරිප්පු හොද්දකුත් හැදුවා.."
සිරියාවතී සිය දරුවන් අසලට පරිප්පු හට්ටිය හා පාන් රාත්තලක් ළං කරමින් පැවසුවාය.. ඇගේ සැමියා පුංචි බණ්ඩා කඩේට ගොස් සිටියේ නිවසට අඟහිඟ තුන පහ ටික රැගෙන ඒමටයි..
මාධව සහ සියලු දෙනා පාන් රාත්තල අටකට කඩා ඉන් කැබලි දෙකක් අම්මාට දී ඉතිරිය කන්නට පටන් ගත් හ..අධික කුසගින්නේ උන් ඔහුන්ට කුඩා පාන් කැබැල්ල හොඳටම ප්‍රමාණවත් නොවුණත් තම පවුලේ අඟහිඟතා දන්නා ඔවුන් නිහඬවම පාන් කැබැල්ල කා පැදුරේ ඇල වුණේ අදවත් හොඳට නිදාගන්නා යන අදහසිනි..මාසයක් පුරා කැලේ ගස් උඩ නිදාගත් ඔවුන්ට ඉක්මනින්ම නින්ද ළඟා වුණි..
සිරියාවතී අවදි වී සිටියේ කඩේට ගිය තම සැමියා එනතුරුය.. එක්වරම දොරට තඩි බෑ පුංචි බණ්ඩා කලබලයෙන් සිය බිරිඳව ඇමතීය..
"ඉක්මන් කරපල්ලා...ගමට කොටි පැනල..මගෙ පුතේ නැඟිටපල්ලා..අපි දුවමු.. මට කඩේ ළඟදි ආරංචි වුණේ..ඉක්මන් කරපල්ලා.."
ඔහුගේ හඬින් අවදි වූ දරුවන් හය දෙනාම එලියට පැන නිවසට පිටුපස පාරෙන් කැලේ දෙසට දුවන්නට විය..මාධවද හැකි පමණ වේගයෙන් දුව යත්ම පිටුපසින් පිටපිට වෙඩි හඬවල් ඇසිණි..
ඒත් සමඟම ඔහුගේ පියාගේ හා මවගේත් කුඩා නැගණියගේත් විලාපයන් ඇසිණි.. ඒත් නැවතී බලන්නට තරම් හිතට ශක්තියත් නොවූ මාධව එක එල්ලේම දුවද්දී අසල තිබූ පාලු ළිඳකට ඇඳන් වැටිණි..
ළිඳ අසලින් දුවන අයගේ අඩි සබ්දයන්ද තම සහෝදරයන්ගේ විලාප හඬද ඇසෙත්ම මාධව කඳුලු වැටෙන ඇස් වලින් අත පය හකුලුවාගෙන පාලු ළිදේ කොණකට වී මර බියෙන් වෙව්ලමින් උන්නේ ය..
මොහොතකින් ඔහුගේ ඇස් පියවිණි..තවත් මොහොතකින් ඔහු ළිඳ තුල එහෙමම වැටිණි ..
########
මාධවට සිහිය එනවිට ඔහු සිටියේ ගමේ ගසක් යටය.. රණ විරුවන් පැමිණ තුවාල කරුවන් ගෙන යනු දක්නට ලැබිණි.. මාධව සෙමෙන් ළංවුණේ එක පේලියට තබා තිබූ මිනී ගොඩ දෙසටයි..
ඔහු හඬමින්ම ඒ වෙත ගොස් තමන්ගේ අය සෙවීය.. එක්වරම ඔහුගේ හැඬීම් විලාපයක් විය.. මිනී ගොඩෙහි තැනින් තැන තිබූ තම මවගේ හා පියාගේ වෙඩි වැදුණු මළ සිරුරුත් තම සහෝදරයන් පස් දෙනා හා නැගණියගේ මළ සිරුරුත් දුටු ඔහු යලිත් සිහිසුන් විය..
නැවත ඔහු ඇස් හැර බලන විට සිටියේ තමා පණ මෙන් ආදරය කරන ඔහුගේ අහිංසක පෙම්වතිය ඉෂාරාගේ උකුලෙහිය..ඇගේ කඳුලු කැට ඔහුගේ කම්මුල මත වැටී ඔහුට ඇහැරී තිබුණි..
"ඉ...ඉෂාරා...ම්..මගෙ පවුලෙ ඔක්කොම අර තිරිසන්නු මැරුවා.. මං බේරුණා..ඇයි දෙයියනේ මාවත් උන් දැකල මැරුවෙ නැත්තෙ.."
ඔහු කෑ ගැසීය..
"අ..අයියෙ..ඔයාගෙ විතරක් නෙවෙ..ම..ගෙ පවුලෙ අයත් ඔක්..කොම උන් මැරුව..ආච්චියි මායි විතරයි ඉතුරු වුණේ.."
ඉෂාරාද හඬන්නට පටන් ගත්තාය ..
#####
සියලු දේ එසේ හමාර වී ගම යථා තත්වයට පත් විය..දැන් මාධවගේ එකම බලාපොරොත්තුව ඉෂාරාය..ඉෂාරාගෙත් එසේමය.. ගමේ ජීවත් වීම එතරම් සුභදායි නොවන බව මධවට වැටහුණේ ඔහු කොළඹ රැකියාවකට යන්නට සූදානම් වූ මොහොතේය..
"දෙයියනේ..මං නැති අතරේ ආයෙත් ගමට කොටි පැන්නොත්... මට මගෙ ඉෂාරාවත් නැති වෙයි.."
ඔහු ඉෂාරා හා ඇගේ ආච්චිද කැටුව කොළඹට ආවේ ආයතනෙන් සොයා දුන් බෝඩිම නිසාය.. ත්‍රස්තවාදී බිය පහව ගොස් නිදහස් මනසින් ජීවත් වීමට සියලු දෙනාටම හැකි විය..
මාධව ආයතනයේ ඇසුරුම් අංශයේ වැඩ කළේය.. සමහර දාට ඔහුට ඕවර් ටයිම් වැටෙයි..ඒ දවස් වලට පමණක් ඔහු රෑ නවය වනතෙක් බෝඩිමට නාවේය..
ඉෂාරාද හැකි පමණින් ඉහුම් පිහුම් වල නිරත වී නිවසේ අනෙක් වැඩද නොපිරිහෙලා ඉටු කළාය.. මාධව හා එක කාමරයේ විසුවද ඇය තවමත් කන්‍යාවියකි.. මන්ද ඉෂාරාට වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට තව මාස දෙකක් තිබේ..ඇය විවාහ කරගන්නා තුරු අඹු සැමියන් ලෙස හැසිරීම මාධව ප්‍රතික්ෂේප කළේය..
ඇයට ළංවූ එක් රැයක මාධව ඇයව තුරුල් කොට ඇගේ නළල සිප ගත්තාය..
"මගෙ චූටි කෙල්ල පව්..මට දුකයි රිදවන්න.."
මාධව ඇයට බෙහෙවින් ආදරේය.. තමාගේ කියන්නට ඇත්තේ ද ඇය පමණකි..වෙනදා මෙන්ම ඇගේ පපුවට තුරුල් වී ඔහු නිදන්නට වූවේ ඉෂාරගේ දයාබර සිප ගැනීම් එක්කමය...
#####
කාලය මසකට පියාඹා ගියේ ඉෂාරාගේත් මාධවගේත් ආදරය තවත් වැඩි කරමිනි.. සුපුරුදු පරිදි මධව වැඩට යන්න ලෑස්ති වී ඉෂාරා ඉදිරියට පැමිණියේය.
"මං යන්නං මැනික..පරිස්සමෙන් ඉන්න..මගෙ පණ ඔයානෙ.."
"මගෙත් එහෙමනෙ මහත්තයෝ.. ඔයත් පරිස්සමෙන් වැඩට ගිහින් එන්නකෝ.."
ඇය දඟකාර ලෙස පවසා ඔහුගේ කම්මුල සිප ගත්තාය ..මාධවද ඇති තරම් ඒ මුහුණ සිපගනිමින් ඇයට තුරුල් වී හිඳ වැඩට ගියේය...
"ම්...තව මාසයයිනෙ. එතකොට . මගෙ මහත්තය එයාගෙම කරගනියි මාව.."
හිතේ තෙරපුණු හැඟීම් දාහකින් යුතුව ඈ නිවසේ වැඩපළ වල නිරත විය.. මොහොතකින් සාලයේ උන් ආච්චි කෑ ගසන හඬ ඇසිණි ..අත තිබූ පිඟානද බිම වැටී ගිය ඈ එහෙමම සාලයට දිව ආවේ කලබලයෙනි..
"හ්....."
"දීපං තියෙන සල්ලි සේරම.... දීපං නාකිච්චි...
ඉහළට ගත් හුස්ම පහළ හෙලන්නට අමතක වූවාක් මෙන් විශාල කරගත් දෑසින් යුතුව තම ආච්චි ළඟ උන් තරුණයන් හතර දෙනා දුටු ඈ කැ ගැසීය..එක්වරම ඒ හඬින් ගෙල හරවා බැලූ තරුණයා ගැස්සිණි...
"යකෝ....මාර එකියක්නෙ මේ.."
තමාටම කියා ගත් ඔහු ආච්චිගේ ගෙල මිරිකාගෙන සිටි දෑත බුරුල් කළේය..එහෙමම දෑස් පියවී බෙල්ල පහතට කඩා වැටුණු ඈ දැක ඉෂාරා මහ හඬින් කෑ ගසන්නට වූවෙන් අසල සිටි උන් පැන ඇගේ කට වසාගෙන කාමරය තුලට ඇදන් යන්නට විය..
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාමතුරයන් ඈ දෙස හෙලුවේ ගිජු බැල්මකි..
එකෙක් අනෙකාට ඇසෙන් ඉඟි කරද්දී ඌ ඉෂාරාගේ අත් වලින් අල්ලා ගත්තේ ය.. පුංචි කෙල්ල මර බියෙන් හඬ තලද්දිම කාමතුරයන් සිව් දෙනා ඇයව අමානුෂික ලෙස මාරුවෙන් මාරුවට දූෂණය කළේය..
අහිංසකී දරාගත නොහැකිව එහෙමම දෙනෙත් පියා ගත්තේ යලිත් ඒ ඇස් නොහරින ලෙසය..
"ඒයි..ඕකි අතෑරපං ..මේකි මැරිලද කොහෙද..."
එකෙක් ඇගේ මූණට ගසා එහා මෙහා කළේය..
"ඔව් බං..ඉක්මනින්ම අපි මෙතනින් මාරු වෙමු.."
කාමතුරයන් සිව් දෙනා නිවසින් පිට විය..
කිසි දෙයක් නොදත් මධව නිවසට පැමිණියේ අහිංසක බිරිඳගේ මුහුණ බලා සැනසෙන්නටය.. ඒත් ඔහුගේ බලාපොරොත්තුව සුන් කරමින් දුටු දසුනින් සියොලඟම වෙව්ලීය..
ආච්චිගෙන් පසු කාමරයට ගොස් බැලූ කළ ඉෂාරාට අත් වී ඇති ඉරණම දැක මාධව මහ හඬින් විලාප තැබීය..
"අනේ මගෙ අහිංසකී..මොකද්ද දෙයියනේ මේ සිද්ධ වුණේ..ගමේ කොටි හින්දා මෙහෙට ගෙනාව.. මෙහෙ ඊටත් වඩා මෘගයොනෙ දෙයියනේ ...ඇයි අපි වගේ අහිංසක අයටම මෙහෙම කරන්නෙ.. අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් ඇත්තෙම නැද්ද..."
ඈ ඉෂාරාගේ නිරුවත් සිරුර බදාගෙන විලාප තැබීය..
"ම්..මගෙ කෙල්ල...මගෙ රත්තරංට රිදෙයි කියල මං ඇල්ලුවෙත් පරිස්සමට..මගෙ කෙල්ල පුංචියි.. මං එයාව බලා ගත්තේ මලක් වගේ ආදරෙන්.. ඒ මලනෙ දෙයියනේ මේ තිරිස්න්නු හිත් පිත් නැතුව මෙහෙම පොඩි කළේ.."
මේ වනවිට අහල පහල මිනිසුන්ද එකා දෙකා ඇදෙන්නට වි ය..ඔවුන් අත කම්මුලේ ගසා ගත්තේ අනේ අපොයි කියමිනි..
දෛවය විසින් තමාගේ කියන හැම කෙනෙක්ම තමාගෙන් උදුරා ගත්තේ ය.. ඉතිං දැන් ජීවිතයක් කුමටද.. මාධව වේදනාව හා කළකිරීම පිරුණු සිතින්ම කෑ ගැසුවේය..හැඬුවේය.. නොඉඳුල් යුවතියගේ පිරිසිදුබාවය සටහන් වූ ඇතිරිල්ල දෙස බලමින් මාධව විලාප තැබුවේය..
පොලිස් නිළධාරීහූ පැමිණ මාධවගේ කට උත්තරය සඳහන් කරගෙන ඝාතනය කළ දෙදනාගේ මළ සිරුරුද රැගෙන ගියහ..
සියල්ලෝම නික්ම ගිය පසු මාධව තනිවිය.. සියල්ල එකින් එක මෙනෙහි කළ ඔහුට මුලු ජීවිතයම එපා විය..
"අම්ම..තාත්ත..මගෙ අයිය..මල්ලිලා..නංගියා.. දැන් මගෙ ඉෂාරා ..ඔක්කොමල මාව දාල යන්න ගියා..මේ ලෝකේ මං තනිකරල සේරමල යන්න ගියා... දැන් මං මේ ලෝකේ ඉඳල මොනව කරන්නද....???"
ඔහු විලාප තබමින් මුලු රෑම හැඬුවේය..
පොලිසිය ඔත්තුවක් අනුව ගොස් ඝාතකයො සොයාගෙන රිමාන්ඩ් භාරයට ගැණිනි..
එහෙත් එය සැල වීමටත් ප්‍රථම මාධව සිය නැවතුම්පළෙහි බාල්කයක ගෙල වැළදාගෙන අවාසනාවන්ත ලෙස මිය ගොස් සිටියේය.....
------------------------------------------------------------##########
******....සමාප්තයි....*******
උපුටා ගැනීමකි
No comments:
Post a Comment